දියබිදක් නෙත නොනැගෙටෙන
හැරමිරිගුවක,
නවතාදිවි රකිනා අවිය
හාරනකර්කශ මහ පොලව,
සැගවෙතිඑය යටම
බේරෙන්නටහිරුගෙන් එන අවු හී සැරෙන්,
මදකටගියොත් ඉදිරියටඒ වාහනයේ සක,
නොහැකියරකින්නට මිහිපිට කිසි
↧
කතරේ රියදුරු
↧
පෙබරවාරි 29
පෙබරවාරි 29 යන දිනය එළඹෙන්නේ වසර 4කට වරක් බව අප දැනගන්නේ කුඩා කාලයේ දී ම ය. පෘථිවියේ තම කක්ෂය වටා සිදු කෙරනෙ සම්පූර්ණ පරිභ්‍රමණ කාලය දින 365 ක් ලෙස සම්මත වශයෙන් සැලකුව ද සත්‍ය වශයෙන් ම එ් සදහා දින 365 කුත් පැය 6 කට ආසන්න කාලයකුත් ගත වේ. එලෙස අත් හරින ලද කාලය අවුරුදු හතරක් ගෙවී යන විට එක් දිනයක කාලයට සමාන වන බැවින් අවුරුදු 4කට වරක් එම දිනය අතිරේක දිනයක් වශයෙන් දින අඩු පෙබරවාරියට එකතු කරනු ලබයි. ඒ අනුව යම් වසරක පෙබරවාරි 29 වැනිදාවක් ඇති ද එකී අවුරුද්ද අධික – අවුරුද්දක් ලෙස සැලකේ.
(timeanddate.com)
පෙබරවාරියේ 29 දිනය සම්බන්ධයෙන් සිදුවන්නේ මෙම සංවාදය පමණි. ඒ හැරුණු කොට මෙම දිනයෙහි යම් ඵෙතිහාසික වටිනාකමක් පවතී ද යන්න පිළිබදව සංවාදයට බදුන් වන්නේ නැති තරම් ය.එහෙයින් මෙම ලිපිය ලියැවෙන්නේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනු පිණිස ය.
නෛතික තත්ත්වයන්
පෙබරවාරි 29 වැනිදා යන්න ස්ථිර වශයෙන් පවතින්නක් නොවන නිසාවෙන් එකී දිනය තුළ සිදුවන ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිය අදාළ වන්නේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු ම කාරණයකි.
එක්සත් රාජධානිය සහ හොංකොං යන රටවල පෙබරවාරි 29 වැනි දින ඉපදුණු අයෙකුගේ උපන් දිනය මාර්තු 1 වැනිදා වශයෙන් සාමාන්‍යෙයන් සලකනු ලබයි.
(legaltechnews.com)
නවසීලන්තයේ දී රියදුරු බලපත් ලබා ගැනීමේ දී එය සලකන්නේ පෙබරාවාරී 28 වැනිදා ලෙස ය. ඒ බව නවසීලන්තයේ Land Transport (Driver Licensing) Rule 1999 පනතේ දක්වා ඇත. කෙසේ නමුත් මේ හැරුණු කොට නවසීලන්ත ව්‍යවස්ථාපිත නීතිය තුළ එවැනි පුද්ගලයකු සම්බන්ධයෙන් බලපාන්නා වූ නෛතික තත්ත්වයන් පිළිබද නිහඩ වන නමුත් නඩු තීන්දු නීතිය තුළ දක්වා ඇත්තේ යමෙකුගේ වයස තීරණය විය යුත්තේ ඔහු/ඇය ඉපදුණු පසු ගෙවී යන වර්ෂයන් ප්‍රමාණය මත බව ය.
තායිවානය තුළ මේ සම්බන්ධයෙන් දක්වා ඇත්තේ යම් අවස්ථාවක යමෙකු පෙබරවාරි 29 වැනි දිනක උපත ලැබුවහොත් එවැනි විටෙක එය අර්ථ දක්වනු ලබන්නේ පෙබරවාරි මාසයේ අවසන් දිනය වශයෙනි. එවිට ඔහුගේ/ ඇයගේ උපන් දිනය ඒ ඒ අවුරුද්දේ පෙබරවාරි අවසන් දිනයේ දී (එය 28 හො 29 විය හැකි ය) සලකනු ලැබිය යුතු ය.
උපන් දිනයක් ලෙස
(babycenter.com)
පෙබරවාරි 29 වැනි දින උපත ලැබීම අතිශය කලාතුරකින් සිදු වන්නක් වන අතර එවැන්නක් සිදු වීම සදහා සාමාන්‍යෙයන් පවත්නා ඉඩ ප්‍රස්තාව 1/1461 ක තරම් ඉහළ අගයක් ගනී. එ් මෙය අවුරුදු හතරක පවත්නා සමස්ත දින ගණනින් එක් දිනයක් වන බැවිනි. මෙවැනිි දිනක උපත ලබන්නන් ඉංග්‍රීසි භාෂාවේ දී ‘’Leapers’’ හෝ ‘’Leaplings’’ වශයෙන් හදුන්වනු ලබයි.
මෙදිනට තමන් උපන් දිනය සමරනු ලබන ලෝකයේ ප්‍රසිද්ධ චරිත රාශියක් ම සිටින අතර ඒ අතරින් සංගීත ක්ෂේත්‍රෙය් ප්‍රසිද්ධ චරිත ලෙස ජා රූල් (රැප් ගායක), මාර්ක් ෆොස්ටර් (රොක් ගායක), ඩීනා ෂෝ (පොප් ගායිකා), ඩේව් විලියම්ස් යන අය ද තෙවන පාවුළු පාප් වහන්සේගේ උපන් දිනය ද ක්‍රිඩා ක්ෂේත්‍රෙයන් ෂෝන් ඇබොට් (ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කීඩක), ක්ලෝඩියා විලියම්ස් (නවසීලන්ත ටෙනිස් ක්‍රීඩිකා) යන අයගේ උපන් දිනය ද යෙදී ඇත.
29 වෙනත් කතා
උපත් මෙන් ම ප්‍රසිද්ධ චරිත කිහිපයකගේ ම විපත් සිදු වී ඇත්තේ ද පෙබරවාරී 29 වැනි දා ය. ඇමෙරිකානු ගායක/රංගන ශිල්පී ඩේවී ජෝන්ස් (2012), හරල්ඩ් බර්නාඩ් (බාර්බඩෝස්හි තෙවන අගමැති) (2004) මේ සදහා නිදසුන් වේ.
පෙබරවාරි 29 වැනිදා සම්බන්ධයෙන් යුරෝපය තුළ විවිධ ජනප්‍රවාදයන්/ ජන සම්මතතයන්/ චාරිත්‍ර සම්ප්‍රදායන් කිහිපයක් ද සොයා ගත හැකි ය. ග්‍රීසිය තුළ එවැනි දිනයක දී විවාහ වීම අශුභ කටයුත්තක් වශයෙන් සැලකේ.
(jezebel.com)
අයර්ලන්තය සහ එක්සත් රාජධානිය තුළ මෙය Bachelor’s day වශයෙන් සැලකෙන අතර මෙහි ඇති විශේෂත්වය නම් එදිනට කාන්තාවන් හට තමන් කැමති පුරුෂයෙකු වෙත විවාහ වීම සදහා තම කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි වීම යි. එවැනි විටෙක දී එම පුරුෂයා ඊට කැමැත්ත පළ කරන්නේ නැතිනම් ඔහු යෝජනාව ගෙන ආ කාන්තාව වෙත මුදල් ප්‍රමාණයක් ප්‍රදානය කිරීම හෝ ඇදුම් කිහිපයක් මිලට ගෙන දීම සිදු කළ යුතු ය.
(timeanddate.com)
යුරෝපයේ ඉහළ මධ්‍යම පාන්තිකයන් අතර මෙම චරිත්‍රයට අනුව කිසියම් පුරුෂයකු එවැනි යෝජනාවක් ප්‍රතික්ෂේප කරයි ද ඔහු විසින් අදාළ කාන්තාව වෙනුවෙන් අත්වැසුම් කට්ටල 12ක් මිලට ගෙන ලබා දිය යුතු ය. එවිට ඇය විසින් ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව ප්‍රතික්ෂේප වූ බවත් මගුල් මුද්දක් නොපැළද සිටින බවටත් අන් තැනැත්තන් හට දෘශ්‍යමාන නොවීම මින් සංකේතවත් කරන බවට පැවසේ.
ඇමෙරිකාවේ ඉලිනෝස්හි ආරෝරාහි ද මෙවැනි සම්ප්‍රදායක් පවතින බවටත් එහි දී යෝජනාවට එකග නොවන පුරුෂයකු ඩොලර් 4ක දඩ මුදලක් යෝජනාව කළ කාන්තාව වෙත ගෙවිය යුතු බවටත් වාර්තා වී ඇත.
(rarediseaseday.org)
යුරෝපා සංගමය විසින් 2008 වර්ෂයේ දී පෙබරාවාරි 29 වැනිදා ‘දුලබ රෝග දිනය‘ වශයෙන් නම් කරන ලදී. දුර්ලභ ගණයේ රෝග පිළිබදවත්, ඒ සම්බන්ධයෙන් දැනට සොයා ගෙන ඇති පිළියම් සම්බන්ධයෙන් ද මහජනතාව වඩ වඩාත් දැනුවත් කිරීම සහ එවැනි රෝගවලින් පීඩාවට පත්ව සිටින්නන් වෙනුවෙන් උදව් උපකාර සිදු කිරීම ද මෙහි අරමුණු වශයෙන් දක්වා ඇත. වසර 2009 දී මෙය ලෝක දිනයක් වශයෙන් සැලකෙන්නට පටන් ගත් අතර ම අධික අවුරුදු නොවන සාමාන්‍ය වර්ෂයන්හි දී මෙම දිනය පෙබරවාරි 28 වැනි දාට සමරන්නට ද කටයුතු යෙදී ඇත.
කවරයේ
↧
↧
සිංහලයේ සටන් කලාව : අංගම්
වසර තුන් දහසකට එහා ගිය ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාද්වීපයේ සිහසුන දැරූ විවිධ රජවරු නොයෙක් ආකාරයේ ක්‍රීඩාවන්ගෙන් විනෝදය ලැබූ බව නොරහසක්. මේ සියලු ක්‍රීඩා අතරින් ඉහළින් ම පැවතුණේ නිරායුධ සටන් කලාව යි.
ඈත අතීතයේ දී ‘වඩාත් සුදුස්සා නොනැසී පවතී’ යන සංකල්පය සත්‍ය වශයෙන් ම දක්නට ලැබුණු යුගයේ ශ්‍රී ලංකාව වරින් වර විදේශ ආක්‍රමණවලට ලක් වූ අතර බොහෝමයක් දකුණු ඉන්දීය පාලකයින් ඔවුන්ගේ ප්‍රාන්තයන් යස ඉසුරින් පරිපූර්ණ කර ගැනීම සඳහා නිරන්තරයෙන් ම ලක්දිව අත්පත් කර ගැනීමට උත්සාහ දැරුවා. නමුත් මේ සෑම ප්‍රයත්නයක් ම අසාර්ථක වූයේ සිංහලයන් විසින් ඔවුන් ව පරාජයට ලක් කිරීම සඳහා යොදා ගත් අංගම් නම් වූ සටන් කලාව නිසාවෙන්.
නිරායුධ සටන් කලාව හෙවත් අංගම්පොර (commons.wikimedia.org)
ජනප්‍රවාදයේ දැක්වෙන ආකාරයට අංගම් සටන් කලාවේ ආරම්භය අදින් වසර තිස් තුන් දහසකටත් එපිට අතීතයකට දිව යනවා. මුල් වරට මෙම සටන් කලාව යොදා ගෙන ඇත්තේ එවකට ලංකාද්වීපයේ වාසය කළ යක්ෂ, නාග, දේව සහ රාක්ෂ යන හෙළ ජන කණ්ඩායම් විසින්. ඒ සුර-අසුර යුද්ධයේ දී ඉන්දියාවෙන් එල්ල වූ තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා යි. ඉන්පසු ක්‍රමයෙන් දියුණු වූ අංගම් සටන් කලාව පසු කාලීන ව තාරක නම් වූ සිංහල රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්‍රමණයට එරෙහි ව ද යොදාගෙන තිබෙනවා.
අංගම් සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ රාවණා රජුගේ රාජ්‍ය සමය යි. නිල ශාස්ත්‍රය පිළිබඳ විශේෂඥයෙකු වූ රාවණා රජතුමා විසින් අංගම් සටන් කලාවට නොයෙක් ආකාරයේ අලුත් උපාය මාර්ගයන් හඳුන්වා දුන් අතර රාම-රාවණා යුද්ධයේ දී ද අංගම් සටන් කලාව යොදා ගත් බව ඓතිහාසික මූලාශ්‍රයන් හි සඳහන් වෙනවා. රාවණා රජු විසින් අංගම් සටන් කලාවේ වර්ධනය සඳහා ලබා දුන් දායකත්වය සිහිපත් කරනු පිණිස අදටත් අංගම් සටන් ශිල්පීන් පුහුණු කිරීම් ඇරඹීමට මත්තෙන් රාවණා රාජු සිහිපත් කිරීම සඳහා මල්පැලක් සකස් කොට ස්තෝත්‍ර කියා ආශිර්වාද ලබා ගැනීම සිදු කරනවා.
රාවණා රජු සීතා ව පැහැර ගැනීම (en.wikipedia.org)
අනුරාධපුර යුගයේ දී දුටුගැමුණු රජුගේ දස මහා යෝධයින් අංගම් සටන් කලාව ප්‍රගුණ කළ බව සඳහන් වෙනවා. ඉන් පසු ව නැවත වරක් අංගම් සටන් කලාව පිළිබඳ ව සඳහන් වන්නේ කෝට්ටේ යුගයේ දී යි.
එයට හේතු වන්නට ඇත්තේ රාජධානි මාරු වීමත් සමග අංගම් සටන් කලාව ක්‍රමයෙන් අභාවයට යෑම විය යුතු යි. හය වැනි බුවනෙකබාහු රාජු විසින් යාපනය රාජධානිය ආක්‍රමණය කිරීම සඳහා අංගම් ශූරයින් යවා තිබෙනවා. එසේ ම මුල්ලේරියා සටනේ දී පෘතුගීසීන් ව පරාජයට පත් කිරීම සඳහා මායාදුන්නේ රජු විසින් අංගම් සටන්කරුවන් ව මෙහෙයවා ඇති අතර පළමු වැනි රාජසිංහ නමින් රජකමට පත් වූ ටිකිරි බණ්ඩාර කුමරු ද අංගම් සටන් කලාව මැනවින් ප්‍රගුණ කළ බව යි ඉතිහාසයේ සඳහන් වන්නේ.
අංගම් මඩුවක් (commons.wikimedia.org)
පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන පැමිණි අංගම් සටන් කලාව ඉගැන්වීම සඳහා නුවර යුගයේ දී මරුවල්ලිය සහ සුදලිය යනුවෙන් ප්‍රධාන ගුරුකුලයන් දෙකක් බිහි වූ අතර ඒවායේ නායකත්වය දරණ ලද්දේ මරුවල්ලිය මුහන්දිරම් නිලමේ සහ සුදලියේ මුහන්දිරම් නිලමේ විසින්. මෙම ගුරුකුලයන් විසින් ගෙබිම් ශාස්ත්‍රය අනුව ගොඩනංවන ලද අංගම් මඩුවල දී සිංහලයේ රජතුමා ඉදිරියේ අංගම් සටන් ඉදිරිපත් කිරීම සිදු කර තිබෙනවා.
අංගම් සටන් කලාව කොටස් කිහිපයකින් යුක්ත වන අතර එයින් මූලික වන්නේ අංගම්පොර, ඉලංගම්පොර සහ මායා අංගම් යනුවෙන් හඳුන්වන කොටස් ත්‍රිත්වය යි. සිංහල භාෂාවේ ‘අංගම්’ යනුවෙන් අදහස් කරන්නේ ‘සිරුර’ වන අතර ‘සටන’ යන්න දැක්වීම සඳහා ‘පොර’ යන වදන යොදා ගනු ලබනවා.
ඒ අනුව ‘අංගම්පොර’ යනුවෙන් හැඳින්වෙන්නේ ‘ශාරීරික පොරය’ හෙවත් ආයුධ රහිත ව ශරීරාංගයන් පමණක් යොදා ගනිමින් සිදු කරන සටන යි. ආයුධ යොදා ගනිමින් සිදු කරන සටන් ‘ඉලංගම්පොර’ ලෙස හඳුන්වන අතර මේ සඳහා ප්‍රධාන වශයෙන් ආයුධ හැට දෙකක් (සූසැට ආයුධ) භාවිතා කරනවා.
අංගම් සටන් ශිල්පයේ ප්‍රවීණයෙකු වීම සඳහා මෙම කොටස් දෙකට අමතර ව ‘මායා අංගම්’ යනුවෙන් හැඳින්වෙන ගුප්ත විද්‍යාව ද හැදෑරිය යුතු වෙනවා. එහි දී වඩාත් වැදගත් වන්නේ නිල ශාස්ත්‍රය පිළිබඳ දැනුම යි. එසේ ම මෙහි දී භාවනාව, ආයුර්වේද වෙදකම සහ මාන්ත්‍ර ශාස්ත්‍රයන් ද ප්‍රගුණ කිරීම සිදු කරනවා.
අංගම් සටන් කලාව හැදෑරීමට සූදානම් වීම (angampora.org)
අංගම්පොරයක දී මූලික වශයෙන් යොදා ගනු ලබන උපාය මාර්ගයන් ත්‍රිත්වයක් පවතිනවා. ඒවා පොර හරඹ, ගැට පූට්ටු සහ මරු කලාව ලෙස හැඳින්විය හැකි යි. පොර හරඹයක දී පහරදීම සහ පහර වැළකීම වැදගත් වන අතර අඩි මාරු කිරීම, අත් හරඹ මෙන් ම පා හරඹ ද පුහුණු වීම සිදු කරනවා.
පොර හරඹයක දී අංගම් සටන්කරුවෙකුට උකුස්සාගේ ඇසත්, මොණරාගේ කනත්, වඳුරාගේ පැනිල්ලත්, කොටියාගේ ගමන් විලාසයත්, වලසාගේ බදා ගැනීමත් තිබිය යුතු බව යි පැවසෙන්නේ.
අංගම්පොරයේ තවත් සුවිශේෂී උපාය මාර්ගයක් වන්නේ ගැට පූට්ටුව යි. මෙහි දී සටන්කරුවා ඔහුගේ ශරීරාංග උපයෝගී කර ගනිමින් ප්‍රතිවාදියාගේ පහර වළකා ඔහු ව තම ග්‍රහණයට හසු කර ගැනීම, අඩපණ කිරීම හෝ මරණයට පත් කිරීම සිදු වෙනවා.
ගැට පූට්ටුවේ අවස්ථාවක් (projectangampora.files.wordpress.com)
මරු කලාවේ දී සිදු වන්නේ නිල අල්ලා පහර දීම යි. මේ සඳහා නිල ශාස්ත්‍රය, හෙළ වෙදකම සහ ජ්‍යෝතිෂ විද්‍යාව පිළිබඳ මනා දැනුමක් පැවතිය යුතු අතර අංගම් සටන් කලාව පරතෙරට ම හදාරන ලද ගුරුතුමාගේ විශ්වාසවන්ත ම ශිෂ්‍යයන්ට පමණ යි ශිල්ප ලබා දීම සිදු කරන්නේ. මරු කලාවේ දී ප්‍රධාන නිල එකසිය හතක් පිළිබඳ සඳහන් වන අතර එයින් නිල දොළොසක් මරාන්තික යි. මෙය ඉතාමත් ආරක්ෂාකාරී ව පුහුණු විය යුතු අතර අනතුරක දී ප්‍රතිකාර කිරීම සඳහා හෙළ වෙදකම යොදා ගනු ලබනවා.
අංගම් සටන් කලාවේ පදනම වන්නේ මනා හික්මීම, ඉවසීම සහ කාය ශක්තිය යි. මානසික ඒකාග්‍රතාවය ඇති කර ගැනීම සඳහා බොහෝ විට බුදු දහමේ එන භාවනා ක්‍රම උපයෝගී කර ගන්නා අතර මනා කාය ශක්තියක් සහිත අංගම් සටන්කරුවෙකුට පස් මිටක් ගෙන එයින් දිය මතුවන සේ මිරිකීම, හක්ගෙඩියක් මිටින් ගසා සුනු විසුනු කිරීම, ඇඟිලි දෙකෙන් අල්ලා පුවක් ගෙඩියක් පොඩි කිරීම, කුළු හරක් මෙල්ල කිරීම, පොල් ගෙඩියක් උඩ විසි කර දෙපළු වන්නට පා පහර දීම වැනි ක්‍රියාවන් මගින් ඔහුගේ ශක්තිය විදහා දැක්විය හැකි බව කියවෙනවා.
ඉලංගම්පොරයක දී යොදා ගන්නා කඩුව සහ පලිහ (commons.wikimedia.org)
සාමාන්‍යයෙන් යුද්ධයක දී බහුල ව ම යොදාගෙන ඇත්තේ ඉලංගම්පොර යි. දිගු කලක් තිස්සේ මනා ව පුහුණු වූ ඉලංගම්පොර සටන්කරුවෙකුට ලොව ඕනෑම ආයුධයක් හැසිරවිය හැකි අතර අතට අසු වන ඕනෑම දෙයක් ආයුධයක් ලෙස භාවිතයට ගත හැකි යි. ඉලංගම්පොරයක දී යොදා ගන්නේ ආයුධ මූලික වශයෙන් 21 ක් ඇති අතර මේවාට කඩුව, හෙල්ල, රිට, මුගුර, යෂ්ටිය, කිණිස්ස සහ පලිහ ඇතුළත් වෙනවා. මෙයට අමතර ව යම් යම් ගුරුකුලයන්ට පමණක් අදාළ පාරම්පරික අයුධ ද දක්නට ලැබෙනවා.
අංගම් සටන් කලාවේ භයානක ම සටන් ක්‍රමවේදය ලෙස සැලකෙන්නේ මායා අංගම් ශාස්ත්‍රය යි. මෙය මූලික වශයෙන් අංගම් පිඹීම, කාලං සහ පිල්ලි යනුවෙන් කොටස් තුනකින් යුක්ත වන අතර සතුරා ව අඩපණ කිරීමේ සිට මරණය ගෙන දෙන තෙක් ම සතුරාට හානි කිරීම සඳහා යොදා ගනු ලබනවා. දක්ෂ මායා අංගම් ශිල්පියෙකුට ඈතක සිට මන්ත්‍ර ජපකොට සතුරා ව මුලාවට පත් කළ හැකි බව ද තම සිරුරට සමාන සිරුරක් මවා පෙන්වීමට හැකි බව ද කියවෙනවා.
මායා අංගම් පුහුණු වීම (hotchocolatestudios.files.wordpress.com)
මායා අංගම් ශිල්පය ප්‍රගුණ කිරීම සඳහා බොහෝ විට භාවනා ක්‍රම සහ යෝග අභ්‍යාස යොදා ගන්නවා. එසේ ම මැනවින් මයා අංගම් ශිල්පය හැදෑරූ අයෙක්ට තුන් කල් (එනම් අතීතය, වර්තමානය සහ අනාගතය) දැකීමේ හැකියාව පැවතීම ද විශේෂත්වයක්.
මෙසේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ක්‍රමික ව වර්ධනය වී ලංකාද්වීපය සතුරාගෙන් ආරක්ෂා කර ගැනීමට උපරිමයෙන් දායක වූ ඉපැරණි අංගම් සටන් කලාවට ක්‍රිස්තු වර්ෂ 1815 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අත් වූයේ අයහපත් කාලයක්. ඉංග්‍රීසි පාලකයන් විසින් ගැසට් නිවේදනයක් මගින් අංගම් සටන් කලාව තහනමට ලක් කළ අතර එය සාපරාධී ක්‍රීඩාවක් ලෙස හඳුන්වා තිබෙනවා.
එසේ ම එය පුහුණු වන අයට ලැබුණු දඬුවම වූයේ දණහිසෙන් පහළට වෙඩි තැබීම යි. එම නිසා තහනමට ලක් වීමෙන් පසු ව මෙය ඉතාමත් රහසිගත ව පාරම්පරික ශිල්පයක් ලෙස පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු වී තිබෙනවා. එසේ ම සටන් ශිල්පය ආරක්ෂා කිරීමේ උපායක් ලෙස නර්තනය තුළට සටන් ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස අංගම් සටන් කලාව පවත්වාගෙන පැමිණි බව මූලාශ්‍රයන් හි සඳහන් වෙනවා.
කොරතොට අංගම් පරපුරේ වත්මන් භාරකරු වන අජන්ත මහන්තආරච්චි. (commons.wikimedia.org)
මෙවැනි හේතූන් නිසා ලක්දිව අතීතයේ පැවති අංගම් සටන් පරම්පරා කිහිපයක් ම අභාවයට ගොස් ඇති අතර ම ඈත අතීතයේ පටන් ම පැවති අංගම් සටන් පරම්පරාව හඳුන්වන්නේ කොරතොට ආරච්චි පරපුර ලෙස යි. සුර-අසුර යුද්ධයේ ජයග්‍රහණයට මුල් වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගම්කරුවෝ ටිකිරි කුමරු සමග මුල්ලේරියා සටනට මූලිකත්වය ලබා දී රජුගේ ප්‍රසාදයට ලක් වී තිබෙනවා. කොරතොට අංගම් සටන් පරම්පරාව අදට ද වාසය කරන්නේ මුල්ලේරියා විජයග්‍රහණය වෙනුවෙන් ලද හේවාගම් කෝරලයේ නින්දගම් භූමියේ යි.
අංගම් සටන් කලාව පිළිබඳ සඳහන් ඉපැරණි සිංහල මූලාශ්‍රයන් බොහෝමයි. දුටුගැමුණු මහ රජු සහ එළාර රජු අතර පැවති යුද්ධයේ දී ගෝඨයිම්බර සහ ථෙරපුත්තාභය විසින් අංගම්පොර යොදා ගත් අයුරු මහා වංශයේ විස්තර කර තිබෙන අතර පරාක්‍රමබාහු රජු විසින් දොළොස් වැනි සියවසේ ඔහුගේ හේවායින් සඳහා අංගම් පුහුණුව ලබා දී තිබෙනවා. රාජාවලියේ දැක්වෙන ආකාරයට පළමු වැනි විමලධර්මසූරිය රජු විසින් පෘතුගීසින් ජරාජය කිරීම සඳහා ඉලංගම්පොර යොදාගෙන ඇති අතර පහළොස් වැනි සියවසේ දී සෙංකඩගල රාජධානිය තුළ ‘ඇඟේ මැඩිල්ල’ නමින් සටන් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව මග සලකුණ නම් සන්දේශ කාව්‍යයේ සඳහන් වෙනවා.
ඇම්බැක්කේ දේවලයේ අංගම්පොර දැක්වෙන ලී කැටයම් (commons.wikimedia.org)
එසේ ම බොහෝමයක් බෞද්ධ විහාරස්ථානයන් හි දී අංගම් සටන් කලාව විදහා දැක්වෙන සිතුවම් සහ ලී කැටයම් දක්නට ලැබෙනවා. ඒ අතරින් ඇම්බැක්කේ දේවාලය, ගඩලාදෙණිය විහාරය, ශ්‍රී දළදා මාලිගාව, රත්නපුර සමන් දේවාලය සහ ලංකාතිලක විහාරය විශේෂයි.
ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ව කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරලේ ආශ්‍රිත ව යළිත් වරක් අංගම් සටන් ශිල්පය වර්ධනය වූ අතර වර්තමානයේ දී අංගම් සටන් කලාවේ ඉහළ ම අධිකාරිය ලෙස සැලකෙන ජාතික හෙළ අංගම් ශිල්ප කලා සංගමය ආරම්භ කරන ලද්දේ 2001 වසරේ දී යි. එසේ ම අංගම් සටන් ශිල්පය මහ ජනයා අතර ප්‍රචලිත කිරීම සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති අතර අංගම් සටන් කලාවේ දී යොදා ගන්නා ආයුධ එකතුවක් කොළඹ ජාතික කෞතුකාගාරයේ දී දැක බලා ගැනීමට හැකියාව පවතිනවා.
කවරයේ පින්තූරය: (commons.wikimedia.org)
මූලාශ්‍ර: angampora.org, korathotaangam.com, lankadeepa.lk, angampora.blogspot.com, en.wikipedia.org,
↧
ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය – ෆිබොනාචි
ෆිබොනාචි- ඔබ අහලා තියෙනවද ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය ගැන? ඔබ ගණිතය හෝ සැලසුම් නිර්මාණය කරන කෙනෙක් නම් මේ වචනය නුහුරු වෙන්න විදියක් නැහැ. මෙය සංඛ්‍යා රටාවකින් පැහැදිලි කළ හැකියි වගේම ලෝකයේ දැනට වැඩියෙන්ම පවතින ස්වභාවික සංඛ්‍යා රටාව වන්නේත් මෙයයි.
ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය (pinterest.com)
DNA සැකැස්මේ සිට ජනගහන වර්ධනය වැනි කාරණා දක්වාම ක්‍රියාත්මක වන්නේත් මේ සොබාදහමේ අපූරු සංකල්පයයි. ඉතින් මේ සටහන සංකීර්ණ කරගන්නෙ නැතුව අපි බලමු මොකක්ද මේ ෆිබොනාචි කියන්නෙ කියලා.
ලියනාඩෝ ෆිබෝනාචි
ලියනාඩෝ ෆිබෝනාචි (adellebrewer.com)
ප්‍රසිද්ධ ගණිතඥයෙක් වුණු ලියනාඩෝ ෆිබෝනාචි පර්යේෂණ ගණනාවක් සිදු කරලා අවබෝධ කරගත් මේ සංඛ්‍යා රටාවට අනුව විශ්වය සැකසිලා තියෙනවා කියලා තහවුරු වෙනවා.
ලියනාඩෝ මේ පර්යේෂණය කරලා තියෙන්නෙ හාවුන් යුගල වශයෙන් යොදාගෙන. මොවුන්ගෙ බෝ වීම අධ්‍යයනය කළ ඔහුට දැකගන්න ලැබෙනවා නියැඳියේ හාවුන් ජෝඩු වැඩි වෙන්නෙ යම් රටාවකට අනුවයි කියලා.
ෆිබෝනාචි සංඛ්‍යා රටාව
ෆිබෝනාචි සංඛ්‍යා රටාව (pinterest.com)
රටාවේ පළමු සංඛ්‍යා දෙක වෙන්නෙ 0 සහ 1. ඉන්පසසේ එන හැම ෆිබොනාචි සංඛ්‍යාවක්ම ඊට කලින් තියෙන සංඛ්‍යා දෙකේ එකතුව වෙනවා. එතකොට රටාව එන්නෙ මෙන්න මේ විදියට.
0,1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144…..
මේ නීතිය ලියනාඩෝ හොයාගන්න කලින් ක්‍රි.ව 598දී ඉන්දියාවේ ජීවත් වුණු බ්‍රහ්මගුප්ත විසින් සොයාගත්තා කියලත් මතයක් තියෙනවා. අරාබියට ඉන්දියානු තාරකා ශ්‍රාස්ත්‍රය හඳුන්වා දුන් බ්‍රහ්මගුප්ත බටහිර ඉතිහාසඥයන්ගෙත් ගෞරවයට පාත්‍ර වුණු පුද්ගලයෙක්.
ස්වර්ණමය අනුපාතය (Golden Ratio)
ස්වර්ණමය අනුපාතය. (youtube.com)
රටාවේ මුල් සංඛ්‍යා වල හැර මේ රටාවේ එක සංඛ්‍යාවක් ඊට පෙර ඇති සංඛ්‍යාවෙන් බෙදුවාම ලැබෙන පිළිතුර හැම අවස්ථාවකදිම ආසන්න වශයෙන් සමානයි. මෙය නියත අගයක්. මේ විදියට දිගින් දිගටම අංක බෙදාගෙන යාමේදී 40 වන වාරයෙන් පසූව 1.618033988749895 ලෙස නිශ්චිත අංකයක් ලැබෙන අතර 1.618 ස්වර්ණමය අනුපාතය ලෙස සැලකෙනවා.
මෙය ග්‍රීක හෝඩියේ අක්ෂරයක් වන phi (φ) මඟින් සංකේතවත් කරනවා. ක්‍රි.ව 500 දී ජීවත් වුණු කැටයම් හා මූර්ති ශිල්පියකු වන පීඩියාස් ඔහූගේ නිර්මාණ සඳහා මෙම සංකල්පය භාවිතා කර තිබෙනවා. ඔහුගේ නමේ මුල් අකුර ඇසුරෙන් phi (φ) ලෙස මෙම අනුපාතය නම් කළ බවටත් මත පවතිනවා.
ෆිබෝනාචි සෘජුකෝණාස්‍රය සහ ෆිබෝනාචි සර්පිලය
ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය. (mathfairy.com)
ෆිබොනාචි මිනිසා නිර්මාණය කළ සංකල්පයක් නෙවෙයි. හොඳින් නිරීක්ෂණය කළාම ස්වර්ණමය නීතිය සහ ෆිබොනාචි සංකල්පය සොබාදහමේ යෙදී ඇති විදිය දැකගන්න පුළුවන්. සොබාදහම විසින් ශක්තිය රැස් කිරීමේදීත්, මුදා හැරීමේදීත්, දඟරය, සර්පිලය, සුළිය සහ වක්‍රය භාවිතා කරනවා.
මේ කාර්යයන් සිදු වෙන්නෙ ස්වර්ණමය නීතියට අනුවයි. මෙය තේරුම් ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි ෆිබොනාචි සෘජුකෝණාස්‍රය සහ ෆිබොනාචි සර්පිලය නිර්මාණය කිරීම.
දැන් අපි බලමු කොහොමද ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය කරන්නෙ කියලා. මුලින්ම ප්‍රමාණයෙන් ඒකක 1කින් යුතු එක සමාන කුඩා කොටු දෙකක් ඇඳගන්න. ඒ කොටු දෙකට ඉහළින් ඒකක දෙකක තවත් කොටුවක් අඳින්න.
දැන් කුඩා කොටු 3ක් සහිත සෘජුකෝණාස්‍රයක් ඔබ ඇඳලා තියෙනවා. මේ කොටු 3ම ඇතුලත්ව ඒකක 4ක් ලැබෙන විදියට තවත් කොටුවක් ඇඳ ගන්න. මේ රටාවට අනුව දිගටම කොටු ඇඳීමෙන් ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය කරන්න පුළුවන්.
ෆිබොනාචි සර්පිලය. (pixelstalk.net)
ඉන්පස්සෙ මේ එක් එක් කුඩා කොටුවක විකර්ණය දෙපස ලක්ෂයන් අතර වෘත්තයකින් ¼ක් අඳින්න. මේ වෘත්ත කොටස් යා කිරීමෙන් ඔබට ෆිබොනාචි සර්පිලය නිර්මාණය කරගන්න පුළුවන්.
මුළු විශ්වයම එකම අනුපාතයක?
(youtube.com)
තුරුලතා, සතුන්, මල්, භූමිය, තාරකා, අභ්‍යාවකාශය වැනි සියල්ල එකම අනුපාතයකට නිර්මාණය වී තිබීම සැබවින්ම විශ්මයජනකයි. මී මැස්සාගේ ශරීරය බෙදී ඇති ආකාරය, සලබයාගේ ඇස් වැනි සලකුණූ අතර පරතරය, මුහුදු බෙල්ලාගේ කටුව, ඩොල්පින් මත්ස්‍යයාගේ ශරීර පිහිටීම වගේම ගසක අතු බෙදෙන ආකාරය, ඒ අතු වල කොළ බෙදෙන ආකාරය, මල් වල රේණු විහිදීම, සෙනසුරු ග්‍රහයාගේ දූවිලි වළලු අතර පරතරයත් මේ නියමයට අනුවයි සිදු වෙන්නෙ.
මල් වල පෙති නිමැවුමත් මේ නීතියට අනුව සිදු වෙනවා. (pinterest.com)
ඒ වගේම මිනිස් ශරීරයේ උස, මහත, ඇස්, කන්, නාසය, මුඛය, දත් ඇතුළු ඉන්ද්‍රියයන් සියල්ලෙහිත්, ඇඟලි පුරුක් අතරත් අනුපාතයන් සියල්ලම මේ ස්වර්ණමය අනුපාතයට (1:1.618) සමානයි. ඒ විතරක් නෙවෙයි මානව DNA නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ අනුපාතයට.
(palmieinarsson.blogspot.com)
මිනිස් නිර්මාණ
ග්‍රීසියේ පාතිනන් දෙව් මැඳුර නිර්මාණයේදී ෆිබොනාචි නියමයන් යොදාගෙන ඇති අයුරු. (huffingtonpost.com)
ස්වභාවධර්මයෙන් එපිට, කලා නිර්මාණ වලදිත් ෆිබොනාචි යොදාගත් අවස්ථා ඕනෑ තරම්.
මේ ආභාශයෙන් නිර්මිත නිර්මාණ වල සුන්දරත්වය සාපේක්ෂව ඉහළයි. පුරාණ ග්‍රීසිය, රෝමය, ඊජිප්තුව සහ තවත් බොහෝ ශිෂ්ටාචාර මේ ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ඔවුන් මෙය විවිධ නම් වලින් අර්ථකථනය කරලාත් තියෙනවා.
ගොඩනැගිලි ඉදිකිරීමේදී ෆිබොනාචි යොදාගත් අවස්ථා වලට උදාහරණ තිහිපයක් විදියට ග්‍රීසියේ පාතිනන් දෙව් මැඳුර, ගීසාවේ පිරමිඩ දක්වන්න පුළුවන්. අතීතයේ ජීවත් වූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් ගේ නිර්මාණ හොඳින් අධ්‍යයනය කිරීමේදී ඔවුන් මෙම සංකල්පය තම කලා කෘතීන්ට යොදාගත් අකාරය පැහැදිලි වෙනවා.
පොප් සංස්කෘතිය සහ ෆිබොනාචි
චිත්‍රපට කර්මාන්තයේදී සහ ඡායාරූප ශිල්පයේදී ස්වර්ණමය නීතිය භාවිතා කරනවා. (youtube.com)
පොප් සංස්කෘතිය (popular culture) ගැන ඔබ දන්නවද? පොප් සංස්කෘතියෙදිත් ෆිබොනාචි නීතිය යොදා ගැනෙනවා. මුලින්ම බලමු පොප් සංස්කෘතිය කියන්නෙ මොකද්ද කියලා. ජනගහණයෙන් වැඩි පිරිසක් දරන සිතුවිලි, අදහස්, ආකල්ප සහ දෘෂ්ටිකෝණයන් වල එකතුවක් විදියට මෙය හඳුන්වන්න පුළුවනි. සරලව කිව්වොත් අද සංස්කෘතිය තුළ ප්‍රමුඛ වෙලා තියෙන්නෙ චිත්‍රපට, සංගීතය, ක්‍රීඩා, දේශපාලනය, පුවත්, විලාසිතා සහ තාක්ෂණය වැනි විශයයන්. ඇත්තම කියනවනම් අපි හැමෝටම තමන්ටම ආවේණික පොප් මෙනුවක් තියෙනවා. බලන්න ඔබේ ගීත එකතුව දිහා. ඔබ භාවිතා කරන apps, bookmarks, ඔබේ ප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වගේම ජංගම දුරකතනයත් මේ එකතුවට අයිති වෙනවා.
සුප්‍රසිද්ධ ඇපල් සමාගමේ ලෝගෝව ෆිබොනාචි නීතියට අනුව නිර්මාණය කර ඇති අයුරු. (youtube.com)
මුලින් සඳහන් කළ ක්ෂේත්‍රයන්ට අමතරව වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදීත්, චිත්‍රපට නිර්මාණයේදීත්, සංගීතයේදීත්, ඡායාරූප ශිල්පයේදි, වාහන නිර්මාණයේදිත් මෙම ස්වර්ණමය නීතිය භාවිතා කරනවා. පුදුම සහගත කරුණ වන්නේ කොටස් වෙළඳපොල සහ ව්‍යාපාර ආර්ථිකය වගේ අවිනිශ්චිත ක්ෂේත්‍රයන් මතත් මෙම නීතිය බලපැවැත්වීමයි.
ඇස්ටන් මාටින් මෝටර් රථයක් (windsortreaty.wordpress.com)
දකුණු ඉන්දියානු සංගීතඥයෙකු වන විජේ අය්යර්ට අනුව මයිකල් ජැක්සන්ගේ බොහොම ජනප්‍රිය ගීතයක් වන බිලි ජීන් ගීතයේ ආරම්භක වාද්‍ය ඛණ්ඩ වලදී වගේම තවත් සංගීතඥයන්ගේ සංගීත නිර්මාණ වලත් ෆිබොනාචි රටාව අඩංගු වෙනවා. ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමේ වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදිත්, ජේම්ස් බොන්ඩ් 007 චිත්‍රපට මාලාව සඳහා නිර්මාණය කළ මෝටර් රථ සඳහාත් මෙම නීතිය යොදාගෙන තිබෙනවා. ඒ වගේම නිරන්තරයෙන් ෆිබොනාචි සංකල්පය යොදා ගන්න ක්ෂේත්‍රයක් ලෙස ඡායාරූප ශිල්පය දක්වන්න පුළුවන්.
(youtube.com)
සොබාදහමේ අපූර්වත්වය සංකේතවත් කරන මේ ස්වර්ණමය නීතිය ඔබ කරන නිර්මාණයකට යොදාගෙන බලන්නත් උත්සාහ කරන්න. සිතුවමකට, මූර්තියකට, නව නිපැයුමකට, ඒ වෑයම අසාර්ථක වෙන එකක් නම් නැහැ කියලයි මේ විස්තර අනුව අපිට හිතෙන්නේ.
කවරයේ පින්තූරය – wallpapersafari.com
මූලාශ්‍ර – plus.maths.org , www.goldennumber.net, www.mrpopculture.com, www.mediapop.ca, ridmasankalana.blogspot.com,
↧
ඔය ඇවිල්ල ඉන්නෙ, ලොකු කෙල්ලගෙ මංගල්ලෙ කියන්ඩ
"හෙලෝ.....""ඇයි ඇයි ...මේ බෙරිහන් දෙන්නෙ...."" මොනද ඕයි පෝ්න්නෙක අාන්ස කරන්නැත්තෙ...?""අනේ මේ..මගෙන් මොකුත් අහගන්නැතුව ඉන්නවා. තමුසෙ මේ..එක තැනකට වෙලා පුටු රත් කොර කොර හිටියට මට එහෙම නෑ. මට කොච්චරක් නම් වැඩ තියෙනවද...මේ දාහකුත් එකක් ප්‍රස්න අස්සෙ තමුසෙත් එනව මෙතන......"" හරි හරි ඉතින්.....""හරි හරි ඉතින් කියන්නෙ...මට වැඩ තියෙනවා...ඔයත් එක්ක තොදොල් වෙවී ඉන්න බෑ...""මොනවද ඕයි ඔච්චරටම තියෙන වැඩ....කෝල් එකක් ගත්තොත් වැඩ.. වැඩ..වැඩ..රෙද්ද...""මට ග්‍රාමසේවක හම්බෙන්ට යන්ඩ තියෙනව..""ඒ මොකටද ?""බඩෙංගුරු හේන් වලට ආධාර දෙනව කියන්නෙ""ඉතිං..ඉතිං""ඉතිං...ඒවට නං දෙන්ට ඕනෙලු අද දවල් දොළහට කලිං""ඇයි ඕයි තමුසෙ යන්නෙ..අපෙ බඩිංගුරු හේනට මොන වින්නැහියක්වත් වෙලා නැති කොට..""අනේ...මේ තමුසෙ මගෙන් මොකුත් නාහ ඔයාගෙ පාඩුවෙ ඉන්න එකයි ඇත්තෙ..ආයෙ එහෙම කෝල් ගන්ටෙපා මං පෝන්නෙක ගෙනියන්නෑ..."+=+=+=+=+=+=+=+=+=+=+=+"හෙලෝ....""ඇයි මේ වදේ.....""ග්‍රාමසේවකය ලඟට ගියාද..?""හ්ම් ..ගියා..""කීයක් දෙනව කියනවද..?""අනේ..මේ ඔයාට පිස්සුද අනේ...නං ටික ලියා ගත්ත විතරයි..ඒකටත් ගුහ මූලිකය ඉන්ඩ ඕනෙලු කියනව. අනිත්තෙක රජයෙ පඩිකාරයින්ට බැරිලු කියන්නෙ...""රෙද්ද තමයි රජයෙ පඩි කාරයෝ...වඩියක් දා ගත්තනං ඊට වැඩිය සල්ලි හොයන්ඩ පුළුවන් කියනව ඕකට....මට ඉතින් ඔය වෙලාවට තමා අසූ හාර දාහට නගින්නෙ ඕයි........""අනේ මගෙ කට...තමුසෙට ඔය නගින එකා නගිනනවට වැඩිය ඉක්මනින් බහිනව කියලනං මං දන්නව..ඒ හිංද කට පුක වහගෙන හිටියනං හොඳයි.....ඕං..""පුහ් යකෝ...අර මොකෙද්ද එකෙක් ගියපු උඩ කිව්වලු....තමුසෙට කවුරු හරි මොනව හරි කැවුවද...මං මේ ගෙදර නැති වෙලේ...." "අනේ.....කට වහගෙන ඉන්නකෝ....""එහෙනං ඉතින් කියනවකො මොකද උනේ කියල..""කොහෙද ඉතිං තමුසෙ කියන්ට දෙනවැයි..""හා... කියනවකො..""ඊට පස්සෙ මං අම්මගෙයි මල්ලිගෙයි නමටයි අපෙ ඒවත් එකතු කරා.""අක්කරේකට දහදාහ ගානෙ හම්බුනොත් කොච්චර එකද්ද නේද..?""ඔව් ඒයි...මාත් මේ ඒකමයි හිත හිතා හිටියෙ..එහෙම උනොත් පොහොර ගත්තුවාගෙ ණය ටික ගෙවල දාන්ඩ පුළුවන් වෙයි..""ඔව් නේද.. ඒක නෙවෙයි අක්කර කීයක් විතර දැම්මද..?""අඩප්පන් ඔයේ කෑල්ලයි..රත්මල්ගහවැවේ ඉස්මත්තෙ කෑල්ලයි එතන එකාමාරක් විතර තියෙනවනෙ පුංචි හම්මිල්ලෑවෙ කෑල්ලයි...ඊට වැඩිය දාන්ඩත් බෑනෙ. බැරි වෙලාවොත් ඇවිත් බැලුවොත් එහෙම...එහෙම උනොත් අර හදල පෝර දාන්නැතුව ඇතෑරපු කෑල්ලවත් පෙන්නනව කියල හිතා ගත්ත...මේ...ඒක නෙවෙයි..""මොකද....?""කවද්ද ගෙදර එන්නෙ...?"" මං නැතුව ඉන්ටම බෑ වගේ නේද..."" අනේ මේ...මට එච්චර අමාරුවක් නෑ.....""එහෙනං මොන බම්බුවකටද මං ගෙදර එනවද නැද්ද කියල අහන්නෙ ඕයි...""දැන්නම් බඩෙංගුරු ටික කඩන්ඩ පුළුවන් වෙයි. බඩෙංගුරු ටික කඩල එහෙම්ම උර වලට දාල පස්සෙ සුනාමි කරමු. කොහොමත් අවුරුදු වලින් පස්සෙ හැටට හැත්තෑවට දෙන්ඩ පුළුවන්..දැන් දුන්නොත් නං අපිට අවුරුදු නෙමෙයි කන්ට වෙන්නෙ.....""ඔව් නේද..ඒකත් හොඳයි....ඇතකොට අර ගත්තු ණය ටික ගෙවන්නෙ කොහොමද..?""මොකෝ අපි පොලියට ගත්ත නෙවෙයිනෙ....ඔන්න ඔහෙ පස්සෙ ගෙවල දානව...""ඔව් ඔව් ඒකත් හොඳයි. ඔයාගෙ මොළේ තමා මොලේ නේ....මොකේ හිනාවෙන්නෙ. ඇත්ත නෙවෙයිද..?""කට කට, ලොකු අම්මට ඇහෙයි. මං කිව්ව මේ දවස්වල අතේ තඹ දොයිතුවක් නෑ කියල. බඩෙංගුරු කෑල්ලත් නියෙඟෙටම වේලිලා ගියා කියල, ඔය ඇවිල්ල ඉන්නෙ, ලොකු කෙල්ලගෙ මංගල්ලෙ කියන්ඩ...."
↧
↧
වෙළඳපොල කුමක්දැයි නොදන්නා සිංහල පුවත්පත්කලාවේදියාට
සිංහලෙන් ලියන පුවත්පත් කලාවේදියෙක් මෙහෙම ප්‍රශ්නයක් දාලා තියෙනව දැක්ක.
“වෙළඳපොලට වඳිනකොට අපරාධකාරී ආයුධ, ඖෂධ, කෘෂිරසායන වෙළඳපොලටත් වැඳෙයිද??”
ලංකාවේ සිංහල පුවත්පත් මාධ්‍යවේදීන් මෙතෙක් කාලයක් ගෙන යන ඒකාධිකාරයට පුංචිම පුංචි අභියෝගයක් එල්ල කරන්න තමයි මම මගේ බ්ලොග් එක පවත්වාගෙන යන්නෙ. කෙටියෙන් කිව්වොත් එකම එක දෘශ්ටියකට පමණක් වහල් වී ඉන්නට සිද්ධ වී සිටින ජනතාවකට හිතන්න සැබැවින්ම අලුත් වෙනස් යමක් ඉදිරිපත් කරන්න. තව විදියකින් කිව්වොත් සිංහලෙන් තොරතුරු බෙදාගැනීම පටන් ගත් දා පටන්, ලංකාව නම් වූ දුප්පත් රටේ සියළු ගැහැට වලට හේතුව කවදාවත් තිබ්බෙ නැති ධනවාදයේ ඵලයක් බව පුනපුනා කීම වැරදි බව පෙන්වීමට මුදල් ලාබ සොයන පරමාර්ථයෙන් තොර වූ උත්සාහයක නියැළීම.
වෙළඳපොල අගයන, ඒ වෙනුවෙන්ම පෙනී සිටින අයෙක් මුදල් ලාබ සොයන පරමාර්ථයෙන් තොර යැයි කිව්වා??!!!
ඒක පුදුමයක් වෙන්නේ වෙළඳපොල මොකක් ද කියල දන්නෙ නැති අයට විතරයි.
වෙළඳපොල කියන්නේ යමක නියැළෙන අපි හැමෝටම. මිනිසා කියන්නෙ තම තත්වය වෙනස් කරගන්න කැමති සත්වයෙක්.
සතා සීපාවා නැත්නම් වෙනත් මානවයෙකුගෙන් තමන්ගේ ජීවිතයට අනතුරක් සිද්ධ වෙනු ඇතැයි සිතූ ආදී මානවයා මුගුරක් අතේ අරන් යන්න පුරුදු වුනේ ජීවිතයට අනතුරක් නොවෙන අන්දමින් තම තත්වය වෙනස් කරගන්න. මුගුරෙන් පහර දීලා වෙන මානවයෙක් හාරා ගත්තු අල හොරකම් කරගත්තු අයත් හිටිය. එක මානවයෙක් තවෙකෙකුගේ දේපල හොරකම් කරන එක වැරදියි කියල නීති හදාගනිද්දි මිනිස් ශිෂ්ඨාචාරය ගොඩ නැඟෙන්න පටන් ගන්නව. හමුරාබි නීති සංග්‍රහය ලියැවෙන්නේ ඇඩම් ස්මිත් වෙළඳපොල ගැන කතා කරන්න ගොඩාක් කළින්!!!
එක, දෙක, තුන කියල ගණන් කරන්න වගේම, බුද්ධි විචාරය කියන්නෙත් මිනිසාට උපතින් පිහිටා තිබුණත් වර්ධනය කරගත හැකියාවක්. භාෂාවක් කතා කරපු මිනිසා හෝඩියක් හදාගෙන අදහස් හුවමාරු කරගන්න සමත් වුණාට පස්සෙ තමයි නීති සංග්‍රහයක් ලියැවෙන්නේ.
මිනිස් ශිෂ්ඨාචාරය එහෙම හැදෙන කොට අපි බුද්ධි විචාරයෙන් අවබෝධ කරගන්න සමත් වෙනව මුගුර අපරාධකාරී ආයුධයක් වෙන්නෙ කුමන අවස්ථාවේ දී ද? මුගුර ජීවිත ආරක්ෂාව සපයන මෙවලමක් වෙන්නේ කුමන අවස්ථාවේ දී ද? කියන වෙනස. ඒ වෙනස දන්න අයට අපි බාරදෙනව නීතියේ රීතිය ක්‍රියාත්මක කරන්න. ඒත්, මුගුර අපරාධකාරී ආයුධයක් වෙන්නේ කුමන අවස්ථාවල දී ද, මුගුර ජීවිත ආරක්ෂාව සපයන මෙවලමක් වෙන්නේ කුමන අවස්ථාවල දී ද කියන වෙනස ජනතාවට පහදලා දීම අපේ වගකීමක්. ඒක අපි කිසිමදාක නීතියේ රීතිය ක්‍රියාත්මක කරන අයට බාරදීලා පැත්තකට වෙන්නෙ නැහැ.
තුවාලයක් වුනාම වෙන සත්තුන්ට සිද්ධ වෙන්නේ තුවාලය ඔඩුදුවා ගිහින් මැරෙන්න. මිනිසා ඊට වෙනස්. තුවාලය හොඳ කරගන්නේ කොහොමදැයි ඔහු සිතා බලනව, ඊට පස්සේ ඒ සඳහා වෑයමක් ගන්නව. අපේ ආදී මිනිසා එහෙම වෑයම් ගත් නිසා බේත් සැත්කම් දක්වා දියුණු වෙන ඉතිහාසයක් අපට ලැබෙනව. බඩේ අජීර්ණයට ඵලවැලක් කන දැනුම සහජයෙන් පිහිටන සත්වයෙක් නොවන නිසා මිනිසාට සිද්ධ වෙන්නේ ඒ දැනුම උපත ලැබුවාට පස්සෙ වර්ධනය කරගන්නයි. අපිට උදව් වෙන්නේ මෙතෙක් මිනිස් ශිෂ්ඨාචාරය ඒ සඳහා දායාද කරල තියෙන දැනුම.
ලේ උරාබෙන කූඩැල්ලාව භාවිතා කළ යුතු අවස්ථාව මොකක් ද ඒක ලෙඩා මැරෙන අපරාධයක් වෙන අවස්ථාව මොකක් ද යන දැනුම අද ඕනෑකමක් තියන ඕනම කෙනෙකුට හොයාගන්න පුළුවන්.
වගාබෝග වලට වැළඳෙන රෝග නිසා අස්වැන්න සම්පූර්ණයෙන්ම අහිමිවෙලා ජනගහණයෙන් 15% ක් 20% ක් මියගිය සාගත වලට ලෝකය මුහුණ දුන් අවසන් වතාව ඇහෙන්නේ ස්වීඩනයෙන් සහ ෆින්ලන්තයෙන්. The great hunger years කියල 1866-1868 දක්වා පැතිර ගිය එයින් වසර තුනක දී දෙලක්ෂ හැත්තෑ දහසක් ජනතාව මිය යනව.
වගාබෝගයකට දමන කෘෂිරසායන අපරාධකාරී වෙන්නේ කුමන අවස්ථාවල දී ද, කෘෂිරසායන නිසා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් හාමතයෙන් මැරෙන්නට නොදී ආහාර සපයන්නට සමත් වෙන්නේ අවස්ථාවල දී ද යන දැනුම අද ලෝකෙ තියෙනව.
මුගුරක් අපරාධයක් කරන ආයුධයක් වෙන අවස්ථාව සහ එයින් ජීවිතය ආරක්ෂා කරගන්න ලැබෙන අවස්ථාව අතර වෙනස නොදන්නා අය ලංකාවේ බහුලව ඉන්නව.
ඖෂධයක් අපරාධයක් වෙන අවස්ථාව සහ ජීවිත ආරක්ෂාව සපයන අවස්ථාව අතර වෙනස නොදන්නා අය ලංකාවේ බහුලව ඉන්නව.
කෘෂිරසායන මිනිසාගේ ජීවිතය ආරක්ෂා කරන අවස්ථාව මොකක් ද, ජීවිතයට හානි පමුණුවන අවස්ථාව මොකක් දැයි නොදන්නා අය ලංකාවේ බහුලව ඉන්නව.
කවුද ඉතින් ඒකට වගකියන්න ඕන. කැමති පරිද්දෙන් ඒ දැනුම බෙදන්නට අවසරයක් අවුරුදු 18 ක් දක්වා ලැබිය යුතු යැයි කියන අධ්‍යාපන වෙළඳපොලේ තිබුණා ද?!!! කැමති පරිද්දෙන් ඖෂධ පිළිබඳ දැනුම ලබාගන්නට අධ්‍යාපන වෙළඳපොලෙන් ඉඩ ලැබුණා ද?!!! කැමති පරිද්දෙන් කෘෂිරසායන නිර්මාණයට, බෙදාහැරීමට, ආනයනයට/අපනයනයට ඉඩ ප්‍රස්ථාව ශ්‍රී ලංකාවේ තිබුණේ කවදා ද?!!!!
ආයෙත් මතක් කරන්නම් උඩින් ලියපු දෙයක්. වෙළඳපොල කියන්නේ යමක නියැළෙන අපි හැමෝටම. මිනිසා කියන්නෙ තම තත්වය වෙනස් කරගන්න කැමති සත්වයෙක්. ඒ වගේම මිනිසා කියන්නේ තමන් හමුවේ පවතින අයහපත් තත්වය දැක්කත් ඒක වෙනස් කරගන්න හැකියාවක් දකින්න බැරි වෙද්දි මුකුත් නොකරන සත්වයෙක්. ඒ නිසයි දුප්පත් රටවල් හැමදාම දුප්පත්.
සැලසුම් ආර්ථිකයක ඉතිහාසයේ පටන් අද දක්වාම හිර වී සිටින මිනිසුන්ට කිසිදා නොතිබුණ වෙළඳපොලක් පෙන්වා ඒක පිට වැරද්ද පටවා රවටා තැබීම කොතරම් පහසු ද?
වෙළඳපොල කියන්නේ වඳින පුදන තැනක් නෙමෙයි. යමක් මිල දී ගන්නා සහ යමක් මිල දී නොගන්නා තීරණ ගන්නා හැකියාව මෙහෙයවන අපි අපිටම වැඳගන්න ඕන ඇයි?!!!!
↧
සිත කැලඹූ නිධානය.........
මම - නිධානය - සිනමා පටය මුල් වරට නැරඹුවේ මීට වසර 25කට පමණ පෙරය. අද මුහුණු පොතේ සැරිසරද්දී එය මට හමු වූයේ පෙර පිනකින් යැයි මට සිතේ. මා එදාට වඩා අද වසර 25කින් වැඩිමහලුව සිටියද මා එදා යොවුන් වියේ ගැටයකුව සිටියදී ලැබූ චකිතය, බය , සන්ත්‍රාසය හා දුක, අදද එදාසේම දැනිණි. වයසින් මුහුකුරා ගොස් ඇති නිසාදෝ අද, එදාට වඩා දුක සිතිණි. එකල බෙහෙතකටවත් නොතෙමුණු දෑස අද තෙත් වූයේ ඒ නිසායැයි සිතමි.
සිනමාපටය නරඹා වසර 25 ඉකුත් වූවද එයට පාදක වූ ඒ පුංචි කෙටි කතාව මා කියැවූයේ මෑතකදීය. ඒ මහා ගත්කරු ජී බී සේනානායකයන් ලියූ පොත් සොයා යෑමේදී මට අහම්බෙන් හමුවූ එතුමන්ගේ කෙටි කතා කිහිපයකින් සමත් වූ කතා එකතුවක් ඇස ගැටීමෙනි. පළිගැනීම නම්වූ එහි 34 වැනි පිටුවේ වූ කෙටි කතාව නිධානයයි. එය පිටු 9 කට සීමා විය.
1972 වැනි ඈත අතීතයේදී නිමැවූවත් එහි වූ අමරණීය ගුණය මම තව තවත් අද අත්වින්ඳෙමි. මහා ශූර තිරකතා රචකයකු, අධ්‍යක්ෂකවරයකු, නළුවකු, ලේඛකයකු හා ඊටත් වඩා මහා විශ්ව කෝෂයක් බඳුවූ තිස්ස අබේසේකරයන් ඒ පිටු 9 ක තිබූ කතා තේමාව මහා විශාල කතා සාගරයක් කර තිබිණි. එමෙන්ම ඒ දෙබස් වල නැවුම් බව. වැලිකතර සිනමා පටයේ හා මහ ගෙදර වැනි චිත්‍රපටවල දෙබස් අපට තවමත් මතක තිබෙන්නේ ඒවායේ ඇති අද්විතීය බව නිසාය. අපේ අවාසනාවට එතුමන්ගේ නිර්මාණ අපට ලැබුණේ බොහෝ සුළු ප්‍රමාණයකි. මහගෙදර, විරාගය, කරු මක්කාරයෝ ඔබට මතකද? එතුමා ලියූ අයාලේ ගිය සිතක සටහන් පොත ඔබ කියවා ඇත්නම් කලාව පමණක්ම නොව සෑම අංශයක් කෙරෙහිම එතුමා සතු වූ හසළ දැනුම පිළිබඳව ඔබට වැටහීමක් ලැබෙනු ඇත.
මෙම සිනමා පටයේ අධ්‍යක්ෂකතුමන් වූ අද්විතීය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින්ගේ අධ්‍යක්ෂණය ගැන මම මොනවා කියන්නද? සිනමා රූපී කෝණ, ඒ ඒ ආලෝක ධාරා, තෝරගත් නළු නිළියන් , රූපක හා සංගීතයේ යොදා ගැනීම අති විශිෂ්ටය. මේ සිනමා කෘති අමරණීය වන්නේ එබැවිනි.
එමෙන්ම ප්‍රතිභාපූර්ණ සංගීත අධ්‍යක්ෂක ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඒ අමරණීය සංගීතය එතුමන්ම හැර වෙන කාගෙන් නම් අප ලබා ගන්නද? ගොළු හදවත, තුන් වැනි යාමය, බඹරු ඇවිත් හා හංස විලක් වැනි සිනමා පටවල සංගීතය ඔබට මතක ඇතැයි සිතමි.
එපමණක් නොව සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සූරීන්ගේ ඒ විශිෂ්ට රංගනය ගැන අටුවා ටිකා කුමටද? මම එතුමන්ගේ රංගනයක් මුලින්ම දුටුවේ හුලවාලි චිත්‍රපටයේ රැහේ නායක ධාරාගේ චරිතයෙනි. ඉන්පසු වැලිකතර, පරසතුමල්, සරුංගලය , සාගරයක් මැඳ වැනි චිත්‍රපටවල එතුමන්ගේ අති විශිෂ්ට රංගනයන් දුටිමි. එමෙන්ම වාණිජ චිත්‍රපට වූ චණ්ඩි පුතා, හිත හොඳ මිනිහෙක්, සක්විති සුවය, නිල්ල සොයා හා ආශා දෑසින් වැනි චිත්‍රපටවලදීද එතුමන්ගේ රංගනය දෙස කුඩා කොලුවකු ලෙස මම වශී වී බලා උන් බව අද මා සිහිකරන්නේ අද අපට එවැනි දේ දැක ගන්නට නොලැබෙන්නේ ඇයිදැයි යන කණගාටුවෙන්ද යුක්තවය.
මෙහි අයිරින්ගේ චරිතය නිරූපනය කරන සිනමා රැජිනිය වූ මාලනී ෆොන්සේකාගේ රංගනයද ඉතාමත් අනර්ඝය. ඒ අතිබිහිසුණු අවසාන ජවනිකාව අදත් මාවෙත ගෙනආවේ දුකකි, භීතියකි, සංත්‍රාසයකි. සමාජය ගැන කලකිරීමකි.
ඇය දුප්පත් වූවත් හොඳින් හැදී වැඩී තම ස්වාමියා විශ්වාස කොට සරණ ආවාය. එහෙත් අවසන ඔහු අතින් ඇයට මැරු ම් කන්නට සිදුවිය. මෙලෙස මැරෙන හෝ දිවිය පුරාම මැරි මැරි ජීවත් වන අය නම් කොතෙක්ද?
මට මෙවැනි යෝජිත විවාහ මගින් හෝ දෙමාපියන් සතුටු කිරීමට හෝ දිනයක් දෙකක් දැක ඇති නන්නාදුන පිරිමින් සමඟ යාමට සිදුවන අහිංසක යුවතියන් ගැන ඇතිවූයේ අපරිමිත දුකකි. සමහර විට ඒ පුරු ශයින් ඔවුනට වඩා බොහෝ වැඩිමහලු අයද වෙති. පුරු ශාධිපත්‍ය රජකරන සමාජයක ඒ යුවතියනට තීරණයක් ගැනීමටවත් නිදහසක් තිබේද? තමන් සරණ යන ආගන්තුකයා සමඟ යහන්ගත වීමේදී ඔවුනට කිසියම්ම හෝ පාලනයක් තිබේද? ඒ වෙලාවට ඔවුන් කෙතරම් නම් අසරණ වෙනවා ඇතිද? මට අද සිනමා පටය බැලන විට ඇතිවූයේ මෙවැනි සිතිවිලිය. ඒ කැළඹුණු සිත තවමත් එලෙසමය. මෙය සමාජයේ වරදද? නැතිනම් අප අපගේ අධ්‍යාත්මයේ වරදක්ද? මම තවම සිතමි....
චන්දන ගුණසේකර- එක්සත්
↧
සිංහල බෞද්ධ විරෝධීන්ගේ වෙසක්
සිංහල බෞද්ධ විරෝධීන්ගේ වෙසක්
ඉන්දියාවෙ ඉන්න හින්දු විරෝධීන් ගැන ෆ්‍රංශුවා ගෞෂර් (මේ නම උච්චාරණය
කෙරෙන්නේ මෙසේ දැයි මා දන්නේ නැහැ) නමැත්තකුගේ වෙබ් අඩවියක ලිපියක් පළ වී තිබුණා.
එහි නම් පනහක් සඳහන් වී තිබුණා. ඒ අතර ජවහර්ලාල් නේරු, රජිව් ගාන්ධි, සෝනියා ගාන්ධි ආදීන්ගේ නම් මෙන් ම
රොමිලා තාපර් වැනි ඉතිහාසඥයන්ගේ හා විද්වතුන්ගේ නම් ද ෂාරුක් ඛාන් වැනි නළුවන්ගේ
නම් ද තිබුණා. ලංකාවේ
↧
Saru Pasa Dile ( සරු පස දිලේ පූදින ගොයමක් සේම )
Saru Pasa Dile Artist - Victor Rathnayaka Song - Saru Pasa Dile Chord - F [Intro]----------------------------------------------------------------------------|C | - | - | - | //|Bb| - | C | - ||F | - | C | - ||G |G7| C | - |[Chorus]----------------------------------------------------------------------------- C F CSaru pasa dili puudina goyamak seemaF CMasuran derana aakase tharu seemaC G C F GAtha nowe nisa bada kata purawamu kohomaG F G7 CNoindin male atha porawaa hemadaama[Inter]----------------------------------------------------------------------------| C | - | - | - || G |Dm| C | G || C | - | G | F |[Verse 1]-----------------------------------------------------------------------------C GAhasa thani weeda widuliya ketuwaama G CPolowa baya weeda mama bima beluwaama Bb F C Muhuda goda weeda goda rela gesuwaamaC G F G7 CKuse gini yaadaa alasawa henduwaama[Verse 2]-----------------------------------------------------------------------------C GWewakata mulai mahasen laa bihiweemaG CDukakata mulai buda das laa nolebeemaBb F C Sagathayata mulai dahadiya noseleemaC G F G7 CPerakumba dawasa sihalun nethi weema Saru Pasa Dileසරු පස දිලේ පූදින ගොයමක් සේමසරු පස දිලේ පූදින ගොයමක් සේමමසුරන් දෙරණ ආකාසේ තරු සේමඅත නොවෙහෙසා බඩ කට පුරවමු කෝමනොඉඳින් මලේ අත පොරවා හැමදාමඅහස තනි වේද විදුලිය කෙටුවාමපොළොව බය වේද මම බිම බැලුවාමමුහුද ගොඩ වේද ගොඩ රළ ගැසුවාමකුසේ ගිනි යාද අලසව හැඬුවාමවැවකට මුලයි දාසෙන්ලා බිහි වීමදුකකට මුලයි බුධදස්ලා නොලැබීමසාගතයට මුලයි දහදිය නොසැලීමපැරකුම්බා දවස සිහලුන් නැති
↧
↧
පොර්න් Sex XXX සහ ඔබේ දරුවා !
.......මෙතැනින් ගිහින් ලිපිය කියවන්න
↧
සංසාරයේ පිරී ඇති දුක
සංසාරයේ පිරී ඇති දුකකොතරම්ද, ඇතිද එහි නිමාවක්අහිමි වීමේ බිය, අත අත් හැරීමේ දුකසොයා ගත හැකිද මිනුමක්, මිනිය හැකි විලස එයදරුවෙකුගේ අත අත හැරී අම්මා කෙනෙකු හඬන හැඬුමක්මව අත අත හැරී බිළිඳෙකු හඬන හැඬුමක්පෙමට පෙම මඟ හැරී වා තල දවන සුසුමක්කවරක්ද ඒකකය, සංසාර දුක මනිත හැකි මිනුමක්නැති වීම පිළිබඳ දුකටත් වඩා ඇති වීම පිළිබඳ දුක දැනෙයිවැළඳ ගත් පසු ප්‍රේමයක් ඉන් මිදිය හැකි මඟ ළඟ නොවෙයිපෙති විසිරි කල කුසුමක් විකසිතව යළි පණ නොලයිමිතුර මෙය වැළපීමටත් දුක අත හැරීමටත් කාලයයිPicture - Danielle Richard, Canadian, Artist-s Web Site, Avec le tempsඅත්දැකීම් රහිත නොදැනුවත්කම නිසාවෙන් මට ළමා රෝහලක දින කිහිපයක් නවතින්නට සිදු විය. ඒ දින කිහිපයෙහි මා මුහුණ මත හැම මොහොතකම පාහේ කඳුළු බිඳු බේරෙමින් තිබිණ.. ඒ මා වෙනුවෙන් වෙන් වූ කඳුළු යැයි මට කිව නොහැකිය.. පාසල් කාලයේ මිනිසුන් අඬන්නේ ආත්මාර්ථකාමීකමටැයි මම මගේ හොඳම මිතුරියට කීවෙමි. -මිනිසුන් අඬන්නේ ආත්මාර්ථකාමීකමටමද?- ඇය මගෙන් පෙරළා ඇසුවාය. මිනිසුන් හඬන්නේ ආත්මාර්ථකාමීකමටම නොවේ යැයි මම පසුව නිගමනයකට එළඹීමි. රෝහලේදී තම කිරිකැටි දරුවා වියෝ වීමට ආසන්න වූ හැම මොහොතකම අම්මාත් තාත්තාත් ඉකි බිඳ හැඬූ අයුරු මට දරාගත නොහැකි විය. ඒ හැම මොහොතකම මමද හැඬීමි. මා රෝහලෙන් පිටව ආවේ නිදහස ලැබුවා වැනි හැඟීමෙනි. එතරම් දුක් විඳි කාලයක් මගේ ජීවිතය තුළ තවත් නැති බව මම දනිමි. එහෙත් එය එසේ ලිවීම පවා ලැජ්ජාවට කරුණකි. මගේ දුක අන් අයගේ දුක අසල කුඩා දිය බිඳක් බව මා දුටු හෙයිනි. එහෙත් -අම්මා- යන වචනයෙහි දුක කිසිසේත් සීමා නොවේ.. හැම අම්මා කෙනෙකුම තාත්තා කෙනෙකුම වෙනුවෙන් මට කෑ ගසා හැඬිය හැකි යැයි මම සිතමි.. කවි ලියන මිතුරියකගේ දියණියගේ වියෝගය දැකීමෙන් අද දින යළිත් ඒ දුක අලුත් වූ සෙයක් මට දැනේ.සංසාරය බොහෝ දුකින් පිරී ඇති තැනකි. අපි දුක අත් දකිමු. එහෙත් ඉන් මිදී යන මඟ ගැන අප තුළ කිසිදු අදහසක් ඇතැයි මම නොසිතමි. ආදරය කරන්නේ කසාද බඳින්නේ දරුවන් හදන්නේ ආචාර්ය උපාධියට සුදුසු පර්යේෂණ තේමාව ගැන කල්පනා කරමින් සිටින්නේ ඒ නිසා ම
↧
කොටියා දැක්කද?
යාල කොටියෙක් දැක්කා කියලා පණිවුඩයක් ආපු හැටියේ එතනට රොක්වෙන සෆාරි ජීප්
යාල, විල්පත්තු වගේ ජාතික වනෝද්‍යානයක සංචාරයක යන හැමෝගෙම ආසාව කොටියෙක් බලාගන්න එක. කොටි බලන්නම යාල, විල්පත්තු යන කොටි ලෝලීන් විශාල පිරිසකුත් ලංකාවේ ඉන්නවා. අඩි දෙක තුනක් දිග, ලොකු ටෙලිෆොටෝ ලෙන්ස් හයිකරපු, හයි-එන්ඩ් කැමරා අරගෙන එන මේ අය දැක්කම අඳුරගන්න ලේසියි. සමහර අය හරිම අමාරුවෙන් වනජීවී එකෙන් පාලනය වන, වනෝද්‍යාන ඇතුලේ තියෙන කෑම්පිං සයිට්, නවාතැන් පොලවල් වෙන් කරගෙන වනෝද්‍යාන ඇතුලේම රෑ නවතින්නේ වැඩි හරියක්ම කොටියා දැක ගන්න, ඡායාරූප ගත කරගන්න.ඇත්තම කියනවානම් කොටියා නිශාචර දඩයක්කාරයෙක් හින්දා එයාගෙ ක්‍රියාකාරකම් බලන්න හොඳම වෙලාවල් වෙන්නේ පාන්දර හා ඇඳිරි වැටීගෙන එන කාළය. ඒ නිසා, කොටි බලන එක විනෝදාංශයක් කරගෙන ඉන්න, අතමිට සරු අය, මහන්සිවෙලා, වියදම් කරලා කොහොමහරි යාල, විල්පත්තු, ලුණුගම් වෙහෙර වගේ කොටි දැකගන්න පුලුවන් වනෝද්‍යාන ඇතුලේ බංගලා වෙන් කරගන්නවා.පසුගිය සතියේ දිගු සති අන්තයේ කතරගම ගිහිල්ලා යාල පැත්තටත් ගිය මේ ලේඛකයාටත් වෙහෙරගල ජලාශය පිහිටලා තියෙන යාල බ්ලොක් 5 කියන අඩවියේදී කොටියා දැක ගන්න අවස්ථාවක් ලැබුණා. මීට කලින් මම කොටියා දැකලා තිබුණේ විල්පත්තුවේදී.
වෙහෙරගලදි දැකගන්නට ලැබුණු කොටි ධේනුව
පැන්තීරා පාර්ඩුස් කියල කුළයට අයිති කොටි (ඉන්ග්‍රීසියෙන් ලෙපර්ඩ්) කියල බිළාල වර්ගයන් කිහිපයක්ම ඉන්නවා. ඉන්දියානු කොටියා, අප්‍රිකනු කොටියා, අරාබියානු කොටියා, පර්සියානු කොටියා, උතුරු-චීන කොටියා, අමූර් කොටියා (රුසියාව), ඉන්දුචීන කොටියා (අග්නිදිග ආසියාව), ජාවා කොටියා හා ශ්‍රී ලංකා කොටියා වශයෙන් කොටි වර්ග ගණනාවක් හඳුනාගෙන තිබෙනවා.ශ්‍රී ලංකා කොටියා, ලංකාවටම ආවේණික වූ උප විශේෂයක් වන අතර පැන්තීරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. මොවුන් ඉන්දියානු කොටියන්ට වඩා මදක් වෙනස්.ලංකාවේ තෙත්, වියලි හා ශුෂ්ක යන කලාප තුනේම පැතිරී සිටින කොටියා ලංකාවටම ආවේණික උප විශේෂයක් ලෙස මුලින්ම හඳුනාගත්තේ ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම සත්ව වේදියෙකු වෙන පී දෙරණියගල මහතා විසිනුයි. ඔහු විසින් 1956 ලියන ලද "The Ceylon leopard, a distinct subspecies" නිබන්ධනයේ ලංකා කොටියාගේ සුවිශේෂී ලක්ෂණ දක්වා තිබෙනවා.ලොව වෙසෙන අන් සියලු කොටියන් සේම ශ්‍රී ලාංකික කොටියා ද තම ආහාරය පිණිස කුඩා ක්‍ෂීරපායීන්, පක්ෂීන්, උරගයින් සහ විශාල ප්‍රමාණයේ සතුන් ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් ගොදුරු කරගනී. තිත් මුවෝ වියළි කලාපීය දිවි ගොදුරු අතර ප්‍රමඛස්ථානයක් උසුලයි. තව ද මෙම සත්වයා වදුරන්, වල් ඌරන්, ගෝණා වැනි සතුන් ද ගොදුරු කරගනී.විවිධ නිරීක්‍ෂණ වල ප්‍රතිඵලවලට අනුව මෙම සතුන්ට හොදින් වැඩුනු කුළු හරකුන් පවා තම ග්‍රහණයට නතුකරගැනීමේ හැකියාව ඇත. කොටියා දඩයමේ යෙදෙන විට පළමුව ඉතාමත් උපක්‍රමශීලීව නිශ්ශබ්දව තම ගොදුර කරා ඇදේ. අනතුරුව ඉතාමත් ප්‍රබල වේගයකින් ලගා වේ. කොටියා විසින් තම ගොදුරේ ගෙල එක් වරක් සපනු ලැබීමෙන්ම ගොදුර මරා දමනු ලබයි.මෑත කාලයේ දී යාල ජාතික වන උද්‍යනය තුළ සිදු කරන ලද පර්යේශනයකින් අනාවරනය කරන ලද තොරතුරු වලට අනුව ශ්‍රී ලංකා කොටියා ලොව අන් කොටි ගහනයන් හා සසදන කල වැඩි සමාජශීලී බවක් හෝ අඩු නිශාචර හැසිරීමක් නොපෙන්වති. ගැහැනු සතුන් හා පැටවුන් හැරුනු කොට ශ්‍රී ලංකා කොටියා ඒකචාරී දඩයම් කරුවෙක් ලෙස සැළකේ. බොහෝ විට ගැහැනු සතුන් වරකට පැටවුන් දෙදෙනෙක් පමණ බිහිකරන අතර වියළි කාලවලදී තරමක වැඩි සම්භාවිතාවක් සහිතව වසර පුරාම සංවාසයේ යෙදෙයි. සාමානය්‍යයෙන්, ලොව වෙසෙන අන් කොටි සසඳන කල ශ්‍රී ලංකා කොටියා තම දඩයම ගස් මත සැගවීම නොකරයි.ලංකාවේ වැඩිම කොටි ගහණය වාර්තා වන්නේ යාල හා විල්පත්තු ප්‍රදේශවලින්ය.මගේ කොටි ෆොටෝ ඇල්බම් එක
__________________________________________________________________________ VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
↧
අපට ලැබුණු පිටසක්වළ සංඥාව
ඇමෙරිකාවේ බටහිර වර්ජීනියා ජනපදයේ ගී‍්‍රන් බෑන්ක් සහ ඇමෙරිකාවට අයත් කුඩා කැරිබියානු දූපතක් වන පුවර්ටෝ රීකෝහි ඉදිකර ඇති රේඩියෝ (ගුවන් විදුලි තරංග හසුකර ගැනීමට හැකි) දුරේක්ෂ දෙක භාවිතා කරමින් විශ්වයෙන් පැමිණෙන ගුවන් විදුලි සංඥා ගැන අවධානයෙන් පසුවුණු කැනඩාවේ මොන්ටි‍්‍රයල් නුවර තාරකා විද්‍යාඥයෝ පිරිසක් මවිතයට පත්වූහ. ඒ, පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන තුනක් පමණ දුරින් ‘ඔරිගා’ නමැති තරු පංතිය දෙසින්, කෙටි ගුවන් විදුලි සංඥා කිහිපයක් ලැබීමත් සමඟය. මෙම ගුවන් විදුලි සංඥා ආ තැන නිවැරදිව පැවැසීමට තවමත් නොහැකි වුවත්, විද්‍යාඥයන් සැක කරන්නේ මෙම සංඥා බුද්ධිමත් පිටසක්වළ ජීවීන්ගෙන් ආ සංඥා විය හැකි බවය. ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමින් සංඥා හසුකර ගැනීමට හැකිවූයේ කැනඩාවේ මොන්ති‍්‍රයාල් තාරකා විද්‍යාඥයන් පිරිසකටය. මීට පෙර මේ අයුරින් 2007 වසරේදීත් කෙටි මෙන්ම අහඹු ලෙසින් ගුවන් විදුලි සංඥා හසුකර ගැනීමක් සිදුවුණු බව ද එම විද්‍යාඥයෝ පිරිස අනාවරණය කරති. මෙම සංඥා මිලි තත්පරයකට වරක් නිකුත් වී ඇති බව මේ වනවිට සොයා ගෙන ඇති නමුත් එම සංඥා පැමිණි ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට තමන් උත්සාහ දරමින් සිටින බව කැනඩා විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.පිටත අභ්‍යවකාශයේ සිට පෘථිවිය කරා පැමිණෙන රේඩියෝ තරංග ග‍්‍රහණය කර ගැනීමට නිර්මාණය කළ උපකරණයක් ලෙස රේඩියෝ දුරේක්ෂ හෙවත් ගුවන් විදුලි දුරේක්ෂ ලෙස හැඳින්වෙයි. රේඩියෝ දුරේක්ෂයක් ප‍්‍රධාන කොටස් තුනකින් යුක්ත වෙයි. විශ්වයේ සිට පැමිණෙන රේඩියෝ තරංග එක්රැුස් කර ගැනීම සිදුකරන ඇන්ටනාව ප‍්‍රධාන කොටසය. ඇන්ටනාවේ වැදී පරාවර්තනය වන තරංග එක් රැස් කරගන්නා කොටස හැඳින්වෙන්නේ විස්තාරකය කියාය. මෙය රේඩියෝ දුරේක්ෂයේ දෙවැනි ප‍්‍රධාන කොටස වෙයි. තෙවැනි ප‍්‍රධාන කොටස වන්නේ දුරේක්ෂයට සම්බන්ධ කළ පරිගණක පද්ධතියයි. පෘථිවියේ රේඩියෝ තරංග සහ විශ්වයේ ඈතින් පැමිණෙන රේඩියෝ තරංග තෝරා බේරා ගෙන වෙන් කර හඳුනා ගැනීම සිදු කරන්නේ මෙම පරිගණක පද්ධතියෙනි.රේඩියෝ දුරේක්ෂවලින් කෙරෙන්නේ රේඩියෝ සංඥා පමණක් හසුකර හඳුනා ගැනීම පමණයි. සෙසු අභ්‍යවකාශ දුරේක්ෂවලින් සිදුවන්නේ ආලෝක සංඥා හඳුනා ගැනීමය. රේඩියෝ තරංග ආලෝක තරංගවලට වඩා දිගය. එහෙයින්, රේඩියෝ තරංග දුරේක්ෂවලට භාවිතා කරන තැටියේ (විස්තාරකය) විෂ්කම්භය මීටර් 100 ක් තරම් අති දැවැන්තය. ඇතැම් රේඩියෝ දුරේක්ෂවලට අති දැවැන්ත තැටියක් නොමැති අතර ඒවා කුඩා තැටි රැසකින් සමන්විත වෙයි. මෙවැනි කුඩා තැටි රැුසක් ඇති විටදී පැහැදිලි රූප ලබා ගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙවැනි කුඩා තැටි එක ස්ථානයක නොව ස්ථාන කිහිපයක ස්ථාපිත කෙරේ.විශ්වයේ බුද්ධිමත් පිටසක්වළ ජීවීන් සිටී නම්, පෘථිවියේ ජීවත් වන අප ඔවුන් සමඟ සබඳතා පැවැත්විය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් තර්කවිතර්ක පවතී. ජීවමානව සිටින මහා විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් අනතුරු අඟවන්නේ අප පිටසක්වළ ජීවීන් සමඟ සම්බන්ධකම් පැවැත්වී නුවණට හුරු දෙයක් නොවන බවය. කීර්තිමත් භෞතික විද්‍යාඥයකු වන හෝකින්ස් පවසන්නේ, බුද්ධිමත්, දියුණු පිටසක්වළයින් පිරිසක් පෘථිවිය ගැන හෝ පෘථිවියේ ජීවය පැවැතීමට හිතකර සාධක පවතින බව දැනගත්තොත්, ඔවුන් පැමිණ පෘථිවිය ආක‍්‍රමණය කරාවි කියාය. උදාහරණයක් ලෙස එය කොලම්බස් විසින් ඇමෙරිකාව සොයාගත්තා හා සමාන වනු ඇතැයි හෝකින්ස් පැහැදිලි කරයි. දේශගවේෂක කොලොම්බස් යුරෝපයේ සිට පැමිණ ඇමෙරිකාව සොයා ගැනීමෙන් පසු, ඇමෙරිකාවේ විසූ ස්වදේශීය රතු ඉන්දියානුවන්ගේ අවසානය සනිටුහන් විය. රතු ඉන්දියානුවෝ සමූල ඝාතනය කෙරුණාහ.විශ්වයෙන් පැමිණෙන බුද්ධිමත් ජීවින්ගේ සංඥා සෙවීමට ස්ථාපිත කළ ‘සෙටී’ ආයතනයේ ප‍්‍රධානී ජිල් ටාටර් දක්වන්නේ වෙනස් අදහසකි. ඇය මෙසේ කියයි. ‘පෘථිවියේ අප සමඟ සම්බන්ධකම් පවත්වන්න පුළුවන් විදියේ බුද්ධිමත් ජීවීන් පිරිසක් විශ්වයේ සිටිනවා නම්, ඔවුන් තාක්ෂණයෙන් පිරුණු, සාමකාමී ජීවීන් පිරිසක් විය යුතුයි. ඔවුන් සතුරන් වීමට ඇති ඉඩකඩ ඉතා අල්පයි. ඔවුන්ගේ තාක්ෂණය අපට තර්ජනයක් වේවි කියා මම නම් හිතන්නේ
↧
↧
සයිටම් ප්‍රශ්නය - 04 කොටස
සයිටම් ප්‍රශ්නය - 04 කොටස
පළමු කොටස් ද එතැනින් ම ලබා ගත හැකි ය.
https://www.facebook.com/nalinkalaya/videos/390057488040316/
Pause
-24:09
Unmute
HD
Captions
More Settings
Additional Visual Settings
Nalin de Silva added a new video: .
සයිටම් ප්‍රශ්නය - 04 කොටස (මේ සම්බන්ධ නලින් ද සිල්වා මහතාගේ ලිපි සහ වීඩියෝ
↧
ලොව වටා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රම
මිනිස් සමාජයේ යහපැවැත්ම උදෙසා සමාජය විසින්ම නිර්මාණය කරන ලද සම්මුතීන් තිබෙනවා. අපරාධ අවම නීත්‍යානුකූල සමාජයක් පවත්වාගැනීමට මිනිසුන් විසින් මෙම සම්මුතීන් විවිධාකාරයෙන් භාවිතා කරනවා. අප විසින් මෙම ලිපියෙන් සාකච්ඡා කරන මරණීය දණ්ඩනය තවත් එවැනි ක්‍රියාවක්.
මරණීය දණ්ඩනය කියන්නෙ ඉතාම මතභේදකාරී දඬුවම් ක්‍රමයක්. ලොව පුරා සැලකිය යුතු සංඛ්‍යාවක් රටවල මරණ දණ්ඩනය ක්‍රියාත්මකයි. ලංකාවේ දී නම් යමෙකු විසින් මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම, රජයට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම, ග්‍රෑම් 2කට වැඩි හෙරොයින් ප්‍රමාණයක් ළඟ තබාගැනීම ආදී වැරදි වලට වරදකරු වුවහොත්, ඔහුට මරණීය දණ්ඩනය පැවැත්වීමේ බලය මහාධිකරණය සතු වෙනවා. ඇතැම් රටවල පැහැරගැනීම, ලිංගික අඩත්තේට්ටම් කිරීම, අනාචාරයේ හැසිරීම, සමලිංගික සේවනය, හා දේවාපහාසනය ආදී ක්‍රියාවන්ට එරෙහිව ද මරණීය දණ්ඩනය පමුණුවනවා.
මරණීය දණ්ඩනය නියම වූ විට එය ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන ක්‍රම කීපයක් වර්තමාන භාවිතයේ පවතිනවා. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන රටවල මෙයින් එක් ක්‍රමයක් හෝ පොදුවේ ක්‍රම කීපයක් භාවිතා වෙනවා. එම ප්‍රධාන ක්‍රම පිළිබඳව සරලව විස්තර කිරීමයි මෙම ලිපියේ අරමුණ. මරණීය දණ්ඩනය පනවන ක්‍රම පහත පරිදි වනවා.
එල්ලා මැරීම
1902 දී කැනඩාවේ සිදු කෙරුණු එල්ලා මැරීමේ සිදුවීමක්. (Wikipedia)
මෙහි දී ප්‍රාණය නිරුද්ධ වන තෙක් වරදකරු ගෙලින් එල්ලා තබනු ලබනවා. වරදකරුවෙකු එල්ලා මරණයට පත්කිරීමට පෙර දිනයේ දී ඔහුගේ බර මැනීම සිදුවෙනවා. ඉන් අනතුරුව ඔහුගේ බරට සමාන වැලි ගෝනි භාවිතයෙන් පෝරකයේ දී පෙරහුරුවක් සිදු කරනු ලබනවා. කඹය දිගින් අඩු වැඩි බව තීරණය කෙරෙන්නේ මෙම පෙරහුරුවේ දී යි.
කඹය දිගින් ඉතා වැඩි වූ විට එල්ලනු ලබන පුද්ගලයාගේ හිස ගෙලින් ගැලවි යෑමේ අවධානමක් ඇති අතර, කඹය අවැසි තරම් දිගක් නොමැති විට වරදකරු හුස්ම සිරවීමෙන් මියයෑම සිදුවෙනවා. මෙම හුස්ම සිරවී මිය යෑම සිදු වීමට ඇතැම්විට විනාඩි 45ක් තරම් කාලයක් ගත විය හැකි නිසා, වැටුමේ ගැස්මෙන් කඹය මගින් සුෂුම්නාවට හානි වීමෙන් වරදකරුගේ මරණය සිදු වන සේ දිගු කඹයක් යොදාගැනීම සිරිතයි.
දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට මොහොතකට පෙර වරදකරුගේ දෑත් හා දෙපා බැඳ, දෑස් වසා, වම් කන පිටුපසට ගැටය එන සේ තොණ්ඩුව ගෙල වටා පළඳවනවා. කෙසේ වෙතත් ගෙල විසන්ධි වී සුෂුම්නාවට හානි වීමෙන් යමෙක් මිය යතැයි බලාපොරොත්තු වන තරම් ඉක්මනින් මෙම පුද්ගලයින් මියයන්නේ කලාතුරකින් බවටයි සැලකෙන්නේ. එම නිසා ලංකාව ද ඇතුළුව ඇතැම් රටවල ක්‍රියාත්මක වන මෙම දඬුවම් ක්‍රමය ඉතා අමානුෂික බව ප්‍රසිද්ධ මතය යි.
රසායන එන්නත් කිරීම
මරණ දණ්ඩනය පනවන ක්‍රම අතුරින් ඉතාම මානුෂික ක්‍රමය ලෙස සැලකෙන්නේ මෙයයි. මෙම ක්‍රමයේ දී සිදුවන්නේ නිර්වින්දන ඖෂධයක් වන සෝඩියම් තයෝපෙන්ටල් එන්නත් කර වරදකරු නින්දට වැටීමට සලස්වා, ඉන් අනතුරුව පැන්කියුරෝනියම් බ්‍රෝමයිඩ් නම් රසායනය එන්නත් කිරීමයි.
මෙමගින් පේශි පද්ධතිය අප්‍රාණික කරවීමෙන් ශ්වසනය අඩාල කරවනවා. අවසානයේ දී පොටෑසියම් ක්ලෝරයිඩ් එන්නත් කිරීම මගින් වරදකරුගේ හෘදය අඩාල කරවනවා. මෙම මුළු ක්‍රියාවලිය අතරතුරම වරදකරු නින්දේ පසුවන බැවින් මෙය වේදනා රහිත ක්‍රමයක් යැයි සැලකෙනවා.
මෙහි දී වරදකරු මෙම ඇඳට තබා බැඳ දමනවා. (CNN)
මෙහිදී එන්නත් ලබාදීමට පෙර වරදකරු විශේෂ ඇඳක තබා පටි මගින් බැඳ දමන අතර, හෘදයේ ක්‍රියාකාරීත්වය මැනීමට උපකරණ සම මතට ට සම්බන්ධ කරනවා. සාමාන්‍යයෙන් අතක ශිරාවකට එන්නත ලබාදීම සිදුවන්නේ මින් අනතුරුවයි. කෙසේ නමුත් නුපුහුණු ශිල්පීන් විසින් ශිරාව වෙනුවට ඇතැම් විට මාංශ පේශීන් වලට එන්නත් කිරීම හේතුවෙන් වරදකරුට තදබල වේදනාව ඇතිකරවන අවස්ථා ද බහුලයි.
විදුලි පුටුව
මෙය 1888 දී හඳුන්වාදුන් ක්‍රමයක්. මෙහිදී වරදකරුගේ හිස මුඩු කර, විශේෂ පුටුවක හිඳුවා, පපුව, උකුල් ප්‍රදේශය, අත්, සහ පාද පුටුවට තබා පටි මගින් තද කරනවා.
හිස් ආවරණයක හැඩය ගත් ලෝහ ඉලෙක්ට්‍රෝඩ සේලීන් දියර මගින් තෙත් කළ හිස් කබල සහ නළල මත සවිකිරීම ඉන්පසුව සිදුවනවා. ප්‍රතිරෝධය මැඩලීමට ජෙලි වර්ගයක් මගින් තෙත් කළ ඉලෙක්ට්‍රෝඩයක් වරදකරුගේ පාදයකට සවි කිරීම ඉන් අනතුරුව සිදු කෙරෙනවා. වරදකරුගේ දෑස් ආවරණය කිරීමෙන් අනතුරුව වෝල්ට්ස් 500ත් 2000ත් අතර වන විද්‍යුත් කම්පනයක් තත්පර 30ක පමණ කාලයක් ලබාදෙනවා.
ඉන්පසු වෛද්‍යවරයෙකු මගින් වරදකරුගේ හදගැස්ම පරීක්ෂා කර බලන අතර, වරදකරුගේ ප්‍රාණය නිරුද්ධ වී මැති නම් තවත් විද්‍යුත් කම්පනයක් ලබා දෙනවා. වරදකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක් මෙම ක්‍රියාවලිය මෙලෙස සිදුකෙරෙනු ලබනවා.
විදුලි පුටුව. (Washington Examiner)
මෙම ක්‍රියාවලිය අතරතුර දිය බිබිළි නැගීම, දුමක් පිටවීම, සහ වරදකරු ගින්නට හසුවීම පවා ඇතැම්විට සිදුවනවා. මෙය වේදනාත්මක ක්‍රමයක් නිසා ඇතැම් රටවල් දැනටම මෙම ක්‍රමය මගින් මරණ දණ්ඩනය දීම අත්හිටුවා තිබෙනවා.
වෙඩි තැබීම
මෙම ක්‍රමයේ දී සාමාන්‍යයෙන් වරදකරු ඕවලාකාර කැන්වස් රෙද්දක් ඉදිරියේ තබා ඇති පුටුවක හිඳුවා හිස සහ උකුළ ප්‍රදේශ හරහා පටි මගින් බැඳ දමන අතර, හිස ආවරණය වන සේ කළු රෙදි කඩක් යොදනවා.
පපුව මත සුදු රෙදි කඩකින් ඉලක්කය සළකුණු කරන අතර, වෛද්‍යවරයෙකු විසින් හෘද ස්පන්දනය නිරීක්ෂණය කරනවා. පස් දෙනෙකු හෝ දොළොස් දෙනෙකුගෙන් යුත් භට කණ්ඩායමකට එක් පතොරමක් සහිත තුවක්කු ලබා දෙන අතර (මෙයින් එක් තුවක්කුවක ඇත්තේ හිස් පතොරමකුයි) ඔවුන් එකිනෙකා තවත් කැන්වස් රෙද්දක සිදුරක් හරහා වරදකරුට වෙඩි තැබීම සිදු කරනවා.
වෙඩි තබා මරා දැමීමේ දණ්ඩනය මෑත අතීතයේ ක්‍රියාත්මක කළ ආකාරය. (Wikipedia)
වරදකරුගේ මරණය සිදුවන්නේ හදවතට හෝ පෙනහැලි වලට සිදුවන හානි හේතුවෙන් හෝ, ප්‍රධාන ධමනියකට හානි වීමෙන් සිදුවන අධික රුධිරවහනය මගිනු යි.
ගෑස් කුටිය
මෙහිදී වායුරෝධක කුටියක තබා ඇති පුටුවකට සිරකරු බැඳ දැමෙනවා. පුටුවට පහතින් සල්‍ෆියුරික් අම්ලය අඩංගු බඳුනක් තබනු ලැබෙනවා. සිරකරුගේ සිරුරට සම්බන්ධ උපකරණයක් මගින් කුටියේ පිට සිට ඔහුගේ හෘද ස්පන්දනය මනිනු ලබනවා. දඬුවම ක්‍රියාත්මක කරන්නේ පිටත සිට ලීවරයක් මගින් සෝඩියම් සයනයිඩ් ස්ඵටික සල්‍ෆියුරික් අම්ල අඩංගු බඳුනට දැමීම මගිනුයි.
එම ද්‍රව්‍ය ප්‍රතික්‍රියාවෙන් මාරාන්තික හයිඩ්‍රජන් සයනයිඩ් වායුව පිටවන අතර, මරණය ඉක්මන් කරනු පිණිස ගැඹුරු හුස්මක් ගන්නා ලෙසට වරදකරුට උපදෙස් දෙනු ලබනවා. මෙය වේදනාත්මක ක්‍රමයක් වන අතර, විෂ වායුව ආඝ්‍රානය නිසා මොළයට ලැබෙන ඔක්සිජන් මද කමෙන් සිරකරු මියයනවා.
වරදකරුගේ මරණයෙන් අනතුරුව පංකා මගින් කුටියේ ඉතිරිව ඇති විෂ වායූන් ඉවත් කෙරෙන අතර, ඇමෝනියා සිරුරට ඉස ඉතිරි විෂ උදාසීන කිරීම සිදුවෙනවා.
ගෑස් කුටිය. (Raw Story)
මීට අමතර සෞදි අරාබිය වැනි ශාරියා බලාත්මක රටවල හිස ගසා දැමීම හා ගල් ගසා මැරීම ද නීත්‍යානුකූල දඬුවම් ක්‍රමයන් ලෙස සැලකෙනවා. බොහොමයක් රටවල මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ අප්‍රසිධියේ වුවත්, ඇතැම් මැදපෙරදිග රටවල මරණ දණ්ඩනය ජන්යා ඉදිරියේ ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කෙරෙනවා.
මරණ දණ්ඩනය පැනවීම මගින් අපරාධ වැලැක්වීම ශිෂ්ඨ සමාජයකට ගැලපෙන ක්‍රමයක් දැයි සිතා බැලිය යුතු කාලය පැමිණ ඇතැයි අප විශ්වාස කරනවා. මරණ දණ්ඩනය පැණවීම මගින් අපරාධ රැල්ල පාලනය කළ හැකි නම්, දැනටත් මරණ දණ්ඩනය බලාත්මක රට අපරාධ වලින් තොර සුරපුරයන් බවට පත්ව තිබිය යුතු නමුත් සැබෑ තත්ත්වය නම් එය නොවේ.
මරණ දණ්ඩනය පැනවීමේ එක් අරමුණක් නම් අපරාධකරු ඉදිරියටත් කළ හැකි වරද වලින් ඔහු වළක්වාලීමයි. ඔහු විසින් නැවත වරදක් කරනු ඇතැයි අනුමාන කර මරණ දණ්ඩනය පැමිණවීම ශිෂ්ඨ සමාජයකට කොතරම් උචිතදැයි නැවත නැවතත් සිතා බැලිය යුත්තක්, ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද?
කවරයේ
↧
කැරලි මර්දනයට උපන් කදුළු ගෑස්
“බාධක බිදගෙන ගිය වෙද සිසුන්ගේ උද්ඝෝෂණයට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර”
“වරාය සේවකයන්ට කොටුවේදී කදුළු ගෑස් ප්‍රහාර”
“ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර පිරිස පළවා හරියි”
වැනි ප්‍රවෘත්ති සිරස්තල පසුගිය දිනවල ඉතාමත්ම සුලභව අසන්නට, දකින්නට ලැබුණා. කදුළු ගෑස් ලෙස නිතරම වචනය භාවිතා කලත් අප වැඩි දෙනෙක්ට කදුළු ගෑස්වල රසායනික පැත්ත, කදුළුගෑස් හි ඉතිහාසය, භාවිතා විය යුත්තේ කුමන අවස්ථා වලදීද මෙන්ම එහි අවධානම හා ප්‍රතිවිපාක පිළිබඳව හරි හැටි අවබෝධයක් නෑ.
ඉතින් අද ලිපිය මඟින් ඔබට ගෙන එන්නට අදහස් කලේ කදුළු ගෑස් පිළිබඳව විස්තර ටිකක්. මීට අමතරව කදුළු ගෑස් පිළිබඳව තව දේවල් ඔබ දන්නවනම් හෝ කදුළු ගෑස් ප්‍රහාරයකට මුහුණ දී ඇත්නම් ඒ අත්දැකීමත් comment එකකින් අපත් සමඟ බෙදා ගන්න අමතක කරන්න එපා.
කදුළු ගෑස්හි අඩංගු රසායනික
CS වායුව අඩංගු කදුළු ගෑස් (academic.aucegypt.edu)
මාරාන්තික නොවන රසායනික අවියක් ලෙස මෙය හදුන්වනවා. Lachrymator ලෙස හදුන්වන කදුළු ගෑස් වල අඩංගු රසායනික සංඝටක ලෙස Pepper spray (OC gas), CS gas, CR gas, CN වායුව, Nonivamide Bromoacetone, Xylyl Bromide, මෙන්ම ළුණු හා වසාවාසි වල අඩංගු යම් රසායනික ද්‍රව්‍යත් මෙහි අඩංගු වෙනවා. ඉන් කිහිපයක් පිළිබඳව පහත ආකාරයට විස්තරාත්මකව දක්වන්නට පුළුවන්.
CS වායුව
මෙම වායුව මගින් ස්වසන පද්ධතියට අමතරව හදවතට සහ අක්මාවටද බලපෑම් සිදුවන බව සොයාගෙන තිබෙනවා. CS වායුව මාරාන්තික නොවන අවියක් ලෙස වර්ග කර තිබුණද ඊශ්‍රායලයේ J. A රහ්මාන් නැමැත්තා 2010 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින මියගොස් ඇත්තේ අධික ලෙස CS වායුව ආඝ්‍රහණය කිරීම හේතුවෙන් බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
Xylyl බ්‍රෝමයිඩ්
මෙතිල් බෙන්සයිල් බ්‍රෝමයිඩ් (methylbenzyl bromide) යන රසායනික නාමයෙන් හඳුන්වන අවර්ණ කාමර උෂ්ණත්වයේදී වායුවක් ලෙස පවතින තරමක් විෂ සහිත වායුවක්.
CR වායුව
අළු පැහැයට හුරු කහ පැහැයකින් යුක්තයි. CS වායුවට වඩා විෂ බවින් අඩු මෙම වායුව CS වායුවට වඩා දස ගුණයක ප්‍රබල ක්‍රියාකාරිත්වයක් දක්වනවා. වායුවට නිරාවරණය වීමෙන් කැස්ස, ස්වසන අපහසුතා හා තාවකාලික අන්ධ බව පවා ඇති වන්නට පුළුවන්. තවද තෙත සම මත තැවරුණු විට වේදනාවක් හටගන්නවා.
කදුළු ගෑස් විදීම සඳහා භාවිතා කරන අවිය (rfi.nic.in)
විශේෂයෙන්ම කදුළු ගෑස් වලින් ඇස තුළ කදුළු නිෂ්පාදනය කරන ශ්‍රාවී ග්‍රන්ථි වල ස්නායු උත්තේජනය කරනවා. එවිට කඳුළු හා ශේල්ෂ්මල(සෙම) වැගිරීම සිදුවෙනවා. වර්තමානයේ දී CN ගෑස් වෙනුවට CS ගෑස් යොදා ගනු ලබන අතර ජාත්‍යන්තර වශයෙන් මේ වන විට භාවිතා කරන්නේ CS වායුව අඩංගු කදුළු ගෑස්.
කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථා
ග්‍රෙනේඩ් ආකාරයේ කදුළු ගෑස් (www.gunauction.com)
යුධ මෙහෙයුම් වලදී ජාත්‍යන්තර යුධ නීතියට අනුකූලව කදුළු ගෑස්හි ඇති රසායනික ද්‍රවයන් යොදා ප්‍රහාර එල්ල කිරීම සම්පුරණයෙන් තහනම් වෙනවා. අධික විෂ සහිත කදුළු ගෑස් (Bromoacetone) දෙවන ලෝක යුද්ධ කාලයේදී භාවිතා කර තිබුනත් වත්මන් යුධ කටයුතු වලදී භාවිතා කිරීම ජාත්‍යන්තර ගිවිසුම් මඟින් වළක්වා තිබෙනවා. නමුත් ලෝකය පුරා ගරිල්ලා සංවිධාන විසින් කදුළු ගෑස් යුධ මෙහෙයුම් වලට භාවිතා කර තිබෙන බව පෙනී යනවා. කොටි සංවිධානය විසින් 2008 වර්ෂයේ සැප්තැම්බර් මස ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව CR වායුව භාවිතා කර ප්‍රහාර එල්ල කිරීම එක් උදාහරණයක් ලෙස දක්වන්නට පුළුවන්.
වර්තමානය වන විට බොහෝ රටවල සන්නද්ධ හමුදාවන්ට හා පොලීසියට කඳුළු ගෑස් යොදා ගෙන කැරලි මර්දනය කිරීම සදහා නිත්‍යානුකූල අවසරය ලබා දී තිබෙනවා. 1914 වර්ෂයේදී පහසුවෙන් නිෂ්පාදනය කළ හැකි Xylyl Bromide භාවිතා කර මුල්ම වරට කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අනතුරු ඇඟවීම් නොසලකා හරින පොලීසිය
2013 වසරේ පැවති තුර්කි විරෝධතාවකට කදුළු ගෑස් එල්ල කළ අයුරු (Metro)
නිෂ්පාදන සමාගම් විසින් කදුළු ගෑස් කාට්රිජ් මත අනතුරු ඇඟවීමක් ලෙස මෙලෙස මුද්‍රණය කර තිබෙනවා.
“පුද්ගලයන් වෙත කෙලින්ම වෙඩි තැබීමෙන් වලකින්න. දරුණු තුවාල හෝ මරණය පවා සිදු විය හැකියි”
ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල මෙම අනතුරු ඇඟවීම නොසලකා හැර තිබෙන බව විරෝධතාවන් වලදී සිදුවන ශාරීරික තුවාල වලින් පැහැදිලි වෙනවා. 2013 වසරේ තුර්කි විරෝධතාකරුවන්ට එල්ල කරනු ලැබූ කදුළු ගෑස් ප්‍රහාරයෙන් විරෝධතාකරුවන් සිය ගණනක් තුවාල ලබනවා.
කෙසේවෙතත් කදුළු ගෑස් විදිනයන් ලෙස භාවිතා කරන තුවක්කු වල වෙඩි තැබීමේ පරාසය වෙනස් කිරීම සඳහා යාන්ත්‍රණයක් ඇත්තේ නැහැ. ප්‍රක්ෂේපන පරාසය වෙනස් කිරීම සඳහා ඇති එකම ක්‍රමය වන්නේ නිවැරදි කෝණයකින් ඉලක්කය ගැනීම පමණයි. මෙලෙස ඉලක්කය නිවැරදි ලෙස නොගැනීම දරුණු අනතුරු වලට හේතු වෙනවා. එවැනි අනතුරු 2013දී බ්‍රසීලයෙන් හා 2014 දී හොංකොං වලින් වාර්තා වෙනවා.
කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් වූ විට
කදුළු ගෑස් ප්‍රහාරයක් නිවැරදිව එල්ල කරමින් (Getty Images)
කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් වූ විට ඇස්, නාසය, මුඛය හා පෙනහළු වල ශ්ලේෂ්මල උද්දීපනය වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා, ඇස් වල දැවිල්ල මෙන්ම තාවකාලික අන්ධභාවය ඇති වෙන්නට පුළුවන්.
කදුළු ගෑස් මුදා හැරීමෙන් තත්පර 20 – 60 අතර කාලය තුළ මෙම මුලික ලක්ෂණ ඇතිවෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 30ක් තුළදී එම ප්‍රදේශයෙන් ඉවත් වී යාමෙන් එම ලක්ෂණ ඉවත් වී යනවා. නමුත් මෙම ප්‍රතික්‍රියාවෙන් සැලකියයුතු වෙනස්කම් ශරීරය තුළ සිදු විය හැකි බව විෂ විද්‍යාව පිළිබඳ ලෝක පර්යේෂණ සභාව පෙන්වා දෙනවා.
බරපතල ආපදා
මෙසේ කදුළු ගෑස් එල්ල කිරීම නිත්‍යානුකූල වේද? ( Newsfirst)
දරුණු තැලීම්, ඇස පෙනීම අහිමිවීම්, හිස් කබලේ අස්ථි බිදීම මඟින් මරණයට පත් වීම් වැනි අනතුරු කදුළු ගෑස් ප්‍රහාරයන්හි බරපතල අනතුරු ලෙස හදුන්වා දෙන්නට පුළුවන්. මෑත කාලයේදී කදුළු ගෑස් ප්‍රහාරයක බරපතල ආපදාවක් වාර්තා වන්නේ ඉරානයෙන්. එහිදී ස්නායු තුවාල (44%), අංග චේදනය කිරීම්(17%) සහ හිසට සිදු වූ බරපතල තුවාල විශාල ලෙස වාර්තා වුනා.
ඇදුම වැනි ස්වසන රෝගයන්ට ගොදුරුව සිටින පුද්ගලයන් කදුළු ගෑස් වලට නිරාවරණය වීම දැඩි ලෙස අවධානම් කටයුත්තක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඔවුන්ට ඉක්මනින් පිරිසිදු වාතාශ්‍රය මෙන්ම කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු වෙනවා. තවද CS වායුව සඳහා නිරාවරණය වීමෙන් සම පිළිස්සීමට ඇති හැකියාව ඉතා ඉහළයි.
කැලිෆෝනියා විෂ පාලන පද්ධතිය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව 2002-2011 වර්ෂ තුළදී ලෝකය පුරා කදුළු ගෑස් තුවාල 3671ක් වාර්තා වී තිබෙන අතර ඉන් බරපතල තුවාල ලැබූ ප්‍රතිශතය 6.8%ක් , ඇස් වල බරපතල රෝග 54%ක් , ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග 32%ක් හා සමේ රෝග 18%ක් ලෙස වැඩි දුරටත් බෙදා දක්වා තිබෙනවා.
ආරක්ෂක උපක්‍රම හා ප්‍රතිකර්ම
විරෝධතාකරුවන් විසින් කදුළු ගෑස් නැවත ආරක්ෂක අංශ වෙතටම දමා ගැසීම බොහෝ වෙලාවට දකින්නට පුළුවන්. (National Geographic News)
කඳුළු ගෑස් ප්‍රහාරයන්ට නිරාවරණය වීමෙන් වැළකීමට මුහුණු ආවරණ, මුඛ ආවරණ, වතුර බෝතල් මෙන්ම පිහිනීමේදී භාවිතා කරන Swimming Gogglesද යොදා ගනු ලබනවා.
කදුළු ගෑස් සඳහා ස්ථිර විෂ නාශකයක් නොමැති වූවත් විවිධ ද්‍රව්‍ය හා විවිධ පියවර ඒ සඳහා යොදා ගනු ලබනවා. එම ප්‍රදේශයෙන් ඉවත් වී පිරිසිදු වාතාශ්‍රය ලැබෙන ස්ථානයකට පැමිණීම පළමුවෙන්ම කළ යුතු වෙනවා.අපිරිසිදු ඇදුම් ඉක්මනින් ඉවත් කිරීමෙන් සමට සිදුවෙන හානිය වළක්වා ගැනීමට පුළුවන්. අක්ෂි කාච භාවිතා කරන්නේනම් ඒවා හැකි ඉක්මනින් ඉවත් කිරීම කළ යුතු බව නිර්දේශ කර තිබෙනවා.
ජලය මගින් ඇස් සෝදා හැරීම තවත් එක් ක්‍රමයක්. නමුත් කදුළු ගෑස්හි CS රසායනිකය අඩංගු වී පැවතුනොත් වේදනාව වැඩි වීමට පුළුවන්. විනාකිරි, ඛනිජ තෙල්, කිරි හා දෙහි යුෂ ප්‍රතිකාරයන්ට සඳහා ක්‍රියාකාරීන් විසින් භාවිතා කරන නමුත් එම පිළියම් කෙතරම් දුරට ඵලදායිද යන්න පැහැදිලි නෑ.
ඉතින් කදුළු ගෑස් වල රසායන සහ ඒවා භාවිතා කරන අවස්ථා වගේම කදුළු ගෑස් ප්‍රහාරයකට හදිසියෙන් හෝ ඔබ මුහුණ දුන්නොත් ආරක්ෂා වෙන අන්දම දැන් තරමක් හෝ දුරට ඔබට පැහැදිලි වෙන්නට ඇතියැයි අප සිතනවා.
මුලාශ්‍ර – Wikipedia, mentalfloss.com
කවරයේ
↧
Muthu Mala Hathak ( මුතු මාල හතක් ගෙල වට පලදන්නම් )
Muthu Mala Hathak Artist - Chandana liyanarachchi Song - Muthu Mala Hathak Chord - E [Intro]----------------------------------------------------------------------------| E | D |Bm| D || E | D |Bm| E || E | - | A |F#m||Bm| A | E | - || E |Bm| - | E | //[Chorus]----------------------------------------------------------------------------- E DMuthu mala hathak gela wata paladannamF#m D ESudu seela otha oya watha sarasannamE A E DBakki karaththen kendan yannam poya data sudu sanda eliyeBm E Bm ESaheta gannam engili ganinnnam [Verse 1]-----------------------------------------------------------------------------E Abm E E7 A F#m EBalaye eee bendi aalaye suwanda wee gammanayeEMaa dathe ellila duwa penna ayuru edha Bm E Bm EMathake rendune ada eye wage[Verse 2]-----------------------------------------------------------------------------E Abm E E7 A F#m ESaara kethe eeee peedena wee karal nelawena niyaEOba yana lathawa diha neth bala sitimi ayaBm E Bm ESatute sina muwaga rendenna Muthu Mala
↧
↧
පැරණි Nokia 3310 දුරකථනය හා නව Nokia 3310 දුරකථනය සංසන්දනය කරන වීඩියෝවක්
නව Nokia 3310 ගැන වැඩි විස්තර මෙතනින් කියවන්න.
↧
ලේ කඳුළු
සඳක් බැසගෙන යන කලාවටකවක් ලියවෙයි නොදත් තාලෙටරැහැයි හඬ ඉල්ලන සවණතකටබැහැයි නොකියා අඬාපන් උලලේනියේ තරඟයටමොර ගෙඩි , පැණි වරකා සුවඳට එල්ලුන වවුලන්දකජු ගෙඩි බිම දමන සද්දය හිත වටකර යුධ පිටියක්යරඹුටන් ගහේ මැද හරියේ එල්ලුන බකමූණෙක්දහූමිටි තලන හැටි පුදුමයි මා ගැන දැනුනාවත්දදේදුනු පිපෙනවද තරුවැල් මඟ කියනකොටපොරිමල් සුවඳ හිත ඉල්ලයි ගොළුවත සතුටක්යපීදුනු රෑකඩුපුලක් ඉවකරනා මැඩියෙක්දබෝවිටි පඳුර යට හිටියා දුටුවේ නැහැ කවුරුත්මසැලමුතු සිහින ගුලිකර හැට්ටය අස්සෙ ඔබාපිවිතුරු පිච්ච මල නෙතු සඟලම බිමට යවාකළුතර බෝධියේ මලසුන හිතින් මවාඅළුකර යැවුව හැටි පුදුමයි සෙනෙහසද අසාඅම්මේ ප්‍රේම කෙරුවේ හදබිත මත දෙව් රුවක් තනායන්නේ කොහෙද නොමඇසුවේ දෙවිදුන් ඔහුය සිතාදන්නේ දෙයියො විතරයි ලේ කඳුළත් මගෙම තමාඅම්මේ දල්වපන් පහනක්, කළුවර සොහොන
↧
‘‘තරුරසී‘‘ට ඉස්කෝලෙ යන්න කාලෙ හරි..!!!
අවතැන් හිතකට විසල් අහසක සෙනෙහසක් බන්දාහුදකලා කඩදහි අකුරු නෙතින් නෙතකට කැන්දාමඳහසත්, සුසුමත් එක ලෙසස්නේහයෙන් දෝත රන්දාබෞතිස්ම කොට අලුත් ලොවකට‘තරුරසී‘ ලෙස මා උපද්දා පස් වසක සැමරුමයි අද දින
කල් ඉකුත් වූවාද
↧