Quantcast
Channel: Lankeeya sithuwili
Viewing all 13000 articles
Browse latest View live

සයිටම් විසඳුම්

$
0
0
සයිටම් විසඳුම් මේ ලිපියේ මුල් කොටස අධ්‍යාපනයේ නිදහස නමින් පළවූවා. සම්පූර්ණ ලිපිය අද දින (26) ඉරිදා රිවිර පත්‍රයෙහි පළවෙනවා. මෙහි ඇති විසඳුම් ක්‍රියාත්මක කරාවිය තියා  ඒ ගැන සාකච්ඡා කරාවිය කියාවත් මා හිතන්නේ නැහැ. මේ විසඳුම් සර්ව සම්පූර්ණ කියා මා කියන්නේ නැහැ. මේ ලිපිවලින් එතරම් වැඩක් නොවන බවත් පැහැදිලියි. මා මේ විසඳුම් එක් බටහිර වෛද්‍යවරයකුට ඉදිරිපත් කළා. ඔහු සමහරවිට ඒ අදහස් ඔහුගේ

දත් දොස්තරෙකු මට කළ හදියක මහත! - Oh, those torturers!

$
0
0
දත් දොස්තරෙකු මට කළ හදියක් නිසා මා මේ දිනවල සිටින්නේ තරමක දුකෙනි. තව දින දෙක තුනක් මේ තත්වය පවතිනු ඇත!නමුත් හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබෙන්නා සේ, මේ හදිය නිසා හෙළිදරව් වුණු මගේ ආත්ම ශක්තිය ගැන මට දැඩි සතුටක් ද ඇත.කතාව මෙයයි.මගේ දත් වහල්ල පෙන්වීමට ගමේ දත් දොස්තර වෙතට ගිය දිනයක, ඔහු මා අසල නගරයේ පිහිටි විශේෂඥ දන්ත ශල්‍යාගාරයේ දොස්තරෙකු වෙත යොමු කළේ මගේ මුඛයේ විදුරුමස් නමින් හැඳින්වෙන කොටස පිළිබඳ ප්‍රතිකාර කිරීමටයි.මේ විශේෂඥ විෂයය හැඳින්වෙන්නේ පෙරියොඩොන්ටික්ස් නොහොත් පරිදන්තවේදය නමිනි. මා එහි ගිය මුල් දවසේ, මගේ දත් වහල්ලේ ඉතිරි වී ඇති දත් ගොන්න ගැන බලා, ඒ එකින් එක පිළිබඳ සටහන් රාශියක් ලියා, එක්ස්-රේ රාශියක් ද ගත් ඔහු මා ඩොලර් දෙසිය පනහකින් පමණ දුප්පත් කළා පමණක් නොව, මගේ දත්වල විදුරුමසට යටින් ඇති කොටස් දිරායාම වැළැක්වීම සඳහා දත්වල ඒ කොටස් විශේෂ පිරිසිදු කිරීමකට ලක් කළ යුතු බවත් පැවසීය.මේ පිරිසිදු කිරීම, කටේ එක් පසක් පමණක් එක් දිනක බැගින් සතියක පරතරය සහිතව දින දෙකකදී කළ යුතු බවත්, එසේ කරන්නේ සීමිත නිර්වින්දනය යටතේ බවත් මට දැන්වීය. වෙනත් විකල්පයක් නොතිබුණු බැවින්, පොකැට්ටුව හිල්වීම ගැන නොසිතා (එක දතකට ගාස්තුව ඩොලර් හැට පහකි!) දින වෙන් කර ගතිමි.ඒ මුල් දිනය වූයේ පසුගිය සඳුදා ය.උදේ වරුවේ අඩ පැයක පමණ කාලයක දී සිදු කෙරුණු මෙම කාර්යය සඳහා දවසක් ම ලෙඩ නිවාඩු දැමීමට සිදුවීම, නිර්වින්දක ඉන්ජෙක්‍ෂන් වේදනාව, නිර්වින්දිනය කෙසේ වෙතත් විදුරුමස් අස්සේ කටු ගසමින් හූරණ විට දැනුණු වේදනාව, කටේ අඬුපඬු ගසා සිටියදී හුස්ම ගැනීම ආදී කටයුතු නිසා ඇති වූ වේදනාව, ඩොලර් අටසීයකින් දුප්පත් වීමේ වේදනාව වැනි කිඹුලන් කන වේදනා සියල්ල අවසානයේ මහා දරුණු කොහිල කටුවක් ඇනුණි!ඇන්ටිබයෝටික් නොහොත් ප්‍රතිජීවක ඖෂධ දෙකක් ෆාමසියෙන් මිලට ගැනීම සඳහා බෙහෙත් වට්ටෝරුවක් ලියා දුන් ඔහු ඊළඟට කීවේ මෙයයි."රසික, මේ අද කළ ගැඹුරු පිරිසිදු කිරීමෙන් පසු ඔබේ විදුරුමස්වලට ආසාදන ඒම වළක්වා ගැනීම සඳහා මේ බෙත් වර්ග දෙක සතියක් එක දිගට නොකඩවා ගන්න. ඒ අතරතුර කිසි ලෙසකින් මත්පැන් පානය කරන්න එපා!"ඌයි!සතියේ සාමාන්‍ය දවස් අමතක කරමු.නමුත්,සිකුරාදා කලාකාමී මිතුරන් පිරිසක් මුණ ගැසී රංගකලාව පිළිබඳ සාකච්ඡාවක් කිරීමට තිබේ.ඌයි, ඌයි!!සෙනසුරාදා සවස නිවාඩු පාඩුවේ නිවසට වී සිනමා සිත්තමක් නැරඹීම වැනි විනෝදාත්මක යමක් කිරීමට සැලසුමක් ද තිබේ. ඌයි, ඌයි, ඌයි!!!ඉරිදා සවස උපන්දින සාදයක් ද තිබේ.ඌයි, ඌයි, ඌයි, ඌයි!!!!දත් දොස්තරෙකු මට කළ හදියක මහත එසේ ය.-රසිකොලොජිස්ට්ප/ලි:ලෙඩ රෝග, බේත් හේත් සමග සෙල්ලම් නැත.මම තවමත් සිල් බිඳ නොගෙන හොඳ ළමයෙකු ලෙස සිටිමි. මගේ ලොකුම ජයග්‍රහණය වූයේ, සිකුරාදා පැවති කලාකාමී මිතුරු සාදයට සහ සාකච්ඡාවට සහභාගී වී අමුවෙන් ම නිවසට පැමිණීමයි.ප/ප/ලි:යළිත් වරක් මාර්තු පළමුවෙනිදා දත් වහල්ලේ ඉතුරු අර්ධය සඳහා මේ ප්‍රතිකර්මය ලබා ගැනීමට යා යුතුව ඇත. නැවතත්, සතියක් පුරා මේ බෙහෙත් ම ගත යුතු වෙනු ඇත!අපොයි!!(image:

Duwillen Thilaka Thiyanna ( දූවිල්ලෙන් තිලක තියන්න )

$
0
0
Duwillen Thilaka Thiyanna Artist - Ajith Bandara Song - Duwillen Thilaka Thiyanna Chord - Em [Intro]----------------------------------------------------------------------------|CM7| - | - | - || D | - | C | - || C | - | D | - || D | - |Em| - || C | - |Em| - ||Em | D | C | - ||CM7| - | - | - |[Chorus]----------------------------------------------------------------------------- Am D Am C Am DDuwillen thilaka thiyanna upan bime duwillen D C G D G CThilaka thiyanna thilaka thiyannaEm D G Em GKirulu yatin obe athin sirasa pelenduwa D G D C Mage nalalata thilaka thiyanna thilaka thiyanna[Inter 2]----------------------------------------------------------------------------|Em| - |Am| - ||Em| - | - | - ||Em| - | D | - || C | - |Em| - ||Em| - | D | - || C | - |Em| - |[Verse 1]-----------------------------------------------------------------------------G DPriya saada thepul kandulu susum B7 D EmHuru mataaa gam doraa mal pethi seethala naaaEm G D GDepayata peeguna gindara kirula nometha sirasa nowedaEm A7 C D Am EmOtunna apa otunna apa ladaaa otunna maa langa[Inter 3]----------------------------------------------------------------------------|Em| -|Am| - ||Em| -|B7 | - ||C | -|G | - ||Em| - |- | - |[Verse 2]-----------------------------------------------------------------------------Em Am D C DGanga perata gala diya ulpatha pasu kara B D Am GEe ulpatha langa dana namanna mata ethi awasaraAm G Am D EmApa kaata gayannada mee gee api lowa aithi obata misaD Em D EmMage lowa aithi obata misa mage lowa aithi obata misa Duwillen Thilaka Thiyannaදූවිල්ලෙන් තිලකතියන්නදූවිල්ලෙන් තිලකතියන්නඋපන් බිමේ දූවිල්ලෙන් තිලක තියන්නකිරුළ යටින් ඔබේ අතින් සිරස පැලැන්දුවමගෙ නළලත තිලක තියන්නප්‍රිය සාද කොපුල් කඳුළු සුසුම් හුරු මට ගම්දොරමල් පෙති සීතල නෑ දෙපයට පෑග‍නු ගින්දරකිරුළ මොටද සිරස නොවෙද ඔටුන්න අපඔටුන්න අප ලද ඔටුන්න මා ලදගංගාව පෙරට ගලා ගියත් උල්පත පසුකරඒ උල්පත ළඟ දණ නමන්නමට ඇති අවසර අප කාට ගයන්නද මේ ගීඅපෙ ලොව අයිති ඔබට මිස මගෙ ලොව අයිති ඔබට මිසගායනය : අජිත් බණ්ඩාරගායන සහාය : සුපර් ස්ටාර් ගායක ගායිකාවන්පද ර� නය : රත්න ශ්‍රී විජේසිංහසංගීතය : නවරත්න

මානසික වෛද්‍යවරයෙක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත.

$
0
0
ලංකාවේ විශ්ව විද්‍යාලයකට යාමට නොහැකිව රූබල් කාමි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වල්ගයේ එල්ලී රුසියානු වෛද්‍ය උපාධියක් ලබා ලංකාවේ විශ්ව විද්‍යාල ගැන මහා වෛරයක්, කෝන්තරයක් පිරිමසා ගැනීමට තැත් කරන මානසික වෛද්‍යවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු කම් ලත් මානසික වෛද්‍යවරයෙක් කඩිනමින් අවශ්‍යව ඇත.රෝග ලක්ෂණ1. නිදහස් අධ්‍යාපනය නයාට අඳුකොල මෙන් වීම2. ඇමෙරිකාව, කැනඩාව හා යුරෝපය වන්දනා කිරීම3.  තමන් දන්න බව පෙන්වන ,එහෙත් නොදන්නා මනෝ විද්‍යාවෙන් සෑම දෙයක්ම විශ්ලේෂණය කිරීමට තැත් කිරීම4.අන්තරය, ලංකාවේ වෛද්‍යවරුන් ,ඇතුලු ලංකාවේ සියලු දෙයක්ම පහත් කොට සැලකීම5. ලෝකයේ සිටින මහා බුද්ධිමතා ,උගතා තමා යැයි සිතීම6.PTSD, PTSD  යැයි වරින් වර හඬ නැගීම7.ලොවෙත් නැති කවුරුන් හෝ සමග ඡායාරූප ගෙන අහවලා මහා බුඩ්ඩිමතෙකි, මම ඔහුගේ මිතුරාය ,සගයාය ,ආදි වශයෙන් ලිවීම8.රුසියාවේ වසර කීපයක් ඉගෙන ගෙන ඇති නිසා සාර් නිකොලායි තමන්ගේ බාප්පා ලෙසත්, රස්පුටින් ගුරුවරයා ලෙසත් සිතීම9. පුද්ගල චරිත ඝාතනයට ප්‍රිය වීම10. චතුරසේනාරත්න සින්ඩ්‍රෝමයෙන් පෙලීම- ඉතිහාසයේ සිදුවීම් වලට තම සම්බන්ධය හෝ අඩුම වශයෙන් තමන්ගේ නෑයෙක් හෝ සම්බන්ධ යැයි නිතර කීමමේ ආදි රෝග ලක්ෂණ රාශියක් ඇති මේ පුද්ගලයා පිං තකා සුව කර දීමට කැමති මනෝ වෛද්‍යවරයෙකු සිටී නම් කඩිනමින් ඉදිරිපත් වන්න. දැනටම ප්‍රමාද වැඩියි.

රෂෝමොන් හදවත්වලට මිටියෙන් දමල අනින "SEX TAPE"

$
0
0
Jake Kasdan විසින් අධ්‍යක්ෂණය කළ Sex Tape දෙදහස් දාහතර වර්ෂයේ තිරගත වූවක්. මේක වර්ගීකරණය කරලා තියෙන්නේ Comedy යන දල බෙදුම්කරණය ය‍ටතේ. එහෙම වුණත් මේ ගැඹුරු සිනමා කෘතිය එකී වර්ගීකරණය යටතේ අර්ථගැන්වෙන්නේ කොහොමද කියලා අපිටනම් හැ‍ඟෙන්නේ නෑ. (හාස්‍ය චිත්‍රපටි නොගැඹුරුයැ’යි එයින් අදහස් වෙන්නේ නෑ)කතා ආඛ්‍යානය ගෙතෙන්නේ දෙදරු විවාහක යුවලක් වටා. ඔවුන් සතු ගේහසිත බැඳීම් සහ වගකීම් දිනෙන් දින ඔවුන් ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතාවන්ගෙන් ඈත් කරනවා. ඒ ඈත්කිරී ම හුදු භෞතික ඈත්කිරීමක් පමණක් වන අතර තමං තරුණ වියේදී අත්පත් කරගත් ලිංගික තෘප්තීන් සහ තීව්‍රතාවන් ඔවුන් දෙදෙනාගේම හිත් සැමවිට ම ඔද්දල් කරනවා. දෙදෙනාම එකිනෙකාට හොරෙන් නිල් චිත්‍රපට බලන්නට හුරුවෙනවා. දෙදෙනාගේ කාන්සිය තීව්‍ර කරන්න ඒ හුරුවත් බලපාලා තියෙන බව ඔවුන්ගේ සංවාදවලින් පේනවා. කොහොම වුණත් ගැටුම ඇතිවන්නේ මේ අහිමිවීම අත්පත් කරගන්නට ඔවුන් ගන්නා උත්සාහය මත.මේ සදහා විවිධ උපක්‍රම අනුගමනය කළත් මානසික සහ ශාරීරික වයෝවෘද්ධතාවයට පාතබමින් සිටින මොවුන් ගන්නා එවන් බොහෝ වෑයම් නිශ්ඵල වෙනවා. ඒවා බොහෝ විට අවසන් වන්නේ ඇදවැටීම් අතපය උලුක්වීම් වගේ තැනකින්. එකම හොද දේ නම් දෙන්නා තුළ තම ගැටලුව පිළිබඳ විවෘත සංවාදයක් තිබීම.ඒකාකාරීබවින් මිදීමට අවසානයේ බිරිඳගෙන් එක යෝජනාවක් එනවා. ඒ තමයි දෙදෙනාගේ එකතුවීම වීඩියෝගත කරන එක. නොඑසේනම් තමං උදෙසා ම නිල් චිත්‍රපටයක් නිර්මාණය කරන එක. උත්තේකයක් ලෙස වීඩියෝ ගත කළත් තම එක්වීමෙන් පසු එය මකා දැමීමටයි ඔවුන් අදහස් කරන්නේ. චිත්‍රපටයේ තිරපිටපත ලෙස ව්‍යාත්සායනගේ කාමසූත්‍රය තෝරාගැනෙනවා.අවසානයේ අරමුණ සාර්ථක වූ බවත් දෙදෙනාම තෘප්තිමත් වූ බවත් පේනවා. තිරපිටපතේ දිග නිසාදෝ පැය තුනක වීඩියෝවක් නිර්මාණය වුන බවත් කියනවා. ගැටලුවේ කූට අවස්ථාව මතුවන්නේ ඩිලීට් කිරීමට අතපසු වූ (තම ජීවිතයේ උපරිම ශඛ්‍යතාවන් පෙන්නූ අවස්ථාව මෙය නිසා එය මකන්නට ලෝබ හිතුණ බව සැමියා පසුව පාපොච්ඡාරණය කරනවා) වීඩියෝව ක්ලවුඩ්ස් හරහා ‍නෑ හිතමිතුරන් කීප දෙනෙක්ට ෂෙයා වීමත් ඔවුන්ගෙන් නිර්ණාමික කෙටි පණිවිඩයක් ඒමත් එක්ක. කතාව ඉතිරිය ගෙතෙන්නේ මේ කෙටිපණිවුඩය එවු කෙනා කවුද යන්න සෙවීමටත්, ක්ලවුඩ්ස් හරහා ෂෙයා වූ අයගේ ටැබ් ඔවුන් කෙසේ හෝ රවටා එදා රෑම අරගෙන තම වීඩියෝව මකාදැමීමටත් යුවල ගන්නා ශෝඛජනක අරගලයත් සමග ය මත. (මේ කොටසෙහි කිසියම් හාස්‍යය බවක් තිබුණත් එකී හාස්‍යය යටින් ඉදිරිපත් වෙන්නේ අතිශ්‍ය ශෝකජනක යථාර්ථයක්)එදා රෑ එක්තරා දුරකට තම අරමුණ ඉටුකරගන්නවා. නමුත් සිද්ධිය බරපතල බව තේරෙන්නේ තම මිත්‍රයාගේ පුතා මේ සිද්ධිය ඔහු‍ට පවසා, කෙටි ඇමතුම එව්වේ තමං බවත් තමං අදාළ වීඩායෝව දැනටමත් ජනප්‍රිය නිල් චිත්‍රපට අඩවියක පළ කර ඇති බවත් එය ඉවත් කරන්නනම් වහාම මුදලක් ලබාදිය යුතු බවත් කීමත් සමගයි. ඔහු‍ඉල්ලන අති විශාල මුදල ලබාදෙන්න බැරිතැන ඔවුන් අදාළ වෙබ් අඩවි මධ්‍යස්ථානයට බලෙන් කඩා වැදී අනූ නවයෙන් බේරෙනවා. අවසානයේ ඔවුන්ට කාරණය පැහැදිලි කර එය ද ඉවත් කරගන්නවා....මේ විදිහේ පියවරයන් අන්තර්ජාලගතවීම නිසා පවුල් ජීවිතයනුත් සියලු සමාජ සබඳතාවයනුත් අවසානයේ ජීවිතත් පවා අහිමි කරගන්න තරුණ පිරිස් ගැන අපි ලංකාවේ මේ දැනුත් අත්විඳිමින් ඉන්නවා. තරුණියන්ගේ තණපට ගැන කරදර වන පාලකයිනුත්, “තොරතුරු දන්වන්න” කියන විසල් ශීර්ෂ යටතේ මේ වගේ අයගේ පින්තූර ද සහිතව පළකරමින් මහා කතාන්දර ගොතන ඊනියා සුචරිතවාදී ජඩමාධ්‍යනුත් අඩුවක් නැතිව අපිට තියෙනවා. නමුත් sex tape චිත්‍රපටය දිගහැරෙන්නේ විනාඩි 39කට පාරක් නිල් චිත‍්‍රපටයක් අලූතින් නිපදවෙන, සහ සෑම තත්පරයක දී ම ඩොලර් 3075ක් නිල් චිත‍්‍රපට සදහා වැය වන, කේබල් ටීවී මගින් පවා නිල් චිත්‍රපට මිළදීගන්න පුළුවංයැ’යි කියන ඇමරිකාවේ. තවදුරටත් විග්‍රහ කරනවානම්, Miller vs California වැනි ප්‍රසිද්ධ නඩු තීන්දු මගින් නිල් චිත්‍රපටයට හානියක් නොකර එහි වපසරියන් පමණක් සළකුණු කළ සහ Commonwealth vs John Rex වැනි නඩු තීන්දු හරහා නිල් චිත්‍රපට සඳහා ළමුන් යොදාගැනීම වැනි දේවල් පමණක් සීමා කෙරුණු, ලොව විශාලම පෝනග්‍රැෆි කර්මාන්තය පිහිටි පොළවේ.මිතුරන් අතර බෙදී ගිය වීඩියෝව යළි අත්පත් කරගැනීම අසාර්ථක වන තැන්වලදී මේ යුවල ඇමචර් වීඩායෝ කරණය දැන් ලෝකයේ සාමාන්‍ය දෙයක් බව කියා හිත හදාගන්න උත්සාහ කරන බවත් පේනවා. (ඔවුන්ගේ ඇතැම් මිතුරනුත් ඒ බව කියා ඔවුන්ගේ හිත් හදන්නට උත්සාහ කරනවා) නමුත් ඔවුන්ගේ සමාජ සම්බන්ධතා හා රැකියා පිළිබඳ සිහිවෙද්දී නැවතත් ඒ යුවල තුළ භීතිය දලුලනවා! දරුවන් පිළිබඳ කල්පනාව එය තවදුරටත් උග්‍ර කරනවා!කතාවේ උත්ප්‍රාසාත්මක අවස්ථා රාශියක් තියෙනවා. තවත් පැත්තකින් බලද්දී මුලු කතාවම දිවෙන්නේ එක්තරා ෆැන්ටසිමය උත්ප්‍රාසයක් පදනම් කරගෙන බව පේනවා. මුලින් ලැබුණු මැසේජය හරහාත් එය බැලූ තවත් ඔවුන්ගේ මිත්‍රයින් යුවලක් හරහාත් (පිටවූ වීඩියෝව සෙවීමට උදවුවට පැමිණෙන මිත්‍රයින් යුවලක් කතානායකයින් දෙදෙනාට හොරෙන් තම උත්තේජනය සඳහා ද භාවිත කරනවා) ඔවුන්ගේ චිත්‍රපටය ගැන එන්නේ ඉතා ධනාත්මක ප්‍රතිචාර. එය සුපිරි ගනයේ නිල් චිත්‍රපටයක් බව ඔවුන් කියනවා. අදාල වෙබ් අඩවිය මගිනුත් කියන්නේ එය කවදාවත් දකින්නට නැති ගනයේ උසස් චිත්‍රපටයක් බවයි. ඒ නිසා වරක ඔහුන් තම කාර්ය ගැන ආඩම්බර වෙන ස්වරූපයකුත් පේන්න තියෙනවා. (කළිනුත් කිව්වා වගේ ඔහු එය නොමකා තබා ගත්තේ තමංගේ ජීවිතයේ උපරිම ශඛ්‍යතාවන් පෙන්නූ අවස්ථාවයැ’යි ඔහු කල්පනා කිරීම නිසා)චිත්‍රපටය අවසන් වෙන්නේ, පෙන් ඩ්‍රයිව් එකක දමා ඇති තමං සතු අන්තිම පිටපත අල්ලපු ගෙදර දරුවා විසින් කතානායකයාට බාර දීමෙන්. එය ලත් වහා ම මිටියකින් තලා විනාශ කරන්න ඔහු උත්සාහ කරනවා. එතනට පැමිණි ඇය එසේ නොකර එය නරඔමුයැ’යි යෝජනා කරනවා. (වීඩියෝ කළා මිස අදාල චිත්‍රපටය දෙදෙනාගෙන් කිසිවෙක් මීට පෙර නරඹා තිබුණේ නෑ)රෂෝමොන් වනයේ හොරා වර්ණනා කළ තම කඩු හරඹයේ වික්‍රමයත් පසුව භික්ෂුව පැවසූ සටනෙහි හැටිත් අපට සිහිවන්නේ එතනදී ය. තමංගේ වීඩියෝව තුළ ඔවුන් දකින්නේ මොනවාද? වැරදි සහගත ඉරියව්වලය යෑමේදී සිදුවන ඇදවැටීම්, හාස්‍යසහගත ඉරියව්, වේදනාබර මුහුණු, හතිලෑම්, වේදනාබර කෙඳිරිගෑම්, වෙහෙස සහ මහන්සි ඇරීම්.වහා පෙන්ඩ්‍රයිවය ගෙන ඇය විසින් වැරෙන් මිටිපහරක් දෙනවා.එක්තරා අතකට මේ මිටිපහර ද සංකේතාත්මකයි. ඇත්තට ම ඒ විකාර රංගනය පිරෙව්වේ ඔවුන්ගේ ෆැන්ටසිමය රික්තකය විතරක් නෙමෙයි. මේක පට්ට නිල් චිත්‍රපටියක් ලෙසට දැක්ක සමාජයේ හදවතට ඒ වේගවත් මිටිපහරෙ කම්පණය දැනෙනවා.- ප්‍රසාද් නිරෝෂ

ලොකු පොඩි කාගෙත් ආදරය දිනා ගත් සදා අමරණීය කාටූන් චරිත

$
0
0
සතිඅන්තයේ උදෙන්ම නැගිටලා ටීවි එකේ කාටූන් බලපූ ඒ සොඳුරු අතීතයට ආපහු යන්න පුළුවන්නම් කොච්චර හොඳද? ඉස්කොලේ ඇරිලා, ගෙදර වැඩ ඔක්කොම ඉවරකරල වරද්දන්නැතුව වෙලාවට හවස රූපවාහිණිය ඉස්සරහ අපි එක්‍ රොක් උනේ අපේ ප්‍රියතම කාටූන් වැඩසටහන් නරඹන්න. ඉස්කෝලේ නිවාඩුවට රූපවාහිණි නාලිකා බොහෝමයක 90 දශකයේ, 2000 මුල් භාගයේ තිරගත වූ ළමා චිත්‍රපට සහ කාටූන් නැවතත් නරඹන කොට, පුංචි සන්දියේ මනහර මතකයන් නැවත ආවර්ජනය වෙනවා. දේශීය උරූවට දෙබස් පරිවර්තනය කල කාටූන් ශ්‍රී ලංකාවේ ලොකු පොඩි කාගෙත් ආදරය දිනා ගන්නට සමත් උනා. ටයිටස් තොටවත්තයන්ගේ පුරෝගාමි මෙහෙවරෙන් සහ අපූරු දැක්මෙන් ආරම්භ වුණු සිරිලක හඬකැවීම් කලාව වර්තමානය වන විට වෙනස්කම් රැසකට ලක්වෙමින් බොහෝ දුර ගමනක් පැමිණ තිබෙනවා. ළමා මනස මැනවින් තේරුම් ගෙන, මුල් නිර්මාණයට හානියක් නොවන අයුරින්, සිතට කාවදින, හොඳ හරයක් සහිත රසාස්වාදනීය දෙබස් නිර්මාණය කිරීම එතරම් ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. සමාජයේ අපිට නිතරම හමුවන පුද්ගලයින් ඇසුරුකරගෙන නිර්මාණය කරන ලද උපහාසාත්මක, කවට, දුෂ්ඨ සහ ආදර්ශමත් කාටූන් චරිත, සිංහල හඬ කැවීමෙන් නැවුම් පණක් ලැබුවා. ගෝල් දේශයේ ඇස්ටරික්ස් සහ ඔහුගේ සගයින් අපි කවුරුත් දන්නේ පප්ප ගමේ පප්පල ලෙසයි. ඩොකටර් ඩූ ලිට්ල් නමට වඩා ‘දොස්තර හොඳ හිත’ අපිට සමීපයි. “මුහුද මගේ ගොඩබිමයි, නැව මගේ නිවසට සමයි, සියලු සතුන් මගේ තමයි, දොස්තර හොඳ හිත මමයි – අයුක්තියට ඉඩ නැතේ, යුක්තිය ලොව රජ කෙරේ. වෛරෙයෙන් වෛරය නොවේ, මෛත්‍රියෙන් ජය ලැබේ…”. කාටූන් වල කතාව අමතක වුණත්, එහි තේමා ගීතය සහ චරිත අපේ සිත් තුළ සදා අමරණීයයි. සිංහල දෙබස් කැවූ විදෙස් කාටුන් හි මුල් නිර්මාණයන් පිළිබඳ වැඩි විස්තර දැන ගන්නට ඔබත් කැමති ඇති. අපිට සමීප වුණු කාටූන් කිහිපයක ටෙලි උපත සහ අනෙකුත් වැදගත් වතගොත පහත ලැයිස්තුවෙන් දැක්වෙනවා. 1. පැංචා – KISSYFUR මෙයා මතක කාටද? (flixsearch.io/movie/kissyfur) 1986 දී ඇමරිකාවේ NBC නාලිකාවේ තිරගත කිරීම ඇරඹූ කිසිෆර් කාටූනය ජීන් ශැලොපින්, ඇන්ඩි හේවර්ඩ් සහ ෆිල් මෙන්ඩේස් ගේ නිෂ්පාදනයකි. මෙම ළමා ටෙලි නාටකය, කාල පරිච්ඡේද (seasons) දෙකකදී තිරගත වුණා. එක්සත් රාජධානියේ, නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාව වැනි රටවල මෙම කාටූනය බෙහෙවින් ජනප්‍රිය වූ අතර, “කිසිෆර්” නම් පුංචි වලස් පැටියා ශ්‍රී ලංකාවේ සිරස නාලිකාව තුළින් සෑම සෙනසුරාදාවකම පුංචි පැංචි වැඩසටහ අතරතුරේදි පැංචා ලෙසින් අප හමුවට පැමිණියා. සර්කස් සංදර්ශනයකට සහභාගි වන අතරතුරේදි, ගමන් ගත් කෝච්චිය පීළි පැනීමෙන් පැංචා සහ ඔහුගේ පියා අතරමං වනවා. කිසිෆර් සහ ඔහුගේ නුවණක්කාර පියා (Gus) සර්කස් ජිවිතයේ, මිනිසුන්ගෙන් උගත් ශිල්ප ක්‍රම යොදාගෙන කැළෑ ගමේ සතුන් සමඟ වනයේ (Paddlecab County) වගුරු බිමක අලුත් ජීවිතයක් පටන් ගන්නවා. පැංචා ගේ වීර කණ්ඩායමේ හිටපු යාලුවෝ ඕගොල්ලන්ට මතකද? මඩයා කියන්නේ සෙට් එකේ ඉන්න කටකාර, දඩබ්බර වල් ඌරා. පොඩ්ඩ තමයි පැංචාගේ හිතවත්ම යාළුවා. කටූ හරිම අහිංසක ඉත්තෑවෙක්. බබී තමයි කණ්ඩායමේ ඉන්න හුරුබුහුටි ගෑණු ළමයා. සුද්දා කියන්නේ, කුණු ගාගන්නවට අකමැති, නිතරම “ඊයා” කියාගත්තු ගමන් ඉන්න පිරිසිදු ඌරු පැටියෙක්. පැංචයි එයාගෙ යාලුවෝ සෙට් එකයි, වගුරු බිමේ හැමදාම මොකාක්හරි කරදරේකට පැටලෙනවා. හැලයයි සීදෙවියි (Floyd & Jolene) කියන කට්ට කෛරාටික කිඹුල් ජෝඩුව මේ පොඩි පැටව් ටික රෑ කෑමට ගොදුරු කරගන්න නිතරම මාන බලාගෙනයි ඉන්නෙ. 2. ෆ්‍රැන්ක්ලීන් – FRANKLIN (franklin.treehousetv.com) සතියේ දවස්වල සවස ස්වර්ණවාහිනි නාලිකාවේ තිරගත වූ ෆ්‍රැන්ක්ලීන් කාටූනය, කැනේඩියානු නිෂ්පාදනයක් වනවා. මෙහි මුල් නිර්මාණයට පදනම් වී ඇත්තේ  බ්‍රෙන්ඩා ක්ලාක් සහ පොලෙත් බූජුවා විසින් රචිත පොත් පෙළකි. 1997 වර්ෂයේදි මෙහි මුල් කථාංගය තිරගත වූ අතර මෑතකදී එම කාටුන් මාලාව ෆ්‍රැන්ක්ලීන් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් ලෙස අනුවර්තණය වී සිංහල දෙබස් සමඟ ශ්‍රී ලංකාවේ නැවතත් තිරගත වීම ඇරඹුණි. “ෆ්‍රැන්ක්ලීන් ඉස්කෝලේ වැඩවලට දක්ෂයි වගේම ගෙදර වැඩ කරන්නත් දක්ෂයි. එයාට පුළුවන් එයාගෙම කෑම වේලක් උනත් හදාගන්න. කාමරේ අස්කරන්නත් පුළුවන්….” මුල් නිර්මාණයේ කාටුන් එක පටන් ගන්නේ Franklin could count by twos and tie his shoes. He could zip zippers and button buttons… යන තේමා විස්තරයෙන්. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ෆ්‍රැන්ක්ලින් නම් කැස්බෑ පැටියෙක්. තම ආදරණිය  දෙමාපියන් සමඟ කුඩා ෆ්‍රැන්ක්ලීන් Woodland කියන ගම්මානයේ කැස්බෑ කටුවක් හැඩැති නිවසක ජීවත් වනවා. ෆ්‍රැන්ක්ලින්ට එයාගේ පුංචි ලෝකයේ බීවර්,නරි පැංචා, හා පුංචා සහ පාට පැටී වැනි චරිත රැසක් හමුවෙනවා. හැබැයි මේ යාලුවෝ අතරින් ටෙඩී කියන වලස් පැටියයි ගෙවත්තේ ඉන්න බිංගි කියන ගොලුබෙළි පැටියයි තමයි ෆ්‍රැන්ක්ලින්ගේ හොඳම යහළුවෝ දෙන්නා. ෆ්‍රැන්ක්ලින් කුඩා දරුවන්ට ඉතාමත් ආදර්ශමත් කාටුනයක්. බකමූණු ගුරුතුමයි, ෆ්‍රැන්ක්ලින්ගේ කැස්බෑ දෙමාපියන් ගෙනුයි වැඩිහිටියන්ට පවා උගත ගත හැකි පාඩම් බොහොමයක් තිබෙනවා. 3. තොත්ත බබාලා – BABY FOLIES (bilibili.com) කොකා, බබාව මිනිස් ලෝකෙට එක්කං යන්න කලින් බබාලන්තයේ ජීවත් වෙන තොත්ත බබාලගේ වික්‍රමයන් ගැන කියැවෙන කාටූනයක් තමා “තොත්ත බබාලා” කියන්නේ. ඉහළ අහසේ සුමුදු, සුසිනිඳු වලාකුළු වලට මැදිව සිටින මේ බබාලා හිතන තරම් අහිංසක නැහැ. කපටි තොත්ත බබාලා බබා පාට් එක පාවිච්චි කරලා තනතුරු පදවි ලබා ගන්නවා. සමහරක් බබාලා බබා කෙඳිරියෙන්, හිනාවෙන් රජ වැඩ කරලා අනිත් බබාලට වල කපනවා. මෙම කාටූනයේ මුල් නිර්මාණය ප්‍රංශයේදී Baby Folies ලෙස 1993 වර්ෂයේදි තිරගත කිරීම ඇරඹුණා. කථාංග 29 කින් සමන්විත, හාස්‍යජනක චරිත වලින් පිරි,  තොත්ත බබාලා කාටූන් මාලාව මීට දශකයකට ඉහතදී ශ්‍රී ලංකාවේ සිරස නාලිකාව තුළින් තිරගත වුණා. 4. කූඹිච්චි – FERDY THE ANT (youtube.com) “පායනා කාලේදි, රෑ දවල් මහන්සි වී, කන්න දේ රැස්කරයි කූඹියෝ.” කූඹියෝ කියන්නේ හරිම කඩිසර කෘමීන් ජාතියක්. කූඹිච්චි කියන්නේ කූඹි කැලේ (Käfertal) සිදුවෙන වික්‍රමයන්, කැලේට පැමිණෙන නානප්‍රකාර අමුත්තෝ ගැන කියැවෙන කාටූන් මාලාවක්. Ondřej Sekora කතුවරියගේ ළමා පින්තූර පොත් ඇසුරෙන්, චෙක් ජනරජයේ සහ බ්‍රිතාන්‍යයේ සමූහ නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කරන ලද FERDY THE ANT යන කාටුන් මාලාව 1984 දී තිරගත වීම ඇරඹුණි. මෙම කාටූනය මීට වසර කිහිපයකට ඉහතදී ජාතික රූපවාහිණියෙන් කූඹිච්චි ලෙස සිංහල හඬ කවා තිරගත කළ අතර එහි ප්‍රධාන චරිතය වන ෆර්ඩි, ගැහැණු චරිතයක් ලෙස අනුවර්තණය විය. කූඹිච්චි…අපේ කූඹිච්චි, කලුයි, සිත්කළු‍යි. ෆර්ඩි හෙවත් කූඹිච්චි, ගිටාර් වාදනය කිරීමට කැමති, ලෝකයේ අරුම පුදුම දේවල් පිළිබඳ දැන ගැනීමට උනන්දු කූඹියෙක්. කූඹි ගමේ, කූඹි ගෙදර කූඹි කුමාරි, මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරි. හැබැයි මෙයා කැලේ ප්‍රශ්න විසඳන්නේ ගමේ අනෙක් කෘමි යාළුවන්ගේ සහය සහ එකමුතුකමත් එක්ක. මේ කාටූනය ලෝකයේ දරුවන් අතර කොච්චර ජනප්‍රිය වුණාද කියනවනම්, චෙක්, ඉංග්‍රීසි, සිංහල භාෂා වලට අමතරව ස්පාඤ්ඤ, හංගේරියානු, අරාබි, පාර්සි සහ ජර්මන් වැනි තවත් භාෂා රැසකින් හඬ කවා තිබෙනවා. 5. වලස් මාමා – THE BEARY FAMILY (Youtube.com) මාමා වලස් මාමා.. නැන්දා වලස් නැන්දා.. කවුරුද කවුරුද රණ්ඩු කරන්නේ? නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ. මොකටද මොකටද රණ්ඩු කරන්නේ? වැඩකට නැතිවලු ගහ බැන ගන්නේ Walter Lantz Studios විසින් නිෂ්පාදනය කරන ලැබූ “THE BEARY FAMILY” නම් කෙටි කථාංග 28 කින් සමන්විත හාස්‍යොත්පාදක කාටුන් මාලාව 1962 වර්ෂයේ සිට 1972 දක්වා ඇමරිකාවේදී තිරගත වුණා. අකාර්යක්ෂම පවුලක ගෘහ මූලිකයා වන Charlie Beary හෙවත් වලස් මාමා වටා මෙම කාටූනය ගෙතෙනවා. ඔහුගේ බිරිඳ Bessie, ඒ කියන්නේ වලස් නැන්දා නිතරම තම සැමියාගේ මෝඩ වැඩ විවේචනයට ලක් කරනවා. Junior (උක්කුං) කියන්නේ වලස් පවුලේ පුතා. මෙයාගේ පණ්ඩිත වැඩ නිසා පවුලේ ජරමර දෙගුණ තෙගුණ වෙනවා. 6. දඟර වලිග ලප වානර – MARSUPILAMI (image.phimmoi.net) දඟර වලිග ලප වානර දස්කම් දක්වනවා අහසේ ඉගිල යතේ ගස්වල ගෙඩි කඩතේ.. බැරි බර කරට අරන් දඩයම් පිරිහිලා ඇතේ… මාර්සුපිලාමියා කියල මෙයාගේ නම තිබුණ පොතේ… ඔව්. සිංහලෙන් දඟර වලිග ලප වානර කියල අලුත් නමක් පටබැඳුනට මේ අරුම පුදුම සතාගේ නම, අන්ද්‍රේ ෆ්‍රැන්කැන් විසින් 1952 රචිත චිත්‍ර කතා පොතේ තිබුණේ මාර්සුපිලාමි කියලා. දඟර වලිග කියන්නේ මාර්සුපියාලියා වර්ගයේ ක්ෂීරපායි සතෙක්. Marsupial යන වචනයට Pilou-Pilou (කාටුන් නිර්මාතෘගේ ප්‍රියතම කාටුන් චරිතයක්) සහ ප්‍රංශ බසින් යහලුවාට කියන “ami” යන වචන පෙළ එකතු වීමෙන් එයාගේ නම හැඳෙනවා. පලොම්බියා කියන මනඃකල්පිත රටේ මහ වනාන්තරයක තමා මෙයා ජීවත් වෙන්නේ. දඟර වලිග කියන නමින්ම අපිට හිතා ගත්තහැකි මෙයාට වලිගෙන් කරන්න පුලුවන් වික්‍රමයන් ගැන. මාර්සුපිලාමිගේ කාටුන් මාලාව ලෝකයේ ලන්දේසි, ජෙර්මන්, ග්‍රීක්, ස්පාඤ්ඤ සහ පෘතුගීසි බසින් තිරගත වී තිබෙනවා. 7. පිස්සු පූසා – TOP CAT (boomerangtv.co.uk) කුණු කූඩෙන් බෙල්ල දමා, බොරු බේගල් ඇද බාලා, සහචරයින් කරයි මුලා… තම වාසිය ලැබෙන තුරා, පුරු පුරු ගා කෙඳිරි ගගා, බිම පෙරළෙයි වැඳ වැටිලා… පිස්සා මූ, පිස්ස මූ..පිස්සු පූසා මූ… 1961 වර්ෂයේ සිට 1962 දක්වා කාලය තුල කථාංග 30කින් සමන්විත කාටුන් මාලවක් ලෙස ABC network නාලිකාවේ Top Cat හෙවත් පිස්සු පූසා තිරගත වුණි. මෙය Hanna-Barbera studios හි නිෂ්පාදනයකි. බ්‍රිතාන්‍යයේ BBC නාලිකාවේ මෙම කාටූනය හැඳින්වුණේ Boss Cat ලෙසයි. නිව්යොක් නගරයේ මුඩුක්කුවක ජීවත් වන පූස් කණ්ඩායමක ලොක්කා ලෙසා පිස්සු පූසා කරලියට පැමිණෙයි. “ෆොලෝ මී සගයිනි” කියපු ගමන්, තමා පිටුපස්සේ දුවන් එන පූස් සෙට් එකක් පිස්සු පූසට ඉන්නව. ඥාව්වා, උපාසක, මී කතුරා සහ පුරු පුරූ ගේ චරිත ඔයගොල්ලන්ට මතක ඇතිනේ. පිනට කන්න ලැබෙනවනම්, සල්ලි බාගේ ලැබෙනවනම්, මේ ලෝක කපටි පූසෝ ඕනෙම දෙයක් කරාවි. කාටූනයේ තවත් එක් ප්‍රධාන චරිතයක් තමා සාජන් මහත්තයා (Officer Dibble). සැර පරුෂ ගතියක් පෙන්නුවට, තමන්ට ඕනේ විදිහට සාජන් සෑර්ව නම්මවල රවට්ටන්න පිස්සු පූසට පුලුවන්. 8. ඥාන කතා මල්ලියා – ANPANMAN (japantimes.co.jp) ඥානේ නොමැති අයට හදපු, හුස්ම පිඹල පණ පොවාපු අනුන්ගේ ගින්දර නිවාපු, ඥාන කතා මල්ලියා… ටකෂි යනසේ විසින් රචිත චිත්‍ර කතා පොතක් ඇසුරෙන් නිර්මාණය කරන ලද     Anpanman නම් ජපන් කාටූනය 1973 වර්ෂයේ සිට නිර්මාතෘගේ අභාවය තෙක් (2013) තිරගත වුණා.  මෙම කාටූනය ජපන් දරුවන් අතර කෙතරම් ජනප්‍රිය වුණාද කියනවනම් පසු කාලයකදි Soreike! Anpanman ( Let’s Go! Anpanman) ලෙස ඇනිමේ කාටුන් මාලාවක්ද ඒ ඇසුරෙන් බිහි වුණා. ඥාන කතා මල්ලියව බැලූ බැල්මෙන් පෙනෙන්නේ ඉගිලෙන බනිස් මිනිහෙක් වගේ. අන්පාන් කියන්නේ රතු බෝංචි වලින් හදපු ජෑම් වලින් පිරුණු බනිස් ජාතියක්. අන්පන් මෑන් හෙවත් ඥාන කතා මල්ලියා කියන්නේ මේ බනිස් ගෙඩිය හැඩැති ඔලුවක් තියෙන වීරයෙක්. බයිකින්මන් කියන රකුසාගෙන් ලෝකය බේරගන්න සාමෙන් සහ ඥානෙන්, ඥානකතා මල්ලියි, පාන් මාමායි, පිටි චූටියි විස්කොත්තයි එකතු වෙලා අයුක්තියට එරෙහිව  තම වික්‍රමයන් පෙන්වනවා. 9. කවුද බෝයි – LUCKY LUKE (egmont-comic-collection.de) ඒ කාලේ සිද්ද වේච්ච කතාවක් මේ. නියම වීරයක් ගැනයි කියන්නේ.. අස්සයගේ පිටින් එයා ගමන් යයි. එයාට කවුරුත් කිව්වේ කවුද බෝයි චිත්‍ර කතා ඉතිහාසයේ වැදගත් තැනක් උසුලන කාටූනයක් ලෙස කවුද බෝයි හෙවත් ‘ලකී ලූක්’ හැඳින්විය හැකියි. කවුද බෝයි චරිතයේ නිර්මාතෘ වන බෙල්ජියානු ජාතික මොරිස් 1949 වර්ෂයේදි තම ප්‍රථම නිර්මාණය එළි දැක්වූ අතර ඔහු තම ජීවිතයේ අවසාන් භාගය දක්වාම තම පැන්සල් තුඩෙන්ම කවුද බෝයි ව සිතුවම් කළා. ඇමරිකාවේ Old West නමින් ප්‍රචලිත පෙදෙසේ වෙසෙන අසාධාරණයට අයුක්තියට එරෙහිව කටයුතු කරන කවු බෝයි කෙනෙකුගේ වික්‍රමයන් මෙම කතාවට පසුබිම් වනවා.  “A man who shoots faster than his shadow” – තම සෙවණැල්ලටත් වඩා වේගයෙන් වෙඩි තබන පුද්ගලයෙක් ලෙස කතාවේ කවුද බෝයි ගැන හැඳින්වීමක් කරනු ලබනවා. කවුද බෝයිට පැවරෙන රාජකාරිය තමා තමන්ගේ ගම හිරෙන් පැනපු ජුණ්ඩයියයලගේ මංකොල්ල කාරයන්ගෙන් (Dalton Brothers)  බේරගන්න.  ජුණ්ඩයියායි එයාගේ සහෝදරයොයි ප්‍රසිද්ධ මැරයෝ කණ්ඩායමක්. මොටයියයි, මල්ලිල දෙන්නයි අණ්ඩපාලයො උනාට ජුණ්ඩයිය කියන පදේට ඔවුන්ට නටන්න සිද්ද වෙනවා. යුරෝපයේ වැඩිම අලෙවියක් ලබන චිත්‍ර කතා පොතක් වන ලකී ලූක් වර්තමානය වන විට භාෂා 23කට පරිවර්තනය වී තිබේ. 10.  පිංගු – PINGU (ichef.bbci.co.uk) ජාතික රූපවාහිනියේ තිරගතවූ  ජපන් NHK ළමා වැඩසටහන් අතරින් PINGU ක්ලේමෝෂන් කාටූනය බෙහෙවින් ජනප්‍රිය උනා. ත්‍රිමාණ මැටි නිර්මාණ ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙම අපූරු කාටූනය ස්විට්සර්ලන්ත-බ්‍රිතාන්‍ය  අනුග්‍රහයෙන් සිදු කළ ඔට්මාර් ගුට්මාන් ගේ නිෂ්පාදනයක්. 1986 සිට 2000 දක්වා තිරගත වූ මෙම කාටූන් මාලාව ජාත්‍යන්තර වශයෙන් සම්මාන වලටද පාත්‍ර වුණා. පවුලේ සැමට එකට නැරඹිය හැකි මෙම කාටූනයේ අතරින් පතර පෙන්ගුයින් විසින් මුමුණන විවිධාකාර ශබ්ධ හැරුණු කොට කිසිදු දෙබසක් නොතිබීම විශේෂත්වයක්. ඇන්ටාටිකාවේ ජීවත් වන පෙන්ගුයින් පවුලක එදිනෙදා ජීවිතයේ සිදුවීම් මෙහි පෙන්නුම් කරනු ලබයි. කතාවේ ප්‍රධාන චරිතය රඟනු ලන්නේ පිංගු නම් දඟකාර පෙන්ගුයින් පැටියා විසිනි. පිංගු ගේ වික්‍රමයින් වලට විටෙක ඔහුගේ කුඩා සොයුරිය පිංගා සහ සුරතල් සීල් මත්ස්‍යයාද සම්බන්ධ වනවා. මේ ලැයිස්තුවේ තියෙන කාටූන් වලට අමතරව ඔබත් පුංචි සන්දියේ ආසාවෙන් බලපු වැඩසටහන් තවත් ඇති. ළමා කාලේ ගෙවිය ගියත්,සූර පප්පා, ස්කුබී ඩූ, ගිරිපුර ඇත්තෝ වගේ කාටූන් වල ඇති රසය සහ හාස්‍යය කවදාවත් අඩුවෙන්නෑ. පොඩිහිටියන්‍ට වඩා අද වැඩිහිටියන් ඉස්සර තිරගත වුණු කාටූන් නරඹන්න පුන පුනා බලා ගෙන ඉන්නවා කිව්වොත් ඔබත් ඊට එකඟ වේවි නේද? කවරයේ

පිටකොටුවේ සාප්පු සවාරියක්

$
0
0
කොටුවෙන් පිටත යන අදහස ඇති පිටකොටුව ලන්දේසි නගර නිර්මාණ සැලසුමකට අනුව නිමවුනු පරිසරයකි. පිටකොටුවට සාප්පු සවාරියකට හෝ ගමනක් අතරමග ගොඩවන ඔබට, ඔබ සොයන දෑ ඇති තැන් නිවැරදිව දැනගැනීම කාලය සහ රස්තියාදුව අඩුකරගැනීමට අනිවාර්යයෙන් සැපිරිය යුතු හේතුවක් වනු ඇත. තැඹිලි. පිටකොටුවේ වීදි පිටකොටුව යනු අහසින් බැලූ විට කුඹුරක ලියැදි පරිදි දිස්වෙන මනාව සැලසුම් කල වපසරියකි. එහි එක් එක් වීදි එක් එක් බඩුබාහිරාදියට පතල වී තිබේ. වර්තමානයේදී නම් වාහන නැවැත්වීම තබා වාහන ගමනාගමනයටවත් ඉඩකඩ නොමැති තරමට මෙම වීදි බෙහෙවින් ජනාකීර්ණය, පටුය. නමුත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ තවමත් පිටකොටුව තොග වෙළඳාම මෙන්ම සිල්ලර වෙළඳාම සලකිමේදීද ලංකාවේ කේන්ද්‍රස්ථානයකි. එදා පිටකොටුව. (ansathudinapotha.blogspot.com) කාලයත් සමග මනුෂ්‍යය අවශ්‍යතාවයන් වෙනස් වේ. ඒ අනුව වෙළඳපොලේ ඇති බඩුබාහිරාදියද වෙනස් වේ. ඒ අනුව වෙනස් වූ ජීවන රටා නිසා මීට කලකට පෙර දුටු පිටකොටුවට වඩා වර්තමාන පිටකොටුව සැබැවින්ම වෙනස් වි තිබේ. ඉලෙක්ට්‍රොනික පිස්සන්ට ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රෙිනික හා ඉලෙක්ට්‍රිකල් විදුලි උපකරණ ආදියට පතල වන්නේ පළමු හරස් වීදියයි. පළමු හරස් විදියට ඕල්කොට් මාවත (කොටුව ස්ටේෂම දෙසින්) පිවිසෙන ඔබට මුලින්ම හමු වන්නේ විශාල ශබ්ධ පරිපාලක උපකරණ සහ ඉලෙක්ට්‍රෙිනික බඩු බාහිරාදිය විකුණන කඩ කිහිපයකි. සපත්තු මහන මහත්මයෙක්. කලක් අලංකාර විදුලි බල්බ අලෙවි කල අලෙවිසැල් වල පසුව එක් එක් මාදිලියේ CFL බල්බ් විකිණීමට තිබුනි. දැන්නම් බොහෝ ඉලෙක්ට්‍රොනික් කඩවලදී ඔබට හමුවන්නේ නව LED තාක්ෂණයෙන් නිම වූ විවිධාකරයේ ආලෝක කොටස්ය. ෆෝන් කෑලි සහ ගැජට්ස් මොබයිල් ෆෝන් සහ උපාංග ඕල්කොට් මාවතේ ද ස්ටේෂන් එක ඉදිරිපිටද කඩසාප්පු වලද විකිණීමට තිබේ. නමුත් ඒවා තරමක් මිල අධිකය. පළමු හරස් විදියේ මැද හරියේ ඇති ට්‍රාන්ස් ඒෂියා සහ ඒ අසබඩ සාප්පු වල මොබයිල් ෆෝන් වල අමතර කොටස් වැඩිමනක් ලාබෙට ගත හැකිය. අනෙක් පස ප්‍රධාන විදියේ (මේන් ස්ට්‍රීට්) විශාල හැටන් නැෂනල් බැංකුව පසුකල විට මුහුද පැත්තේ(වරාය පැත්තේ) පොලැක් නමින් සාප්පුවකි. ඒ සාප්පුවේද ඒ අසබඩ වූ අභ්‍යන්තර කුඩා ආගාරයන්හී කඩවලද මොබයිල් ෆෝන් වල අමතර කොටස් ලාබෙට තිබේ. මොබයිල් ෆෝන් වලට භාවිත කරන ස්පීකර,සෙල්ෆි ස්ටික්, චාජර්, බැටරි, කවර, ආදිය පලමු හරස් විදියේ මේන් ස්ට්‍රීට් කෙළවර වූ කුඩා බිංගෙවල් වැනි වූ කඩපේලි වලට රිංගා ගැනීමෙන් ලාබෙටත් පහසුවෙනුත් මිලදිගත හැකි වෙනු ඇත. CD/DVD පරිගණක බඩු පෙන්ඩ්‍රයිව් වැනි උපකරණ පළමු හරස්විදි කෙළවර වූ ස්පෙන්සර් ප්ලාසා හි  වඩාත් ලාබදායීය.   ෆෝන් කඩයක්. මගුල් බඩු බාහිර ආදිය මංගල උත්සව සඳහා අවශ්‍ය වන කේක් පෙට්ටි, වෙඩින් කාඩ් ආදිය මැලිබන් විදියෙන් ඔබට අවශ්‍ය පරිදි නිමවාගත හැකිය. මැලිබන් විදියේ එවන් කඩයකට පිවිසෙන ඔබට විවිධ ආකාරයේ අරුමෝසම් කාඩ් පැන පැන තෝරන යුවතියන්ද, මේ කුමක් වන්නේදැයි නොදැන මෙන් තුෂ්නිම්භූතව සිටින මනමාලයා යැයි සැක කල හැකි පිරිමි ළමයින්ද ඉදහිට හමුවේ. උත්සව අවස්ථාවලට ගැලපෙන ප්ලාස්ටික් මල්,මල් වැල් ආදිය ඇත්තේ බංගසාල (Bankshall Street)  විදියේය. එය මේන් ස්ට්‍රිට් එකෙනුත් වරාය දෙසට පිහිටි මේන් ස්ට්‍රීට් වලට සමාන්තර වීදියකි. එසේම කණකර අභරන, අරුමෝසම් ආදි බඩුද මැලිබන් විදියේ කෙළවර (පිටකොටු බෝගහ පැත්තට වන්නට) තිබේ. මාල, වලලු, මුදු, කරාබු ආදී අරුමෝසම් භාන්ඩ බොහෝවිට මෙම ස්ථානවල තොග වශයෙන් විකිනේ. වටිනා ආභරණ ගැන සිතන්නේ නම් ගෑස්පහ හන්දියට ගොස් එතැනින් හෙට්ටි විදියට පිවිසීමෙන් ඔබට රත්තරන් වල ආලෝකයෙන් ප්‍රභාමත් විමට හැකි තරම් රත්තරන් බඩු විශාල ප්‍රමාණයක් දැකබලා ගත හැකිය. ඊට අමතරව මැලිබන් විදිය යනු ප්‍රධාන කොටම ස්ටේෂනරි බඩු බාහිරාදිය සදහා වෙන්වූ විදියකි. ලිපිද්‍රව්‍ය තොග වශයෙන් මිලදි ගන්නා අය නිතර යන එන තැනක් තමයි මැලිබන් වීදිය. මැලිබන් වීදියේ කාඩ්ස්. රෙදි ඇදුම් ආදිය ඇද ඇතිරිලි, තුවා, බෙඩ්ෂීට් ආදිය දෙවන හරස් විදියේ සහ ඒ යාබද විදිවල උවමනා තරමට තිබේ. ටී ශර්ට් ඇදුම්, සාය හැට්ට, ආදී විවිධ පරාසයක රෙදිපිළි මෙම දෙවන හරස්වීදියේදී මිලදී ගත හැකිය. තෝරමින්, හෙට්ටු කරමින්, උඩ ඇදුම් මිලදී ගන්නා අයට යට ඇඳුම් අමතක වන  නිසා දෝ හෝ මෙම වීදිවල ඇවිදින විට පාර දෙපස ලෑලි වල වෙළදාම් කරන අය විවිධ මාදිලියේ කාන්තා යට ඇඳුම් ප්‍රසිද්ධියේම වෙළදාමට තබා තිබේ. උත්සව අවස්ථාවන්ට ගැලපෙන සාරි, සල්වාර්, කලිසම් , ටයි, කමීස ආදිය හොඳ මට්ටමෙන් මිලදී ගැනීමට අවශ්‍ය නම් ප්‍රධාන විදිය දෙපස ඇති නමගිය වෙළදසැල් වලින් මිලදී ගත හැකිය. සාරි මිලදී ගන්නා තරුණියන් අතර කේසර් විදියේ ඇතුලත පිහිටි අස්ලාම් මාකට්ටුවද ජනප්‍රිය තැනකි. පිටකොටුව ප්‍රදේශයේ දෙවන තෙවන හරස්විදි සිසාරා බොහෝවිට ඇත්තේ තොග වශයෙන් විකුණන ඇදුම්  වෙළඳසැල්ය. තොග වශයෙන් විකුනන වෙලද සැල් ජාලයක වුව අසමින් යද්දි සිල්ලරට විකුනන තැන්ද අතරින් පතර දැකගන්නට තිබේ. රෙදි පිලි පිරි වීදියක්. (migrationology.com) හාල් කරවල සීනි පිටි උත්සව අවස්ථාවකට සිල්ලර නිවසේ විශාල උත්සව අවස්ථාවක් හෝ දන්සැලක් දානයක් වැනි විශාල අවස්ථාවන් සදහා තොග වශයෙන් සිල්ලර බඩු මිලදී ගැනීම ලාබදායකය. එවැනි අවස්ථාවක හාල්, පිටි, සීනි, පරිප්පු සහ කරවල හාල්මැස්සෝ ආදි බඩු බාහිරාදිය මිලදිගැනීමට 4 වන සහ 5වන හරස්වීදි වලට යොමුවිය හැකිය. කුඩා භාජන වලට සාම්පල් තබා කුඩාවට වෙළඳාම් කරනවා සේ පෙනුනත් මේ කුඩා වපසරිය තුල සිටින වෙලෙන්දෝ ලංකාවේ ජනයාට මාසෙකට දෙකකට සරිලන සිල්ලර බඩු ගබඩාකොට තබාගෙන සිටිති. හට්ටි මුට්ටි, වලං පිගන් ආදිය බෝධිරාජ මාවතේ කෙළවර තොග වශයෙන් මිලදි ගත හැකිය. තොගේට එලවලු නම් මැනිං මාර්කට්ටුවය. දැන් බෝධිරාජ මාවතේ තැනකත් එලෝලු සිල්ලරේ විකිණීමට තබා තිබේ. උත්සව අවස්ථාවලදට වැදගත් පේපර් ප්ලේට්ස් සර්වියට් දැන් දැන් කුඩා උත්සව වලටද වැදගත් වේ. මේන් ස්ට්‍ර්ට් එකෙන් මූද දෙසට වන්නට ඇති චීන වීදියට (China Street) පිවිසෙන ඔබට පිරිසිදු කාරක, කෝප්ප, නෙස්කැෆේ කප්ස්,පොලිතින්, කුනු බෑග් ආදී දේ මිලදී ගත හැකිය. පිටකොටුව මැනිං මාර්කට් අසල  අඹ වෙළදපොල. ඇපල් දොඩම් චොකලට් ස්වීට් පිටකොටුව බෝගහ ආසන්නයේ කඩවල ඇපල් මිදි ආදිය විකිණීමට තිබේ. එහෙත් ඊට අමතරව දරුවන්ට මෙන්ම සදාදර බිරියට අලුත්ම මාදිලියේ චොකලට්, ස්විට්ස්, රට ඉදි, ඇපල්, දොඩම්, දෙලුම් ඇතුලත් ලොකු මල්ලක් උත්සව අවස්ථාවකට හෝ මිලදී ගැනීමට නම් සුදුසු කඩ කිහිපයක්ම රතු පල්ලිය (Red Mosque) ආසන්නයේ තිබේ. ඒවායේ විවිධ මාදිලියේ විදෙස් ජෙලි, චොකලට්, ස්වීට්ස් වර්ග විකිණීමට තිබේ. සුවදින්ද පෙනුමින්ද රසනහර උලුප්පන එම ස්වීට්ස් අලෙවිසැලෙන් කොටසක් එහෙම පිටින්ම ගලවාගෙන ගොස් ගෙදර ශීතකරණයට දමාගෙන ටික ටික ආහාරයට ගත හැකි නම් මනා යැයි එයට ගොඩවූ කල සිතේ. රතු පල්ලිය. සපත්තු, බෑග් ආදිය   හෙට්ටු කරමින් සපත්තු, බෑග් ආදිය මිලදි ගන්නට නම් මල්වත්ත පාර තරම් හොද තැනක් තවත් නැත. කලකදී මල්වත්ත පාර කැසට් අලෙවි සැල් වලින් පිරි තිබුනා යැයි කීවද අද නම් එහි වැඩිපුර ඇත්තේ බෑග් සහ සපත්තු වෙළද සැල්ය. මල්වත්ත පාරේ මේන්ස්ට්‍ර්ට් කෙළවර බෑග් ඇති අන්තය නොව අනෙක් පස කෙළවර කදිම සෙල්ලම් බඩු කඩ කිපයකි. විශාල හෝ කුඩා දරුවන්ට අවශ්‍ය විශාල පරාසයක සෙල්ලම් බඩු මෙම වෙළදසැල් වලින් ලබාගත හැකිය. ඕලන්ද කෞතුකාගරයේ ඇතුලත භූමිය. (sundayobserver.lk) බලන්නට ගිමන් හරින්නට ලන්දේසි යුගයේ පුරාවස්තු ඇතුලත් අභ්‍යන්තරයට පිවිසි කල පිටකොටුවේ යැයි නොසිතෙන මනරම් භූමි භාගයක් කුමාර වීදියේ (Prince Street) පිහිටා තිබේ. ඒ ලන්දේසි කෞතුකාගාරයයි. ලන්දේසි යුගයේ අපේ රටේ සංස්කෘතිය සහ බඩුබාහිර ගෘහනිර්මාණ ශිල්ප ගැන අවබෝධයක් ගිමන් හරිමින්ම ලබාගන්නට ලන්දේසි කෞතුකාගාරය මහගු ස්ථානයකි. තවත් එවැනි කුඩා කෞතුකාගාරයක් ගෑස්පහ මන්සන්ධියේ (Gas Works Junction) පැරණි නගර ශාලාවේ තිබේ. පිටකොටුවේ සාන්ත බස්තියන් ඇල කෙළවර අභිනවයෙන් ඉදිකරනු ලැබූ පාවෙන වෙළද සැලද (Floating Market) විවේක සුවයෙන් කල් ගෙවීමට සුදුසු තැනකි. දැනගෙන පිටකොටුවට යන්නත්, උවමනා තැන හරියට දැනගන්නත් මෙම සටහන ඔබට උපකාරී වනු ඇති අපි සිතමු. එමෙන්ම, මෙහිදී අපට මගහැරුණු දෙයක් ගැන ඔබ දන්නේ නම් comment එකක් හරහා අපිට කියන්නත් අමතක කරන්න එපා.

Hanthana Adaviye ( හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස )

$
0
0
Hanthana Adaviye Artist - Nanda Malani Song - Hanthana Adaviye Chord - Cm [Intro]----------------------------------------------------------------------------|Cm|Gm|Ab |Eb||Cm|Eb |Cm| - ||Cm| - |Eb | - ||Ab | - |Cm | - ||Cm| - | + | +|[Chorus]----------------------------------------------------------------------------- Cm Ab Eb GHanthana adaviye meduru kulunu sudu sandalu thala pisaCm Gm Cm Fm CmMee enne preemaye suwanda nowe hanthana adaviyeCm Fm CmKusuma wadhulu thuru sirasa hamaa gena Cm G Cm Mee enne preemaye suwanda nowe [Inter]----------------------------------------------------------------------------|Cm| G|Cm| Eb ||Ab | - | G | - ||Cm| - | - | - || G | - |Fm| G ||Cm| - | + | + |[Verse 1]-----------------------------------------------------------------------------G Cm GKusin adak dala aharin sakasa aaaFm Eb Ab CmKesanga siruru ralu yahane sathapaCm G Cm Aniyata heta gena sithamin vidya shilpa kala wana poth karanaFm Eb Bb Ab G G7 CmManawa manawika wange naliyana rudhire unusum susumaiG CmPreemaye suwanda nowe [Verse 2]-----------------------------------------------------------------------------G Cm GPeedanayen pena sara hisa osawaaaFm Eb Ab CmPeramunagath waradata wedi sera kaaaCm G Cm Mala soyuran sihikaramin vidya shilpa kala wana poth karanaFm Eb Bb Ab G G7 CmManawa manawika wange pupurana manase kakiyana pathumaiG CmPreemaye suwanda nowe Hanthana Adaviyeහන්තාන අඩවියේහන්තාන අඩවියේමැදුරු කුළුණු සුදු සඳළු තලා පිසමේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේහන්තාන අඩවියේකුසුම වදුළු තුරු සිරස හමාගෙනමේ එන්නේ ප්‍රෙමයේ සුවඳ නොවේකුසින් අඩක් දළ අහරින් සකසාකෙසඟ සිරුරු රළු යහනේ සතපාඅනියත හෙට ගැන සිතමින්විද්‍යා ශිල්ප කලා වනපොත් කරනාමානව මානවිකාවන්ගේනලියන රුධිරේ උණුසුම් සුසුමයිප්‍රේමයේ සුවඳ නොවේපීඩනයෙන් තැනසර හිස ඔසවාපෙරමුණ ගත් වරදට වෙඩි සැර කාමළ සොයුරන් සිහි කරමින්විද්‍යා ශිල්ප කලා වනපොත් කරනාමානව මානවිකාවන්ගේපුපුරන මනසේ කකියන පැතුමයිප්‍රේමයේ සුවඳ

487. The Great Australian Victory At Poone - Nothing Is Certain In cricket Except Its Uncertainty…….

$
0
0
නමෝ විත්තියෙං උදේ පාන්දරම කියන්න ඕන ඔබ තමුන්නාන්සේලාට ක්‍රිකට් ක්‍රීඩාව කියන එක ගැන උනන්දුවක් නැත්තං මේ පෝස්ට් එක කියවන එක මහම වාතයක් වෙයි. ඒ හින්ද එහෙම අය දිගටම කියවල පස්සෙ මගෙ ඇඟට ගොඩවෙන්ට එහෙම එපල්ල. ඔන්න නොකිව්වයි කියල එහෙම කියන්ටත් එපල්ල. ඕස්ට්‍රේලියාව එක්ක අපේ කස්ටිය ටී ටුවෙන්ටි මැචස් තුනක් ගැහැව්වනෙ. මුල් දෙක අපි දිනුව. ඒ දෙකම දිනුවෙ අන්තිම ලාස්ට් ෆයිනල් බෝලෙදි. ඒ ගැන මොකවත් ලියන්ටත්

පොජෙට්ටෙක 3 - පිටගංකාරයෝ

$
0
0
පොජෙට්ටෙක 1  පොජෙට්ටෙක 2 හැමදාම මහරෑට කවදාවත් ඇහිච්ච නැති තරං මහා සද්ද තියෙන වාහන පාරෙ යද්දි ඇල්ල බැඳිල්ල ජයටම කෙරෙන බව අපේ ඔලුවලට වැටුනා. ඒ එක්කම පෙජෙට්ටෙකේ වැඩ කරන්න පිටගංකාරයො රංචු පිටිං ගමට සේන්දු වුනා. ඒ අයට නවාතැං දීලා අමතර ගානක් හොයාගන්න පුළුවං කම තිබුණත් අපේ ආච්චම්මයි ආතයි තමුංගෙ මාන්නෙ ඉස්සරහට දාගත්තා. "මන්නං ඔය එකේක ජාතියෙ පිටගංකාරෙයො ගෙවල්ලස්සෙ දාගන්නෑ ගුනොවද්දන ළමෙයො. කොයි දීපංකරේකිං එනවද, මොක්කුද, කායෙකවුද නෙදැන මේ කාලෙ රෑට රැයක්කෙලිවෙන්න ගේක නවත්ත ගත්තැක්ද මංහාන්නෙ." අපෙ ආත ඉස්තෝප්පුවෙ සාකච්ඡා මණ්ඩපේදි ප්‍රකාශ කෙරුවා. "ඔය ටීවියෙකේ පෙන්නන නාට්ටිඔලත් බෝඩිංකාරයො අන්තිමට ගෙදර මිනිස්සුන්ට මොකක් නමුත් ආසනාසියක් සිද්ද කොල්ලනෙ යන්නෙ. අනික හිටිගමං අපේ ගෙවල්ලොල්ට ගෑල්ලමිස්සියෝ එනව. අනිග්ගාන මොකක් නමුත් වැරැද්දක් සිද්ද උනායිං පස්සෙ වැඩහ්නෑ." ආච්චම්මත් රූපවාහිනියෙන් ලබාපු දැනුමෙන් ඒ කතාවට පෝර දැම්මා. "ආං හරි නැංදම්මෙ, දැම්මේයපේ ගෙදර ඉන්නෙත් මායියපේ හීම්මැනිකෙයි ඉතරයිනෙ. ඔය තව ඕන්තරං ඉඩ තීන්නෙ. ඒ උනාට අපිටාපේ නිදහසේ ඕනැ වෙලාවක දොරජනෙල් පියංටික වහදාල ඕන්දිහාවක යන්න තීන්නෝනැ. මාද්දෙන්නෑ කුලියටනං කිසියම්ම කිසි කෙනෙට්ටම්මප." ගුනවර්දන මාමත් ඒ කතාවට වතුර ඩිංගක් දාල වටේට වැටකුත් බැන්දා. ඒ වුනාට ගුනවර්දන මාමගෙ වැට ගැලවෙන්න වැඩි දවස් ගියේ නෑ. "අම්මයි තාත්තයි ඉතරක් තනියෙං මහගෙදර ගෙදර ඉන්නෙපා. අපේ ගෙදෙට්ට වෙලා ඉන්න. අපියපේ දෙමාපියන්ට යුතුකං සලකන්නෝනැ." කියලා හදිසියෙම ගුනවද්දන මාමවයි, හීම්මැනිකෙ නැන්දවයි තමුංගෙ ගෙදරට ගෙන්නගෙන නවත්තා ගත්තු ගුනවද්දන මාමගෙ දූ වෙච්චි **න්ති අක්කා හිස්වෙච්චි මහගෙදර ඩෝසර්කාරයෙක්ට කුලියට දුන්නා. ඩෝසර්කාරයා තමුංගෙ බිරිඳත් එක්ක ඇවිත් ඒ ගෙදර පදිංචි වුනා. මේ කාලේ මහතුං මාමගෙ ලොකුදුවත් කසාද බැඳලා පවුල පිටිං ඇවිත් මහගෙදරම පදිංචි වෙලා හිටියෙ. අවස්ථානුකූලව වලියක් ඇදගෙන තමුංගෙ ලොකු දූව ළමා ළපටිත් එක්කම ගෙදරිං එළවපු මහතුං මාමා  ගෙට උඩහිං ගෙපලක් කපලා කනු හිටෝලා කාමරෙයි කුස්සියයි තියෙන ලෑලි ගෙයක් හැදුවා. කසාද බඳින්නැතුව ගෙදරම හිටපු බාල දූව කොළඹ ගාමන්ටෙහෙක රස්සාවට යැව්වා. මහතුං මාමා තමුංගේ පුතාවයි බිරින්දෑවයි අරගෙන ලෑලි ගෙදර පදිංචියට ගියා. හිස් වෙච්චි ගෙදර කුලියට දුන්නා. පහුවෙලා රස්සාවට ඇවිත් බෝඩිමක් නැතුව හිටපු ඩ්‍රැයිවර් කෙනෙකුටත් ඒ ගෙටම අල්ලලා ලෑලිවලින්ම කාමරයක් අටවලා කුලියට දුන්නා. ඔය විදිහට මහපාර අයිනෙ ගෙවල්වල පිටගංකාරයො රංචු පිටිං පදිංචි වෙනකොට ඒ ගෙවල්වල හිටපු අය තමුංගෙ ගම ඇතුලෙම සරණාගතයො විදිහට පැල්කොටවලට ගාල් උනා. පොජෙට්ටෙකේ වැඩට යන අය තමුංගෙ රස්සාවෙ වගතුග ගම වටේට බෙදාහැරියා. "බර වැඩක් ඇත්තෙම නෑ" "කාලෙ කම්බියත් තනියෙං උස්සන්න දෙන්නෑ" "බදාම එක්කොම අනන්නෙ මැසිං ඔලිං" "අර ඩෝසරේ හැන්ද පොවන්න බැරි හරියෙ පස් ඩිංගක් තිවුනොත් උදැල්ලෙං හූරල දාන්න ඉතරයි මට තියෙන්නෙ." "නිකම්මයි ඉන්න තියෙන්නෙ" "කොන්කිරිට් දාද්දි හෝස්සෙක අල්ලං ඉන්න ඉතරයි ඩිංගක් අමාරු" ඒ විස්තරවල හැටියට හැම වැඩක්ම කරන්න මැසින් තියෙනවා. වැඩට යන අයට තියෙන්නෙ ඒවයෙ සුයිච් ඔබන්න ඉතරයි. ඒ හිංදා ජෙජෙට්ටෙකේ වැඩ කරන කවුරුවත් කරන්නෙ කුලී වැඩ නෙමෙයි. හැමෝම එතන වැඩ කරන ලොකුම එක්කෙනාට ඩිංගක් පහල මට්ටමේ අය. මේ කතන්දර හිංදා වටපිටාවෙ ගම්වල ඉන්න කම්මැලි කමට රස්සාවලට නොයන අය, හොරෙං කෙහෙකං කපන පොල් කඩන අය, ගෑනිගෙං හම්බුකොරං කාලා නිකං ඉන්න අය, රස්තියාදුකාරයො, ආදී යංතං හුස්ම ඩිංග වැටෙන පිරිමි සේරම එකා දෙන්නා පෙජෙට්ටෙකේ රස්සාවට ගියා. කිලුටු ඇඳං අනුංගෙ කුලියට යනවට වඩා දිග කලිසමයි කමිසෙයි ඇඳලා හමුදා සපත්තු දෙකක් දාලා කහපාට ඉටි තොප්පියක් දාගෙන මේ රස්සාවට යන්න කවුරුත් කැමති වුනා. ඒ හංදා උපන්දා ඉඳං සරමෙන්ම හිටපු අයත් කකුල්දෙක දෙපැත්තට දාලා දික්කලිසම ඇන්දා. "ආම්බලහල්ලකො විජේසේනත් දික්කලිසමක් ගහං යනොව කවදාක්කත් නැතුව""තවටික කාලෙකිං දෙමලුත් අඳියි දික්කලිසං""වෙන්දට නං මේ හරියටම දික්කලිසං අඳිනෑයට හිටියෙ අපේ පුතා ඉතරයි""දැං හැමේකාම මහත්තුරු වෙලා" කිය කියා අපේ ආච්චම්මා දොරකොඩ ඉඳං ඒ අයට ඇද ඇල්ලුවා. වෙනදට උසස්පෙල ඉවරවෙච්චි ගමං හමුදාවට බැඳෙන්න ඉලංදාරි රංචුවක්ම හිටියත් මේ කාලෙදි ඒ ඉලන්දාරි ටිකත් සේරම පෙජෙට්ටෙකටම බැඳුනා."ඔබ අපට අවශ්‍යයි" "රට රකින්න පෙරට එන්න"  "වීර පුතුනි මේ ඔබ මව්බිමට අවැසි කාලයයි" කියලා ලොකු බැනර් පාර පුරා ඇදලා. පෝස්ටර් අලෝලා, පීකර බැඳං ගමක් ගානෙ කෑ ගගහ ඇවිදලා ආණ්ඩුවෙන් දන්න සේරම දහංගැට දැම්මත් ඒ අවුරුදු දෙක තුනේම අපේ ගම් පලාතෙං හමුදාවට බැඳුනෙ තමුං යාලුවෙච්චි ගෑල්ලමයව බැඳගන්න බැරිවෙච්චි කොල්ලො කීප දෙනෙක් විතරයි. ඒ අයට ඕනි වුනේ ප්‍රේමයෙන් පැරදිලා හමුදාවට ගිහිං හැකි ඉක්මනින් මැරිලා පෙට්ටියක බැහැලා එන්න. එතකොට තමුංව දාලා ගිය ගෑල්ලමයා ඇවිත් සඳරේණු පත්තරේ කතාවල ආකාරයට තමුංගෙ පෙට්ටිය බදාගෙන අඬනවා ඇති කියලා ඒ අය හිතං හිටියා.ඒ කාලෙ ඉහළම වැටුප ලබපු හමුදාවෙ අයට තිබුණු තැන පෙජෙට්ටෙකේ වැඩකරන අයගෙ පඩියට යටවීමත්, පෙජෙට්ටෙකේ වැඩට ගියාට පරානෙට හානි වෙන්නෙ නැති කමත් නිසා අපේ ගමේ වීර පුතුන් ගාන බිංදුවටම බැස්සා. අපේ තාත්තගෙ පලවැලේ අයගෙනුත් බහුතරයක් පෙජෙට්ටෙකේ රස්සාවට යද්දි අපේ තාත්තත්, තව කසිප්පු වලින් දුවන කීප දෙනෙකුත්, අපෙ ආතගෙ වයසෙ පිරිමි ටිකකුත් විතරක් ගමේ පිරිමි පුලුටු විදිහට ඉතුරු වුනා. මුල්ම කාලේ උදේ හවස පෙජෙට්ටෙකේ වැඩට යන අයව අරංගියේ ලොරිවලිං. හුඟක් අය ඉඳගෙන ගියෙ ලොරියෙ තට්ටුව වටේ තියෙන ඇන්දෙ. ලොරියෙ ඇන්දෙ ඉඳගෙන කිසිම දෙයක් අල්ලන්නැතුව යාමේ ත්‍රාසජනක වැඩේට පරාණ බය ඇති කීපදෙනෙක් විතරක් තට්ටුවෙ ඉස්සරහ ඇන්ද අල්ලගෙන හිටගෙන, ලොරියෙ වේගෙට කටට රිංගන හුලං කකා හිටියෙ ඇන්දෙ ඉඳං යන අයගෙ ඇනුම්පදත් අහගෙනයි. වැඩිකල් නොගිහිං ලොරියෙ ඇන්ද උඩ ඉඳං ගිය එක්කෙනෙක් පාරට වැටුනට පස්සෙ ලොරි ඇන්දෙ බංකු හයිකරලා නොතෙමෙන්න ඉටිකොල හෙවිල්ලපු කූඩුවකුත් හයිකලා. සේවකයො වැඩිවෙලා අපේ ගම හරහා යන ලොරි ගාන තුනක් දක්වා වැඩිවෙද්දි වැඩට යන මිනිස්සු ගෙනියන්න එක ළඟ නොම්බර තියෙන අලුත්ම බස් දෙකකුත් පෙජෙට්ටෙක ගානෙ පාරට වැටුනා. ඒ බස් දෙකේ වෙන වෙනම MOTOR POOL, DAM SITE කියලා බෝඩ් දෙකක් ගහලා තිබුනා. ටවුමෙ ඉඳං අපේ ගම කිට්ටුවට එනකොට බස් දෙකෙං එකකවත් පුඩ්බෝඩ්වල ඉඩ නෑ. ඒ හංදා අපේ ගමෙං පෙජෙට්ටෙකේ වැඩට යන අයට යන්න වුනේ හිටගෙන. නැතිනං සීට්වල වාඩිවෙලා. ඒ හංදා හවසට වැඩ ඉවරවෙලා එද්දි අපේ ගමේ අයට පුඩ්බෝඩ්ඩෙකේ එන්න ඉඩ දෙන්න අනික් අයට සිද්දවුනා. ග්‍රැෆික් නිර්මාණය කළේ - මං තමයි එයිං එක බස් එකක ගුවන් නියමු තනතුර දැරුවෙ බ්‍රේක් එකට අඩු වටිනාකමකුත්, හෝන් එකටත් ඇක්සලේටරයටත් අපමණ අගයකුත් දුන්නු ***** බාස්ගෙ දෙවැනි පුතා. හන්දියෙ ඉන්න වැඩට යන කීප දෙනාව නග්ගගෙන පුඩ්බෝඩ් දෙකම පිරෙන්න මිනිස්සු පොදි දෙකකුත් එල්ලගෙන ගුවනට නගින බස්සෙක වංගුවලදී විතරක් යංතං පොලවට ගෑවීගෙන පාලමට උඩිං පාවීගෙන පුංචම්මලගෙ ගෙවල්ගාවට පාත්වෙනකොට අජිත් මුතුකුමාරණට "සුදු අරලියා මලඅඅඅඅඅඅ.." කියාගන්නත් වෙලාව මදි. පියාඹන සත්තුන්ට ඇරෙන්න පයිං යන සතෙකුටවත්, මිනිස්සුන්ටවත් ඒ බස්සෙකෙං කරදරයක් වෙලා තිබුනෙ නෑ. අපේ ගෙවල්ගාව *** මාමත් පෙජෙට්ටෙකේ වැඩ කරන අයට බත් පාර්සල් සැපයීමේ ඕඩරයක් බාරගත්තා. දවල් කෑමට උදේ පාන්දර හතරෙ ඉඳං උයලා බත් පාර්සල් බැඳලා ඒවා ගිලෙන බඩේ අයිතිකාරයගෙ නම බත් පාර්සලේ ඔතපු කොලේ උඩ කාබන් පෑනෙං ලියලා එකොලහ විතර වෙද්දි එන බත් එක්කහු කරන ලොරියට දෙනවා. ඒ ආදායමෙන් *** මාමා අලුතිං හදාගෙන යන ගෙයි කාමර දෙකේ වැඩ ඉවර කරලා පෙජෙට්ටෙකේ වැඩ කරන මිනිස්සුන්ටම කුලියට දුන්නා. පහුකාලීනව *** නැන්දාගෙ තට්ටම උඩට කුප්පි ලාම්පුව පෙරලීමෙන් කෑම වෙළඳාමට බාදාවක් ඇතිවුනත් *** මාමගෙ පවුල ඔලුව ඉස්සුවෙ පෙජෙට්ටෙකෙන්. පෙජෙට්ටෙකේ වැඩ කරන අය අපේ ගමට එක එක ජාති ගෙනාවා. එයින් වටිනා කියන සම්පතක් තමයි "බෝරවෑර්". පෙජෙට්ටෙකේ වැඩට ගිහිං ගෙදර එන ඕනිම කෙනෙක්ගෙ ළඟ බෝරවෑර් තිබුනා.  "මෙව්ව එක පාරිං අයිං කොන්නොව. ආයි ගන්නෑ. සුද්දංගෙ වැඩ එහෙම තමා." පෙජෙට්ටෙකේ වැඩ කරන අය කිව්වෙ එහෙමයි. ඉඳිවැල් කම්බියට වැඩිය ඩිංගක් ඝනකම තනි කම්බි පොටක් තියෙන බෝරවෑර් අපේ ගමේ අයට නැතුවම බැරි වස්තුවක් වෙන්න වැඩිකලක් ගියෙ නෑ. ඒ දවස්වල මදුවැලක්, පෝටවැලක් හොයාගන්නවට වඩා ලේසියෙං බෝර වෑර් දෙපොටක් හොයාගන්න පුළුවංකම තිබුනා. සෑහෙන ප්‍රයෝජනයක් තියෙන පොල් ගහට කප්රුක කියන්නා වගේ බෝර වෑර් වලටත් "කප්වෑර්" කියන්න පුළුවං තරං ප්‍රයෝජන ගොඩක් අපේ ගමට ලැබුනා.රෙදිවැල් බඳින්න, වැටවල් බඳින්න, බැට්ටිකෑලිවල එළිය බලන්න, පනිට්ටු කොක්ක කැඩුනම පොටවල් හත අටක් දාල එල්ලං යන්න හදාගන්න,  මලගෙවල්වල ඡන්ද රැස්වීංවල එහෙම රැලි එල්ලන්න, තෙල්දිය මුට්ටිය වටේ හයිය හිටින්න වෙලන්න, ගෙයිං පිටට තාවකාලිකව බලුප්පෙකක් ඇදගන්න, රේඩිවේකෙ සේවා අහුවෙනව හොරයිනං ඒරියල්ලෙකට අමුණන්න, බල්ලගෙ දංවැල කොටයි නං ඒක ටිකක් දිග හිටින්න හත් අට පොටක් දාල අමුණන්න, යංතං ඇවිදගන්න පුළුවං වයසෙ අච්චාරු කුක්කො බැඳ තියන්න, කවරවල කටවල් ගැටගහන්න, රිටි බඳින්න, කුඩ නන කැඩුනහම තව නනෙයක් තියල ගැටගහන්න, සබන් කපන්න, පුපුරපු පිහිය මිටි කැති මිටි වගේ ඒවා වෙලන්න, කුල්ලෙ ගැටිය වටේ හයිය හිටින්න වෙලන්න, පන්දලං බඳින්න, රඹුටං ගස්වල ටකේට ඈඳන්න, පුබ්බයිසිකලේ ප්‍රේම් පොල්ල වටේ ලස්සනට හිටින්න ඔතන්න, ආදී සියළුම විදුලි සහ බැඳිලි කටයුතු කරගන්න උදව්වුනේ බෝරවෑර් තමයි. ඒ ඇරුණම මේසන් හැඳි, ඇණ ගලවන යතුරු, ඉස්පැන්ටර්, ඉස්කුරුප්පුනියං, අඬු, කියත් තල, මිටි, මට්ටං ලීී, වගේම තලේ මැදිං මිට හයිකරාපු ජපං මේසන් හැඳි, බූරු කුට්ටමේ තියෙන තනි කොලේ ගහේ හැඩේ තියෙන ජපං සවල් ආදී අමුතු ආවුදත් සමහරු ගෙනාවා. එව්වත් එකපාරක් පාවිච්චියට අරං අහක විසිකරන්න සුද්දෝ කොයිතරං පෝසත් ඇද්ද කියල අපි හිතුවා. පෙජෙට්ටෙකේ වඩු මඩුවෙ පෝමන් කමක් කරපු මනුස්සයත් අමුතුම ලැලි ජාතියකින් හැඩතල කපලා ලොරියක කාපට් යට දාගෙන ඇවිත් ඒ ලී කෑලි ටික පුරුද්දලා අපේ පුංචම්මගෙ ළමයට සෙල්ලං අස්සයෙක් හදල දුන්නා. ඒ අස්සයට ලොකු අඩුවක් වෙලා තිබුණු ඇස්දෙක මං කාබන් පෑනකිං ඇන්දා. මේ අතරෙ හානියට පත්වෙන ඉඩංවලට වන්දි දෙන්න ආණ්ඩුවෙන් නිලධාරින් එව්වා. ගෙපලෙ අජිත්, හන්දියෙ ජගත්සිරි, ආදී ගමේ ඉන්න ගොඩ පෙරකදෝරු නඩේ ඒ මහත්තුරුන්ට ගමේ ඉඩකඩංවල විස්තර දුන්නා.  "මේ ටික මේ පොඩිමහත්තය මාමගෙ ලොකු දූගෙ. අක්කර කාලට වඩා නෑ" අපෙ අම්මගෙ තේ අක්කර බාගෙ කාලට ලියපු නිලධාරීන් ඉතුරු අක්කර කාල ගෙපලෙ අජිත්ටත්, ජගත්සිරිටත් බෙදල දෙන්න ඇති. ඒ විදිහටම ගමේ මිනිස්සුංගෙ ඉඩං ඇහෙං මැනල වන්දි දීපු හංදා අන්තිමට වන්දි දෙත්දි ගමේ ඉඩම්හිමි අයට සොච්චම් මුදලකුත් ගොඩ පෙරකදෝරු නඩේ අයට ඒ වගේ හත්අට ගුණයකුත් ලැබුනා. ජීවිතේට කුණුහරුප නොකියපු අපේ මාමත් එදා ගෙදරදි කුණුහරපයක් කිව්වා. අපේ පන්තියෙ හිටපු ***ගෙ තාත්තත් හිටියෙ එයිට සම්බන්ධ කාර්යාලෙ ඉඩං සම්බන්ධ තනතුරක. වන්දි ගෙවීම අහවර වෙනවත් එක්කම ***ගෙ ලොකු අක්කව දෑවැද්දට කාර් එකකුත් එක්ක ගැලපෙන තැනකට බන්දලා දෙන්න ***ගෙ තාත්තට පුළුවං උනා. අපේ අම්මට වන්දි විදිහට ලැබුණු රුපියල් අනූ දෙදහත් කල්යල් බලලා පුංචම්මා ඩැහැගත්තා. ජපන්නුංගෙ කොම්පැනියෙ ඔපිස්සෙක තිවුනෙ මානානෙ ටවුමෙ. එතන ඉස්සරහ අලුත්ම ජීප් දෙකක් හැමවෙලේම තිබුණා. ඒ කිට්ටුවම වැසියෙක් වෙලා හිටිය අපේ පන්තියෙ දිලන්තයා සුද්දංගෙ ඔපිස්සෙකෙං අහකදාන කොලකෑලි අහුලං මට ගෙනැත් දුන්නා."රංජොහ්, උඹට තේරෙනවනං මේං මෙව්ව කියෝල බලහං. මටක්කියාදියං." ඒවයෙ අගක් මුලක් නොතේරුණත්Kajima Kumagai Hazama joint ventureකියන කොටසිං යමක් කමක් අහුලගන්න මට පුළුවං උනා. පෙජෙට්ටෙකේ වැඩකරන අය "කේකේච්චෙක" කියල කියපු සමාගමේ මූලෝප්පත්තිය මං පුංචම්මගෙ කඩේ ඉස්සරහ ඇදබෑවා."ඕක ඔය සමාගං තුනක්නෙ. මට හම්බවුනා අර ටවුමෙ තියෙන සුද්දංගෙ ඔපිස්සෙකෙං උස්සපු කොලයක්. ඒකෙ තිවුන විස්තරේ හැටියට කජිමා කුමගායි හසමා කියල සමාගං තුනක් එක්කහුවෙලා ඔය වැඩ කරන්නෙ.""වෙන්නැති වෙන්නැති. ඔය සුද්දො හරි එකමුතුයි. වැඩක් කොරන්න ගියහං පංගු පේරු බලන්නෑ. හොරකං නැති හංදා එකමුතුවෙං වැඩ කොන්නොව ඇති"ගුනොවද්දන මාමත් දුංකල මිටිය තෝරන ගමං මගෙ කතාවට ලුණු ගොරක දැම්මා. ඒකෙං ඩිංගක් උඩගිය මං තවත් මගෙ පණ්ඩිතකම පෙන්නුවා."කොටිම්ම අර බස් දෙකේ බෝඩ් දෙකත් වැරදියි. අර Motor Pool කියල බෝඩ්ඩෙක ගැහුවට ඒක හරිනං waterfall වෙන්න ඕනි. එතකොට තමා දිය ඇල්ල වෙන්නෙ. දැං තියෙන බෝඩ්ඩෙකේ තේරුම "මෝටර් මෝඩයා" කියන එකනෙ. අර අනික්කෙකේ Dam site කියනෙකත් Dam side වෙන්න ඕනි."ඊළඟ වාරවිභාගෙං මං අඩුවෙං ලකුණු ගත්තෙ එදා "ලොකුකං" කියෝල ඇස්වහට අහුවෙච්චි හිංද කියල අපේ අම්මා අවුරුදු ගානක් මට

දහ අටක් ලෙඩ වලට දහ අට සන්නිය

$
0
0
මෑත අතීතයේ සිදු වූ විදේශ ආක්‍රමණයන් හරහා බටහිර වෛද්‍ය ක්‍රමයන් මෙහි පැමිණීමට පෙර, ලාංකිකයා සතුව තමන්ටම අනන්‍ය වූ වෛද්‍ය ක්‍රම, ශාන්තික්‍රම  විධි තිබුණා. බටහිර වෙද ක්‍රමය එතරම් දියුණුවක් ලබා නොතිබූ ක්‍රිස්තු පූර්ව යුගවලදීත් ලාංකික වෙදැදුරන් විසින් භාවිතා කරන ලද ශල්‍ය උපකරණ අභයගිරිය ආරාම සංකීර්ණයෙන් සොයාගැණුනා. කෙසේ නමුත් පසුකාලීනව මෙම ක්‍රම අභාවයට යත්ම, ලාංකිකයා වඩාත් ගූඨ දෙයට නැඹුරු වුණා. මිනිසාට වැළ‍ඳෙන බොහොමයක් රෝග වල මූලය යක්ෂ දෝෂ බවට විශ්වාසයක් පැන නැගුණු අතර, මෙම යක්ෂ දෝෂයන්ගෙන් රෝගියා මුදවාගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනු ලැබුවා. යකුන් පලවා හරින ශාන්තිකර්ම මහා කෝල සන්නිය. (art-and-archaeology.com) විද්‍යාත්මක ක්‍රමය එතරම්ම දියුණු කර නොතිබුණු යුගයක, මිනිසාට වැළ‍ඳෙන රෝග බොහොමයක් පි‍ටුපස රෝගකාරක බැක්ටීරියා, වෛරස, සහ තවත් බොහොමයක් මූලයන් තිබුණු බව අප ආදිතමයින් දැන සිටියේ නැහැ. එක් එක් රෝගයන් ඇති කරවන යකුන් මිනිස් සිරුරට ආවේෂ වීමෙන් ඒ ඒ රෝගාබාධයන් වැළ‍ඳෙන බවට ඔවුන් විශ්වාස කළා. මෙම විශ්වාසය නිසා, රෝග වලට ප්‍රතිකර්මය ලෙස එම රෝගකාරක ‘යකුන්’ පලවාහැරීමේ යාතුකර්ම විධි නිර්මාණය කෙරුනා. ‘තොවිල්’ යනුවෙන් පොදුවේ හැඳින්වෙන මෙම යාතුකර්ම විධි වල ප්‍රසිද්ධම ශාන්තිකර්මය වන්නේ, රෝග දහ අටකට අධිපති රෝගකාරක යකුන් පලවා හරින ‘දහ අට සන්නිය’ යි. එක් එක් යක්ෂයා නිරූපනය වන වෙස් මුහුණු දහ අටකුත්, නායක ‘මහා කෝල සන්නිය’ නිරූපණය වන වෙස් මුහුණකුත් වශයෙන් සන්නි යකුමට වෙස් මුහුණු 19ක් අයත් වෙනවා. තොවිලයක දී එක් යකැඳුරෙකු විසින් මෙම එක් එක් වෙස් මුහුණු පැළැඳි යකැඳුරන් (යකුන්) සභාවට ගෙන්වා, රෝගියා අතින් එම යක්ෂයාට කැපකොට පුද පඬුරු පිළිගන්වනු ලබනවා. එයින් පසු රෝගියාගේ සිරුර අත හැර යන ලෙසට යක්ෂයා එකඟ කරවාගන්නා යකැඳුරා, අදාල යක්ෂයා නර්ථනයක් ඉදිරිපත් කළ පසු ගෞරවයෙන් යුතුව සභාවෙන් පිටමන් කර හරිනවා. මෙම ක්‍රියාවත් සමඟ රෝගකාරක යක්ෂයා රෝගියාගේ සිරුරෙන් ඉවත්ව යන බවට විශ්වාස කෙරුණු අතර, එම මානසික ඇඟැවුම නිසා රෝගියා තාවකාලික මානසික සුවයක් ලැබීම මගින් රෝග ලක්ෂන අඩු වීම සාමාන්‍යයෙන් සිදුවන්නක් වුණා. දහ අට සන්නිය අප පෙර පරිච්ඡේදයේ සඳහන් කළ පරිදි, හඳුනාගත් රෝගී තත්වයන් දහ අටක රෝගකාරක යක්ෂයින් මෙම වෙස් මුහුණු වලින් පිළිබිඹු කෙරුනා. අදාල රෝගී තත්ත්වය වෙස් මුහුණේ අංගයන් මගින් හඳුනාග්ත හැකි වන ආකාරයෙන් කැටයම් කොට, වර්ණ ගන්වා මෙම වෙස් මුහුණු නිශ්පාදනය කෙරුණා. පහතින් සඳහන් වන්නේ එම සන්නි දහ අටයි. 1. දේව සන්නිය දේව සන්නිය. (fernandopriyanga.blogspot.com) ‘දෙවියන්ගේ ලෙඩ’ යැයි ව්‍යවහාරයේ පවතින සරම්ප, කම්මුල් ගාය, පැපොල ආදී රෝගත්, ටයිෆොයිඩ් සහ කොලරාව වැනි වසංගත රෝග තත්ත්වයනුත් මෙයින් නිරූපණය කෙරුණා. මෙම වසංගත තත්ත්වයන්ගේ භයානකකම නිසා, මේවා දේව බලපෑමෙන සිදුවන බව පිළිගත් විශ්වාසය වූ අතර, ඒ බව හැඟවෙන පරිදි ඔ‍ටුන්නක් මෙම වෙස් මුහුණට පළඳවනු ලබනවා. 2. වාත සන්නිය වාත සන්නිය. (Stan Florek) වා කෝපවීම් නිසා ඇතිවන බවට සැලකුණු රෝග තත්ත්වයන් (උදරයේ වාතමය තත්ත්වයන්, සහ රක්තවාතය) මෙයින් පිළිබිඹු කෙරෙනවා. 3. පිත් සන්නිය පිත් කෝපවීම් නිසා ඇතිවන රෝගී තත්ත්වයන් මෙයින් පිළිබිඹු වනවා. පිත් රෝග වල රෝග ලක්ෂණයක් වන පාණ්ඩු පෙනුම නිරූපනයට මෙම වෙස් මුහුණු බොහෝවිට කහ හෝ තැඹිලි පැහැයකින් වර්ණ ගන්වනු ලබනවා. 4. අමුක්කු සන්නිය වමනය, පාචනය ආදී උදරය සම්බන්ධ රෝගී තත්ත්වයන් මෙයින් නිරූපණය කෙරුණා. මෙහි මුහුණ කොළ පැහැයෙන් වර්ණ ගන්වා තිබුණු අතර, දිව මුවින් පිටතට විහිදෙන ලෙස (වමනය කරන ආකාරයෙන්) කැටයම් කෙරෙනවා. 5. ගිනිජල සන්නිය ගිනිජල සන්නිය. (fernandopriyanga.blogspot.com) ශරීරයට ඇතිවන තද උණත් සීතලත් සාදන යක්ෂයා මෙම වෙස් මුහුණෙන් පිළිඹිබු කෙරුණා. තද උණ සහ දැඩි ශීතල ඇති කරවන මැලේරියා වැනි උණ රෝග මෙයින් නිරූපනය කෙරෙනවා. තද උණ තත්ත්වය පෙන්වීම සඳහා මෙහි මුහුණ රතු පැහැයෙන් වර්ණ ගන්වනු ලබනවා. 6. නාග සන්නිය සිහිනයෙන් බියකරු නාගයින් පෙනීම මෙම වෙස්  මුහුණින් නිරූපනය වන යක්ෂයාගේ බලපෑම නිසා සිදුවන්නක් බවට විශ්වාස කෙරුනා. 7. කපාල සන්නිය/ පිස්සු සන්නිය තාවකාලික සිහිවිකලබව ඇති කරන යක්ෂයාගේ මුහුණ මෙම වෙස් මුහුණින් නිරූපණය කෙරුනා. 8. සෙලෙස්ම සන්නිය ඉරුවාරදය හා ඒ සම්බන්ධ රෝගී තත්ත්වයන් ද අපස්මාරය ද මෙමගින් රූපනය කෙරෙනවා. 9. කොර සන්නිය කොර සන්නිය. (Stan Florek) අත් පා වල කොර ගතිය ඇති කරවන ආබාධ, සහ අංශභාග තත්ත්වයන් මෙම වෙස් මුහුණින් නිරූපිතයි. ආඝාතය වැනි තත්ත්වයන් වලදී දැකිය හැකි, මුහුණේ එක් පසෙක මාංශ පේෂී අප්‍රාණික වන ආකාරය පිළිඹිබු වන අන්දමට මෙම වෙස් මුහුණ සකස් කර තිබෙනවා.   10. භූත සන්නිය තාවකාලික උන්මාද තත්ත්වයන් (භූත දෝෂ නිසා ඇතිවන බවට විශ්වාස කෙරුණු) මෙයින් පෙන්නුම් කරනවා. 11. කණ සන්නිය කණ සන්නිය. (Stan Florek) තාවකාලික අඳභාවය මෙම යක්ෂයා විසින් ඇතිකරවනු ලබන බවට විශ්වාස කෙරුණා. මෙම වෙස් මුහුණෙහි එක් ඇසක් පමණක් කැටයම් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය යි. 12. බිහිරි සන්නිය බීරි සන්නිය. (fernandopriyanga.blogspot.com) තාවකාලික බිහිරි බව මෙයින් නිරූපනය වුණා. මෙම වෙස් මුහුණෙහි එක පසෙකින් නාගයෙකු චිත්‍රණය කෙරෙනු ලබන්නේ, නාගයා බිහිරි සතෙකු බවට සැළකීම නිසායි. 13. ගොලු සන්නිය ගොලු භාවය නිරූපනය කෙරෙන මෙහි, සාමාන්‍යයෙන් දිව හා/ හෝ දත් නොමැති, විවෘත වුණු මුවක් කැටයම් කර තිබෙනවා. 14. ගෙඩි සන්නිය විසප්පු, තුවාල ආදී ලෙස වන සමේ රෝග ඇතිකරවන බවට විශ්වාස කෙරුණේ මෙම යක්ෂයා යි. එහි මුහුණ පුරා ගඩු සහ බිබිලි දැක්වෙන ආකාරයට කැටයම් කරනු ලබනවා. 15. ජල සන්නිය දියරමය පාචන තත්ත්වයන් මෙයින් නිරූපනය වනවා. කොලරාව ආදී රෝග පිළිබඳව හරි අවබෝධයක් නොතිබූ යුගයක, එම රෝගය සහ ඇවිලුම් තත්ත්වයන් මෙම යක්ෂයා විසින් ඇති කරන බවට විශ්වාස කෙරුනා. මෙම මුහුණ රත් පැහැයෙන් වර්ණ ගැන්වෙනවා. 16. ගුල්ම සන්නිය ගුල්ම සන්නිය. (The BMJ) පරපෝෂී පණුවන් මගින් ඇහිවන කොකු පණු, පටි පණු ආදී රෝග එකල ඇතිකරනු ලබන බවට විශ්වාස කෙරුණේ මෙම යක්ෂයා විසින්. මෙම වෙස් මුහුණ ලා කහ පාටකින් වර්ණ ගන්වා ඇත්තේ පණු රෝග වල රෝග ලක්ෂණයක් වන රක්තහීනතාව පෙන්නුම් කිරීමට විය යුතුයි. 17. අභූත සන්නිය භූතයන්ගේ සම්බන්ධයක් නොමැති මානසික රෝගාබාධ මෙයින් නිරූපිතයි. 18. මරු සන්නිය මෙම යක්ෂයා විසින් විභාන්තියත්, අවසන මරණයත් ඇතිකරන බවට විශ්වාස කෙරුණා. ආදිතමයා රෝගාබාධ පිළිබඳව වන තම නොදැනුවත්කම නිසා ඒවා යක්ෂ දෝෂ ලෙස හැඳින්වූවා ද, එසේත් නැතිනම් සාමාන්‍ය ජනයාට අවබෝධ කරගැනීමට පහසු වන ලෙස අදාල රෝගය යක්ෂයෙකුගෙන් නිරූපණය කළා ද යන්න පිළිබඳව තවමත් එක් මතයක් නැහැ. ශාන්තිකර්ම විධි නිසා රෝගියාට තාවකාලික මානසික සුවයක් සැලසීමත්, මානසික හේතු නිසා හටගැණුනු ශාරීරික රෝගාබාධ සුව අතර හැරීමත් නිසා ජනයා මෙම යාතුකර්ම විධි කෙරෙහි විශ්වාසය තබන්නට ඇති බව පැහැදිලියි. ඒ කෙසේ වෙතත්, ඔවුනට එම රෝගාබාධ සහ ඒවායේ රෝග ලක්ෂණ පිළිබඳව දළ වැටහීමක් තිබුණු බවට මෙම වෙස් මුහුණු වල කැටයම් සාධක සපයනවා. මේ පිළිබඳව වැඩි දුර උනන්දුව ඇත්තන්ට අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකාගාරයෙන් තවත් තොරතුරු එකතු කරගැනීමේ හැකියාව තිබෙනවා. cover image: (The BMJ) Sources:

වේල්ස්හි රෝස කුසුම – ඩයනා

$
0
0
ලෝකයේ  ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතර ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ කාන්තාවන්ගෙන් ඩයනා කුමරියට ජනතා හදවතේ ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන බව ලියා දැක්වීම නිවැරදියි. ජීවත්ව සිටින කාලයේදී මෙන්ම මරණයෙන් පසුව පවා ඇගේ ජනප්‍රියතාව කිසිඳු අඩුවීමක් සිදුවී නෑ. ඩයනා කුමරිය 20වන සියවස තුල වැඩියෙන්ම කථාබහට ලක් වූ චරිතය ලෙස හැඳින්විය හැකි අතර 1999 දී Times සඟරාව මගින් ඇය 20වන සියවසේ වැදගත්ම පුද්ගලයින් 100 දෙනාගෙන් කෙනෙක් ලෙස නම් කර තිබෙනවා. ලොව පුරා කෝටි ගණනක් ජනතාවගේ නෙත් අගින් කදුළු බිදු ගලායමින් නිමවූ වේල්ස්හි කුමරියගේ ජීවන කතාව තුළ ඇති අප්‍රසිද්ධ සිදුවීම් පෙළක් ගෙන එන්නටයි මෙම ලිපිය ලිවීමට අදහස් කළේ. ඩයනා කුමරියට අතිශයින් ආදරය කරන ඔබ මෙය අනිවාර්යෙන් කියවිය යුතු ලිපියක් වනවා සේම ඔබ දන්නා වෙනත් කරුණුත් comment එකකින් සටහන් කර යන්න අමතක කරන්න එපා. පුතෙකු වෙනුවට දියණියක් ලැබීම ඩයනා තම සොහොයුරා සමඟ (pantip.com) වංශාධිපති ජෝන් ස්පෙන්සර්ට හා ෆ්රාන්සස් ශෑන්ඩ් කිඩ් ආර්යාවට දාව 1961 ජූලි මස 1 වන දින උපත ලබන ඩයනා ෆ්රාන්සස් හෙවත්  ඩයනා ස්පෙන්සර් වෙනුවට දෙමවුපියන් බලාපොරොත්තු වන්නේ තම දේපළ වල හිමිකාරත්වය ලබාගෙන තම පරපුර ඉදිරියට ගෙනයාමට හැකි පුතෙක්. නමුත් එම බලාපොරොත්තුව සුන් කරමින් ඩයනා මෙලොව එලිය දැකීම ඔවුන්ගේ චිත්ත සන්තාපයට හේතු වෙනවා. තම දියණිය අනාගතයේදී ලොවක් වසඟ කරන හා තමන්ට කීර්තියක් අත්කර දෙනු ඇතැයි ඔවුන් මොහොතකටවත් නොසිතන්නට ඇති. රාජකීය පෙළපතකට උරුමකම් කියූ ඩයනා ඩයනා කුමරියගේ විලාසිතා අනුකරණය කිරීමේ රැල්ලක් එකළ ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබුණි.  (Elle UK) ඩයනාගේ මවගේ දෙමාපියන් වන්නේ ෆර්මෝයි බැරන්වරයා හා එම ආර්යාවයි. ඩයනාගේ පියාගේ පරම්පරාවේ දිගටම ආදිපාදවරු, අර්ල්වරු සිටි අතර තුන්වන ජෝර්ජ් රජු විසින් ඩයනාගේ මුත්තණුවන්ට “ස්පෙන්සර්හි අර්ල්තුමා” යන නම්බුනාමය පිරිනමා තිබෙනවා. මෙලෙස රාජකීය පෙළපතකට උපතින්ම උරුමකම් කියූ ඩයනා පිය පාර්ශවයෙන් එංගලන්තයේ කීර්තිමත් අගමැතිවරයෙකු වූ වින්ස්ටන් චර්චිල්ගේ ඥාතීවරියක් වෙනවා. මවුපියන් වෙන් වීම තුළින් ලැබූ පීඩාව ඇයගේ දෙමවුපියන් (Pinterest) ඩයනාගේ පියා ඉතා අලස තමන්ගේ පාඩුවේ ජිවත් වන්නට හුරු අයෙක් වූ අතර ඔහු තම බිරිය ලන්ඩනයේ ප්‍රියසාද වලට සහභාගී වී රැගුමෙන් ගැයුමෙන් කාලය ගත කරන විට තුවක්කුවත් රැගෙන දඩයමේ ගිය පුද්ගලයෙක්. දෙදෙනාගේ අදහස් නොගැළපුන අතර විටෙක අඩදබර පවා ඇති විය. ඇයට වයස අවුරුදු හතක් පමණ වන විට මව පීටර් නම් නිත්‍ය නාවික නිලධාරියෙක් සමඟ ඇති වූ පෙම් සම්බන්ධතාවක් හේතුවෙන් ඩයනාගේ පියාගෙන් දික්කසාද වන්නට තීරණය කරනවා. මෙලෙස තම දෙමාපියන්ගේ වෙන් වීම තමාගේ කැරලිකාර හා ආක්‍රමණශීලි ස්භාවයට හේතු වන්නට ඇති බවත් කුඩා කල සිට තමා විප්ලවකාරී හැසිරීමක් ආරෝපණය කර ගන්නට ඇති බවත් ඩයනා පසු කලෙක සදහන් කරනවා. තමාට නිතරම හුදෙකලා හා අනාරක්ෂිත හැඟීම් දැනුනු බවත් කාගේ හෝ අවධානය ලබා ගැනීමට විවිධ ආකාරයේ උපක්‍රම අනුගමනය කළ අයුරු  වැඩිදුරටත් ඇය ප්‍රකාශකර තිබෙනවා. අ.පො.ස සා/පෙළ නැවත නැවත අසමත් වීම විටින් විට වෙනස් වූ ඇගේ විලාසිතා (photovvebsite) 1968 දී රිඩ්ල්න්වර්ත් හෝල්හි බාලිකා පාසලට ඇතුළුවූ ඩයනා ඉගෙනීමෙහි දක්ෂකම් දැක්වූ ශිෂ්‍යාවක් වූයේනම් නෑ. පසුව ඇයට වෙස්ට්හෙල්ත් කාන්තා පාසලට ඇතුළු වීමට සිදුවෙනවා. එහිදී ඇය අ.පො.ස සා/පෙළ විභාගයෙන් දෙවරක්ම අසමත් වෙමින් මුළු පාසැල පුරාම ප්‍රසිද්ධියට පත්වෙනවා. ඩයනා පාස‍ලේ ජනප්‍රිය චරිතයක් බවට පත්වන්නට හේතුවූ කාරණා 2ක් තිබිණි. ඉන් පළමුවැන්න ස්පෙන්සර් අර්ල්වරයාගේ තෙවැනි දියණිය දෙවරක්ම පළමු පෙළ විභාගය අසමත් වීමයි. දෙවැන්න මුළු පාසලෙන්ම දක්ෂ ලෙස පියානෝ වාදනය කළ හැකි එකම ශිෂ්‍යාව ඇය වීමයි. 1977 දී පාසල් අධ්‍යාපනය නිම කළ ඩයනා සංගීතය සහ බැ‍ලේ නර්තනය තවදුරටත් ප්‍රගුණ කරනු ලබනවා. ඊට අමතරව ප්‍රංශ භාෂාව, ඇදුම් මැසීම, ලඝු ලේඛණය, යතුරු ලියනය මෙන්ම හිම ක්‍රීඩාද ඇය විසින් ඉගෙන ගන්නවා. සොයුරියගේ  පෙම්වතා ඩයනාගේ පෙම්වතා වීම ලොවේම අවධානය යොමු වූ මංගල උත්සවය (www.express.co.uk) 1977 වර්ෂය වන විට ඩයනාගේ සොයුරිය වන සාරා, චාල්ස් කුමාරයාගේ පෙම්වතිය බවට පත් වී සිටි අතර චාල්ස් කුමරු ඩයනා ඇතුළු ඇයගේ සොයුර සොයුරියන්ගේ කුඩා කල පටන් මිතුරෙක් වෙනවා. සාරා විසින් මෙම ප්‍රේම සම්බන්ධය අවසන් කිරීමත් සමඟම 17 හැවිරිදි ඩයනා චාල්ස් සමඟ ක්‍රමයෙන් ප්‍රේමයෙන් වෙලෙනවා. 1980දී රැජිනගේ ආරාධනාවක් මත චාල්ස් කුමරු පෝලෝ ක්‍රීඩා කරනු දැකීම නැරඹීමට යන ඩයනා ලන්ඩනයේ රාජකීය ඇල්බර්ට් ශාලාවේ චාල්ස් කුමරු සමඟ දිගු වෙලාවක් රංගනයේ නිරතවීම එකළ පුවත්පත් මගින් ඉහළින් වාර්තා කර තිබෙනවා. එම වර්ෂයේම රාජකීයයන් සමඟ රාජකීය නෞකාවේ චාරිකාවකට ඩයනා සහභාගී වූ අතර දෙදෙනා නැවත බැල්මොරල් හිදී මුණ ගැසෙනවා. මේ සම්බන්ධය දෙස නිරතුරුව අවධානය යොමු කරමින් සිටි පුවත් පත් වාර්තාකරුවන් විශාල අකුරු වලින් පුවත්පත් වල මෙසේ සටහන් කරනවා. “ඔහු නැවත ප්‍රේමයෙන් වෙලී ඇත. ඩි ආර්යාව(Lady D) ඔහුගේ අළුත්ම පෙම්වතියයි.” වයසින් ලාබාල අත්දැකීම් වලින් අඩු ඩයනාගේ මෙම සම්බන්ධයට ඇයගේ දෙමාපියන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැතිමුත් 1981 පෙබරවාරි 24 වන දින නම් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව එම වසරේ ජූලි 29 වන දින බකිංහැම් මාළිගයට යන්නේ මුළු ලොවේම අවධානය දින ගනිමින්. එම විවාහය “20 වන සියවසේ විවාහය” ලෙසද මාධ්‍යය වාර්ථා කලේ එහි තිබූ ජනප්‍රියත්වය නිසාවෙනි. මෙය විවිධ රූපවාහිනී නාලිකා මගින් ලොව පුරා සජීවීව වාර්තා කල අතර එය ප්‍රේක්ෂකයන් මිලියන 750කට අධික සංඛ්‍යාවක් සජීවීව නරඹා තිබුනි. විවාහයේදී ඩයනා පළදින ලද මුදුව, මංගල ඇදුම ඉතා ඉක්මනින් ලොව පුරා මංගල උත්සව වලදී අනුකරණය කිරීමට පටන් ගන්නවා. රාජකීය ජීවිතය වදයක් වීම හැරී හා විලියම් කුමරු සමඟ (PopSugar) මංගල උත්සවයේදී තෑගි දියයුතු පුද්ගලයන් සැලකීමේදී ඩයනාගේ දැඩි අකමැත්ත මත චාල්ස් විසින් ඔහුගේ හිටපු පෙම්වතියක් වන කැමිලා පාකර්ට ත්‍යාගයක් වෙන් කිරීම විවාහ ජීවිතය ආරම්භ කිරීමේදීම සිදු වූ සිදුවීමක් විය. මාලිගාවේ සම්ප්‍රදායට අනුව දිනකට හතරවරක් ඇදුම් මාරු කිරීම, නිශ්ශබ්දව සියළු කටයුතු කිරීම හා  රාජකීයයන් ප්‍රියමනාප නොවීම වැනි හේතූන් නිසා ඇය වරෙක ඇගේ සේවිකාවකට පවසන්නේ මෙලෙස තමන් දින දහයක් ගත කළහොත් තමන්ගේ සිහිය අනිවාර්යෙන්ම විකෘති වන බවයි. කුමරු, කැමිලා පාකර් සමඟ සම්බන්ධතා පවත්වන බව දැනගත් ඩයනා විවාහ ජීවිතය පිලිබඳ ඉක්මනින් කළකිරීමට පත්වෙනවා. 1982 ජනවාරි මස චාල්ස් ඇයව තනිකර අශ්වාරෝහක චාරිකාවක් යාමට තීරණය කර තිබු බැවින් මාලිගාවේ ලී තරප්පුවක ඉහළ සිට පහළට පනිනවා. නමුත් ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන චාල්ස් සුපුරුදු පරිදි තම චාරිකාවේ නිරත වෙනවා. තවත් අවස්ථාවක ඇය කොන්සින්ටන් මාළිගාවේ වීදුරු කැබිනෙට්ටුවක් මතට පනිනවා. තවත් විටෙක දෙහි කපන පිහියකින් ශරීරය කපා ගන්නා ඇය චාල්ස් හා බහින් බස් වූ මොහතක පිහියකින් කලවා හා පපු ප්‍රදේශය කපා ගන්නවා. විලියම් සහ හැරී යන දරුවන් දෙදෙනා ලැබීමෙන් පසු චාල්ස්‌ කුමරු සහ ඩයනා කුමරිය අතර ටිකෙන් ටික මත ගැටුම් ඇති වීමට පටන් ගැනෙනවා. මෙම මත ගැටුම් පසු කලකදී උග්‍ර වී ගියේ චාල්ස්‌ සහ කැමිලාගේ සම්බන්ධය තව තවත් දැඩි වීමත් සමඟයි. තවදුරටත් චාල්ස්‌ සමඟ පවුල් කෑමට අකමැති වූ ඩයනා 1996 දී ඔහුගෙන් දික්‌කසාද වෙනවා. ඩයනා කුමරියගේ සමාජ සේවාව ඇන්ගෝලාවේ බිම්බෝම්බ හේතුවෙන් පාද අහිමි වූ පුද්ගලයන්ගේ සුවදුක් විමසමින් (Newsweek) එක්සත් ජාතීන් හා සම්බන්ධිත ළමා සුභසාධක කටුතු වලට, ළමා ආරක්ෂක ආයතනය වෙනුවෙන්ද, ළමා විපත් නිවාරණ පදනම, නිවාස සම්බන්ධ පදනම වෙනුවෙන් මෙන්ම ලෝකය පුරා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්තාපනය කිරීමේ ක්‍රියාවලි වලට, අඳ, ගොළු, බිහිරි හා පිළිකා රෝගීන් වෙනුවෙන් ආධාර දීමේ වැඩසටහන් වලට ඇයගෙන් ලැබුනේ නොමසුරු දායකත්වයක්. 1997 දී ඇයගේ ප්‍රධාන සමාජ ව්‍යපාරයකට නොබෙල් ත්‍යාගය හිමි වෙනවා. එම නොබෙල් සාම ත්‍යාගය හිමි වන්නේ දෙවන ලෝක යුද්ධ සමය තුළ හා 20 සියවසේ විවිධ රටවල ඇති වූ සිවිල් යුධ තත්වයන් හේතුවෙන් වල දමන ලද බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ලෝක ජනමතයක් ඇති කිරීම වෙනුවෙන්. බිම් බෝම්බ ඉවත් කිරීමට තම ස්වේච්ජා දායකත්වය උපරිමයෙන් ලබා දිම මෙහිදී ඇය විසින් සිදු කරනවා. නමුත් මෙය ලැබෙන විට ඇය මියගොස් අවසන්ය. පෙම් සබදතා ඩයනා ඩොඩි අල් ෆයිඩ් සමඟ (Lisa’s History Room) චාල්ස් කුමරුගෙන් වෙන් වූ කාලය තුළදී ප්‍රේම සම්බන්ධකම් කීපයකටම ඇය පැටලෙනවා. 1996දී පාකිස්ථානු ශල්‍ය වෛද්‍යවරයෙකු වූ හස්නාත් ඛාන් සමඟ අවුරුදු 2ක ප්‍රේම සබඳතාවයක් පැවැත් වූ ඇය 1997 ජූනි මස එය නවතා දමනවා. අනතුරුව ඉන් මාසයක් ගතවත්ම එනම් 1997 ජූලි මාසයේදී ඇයගේ අවසාන පෙම්වතා වූ කෝටිපති ව්‍යාපාරික ඩොඩී අල් ෆයිඩ් සමඟ ප්‍රේම සබඳතාවයක් ආරම්භ කරන අතර 1997 අගෝස්තු මස 31 දින මිය යන තුරුම ඔහු සමඟ සිටිනවා. මරණය හා රජ පවුලේ හැසිරීම අවමංගල්‍යය මොහොතේ ඒ අවට පිරි තිබුණු මල් පොකුරු (Pinterest) විලාසිතා පිළිබඳව ලොව පුරා අවධානයක් දිනා සිටි ඩයනාට රජ පවුලෙන් නොයෙක් චෝදනා එල්ල වෙනවා. 1997 අගෝස්තු මස 31 වන දින ඩොඩි සමඟ සෙයින් ගගේ අල්මා පාලමට යටින් ඇති උමගේදී ගමන් කරන විට රිය අනතුරකට බදුන් වීමෙන් ඩයනා කුමරියගේ පපු කුහරයට දැඩි හානි සිදු වී තිබූ අතර හෘදයට ගිය ඉල ඇටයක් විසින් වම් හෘද ධමනිය පසාරු කර තිබුණි. මේ පුවත ඇසු සැණින් මුළු ලොවම කම්පා වූ අතර බ්‍රිතාන්‍ය පුවත්පත් විසින් ඇයව සාන්තුවරියක් ලෙස නම් කෙරිණි. සමස්ත ලන්ඩන් නගරයේම ජනයා ඇයට ගරු කිරීමක් ලෙස විදී වලට බසින්නට විය. මේ වන විට ස්කොට්ලන්තයේ සිටි රාජකීය පවුල ඇය වෙනුවෙන් දේව මෙහෙයක් පැවැත්වූවත් එහිදී ඩයනාගේ නම සදහන් වන්නේ නෑ. ඒ හෙයින් ජනතාවගේ ඇති වන නොසන්සුන්තාවය හේතුවෙන් සැත්තැම්බර් මස පස් වනදා ඩයනා මියගිය බව ජාතිය අමතා ප්‍රකාශ කරන්නට රැජිණට සිදු වෙනවා. කෙසේ නමුත් මරණින් පසුව ලොවක් හැඩවූ ඩයනා කුමරිය වත්මන වන විටත්  ජනතාවගේ සිත්වල එලෙසින්ම රැදී සිටිනවා. මුලාශ්‍ර – Wikipedia,hellomagazine.com, vogue.com, express.co.uk, biography.com,

තම පාසැල් ගුරුවරිය හා විවාහ වූ ජනාධිපති අපේක්ෂකයා

$
0
0
ප්‍රංශ ජනාධිපතිවරණ සටන උණුසුම් වෙද්දී එහි ඉදිරියට පැමිණ සිටින තරුණ ස්වාධීන අපේක්ෂක එමානුවෙල් මැක්‍රොන් පිළිබඳ ජනමාධ්‍ය නිතර කතාබහ කරනවා. මේ අතර ඔහුගේ ආදර කතාවට ද හිමි වන්නේ විශේෂ ස්ථානයක්. මැක්‍රොන් ප්‍රේමයෙන් බැඳෙන්නේ ඔහුට වඩා අවුරුදු 20 ක් වැඩිමල් ඔහුගේ ගුරුවරියක සමඟ වීම මෙම විශේෂත්වයට හේතුවයි. එම ආදර කතාව දැනට අවුරුදු 24 ක ඉතිහාසයක් ඇති එකක්. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ විවාහයට ද මෙම වසරේදී වසර දහයක් සම්පූර්ණ වෙනවා. ගුරුතුමිය සහ ගෝලයා එමානුවෙල් ශෝන් – මයිකල් ෆෙඩ්‍රික් මැක්‍රොන් උපන්නේ 1977 දෙසැම්බර් 21 වනදා ප්‍රංශයේ ඓතිහාසික ඒමියන් නගරයේදී (1802 ඒමියන් ගිවිසුම සහ එය ලංකාවට බලපෑ ආකාරය ගැන අපි මින් පෙර කතා කළා ඔබට මතක ඇති). මැක්‍රොන් ගේ පියා ස්නායු වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු වන අතර මව වෛද්‍යවරියක්. මැක්‍රොන් පාසැල් අධ්‍යාපනය ලැබුවේ ඒමියන් හි ලා ප්‍රොවිඩන්ස් පාසැලේදී. ඔහුට සිය අනාගත භාර්යාව මුණ ගැසෙන්නේ මෙම පාසැලේදි. බ්‍රිජට් ත්‍රොග්නෝ, එමානුවෙල් මැක්‍රොන්ගේ පන්තියේ ප්‍රංශ භාෂාව සහ නාට්‍ය කලාව පිළිබඳ ගුරුවරිය බවට පත් වෙද්දී මැක්‍රොන්ට වයස අවුරුදු 15 ක්. ඔවුන් අතර බැඳීම වර්ධනය වූයේ ඔවුන් ඉතාලියානු නාට්‍යකරුවකු වූ එඩුවාර්ඩෝ ඩි ෆිලිප්පෝගේ “ද ආර්ට් ඔෆ් කොමඩි” නාට්‍යය පුහුණු වන අතරතුර යි. එමානුවෙල් මැක්‍රොන් (Reuters) එමානුවෙල්ගේ බුද්ධිය හේතුවෙන් තමන් ඔහු වෙත ඇදී ගිය බව ඔහුගේ ගුරුවරිය පවසනවා. ඔහු වැඩිමහලු අය සමඟ වුව ද කටයුතු කළේ තම වයසට වඩා මුහුකුරා ගිය බවක් පෙන්නුම් කරමින් බවයි බ්‍රිජට් ත්‍රොග්නෝ පවසන්නේ. ලා පැරිසියෙන් පුවත්පතට මැක්‍රොන්ගේ සමකාලීන මිතුරන් පවසා තිබුණේ එකළ මැක්‍රොන් සිය ගුරුවරියගේ ප්‍රියතම සිසුවා වූ බවයි. ඔහු නිතර කවි ලියූ බවත් ඇය ඒවා පන්තියේ හඬ නගා කියැවූ බවත් එම මිතුරන් පවසා සිටියා. එමෙන්ම පන්තියේදී අනෙක් සිසුවන්ට ආදර්ශයක් ලෙස ඔහුව නිතරම පෙන්වා දීමට ද ඇය කටයුතු කර තිබෙනවා. 1993 – 1994 පාසැල් වාරය අවසන් වෙද්දී, එවක 16 වන වියේ පසුවූ මැක්‍රොන් සිය ආදරය පිළිබඳ තම ගුරුවරියට පවසා තිබෙනවා. එකළ ඇය සිය කළින් සැමියා සමඟ විවාහ වී සිටියා. ඇතැම් වාර්තා අනුව කියැවෙන්නේ, මෙම සම්බන්ධය කෙරෙහි උරණ වූ ඔහුගේ දෙමාපියන් ඔවුන් වෙන් කිරීමට මැක්‍රොන්ව පැරිසියේ පාසැලක් වෙත යැවූ බවයි. කෙසේ වෙතත් මෑතකදී France 3 රූපවාහිනිය විසින් විකාශය කළ ඔවුනගේ කතාව ඇතුලත් වාර්තාමය වැඩසටහනකට අදහස් දක්වමින් බ්‍රිජට් ත්‍රොග්නෝ පවසා සිටියේ, මැක්‍රොන් පැරිසියේ පාසැලකට ඇතුලු වූයේ තම පෙළඹවීම මත බවයි. ඔහු ආපසු පැමිණි විට ඇයව විවාහ කරගන්නා බව මැක්‍රොන් පවසා තිබෙනවා. පැරිසියේ සිටියදී ද ඔවුන් දෙදෙනා එකිනෙකා හා සන්නිවේදනය පවත්වාගෙන ගොස් තිබෙනවා. ඔවුන් පැය ගණන් දුරකතනයෙන් එකිනෙකා සමඟ කතා කළ බව ඇය France 3 සමඟ පවසා සිටියා. මැක්‍රොන්ට වයස 18 පිරුණ පසු ඇය ඔහු හා ජීවත්වීමට පටන් ගත් අතර 2007 දී ඔවුන් විවාහ වුණා. වරදවා තේරුම් ගත් සම්බන්ධයක් ඔවුනගේ විවාහ උත්සවයෙදී මැක්‍රොන් ඉතා හැඟීම් බර කතාවක් කළා. එහිදී ඔහු කියා සිටියේ තමන්ව පිළිගත් සහ තම සම්බන්ධයට ආශිර්වාද කළ සියලු දෙනාට තමන් ස්තූතිවන්ත වන බවයි. 2016 නොවැම්බරයේදී නිකුත් වූ මැක්‍රොන් ගේ දේශපාලන වැඩපිළිවෙල ඇතුලත් “රෙවලුසියොන්” (විප්ලවය ) ග්‍රන්තයෙහි ඔහු සිය ආදර කතාව පිළිබඳ අදහස් දක්වා තිබුණා. “ඒ ආදරය බොහෝ කොටම රහසිගත, සැඟවුණ , එමෙන්ම බොහෝ අය විසින් වැරදි ලෙස අවබෝධ කරගත් එකක් වුණා” ඔහු පවසනවා. මැක්‍රොන්ගේ විවාහය (France 3 රූපවාහිනියේ වීඩියෝවෙනි) පාසැල් අධ්‍යාපනයෙන් පසු මැක්‍රොන් දර්ශනය පිළිබඳව මෙන්ම පොදු කටයුතු පිළිබඳ උපාධි දෙකක් ලබා ගත්තා. ඉන්පසු ඔහු සිවිල් සේවකයකු ලෙස පුහුණුව ලද අතර 2004 සිට ප්‍රංශ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළා. පසුව ඔහු රොත්ස්චයිල්ඩ් සහ සමාගම බැංකුවේ සේවයට බැඳුණා. එහිදී ඔහු නෙස්ලේ සහ ෆයිසර් සමාගම් අතර ව්‍යාපාරික ගිවිසුමක් සාර්ථක කරගැනීමට මැදිහත් වුණා. ඉන් ඔහුට ද විශාල ආදායමක් ලැබුණා. 2006 – 2009 සමයේ සමාජවාදී පක්ෂයේ සාමාජිකයකු වූ ඔහු පසුව ඉන් ඉවත් ව ස්වාධීනව කටයුතු කළා. 2012 දී ප්‍රංශ ජනාධිපති ෆ්‍රංශුවා ඔලන් ද් ගේ ආර්ථික උපදේශකයකු වූ ඔහු 2014 සිට 2016 දක්වා එරට ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයා ලෙස කටයුතු කළා. මැක්‍රොන් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් ව ඉන් ටික කළකින් ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමේ අභිප්‍රාය ප්‍රකාශ කළා. බොහෝ දෙනා සිතුවේ එම උත්සාහය සබන් බුබුලක් මෙන් ටික දිනෙකින් පුපුරා යනු ඇති බවයි. නමුත් එම අනාවැකි පුස්සක් බවට පත් කරමින් මැක්‍රොන් දැන් ඇතැම් ජනමත විමසුම් සමීක්ෂණවල ඉදිරියෙන් ම සිටිනවා. මේ සමඟම මැක්‍රොන් පිළිබඳ කටකතා පැතිරෙන්නට පටන් ගත්තා. ඉන් එක් කතාවක් වූයේ ඔහු සමරිසි සබඳතාවකට පැටලී සිටින බවයි. මෙම කටකතා මැක්‍රොන් නොවැදගත් සේ බැහැර කරනවා. සිය බිරිඳ ඔහුගේ සියලු කටයුතුවලදී ඔහු හා සිටින බව පෙන්වා දෙන මැක්‍රොන් පවසන්නේ තමන් එවැනි වෙනත් සම්බන්ධයක පැටලුනි නම් එසේ කිරීමට අවස්ථාව ලැබුණේ කෙසේද යන්න ඇයටත් විශාල ප්‍රශ්නයක් බවයි. ප්‍රංශ ජනාධිපතිවරණය අප්‍රේල් 23 වනදා පැවැත්වෙනවා. ඒ පිළිබඳව අපි මින් දින කිහිපයකට පෙර ඔබට කරුණු ගෙනාවා සමහර විට ඔබට මතක ඇති. ඉදිරියේදිත් අපි ඒ පිළිබඳ කරුණු ගෙනහැර දක්වන්න බලාපොරොත්තු වෙනවා. මුලාශ්‍ර: Sofia Lotto Persio, Emmanuel Macron: From teacher’s pet to teacher’s husband to President of France?, IB Times (UK), Alice Foster, Who is Emmanuel Macron?, The Express, France election: Macron laughs off gay affair rumours, BBC Cover Image: එමානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ බිරිඳ

චතුරලා , අපි සහ බක්කි පරෙයි

$
0
0
පෙර කියවීම සමහර සබ්ජෙක්ට්ස් ගැන ලියන්න කල් ගත්තම , ඒ ප්‍රස්තුථ  කල් ඉකුත් වෙනවා .ඒත්  සමහර සබ්ජෙක්ට්ස් ගැන දිගට හිතපුවහම , ඒවා විසි කරන්න ලෝභ හිතෙනවා . එතකොට කරන්න වෙන්නේ දෙහි වගේ , ලුණු දාලා අව්වේ වේලලා ලුනුදෙහි හදන එක .චතුරලා හීනෙන්වත් නොසිතු සිතුම් ..කල්ප ගණනාවක්වත් පිරිය නොහි පෙරුම් .කෙරුම් ප්‍රවාද  අනා කාස්ටක අව්වේ උන බම්බු පලංචි දිගේ උඩට ඇද උන්ගේ පැතුම් හීන මන්දිර හදන කොට කම්කරු අපි ඉනික්බිති ඒ මන්දිර පවුරු මෙපිට දොරටු අබියස (පා සටහනකින්වත් හීතල නොවන )දෙවොල් තුළ බොල් පිළිම නිදිවරා රකින උස සිකුරිටිත් අපි *** බා බා ගාද්දී උන් නවතා ගුවන් කරනම්මෙලවූ මිට රැවටී  පොරි යයිදනිහෙට පහලින් එක්වෙන රොක්වෙන බක්කි

සමන් ගිහිං අවුරුද්දයි

$
0
0
මේ පින්තුරේ ඉන්න  පිරිමි ප්‍රාණියා සමන් . මම කසකස්තාන ටැංගීස් ප්‍රොජෙක්ට් එකේ ඉද්දි ගත්තු අමරණීය මතක සටහනක් .ඔය අනිත් ප්‍රියමනාප කාන්තාවන්  තමයි කුස්සියේ හාර පන්සීයකට කෑම උයන පිහන කඩිගුලක් වගේ කඩිසර අයිනගුල්, ඩිනාරා , ගාලියා ඇතුළු කිචන් ටීම් එක .මම කලින් පෝස්ට් එකක කිව්වනේ ඒ රටේ පරිප්පු නැතිව මාර පරිප්පුවක් කාලා අපි හොයාගත්තේ  කියල. පරිප්පු හොයා ගත්තට මොකද මෙතන ඉන්න කිසිම කෙනෙක් පරිප්පු උයන්න දැනන් හිටියේ නෑ . ඉතින් අපි මොකද කලේ ? පරිප්පු උයන විදිහ කරලා පෙන්වන්නම් කියල අපි කුස්සිය පැත්තට යන්න ආවා.හෝව් හෝව් හෝව් !පළමු කොරිඩෝවෙන් එහාට එක අඩියක් තියන්න අපට ලැබුනේ නෑ . කුස්සියට කිසිම පිටස්තරයෙකුට එන්න අවසර නෑ. ඒ සඳහා දොස්තර  නෝනාගෙන් විශේෂ බලපත්‍රයක් ගන්න ඕනි . කුස්සියට අඳින විශේෂ කබා හා හිස් වැසුම් පළඳින්න ඕනි .මේ කෑම්ප් සයිට් එකේ හිටිය දොස්තරලා දෙන්නෙක්. එක්කෙනෙක් නෙවාසිකයන්ගෙ නිතිපතා කෙරෙන  ප්‍රතිකාර, ප්‍රථමාධාර හා මාසික රෝග පරීක්ෂණ සඳහා කැපවුණා . අනිත් දොස්තර නෝනාගේ රාජකාරිය උනේ කුස්සියේ හා නේවාසිකාගාරවල සනීපාරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව, රියදුරන්ගේ බීමත්කම වගේ දේවල් ගැන හොයන්න . මේ දෙවන දොස්තර නෝනා දවසකට වතාවක් සැම නෙවාසිකගාරයකටම ගොඩ වැදුනා.  නිලධාරී නේවාසිකාගාර , කාන්තා නේවාසිකාගාර හා සේවක නේවාසිකාගාර වෙන වෙනම තිබ්බා . නේවාසිකයන් සඳහා උයන සෑම කෑම වේලක්ම දොස්තර නෝනාගේ පරීක්ෂාවට ලක් වුනා . ඒ විතරක්ද සතියේ වැඩ  දිනවල  උදේ හත වෙද්දී  සැම රියදුරෙක්ම, යන්ත්‍රෝපකරණ ක්රියාකරුවෙක්ම මෙතුමියගේ කාර්යාලයට ගිහිල්ල බීමත්කම හොයන පරීක්ෂාවකට ලක් වෙන්න ඕනි . ඒ සහතිකේ නැත්නම් ගේට්ටුවේ ඉන්න මරුමුස් සේකුරිටි නිලධාරීන් ගෙන්  කිසිම  කෙනෙක්ට එලියට යන්න අවසර ලැබුනේ නෑ .ඔන්න ඔයාකාරයෙන් කාර්ය බහුල දොස්තර නෝනා හමු වෙලා තමයි  පරිප්පු උයන්න කුස්සියට යෑමේ අවසර ගන්න සිද්ද වුනේ . එයා මේක විහිලුවකට ගන්න උනත් තිබ්බා . කුස්සියේ පාලිකාව වුනු අයිනගුල් අපිත් එක්ක දොස්තර නෝනා මුණ ගැසෙන්න ආව. දොස්තර නෝනට අපේ පරිප්පු අමාරුව තේරුම් කරන්න ගොඩක්ම අමාරු වුනා. අවසානේ අපේ කන්කරචලෙන් බේරෙන බැරි තැන අවසරේ  දුන්නේ කොන්දේසි දෙකක් පිට. කුස්සියේ සේවකයන් පාවිච්චි කරන හිස් වැසුම් හා කබා පළඳින්න ඕනේ පරිප්පු උයන වැඩේට පමණක් උපදෙස් දී විනාඩි විස්සක් ඇතුලත කුස්සියෙන් පිට වෙන්න ඕනි.  මේ කොන්දේසි දෙකටම යටත් වෙලා අපි කුස්සියට ගොඩ උනා . ඔය විදිහට සමන්ගේ උපදෙස් පිට එදා පරිප්පු වැන්ජනයක් පිළියෙළ කෙරුනා . වැඩේ  ගොඩ. එදා සිට අපේ කෑම වේලේ අනිවාර්යයෙන්ම පරිප්පු හොද්දක් හරි තෙම්පරාදුවක් හරි තිබුබා, අපරාදේ කියන්න බෑ කුස්සි ටීම් එකත් දවසින් දවස අලංකාර එකතු කරමින් පරිප්පුවට සාධාරණය ඉටු කළා.  ඔය විදිහට සතුටින් ගෙවුණු කසකස්තාන් කෑම්ප් ජීවිතේ මට යලි මතක් වුනා මම ඊයේ පෙරේදා  සමාගම් තුනක නිලධාරී හා සේවක නිවාස ඉදිවෙමින් යන අපුරුව දකිද්දී .  මේ සම්බන්ධ වැඩ වගේකට මම  කතා කළා චන්දරේට. සමන් අවිස්සාවේල්ල පැත්තේ සයිට් එකක් පටන් ගද්දි ඒ එක්ක හිටි තරුණ ඉංජිනේරුවා චන්දරේ . එහෙත් වැඩබිම්  කෑම්ප් එකක් තිබිලා තියෙනවා.  මේ කාලෙම අලුතින් වැඩට ආ ඉංජිනේරුවන් කිහිප දෙනෙකුටම නවතින්න  කාමර වෙන්කරලා  , ඇඳන් මේස දාලා හදල දීලා තියෙන්නේ ව්‍යාපෘතියේ කළමනාකරු වෙච්ච සමන්ගේ මැදිහත්වීමෙන් . දවසක් සමන් සහ චන්දරේඅලුතින් හදන පාර බලන්න චාරිකාවක් යනකොට සමන් මෙහෙම කිව්වලු . - මල්ලි උඹ ඔය සයිට් බාරව ඉන්න ඉංජිනේරුවන්ගේයි සුපර්වයිසර් ලගෙයි වැඩවල පිළිවෙල හා පිරිසිදුකම බලපන් ,හවසට අපි පොඩි වැඩක් කරන්න තියෙනවා-  ඒ කාලේ ෆෝන් කැමරා එහෙම නැති නිසා මේ විස්තර මතකයේ තමයි ඇඳගන්න වෙලා තියෙන්නේ . මෙහෙමයි උපුල් බලන පාලම ළඟ මිනිස්සු බුලත් කෙල ගහල ලී කෑලි විසුරුවලා , බත් ඔතපු කොළ, සිගරට් බීඩි කොට , නාස්ති කරපු සිමෙන්ති නිමක් නෑ . කමල්ගේ අතුරුපාර හදන සයිට් එකේ එක කුණු බින්දුවක් නෑ. පිරිසිදුයි පිළිවෙලයි. ඔය විදිහට එකිනෙකාගේ බාරයේ තියෙන උප වැඩබිම්වල වග විස්තර හිතේ තියාගෙන දෙන්නත්තෙක්ක ගිහිං තියෙන්නේ කෑම්ප් සයිට් එකට හෙවත් නිලධාරී  නේවාසික කඳවුරට . ඒ වෙලේ කවුරුත්ගි ඉඳලා නෑ කෝකියා ඇරුනහම.  බැලින්නම් අර සයිට් එකේ පිළිබිඹුවක් එතන තියෙනවලු.  උපුල්ගේ ඇඳේ රෙද්ද නමල නෑ . ඇඳේ පැත්තක පොත් , හෝදපු නැති ඇඳුම්. බිම සිගරට් කොට, කඩල ඇට. බීර මුඩි.  බිම  මාසෙකින්  දෙකකින් අතුගාල නෑ .  කමල්ගේ ඇඳ ඇතිරිලි අලුතින් හෝදලා , නමල , පොත් පත්තර ලස්සනට අහුරලා පොඩි මේස කැල්ලක . කාමරේ එදා උදෙත් හොඳට අතුගාලා  තියෙනවා.  අනිත් ඇත්තන්ගේත් ඔහොමලු. සයිට් එක කොහොමද? කාමරේත් එහෙම්මලු.  පහුවදා උදේ සියලුම ඉන්ජෙනේරුවන් හා සුපර්වයිසර්වරුන් රැස් කරපු  සමන් හොඳ දේශනාවක් දුන්නලු . ඉංජිනේරුවෙක් වෙනකොට තමන්ගේ ඉන්න හිටින තැන තියා ගන්න කවුරුවත් කියලා  දෙන්න ඕනි නෑ . ඒත් උඹල මට  බාර දුන්න නිසා මගේ පිළිවෙලට ඉන්න වෙනවා . කැමතිනම් හිටපල්ලා නැත්නම්ව වෙන රස්සාවක් හොයාගෙන  පලයල්ලා කියල . මට ඕනි පිළිවෙලක් තියෙන මිනිස්සු ටිකක් හදන්න . ඒ නිසා අපි කාමරේ ඉඳන් කොලිටි කොන්ට්‍රෝල් පටන් ගමු කියලත් කිව්වලු. ඔච්චර පිළිවෙල ගැන හිතන  සමන් මෙච්චර අපිළිවෙල මයේත්  එක්කත් එක ගෙදර බෙදාගෙන කාලයක් හිටියනේ කියල මතකවෙනකොට පුදුමත් හිතෙනවා. කාගේවත් පර්සනැලිටියට වැඩිය බාධා කරන්න සමන් ගීයේ නෑ . අනික හදන්න බැරි දේ බෑම කියල මිනිහා දැනගෙන  හිටියා . මේ කෑම්ප් කතා බහ අතර තුර චන්දරේ මතක් කරා එන විසි අට වැනිදාට සමන්ගේ අවුරුද්දේ දානේ තියෙනවනේ කියල . ඔවුනේ සමන් ගීහිල්ලා අවුරුද්දයිනේ . දානේ ගෙදර යන්න සෙට් වෙන්න  එපැයි. බන්දු, උපාලි, ගැමුණු , සුදත් , මාහිටි අපි සේරම එකම වහනෙක යන්නේ  . අඩේ සමනත් හිටියනම් මේ ගමන නියම ජොලි ට්‍රිප් එකක් වෙන්න ඉඩ තිබ්බා

ඔවුන් ඔබට සඟවන දෙය (දෙවන කොටස)

$
0
0
ඔවුන් ඔබට සඟවන දෙය (පළමු කොටස) වසර දොළහක පමණ කාලයක් තිස්සේ ඇත්තක් ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කළ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ්ගේ කෘතීම නිර්මාණයක් වූ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව අවසානයේදී අදාළ සඟරාව මඟින් ඉවත් කර ගැනුණේය. ඒ සමඟම, සිදු වූ හානිය පූරණය කර ගැනීමේ අරමුණින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ කලාප ගණනාවක් මේ කරුණ ගැන ඇත්ත හෙළිකරන ලිපි වෙනුවෙන් වෙන් කෙරුණේය. බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ ප්‍රධාන සංස්කාරිකාව වූ (සහ අදටත් එම තනතුර දරන) ආචාර්ය ෆියෝනා ගෝඩ්ලී විසින් වේක්ෆීල්ඩ් සිදුවීමට ප්‍රතිචාර දක්වමින් පැවසූ පරිදි මෙහිදී සිදු වුනේ විද්‍යාත්මක ක්‍රමයේ වැරැද්දක් නොවේ. වේක්ෆීල්ඩ් විසින් හිතාමතාම විද්‍යාත්මක ප්‍රජාව රැවටීමකි. බ්‍රයන් ඩියර් විසින් හෙළිදරවු කරන තුරු, වේක්ෆීල්ඩ්ට වසර දොළහක් තිස්සේ මේ බොරුව ප්‍රචාරය කිරීමටත්, එමඟින් ප්‍රසිද්ධිය හා ආර්ථික වාසි ලබා ගැනීමටත් හැකි විය. ෆියෝනා ගෝඩ්ලී විසින් වේක්ෆීල්ඩ්ගේ මේ වංචාව පසුගිය සියවසේ මුල් භාගය පුරාවටම විද්‍යාත්මක ප්‍රජාව රැවටූ මිනිසා හා වානරයා අතර හමු නොවූ පුරුක පිළිබඳ වංචාව සමඟ සැසඳුවාය. එය දශක හතරක් පුරාවටම ඇත්තක් ලෙස සැලකුනත්, වේක්ෆීල්ඩ්ගේ වංචාව නිසා වසර දොළහක් තුළ සිදුවී ඇති හානිය සමඟ එය සැසඳිය නොහැකිය.බ්‍රිතාන්‍යය තුළ MMR එන්නත හඳුන්වා දුන් 1988 වසරේ සිට ක්‍රමයෙන් ඉහළ ගිය ප්‍රතිශක්තිකරන අනුපාතය වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණය පළවන විට 92% ආසන්න මට්ටමක ස්ථාවරව පැවතියේය. එහෙත්, ඔහුගේ ප්‍රතිශක්තිකරන විරෝධී ප්‍රචාර හමුවේ  ක්‍රමයෙන් පහත වැටුණු මේ අනුපාතය 2004 වන විට 80%ටද වඩා අඩු විය (මෙහි 23 පිටුවේ පස්වන රූප සටහන බලන්න). කෙසේ වුවත්, බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවේ උත්සාහයන් හා වේක්ෆීල්ඩ්ව එළිදරවුවීම හේතුවෙන් පසුගිය 2013/14 දක්වා නැවත ක්‍රමයෙන් ඉහළ ගිය මේ අනුපාතය නැවතත් 92% මට්ටමට පැමිණියේය. බ්‍රිතාන්‍ය වෛද්‍ය ලියාපදිංචිය අහිමි වූ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් ඉන්පසුව කළේ කුමක්ද? මෙය සිදුවන විටත් ඔහු ඇමරිකාවට පැමිණ ඇමරිකාවේ ප්‍රතිශක්තිකරන විරෝධීන් සමඟ එක්ව ක්‍රියාත්මක වෙමින් සිටියේය. මා පෙරද කියූ පරිදි, වේක්ෆීල්ඩ් ඇමරිකාවට පැමිණීමටද පෙර සිටම ඇමරිකාවේ තිබුණේ MMR එන්නත් විරෝධයක් නොව, ප්‍රධාන වශයෙන්ම තිමරසල් හා ස්වේච්ඡතාව අතර ඇතැයි විශ්වාස කෙරුණු සම්බන්ධතාවයක් මත පදනම් වූ ප්‍රතිශක්තිකරන එන්නත් විරෝධයකි.ඇමරිකාවට පැමිණීමෙන් පසු සිය උපාය මාර්ගයන් වෙනස් කළ වේක්ෆීල්ඩ් සිය ප්‍රේක්ෂක කණ්ඩායම ලෙස සිටි විමර්ශිත ජර්නල් කියවන -උගතුන්- වෙනුවට සාමාන්‍ය ජනතාව (ඇමරිකන් බයියන්?) වෙත හැරුණේය. ඔවුන් ඉලක්ක කර ගනිමින් වේක්ෆීල්ඩ් විසින් 2010දී හා 2012දී පොත් දෙකක් ලියා පළ කෙරිණි. පොතක් ලියා පළ කිරීම විමර්ශිත ජර්නලයක ලිපියක් පළ කරනවාක් මෙන් අන්තර්ගත කරුණු වල වැදගත්කම හෝ නිරවද්‍යතාවය තහවුරු කරගෙන කළ යුතු දෙයක් නොවේ. කෙසේ වුවද, මේ පොත් වලින් MMR එන්නතෙහි ඇතැයි ඔහු කියා සිටින අතුරු ආබාධ ඇති බව තහවුරු කිරීමක් හෝ ඔහු කළ වංචනික ක්‍රියාව නොකළ බව තහවුරු කිරීමක් සිදුවී නැත.පොත් පළ කිරීමෙන් නොනැවතුණු වේක්ෆීල්ඩ් පසුගිය වසරේදී චිත්‍රපටයක්ද නිෂ්පාදනය කර ඇමරිකාවේ සිනමාහල් වල ප්‍රදර්ශනය කරවූයේය. "Vaxxed: From Cover-Up to Catastrophe" නම් වූ මේ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස ඉදිරිපත් කළේනම් එය හොඳ චිත්‍රපටයක් ලෙස සැලකීමට ඉඩකඩක් තිබුණත් ඔහු මෙය ඉදිරිපත් කළේ වාර්තා චිත්‍රපටයක් ලෙසිනි. වේක්ෆීල්ඩ්ගේ -වන් මෑන් ෂෝ එකක්- ලෙස හැඳින්විය හැකි මේ චිත්‍රපටය මූලිකවම කරකැවෙන්නේ ඇමරිකාවේ රෝග නිවාරන හා පාලන කේන්ද්‍රය විසින් MMR එන්නත ලබා දීමෙන් පසුව අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන්ට ස්වේච්ඡතාව වැළඳීමට තිබුණු ඉහළ අවදානම පිළිබඳව දැනගැනීමෙන් පසුව එම කරුණ හිතාමතාම යට ගැසූ බවට වන චෝදනාව වටාය.චිත්‍රපටයේ තේමාව වන ඉහත -යටගැසූ පරීක්ෂණය- වේක්ෆීල්ඩ්ගේ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව මෙන් තනිකරම අතේ රෝලක් නොවේ. මේ සිද්ධිය එළියට එන්නේ ඇමරිකාවේ ප්‍රතිශක්තිකරණ එන්නත් විරෝධී ක්‍රියාධරයකු වන මහාචාර්ය බ්‍රයන් හුකර් හරහාය. බ්‍රයන් හුකර්ගේ දරුවකුද MMR එන්නත ලබාදී මාස කිහිපයකට පසුව ස්වේච්ඡතා රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබේ. බ්‍රයන් හුකර් රෝග නිවාරන හා පාලන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥයෙකු වන ආචාර්ය විලියම් තොම්සන් සමඟ මාස දහයක කාලයක් තුළ වාර ගණනාවක් දුරකථනයෙන් කථා කර ඇති අතර විලියම් තොම්සන්ට නොදන්වා මේ සංවාද පටිගත කර තිබේ. චිත්‍රපටියේ ඇත්තේ මෙසේ පටිගත කළ සංවාදයි.ආචාර්ය විලියම් තොම්සන් ඇතුළු රෝග නිවාරන හා පාලන කේන්ද්‍රයේ පර්යේෂකයින් පිරිසක් විසින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර ඇති සම්බන්ධක් සොයමින් දත්ත විමසුමට ලක්කර ඇති අතර මේ හා අදාළ පර්යේෂණ පත්‍රිකාව 2004 වසරේදී පීඩියට්‍රික්ස් විමර්ශිත ජර්නලයේ පළ විය. මේ පර්යේෂණ ප්‍රතිඵලය අනුව, MMR එන්නත හා ස්වෙච්ඡතා කාණ්ඩයේ රෝග (autism spectrum disorders) අතර සම්බන්ධයක් පෙනෙන්නට නැත. බ්‍රයන් හුකර් හා වේක්ෆීල්ඩ් විසින් විශාල ප්‍රචාරයක් ලබාදුන් පරිදි, මුළු නියැදිය හා අදාළව තත්ත්වය මෙසේ වුවත් ඉහත පර්යේෂකයින්ට අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව MMR එන්නත හා ස්වෙච්ඡතා කාණ්ඩයේ රෝග අතර සම්බන්ධයක් පවතින බව දැනගන්නට ලැබී තිබේ. එහෙත්, ඒ බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් නොකිරීමට තොම්සන් ඇතුළු පර්යේෂක කණ්ඩායම තීරණය කර ඇත.මේ කරුණ බොරුවක් නොවේ. බ්‍රයන් හුකර් විසින් "රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු සමඟ පැවැත්වූ" දුරකථන සංවාද පටිගත කර ප්‍රසිද්ධ කර තිබුණේ විලියම් තොම්සන්ගේ අනුමැතිය හෝ අනුදැනුම රහිතව වුවත්, පසුව විලියම් තොම්සන් විසින් නීතිඥයෙකු හරහා ප්‍රකාශයක් කරමින් තහවුරු කළ පරිදි ඇත්තටම එවැන්නක් සිදු වී තිබේ. ඔවුන් එසේ කර ඇත්තේ ඇයි?මෙය සමාජජාලා වල ප්‍රචාරය වූ පරිදි, "හිට්ලර්ගේ යුදෙවු ඝාතන වැනි ජනවර්ගයක් විනාශකර දැමීම අරමුණු කරගත් මහා කුමන්ත්‍රණයක්" නොවේ. පර්යේෂක කණ්ඩායමක සාමාජිකයින් අතර ඔවුන්ගේ දත්ත විශ්ලේෂණ මත පදනම් වූ ඇතැම් නිගමන සම්බන්ධව එකඟතාවක් ඇති නොවීමක් පමණි. කියන ආකාරයේ දත්ත විනාශ කිරීමක්ද සිදුවී නොමැති අතර ඕනෑම පර්යේෂකයෙකුට (වෘත්තීය පර්යේෂණ යෝජනාවක් පිළියෙල කර රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයට ලබා දීමෙන් පසුව) මේ දත්ත ලබාගෙන අවශ්‍ය පරිදි විශ්ලේෂණය කර බැලීමේ හැකියාවක් තිබේ. මා සිතන පරිදි, බ්‍රයන් හුකර් හා විලියම් තොම්සන් යන දෙදෙනා වේක්ෆීල්ඩ් මෙන් වංචනිකයෝ නොවෙති. MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් ඇති බවත්, 2004 පීඩියට්‍රික්ස් පර්යේෂණය සඳහා උපයෝගී කරගත් දත්ත වලින් අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව මේ සම්බන්ධය පැහැදිලිව පෙනෙන බවත් ඔවුන් ඇත්තටම විශ්වාස කරනවා වන්නට පුළුවන. වේක්ෆීල්ඩ් වුවද, දත්ත සකස් කිරීමේදී වංචාවක් කර ඇතත්, ඇත්තටම මෙවැනි සම්බන්ධයක් ඇතැයි හිතනවා විය හැකිය.විලියම් තොම්සන් ඇතුළු පර්යේෂකයින් විසින් සිදුකළ පෙර පළ නොකෙරුණු දත්ත විශ්ලේෂණය බ්‍රයන් හුකර් විසින් නැවත සිදු කළ අතර අදාළ පර්යේෂණ පත්‍රිකාව 2014 අගෝස්තුවේදී -ට්‍රාන්ස්ලේෂනල් නියුරෝඩිජෙනරේෂන්- ජර්නලයේ පළ විය. එම පර්යේෂණ පත්‍රිකාව පළවීමත් සමඟම, විලියම් තොම්සන් ඇතුළු පර්යේෂකයින් විසින් පළමුවත්, බ්‍රයන් හුකර් විසින් පසුවත් යොදාගෙන තිබුණු සංඛ්‍යානමය ක්‍රමවේදයේ අඩුපාඩු වෙනත් බොහෝ දෙනෙකු විසින් පෙන්වා දෙනු ලැබුවේය. රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයේ පර්යේෂකයින් විසින් අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණු ප්‍රතිඵලය ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කර තිබුණේ එම අඩුපාඩු පිළිබඳව තේරුම් ගෙන සිටි නිසාය. බ්‍රයන් හුකර්ගේ පර්යේෂණ පත්‍රිකාවද පසුව එය පලකළ ජර්නලයෙන් ඉවත් කෙරිණි. පසුව අවධානයට ලක්වුණු ක්‍රමවේදයේ අඩුපාඩු වලට අමතරව, ලිපියේ තේමාව හා සම්බන්ධ සංවිධාන සමඟ ඔහුගේ තිබුණු සම්බන්ධතා බ්‍රයන් විසින් ජර්නලයට හෙළිදරවු කර නොතිබීමද මේ තීරණයට හේතු විය.ද්වීතියික දත්ත මත සිදුකරන විශ්ලේෂණයන් ඉතා සැලකිල්ලෙන් කළ යුතුය. ඇස් කණ්ණාඩි පාවිච්චි කරන හා නොකරන සිසුන් නියැදි දෙකක් ගෙන ඔවුන්ගේ සාමාන්‍ය පෙනීමේ හැකියාවන් සංසන්දනය කළහොත්, බොහෝ විට ඔබට පෙනෙනු ඇත්තේ කණ්ණාඩි පාවිච්චි නොකරන සිසුන්ගේ පෙනීම වඩා හොඳ බවයි. එහෙත්, මේ නිරීක්ෂණය මත කණ්ණාඩි පාවිච්චි කිරීම නිසා ඇස් පෙනීම දුර්වල වන බවට නිගමනයකට පැමිණිය නොහැක්කේ, කණ්ණාඩි පාවිච්චි කරන්නේම ඇස් පෙනීම දුර්වල අය බැවිනි. බ්‍රයන් හුකර් විසින් නැවත විශ්ලේෂණය කළ, VAXXED චිත්‍රපටියේ ප්‍රධාන තේමාව වූ අප්‍රිකානු ඇමරිකන් දරුවන් සම්බන්ධව පැවතියේද මෙවැනි තත්ත්වයකි. ස්වේච්ඡතාවයෙන් පෙළෙන දරුවන් සඳහා පෙර පාසැල් වයසේදී විශේෂ අධ්‍යාපනික වැඩ සටහන් ක්‍රියාත්මක වන අතර එම වැඩ සටහන් වලට ඇතුළත් වීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා තිබිය යුතුය. මේ හේතුවෙන් ස්වේච්ඡතාවයෙන් පෙළෙන දරුවන් MMR එන්නත ලබාගෙන තිබීමට ඇති ඉඩකඩ අනෙක් දරුවන්ට වඩා වැඩිය. මෙය එන්නත හේතුවෙන් රෝගය වැඩිවීමක් ලෙස යමෙකු වරදවා වටහා ගන්නට පුළුවන.වඩා විශාල නියැදි යොදාගනිමින් ඩෙන්මාර්කය, ජපානය, පෝලන්තය හා කැනඩාව ඇතුළු රටවල් ගණනාවක සිදු කර ඇති ස්වාධීන පර්යේෂණ වලින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් නිරීක්ෂණය වී නැත.  ඇමරිකානු දරුවන් 95,727ක විශාල නියැදියක් යොදාගනිමින් මෑතකදී ස්වේච්ඡතාව හා MMR එන්නත අතර තිබිය හැකි සම්බන්ධක් පිළිබඳව සිදු කෙරුණු පුළුල් අධ්‍යයනයකින්ද එවැනි සම්බන්ධයක් ඇති බවක් පෙනී ගොස් නැත. මේ පර්යේෂණ අධ්‍යයනයේ ප්‍රතිඵල 2015දී ජර්නල් ඔෆ් ඇමරිකන් මෙඩිකල් ඇසෝෂියේෂන්හි (JAMA)  පළවිය. කෙසේ වුවද, අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව පමණක්, MMR එන්නත ලබාගැනීම හා ස්වෙච්ඡතා පරාසයේ ආබාධ ඇති වීම අතර සම්බන්ධයක් පැවතිය හැකි බවට බ්‍රයන් හුකර් සහ තවත් අය පළ කරන අදහස තහවුරු කිරීම හෝ බැහැර කිරීම පිණිස අවශ්‍ය තරම් විධිමත් පර්යේෂණ ප්‍රමාණවත් ගණනක් තවමත් සිදු කෙරී නැත.එන්නත් වෙනුවෙන් හා එන්නත් විරෝධී ලෙස සිදුවන පිල් බෙදීම තුළින් පිළිබිඹු වෙන්නේ පශ්චාත් සත්‍ය දේශපාලනයයි. නිරෝගීව සිටින තමන්ගේ දරුවෙකුට MMR එන්නත ලබාදීමෙන් පසු කෙටිකලක් තුළ ඔහුගේ හෝ ඇයගේ මානසික වර්ධනය ඇස්පනාපිටම කැපී පෙනෙන ලෙස බාල වන විට දෙමවුපියන්ට -ප්‍රත්‍යක්ෂ වන්නේ- එන්නත ලබා දීම හේතුවෙන් මෙය සිදු වූ බවයි. එය එසේ නොවන බව පර්යේෂකයෙකුට සංඛ්‍යාලේඛණ පිරික්සා -බුද්ධියෙන්- තේරුම්ගත හැකි වුවත් මේ පර්යේෂණ පත්‍රිකා බොහොමයක්ම කියවනු ලබන්නේ සාපේක්ෂව වැඩි උගත්කමක් ඇති අය අතරෙන් වුවද අතලොස්සක් පමණි. එසේ නොකරන අතිමහත් බහුතරය පොදු මාධ්‍ය හා විශේෂයෙන්ම සමාජ ජාලා හරහා දැනුම ලබා ගැනීම වත්මන් යුගයේ යථාර්තයයි.සංවර්ධිත රටවල වලද ඇතැම් දේශපාලනඥයින් දැනුම ලබාගන්නේ -පත්තරේ කියවා- මිස පර්යේෂණ පත්‍රිකා කියවා නොවේ. පත්තර වැනි "පැරණි මාධ්‍ය" මෙන් කිසියම් පිරිසකගේ ස්වයං නියාමනයකට හෝ අඩු වශයෙන් යටත් නොවන සමාජ මාධ්‍ය තොරතුරු වලින් බොහෝ විට පිළිබිඹු වන්නේ ඒවා පළ කරන හෝ බෙදාගන්නා අයගේ ප්‍රත්‍යක්ෂ දැනුමයි. මේවා අතර ප්‍රසිද්ධිය හෝ වෙනත් කිසියම් වාසියක් ලබාගැනීමේ අරමුණින් හිතාමතා පලකරන දේවල් අඩු නැතත් එවැනි දේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරෙන්නේ එක් පුද්ගලයාගේ දැනුම, අත්දැකීම්, විශ්ලේෂණ හැකියාවන් ආදියට සාපේක්ෂ කරුණක් වන "ප්‍රත්‍යක්ෂය" සමඟ එවැනි දේ ගැලපෙන බැවිනි.ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හරහා මිනිස් සංහතිය පසුගිය ශතවර්ෂය තුළ ලබාගෙන ඇති ජයග්‍රහණයන් අතිමහත්ය. මේ වැඩසටහන් හරහා වසූරිය වැනි ඇතැම් රෝග මිහිමතින් තුරන් කරනු ලැබ ඇති අතර පෝලියෝ හා සරම්ප රෝගද එසේ මිහිමතින් තුරන් කිරීම මිනිසුන්ට සාමූහිකව ක්‍රියාකර වසර කිහිපයකින් ළඟා කරගත හැකිව ඇති ඉලක්කයකි.වසරකට සරම්ප රෝගීන් 267,000ක් පමණ ලෝකයෙන් වාර්තා වන අතර මේ රෝගීන්ගෙන් 146,000ක් පමණ මිය යති. එයින් වැඩි ප්‍රමාණයක් කුඩා දරුවන්ය. කෙසේ වුවද, 2000-2013 අතර කාලය තුළ සරම්ප රෝගය නිසා සිදුවන මරණ මිලියන 15.6ක් ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් වැලැක්වී තිබේ. එන්නත සොයා ගැනීමට පෙර ඇමරිකාවේ පමණක් වසරකට මිලියන බාගයක් පමණ සරම්ප රෝගීන් වාර්තා වූ අතර ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් ඇමරිකාව තුළ සරම්ප රෝගීන් ක්‍රමයෙන් අඩුවී ගොස් 2000 වසරේදී සරම්ප රෝගය ඇමරිකාවෙන් තුරන් වී ඇති බව නිවේදනය කෙරිණි. ඇමරිකාවේ බොහෝ වෛද්‍යවරුන් ජීවිතයේ එක් වරක් හෝ සරම්ප රෝගියෙකු දැක නැත.එන්නත සොයාගැනීමට පෙර කාලයේ මෙන්, සිය ඥාතීන් හා මිතුරන් සරම්ප රෝගයෙන් පීඩා විඳීම හා ඔවුන්ගෙන් ඇතැමුන් මිය යාම ඇස් පනා පිට පෙනෙන විට මෙම රෝගයේ භයානකකම (හෝ මෙවැනිම තත්ත්වයක් යටතේ වෙනත් රෝගයක භයානකකම) බොහෝ දෙනෙකුගේ ප්‍රත්‍යක්ෂ දැනුමක් බවට පත්වේ. එන්නත හඳුන්වා දුන් මුල් කාලයේදී, එය ලබාගත් සීමිත පුද්ගලයින් පමණක් මෙවැනි වසංගත තත්ත්වයක්දී බේරී සිටින බවද බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ වන්නට ඇත. එහෙත්, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් දැන් එසේ සරම්ප රෝගීන් දකින්නට නොලැබෙන නිසා එම රෝගයේ භයානකකම බොහෝ ඇමරිකානුවන්ට ප්‍රත්‍යක්ෂව නොදැනේ. එය බුද්ධියෙන් අවබෝධ කරගත යුතු කරුණකි.ඇමරිකාවේ ජීවත්වන අයෙකුට වෛද්‍ය හෝ ආගමික හේතුමත ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගෙන සිටින්නට හැකි අතර බොහෝ ප්‍රාන්ත වල තමන්ගේ පෞද්ගලික විශ්වාස මත වුවද එසේ කළ හැකිය. මෙය සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක් නොවූවත්, කිසියම් සීමිත භූමි ප්‍රදේශයක (උදාහරණයක් ලෙස කුඩා නගරයක හෝ ගමක) ජීවත් වන බහුතරය ආගමික හෝ වෙනත් විශ්වාස එන්නත් ලබා නොගැනීම නිසා ඇතිවන ප්‍රතිඵලය රටපුරා විසිරුණු පිරිස් අහඹු ලෙස එන්නත් ලබා නොගත් විට ඇති වන ප්‍රතිඵලයම නොවේ. යම් හෙයකින් වෙනත් රටකින් පැමිණෙන සරම්ප ආසාදිතයෙකු මෙවැනි ප්‍රජාවක් සමඟ හැසිරෙන විට එවැනි ප්‍රදේශයක වසංගත රෝග තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති අතර පසුගිය කාලය තුළ කිහිප වරක්ම මෙවැනි සිදුවීම් වාර්තා විය.එන්නත් විරෝධය පසුපස මෙන්ම පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදීද මතු වුනේ පශ්චාත් සත්‍ය දේශපාලනයයි. ඇමරිකානු ජනාධිපතිවරණයට තෙමසකට පෙර ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පිළිබඳව වාර්තා වී ඇති අතර MMR එන්නත හා ස්වේච්ඡතාව අතර පැවතිය හැකි සම්බන්ධය පිළිබඳව වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා හිතන ආකාරය තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට බලපෑමක් කරන්නට

209) බිඳෙන සිහින ගෙනෙන “රහස“

$
0
0
මුලින්ම සොඳුරු සුව අසපුව මාස කිහිපයක් තිස්සේම යාවත්කාළීන නොවීම වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා. හේතු ගණනාවක් නිසා ලියන්න තියා මේ පැත්තට , සිංහල බ්ලොග් වල ගැවසෙන්නට ලැබුණෙ නැහැ. කොයි දේත් “පහු පහු වෙන කොට කොහු කොහු“ වෙනව කියනව වගේ වෙන්ට නොදි ඉඳළ හිටල හරි කාටහරි වැදගත්වේ කියල හිතෙන යමක් ලියන්නට ඇති උත්සාහය අතහරින්නේ නැහැ ඊට හේතුව 2011 ඉඳළ මේ දක්වා ලියපු දේ දිහා නැවත හැරිල බලත්දි එන සතුට. පූර්විකාව අවසන් කරල අද කතා කරන්න තියෙන දේට එමු. මේ ලියන මම කවුදැයි නොදන්නවා නම් , මෙන්න මේ පිටුවට ගිහින් ඒ ගැනත් දැන ගත්තාට කමක් නැහැ , මුලින්ම සොඳුරු සුව අසපුවට පැමිණියානම් ඔබ‍. එදත්  අදත් බයිසිකලේ  කාළය මතක විදියට අසූ නමයේ අනූවේ විතර , දීපය නම් සිරි ලංකාවේ , අහංගම කියන සුන්දර ගම්මානේ. ගිනිමද්දහනට ලංවෙලා , “නිල්පාට රොන්සන් “ බයිසිකලයක් පැදගෙන , කළු උස හීනදෑරි කොළුවෙක් බොහොම වේගෙන් ටවුමෙ පත්තර කඩේට ආව .  “ ආ මල්ලී , කොහොමද  ? අද ඉස්කොලේ නැතයෙි ? “ පත්තර ලෑල්ලේ අයියගේ පළමු ප්‍රශ්නය “ නෑ අයියා , අද  GL 57  ආවේ නෑනේ , සමාධි ආවේ , නැවත්තුවේ නැහැනේ , ඒ පාර ගෙදර ගියා , මේ දවස් වල ඉස්කොලේත් වැඩක් කෙරන්නේ නැහැනේ ?“ කොළු ගැටයා විස්තරාත්මක උත්තරයක් දුන්නා. එදා සතිය රස කළ “විදුසර“ ( පිංතූරය ගත්තේ නාලක ගුණවර්ධනගේ Open Minds අඩවියෙන්) පත්තර ලෑල්ල පුරා තියෙන නානාප්‍රකාර පත්තර අතරේ , “විදුසර“ පත්තරේ හොයගන්න එක අමාරු නැහැ. ඒ පත්තර කඩදාසිය වගේම , අකුරු වලත් , මුල් පිටුවෙත් අමුතුම වෙනසක් තිබෙන නිසා.  “විදුසර“ හොයන්න ඇස් යොමත්දි  , අළුත් අමුතු පොඩි පත්තරයක් , ටිකක් වෙනස් පිංතූර කවරයක් එක්ක තිබුණු ඒ පොඩි පත්තරේ අස්සක හංගල තිබුණ නිසාද මන්ද ටිකක් වැඩි පුර ඇහැ ගියේ. “සීදේවී “ පත්තරේ නම. “විදුසර“ අතට අරගෙන නිකමට වගේ “සීදේවී“ පොඩ්ඩක් එහාට මෙහාට පෙරලල බැලුව. ටිකක් කුතුහලය දනවන පිංතූර , එක්ක “අමුතු කතා“ ටිකකුත් උඩින් පල්ලෙන් දකින්න ලැබුණ.  කොහොම හරි සතුයකට පස්සේ , විදුසර පත්තරේ ගන්න ගමන් , අර කියපු “සීදේවි“ පත්තරේත් හංගෙන ගිහින් කියවපු මේ කොළු ගැටය වෙන කවුරුවත් නෙවි මේ ලියන මම මයි. ( මේවිදියට ආපු “සීදේවි“ , “සුරත“ වගේ පත්තර ගැන දන්නෝ දනිතැයි හිතනවා“) මේ අවුරුදු තිහක් විතර පරණ කතාවක් . මේ ඊට අවුරුදු තිහකට විතර පස්සෙ“මචං , උඹ නිදිද ? දැන් දවල් ද?“ මුහුණු පොතේ මැසෙන්ජර් තුලට මගේ පාසල් කාළයේ මිතුරෙක්ගේ නමින් පණිඩයක් ආවේ , දිවා අහර ගනිමින් සිටිත්දි . “නෑ , දැන් දවල් , ලන්ච් එක , මොකද තත්වේ“ මගේ පිළිතුර . “නෑ මචං , හිතට අවුල් මේ කොල්ලගේ වැඩ , මං දන්නෑ මොකක් කරන්නද කියල , වයිෆ් එක්ක කතා කරන්නත් බෑ බං මේ අවුල“ සිංග්ලිශ් වලින් ආපු දිග පණිවිඩය කියවල තේරුම් ගන්නට මොහොතක් ගියා. “පොඩ්ඩක් ඉන්න , මං කොල් එකක් ගන්නං “ කතාවේ හැටියට මොකක්හෝ දෙයක් බව දැනෙන නිසාත් , දවල් විවේකයේ සෑහෙන වෙලාවක් ඉතිරිව ඇති නිසාත් , මැසේනජරය ඔස්සේ ඇමතුක් ගත්තා.“බලපං බං මේ අපේ කොල්ල , අරව බලනව බං ,ඉස්කෝලේ වැඩ කරන්නේ තැනිව , හැමදාම ගණන් හදනව කියල කාමරේමයි , අද මං නිකමට කොල්ලගේ  ෆෝන් එකයි , කොම්පියුටරෙයි චෙක් කළා, xxxxx.... මූ කරල තියෙන්නේ මේව බලන එකයි , බාන එකයිනේ , වයිෆ් දැන ගත්තොත් විසුමක් නෑ , මගේ ඔළුව කාවි, මොකක්ද මචං මං කරන්නේ , මූ තව මොනවා කරගෙනද දන්නේ නෑ“ මිත්‍රය කියාගෙන ගියේ ටිකක් හිමිහිට වගේ , සිග්නල් අඩු නිසාද මන්ද කැඩි කැඩි ඇහෙන කතාව ඔය වගේ . “කොල්ල මේ පාර ඒ ඕලෙවල් නේද? මොනවද ඉතින් කොල්ල බලල තියෙන්නේ ? “ “මොනවද අහන්නේ , පෝර්න් බං පෝර්න් , අමු ජරාව  , යකෝ අපිත් ඔය වයසේ හිටියනේ , දැන් හැදෙන වුන් ! , මට හිතෙන විදියට මූ ඒවට ඇඩික්ට් වෙලා , කෑමක් බීමක් නැතිව මෙච්චර කළක් “පාඩම් කරල“ තියෙන්නේ මේව“ , මම ගෙදර නෑනේ බං , වයිෆ්තුත් අතට පයට කෑම බීම දීල , මොකද කොල්ල පාඩම් කරනවනේ“ ......... මේ කතාබහ පැය බාගෙට වඩා ගියා , මිත්‍රයගේ හිතේ තියෙන වේදනාව , ආවේගය , ඔක්කොම ඩිජිටල් වෙලා මගේ කං පසාරු කරගෙන ගියා . තැනේ හැටියට , ඇනෙ ගහන්නට ගත යුතු , ගත හැකි දේ සහ අද දවසේ ලෝකය ගැන පොඩි මතක් කිරිමක් කරල දෙන්නත් වුනා. මෙන්න මේ සිදුවීම තමයි අද ලිපියට පාදක වෙන්නේ?පෝර්න් හොඳයි !පොර්න් නරකයි ! පෝර්න් වලට ඇබ්බැහි වෙනවා ! පාසල් ළමුන් අතර පැතිරෙමින් යන “වසංගතයක්“ මෙ වගේ අදහස් උදහස් රැසක් එක්ක එන “පෝර්න්“ හෙවත් “කාමෝද්දීපන වීඩියෝ , පිංතූර ,පොත් පත් වගේම පෝර්න් චැට් අපේ රටේ සමාජය තුලත් කතාබහට ලක්වෙනවා.කෙසේ වෙතත් මේ මාතෘකාව අප කතා කළ යුත්තක්ද ? නොඒසේ නම් “අනේ ඔය නරක දේවල් අපේ රටේ නැහැ , අපේ ළමයි ඕවට නැහැ “ කියමින් බලෙන් සඟවා තැබිය යුතු මාතෘකාවක් ද කියන එක තීරණය කරන්නට කාළය මේ. ඉතාම පුළුල් මාතෘකාවක් වන පෝර්නෝග්‍රෆි මාධ්‍ය වල බලපෑම , මේ සටහනේ පහසුවට සහ අද දවසේ වඩාත් සංවේදී විය යුතු මාතෘකාවක් විදිහට , පෝර්නෝග්‍රෆි මාධ්‍ය පාසල් දරුවන් වෙත කරන බලපෑම ගැන වැඩිපුර කතා කරන්නට හිතුවා.මොනවද මේ Pornography ? තවමත් මේ වචනය ගැන පවා නිශ්චිතම අර්ථදැක්වීමක් නැති තරම් , මේ එක වචනයට නිතියට අනුකූලව තේරුමක් දෙන්නට කොයිතරම් වෙහෙසුනාද  , වෙහෙසෙනවද කියන එකට හොඳ උදාහරණයක් ,පෙනිසෙල්විනියානු විශ්ව විද්‍යාලය 1993 දි ඉදිරිපත් කරන Defining  Pornography කියන පිටු 124ක පොත. තවමත් මේ චවනය ගැන වාද විවාද පවතිනවා . කෙසේ වෙතත් , දැනට පොදුවේ පිංතුරය ගත්තෙ http://amazingseegiriya.blogspot.ca/ පිළිගන්නා ආකාරයට පෝර්නෝග්‍රෆි කියන්නේ ,  නිරුවත් ලිංගික අවයව මූලිකව යොමුවන සේ , සෞන්රාදර්ගායාමක හෝ භාවාත්මක හැඟීම් නොව , රාගික හැඟිම් උද්දීපනය කිරීමම පදනම කරගත් , මුද්‍රිත , විද්‍ය්‍රත් , වීඩියෝ , ඡායාරූප , රෑප , සටහන් හෝ වීඩියෝ ක්‍රීඩා ආදියයි“ කියල කියන්න පුළුවන්. කෙසේ වෙතත් මේ සඳහා සුද්ධ සිංහල වචනයක් නම් මතක් වෙන්නෙ නැහැ , දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.Erotica ද පෝර්නෝ ද ? මේ පෝර්න් ගැන කතා කරන එක්තරා ලිපියක දකින්නට ලැබුණ “ එහෙම නම් සීගිරි ලඳුන්ගේ පිංතූර ටිකත් පොර්න් නිසා වහල දාමුද? “ කියන වැකිය . මේක ප්‍රශ්නයක් අපි පෝර්න් කියත්දි , ඔය මහා කළානිර්මාණ වල නිරුවත් දේ තිබෙන්නේ , එතකොට ඒවත් පෝර්න්ද ? කතාව මේකයි , කෙනෙක්ට ඉරෝටික් දෙ කෙනෙක්ට පෝර්න් කියල දකින්න විඳින්න පුළුවන්, ඒත් ඉරෝටික් (ශෘංගාරාත්මක) දේක කළාත්මක බවක් , තවත් හැඟීම් ගණනාවක මිශ්‍රණයක් පැවතුනත් , පොර්න් වලදි එය හුදෙක් කායික තෘප්තිය පමණක්ම හුවා දක්වන බවයි බොහෝ දෙනා පිළිගන්නා මතය. දැන් එමු අද  මාතෘකාවේ වැදගත්ම තැනට, මේ කියන පෝර්න් , පාසල් වියේ දරුවන්ට යම් බලපෑමක් කරනවාද ?  කෙනෙක් අහන්න පුළුවන් ඇයි පාසල් වියේ දරුවන්ට පමණක් කියල , යෞව්වනයන්ට , වැඩිහිටියන්ට කාටත් මේ බලපෑම් ( හොඳ සහ නරක දෙආකාරයෙන්ම) තියෙනව නමුත් , පාසල් වයසේ දරුවන්, කායිකව , ලිංගිකව පරිණතව වන සමයක සිටින නිසා ඔවුන්ගේ හෝමෝනමය බලපැම මත සිදුවන කායික-මානසික පෙරලීම් බහුලයි , ඒ ඔස්සේම එන “කුතුහලය “ , “විරුද්ධ ලිංගිකයන්“ පිළිබඳ ඇල්ම/ආකර්ශණය වැඩිවීම දැනෙන කාළයයි, ලිංගික අත්දැකීම් පිළිබඳ “සිහින“ දැකීම ආරම්භ වන්නේද මේ අවධියේදීමයි , ලිංගිකත්වය , ලිංගික අත්දැකීම් , හැඟීම් පිළිබඳව විවිධ මත , අදහස් , කතාබහ හමුවේ “නොසන්සුන්වන“ සමයද මෙයයි. මේ සියල්ලටම වඩා , දරුවාගේ මොළයේ ව්‍යුහමය වශයෙන් සීග්‍ර වෙනස්කම් සිදුවන සංවේදීම අවධියයි. මේ වයසේ මනස හරියට කුඹල් කරුවෙක් අතේ තැනෙන මැටි බඳුනක් වගේ මෙන්න මේ හේතු නිසා තමයි අද මාතෘකාව “දරුවන්“ තුල පමණක් රඳවා ගන්නට උත්සාහ කරන්නේ.මොකද මේ වයස තුලදි පොර්න් වල දෙන ෆැන්ටසිය තුල තම මනස හිර කරන දරුවාගේ කායික , මානසික වගේම සමාජයීය තත්ත්වය පවා බිඳ වැටෙන්නට පුළුවන්. මේ වයසේ මනස හරියට කුඹල් කරුවෙක් අතේ තැනෙන මැටි බඳුනක් වගේ , නියම තෙතෙමනය , පදම , වේගය සහ නිර්මාණශීලීත්වය මත අලංකාර බඳුනක් තැනුනත් , මොළය බිඳුනු කුඹල් කරුවෙක් අතින් එවන් නිර්මාණයක් වෙන්න ඇති ඉඩ අඩුයි , තැනුවක් බඳුනක් එය හැඩයක් නැති , ශක්තියක් නැති , සමබරතාවයක් නැති , ඒ නිසාම වටිනාකමක් නැති “වැඩකට නැති“ දෙයක්ම වේවි. එක එක රසට පැණි බීම  මේ කුමක් කීවත් ලීවත් අප වටහාගත යුතු වැදගත්ම කාරණය නම් අද සමාජය රුපියලට , ඩොලරයට මූලික තැන දෙමින් ඉදිවෙන්නක් බව. මේ පරිසරය තුල පෝර්නෝග්‍රෆි කියන්නේ විශාල වශයෙන් ආදායම උපදවන “ව්‍යාපාරයක්“ (දැන් නම් ටිකක් ආදායම අඩු වෙලාලු , නොමිලේ සැපයුම් කරන වෙබ් අඩවි බහුල නිසා ) . හරියට “පැණි බිමට“ එක් කරන පැණි රසකාරක වල “පැණි රස නොවන , දිව මොළය රවට්ටවන රසයට“ අපි ආසා කරනව වගේ , පොර්න් වල මතුකරන නිරුවතට , මෙතෙකේ කල් අත්නොවිඳි නමුත් “සිහිනයක් ලෙස විඳි“ පුදුමාකාර ලිංගික රසය“ට එක් වරක් නතුවන දරුවා , තවත් වරක් ඒ රස බලන්නට තැත් නොකරතොත් එයම ආශ්චර්යයක්. මොකද මේ වෙත්දි හිත “ලිංගික කුතුහලයෙන් “ පිරිලා. ප්‍රතිපලේ නැවත නැවත මේ “මිරිඟු රස“ විඳින්නට දරුවා පෙළඹෙන එක. මේ සිදුවීම අසාමාන්‍ය දෙයක්වත් , මහා අපරාධයක්වත් විදියට මම දකින්නේ නැහැ. යහපත් කායික මානසික සංවර්ධනයක් ඇති දරුවෙක් තුල ඇති වන “ලිංගික කුතුහලය “ , “ලිංගක අවයව ඔස්සේ ලැබෙන වින්දනය“ ලබන්නට ඇති කැමැත්ත සාමාන්‍යයි.  නමුත් වරදක් වන්නේ පොර්නෝග්‍රෆි මඟින් ඒ කැමැත්ත “අස්වාභාවික ෆැන්ටසියකට“ තුලට ගෙනයමින් , එහි හිරකරයෙක් කරගැනීමයි. මෙන්න මේ තත්ත්තවය තුල මෙතෙක් “සාමාන්‍ය‘‘ ලෙස සාර්ථක වූ දරුවා , “අසාර්ථක ජීවියෙක්“ බවට පත්වෙන්නට වැඩි ඉඩක් ලැබෙනවා. එ කොහොමද කිව්වොත් , වැඩ නොදන්න කඩු කාරයා නිසි කායික , මානසික සහ විශේෂයෙන්ම සමාජයීය පරිණත බවක් නැති දරුවා හරියට “කඩු හරඹ පුහුණුව නැති කළබලකාර සෙබලෙක් “ වගේ . කොයිතරම් හැඩකාර වැඩකාර වුනත් මො “නුපුහුණ සෙබලට “ කඩුවක් දුන්නොත් මොනවා කරයිද ? “කඩුවේ “ දිස්නයට , මුවහතට ලොබ බඳින කොළුවා වනන්න පටන් ගනීවි “මම වැඩකාරයා“ කියල හිතාගෙන  , ප්‍රතිපලේ හිතාගන්න පුළුවන්නේ ? ඔන්න ඕකම තමයි පෝර්න් වල හිර වෙන දරුවාට වෙන්නේ. ලිංගිකත්වය , ලිංගික ජීවිතය කියන්නේ “මෙයයි“ කියා වැරදියට වටහා ගන්නා දරුවා ඒ වැරදි වැටහිම යථාර්ථයක් කරගන්නට උත්සාහ කරනවා. ප්‍රතිපලය, මානසිකව බැළුවොත් , නිරත්නතරව ඇසට ඇතුළු වන මේ ආශ්වාදාත්මක හැඟීම් නිසා , මොළය තුල සමහර රසායනික වල සමබරතාව බිඳ වැටෙන්නට පටන් ගන්නවා, ඒ ඔස්සේ කළකදි මොළයේ ව්‍යුහය තුල “වෙනස් කළ නොහැකි“ ප්‍රධාන වෙනස්කම් රැසක් වෙන්නට පවා පුළුවන් බව අද පර්යේෂකයන් පෙන්වා දෙනවා. එම වෙනසකම් බලපෑම මත Sexual Anorexia , Porn-Induced Erectile Dysfunction වැනි කායික ගැටළු ඇතිවීමටත් මෙවන් හේතුකාරණා සියල්ල නිසාවෙන් , පරිපූර්ණ මිනිසෙක් ලෙස අනාගතය විඳින්නට සිටි තරුණයා/තරුණිය ජීවිතය විඳවන / බිඳවැටෙන , සමාජීය වශයෙන් තනිවන පුද්ගලයෙක් බවට පත්වන්නට අවදානමක් ඇති කරගන්නවා.තර්කය , බුද්ධිය , මතකය සමඟ කෙළදෙළින් ගත කළ යුතු මෙ සමයේ , පොර්න් වල ගිලෙන දරුවාගේ ඒ හැකියාවන් බිඳවැටෙමින් , තාවකාළික ආශ්වාදයෙන් පිරීයනවා, දිගින් දිගටම ඒ අවශ්‍යතා ගැටය ඔස්සේ තව ගැට ගසමින් යන්න පටන් ගන්නවා , මුලින් අවශ්‍යතාව පිරුණු පසු “සෑහීමට “ පත්වන දරුවා , කළක් යත්දි මෙතෙක් සෑහිමට පත් වූ දෙයින් සෑහීමට පත්නොවන්නට “ පටන් ගන්නවා , දැන් අවශ්‍යතාව තව්ත වැඩි වෙනවා. සෑහීම මදි වෙනවා , මෙන්න මේ “සෑහීමට පත්වීම සහ අවශ්‍යතාව ලබා ගැනීම“ කියන දාමය දිගේ වැරදි පැත්තට යොමු වන දරුවා , පාසල් අධ්‍යාපනය කටයුතු අතපසු කරනවා , විභාග වලදි පෙන්වන දක්ෂතාව අඩු වෙනවා , හිතේ හැම තිස්සේම “නොපිරිනු ආසාවකින්“ , සහ වරදකාර හැගීමකින් පුරවගෙන ඉන්න වෙනවා. ඒ විතරද ඒ නොපිරෙන ආසාව තව වටපිටාව  , සමාජය තුලදි ලබා ගන්නට උත්සාහ දරනවා, ප්‍රතිපලය මෙතෙක් ලොවට වටිනා මිනිසෙක් ලෙස සිටි “දරුවා“ කායික මානසික මෙන්ම සමාජයීය වශයෙනුත් තනිවෙන්නට පටන් ගන්නවා. යථාර්ත ලෝකෙයෙන් ඈත්ව “තමන්ගේම ෆැන්ටසියක“ රැඳෙන්නට උත්සාහ දරනවා. මේ සිදුවීම් දාමය හේතුවෙන්, පාසල තුල , සමාජය තුලට තමාගේ ෆැන්ටසිය සපුරා ගන්නට පෙළඹෙන දරුවා වෙතින්  “සේකස්ටින්“  (මේ ගැන පෙර ලිපියක කතා කළා) විතරක් නොවේ ඊට වඩා හානි ලබා දෙන්නට පුළුවන්. තම යෙහෙළෙිය/යහළුවා  , පෙම්වතිය/පෙම්වතා  තුලින් “පෝර්න් චිත්‍රපටයේ නිළියගේ නැත්නම් නළුවාගේ“ වික්‍රමය විඳින්නට පෙළඹෙන දරුවා / තරුණයා ඉන් සෑහීමට පත්නොවී , ඊට වඩා සමාජවිරෝධී කටයුතු වලට යොමුවන්නට පුළුවන්. ළමා අපචාර , ලිංගික අපචාර ගණිකා සේවනය, සමාජ රෝග වලට ලක්වීම ,මත්ද්‍රව්‍ය වලට හුරු වීම  ඔස්සෙ ඉදිරි අවස්ථාවකදි තම පවුල් සබඳතා බිඳදමා ගන්නා , මානසිකව අවපීඩනයට පත්වසමාජයට වෛරකරන්නෙක් බවට පත්වන්නට ලොකු ඉඩක් තිබෙනවා. මෙවන් ආපදාවක් ඇත්නම් කුමක් කරන්නද ? මුලින්ම යමක් වැදගත් යමක් කියන්න ඕන , මේ ලිපිය කියවන ඔබේ යොවුන් දරුවාගේ පොතක් අස්සේ නිරුවත් ඡායාරූපයක් , නැත්නම් ජංගම දුරකථනයේ නිරුවත් වීඩියෝවක් දුටු පමණින් , “දරුවා මරුවා සේ “ දකින්නට එපා. තේරුම් ගත යුතුයි , යෙවුන් වයස , ලිංගික කුතුහලය උණුසුම් කාළයක් , ඊටත් වඩා ඔබ අප සැවොම ගිලී ඉන්නේ මෙවන් දේ වලින් පවා මුදල් සොයන සමාජයක. ඒ පසුබිම තුල ඔබේ දරුවාට පෙර කී දෑ නොලැබුනා නම් එයයි විටෙක පුදුමය. ඒ නිසා කළ යුත්තේ “කුලප්පු වී“ “අම්ම-අප්ප ඩෙගා නාටකය“ රඟදක්වන එක නොවෙයි. ඒසේ වුවහොත්දැ එයමයි ආරම්භය “බිඳුනු මිනිසෙකුගේ“ දැනුයි වෙලාව විවේකව  , සාවධානව මේ ගැන විමසිය යුතු. ඔබේ දරුවා වෙතට මේ මාධ්‍යයන් පැමිණී අයුරු විමසා බලන්න , ජංගම දුරකථනය , අන්තර්ජාලය නැත්නම් මිතුරෙක් ලබා දුන් සීඩී පටයක් හෝ වෙනත් ක්‍රමයක් වුවත් , ඒ ආරම්භය හඳුනාගැනීම දරුවාගේ හෙට දවසේ සාර්ථකත්වයට හේතුවක් වෙනවා.  එය හඳුනාගත් විගසින් “ඇඳිරි නීති“ “තහනම් පනවන්න“ යන්න එපා. දරුවත් එක්ක තවත් සාකච්ඡා කරන්න , මේ පොර්න් මාධ්‍ය තුල කොතරම් දුර දරුවා ගොස් ඇත්ද , එයට කෙතරම් ගිජුවී ඇත්ද යන්න වටහා ගැනීම ඉදිරි ක්‍රියාමාර්ග සැළසුම් කරගන්නට වැදගත්. තව දුරටත් වටහා දීමේදි දරුවා මේ ගිජු බවින් මිදෙන්නට රිසි නම් , ඊට උපකාරයක් ලෙස මෙවන් මාධ්‍ය දරුවා වෙත ළඟා වන ප්‍රෙව්ශයන් පිළිබඳ සොයා බලන්න , සීමාවන් සැලසුම් කරන්න. මේතැනදි “අපේ පුතාට ලොකු කොම්පියුටරයක් අරන් දුන්නා“ කියල කයිවාරු ගහන අම්මල තාත්තල අඩුම ගණනනේ දරුවා කොම්පියුටරේ තුල කරන්නේ මොනවා දැයි , විමසාබලන්නට තරම්වත් තාක්ෂණ දැනුමක් ලබා තිබීම “අද දවසේ මව්පියන්“ ලෙස වැදගත්. අන්තර්ජාලය පරිහරණය කරන විදිය , සෙවුම් කරන ආකරය , ජංගම දුරකථනය “කෝල් කරන්නට පමණක්“ ඇති උපාංගයක් ලෙසම නොව එමගින් ඊට වඩා යමක් කළ හැකි බව වත් දැන සිටීම වටිනවා.බොහෝ වෙලාවට දරුවන් මේ පොර්න් නරඹන්නට මුලින්ම යොමු වන්නේ අන්තර්ජාලය ඔස්සෙ එන අනපේකෂිත “වෙළඳ දැන්වීම්“ , සෙවුම් වලදි ලැබෙන “ආශ්වාදාත්මක වැකි , ඡායාරූප“ වැනි දේ ඔස්සෙ. මගේ මිත්‍රයා කී පරිදි දරුවා විද්‍යාව විෂයේ යම් කරුණක් පිළිබඳව ( ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ) සෙවුමක් කරත්දී නොමිලේ ලැබුණු “වීඩියෝවක්“ ඔස්සේ මෙ ගමන ගොස් ඇති බව දැන ගන්න ලැබුණා. මෙවන් දේ අද බහුලයි , ඒ නිසා මෙබඳු තාක්ෂණ ක්‍රම ඔස්සෙ  දරුවා වෙත අනවශ්‍ය ලෙස පොර්න් මාධ්‍ය ලඟා වේ නම් ඊට යොදා ගත හැකි තාක්ෂණ ක්‍රම බොහෝයි. උදහරණ ලෙස K9 Web Protection නොමිලේ ලබා ගත හැකි පහසුකමක් . තවත් මෙවන් වැඩසටහන් බොහෝමයි. ඒ පිළිබඳව දැනුවත්ව සිටීමත් වැදගත් වේවි. මේ තත්ත්වය , එය ඇති යථා තත්ත්වය , අවදානම පිළිබඳව දරුවා දැනුවත් කරන්න , මඟපෙන්වීම කරන්න. පෝර්න් වල “රසට“ යොමු වීමේ හැකියාව , එයට ඇළීමේ හේතුව පෙන්වා දෙන්න. එය තවත් වෙළඳ ව්‍යාපාරයක් විනා , යථාර්ථය නොවනබව තේරුම් කරදෙන්න . මෙම රඟපෑම් වල යෙදෙන නිළියන් , නළුවන් මුදල් උපයා ගන්නා අතරේ අදාල මාධ්‍ය

බැඳුම්කරයට කැලෑ පත්තරයක්?

$
0
0
බැඳුම්කරයට කැලෑ පත්තරයක්? බැඳුම්කර  මගඩිය තව තවත් අවුල් වෙනවා. දැන් කතාව හොර ගැසට් පත්‍රයක් ගැනයි. මෙහි ඇත්ත නැත්ත හරියට දැනගත යුතුයි. දේශපාලනඥයන් කියන කතා එක්වර ම පිළිගැනීම අපහසුයි. ඔවුන්ගේ ගොඩ පෙරකදෝරු කතා බොහෝ විට ජනතාව රවටා ඡන්ද එකතු කිරීමටයි. කෙසේවෙතත් බැඳුම්කර පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසමට ගැසට් පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා. එය කුප්‍රකට බැඳුම්කර සම්බන්ධවයි. පුදුමයකට මෙන් ගැසට්

ඩොප්පි නකින් - Funky Dirt | Doppi Nakin - Funky Dirt - sinhala lyrics

$
0
0
මගේ කෙල්ල ඇගෙ කඩ්ඩ පොලිශ් අයියෝ ඇගෙ තාත්ත පොලිස් අම්මෝ ඇගෙ අම්ම ඇලිස් මාරු වෙයන්කෝ..වෙයන් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ..යමන් ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ..වෙයන් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ..යමන් ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ.. ආ..සාවරී මාගේ ප්‍රේමි සෘංගාරේ.. ඔබ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ..(ඩොප්පි නකින් ඩොප්පි නකින් ) ඔබ හන්දා හෘර්දෙ යන්නෙ

මහ රෑ පැමිණි මිතුරා, ලව් බෝට්,චෙපාකිගේ රෑ කෑම වේල සහ කොච්චියාගේ උදෑසන දකුණු ඉන්දීය ප්‍රේමය.

$
0
0
අප කලින් කතාකරගත් අකාරයට  කොච්චියා අපේ ගෙදර දොරේ සීනුව නාද කලේ හරියටම හවස දෙකටය.   කළින් කතාකරගත් ආකාරයයි කීවේ දවාලක සෙට් වෙන්නට කොච්චියා කළ යෝජනාවයි.    ඔහුගේ යෝජනාවට එකඟත්වය පළකරමින් මම කීවේ ස්ථානයද අවශ්‍ය අඩුම කුඩුමද මවිසින් සපයන බවය.    ඒ අනුව දහවල ආහාරයෙන් පසුව අපගේ හමුව සිදුකරන්නට යෝජනා එකඟත්වය පළකෙරුණු අතර හමුවේ අවසාන හෝරාව සම්බන්ධයෙන්  තීරණයක් ඒ වනවිටත් නොවුනේ හමුවේ අවසානය ගැන කලින් තීරණයකට ඒම නිශ්ඵල බව අප දෙදෙනා හොඳින්ම දන්නා බැවිනි.    නිශ්ඵල කියනවිට මට තව කතාවක් මතක්වේ.   එනම් මා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සේවය කරන සමයේ ඡායාරූප ශිල්පියෙක් වීමට මුළු හදවතින්ම කල උත්සාහය පිලිබඳවය.    ඡායාරූප ශිල්පය සම්බන්ධව කෙතරම් උනන්දුවක් තිබුණද ඒ සම්බන්ධව පාඨමාලාවක් හදාරා තිබුණද ඡායාරූප ශිල්පියෙක් වීමට අවශ්‍ය මූලික අංගය වන එස් එල් ආර් කැමරාවක් මා ළඟ  නොතිබීම හා කැමරාවක් මිළදී ගන්නට අවශ්‍ය මුල්‍ය ශක්තිය මා සතුව නැතිවීම මගේ හද පිරි ආශාවට හරස්වන සාධකයන් විය.    ඡායාරූප ශිල්පියෙක් වන්නට අවශ්‍ය කැමරාවක් මිලදී ගන්නට නොහැකිව සිටි හා සිටින බ්ලොග් පාඨකයන් බොහෝ දෙනෙකුට මෙවන් අවස්ථාවක මට ඇතිවූ හැඟීම වටහා ගන්නට හැකිවනු ඇතැයි මා අවංකවම සිතමි.    කැමරාවක් සඳහා එදා කළයුතු වියදම අද දවසේ සිනහවකින් මතක් කල හැකි වුවද එවකට ඒ මුදල මට මහමෙරක් මෙන් විශාල විය.    වැඩකට ගන්නට හැකි කැනොන් වර්ගයේ එස් එල් ආර් කැමරාවක් එදා තිබුණේ රුවන් ළඟ පමණි.   මට කරන්නට ලැබෙන වැඩ මා රුවන්ගේ කැමරාව ඉල්ලාගෙන කරගත් අතර රුවන්ද සිය කැමරාව මගේ වැඩ සඳහා පාවිච්චි කරන්නට නිර්ලෝභීව ඉඩ දුන් බව කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුමය.     ඒ කාලයේ රාජ්‍ය පරිපාලනයේ සිටි මීයා මවිසින් ගන්නා ලද නිශ්චල ඡායාරූප වලට  නමක් පටබැන්දේ මට නිශ්ඵල ඡායාරූප ශිල්පියා කියමිනි. නැවතත් අපේ කතාවට පැමිණියහොත් කොච්චියාගේ පැමිණීම සමගම අපේ කර්තව්‍යය ආරම්භ විය.   කර්තව්‍යය කියනවිට මට තව කතාවක් මතක්වේ.    ඒ අසුව දශකයේ මුල් භාගයයි.   මම උදේ රස්සාවට ගියේ අපේ ගෙදරට අල්ලපු ගෙදර සිටි කුඩා දරුවා සමගය.    ඔහු එවකට ආනන්දයේ හයවෙනි වසරේ සිසුවෙක් විය.   ගෙදර සිට දුම්රිය පොළට තිබුණු දුර පයින් ගිය අපි දුම්රියට නැංගේ අපේ ගමේ තිබුණු කුඩා දුම්රිය පොළෙනි.    පසුකාලීනව අපේ උදේ ගමනට දේවි බාලිකාවේ හයවෙනි පංතියට තේරුණු ඔහුගේ කුඩා නැගණියද එකතු වුවාය.    අප එකට ගියේ ගෙදර සිට දුම්රිය පොළට පමණක් වූ අතර දුම්රිය පැමිණි විට මා මගේ සගයන් සිටි මැදිරියට ගොඩවූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් තම  තමන්ගේ මිතුරු මිතුරියන් සිටි මැදිරිවලට ගොඩවුහ.     මෙසේ කාලය ගතවුයේ අවුරුදු  ගණනිනි.    දැන් මේ කුඩා දරුවා යොවුන් වියේ එළිපත්තට එබිකම් කරන ගැටවරයෙකි.    ස්වභාවිකවම විය යුතු පරිද්දෙන් විරුද්ධ ලිංගිකයන් කෙරේ ඇතිවන ආකර්ෂණය ඔහුටද නොඅඩුව ඇතිවුන අතර ඒ අනුව ඔහුගේ ළපටි පෙම්වතිය වුයේ අපේ දුම්රිය පොළෙන්ම දුම්රියට නැග ගම්පහ නගරයේ පාසැලකට ගමන් ගන්නා  පාසැල් දැරියකි.    මේ සියළු දේවල් මා අඩුවක් නැතිව දැනගත්තේද මගේ කුඩා මිතුරාගෙනි.     අප දෙදෙනාගේම හිතවත් ජොලා මේ කෙල්ලට පටබැඳි නම වුයේ කර්තව්‍යය යන්නය.    කෙසේ වුවද වැඩිකල් යන්නට පෙර  කර්තව්‍යය තම ප්‍රේමයට නැවතීමේ ලකුණ තැබුවාය.   මගේ මිතුරා මේ වියොව දරාගත්තේ සැහැල්ලු සිනාවකින් වූ අතර ඉතා ඉක්මනටම තවත් පාසැල් කෙල්ලක් ඔහුගේ පෙම්වතිය වුවාය.     ඒ කතාව මා සමග කිවේ ඔහුගේ නැගණියයි.    එසේ කියූ ඇය වැඩිදුරටත් කීවේ ඒ කෙල්ල එවකට ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරය වූ ලව්බෝට් නම් ඉංග්‍රීසි ටෙලියේ  රඟන නිළියක් වගේ බවය.    දවසක් අපි දෙදෙනාම ඇය නගින කෝච්චි පෙට්ටියට නැග කෙල්ලව දැක බලාගෙන ලව්බෝට් යනුවෙන් ඇගේ නම බවුතීස්ම කළෙමු.     කර්තව්‍යය සමග පලහිලව්ව එතනින් අවසන් වුවත් මේ සම්බන්ධයෙන් මට විසඳා ගත යුතු ප්‍රශ්නයක් ඉතිරිවිය.    එනම් කර්තව්‍යය සිය කුළුඳුල් ප්‍රේමයට පොල්ල තැබුවේ ඇයිද යන්නයි.     මට තිබු සම්බන්ධතා භාවිත කරමින් සොයා බැලු මට දැනගන්නට ලැබුණේ ලබාල වයසේදීම හොඳින් වැඩුණු අඟපසඟ සහිතව උස් මහත්වූ දැරියක්ව සිටි කර්තව්‍යය තමන් තරමට උස මහත නොවූ සිය පෙම්වතා ගැන යෙහෙළියන් විසින් කරන ලද විහිළු තහළු හේතුවෙන් මේ තත්වය ඇතිවූ බවය. කර්තව්‍ය සම්බන්ධ කතාවද එතැනින් අවසන් වන අතර අපි නැවතත් මුල් කතාවට පැමිණෙමු.     නිවසට ආ විගසම මම කොච්චියාගෙන් විමසුවේ දහවල් ආහාරය ගත්තාද කියාය.      ඔහු දහවල් ආහාරය ලබාගෙන ඇති බව කී අතර මමද ඒ වනවිට ඉතා සුළු ප්‍රමාණයකින් දහවල ආහාරය ලබාගෙන තිබුණේ වෙනදා තරමටම කෑවොත් අප විසින් කරන්නට බලාපොරොත්තු වන කර්තව්‍යයට බාධා වන බැවිනි.    ඒ අනුව ප්‍රමාදයකින් තොරව අප දෙදෙනාගේ  සාදය ආරම්භ වූ අතර සෝඩා සහ අයිස් කැට පමණක්  මදුවිතට මුසු කරන්නට තබා  තිබුණේ  කෘත්‍රිම බීම වර්ග අප දෙදෙනාම පාවිච්චි නොකරන බැවිනි.     ඊට අමතරව එවෙලේම මිරිකාගත් දොඩම් ගෙඩි දෙකක යුෂ ස්වල්ප වශයෙන් බීමට මුසු කළේ පානයේ ඇති අමිරස අඩු කරන්නට උපකාරයක් වේය කියාය.    ඇත්ත වශයෙන්ම එය අප බලාපොරොත්තු වූවාටත් වඩා ප්‍රතිපලදායක වුයේ අප සිත් සතුටට පත් කරවමිනි.     හැලපි එවේලේම  සාදාගත් කටගැස්ම අපට ලබාදුන්නේ උණු උණුවෙනි.     මෙසේ ආරම්භ වූ අපේ කුඩා සාදය හොඳටම උණුසුම් වුණේ  ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20 විස්ස තරඟය පටන්ගත් පසුවය.     බයිට් ගොඩක් තිබුණත් අන්තිමට හොඳම බයිට් එක උනේත් මැච් එකය.      මට වඩා මැච් ගැන පකීර් කෙනෙක්වූ කොච්චියා මැච් එක ලංකාව දින්නෑං පසුව කීවේ ලංකාව දිනන බව ඔහු හොඳින් දැන සිටි බවය.      මැච් එකත් අවසන්ව සාදය අහවර වෙන තුරුම කොච්චියා කියෙව්වේ කොච්චි හාමිනේගේ කොන්දෙ අමාරුව හේතුවෙන් චෙපාකිට හිතූ හැටියට සලකා ගන්නට බැරි උන බවය. අවුරුදු විසි ගාණක් වැඩ කළ රටට සංචාරයකට ඇවිත් යන්නට බැරිද කියා මම චෙපාකිගෙන් අසමින් සිටියේ කලකට පෙර සිට වුවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොවීය.    චෙපාකිගේ ඥාති සොහොයුරෙක් විවාහ වුනේ මේ අතරවාරයේය.    මට කියා ඔහුව බන්දන්නටද චෙපාකි සෑහෙන උත්සාහයක් ගත් අතර විවාහයෙන් පසුව ජෝඩුව පදිංචි උනේද ළඟ පාතම තියෙන නිවසකය.    ඒ වගේ බැඳපු තවත් ජෝඩුවක් ගැන මගේ මතකය අලුත් වෙයි.    ඒ මීට අවුරුදු කීපයකට පෙරය.    ලංකාවේ දොස්තරවරියක් වූ කෙල්ල විවාහ වුනේ බෙල්ජියම් ජාතිකයෙක් සමගය.    බැන්දුවායින් පසුව මේ ජෝඩුව මා සමග ඉතා කුළුපග වුහ.     මේ ළඟදී මම ඔවුන්ට කතා කරන විට ඒ දෙපොල මෙරට අතහැර දා ලංකාවේ හික්කඩුවේ තනාගත් නිවසක පදිංචියට ගොස් සිටි අතර පැමිණි විගස තමන් බලන්නට පැමිණෙන්නය කියා මට දිගින් දිගටම කියා සිටියෝය.     අලුත බැඳපු චෙපාකිගේ ඥාති සොහොයුරා සිය බිරිඳද සමග ලංකාවේ සංචාරයකට ගියේ මෑතකදීය.     ඔවුන් විසින්ද චෙපාකිට මේ රටට පැමිණෙන්නටය කියා ආරාධනා කරන ලද අතර කෙටි  සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන්නට  චෙපාකි කල්පනා කළේ ඊට පසුවය.    ඒ ගැන ඔහු මට දැන්වූ පසුව ඉතිරි හරිය සුදානම් කිරීම සුළු දෙයක් විය.    ඔන්න ඔය ආකාරයට චෙපාකි ගේ ගමන සිදුවූ අතර ඔහු මෙරටට ළඟාවූයේ යක්කු ගස් නගින මැදියම් යාමයේදීය.    චෙපාකි යුවළ පැමිණෙන තුරු කොච්චියාත් මමත් චෙපාකිගේ ඥාති සොයුරාත් ගුවන් තොටේ බලා සිටියෙමු.      චෙපාකි යුවළ නවාතැන් ගත්තේ ඔවුන්ගේ ඥාති සොහොයුරා සමග වූ අතර පැමිණි දාට පසුදා එම  නිවසේ චෙපාකිගේ සමාගමේ පැරණි සගයන් සියල්ලන්ටම රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ  අතර කොච්චියාත් මමත් බ්ලොග්කරුවන් වශයෙන් එම සාදයට  ආරාධනා ලැබූවෙමු. රාත්‍රී හතහමාරට පමණ සාදය ආරම්භවූ අතර කොච්චියාත් මමත් යද්දී ආරාධිතයන් බොහෝ දෙනෙක් පැමිණ මිදුලේ ලන්තෑරුම් එළියෙන් චෙපාකිගේ පැමිණීම සමරමින් සිටියහ.    මධුවිතට අවශ්‍ය කටගැස්ම සියල්ලම චෙපාකිගේ අතින් පිළියෙළ වී තිබුණේ ඔහුගේ ආශාව වූ මිතුරන්ට තම අතින්ම කෑම සාදා දීම සපුරා ගනිමිනි.   මදුවිත නිදහසේ ගලා යද්දී අනුපානයට ගීත ගැයීම ආරම්භ විය.   කොච්චියාට සහ මට චෙපාකි සමග අපේ කතා නිදහසේ කරගන්නට අනෙක් අයගෙන් ඉඩක් නොවූ අතර ඔවුන් කීවේ තමන්ට නොතේරෙන අපේ බ්ලොග් කතා නවතා දමා ඒ අය සමග ගී ගැයීමට එකතුවෙන ලෙසය.   මෙසේ නිදහසේ ඇදීගිය සාදය මධ්‍යම රාත්‍රියත් පසුවන තුරු ගලාගියේ චෙපාකිගේ ආශාව සපුරාලමිනි.    නිවෙස් බලා යන්නට සුදානම් වීම සඳහා රාත්‍රී ආහාරයට මට වාඩිවෙන්නට වුයේ තනිවමය.    ඒ මන්ද යත් චෙපාකි රාත්‍රියට ආහාර නොගන්නා බව කී අතර කොච්චියා රෑ කෑම අනවශ්‍ය බව කීවේ ගෙදර ගිහින්ද තව ටිකක් බීලාම රෑට කන්නට බව මම දැන සිටියෙමි.    චෙපාකි රෑට නොකන හේතුව මම ඔහුගේ ආදරණීය බිරිඳ චෙපීගෙන් ඇසු විට ඇය කීවේ බඩ මහත් වෙන නිසා චෙපාකි රෑට කෑම නොකන බවත් බයිට් ටිකක් වැඩියෙන් කාදමා නිදාගන්නා බවත්ය.   මටනම් රෑට කෑම නොකා ඉන්නට බැරිය.   ඒ නිසා චෙපාකි අපට රාත්‍රී ආහාරයට සුදානම් කර තිබු ඉඳිආප්ප සෑහෙන ප්‍රමාණයක් සීනි සම්බෝල සහ මාළු හොදි සමග ගිල දැමු මම ඊට පසු චිකන් සහ සලාද සමග ප්‍රයිඩ්  රයිස් පිඟානකට සාධාරණය ඉටු කළේ මහන්සියෙන් හදපු කෑම  ඉතිරි කළහොත් චෙපාකිට ප්‍රශ්නයක් වන නිසාය.   වටලප්පන් කෝප්පයක් පළතුරු සමග කා රාත්‍රී ආහාරය අවසන් කළ මම කොච්චියාත් සමග චෙපාකි යුවළගෙන් සමුගෙන ගෙදර ගියෙමි.     ගෙදර ගියද මට ප්‍රශ්නයක් ඉතිරි වුණේ චෙපාකි රෑ කෑම නොකන එකය.   මන්ද යත් චෙපාකි යුවළ පසුවදා රාත්‍රි ආහාරය සඳහා අපේ ගෙදරට එන්නට නියමිත වූ හේතුවෙනි.    පසුවදා රාත්‍රී ආහාරය සඳහා එන චෙපාකි යුවලට රසට කෑම දෙන්නට හැලපි විචිත්‍ර කෑම වට්ටෝරුවක් සාදන්නට අර ඇඳ ගෙන සිටි අතර චෙපාකි ගේ රාත්‍රී උපවාසය හේතුවෙන් නොයෙකුත් වර්ගයේ කෑම සැදීම නිෂ්ඵල  කාර්යයක් වන්නේය.    මා චෙපාකිගේ රෑ කෑම වර්ජනය ගැන හැලපිත් සමග කීවේ පසුදා උදයේදීය. "එතකොට මම මහන්සිවෙලා හදන කෑම කන්නෙ කවුදැ-?යි ඇසු හැලපි මගේ ඇඟට ගොඩවුනාය. "ඔය ගැන දැන් මෙතන අපි දෙන්න කෙළගෙන වැඩක් වෙන්නෙ නෑ,කන විදියකට දෙයක් හදල දෙන්න බලමු- යි මා කීවේ හැලපිගේ ඔරොප්පුව සමනය කරන්නටය.     ඒ අනුව සුදානම් වී සිටි මෙනුව සම්පුර්ණ සංශෝධනයකට ලක්කළ හැලපි වෙනස්ම මෙනුවකට පසුදින රාත්‍රී ආහාරවේල පිළියෙළ කරන්නට සුදානම් වුවාය.  පසුදා රාත්‍රියේ කල්වේලා නොඉක්මවා චෙපාකි යුවළ අප නිවෙසට පැමිණි අතර මගේ තවත් මිතුරෙක්ද පැමිණියේ විශේෂයෙන්ම පිංතුර ගන්නටය.   අපේ කතාබහ සමගින් සාදය නැගලා ගිය අතර චෙපාකිට කෑමට මවිසින් පිළියෙළ කරන ලද කටගැස්ම කමින් බෝතලයකට වටවී සිටියෙමු.    මෙහෙම කියනවිට මට තව කතාවක් මතක්වේ.    එනම් අපි බොනකොට අරක්කු තොපි බොනවනම් මදුවිත කතාවයි.  කලාකාරයන්,ප්‍රසිද්ධ අය විසින් කරන ලද මත්පැන් පානයක් ගැන මාධ්‍යයක ලියැවෙද්දී ලියන්නේ මදුබඳුන මදුවිත ආදී වශයෙනි.   ඔවුන් වීදුරුවේ දාගෙන කසිප්පු බීවද එය මදුවිතය.    එසේ  නොවන දුහුනන් වූ අපි වීදුරුවට ඩබල් බ්ලැක් දාගෙන බිව්වත් එය අරක්කුය.    මේ වෙනස ගැන මම මගේ හිතවතෙකු වූ කවියෙක්,නිවේදකයෙක්, ලේඛකයෙක්,ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ වරයෙක් ආදී ක්ෂේත්‍ර ගණනාවකම හපන්කම් දැක්වූ කලාකරුවෙක් සමග දවසක බීමක් පාවිච්චි කරද්දී ඔහුගෙන් මේ ගැන ඇසුවෙමි. "මොන නම කිව්වත් වැඩක් තියෙනවද බං හොඳට වදින බීමක් නැත්නං?  කියමින් මගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දුන්නේය.   නැවත වතාවක් අපේ කතාවට ආවොත් සාදයේ සිටි කාන්තාවන් ඇතුලු අනෙකුත් අය කෑම මේසයට ඇවිත් බෙදාගෙන කෑවත් චෙපාකි මේසය පැත්ත පලාතේවත් නොආවේය.   මේ වැඩේ හොඳින් දැන  සිටි හැලපි කළේ ඇය විසින්පිළියෙළ කරන ලද ආප්ප,බිත්තර ආප්ප ආදිය පිඟන් පුරවා චෙපාකි මදුවිත සප්පායම් වෙමින් සිටි තැනට යැවීමය.   චෙපාකි ඇතුලු එතන සිටි අපි සියළු දෙනාම කිසි අදිමදියකින් තොරව බඩකට පුරා ආප්ප කෑවෙමු.    මහත් වෙනවාට බයෙන් රෑට නොකන චෙපාකිට අප කන්නට දුන්නේ ඔන්න ඔය ආකාරයටය.  අපේ සංග්‍රහ කෙසේ වුවද කලකට පසු සිදුවූ චෙපාකි යුවලගේ මෙරට සංචාරය ඔවුන්ට හුරුපුරුදුව සිටි කෑම පිළිබඳව තිබු බොහෝ ඇරියස් කවර් කරගන්නට ඔවුන්ට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට ඇති බව නම් විශ්වාසය.    දැන් ඉතිං කතාව නවත්වන්නට වෙලාව පැමිණ ඇති බව පෙනීයයි.    ඊට පෙර කියන්නට තවත් කතාවක් ඇත.   දකුණු ඉන්දීය සම්ප්‍රදායික කෑම් බීම් වලට ප්‍රිය කරන්නෙකු වූ කොච්චියා මේ නගරයේ ඇති දකුණු ඉන්දීය අවන්හල් සැමෙකකින්ම පාහේ කමින් බොමින් ඔහුට පුරුදු රස සොයයි.    ඔහුගේ මේ විනෝදාංශය ගැන දවසක් පෝස්ටුවක් ද ලියා තිබුණා මට මතකය.     දිනක් ඔහු මටද ඔහු සමග උදෑසන කෑම වේලකට එකතුවෙන ලෙස ආරාධනා කළ විට මමද ඔහු සමග ගොස් උදේට කෑවෙමි.    දකුණු ඉන්දීය පාතරාසය  අතිශය ප්‍රසන්න අත්දැකීමක් වුවද පොඩි ප්‍රශ්නයකට තිබුණේ වැඩේ පටන්ගන්න වේලාවය.     මන්ද යත් සතිඅන්තයේ පළමු දිනය වන සිකුරාදා සාමාන්‍යයෙන් අපි තරමක් දහවල් වෙනතුරු නිදා ගන්නෙමු.    නමුත් කොච්චියා උදේට කෑමට යන්නේ උදේ හතට පමණ වීම තරමක අවුලක් විය.    දකුණු ඉන්දීය කෑම තිබෙන හැම අවන්හලකටම ඔහු නොයන අතර යන්නේ ඔහු සිත්ගත් අවන්හල් කීපයකටය.   මේ ගැන මා කොච්චියාගෙන් ඇසුවිට ඔහු කීවේ දකුණු ඉන්දීය කෑම තිබුණු පමණින් අවන්හලක් දකුණු ඉන්දීය නොවන බවත් කෑමට අමතරව දකුණු ඉන්දීය ගතිය (South Indian Spirit) ද එම අවන්හලේ තිබිය යුතු බවය.   මේ ලඟදි දවසක දවාලේ මා සමග බෝතලයකට සෙට්වුණු කොච්චියා පිටත්වී යනවිට මා සමග කතාකරගත්තේ පහුවදා උදේට කන්නට දෙන්නාම එකතුව යන්නටය.   දහවල කරන ලද කර්තව්‍යය සෑහෙන දිග දුර ගිය නිසා මම කළින්ම නින්දට ගියෙමි.    මළාක් මෙන් නිදාගත් මට පසුදා උදේ ඇහැරුණේ කන ළඟ නාදවූ දුරකතනයේ සද්දයටය.   වෙලාව බැලු විට උදේ හතයි හතළිස්පහවූ අතර කොච්චියා කතා කළේ මාවත් එක්ක යන්නට ලඟම එන බව කියන්නටය.     කරකවා අතහැරියාක් මෙන්වූ මා ඉක්මනටම කීවේ මා තාම නිදියහනේ නිසා ඔහුට යන්නට කියාය.   නිදාගන්නැයි කියූ කොච්චියා මට බැන වදිමින් තනියම කන්නට ගියේය.   ආයෙම ඔහු මට උදේ කන්නට කතා කළේ ඊයේය.    ඊයේ නම් බැණුම් අහන්නට බැරි නිසා කළින්ම  ඇහැරුණු මම කොච්චියාගේ සුඛෝපභෝගී වාහනයට නගිද්දී වෙලාව හතයි හතළිහය.    ළඟ පාත තිබූ මලබාරි අවන්හලකින් වඩ සමග උප්පුමා කෑ අපි දකුණු ඉන්දීය කිරි තේ එක බොන්නට ගියේ වෙනත් අවන්හලකටය.   අපි දෙන්නා කාපු රස කෑම වේල ඔබ සමග බෙදා ගන්නට මම කැමරාව අරගෙන ගිහිං පින්තුරයකුත් ගත්තෙමි.    පිංතුරයේ මගේ කෑම පිඟානට ඉදිරියෙන් තම පිඟානට උප්පුමා බෙදා ගන්නේ කොච්චියාය෴ ප.ලි :චෙපාකි ගේ සංචාරයේ පිංතුර මේ වනතුරුත් මට ලැබී නොමැති බව කරුණාවෙන්
Viewing all 13000 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>