සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්.ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය.බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු දකින අඩු ලුහුඬුකම් අවංකව කොන්දේසි විරහිතව විවේචනය කරනවා කිසිම පක්ෂපාතීත්වයකින් තොරව.ඒත් ඔහු කොයිම වෙලාවකවත් ඔහු ඉගෙන ගත්තු කොළඹ හතේ මහ විසල් පාසල කාටවත් විවේචනය කරන්න දෙන්නේ නෑ. එහෙම කරන කොට බණ්ඩාගේ මිතුරාට හරියට කේන්ති යනවා බණ්ඩා දැකලා තියෙනවා.“මම මචන් ජාතිවාදයට විරුද්ධයි, ආගම්වාදයටත් විරුද්ධයි. ඒත් මම ඉගන ගත්තු මහ විසල් ඉස්කෝලේ කවුරුන් හරි විවේචනය කරද්දි මට මහ කේන්තියක් එනවා.මට මාවම කියවගන්න බැරි වෙන්නේ ඒ වගේ වෙලාවට”මේ පරස්පර විරෝධී හැසිරීම බණ්ඩාට පේන්නේ මහ විකාරයක් විදිහටඑක්තරා ආකරයකින් මේක හරිම උත්ප්‍රාස ජනකයි..!ඇයි මෙහෙම වෙන්නේ?බණ්ඩා ඉගෙන ගත්තේ ඔය සෝ කෝල්ඩ් මහ විසල් පාසලකින් නෙමෙයි. ඒත් බණ්ඩාට මහ විසල් පාසල්වල ඉගෙන ගත්තු යාළුවෝ ඉන්නවා. ඒ අය කියන දේවල් වල විදිහට බණ්ඩාට තේරුන දෙය තමයි ඒ අයට පොඩි කාළේ ඉදලම මේ මහ විසල් පාසල් ගැන විශේෂ හැඟීමක් ඔළුවට කාවද්දලා තියෙන බව“මල්ලි අපිට අවුරුදු සීය ගාණකට වඩා වැඩි ට්‍රැඩිශන්ස් තියෙනවා. අපේම කියලා කල්චර් එකක් තියෙනවා. ඒවා අපි ආරක්ෂා කරන්න ඕන”මේ මහ විසල් පාසල් වල දිවිහිමියෙන් අරක්ෂා කළ යුතු, ට්‍රැඩිශන්ස්, කස්ටම්ස්, නොර්ම්ස් තියෙනවා. ඒ මහ විසල් පාසල් වල කොටසක් වෙන්නනම්, මේ සම්ප්‍රදායන්, චාරිත්‍ර, සිරිත් විරිත් අකුරටම පිළිපදින්න ඕන.මේ මහ විසල් පාසල් වල කොටසක් වීම මඟින් එම පුද්ගලයාට සාමාන්‍ය සමාජයෙන් වියුක්ත සුවිශේෂී ගෝත්‍රයකට ඇතුළු වෙන්න ටිකට් එකක් හම්බෙනවා.“මල්ලි ඔයා අද ඉදලා ආනන්දියන් කෙනෙක් කියලා මතක තියා ගන්න”“වන්ස් අ රෝයලිස්ට්, ඕල්වේස් අ රෝයලිස්ට්”තමන් ගැන ආඩම්බර වෙන්න වෙන කිසිම දෙයක්, පුද්ගල දක්ශතාවක් නැති අයට පවා මේ මහ විසල් පාසල් ගෝත්‍රයට අයිති වීම නිසා එම පුද්ගලයට සමාජයේ සමාන්තර වයස් කාණ්ඩ වල අයවලුන්ට වඩා උසස් බව හැඟෙනවා.මේකත් සුදු ජාතිකයෙක් වීම නිසාම ආඩම්බර වන, වර්ණ බේදවාදය පතුරන සුදු ජාතිකයන්ගේ KKK වගේ එක්තරා විදිහක ට්‍රයිබල් මෙන්ටලිටියක් කියලයි බණ්ඩාට හිතෙන්නේ.මේ මහ විසල් පාසැල තුළදී පාසැල් ගීය, පාසැල් කොඩිය සහ පාසල් ලාංඡනය වගේ සංකේත කෙරෙහි වන්දනීය ස්වරූපයක් කුඩා කාලේ ඉදලම ළමා මනසට බලෙන්ම කාවද්දන නිසා කවුරුන් හරි මේ පූජනීය දේවල් විවේචනයට, ගැරහීමට ලක් කළහම මේ මහ විසල් පාසල් ගෝත්‍රිකයන්ට ගොඩක් කෙන්ති යනවා. ඒ වෙනුවෙන් ඔවුන් ගහ මරා ගන්න පවා යනවා.බණ්ඩාට එතකොට මතක් වෙන්නේ හිට්ලර් සහ ස්වස්තික ලකුණ අතර ඇති දැඩි සහ සම්බන්ධය.බණ්ඩාගේ මිතුරා මහ විසල් පාසලෙන් අස්වීම් සහතිකය අරගෙන ගොඩක් කලක් ගතවී ගිහිල්ලත් තම පාසලේ පාලකයින් ගැනත්, ගුරුවරුන් ගැනත්, තම පාසැල් සිසුන්ගේ විනය පිළිබඳවත් දක්වන්නේ දැඩි සැළකිල්ලක්.“ගිය පාර පැරේඩ් එකේ අලියෙකුත් ගියා, මේ පාර කෝ අලියා?”කිසිදා පිටුනොපාන මේ දැඩි භක්තිය, ශුද්ධවූ ළැදියාව දෙවෙනි වන්නේ කුමකටද කියන එක වෙලාවකට බණ්ඩාට ප්‍රශ්නයක්.ඒ ආදරය, භක්තිය හිමිවන්නේ අනෙකාගෙන් තමන්ව වෙන් කරන, සුවිශේෂ කරන, ඔවුන්ගේ මනසේ ඇඳුන සර්වසම්පූර්ණ සංකල්ප පද්ධතියකට කියලා බණ්ඩාට හිතනවා.මේ විසල් පාසල් වලින් නිර්මාණය කොට පුහුණු කරනු ලබන්නේ තමාගේ කණ්ඩායමට කොන්දේසි විරහිත ඇල්මකුත් තමාගේ නොවන කණ්ඩායම් වලට එදිරිවාදී හැඟීමකුත් දනවන චින්තන රටාවක්පාසල්වාදයෙන් ආරම්භවන මේ චින්තනයේ පදනමම ජාතිවාදය සහ ආගම් වාදය වගේ ගෝත්‍රික සංකල්ප වලටද මූල බීජය වනවාඅනෙකාට වඩා තමන් උසස්ය, සුවිශේෂීය කියා උගන්වන.. සමාජයේ අනෙකාගෙන් තමන්ව වෙන්කරන අනන්‍යතාවයක් නිර්මාණය කෙරෙන.. මහ විසල් පාසැලකට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වයක් දක්වන රාමුවකට හිරවි සිටින පරපුරක්, මානව සංහතියට පොදුවේ ආදරය දක්වන්න පුළුවන් වෙයි, අනෙකාගේ දුකේදි සහකම්පනය වෙයි කියලා බණ්ඩා හිතන්නේ නෑ.මේ පටු අදහස් වලින් ඤාණය නිවහල් කර ගන්න, වර්ගවාදී, ගොත්‍රවාදී, ආගම්වාදී (religion based), ලිංග බේදවාදී (gender based), අධ්‍යාපන ක්‍රමය සහමුළින්ම කඩා බිඳ දමලා බින්දුවෙන්ම පටන් ගන්න ඕන කියලයි බණ්ඩාට හිතෙන්නේ.ඒක පටන් ගන්න නම් ඉතින් තිහ, හතළිහ පැනපු අන්කල්ලා සෙට් එක මුලින්ම මේ මහ විසල් පාසල්වලින් අවුට් කරගෙන ඉන්න වෙනවා.මචන්.. රටයි ලෝකෙයි හදන්න කලින් පින් අයිතිවෙයි ඉස්සෙල්ලාම ඉස්කෝලෙන් අවුට් වෙලා හිටහං…!- පැරණි
↧
මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයං
↧
ඒ මහා ගාන්දර්වයා ඔහු විය....
එදා දිනය නම් මගේ මතකයේ හරියටම නැතත් සිදුවූ සිදුවීම නම් දෑස් පියා ගත් විට සිනමා පටයක රෑප රාමු මෙන් අදටත් මට එදා මෙන්ම මතකයට නගා ගත හැක.
ඒ හැත්තෑව දශකයේ මැඳ භාගය පමණ වන්නට ඇත. මගේ පැඟිරි සමය වු එකල අප නිවසේ භද්‍ර යෞවනයේ පසුවූ බෝඩිං කාරයෝ කිහිප දෙනෙකු නවාතැන් ගෙන සිටියහ. දිවයිනේ නන් දෙසින් පැමිණ තිබූ ඔවුන් අනුරාධපුරයේ තම තමන්ගේ රාජකාරීන්හී නිරත වූවෝය. ඔවුන් අතරින් රඹෑව ඩී ආර් ඕ කන්තෝරැවේ සේවය කළ උඳුගොඩ මාමාත්, ටවුමේ තිබූ ලංකා බැංකුවේ සේවය කළ බැංකු මාමාත් මගේ සිත් ගත් චරිත විය. මම ඔවුන් සමඟ අටමස්ථානයේ ඇවිඳින්නට ගිය හැටි, අප වත්තේ ළිඳෙන් නානවිට වතුර පිටතට යන කාණුව වසා ජලය පිරෙන්නට හැර එය මහා ජලව්‍යාපෘතියක වේල්ල අරින ආකාරයෙන් විවෘත කොට විනෝද වූ හැටි අදටත් මිහිරි සිහිනයක පරිද්දෙන් මගේ මතකයට ඉඳ හිට එයි. බැංකු මාමා මට සාදා දුන් සරැංගල් යැවූ කාලය කෙතරම් නම් සුන්දරද? අහිංසකද? අව්‍යාජද?
ඉතිං, මා මේ කියන දිනයේ දිවා ආහාරයෙන් පසු උඳුගොඩ මාමා හා බැංකු මාමා , අපේ තාත්තා සමඟ විවේක සුවයෙන් කාඩ් සෙල්ලම් කරමින් උන්හ. එදා ඉරිඳා දිනයක් වූ බැවින් මම රේඩියෝවේ ප්‍රචාරය වු සිනමාපටයක පූර්ව ප්‍රචාරක දැන්වීම් වලට සවන් යොමු කරමින් සිටියෙමි. දැන්වීම් අවසානයේ ගීතයක් ප්‍රචාරයවීම ඇරඹීමත් සමඟම පරල වූ උඳුගොඩ මාමා පුටුවද පෙරළාගෙන දඩි බිඩි ගා රේඩියෝව අසලට දිව ආවේය. මා මේ සිදුවන්නේ කුමක්ද කියා මදක් තැතිගෙන බලා සිටියෙමි. රේඩියෝව අසලට දුව ආ උඳුගොඩ මාමා රේඩියෝවේ හඬ තවත් වැඩිකොට එය අසලටම වී කණ යොමාගෙන දෑස් පියාගෙන ධ්‍යානයකට සම වැදිණි. ඔහුට රේඩියෝව ඇතුළට යාමට හැකියාවක් තිබිණි නම් ඔහු නවතින්නේ එය ඇතුළේ බව මේ දෙස බලා වුන් අපට සිතිණි. මගේ දෙසවන්ද ඒ ප්‍රචාරයවූ ගීතයේ නතරවූයේ නිතැතිනි.
" තොටුපළ අයිනේ....ඒ ..ඒ..
කවුද අතවනන්නේ....?
කවුද අතවනන්නේ ඒ...ඒ ...
තොටුපළ අයිනේ..."
ගායකයා ගයයි. නිවසම මීයට පිම්බාක් මෙනි. ගායනය අතරේ වාදනය වූ එහි වූ වාද්‍ය කන්ඩ වැනි අරැම පුදුම වාදනයන් මම උපන්තේකට අසා නොතිබිණි. දිය මත පාවෙන ඔරැ කඳක ගැටෙන දිය හඬ මට රේඩියෝවෙන් ඇසිණි. මගේද දෑස් පියවී තොටුපළ අයිනට ඇදී යන හැටියක් මට දැනෙන්නට විය.
ගීතය අවසානයේ ඉතාමත්ම තෘප්තිමත් සුසුමක් හෙළූ උඳුගොඩ මාමා , ඒ ප්‍රාතිහාර්‍ය පෑ ගායකයා කවුරැන්දැයි යන්න ඉතාමත්ම කුතුහලයෙන් යුතු වූ මා හමුවේ ගෙන හැර පෑවේය. එදා ඒ පැඟිරි වියේදීම මගේ හදවත සොරාගත් ඒ ගායකයා වෙන කවුරැන් හෝ නොව වික්ටර් රත්නායක නම් වූ මහා ගාන්දර්වයා විය. එකල භද්‍ර යෞවනයේ විසූ උඳුගොඩ මාමා වැනි සුවහසක් යෞවන යෞවනියනට එතුමා මුනිවරයෙකු මෙන් විය. උඳුගොඩ මාමා මට එතුමාගේ " ස" ප්‍රසංගය ගැනත් එතුමාගේ ගීත ගැනත් බොහෝදේ කියා දුන්නේය.
මෙලෙස කාලය ඉඟිලිනි. උඳුගොඩ මාමලා පවුල් පංසල් වී අපෙන්ද අනුරාධපුරයෙන්ද සමුගෙන ඔවුනගේ ගම රට බලා ගියෝය. එහෙත් එදා මා උඳුගොඩ මාමා නිසා හඳුනා ගත් වික්ටර් රත්නායකයෝ නම් තව තවත් නවමු වී, වැඩි වැඩියෙන් ලෙංගතු වී මගේ හද පතුලේම තැන්පත් විය.
මේ අතර 1976 දී පමණ එක්තරා සුන්දර සැන්දෑ යාමයක අපේ තාත්තා මා කැටුව නැරඹීමට ගිය හුලවාලී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබුණේද වික්ටර් රත්නායකයන්ය. එහිදී මා ඇසූ සුනිල් එදිරිසිංහයන් ගයන " කුඩා ගමේ" ගීතය මා අමන්දානන්දයට පත් කිරීමට සමත් විය. එපමණක් නොව කුඩා කල සිටම චිත්‍රපට පිස්සකු වූ මා නැරඹූ මාතර ආච්චි, ශ්‍රී මදාරා,පොඩි මල්ලී, සරැංගලේ, සිරිබෝ අයියා ඇතුළු හදවතේ ලැගුම් ගත් චිත්‍රපට රාශියකට ඒ අමරණීය සංගීතය සැපයුවේද මෙතුමන්මය.
විශේෂයෙන්ම පොඩි මල්ලී චිත්‍රපටයේ වරෙක ශාස්ත්‍රීය ගීතයකට තනුව නිර්මාණය කළ එතුමන් ඩෙස්මන්ද සිල්වාට එහිදීම බයිලා ගායනයකටද තනුව සෑදීය. එපමණක් නොවේ මෙම සිනමා පටයේම රාත්‍රී සමාජ ශාලාවක නාට්‍යාංගනාවක විසින් ගැයෙන රාගික හා කාමුක හැඟුම් උද්දීපනය වන ගීතයක තනුව සෑදුවේද මෙතුමන්මය.
ශ්‍රි ලාංකික සංගීතයේ නව මංපෙත් විවර කළ මෙතුමා කළ පර්යේෂණ නිර්මාණ අති සාර්ථක විය. සංගීතයේ සොඳුරැ පෙරළිකාරයෙකු හා නිර්මාණශීලී විප්ලව වාදියෙකු වූ වික්ටර් රත්නායකයෝ පෙරදිග, අපරදිග හා අපටම ආවේණික වූ ජන ගී සම්ප්‍රදායන් ස්වකීය නිර්මාණ සඳහා පාදක කර ගත්තේය. එතුමන්ගේ බොහෝ තනුවල තිබූ ප්‍රධාන සංගීත ඛංඩයට යටින් දිවෙන අණු සංගීත ඛන්ඩ ගීතවලට ගෙනාවේ අමුතුම මිහිරකි. හදවතට ගෙනාවේ අමුතුම ගැස්මකි.
අති ප්‍රේමනීය , සදා අමරණීය තනු තමන්ට මෙන්ම අනුන්ටද සෑදූ මෙතුමගේ ගායනය මධුර මනෝහර විය. ගැයීමේදී පමණක් නොව සාමන්‍ය කතා බහ පවා අපට ඇසුණේ ගීතයක්ම පරිද්දෙනි. එය සිතට ගෙනාවේ නිවීමකි. හදට ගෙනාවේ සැනසීමකි.
" මං ආදර පෙම් ආදර බිංදු මතී " හා " මාලිනියේ " වැනි පර්යේෂණ නිර්මාණ එකල එතුමන් සතුවූ අවම පහසුකම් යටතේ මහා ප්‍රාතිහාර්යක් සේ ශ්‍රාවක ප්‍රජාවට තිළිණ කළේය. " ගිගිරි ගීත රාවේ", වැනි ගීත බටහිර සංගීතය මූලාශ්‍ර කරගෙන නිර්මාණය කළේය.
අමරදේවයන්ට " කුමරියක පා සළඹ සැලුනා" ගීතයට තනුව නිර්මාණ කළ එතුමාම ෆ්‍රෙඩී සිල්වාට " කුණ්ඩුමනී " ගීතය නිර්මාණය කළේය. සුනිල් එදිරිසිංහයන්ට " කුඩා ගමේ" ගීතය නිර්මාණ කළ අතර බංදුල විජේවීරට එම සිනමා පටයේම " කුළ ගෙදරින් දුම්බර කඳු වැටියේ" ගීතය නිර්මාණය කළේය. මිල්ටන් පෙරේරාට ගැලපෙන ගී රටාවට ගීයක් තැනූ එතුමන්ම මිල්ටන් මල්ලවආරච්චිට ඊට හාත් පසින්ම වෙනස් ගීතයක් තැනුවේය. එච් ආර් ජෝතිපාලයන්ට තැනූ ගීතය වෙනස්ම ආරක විය. එතුමන් සතුවූ විවිධාකාර වූත් විචිත්‍ර වූත් සංගීත කුසලතාවය යන්තමින් හෝ පෙන්වා දීමට මා දරන තැතේදී යොදාගන්නා මේ සුළු උදාහරණ කීපයක් පමණි.
බොහෝ ගායකයින්ට, සංගීතඥයින්ට හා ගේය පද රචකයින්ට තම සංගීත ගමන් මග තනා ගැනීමේ අඩි තාලම වැටුණේ වික්ටර් රත්නායකයින් නිසාය. ඒ එතුමන් නොමසුරැව තම සංගීත ඥානය ඔවුන් වෙත බෙදා හල නිසාය. ප්‍රදානය කළ නිසාය.
අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජනී, සුනිල් එදිරිසිංහ, බංදුල විජේවීර ඇතුළු ගායික ගායිකාවන්ද රෝහණ වීරසිංහ වැනි සංගීතඥයන්ද වික්ටර් රත්නායකයන්ව ගුරැ කොට තම ගමන් මග සාදා ගත් උදවියයි.
ප්‍රේමකීර්ති ද අල්විස්, බංඩාර කේ විජේතුංග, කේ ඩී කේ ධර්මවර්ධන, කුමාරදාස සපුතන්ත්‍රි ඇතුළු බොහෝ ගේය පද රචකයින් , කවීන් එතුමා නිසා බැබලුනි. එමෙන්ම එවැනි කවීන්ගේ අති රමණීය හා ගුණාත්මකබවින් අනූන ගේය පද ලැබීම අතින්ද වික්ටර් රත්නායකයින් ඉතාමත්ම වාසනාවන්ත විය.
1973 දී කොළඹ ලුම්බිණි රංග ශාලාවෙන් ඇරඹි එතුමන්ගේ " ස" ප්‍රසංගය ඒකපුද්ගල ගී ප්‍රසංග කලාව සිරිලකට හඳුන්වා දුන්නා පමණක් නොව 2012 දී එය අවසන් කරන විටත් එම ප්‍රසිද්ධිය හා එම ප්‍රේක්ෂක ආකර්ෂණය වසර 39 ක් පුරාවටම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වාර්තාවටද හිමිකම් පෑවේය. එදා මෙදා තුර මෙතරම් රසික ප්‍රජාවක් සිප වැළඳගත් , ආදරය කළ සංගීත ප්‍රසංගයක් මෙරට නොවීය. එය එක්තරා උන්මාදයක් විය. ප්‍රේමනීය ආලිංගනයක් විය. දර්ශනවාර එක් දහස ඉක්මවා තිබිණි.
වරෙක පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේගේ බණ හා බෝධි පූජාමය වැඩසටහන් සිරිලක ඉතාමත්ම ජනප්‍රිය වී තිබූ කාලයක් විය. එකල කට හැකර කොල්ලන් අරියදම්මගේ "බ" , වික්ටර්ගේ " ස" යනුවෙන් විහිළුවට කී බව මට යාන්තමට මතකය.
අපත් ටිකෙන් ටික යෞවනයට පාත්‍ර වෙද්දී අපටද ආදරය දැනුණි. එකලද අප පැඟිරි වියේ අපට ගැයූ වික්ටර් රත්නායකයන්ම එලෙසින්ම යොවුන් අපටද ගැයීමට සිටීම අප ලද මහම භාග්‍යක් විය. බංඩාර කේ විජේතුංගයන් ලියූ " සඟවාගනු මැන ඔබෙ රැව සොඳුරියෙ", සුනිල් ආරියරත්නයන් ලියූ " දෛවයෝගයකින්" , සේන වීරසේකරයන් ලියූ " සිහින් සුළං රැල්ලේ" , බුද්ධදාස ගලප්පත්තීන් ලියූ " සිව් වසරක පෙම් ගීතය හා " එපා හිරැ පායන්න අදින් පසු මගෙ ලොවට" වැනි ගීත ප්‍රේමයෙන් පූදින හදක දොරකඩ අබිමුව වුන් අපට අමා පැන් මෙන් විය. ආතුර හදවත් නිවී සනහාලූ ඔසු පැන්ම විය. ආදරය උතුරා දෝරෙ ගලන තෝතැනිම විය.
එමෙන්ම මම විශ්ව විද්‍යලයේ ඉන්නා සමයේදී අපගේ බැචෙකු ගාන්ධර්ව සභාවේදී ගැයූ ප්‍රේම කීර්ති ද අල්විස් සූරීන් ලියූ එතුමන්ගේ " ආදරයේ උල්පත වූ අම්මා" ගීතය අසා එදා කඳුළක් නොසැලු කෙනෙකු සිටියේ නැත. ඒ ගීතයට එතුමා යෙදූ තනුව හැර එතරම්ම හොඳින් ගැලපෙන තවත් තවත් තනුවක් නම් මිහිපිට ඇතිද? ජීවිතයේ තනිවී, හුදෙකලාවී මුළු ලොවම එපා වූ මොහොතක " දෙව්රම් වෙහෙරේ" වැනි ගීතයක් හදට ගෙන ආවේ පිරිත් ටිකක් ඇහුවා වැනි සැනසීමකි.
" හෝපලු වන පෙත "වැනි අති ශාස්ත්‍රීය ගීතයක එතුමා සමඟ තබ්ලා වාදකයා පෑ පෙළහරද " දෛවයෝගකින් " වැනි ගීතයක ගිටාර් වාදකයා කළ පෙළහරද එතුමාගේම තනු නිර්මාණයන්හීම මහිමය හැර වෙන නම් කුමක්ද?
වයස අවුරැදු 75 දීද එතුමන් ගයන්නේ එදා හැටේ දශකයේදී ගැයූ විලාසයටමය. ඒ හැඟුමින්මය. ඒ ආදරයෙන්මය. එය එතුමාගේ මෙන්ම අපගේද වාසනාවම වන්නේය.
මේ වසරේ එනම් 2017 නවම් මස 18 වෙනිදා 75 වෙනි වියට පා තැබූ එතුමන් වෙනුවෙන් මා තැබූ මේ දුප්පත් සටහන එතුමන්ගේ ගුණ ගයන්නට අහලකින්වත් තැබිය නොහැකි බව මම දනිමි. එමෙන්ම සංගීත ක්ෂේත්‍රයේ , කලා ලොවේ දෑවැන්තයින් , පතාක යෝධයින්ගේ සටහන් , විචාර හා ඇගැයීම් හමුවේ මගේ මේ කුහුඹු සටහන පුංචි ලිලිපුට්ටෙකි. එහෙත් මගේ හදවතේ එතුමන් වෙනුවෙන් එදා උඳුගොඩ මාමාගෙන් දැන හැඳිනගත් දා පිළිසිඳුණු ආදරය නම් මේ සැවොම පරයා යන තරම් මහා විසල් බව මම දනිමි. ඒ ප්‍රේමයේ නාමයෙන් දයාබර වික්ටර් රත්නායකයිනි මම මෙසේ ඔබට ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙමි.
මේ පාපතර ලෝකයේ දුක් විඳින රසික ප්‍රජාවගේ දුක් දෝමනස්ස පලවා හරින්නට , ඔවුනගේ ආතුර සිත් සුවපත් කරන්නට, තව චිරාත් කාලයක් ඔබට ගයන්නට හා අමරණීය තනු නිර්මාණය කරන්නට අවැසි ශක්කිය , දහිරිය , හිතේ සැනසීම හා නිරෝගි සුවය නිරතුරැවම ලැබේවා! චිරං ජයතු මහා ගාන්දර්වයානෙණි ඔබට!!
චන්දන ගුණසේකර- එක්සත්
↧
↧
Thaniwennepa Mese ( තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා )
Thaniwennepa Mese Sadakal Oya Artist - Sandun Perera Song - Thaniwennepa Mese Sadakal Oya Chord - Am [Intro]----------------------------------------------------------------------------|Am| -|Dm| - || G | -|Em| - | //[Chorus]----------------------------------------------------------------------------- Am Dm Thaniwennepa mese sadakal oya G AmWenathak bala giyath arungal soyaAm Dm Methuwak mese kale weraddak memaG AmSihisan wela hade boho then medaF G Em G AmMa gena hithunoth anukampa newatath enu mena hanika soyaF G Em G AmMa gena hithunoth anukampa newatath enu mena hanika soya[Inter]----------------------------------------------------------------------------|Am| -|Dm| - || G | -|Em| - | ///[Verse 1]-----------------------------------------------------------------------------Am Dm G Em Dewiyantath baara hara una ituweewa kiyalama prarthana //F G Em G AmMa gena hithunoth anukampa newatath enu mena hanika soya //[Verse 2]-----------------------------------------------------------------------------Am Dm Oba herunoth kauruwathma epa G Em Langa rendila sipa ganna daath wida //F G Em G AmMa gena hithunoth anukampa newatath enu mena hanika soya Thaniwennepa Mese Sadakal Oyaතනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයාතනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයාවෙනතක් බලා ගියත් අරුංගල් සොයාමෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමාසිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදාමා ගැන හිතුනොත් අනුකම්පානැවතත් එනුමැන හනික
↧
කෙටි ඇසුර
අපට තිබුණේ කෙටි ඇසුරවල්ළඟට ගොස් හැරී එන හමුවීම්මතක අතරින් අලුත් සඳ සොයන්පපුව අතගගා හූල්ලන තනිකම්
දෙතොල් හාදුවක හැඩ රුව මනිනෆල්යින් කිස් එකකින් මත්වෙනගිහින් එන්නම් කියා ඇස්වලින් මතුරනඅපට තිබුණේ කෙටි ඇසුරවල්
මුරංඩුම සුළං රැල්ලකට ඉව අල්ලනපාව යන ගාර්ඩිනියා සුවඳකට සම කරනඒ තමයි අපි අතර තිබිය යුතු ස්මරණකිය කියා නහය නැටවුව වෙලාවල්අපට තිබුණේ එවන් කෙටි ඇසුරවල්
රාත්‍රියෙ සයනයේ පෙරලි පෙරලීවහළයේ සිතුවමක් මවන්නට දගලනඑයා මට ආදරෙයි, මාත් එයාට ආදරෙයිකොට්ටයක් බදාගෙන නොදන්වම නින්දයනසිහිනයෙන් පවුල් පන්සල් වෙනඅපිට තිබුණේ කෙටිම කෙටි ඇසුරවල්
2017 පෙබරවාරි
↧
ISIS ත්‍රස්තයින් සතු විශාලම නගරයට දරුණු ප්‍රහාර
ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යය හෙවත් ISIS සංවිධානයට එරෙහිව ඉරාකයේ මෝසුල් නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන හමුදා මෙහෙයුම් පෙබරවාරි 19 වනදා තවත් පියවරකින් ඉදිරියට ගියා.
බටහිර මෝසුල් ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව ඉරාක අගමැති හයිදර් අල් – අබාදි එදින ප්‍රකාශ කළා. එදින උදෑසන ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල වූ අතර ඒ ආධාරයෙන් ඉරාක සේනාංක සිය ඉදිරි ගමන ඇරඹූවා.
ඉරාක හමුදාවලට වෙනත් මිලීෂියා කණ්ඩායම්වල ආධාරය ද ලැබෙන අතර ඔවුන් මෙහෙයුමේ පළමු දිනයේ දී මෝසුල් ගුවන්තොටුපලෙන් දකුණු දිගට වන්නට කිලෝමීටර 5ක් ඈතින් පිහිටි ප්‍රදේශයකට ළඟා වූ බව වාර්තා වුණා.
විශාල නගරයක යුධ මෙහෙයුමක් කිරීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. මෝසුල් නගරය ත්‍රස්තයින් විසින් වසර දෙකකට වඩා වැඩි කලක් පාලනය කරන අතර ඔවුන් ඇති තරම් ආරක්ෂිත ස්ථාන නිර්මාණය කර තිබෙනවා. මේ නිසාම පළමු දිනයේම ඉරාක ආරක්ෂක අංශ වෙත ඔවුන් ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කළා.
ඉරාක ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මෝසුල්වලට ඉහළ අහසේ (Matt Cetti-Roberts)
මේ අතර ඉරාක හමුදාවලට විදෙස් රටවල් කිහිපයක ආධාර ලැබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය මින් ප්‍රධානයි.
මෝසුල් නගරය ඉරාකයේ තෙවැනි විශාලම නගරය වනවා. එහි ජනගහනය 2004 දී මිලියන 1.8 ක් වුණා. වර්තමානයේ එතරම්ම විශාල නොවුණත් සැළකිය යුතු ජනගහනයක් එහි වසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරන්නේ මේ වන විට 750,000 ක පමණ ජනකායක් බටහිර මෝසුල් හි සිරවී සිටින බවයි. මෙය යුද්ධයේ දී ඉරාක හමුදා මුහුණ දෙන තවත් අභියෝගයක්.
ISIS පාලනය
2014 මැද භාගයේ දී ඉරාකයේ ප්‍රදේශ ගණනාවක් අල්ලාගත් ත්‍රස්තවාදීන් මෝසුල් නගරය ද අල්ලාගත්තා. ඉරාක හමුදා ඔවුන්ගේ ප්‍රහාර හමුවේ විදුලි වේගයෙන් පසු බැස ගියේ ලජ්ජා සහගත පරාජයක් ලබමින්. බැග්ඩෑඩ් අගනුවරට කිලෝ මීටර 70 ක් බටහිරට වන්නට පිහිටි ෆලූජා නගරය පවා ඔවුන් අතට පත් වුණා. ඔවුන් ඉරාකයේ සුන්නි මුස්ලිම් නොවන ජනයා සහ තමන්ට එරෙහි වන වෙනත් ඕනෑම අයකු දැඩි ලෙස පීඩාවට පත් කිරීමට සහ මරා දැමීමට පසුබට වූයේ නැහැ.
2015 සිට ඉරාක හමුදා සහ ඔවුනට සහය දක්වන කණ්ඩායම් ත්‍රස්තයින් සතු විවිධ ප්‍රදේශ අල්ලාගැනීමට පටන් ගත්තා. ෆලූජා, රමාදි වැනි නගර මේ අතර ප්‍රධානයි. එම නගර නැවත ඉරාක හමුදා විසින් අල්ලාගනු ලැබුණේ ද මාස ගණනක සටන්වලින් පසුවයි.
ඉරාක හමුදා රථයක් අල්බු සයිෆ් අසළ (Matt Cetti-Roberts)
මෝසුල් නගරය අල්ලා ගැනීම සඳහා හමුදා මෙහෙයුම් පටන් ගැණුනේ 2016 ඔක්තෝබර් 17 වනදා. මේ සඳහා ඉරාක හමුදාවලට අමතරව සුන්නි සහ ෂියා මිලීෂියා කණ්ඩායම් මෙන්ම කුර්දි “පැශ්මර්ගා” කණ්ඩායම් ද සහභාගි වුණා. මීට සති කිහිපයකට පෙර නැගෙනහිර මෝසුල් ප්‍රදේශය සම්පූර්ණයෙන් ම ISIS ත්‍රස්තයින්ගෙන් මුදවා ගනු ලැබුණා. නැගෙනහිර සහ බටහිර මෝසුල් ප්‍රදේශය වෙන් වන්නේ ටයිග්‍රිස් ගංඟාවෙන්.
මෝසුල් සටන් පෙරමුණ
පෙබරවාරි 19 වනදා ඇරඹි නවතම ප්‍රහාරයේ දී මුල් දින කිහිපය තුළ ඉරාක සේනාංක විසින් වර්ග කිලෝමීටර 120 ක පමණ ප්‍රදේශයක් අල්ලාගත්තා. ඒ අතර ගුවන් තොටුපලට නුදුරු උස් බිමක පිහිටි අල්බු සයිෆ් නම් ගම්මානය ද වනවා. එම ප්‍රදේශ අල්ලාගත් ඉරාක සේනාංක ඒවායේ ආරක්ෂක බැමි ඉදි කරන්නට පියවර ගත්තේ ත්‍රස්තවාදී කාර් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහායි. ඉදිරියේදී එන සටන්වලට අල්බු සයිෆ්හි පාලනය වැදගත් වනු ඇති.
සටන් පෙරමුණේ සිටින ප්‍රතිවාදීන්ට පහර දීමට මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ISIS ත්‍රස්තයින් මෝසුල් සඳහා වූ සටනේ දී නිරන්තරයෙන් යොදාගත් ක්‍රමවේදයක්. නැගෙනහිර මෝසුල් සඳහා වූ සටනේ දී ඔවුන් නිරන්තරයෙන් මෙම උපක්‍රමය යොදා ගත්තා. මෑතදී ඇරඹි සටන්වලදී ඔවුන් තවමත් මෙම උපක්‍රමය කළින් තරම්ම යොදාගෙන නැහැ. නමුත් තවමත් සටන පවතින්නේ එහි මුල් අවධියේ බව පැහැදිලියි. මේ නිසා ඉදිරියේදී තවත් මෙවන් ප්‍රහාර එල්ල වේ යයි සිතිය හැකියි.
කාර් බෝම්බ ප්‍රහාර එල්ල කළ අය අතර බ්‍රිතාන්‍යයෙන් පැමිණි සටන්කාමියකු ද වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළා. ඔහු කලක් ග්වන්තනාමෝ සිර කඳවුරේ රඳවා සිටි අයකු බව වාර්තා වුණා. 2002 දී අත්අඩංගුවට පත්ව ඇති ඔහු බ්‍රිතාන්‍ය රජය විසින් කළ බලපෑම මත 2004 දී නිදහස ලබා තිබෙනවා. බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිටියේ ඔහුට බ්‍රිතාන්‍ය රජය විසින් වන්දියක් පවා ගෙවා ඇති බවයි.
මෝසුල් නගරය අල්ලා ගැනීමේදී පවතින විශාලම බාධකයක් වනු ඇත්තේ සිවිල් වැසියන් ජීවත්වන ප්‍රදේශයක සටන් කිරීමට සිදු වීමයි. ත්‍රස්තවාදීන්ට ඇති බිය නිසා මෙම සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ සිටින ප්‍රදේශවලට පැමිණීමේ හැකියාවක් නැහැ. මේ අතර ආහාර , ජලය සහ ඖෂධ හිඟය හේතුවෙන් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත් වේ යයි එක්සත් ජාතීන් ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ ත්‍රස්තයින් සිවිල් වැසියන්ව මිනිස් පළිහක් ලෙස යොදා ගන්නා බවයි. මේ හේතුවෙන් සටනේ ඉදිරි ගමන ඉතා සෙමින් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඉරාක හමුදා අල්බු සයිෆ් ගම්මානයෙහි බලය තහවුරු කරති (Matt Cetti-Roberts)
ත්‍රස්තයින් මෑතක දී වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හරිමින් ඇමරිකානු ප්‍රමුඛ රටවල ගුවන් හමුදාවලට චෝදනා කළේ ඔවුන් සිවිල් වැසියන්ට බෝම්බ දමන බවයි. දින කිහිපයකට එල්ල වූ ප්‍රහාරයක ප්‍රතිඵල දිස් වන වීඩියෝවක් යයි ඔවුන් විසින් ප්‍රකාශිත මෙම වීඩියෝවෙහි තුවාල ලද සිවිල් වැසියන්ගේ දර්ශන ඇතුළත් වුණා. සංවිධානය සඳහන් කළේ එදින් එල්ල වූ ප්‍රහාරයෙන් 49 දෙනකු මිය ගිය බවයි.
මෝසුල් සඳහා සටන දිගටම සිදු වද්දී මෙවන් චෝදනා නිතර එල්ල විය හැකියි. ඊටත් වඩා විශාල ප්‍රශ්නයක් වන්නේ සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත් වීමේ සත්‍ය අවදානමක් මෙම සටනේදී දක්නට ලැබීමයි.
කවරයේ ඡායාරූපය: ඉරාක විශේෂ හමුදා බලකායක් විසින් ත්‍රස්තවාදීන්ට රොකට් ප්‍රහාරයක් එල්ල කරයි
↧
↧
සයිටම් ප්‍රශ්නය - 03 කොටස
සයිටම් ප්‍රශ්නය - 03 කොටස
සබැඳිය
https://www.facebook.com/nalinkalaya/videos/387823974930334/
Pause
-26:40
Unmute
HD
Captions
More Settings
Additional Visual Settings
Nalin de Silva added a new video: සයිටම් ප්‍රශ්නය - 03 කොටස.
සයිටම් ප්‍රශ්නය - 03 කොටස ( මේ සම්බන්ධ නලින් ද සිල්වා මහතාගේ ලිපි සහ වීඩියෝ
↧
මිනිස් සිරුර ගැන මිථ්‍යා කතා
තාක්ෂණය කොතරම් දියුණු වුණත් අදටත් ලෝකයේ බිහි වී ඇති අද්විතීයම නිර්මාණය ලෙස සැලකෙන්නේ මිනිස් සිරුර යි. ඇතැම් අවස්ථාවල දී වෛද්‍යවරුන් පවා මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයෙන් විශ්මයට පත් වන බව නොරහසක්.
(mindamuse.com)
මේ නිසා ම මිනිස් සිරුර ගැන මිථ්‍යා කතා බොහෝමයක් සාමාන්‍ය අය අතරේ ප්‍රචලිත වීම පුදුමයට කරුණක් නෙමෙයි. මේ ලිපියේ අරමුණ එවැනි මිථ්‍යා කතා කිහිපයක විද්‍යාත්මක පසුබිම ඔබ වෙත ගෙන ඒම යි.
මිනිසුන් භාවිතයට ගන්නේ මොළයේ ධාරිතාවයෙන් 10% ක් පමණ ද?
ලෝකය පුරා සාමාන්‍ය ජනයා අතර ප්‍රචලිත මේ මිථ්‍යා කතාවේ ඉතිහාසය 18 වැනි සියවස දක්වා දිව යනවා. එසේ ම Limitless සහ Lucy වැනි හොලිවුඩ් චිත්‍රපටි මගින් පවා සිදු කර ඇත්තේ මේ බව තහවුරු කිරීම යි.
නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ස්නායු පිළිබඳ විශේෂඥයෙකු වන බැරී ගෝඩන් පවසන්නේ මෙය සම්පූර්ණයෙන් ම මිථ්‍යා කතාවක් බව යි.
(siracusasailingcenter.com)
ඒ අනුව සෑම පුද්ගලයෙක්ගේ මොළයේ සියලු ම කොටස් දවසේ වැඩි කාලයක් (නිදා සිටින විට දී පවා) උපරිම ධාරිතාවයෙන් යුතු ව ක්‍රියාත්මක වෙනවා. මොළය සම්බන්ධයෙන් සිදු කර ඇති ස්කෑන් පරීක්ෂාවන් මගින් මේ බව තහවුරු වී තිබෙනවා. මොළයේ ඇතැම් කොටස් අනෙක් ඒවාට වඩා වැඩි ක්‍රියාකාරීත්වයක් දැක් වුව ද සමස්තයක් ලෙස මොළය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වන අතර කිසිම විටෙක මොළයේ මොනයම් හෝ කොටසක් අක්‍රීය ව නොපවතින බව යි පැවසෙන්නේ.
එසේ වුණත් එහි අවසාන ප්‍රතිඵලය වන්නේ යළි සුව කළ නොහැකි ආකාරයට මොළයට හානි සිදු වීම යි.
අඩ අඳුරේ පොත්පත් කියවීම ඇස්වලට හානිකර ද?
(flickr.com)
හවස් යාමයේ අඩ අඳුරේ හිඳගෙන පොත්පත් කියවන වෙලාවට නිරන්තරයෙන් ම අම්මගේ මුවෙන් ගිලිහෙන වදනක් තමයි “කළුවරේ පොත් බලලා ඇස් නරක් කර ගන්න එපා” කියන එක. අඩ අඳුරේ සිට පොත්පත් කියවීම හෝ පරිගණක තිරය දෙස දිගු වේලාවක් බලා සිටීම ඇස් පෙනීම ක්‍රමයෙන් වියැකී යාමට හේතු වෙන බව බොහෝමයක් දෙනා අතර පවතින මතයක්.
හොඳින් ඇස් පෙනීම යනුවෙන් පොදු ව්‍යවහාරයේ දැක්වෙන්නේ කුඩා දේවල් ග්‍රහණය කර ගැනීමට ඇසට ඇති හැකියාව යි. මෙසේ කුඩා තොරතුරු වඩාත් හොඳින් ග්‍රහණය කර ගත හැකි වන්නේ මනා එළියක් පවතින අවස්ථාවක දී වන අතර අඩ අඳුරේ දී සිදු වන්නේ නිසි ආලෝකයක් නොමැති වීම නිසා කුඩා තොරතුරු නිසි ලෙස ග්‍රහණය නොවීම පමණ යි.
එයින් ඇස් පෙනීම දුර්වල වන බව හෝ අඩ අඳුරේ දී පොත්පත් කියවීම ඇස්වලට හානි කර බව කියවෙන්නේ නැහැ. මෙවැනි අවස්ථාවක දී ඇස තාවකාලික ව වෙහෙසට පත් වන අතර නිසි විවේකයක් ලබා ගැනීම තුළින් ඇස යළිත් යථා තත්ත්වයට පත් වෙනවා.
මිනිසුන්ට ඇත්තේ සංවේදයන් පහක් පමණ ද?
(images.jg-cdn.com)
ඇස, කන, නාසය, දිව සහ සම යන පංචේන්ද්‍රියන් මගින් පෙනීම, ඇසීම, ගන්ධය, රසය සහ ස්පර්ශය යන සංවේදයන් ග්‍රහණය කර ගත හැකි බව කුඩා කාලයේ සිට ම අපි කවුරුත් දන්නා කරුණක්. නමුත් මිනිසුන්ට ඇත්තේ මේ සංවේදයන් පහ පමණ ද? මේ පිළිබඳ ව පර්යේෂණ පවත්වන ලද විද්‍යාඥයින්ගේ මතය වන්නේ මිනිසුන්ට ඇති සංවේදයන් ගණන විසි එකක් (21) දක්වා විහිදී යන බව යි.
ඒ අනුව සමබරතාවය, උෂ්ණත්වය, වේදනාව, කුසගින්න වැනි මිනිස් ඉන්ද්‍රියයන්ට දැනෙන දේ පමණක් නොව කාලය පිළිබඳ හැඟීම, හුරුපුරුදු බව සහ යම් නිශ්චිත ක්‍රියාවක් කිරීමට ඇති හැකියාව යන දේවල් ද වෛද්‍ය විශේෂඥයින් විසින් මිනිස් සංවේදයන් ලෙස සලකනවා.
(emergingwomen.com)
දහඩිය සමග සිරුරේ ඇති විෂ ඉවත් වෙනවා ද?
දහඩිය නියැදියක් පරීක්ෂා කර බැලුවොත් එහි ඉතාමත් කුඩා ප්‍රමාණයන්ගෙන් අඩංගු වී තිබෙන විෂ ද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන්. නමුත් සිරුරේ ඇති විෂ ඉවත් කිරීමේ සාර්ථක ක්‍රමයක් ලෙස දහඩිය පිට වීම හඳුන්වන්න බැහැ. සිරුරෙන් දහඩිය පිට කිරීමේ මූලික අරමුණ වන්නේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීම යි. මෙහි දී සිරුරේ ඇති විෂ ද්‍රව්‍යයන්ගෙන් 1% ක් වැනි ඉතාමත් සුළු ප්‍රමාණයක් ඉවත් වීම සිදු වෙනවා.
(hercampus.com)
සත්‍ය වශයෙන් ම සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ කාර්යය සඳහා වැඩි වශයෙන් දායක වන්නේ වකුගඩු සහ අක්මාව යි. එම ඉන්ද්‍රියයන් මගින් රුධිරයට මුසු වී ඇති විෂ ද්‍රව්‍ය පෙරනයට ලක් කරන අතර සිරුරෙන් ඉවත් කළ යුතු ද්‍රව්‍යයන් මුත්‍රා ලෙස පිට කිරීම සිදු කරනවා. මේ සඳහා සිරුරට වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර දහඩිය දැමීම මගින් සිදු වන්නේ මෙම ක්‍රියවලියට සහය ලබා දීම නොව අඩපණ කිරීම යි.
සුදෝසුදු දත් දෙපළ නිරෝගී ද?
(clinicaodontoquality.com.br)
සුදෝසුදු දත් දෙපළක් හිමි කර ගැනීමට යොදා ගත යුතු දන්තාලේප ගැන නම් රූපවාහිනි දැන්වීම් අපමණ යි. එහෙත් මේ දැන්වීම්වල දක්වන ආකාරයේ සුදෝසුදු දත් දෙපළ ඇත්තට ම නිරෝගී ද? දන්ත වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරන ආකාරයට ස්වභාවික, නිරෝගී දත් දෙපළ සුදෝසුදු පැහැයෙන් යුක්ත වන්නේ නැහැ.
නිරෝගී දත් ළා කහ පැහැයෙන් යුතු වන අතර එනමල ඇති පෙදෙස පමණක් ඇත්දළයක් මෙන් මලානික සුදු පැහැයක් ගත යුතු යි.
දත් තද කහ පැහැයෙන් යුතු වීම ද එතරම් ශුභදායක නැහැ. බොහෝ වෙලාවට එයට හේතු වන්නේ අධික ලෙස දුම් පානය කිරීම හෝ දුර්ලභ පරිවෘත්තීය ආබාධයක් නිසා විය හැකි යි. විරංජනය (bleaching) සහ එනමලයේ උඩු ස්ථරය ඔප දැමීම මගින් එවැනි තත්ත්වයක් මග හරවා ගත හැකි වුව ද ඒ මගින් දත් ස්ථිර ලෙස ම දුර්වල වීම නොවැළැක්විය හැකි යි.
ඉතින් අපි මෙහි දැක්වූ ඒවාට අමතරව තවත් මිනිස් සිරුර සම්බන්ධ වැරදි විශ්වාස ගැන ඔබත් දන්නවාද? Comment වලින් අපිට ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.
කවරයේ පින්තූරය: (concursopn.sebrae-sc.com.br)
මූලාශ්‍ර: scientificamerican.com, bbc.com, pattyvisioncenters.com, en.wikipedia.org, goaskalice.columbia.edu,
↧
වාරි මැවිසුරන්....
උතුරු-දකුණු දිශානතිව පිහිටා ඇති දිගැටි ඉඩමෙකි. දිගින් යාර සියයක් පමණ ඇති මෙම ඉඩම, පළලින් යාර තිහක් හෝ හතළිහක් වනු ඇත. මෙය, එකිනෙකට සමාන්තරව, එකිනෙකට යාව පිහිටා තිබූ ඒ ආකාරයේ ඉඩම් හතරකින් එකකි. මතු සඳහන් ඉඩමෙහි සිට උතුරු දෙසට මුහුණ ලූ විට, දකුණු පසින් එක් ඉඩමක් ද, වම් පසින් තවත් ඉඩම් දෙකක් ද වන ආකාරයෙන් මෙම ඉඩම් පිහිටා තිබුණි. කොස්, දෙල්, පොල්, කිතුල්, මිල්ල, කජු, අඹ ආදි ශාකයන්ගෙන් මෙම ඉඩම් වැසී තිබූ අතර තැනින් තැන පැතිරුණු වෙනත් ගස් වැල් මගින් මනා සමබරතාවයක් රඳවාගෙන තිබිණි. ඉඩම් සතරෙහිම දකුණු කොටසට වන්නට ඒවායෙහි හිමිකරුවන් විසූ නිවාස පිහිටා තිබිණි.
මෙම ඉඩම් කැබලි සතර උතුරින් සහ නැගෙනහිරින් සම්පූර්ණයෙන්ම වට වී තිබුණේ "කුරුන්ද" යැයි ව්‍යවහාරයේ පැවතුණු කුරුඳු වත්තකිනි. සැබවින්ම මෙය කුරුඳු වත්තක් නොව කුරුඳු කැලෑවෙකි. එහි වූ අඹ, දං, කජු, දවට, වල් ඇහැල ආදී නානාප්‍රකාර ශාකයන් අසීමාන්තිකව වත්ත වසා පැතිර තිබුණේ එහි ප්‍රධාන බෝගය වූ කුරුඳු වගාව යටි වගාවක් බවට පත් කරවමිනි. සැබවින්ම එම කුරුඳු වත්ත, හිමිකරුවන්ගෙන් නිසි සැලකුම් නොලැබූ බැවින්, ස්වභාවධර්මයා සිය ග්‍රහණයට ගෙන එහි තමනට අවැසි පරිදි නෙක නෙක රූ රටා මවමින් සිටියාය. මෙම කැලෑව, අවට ප්‍රදේශයම සිහිල් කිරීමෙහි ලා දැක්වූයේ ඉමහත් දායකත්වයෙකි. තවද, මෙම කැලෑවට එහි වූ පලතුරු උදෙසා ඇදී ආ කුරුලු ගහණය නිසා තදාසන්න ප්‍රදේශය සෑම විටම පාහේ ඉමිහිරි කුරුලු කූජනයකින් සංගීතවත්ව පැවතුණි.
පෙර සඳහන් ඉඩම් සහ මෙම කැලෑව අතර වූ සම්බන්ධය බිඳ දමා තිබුණේ, නැගෙනහිර මායිමේ මධ්‍යකින් ඇරඹී උතුරු දෙසට ගලා ගොස් ඉන් අනතුරුව වමට හැරී බස්නාහිර බලා ගලා ගිය දිය අගලකිණි. මෙය අඩි තුනක් හෝ හතරක් පමණ පළලකින් යුක්ත වූ දිය අගලක් වූ අතර බොහෝ ස්ථානයන් හී දී අඩියක් තරමේවත් ජල මට්ටමක් නොවුණි. එහෙත් සමහර ස්ථානයන් හීදී ඉවුරු අතර පරතරය වැඩි කරගන්නා ඇය එම ස්ථානයන්හීදීම සිය ගැඹුර ද වැඩි කරගෙන තිබුණාය. අගලෙහි, කුරුන්ද දෙසින් වූ ඉවුර, වල් ඇහැල, වල් දෙල්, දවට ආදී ගස් වර්ගයන්ගෙන් වැසී අගලට මනා සිසිලසක් එකතු කර තිබුණු අතර අනෙක් ඉවර වැඩි වශයෙන් ආවරණය වී තිබුණේ ඉතා ළඟින් පිහිටි පුවක් ගස් වලිනි. මෙම තත්ත්වය ඉඩම් සතරටම පොදු වූ අතර එම පුවක් වගාව මිනිස් නිර්මාණයක් ද, ස්වභාවධර්මයාගේ නිර්මාණයක් දැයි පැවසීමට උගහටය. මෙම දිය අගල නානාප්‍රකර මසුන්ගෙන් ද හිඟ නොවූ අතර තිත්තයන්, කණයන්, දණ්ඩින්, ලූලන්, හුන්ගන් ආදි මත්ස්‍යයන් ද, කුඩා කක්කුට්ටන් ද, වැහි කාලයට උඩු ගං බලා පීනන මගුරන් ද සුලභ දසුන් ය. මෙම මසුන්ට නිවහන වූ මෙම අගල, සෘතු භේදයකින් තොරව වසර පුරාම ගලා ගිය දිය අගලෙකි. වර්ෂා කාලයට, ඇය ගැබ්බර ළඳක් මෙන් මදක් පිම්බී, ආඩම්බරයෙන් ගලා ගියාය.
මතු, මුලින්ම සඳහන් ඉඩම අපි "නාන ලිඳ වත්ත" යයි නම් කරමු. ඒ, අනෙක් ඉඩම් තුනෙහිම නොවූ විශේෂ ලක්ෂණයක් වූ නාන ළිඳක් මෙහි පිහිටා තිබූ බැවිනි. සැබවින්ම එය, එහි හිමිකරුවන් විසින් තැනවූ, චතුරස්‍රාකාර නාන ළිඳකි.. එහි බැම්ම පොළව මට්ටම පරයා නොගියේය. ලිං කඩිත්ත පිහිටා තිබුණේ පොළව මට්ටමේ සිට අඩි දෙකක් පමණ පහතිනි. එයද ලිං බැම්මේම දිගුවක් වූ බැම්මකින් වට වී තිබූ අතර එක් මුල්ලකින් නාන ජලය බැස යාම සඳහා වූ විවරයෙකි. එයින් පිට වෙන ජලය ගලා ගොස් එකතු වූයේ පෙර කියවුණු දිය අගලටය...වර්ෂා කාලයට මෙම ලිඳෙන් නෑම සඳහා බාල්දියක් පමණක් ප්‍රමාණවත් වූ අතර තදබල වියළි කාලයක දී වුවද අවැසි වන කඹයේ දිග යාරයකට අඩු මිස වැඩි නම් නොවේ.
ඒ අගෝස්තුවේ පාසල් නිවාඩුවයි. ළමයින්ට දඩි බිඩියේ මූණ කට හෝදාගෙන ආපසු දිවීමේ හදිස්සියක් නොමැත. නාන ළිද වත්තේ ළමුන් කොහොමත් උදෑසන පිරිසිඳු වීම සඳහා වත්ත පහළ වූ නාන ළිඳ වෙත එති. එයට වමෙන් පිහිටි අනෙක් වත්තේ ළමුන් ද දත් මදිමින් වත්ත පහළට ඒම සාමාන්‍ය සිරිතකි. අගල් කණ්ඩියේ එක පෙළට සිට ගන්නා ඔවුන්, දත් මදිමින් අගලට කෙළ ගසති. එවිට තමන්ට කෑමක් ලැබුණේ යැයි සලකා ඇදී එන තිත්තයන් රෑන මනහර දසුනෙකි.
අගලෙහි වසන මසුන් විශේෂයෙන් කණයන් ළමුන්ගේ මාළු බෑමෙහි ගොදුරු වූහ. මේ මාළු බෑම, ඇති කිරීම සඳහා මිස මැරීම පිණිස නොවුණේය. කිතුල් පිත්තක ගැට ගැසූ නයිලොන් නූලක් කෙළවර දැවටූ, දෙකට නැවූ හර්නෙල් කට්ටක් වැසී යන පරිදි, අගල් කණ්ඩියම හාරා මතු කරගන්නා ගැඩවිලකු දෙකට කඩා ගැසීමෙන් සකසා ගන්නා ඇම, අගලට දමා ටික වේලාවක් සිටින කල්හී එයට කෙටීම අනිවාර්යයෙන් සිදු වන දෙයකි. විටෙක ඇම කඩාගෙන යාමට තරම් මසුන් දක්ෂයන් වන නමුදු සමහර අවස්ථාවන් හී මෝඩ කණයෙකු කරමල් පසාරු වී යන ලෙස ඇමෙහි දැවටී ගොඩ ගනු ලබන්නේය. සීරුවෙන් ඇමෙන් ගලවනු ලබන මාළුවා ඔවුන්ගේ මාළු ටැංකිය වූ නාන ළිඳට දමනු ලැබෙයි. මෙසේ අල්ලා දැමුණු මසුන් දහ දෙනෙකු පමණ නිතරම ළිදෙහි ඔබ මොබ පිහිනනු දැකිය හැකි වේ.
අසේල, අගල් කණ්ඩියට වී තනියම දත් මදිමින් සිටි නමුදු ඔහුගේ සිත අගලෙහි සැරි සැරූ මසුන්ගේ රංගනයට හා කුරුන්දෙහි කරච්චල් කළ දෙමලිච්චන් රෑනෙහි සංගීතය දෙසට වරින් වර යොමු විය. අසේලලා ගේ කුකුළු රෑන ළිදෙන් වතුර බැස යන කාණුව අවුස්සා පණුවන් අහුලමින් සිටි අතර ඔහුගේ අවධානය විටින් විට කුකුළන්ගේ කා කොට ගැනීම වෙත ද යොමු විය. සැබවින්ම ඔහු මේ මොහොතේදී සොබා සිරියෙහි අතරමංව දත් වලට බුරුසුවෙන් අනිමින් සිටියේය. මද වේලාවකට පසු බුරුසුව කටේ ගසාගෙන පැමිණි අසල්වැසි නිවසේ නාලක ද ඔහු හා එකතු විය. ඔවුන් දෙදෙනා ගේ සාකච්ඡාවට විවිධ දේ මාතෘකා වූ අතර නිවාඩු සමය හෙයින් ආපසු දිවීමේ හදිසියක් ඔවුන් දෙදෙනාටම නොවුණි. කුසෙහි පණුවන් උද්ඝෝෂණය කරණ තෙක් ඔවුන් මෙහි රැදෙනු ඇත. මේ වේලෙහි, අගල ඔස්සේ, කුරුන්ද දෙසින් වැටී ඇති අඩි පාර දිගෙහි රෙදි පොට්ටනියක් හිස තබාගත් ඩෝබි මාමා ගමන් කරනු ඔවුන්ගේ නිරීක්ෂණයට හසු විය. අසේල නිතර ඩෝබි මාමා ගේ මෙම ගමන දැක තිබුණු නමුදු ඔහු යන්නේ කොහිදැයි යන්න අසේලට සැමදා ගැටළුවක්ම විය.
"එයා කොහෙ ද ඒ යන්නේ, හැමදාම?" පැනය අසේලගෙන් නාලකටය.
"ඇයි දන්නැද් ද ඔහොම ටිකක් පහළට යනකොට මේ අගල එක තැනක ලොකු වළක් වගේ වෙලා තියනවා. එතන සෑහෙන ගැබුරයි මම හිතන්නේ. එයා රෙදි හෝදන්නේ ඒ වළේ තමා."
"එහෙම ද ? මම කවදාවත් එච්චර එහාට ගිහින් නෑ."
තවත් අඩ හෝරාවක් පමණ ඔවුන් විවිධ දේ සාකච්ඡා කරමින්, සොබාදහම රස විඳිමින් එහි ගත කරන්නට ඇත. හදිසියේම අසේලගේ සිතෙහි විදුලියක් සේ ක්ෂණික අදහසක් පහළ විය.
"අපි වැඩක් කර්මු ද?"
"ඒ මොකක් ද ?"
"වේල්ලක් බඳිමු!"
නාලකගේ දෑස් ඈයි ගියේය. මොහොතක් මවිතව අසේල දෙස බලා සිටි ඔහුගේ මුවෙහි ඊළඟ නිමේෂයේ සිහින් සිනා ඉරක් ඇඳි ගියේය.
"ඒකනම් මරු වැඩෙ.. ඒත් කොහෙද කරන්නේ ?"
"මම හිතන්නේ මෙතන තමා හොඳම තැන. මෙතන අගල පටුයි. අපිට වැඩේ ලේසියි එතකොට."
"කොහොමද වතුර නවත්වන්නේ?"
"ඉස්සෙල්ලා මෙහෙම ලී දඬු පේළියයි, අඩියක් විතර පල්ලෙහයින් තව දඬු පේලියයි හිටවනවා.. ළඟින් ළඟින් හිටවන්න ඕනා. ඊට පස්සෙ පට පට ගාලා පස් පුරවන්න ඕනා. ඕන්නම් පල්ලෙහා දඬු පේළියට පිටින් ගඩොල් පේළියක් අතුරමු පස් හෝදන් යන එක නවත්වන්න."
"පුළුවන් වෙයිද?"
"පුළුවන්, පුළුවන්.. මම දවසක් පොඩියට කළා. ටිකක් වෙලා අල්ලල හිටිය."
"හරි කරල බලමු.. එහෙනම් ටාර් ගාල ගිහින් කාල එමු."
කටට දෙකට හීලට වගකියූ ඔවුන් දෙදෙනා අඩ හෝරාවක් යාමටත් මත්තෙන් මන්නා පිහි, මිටි, උදලු සමඟ අගල් කණ්ඩියෙහි පෙනි සිටියෝය. අනතුරුව කුරුන්දට පැන වල් ඈහැල හා දවට ගස් වලට බඩ ගා ගත් ඔවුන්, තමන්ගේ කාර්යයට සෑහෙන ප්‍රමාණයේ ලී දඬු අවැසි පමණට කපා ගත්හ. එක් මට්ටමකට කපා ගත් ලී දඬුවල එක් කෙළවරක් තියුණුව උල්කර ගත්හ. ඉන්පසු අගලෙහි පටුම ස්ථානය ලෙස ඔවුන් තෝරා ගත් ස්ථානයෙහි, අගල හරහා එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා විහිදී යන පරිදි ලී දඬු සිට වූහ. අඩියක් පමණ පහළට වන්නට එම ලී දඩු පෙළියට සමන්තරව විහිදී ගිය තවත් ලී දඬු පේළියකි. එම දෙවන පේළියට පිටින් එක පෙළට ගොඩ ගැසූ ගඩොල් බැම්මක් මගින් සවිමත් කළ වෙරගැන්වුමකි. අගල මධ්‍යයෙහි දඬු සිට වීම පහසු වුවද, ඉවුරු වලදී එම කාර්යය ඉතා අපහසු වුණි. ඉවුරේ දෙපස වූ ශාකයන්ගේ මුල් පසාරු වී යන ලෙස දඬු සිටු වීමට තරමක වෙහෙසක් දැරීමට ඔවුන්ට සිදු වූහ. එහෙත් ගලායන සිසිල් ජලයෙහි බැස මෙම කාරියෙහී නිරත වීම ඔවුනට සැබෑම නවුම් අත්දැකීමක් විය.
තම ගමන නැවැත්වීමට කාහටවත් නොහැකියයි අඟවන්නාක් මෙන්, දිය පහර, ලී දඬු අතරින් වූ හිඩැස් තුළින් රිංගා ගියේය. ගඩොල් පේළිය යම් ප්‍රතිරෝධයක් දැක්වුව ද ජල පහර සම්පූර්ණයෙන් නැවැත් වීමෙහි ලා අපොහොසත් වූයේය. දැන් සියල්ල සූදානම්ය. අපහසුම කාර්යය ඇත්තේ දැන්ය.
නාන ළිඳ වත්තෙහි, අගල ආසන්නයට වන්නට කැපූ වල් දෙකකින් වේල්ලට පස් පිරවීම ඔවුන් ආරම්භ කළහ. වළෙන් කපා ගන්නා පස් පිඩැලි උදැල්ලෙන්ම වේල්ල වෙත විසි කරනු ලැබූහ. පළමු පස් පිඩැල්ල වහා දිය කර හැරීමට ජල පහර සමත් විය. ඒක්ෂණයෙන් පතිත වූ දෙවැනි පස් පිඩැල්ල අඩක් පමණ ද, තෙවැනි පස් පිඩැල්ල එයිනුත් අඩක් ආ දි වශයෙන් දිය වී යාමේ වේගය අඩුව ගොස් අවසානයේදී ජල පහර, ළමුන් ගේ ධෛර්යය ඉදිරියේ යටත් වූවා ය. වතුර ගලා යාම නතර වුණේය. එහෙත් සිය කාර්යයෙහි දිගටම නිරත වූ ළමුන්, නොකඩවා වේල්ල පිරවීමෙහි යෙදී සිටියහ. අඩියක් පමණ පස් පිර වූ ඔවුන් දෙදෙන හති ඇරීමට වන්හ.
පිර වූ පස් තට්‍ටුව උදලු මගින් තලා පහතට තෙරපා නැවතත් පස් පිර වීම ඇරඹූ ඔවුන් වේල්ල සම්පූර්ණයෙන්ම පස් වලින් වැසී, පිරී යන තෙක් මෙම කාර්යයෙහි නොකඩවා නිරත වූහ. දෙ හෝරාවක් පමණ වන විට, අඩි තුනක් පමණ දික් වූ, අඩියක් පමණ පළල, අඩි හතරක් පමණ උස් වූ පස් වලින් නිර්මිත අපූරු වේල්ලකින් අගලෙහි දිය පහර කපා හැරීමට මේ මැවිසුරුවන් දෙදෙනා සමත් වූහ. එය ඔහුනට ඔබ මොබ ඇවිද යා හැකි තරමින් සවි ශක්තියෙන් යුක්ත වූ වේල්ලකි. ඉතා සුලු ජල කාන්දුවක් තිබුණ ද එය සැලකිය හැකි තත්ත්වයේ නොවුණි. වේල්ලෙන් ඉහළ ජලය පිරෙනවා ඔවුන් බලා සිටියේ ආසාවෙනි. වේල්ලෙන් පහළ ජලය නැතිව වියලී යමින් තිබිණි. සිය සුපුරුදු ගමන් මාර්ගයෙහි ඉදිව ඇති මේ මහා බාධකයට විරෝධය පෑමට මෙන් වරින් වර එහි පැමිණි තිත්තයන් රැල වේල්ලෙහි දඩු වලට කොටා ආපසු හැරී යන්නට වූහ.
සිය කාර්යයෙහි සාර්ථකත්වය විමසමින් තවත් වෙලාවක් එහි රැදුණු ඔවුන් දෙදෙනා, සිය ආම්පන්න ද රැගෙන නිවෙස් බලා ඇදුණේ නැවත වරින් වර පැමිණ තත්ත්ව සමාලෝචනයක යේදීමේ අරමුණ ඇතිවය. මේ මහා වාරි නිර්මාණය බොහෝ වේලාවක් අන් අයට රහසක්ව නොපැවතුණි. මොවුන් දෙදෙනා වරින් වර වත්ත පහළ ගොස් සිදු කරනා කාර්යය කුමක් දැයි අවධානයෙන් සිටි අසේලගේ සොයුරියක් එහි පැමිණ, එය නරඹා ඒ වෙගයෙන්ම නැවත දිව ගියේ කේලම මවගේ කනේ තැබීමටය.
"අම්මේ අන්න අයියලා අගල වහලා " යි ඇය කෑ ගැසූ බැවින් එය ඇසු අනිත් ළමෝද කුතුහලය සංසිදුවා ගැනීම උදෙසා එහි දිව ගියහ. මැවිසුරන් දෙදෙනා ආඩම්බරය මුසු ගර්වයකින් පිම්බී සිටියහ. "මේ මොකක් ද?" "මොකක් ද කරන්න යන්නේ? " ආදී එල්ල වූ දහසක් පැනයන්ට උඩින් පල්ලෙන් උත්තර ලැබුණේ එහෙයිනි. ළමෝ වේල්ල හරහා ඔබ මොබ ගමන් කිරීම උදෙසා උත්සුක වුව ද, එහි ආරක්ෂාව සලකා මැවිසුරන් විසින් එය තහනම් කරණ ලදී.
+++++
කුතුහලයෙන් මඩිනා ලද ඔවුන් දෙදෙනා පසු දින හිමිදිරියේම වේල්ල අසල පෙනී සිටිනු දක්නා හැකි විය. වේල්ලෙන් අඩකට මදක් අඩුවෙන් වූ උසට ජලය පිරී තිබිණි. වේල්ලෙන් ඉහළ වූ මසුන් වැඩි වූ ජල තලයේ ප්‍රීතියෙන් එහා මෙහා පිහිනමින් සිටිනු දැකිය හැකි වුව ද වේල්ලෙන් පහළ තත්ත්වය ශෝචනීය විය. එය බොහෝ දුරට වියලී තිබූ අතර, අතරින් පතර වතුර රැඳී තිබූ කුඩා වළවල් වල රැදී සිටි මසුන් උඩ පනිමින් සිටියහ.
"අප්පා අරුන්ව මැරෙයි නේ..!" යි තමන්ටම දොස් පවරා ගන්නා ස්වරයෙන් අසේල පැවසීය. මෙය ඔවුන් විසින් එතරම් අවධානය යොමු නොකළ තත්ත්වයකි.
"අල්ලලා මෙහෙට දාමු ද එහෙනම් ?"
" හා එහෙමවත් කරමු" යි කියමින් ඔවුහූ වහා ක්‍රියාත්මක වූහ. ලොකු බේසමක් හා කුඩා බේසමක් ගෙනා ඔවුන්, කුඩා බේසමෙන් වල් වල රැඳී සිටි මසුන් අල්ලා ලොකු බේසමට දමාගෙන පැමිණ, වේල්ලෙන් ඉහළ තටාකයට දැමීය. එවිට මසුන් ප්‍රීතියෙන් පිහිනා යනු දැක ඔවුන් සැනසුම් සුසුම් හෙළූහ. එහෙත් මෙම අගල තවත් බොහෝ දුරට ගලා යනවා ඇත. ඒ සියලු දුරෙහි රැඳී සිටිනා මසුන් අල්ලා මෙහි ගෙන ඒම ප්‍රායෝගික ක්‍රියාවක් නොවුණි. අවසානයේ දී, මසුන් ජලය නොමැති වූ විට මඩ අතර සැඟව දිවි රැක ගන්නා බවට නාලක විසින් ගෙනා තර්කය, අසේල විසින් ඒකමතිකව ස්ථීර කිරීම නිසා ඔවුන් පසුතැවීම අත්හැර දමා, පිරී සිටි ජල තටාකයේ සතුටින් පිහිනමින් සිටි මසුන් දැක ප්‍රීති වීම ඇරඹූහ.
ඩෝබි මාමා සිය සුපුරුදු කාර්යය උදෙසා මෙවෙලෙහි එතනින් ගමන් කරමින් සිටියේය. සිදු වී ඇති විපර්යාසය ඔහුගේ ඇස ගැටුණේ නිතැතිනි.
"ඔය මොකක්ද ඔය ළමයි කරන්නේ ?" ළමෝ උත්තර නොදී ඔහුගේ මුහුණ දෙස බලා සිටියහ.
"දැන් පල්ලෙහාට වතුර යන්නේ කොහොම ද, ඔතන ඔහොම බැම්මක් බැන්දම ?"
"නෑ නෑ.. අපි කරන්න යන්නේ මේ මට්ටමට වතුර පුරවලා, වේල්ල උඩින් වතුර යවන්න. එතකොට මේ පැත්තෙ හැමදාම මේ වගේ වතුර පිරිලා තියනවා නේ ඒකයි." කට පැත්තකට කර"හුහ්" යනුවෙන් ශබ්දයක්ය සමඟ මද සිනාවක් නැගි ඩෝබි මාමා තවත් එතන නොරැදී සිය කාර්යය බලා ගියේය.
"ඒකත් මරු වැඩේ නේ ද? එතකොට හැමදාම මේ පැත්තේ මේ වගේ වතුර පිරිලා තියෙ යි" ඔවුන් දෙදෙනා කතිකා කර ගත්හ. මෙය ඔවුන්ගේ සැලසුමේ නොවූවකි. ඩෝබි මාමා ට කී බොරුව යථාර්ථයක් කිරීමට ඔවුන් අදිටන් කර ගත්හ.
" එහෙනම් උඩින් ගල් අතුරන්න වෙයි. නැත්නම් පස් හේදිලා ගිහින් වේල්ල කැඩෙන්න පුළුවන්."
"ඔවු එහෙම කරමු, මෙහෙම ගඩොල් පේළියක් අතුරමු උඩින්."
"ඇති වෙයි ද?"
" දන්නෑ කරලා බලමු." යි කියමින් පිටුපසින් ඇසෙමින් තිබූ පනිට්‍ටු ශබ්දයට අවධානය යොමු කරමින් අසේල පිටු පස බැලීය. තාත්තා ! නෑමට පැමිණෙමින් සිටියේය. පනිට්‍ටුව බිම තැබූ ඔහු, කරේ තිබූ ලේන්සුව අසල වූ වැලේ වනමින්;
"ඔය දෙන්නා මොකක් ද ඔය කරන්නේ" යි ඇසුවේය.. ළමෝ නිහඬය. අහිංසක මද සිනාවක් පමණක් මුහුණු වලට ආරූඪ කරගෙන ඔවුන් ඔහු දෙස බලාසිටියා පමණි. අසේල ගේ පියා වේල්ල අසලට පැමිණියේ ය.
"මේ මොකක් ද මේ?" යි ඔහු ඇසූව ද මේ සම්බන්ධයෙන් ඔහු පූර්ව දැනුවත් කිරීමකින් යුක්ත බව ළමෝ දෙදෙනාටම වැටහුණි.
"වේල්ලක්"
"මොකට ද?"
"නිකං... අපි හදන්නේ මේ මට්ටමට වතුර පුරවල උඩින් යවන්න. එතකොට මෙහෙ හැමදාම ව්තුර පිරිලනේ, ඒකයි."
මද වේලාවක් වේල්ල දෙස බල සිටි ඔහු එහි උස සිතින් සසඳා;
"මේක මේ මට්ටමට පිරුණොත්, ළිඳට වතුර දානවා." යි කිවේය.
"ගොනා දිවෙයි, කළය බිදෙයි, බිම පෙරළෙයි" ආදි වශයෙන් අනාවැකි කී හාමුදුරුවන් දෙස බලා සිටි කිරිහාමි මෙන් ළමෝ දෙදෙනා ඔහු දෙස බලා සිටියා මිස කිසිත් නොකීහ. ළමුන්ගේ වැඩ පිළිබඳ වෙහෙසෙනවාට වඩා, නියමිත වේලාවට රාජකරියට වාර්තා කළ යුතු බැවින් ඔහු එතනින් ඈත්ව ළිදට ගොස් සිය පැමිණි කාර්යයෙහි නිරත වන්නට වූයේය. ළමෝ දෙදෙනා කුටු කුටු අනුකරණයෙන් ඉදිරි වැඩ පිළිවෙළ සාකච්ඡා කළහ.
ගඩොල් කැට රැගෙන විත් වේල්ල උඩින් ඇතිරීම හැර අන් යමක් ඔවුන් එදින වේල්ල උදෙසා නොකළහ. එලෙස, ඔවුන් මහා වාන් දැමීම උදෙසා සූදානම්ව වූහ.
+++++
ජයග්‍රාහී තුන්වෙනි දිනයට එළබිනි. වේල්ල තවමත් එකතු වන ජල කඳ දරා යෙහෙන් වැජබුණි. ළමෝ තමන්ගේ නිර්මාණය ගැන ස්වයං ආඩම්බරයකින් පසු වූහ. දැන් ජල මට්ටම වේල්ලෙහි ඉහළ මට්ටමේ සිට අගල් හයක් පමණ පහළිනි. වේල්ලෙන් ඉහළ ප්‍රදේශයේ වූ ඉවුරු කිසි දිනක නොවූ තරමින් ජලයෙන් වැසී ගොස්ය. නාන ලිඳෙහි පිටාර කාණුව ද මේ වන විට අඩකට වඩා වැඩියෙන් ජලයෙන් වැසී ගොස්ය. වේල්ල උඩි වතුර වාන් දමන මට්ටමට පැමිණියහොත්, අසේලගේ පියා කී අනාවැකිය සැබෑ වනු ඇතැයි
↧
නරසිංහ - විශ්ණු දේව අවතාර - දේව කතා
http://www.vcm.org.in
දේවකතා අහන්න අපි කවුරුත් කැමතිනේ. ඔන්න ඉතින් නිකන් ඉන්න එකේ දේව කතාවක් කියන්න යන්නේ.. හින්දු දේව සාහිත්‍යයේ එන විශ්ණු ගැනයි.. දන්නවානේ විශ්ණු කියන්නේ අවතාර 10කින් විවිධ කාල වල පෙනී සිටින කෙනෙක් කියලා. මේක මේ එයාගේ එක අවතාරයක් වෙච්ච නරසිංහ අවතාරය ගැනයි.
ඔන්න එකෝමත් එක කාලෙක දී මුළු විශ්වයේම බලය තමන් අතට ගන්න ඕන කියලා හිතපු හිමන්‍යක් කියලා අසුරයෙක් හිටියලු.. මේ අසුරයට
↧
↧
පශ්චාත් සත්‍යය
පශ්චාත් සත්‍යය
පසුගිය වසරේ ඉංගිරිසි භාෂාවට අලුතෙන් එකතු වූ ව්‍යවහාර අතරින් වඩාත්
ම ජනප්‍රිය වී ඇත්තේ පශ්චාත් සත්‍යය හෙවත් පෝස්ට් ට්රුත් යන්නයි. මෙහි පශ්චාත්
යන්නෙන් පෙන්නුම් කෙරෙන්නේ බටහිර ග්‍රීක යුදෙවු චින්තනයේ කඩා වැටීම මිස අනෙකක් නො
වෙයි. දැන් කාලයක සිට බටහිර සමාජයීය විද්‍යාඥයන් පශ්චාත් යන්න යොදා ගන්නවා.
පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදය, පශ්චාත් ව්‍යුහවාදය යනු ඒ බංකොළොත් කමට
උදාහරණ පමණයි.
↧
ආත්මෙදී - ජූඩ් රෝගන්ස් | Athmedi - Jude Rogans - sinhala lyrics
හංඟා තබා තියා ගමී..
හිත මැරුව වේදනා දැඩී..
උඩ ඉන්න දෙවිවරුත් නැතී..
කම්පා වෙලා නිසා අපී..
රඟපෑවේ ඇයි ඔයා - මගෙමයි කියා..
පව්කාරියක් වුනේ ඇයි - හැරගොස් මෙමා..
ආත්මෙදී ලබන්න බෑ - මං වගේ කෙනෙක්..
ආයේ මං පතන්නෙ නෑ - ඔයා වගේ කෙනෙක්..//
පහන දල්වා මළුවෙදී මේ අත්දෙකෙන් අල්ලා..
ඒත්තු දුන්නා ආදරෙන් ලංවෙන්න අපි දෙන්නා..
ලේ වලින් ඔබ ලියා - දුන් ලියුම් දිව්රලා..//
නිරපරාදේ මං හුඟක් විශ්වාස නම්
↧
කැස්බෑ සංරක්ෂණයේ මුවාවෙන් සිදුවන මේ මගඩිය පිළිබඳව ඔබ දැනුවත් ද?
ශ්‍රී ලංකාව සාගර කැස්බෑවන් සංරක්ෂණය සඳහා ඉතාම වැදගත් වන මධ්‍යස්ථානයක්. ලොව සාගරවාසී කැස්බෑ විශේෂ 7න්, විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරයන් වෙත ඇදී ඒම මීට ප්‍රධානම හේතුවක්.
සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳවී යෑමේ තර්ජනයට දැඩිව මුහුණ පා සිටින මෙම කැස්බෑවුන් සංරක්ෂණය සඳහා විවිධාකාරයේ වැඩසටහන් රට පුරාම ක්‍රියාත්මක වන බව ඔබ දන්නවා. දකුණු වෙරළ තීරය දිගටම මෙවැනි මධ්‍යස්ථාන අතේ ඇඟිලි ගණනට ඔබ විසින් දැක ඇති බවට කිසිම සැකයක් නැහැ. සිමෙන්ති ටැංකි කීපයක් අටවා ගත හැකි සෑම මඩුවකම ‘කැස්බෑ සංරක්ෂණය’ නාමයෙන් කෙරෙනා මේ ජාවාරම පිළිබඳව, රටට ආලය කරන ඔබ සියළුදෙනාම අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු බවට තිබෙන විශ්වාසය නිසා මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කෙරෙනවා.
මොකද්ද මේ කැස්බෑ සංරක්ෂණය?
කැස්බෑවුන් බිත්තර දැමීමට පැමිණෙන වෙරළ තීරයන්. (seaturtlesofindia.org)
මුළු ජීවිත කාලයම මුහුදේ ගත කළත්, සාගරවාසී කැස්බෑවුන් විශේෂ සියල්ලම බිත්තර දැමීම සඳහා වෙරළ කරා ඇදෙනවා. දාර කැස්බෑවා (Dermochelys coriacea), ගල් කැස්බෑවා (Chelonia mydas), පොතු කැස්බෑවා (Eretmochelys imbricata), ඔළුගෙඩි කැස්බෑවා (Caretta caretta), සහ බටු කැස්බෑවා (Lepidochelya olivaecea) යන විශේෂ පහ ලංකාව වටාම, විශේෂයෙන්ම දකුණු මුදුදේ වෙරළ තීරයන්ට, බිත්තර දැමීම සඳහා ඇදෙනවා.
මේ ආකාරයෙන් මුහුදු වෙරළේ දමන බිත්තර විලෝපිකයින් සහ මිනිස් ක්‍රියාකාරකම් අතින් විනාශ වන නිසා මෙම බිත්තර එකතු කර ‘සංරක්ෂණ මධ්‍යස්ථානයන්’ හි තබා, ඒවායින් බිහිවන පැටවුන් මුහුදට මුදා හැරීම සහ ආබාධිත කැස්බෑවුන් රැක බලා ගැනීම සිදුවන බවට පැවසෙනවා. තත්ත්වය එසේ වුවත්, වෙරළ තීරය දිගේ අඩියෙන් අඩියට පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථාන නීති විරෝධී වනවා බමණක් නොවේ, ඔවුන් ‘රැක බලාගන්නා’ කැස්බෑවුන්ට සලකන්නේත් ඉතාම අමානුෂික ලෙසින්. මෙම මධ්‍යස්ථාන වල හිමිකරුවන් විසින් වෙරළාශ්‍රිතව වෙසෙන්නන්ට හා ධීවරයින්ට බිත්තරයකට රුපියල් 30ක පමණක් මුදලක් ගෙවා, ඔවුන් හරහා තම මධ්‍යස්ථානයන්ට බිත්තර එකතු කරගනු ලබනවා.
සංරක්ෂණ මධ්‍යස්ථාන කැස්බෑ ගහණයට හානිදායකයි
ඔව්. ‘සංරක්ෂණය’ මුවාවෙන් පවත්වාගත්තත්, මෙම මධ්‍යස්ථාන කැස්බෑවුන්ගේ පැවැත්මට ඉතාම හානිදායකයි.
සංරක්ෂණ මධ්‍යස්ථානයක ඇති කෘතිම බිත්තර වළවල්. (midlifeadventure)
කැස්බෑවුන් කියන්නෙ චලතාපී සත්ත්ව කොටසක්. බිත්තරයක් තුළ වැඩෙන පැටවාගේ ලිංගය තීරණය වෙන්නෙ බිත්තරයට ලැබෙන තාපය අනුවයි. කැස්බෑ මවක් සුදුසු ස්ථානයක් තෝරාගෙන, වළක් හාරා බිත්තර දමන විට, කුටියේ ගැඹුරත්, හැඩයත්, බිත්තර දමන ආනතියත් නිසා පැටවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ආසන්න වශයෙන් 1:1 ආකාරයෙන් වෙනවා.
නමුත් ‘සංරක්ෂණය’ සඳහා වල හාරා බිත්තර පිටතට ගෙන ‘සංරක්ෂණ මධ්‍යස්ථාන’ වලට ගෙනවිත් නැවත වල දමන්නවුන්ට මෙම ජීව විද්‍යාත්මක කරුණු පිළිබඳව කිසිම දැනුමක් නැහැ. මෙම නිසා කැස්බෑ ‘සංරක්ෂණ’ මධ්‍යස්ථාන වලින් නැවත වල දමන බිත්තර වලින් බිහිවන 97%ක්ම පැටවුන් පිරිමි සතුන් වෙනවා. ගැහැණු සතුන් බිහිවීම ඉතාම දුර්ලභ නිසා මධ්‍යස්ථානය තුළ ටැංකියක තබා, ඉන් මුදාහරින්නේ වසර පහකින් පමණ පසුවයි.
මෙම හේතුව නිසා ප්‍රජනන කාර්යය සඳහා ගැහැණු සතුන් සාගරයට මුදා හැරෙන්නේ නැතිම තරම්. එසේම, මෙම මධ්‍යස්ථාන වල බිත්තර කුටීරයන්හි බිත්තර තැන්පත් කිරීමේ දී නියමිත දුර ප්‍රමාණයන්ට අනුව තැන්පත් නොකරන නිසා, දිලීර ආසාදන නිසා පැටවුන්ගේ මරණ අනුපාතය සැලකිය යුතු තරමින් ඉහළ යනවා. එනිසා, සංරක්ෂණය මුවාවෙන් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථාන වලින් සාගර කැස්බෑ ප්‍රජාවට සිදු කෙරෙන්නේ ඉතාමත්ම දරුණු විනාශයක්.
විනාශය එපමණක්ම නොවේ…
ස්වභාවික තත්ත්වයන් යටතේ දී බිත්තරයකින් කැස්බෑ පැටවෙකු බිහි වූ විට වෙරළේ සිට එසැනින් මුහුද කරා ඇදී ගොස් පැය 48ක් පමණ කාලයක් එක දිගට පිහිනීම සිදුකරනවා. ‘බාලක උන්මාදය’ (juvenille frenzy) ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියෙන් ස්වභාවධර්මයා විසින් ශක්තිමත් පැටවුන් පමණක් ඉතිරි කර දුර්වලයින් ඉවත් කර දමනවා. මෙම පැටවුන් තනිව ආහාර සොයා ගැනීම අරඹන්නේ මෙම පැය 48 පිහිනා විඩා නිවීමෙන් පසුවයි.
තම ජීවිත කාලයේම සංචරණය, මග සොයාගැනීම සඳහා අතිශය වැදගත් වන පෘථිවියේ චුම්බක පද්ධතිය පැටවුන් විසින් තම ජෛව පද්ධතියට ග්‍රහණය කරගන්නේ ද මෙම කාලයේ දී යි.
ස්වභාවික තත්ත්ව යටතේ බිත්තරයෙන් බිහිවන විගස පැටවුන් මුහුදට ඇදී යනවා. (defendersblog.org)
නමුත් මෙම ‘සංරක්ෂණ’ මධ්‍යස්ථාන වලින් බිහිවන පැටවුන්ට මෙම අතිශය වැදගත් ස්වභාවික ක්‍රියාවලියට මුහුණ පෑමේ අවස්ථාව අහිමි කර තිබෙනවා. ඔවුන්ව මුහුදට මුදා හැරෙන්නේ උපතින් පසු දින කීපයක් කොන්ක්‍රීට් ටැංකි වල තබා ගැනීමෙන් අනතුරුවයි. මෙයින් සිදුවන හානි බොහොමයි. ප්‍රධාන වශයෙන්ම,
1. බිත්තරයෙන් බිහිව පැය 48ක් පමණ දියඹට පිහිණීමට අවශ්‍ය ශක්තිය පැටවාට ලැබෙන්නේ බිත්තරයේ පෝෂ්‍ය ද්‍රව්‍ය වලින්.
නමුත් දින කීපයක් සිමෙන්ති ටැංකියක් තුළ ඔබමොබ පිහිනීමෙන් පැටවුන් මෙම ශක්තිය අහිමි කරගන්නවා. එනිසා මොවුන් මුදා හැරිය විට පිහිනීමට ඇති ශක්තිය මදකමින් වෙරළාසන්නයේ දී ම විලෝපිකයින්ට ගොදුරු වන නිසා දියඹට පීනා යන්නේ ඉතාම සුළු කැස්බෑ පැටවුන් ප්‍රමාණයක්.
2. මෙම පැටවුන් ටැංකි වලට දමන්නේ සියළුම විශේෂ එකට සිටින ලෙසයි.
මෙම ඇතැම් විශේෂ අනෙක් විශේෂයන් නසා දමන් නිසා පැටවුන් එකිනෙකාගේ ගාත්‍රා ආදිය සපා කා හානි කර, විනාශ කර දැමීමට පෙළඹෙනවා. මෙනිසා මොවුන් ජීවත් වීමේ සම්භාවිතාව තව තවත් පහළ වැටෙනවා.
මෙලෙස විශේෂ දෙකකට අයත් කැස්බෑ පැටවුන් එක ටැංකියේ දමා තිබෙන විට ඔවුන් එකිනෙකා වර්ගයා නැසීමට පෙළඹෙනවා. (dreamlankatours.lk)
3. මෙම සංරක්ෂණ මධ්‍යස්ථාන මුදල් ඉපැයීමේ අරමුණෙන් සංචාරකයින් ලවා මෙම පැටවුන් මුහුදටම ගෙන ගොස් අතහැරීම සිදුකරනවා.
එවිට මෙම පැටවුන්ගේ පෘථිවියේ චුම්බක ක්ෂේත්‍ර ග්‍රහණය කිරීමේ ක්‍රියාවලියට සෘජු බාධා ඇතිවන්නේ එම ක්‍රියාවලිය සඳහා වෙරළ කඩයිම ඉතාම වැදගත් වන නිසායි.
4. පැටවුන් මුහුදට මුදා හැරීම කළ යුත්තේ රාත්‍රියේ දී වුණත්, මුදල් ඉපැයීමේ අරමුණෙන් සංචාරක ආකර්ශණය දිනා ගැනීමට මොවුන් මෙම පැටවුන් දිවා කාලයේ මුහුදට මුදා හරිණවා.
එයින් ඔවුන්ගේ ජීවත් වීමේ ඉඩකඩ තව තවත් පහළ වැටෙනවා.
කැස්බෑවුන්ට අමානුෂික සැලකිලි
ඔබ මෙතෙක් දුර මෙම ලිපිය කියවූවා නම් ‘සංරක්ෂණය’ මුවාවෙන් සිදු කරන මෙම කැස්බෑ සංහාරය පිළිබඳව ඔබට කණගාටුවක් හෝ තරහක් ඇති වී තිබෙනවාට සැකයක් නැහැ. ඒ තරහ හෝ කණගාටුව තව දුරටත් වර්ධනය කිරීම පිළිබඳව ඔබෙන් සමාව ඉල්ලා සිටින නමුත්, මේ තොරතුරුත් ඔබට ඉදිරිපත් නොකළහොත් අප අපගේ වගකීම පැහැර හැරියා වනවා.
මෙම මධ්‍යස්ථාන බොහොමයක වැඩුණු කැස්බෑවුන් රඳවාගෙන සිටිනවා. ඇතැම්විට මේ බව ඔබත් දැක ඇති. අති විශාල සාගරයක නිදහසේ සැරීමට උපත් ලද මෙම සතුන් ‘සංරක්ෂකයින්’ විසින් රඳවා තබාගන්නේ අඩි 6×5, 4×4 ප්‍රමාණයේ ටැංකි වලයි. ඒ, ත්‍රීරෝද රථයක් රඳවා තැබීමට වැයවනවාටත් වඩා කුඩා ඉඩක්.
මීටර 1.2ක් තරම් දිගට වැඩුණු මෙම කැස්බෑවා රඳවා ඇත්තේ අඩි 5×5 පමණ වන ටැංකියක ය. (Supun Jayaweera)
තවත් මෙවැනි ‘සංරක්ෂණ’ මධ්‍යස්ථානයක වැඩුණු සුදු කැස්බෑවෙකු (ඇල්බිනෝ සත්ත්වයෙකු) රඳවා තබාගෙන සිටින්නේ උගේ පිට කටුව වත් වැසෙන්නට තරමේ ජලය නැති, නොගැඹුරු, 5×5 ප්‍රමාණයේ ටැංකියක යි. මේ පිළිබඳව විමසූ විට ඔවුන්ගේ පිළිතුර වූයේ සත්ත්වයා මෝරුන්ට බිලිවන නිසා මෙසේ කොටුකර තබාගන්නා බවයි.
ස්වභාවධර්මයා විසින් ඇල්බිනෝවකුගේ ඉරණම තීරණය කරන්නේ එම ආකාරයට නම්, ස්වාභාවධර්මයටම අයත් තවත් එක් ජීවීන් විශේෂයක් පමණක්ම වන අපට, ස්වභාවධර්මයා විසින් තෝරාගෙන ඇති ක්‍රියාවලියක් වෙනස් කිරීමට හෝ බාධා කිරීමට අයිතියක් කොහි ද? අවුරුදු 300ක පමණ ආයු කාලයක් ඇති මෙවන් සතෙකු මෙවැනි ස්ථානයක සිරකර තබා ගැනීමට සදාචාරාත්මක අයිතිය අපට නැති බවයි අපිටනම් හැඟෙන්නේ.
නීතිමය පසුබිම
ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතට අනුව 1972 වර්ෂයේ සිට සියළුම සාගර කැස්බෑ විශේෂ වලට ආරක්ෂාව ලබා දී තිබෙනවා. වර්තමානය වන විටත් ක්‍රියාත්මක වන මෙම පණතේ දෙවන උප ලේඛණයට, ලංකාවට පැමිණෙන සාගර කැස්බෑ විශේෂ 5ම දැඩි ලෙස ආරක්ෂිත උරගයින් ලෙස නම් කර ඇතුලත් කර තිබෙනවා.
එසේම, එම පනතේ 30(1) වගන්තියට අනුව කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ළඟ තබා ගැනීම, සහ කැස්බෑ කොටස් ළඟ තබා ගැනීම ආදී ක්‍රියාවන් සපුරා තහනම්! එපමණක් නොවෙයි, එහි 30(2) වගන්තිය යටතේ එම ක්‍රියාවන්හි නිරතවෙන වැරදිකරුවන්ට ලබා දිය යුතු දඬුවම් පැහැදිලිවම දක්වා තිබෙනවා. ඒ අනුව ‘සංරක්ෂණකරුවන්’ විසින් සිදු කරන මෙම කූඩු කැඩීම, බිත්තර එකතු කිරීම, සහ පැටවුන් සහ වැඩුණු සතුන් ළඟ තබා ගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතියට පටහැනියි. නීතිය එසේ වුවත් සංරක්ෂණයට මුවාවෙන් ඇස් පනාපිට සිදුවන මෙම ජාවාරම් වගකිවයුත්තන්ගේ අවධානයට යොමු වන බවක් පෙනෙන්නට නම් නැහැ.
ප්‍රවේශපත්වල ඉහළ මිළ ගණන් පිළිබඳව මොවුන් ඉදිරිපත් කරන නිදහසට කරුණ නම් සත්ත්වාහාර සඳහා මුදල් වැයවන බවයි. (Supun Jayaweera)
කැස්බෑවා ඉතා දැඩි ලෙස වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සතෙක්. බුද්ධිමත් ජීවීන් ලෙස අපගේ වගකීම විය යුත්තේ මෙම සත්ත්වයින් වඳවීමෙන් ගලවාගැනීමට සංරක්ෂණය කිරීමයි.
නමුත් සංරක්ෂණයේ නාමයෙන් සිදුවන මෙවන් අමානුෂික, නීති විරෝධී ජාවාරම් නිසා සිදුවනවා ඇත්තේ නම් මෙම සත්ත්වයින්ගේ වඳවීම තව තවත් ඉක්මන් වීම ම පමණයි. ස්ථානීය සංරක්ෂණය හා විතැන් සංරක්ෂණයේ වෙනස වත් නොදත් නුසුදුස්සන් වගකිව යුතු ඉහළ නිලයන්ට පත් වූ විට මෙවැනි සිදුවීම් සිදුවනු පුදුමයට කරුණක් නොවෙයි.
මෙතෙක් දුර මෙම ලිපිය කියැවූ ඔබ පරිසරයට ආදරය කරන්නෙක් නම්, නීතියට ගරු කරන්නෙක් නම්, ලංකාවට ආදරය කරන්නෙක් නම්, කරුණාකර අන් අය ද දැනුවත් කරන්න, මෙම ලිපිය බෙදාගන්න.
තොරතුරු ලබාදීමේ විශේෂ ස්තුතිය පරිසරවේදී, නීති ශිෂ්‍ය සුපුන් ජයවීරට හිමි විය යුතු ය.
කවරයේ පින්තුරය:
↧
" දඩයක්කාරයාගේ කතාව " කියැවූයෙමි....
මට පුංචි සංදියේ සිටම වනාන්තරය ගැන තිබුණේ අසීමිතවූ ආදරයක් හා බැඳීමකි. ඒ, අප ඉපදී හැදි වැඩුණු නිවස දෙපසම එකල වූයේ මහා කැලෑව නිසා බව දැන් මට සිතේ. මහා කැලෑවක් කියූවාට ඒ අප කුඩා නිසා එලෙසින් අපට පෙනුණා විනා එය අලි කොටි වලසුන් සිටින කැලයක් නම් නොවීය.
එකල අපේ නිවසට වම්පසින් වූ ඉඩම් 3 ක්ම එක දිඟටම කැලෑවෙන් යටවී තිබිණි. දකුණු පස ඉඩමේද වූයේ එවැනිම වන අරණකි. කූරටියා, පොඩිසිඥ්ඥොමරං , එරමිණියා ආදී පඳුරැද , අන්දර , කහට ආදී වූ අධික විෂ සහිත කටු ගස්ද බහුල වූ මේ වන ලැහැබ් පුරා කෝවක්කා, පඩ, මදටියා හා ඔළිඳ වැනි වැල්ද යමරෙට එතී තිබිණි.
මේ උඩු වියන යටින් හා පඳුරැ අතරින් කුඩා අප බඩගාගෙන මෙන් ගොස් තනා ගත් පුංචි අඩි පාරවල් එකල විය. හා බෙටි වලින් ගහන වූ මෙම පෙදෙසේ සර්පයන් හැරැනු විට උණ්නේ අහිංසක සාවුන් පමණි. නරියෙකු දෙන්නෙකු සිටින්නට ඇත. එහෙත් අපට කිසිදාක නරියකු නම් ඇස ගැටී නොතිබුණි.
වරක් මේ කැලය මැදට වන්නට තිබූ අතු පතර විදාගත් පතංදර කහට ගහේ විශාල බළල් තඩියෙකු නිදා සිටිනවා මම දිටිමි. ඒ කොළ දිවියෙකු බව අපේ තාත්තා මා සමඟ පැවසූ හෙයින් නංගී සහ මම කිහිප දිනක් යනතුරැ ඒ පැත්තේවත් නොයෑමට වගබලා ගතිමු.
මේ උඩු වියන යටට වන් කළ ගතට සිතට දැනුණේ අමුතුම ප්‍රබෝධයකි. ඒ අතර නිතර ඉගිලෙමින් සෙල්ලම් පෑ, ගේ කුරැල්ලන්, පැණි කුරැල්ලන්, මයිනන්, ඇටි කුකුළන් හා දෙමලිච්චන්ගේ කිචි බිචිය හා දසුන මැව්වේ අමුතුම චමත්කාරයකි. දිනක් අත්තක වසා වුන් බකමූනකුගේ බකුසු මුහුණ දැක අපි මහත් සේ තැති ගත්තෙමු.
අපි කූරටියා කෝටු කපා නවා ලණු ඇඳ දුනු හී සාදා ගතිමු. පේර ගස්වලින් මනාව හැඳුණු කරැ කපා රබර් ටියුබ් පටි බැඳ කැටපෝල සෑදුවෙමු. එහෙත් එක් මූසල දිනයක් එනතුරැ මම කිසිම දඩයමක්නම් කර තිබුණේ නැත.
එදා අපගේ පවුලේ හිතවත් මල්ලී කෙනෙකු අප හා සෙල්ලම් කිරීමට පැමිණ වුන්නේය. වයසට වඩා මෝරා යම් තරමක ඇම්ඩන් කෙනෙකු වූ ඔහු මා අතවූ කැටපෝලයද ඉල්ලාගෙන මාත් සමඟ වන අරණට වැදුණි. උඩු වියන යටින් බඩ ගා ගිය ඔහු මානය අල්ලා පුංචි කුරැල්ලෙකුට ගලක් විද්දේය. ගල වැදී කුරැල්ලා බිම වැටිණි. ඔහු වහා පැන ඒ අහිංසකයාව ඩැහැ ගත්තේ පළපුරැදු දඩයක්කාරයෙකු මෙනි. මෙය දුටු නංගී මහ හයියෙන් කෑමොර දෙන්නට පටන් ගත්තීය. එය ඇසී දුව ආ අපේ අම්මා සිදුවූ නස්පැත්තිය දැක ඒ මල්ලීට නොව මට දෙහි කපන්නට පටං ගත්තාය. මම මහා මිනීමැරැමක් කළ වරදකාරයෙකියි මට එවෙලේ සිතිණි. එදා එදායින් පසු මීයකු මැරීමට මී කතුරක් ඇටැවූවා විනා මම කිසිඳු දඩයමකට කෙළින්ම හෝ වක්‍රාකාරව සම්බන්ධ නොවිමි.
මට මේ වනාන්තර හා දඩයම් ගැන ඇත්තටම මේ හදිසියේ සිහිපත් වූයේ මා අද උදයේ කියවා නිම කළ පොතක් හේතුවෙනි. ඒ විශිෂ්ට ලේඛක සයිමන් නවගත්තේගම සූරීන්ගේ " දඩයක්කාරයාගේ කතාවයි" එතුමා මෙය එසේ නම් කළද මේ අප සැමගේම කතාව යැයි මට සිතේ. වනාන්තරය නම් අප වසනා මේ සමාජයම හැර වෙන කුමක්ද?
පොත ඇරඹෙන්නේම කවුරැන්ම හෝ යොදා නොමැති නවමු වැකියකිනි. එනම්, " මැයි මාර ගසේ වන්දනාවක් බරට මල්ඵල ගත් විගස, වෙසක් මාසය ආරම්භ වූයේය" ( පිටුව 9). වන්දනාවක් බරට මල් , බලන්න ඒ වැකියේ අපූරැව, නිර්මාණශීලීබව. වරක් මේ ගැන අගය කරමින් තිස්ස අබේසේකරයන් කතා කළ අයුරැ මට මතකය.
එමෙන්ම මෙහි එන පහත දක්වා ඇති නවමු අව්‍යාජ යෙදුම්ද මගේ සිත පැහැරගැනීමට සමත් විය.
" ඉඳුනු කිරි වැදුණු දිවුල් ගෙඩි , තප තප ගා හාත්පස වැටුණේය."( පිටුව 23)
"කඳු පිටින් හෑරී ඉගිලී යන තාවළු කෙත්යාය බොක බොකගා ගොජ දමමින්, මකබෑවී යනු අසා සිටින ඔහුගේ හිතට, තෘප්තිමත් භාවයක් නැඟී ආවේය. " ( පිටුව 41)
" තප තප ගා, බොක බොක ගා" , මෙම අවස්ථා විස්තර කරන්නට මීටත් වඩා සුදුසු වචන මිහිපිට ඇද්ද?
එමෙන්ම මේ විස්තර බලන්න. සිංහල භාෂාවේ වචන තම අණසකට නතුකරගෙන ඇති උජාරැව, " දඩයක්කාරයා පද්මාසනයෙන් ගුහාව මධ්‍යයෙහි හිඳගෙන, ගුහාව එළියේ ඇටවූ උගුල දිහා, ද්‍යාගත ව මෙන් බලා සිටියේ ය. ඔහුගේ අත ක්‍රමයෙන් එසවී පිටුපස්සට පැමිණ, ඇගේ අතක් ගෙන ඇය සිටවූයේය. ඉන් පසු ඉදිරිපස ආරම්මණය දිහා බලාගෙනම, ඇය තමා ඉදිරියට ගත්තේය. තමා ඉදිරියේ සිටගත් සසල ඇගේ දෙවටොර වටා දෑත තබා, ආයාසයකින් තොරව ඇය ගෙන තම උකුළෙහි වාඩි කරවා ගත්තේය. හැඩිදැඩි ව නැඟී සිටි ඔහුගේ කයෙහි කිඳා ගිය ඇය කය පුරා , ගිනි ජාලාවක් මෙන් නැඟුණා වූ කාම වේදනා විඳ දරාගෙන ඔහුගේ ඉඟ වටා දෙකකුල පටලවාගෙන, දෑතින් ඔහුගේ පිට බදාගෙන ඔහුගේ පපුවෙහි වලස් මවිල් අතර දාඩිය කන්දරාව අතර හිස ඔබා ගත්තා ය. " ( පිටුව 141)
මා සයිමන් නවගත්තේගමයන්ගේ පොතක් මුලින්ම කියැවූයේ අටේ පංතියෙ පමණ සිටියදීය. ඒ" සුද්දිලාගේ කතාවයි" ඉන්පසුව මෑතකදී එතුමාගේ " සංසාරණ්‍යය අසබඩ" කියැවූයෙමි. " දඩයක්කාරයාගේ කතාව" මා කියැවූ එතුමාගේ තෙවැනි පොතයි.
හැම පොතකම මෙන් මෙහිදී දඩයක්කාරයාට මුවාවී එතුමා පවසන්නේ අපේම කතාවයි. සමාජ අසාධාරණයයි. සිදුවෙන වැරැද්දයි.
" ගමේ මිනිසුන් හා ගැහැනුන් හා හැම දෙනාම වෙසක් මාසය ලං වූවාම , තමන් දිහා අමුතු ඇහැකින් බලන්නේ මක් නිසාද? ඔහු මරා ගෙනෙන සතුන්ගේ මස් සියල්ලම වාගේ කා දමන්නෝ ඔවුහුය. ඔවුන් දඩමස් කන්නේ නැතිනම්,තමන්ට සහ ගෑනිට විතරක් කන්ඩ ඔතරම් සතුන් මරන්නට උවමනාවක්ද නොවන්නේය" ( පිටුව 11)
" දඩයක්කාරයා සුරා නොබොයි. මුසා නොකියයි. කාම මිථ්‍යාචාරයේ නො යෙදෙයි. සොරකම් නොකරයි. දඩයම් පමණක් කරයි. එහෙත් පස්පවෙහි කර වටක් ගිලුණකු සේ සලකනු ලබයි. " ( පිටුව 12)
බලන්න ඉහත වගන්තිවලින්ම සමාජ අසාධාරණය මොනවට ඔප්පුවෙනවා නොවේද කියා. මට රංබණ්ඩා සෙනෙවිරත්නයන් ලියූ ළඳුනේ ගීතය සිහිවෙයි. ඇයව පවුකාරකමට ඇදගත් , පොළඹවාගත් සමාජයම සුදනෝය. ඇය පමණක් පව්කාරිය කර ඇත්තේය. මෙහිදීද පව්කාරයා දඩයක්කාරයා පමණි. අනෙක් සැවොම සුදනෝය.
" වනාන්තරයක් නොමැති ව දඩයක්කාරයකු නොවන්නේය. දඩයක්කාරයකු නොමැතිව වනාන්තරය අප්‍රකට ව අහසට හිස් නඟා සිටිනා හුදු ගස් ගොඩක් වන්නේය." ( පිටුව 48) සමාජය හා සර්වසාදරන මිනිසකු අතර සම්බන්ධයද මෙලෙසම නොවන්නේද?
" දඩයක්කාරයකු වෙන්නට නම් , දඩයම් නීති පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත යුත්තේ වෙයි. වතුර බොන අවස්ථාවක , ආහාර ගන්නා අවස්ථාවක, නිදා සිටිනා විටක,ගැබ්බර කාලයෙක,පැටවා සමඟ සිටින විටෙක හෝ මෛථුනයේ පැටලී සිටිනා අවස්ථාවක , කිසියම් සත්වයෙකුට වෙඩි තැබීම හතර අපායේ වැටෙන මහා පාප කර්මයක් වන්නේය. " ( පිටුව 123) මේ සමාජයේද පැවතිය යුතු එහෙත් බොහෝවිට කඩවන සර්වසාධාරණවූ නීතිය නොවේද? ලෝක ධර්මතාවයම නොවේද?
මෙම පොතේ සෑම කතන්දරයක් පුරාම විහිදී යන්නේ සමාජ විවරණයයි. සර්ව සාධාරණ මිනිසකුව සමාජය විසින්ම සොරකු, දූෂකයකු හෝ මිණීමරැවකුබවට පත්නොට ඔහුව හෝ ඇයව නැතිබංගස්ථාන කරනා ආකාරයයි. රවටන ආකාරයයි. අද කාලයේ වචනයෙන් කියනවානම් - කඩේ යවන- අන්දමයි.
සෑමවිටම සමාජයේ යහපත වෙනුවෙන් පෙනී සිටි දඩයක්කාරයා, පසුව සමාජයේම වෛරක්කාරයා, වැරදිකාරයා බවට සමාජය විසින්ම පත්කරනු ලැබීය. තිත්ත ඇත්ත නම් එයයි.
අවසානයේ ඔවුන් මහා අනර්ඝ වස්තුවකයැයි ලුහුබැඳ ගිය කස්තුරි මුවාව දඩයම් කරගත්පසු ඒ සියලුදෙහිම අනියතබව හා ශූන්‍යබව පසක් වෙයි. ඒ සර්වලෝක ධර්මතාවය වැටහෙයි.
" මේ සා කල පසුපස ලුහුබැන්ඳේ, මෙබඳු වූ කැත විරෑපි සතෙකු පිටුපස ද? මූ මවෙකු තබා මීමින්නෙකු තරම්වත් ලස්සන නොවීය. උගේ කොන්ද කුදුය. හොම්බ හැකිළී ගොස් තිබිණි. දෑස වටාද හැකිළී ඉරි තැලී ගිය හමකි. උගේ කස්තුරි කොතරම් බලසම්පන්න වූද, ගුප්ත වූ ද සුවඳකින් යුක්ත වන්නේද ? නමුත් කස්තුරි මුවා, සාමාන්‍ය මුවෙකුගේ කිසිම සිරියාවන්තකමකින් වියුක්ත වූයේය. මලහෝන්තු ඌරකු ඇතිකරන තරමටවත් පැහැපත් හැඟීමක් කස්තුරි මුවාගේ ශරීර ලක්ෂණයෙන් ඔවුන් තුළ ඇති නොවීය. "( පිටුව 142) හැම දඩයමකම අවසන ප්‍රතිඵලය, පසුතැවිල්ල මෙයම නොවේද? ස්ත්‍රී දූෂකයකු එසේත් නැතිනම් මිණීමරැවකු තම දඩයමෙන් පසු කිසිවිටෙක නම් සතුටක් ලබද්ද? දිවිය ඇති තුරාවටම , සංසාරයෙන් සංසාරයට තමන් පසුපසුම හඹා එන දුකම පමණකි. සයිමන් නවගත්තේගමයන් මෙම කථාවෙන් අපට ගෙනඑන පණිවුඩය නම් මෙයයි.
චන්දන ගුණසේකර- එක්සත්
↧
↧
මගේ රස්සාව
↧
ක්‍රේසි ග්ලෝරියා
වොෂිංටන් අගනුවර දී හඳුනාගත් අපූරු චරිතයක් තමයි ක්‍රේසි ග්ලෝරියා හෙවත් ග්ලෝරියා ඇල්වාරේස්. නමට අමුණා ඇති සබැඳියෙන් ඇයගේ Facebook පිටුවට යන්නට ඔබටත් හැකියි. ගුවාතමාලාවේ උපන් ඇය ජාත්‍යන්තර සබඳතා පිළිබඳව සහ දේශපාලන විද්‍යාව ගැන වූ උපාධිධාරිණියකි. ලතින් ඇමෙරිකාවේ දේශපාලනඥයන් හිර වී සිටින 21 වැනි සියවසේ සමාජවාදය ගැන සිය ලතින් ඇමෙරිකා වැසියන්ටත් සෙසු ලෝකයටත් දැනගත හැකි ආකාරයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සඳහා ඇය දේශන, විඩියෝ, රේඩියෝ, පොත් යනාදි විවිධ මාධ්‍ය භාවිතා කරන්නීය.
ඇය ලෝක අවධානයට පත්වූයේ 2014 දී ස්පාඤ්ඤයේ පැවැති තරුණ පාර්ලිමේන්තුවක දී පැවැත්වූ කතාවක් සමාජ අඩවි තුලින් ක්ෂණිකව ලොව හැම අත පැතිර යාම නිසයි. ජනතාවට තොරතුරු බෙදන්නට දන්නවා කියාගත් ප්‍රධාන මාධ්‍ය අපක්ෂපාතීව එය කරන්නට අපොහොසත් වෙද්දී වෙළඳපොල විසින්ම ඊට හැකියාව පාදාගැනීම සැලසුම් ක්‍රමය පරදවා ඕපපාතික ක්‍රමය සැමවිටම ජයගන්නා බව පෙන්වයි.
ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට තුඩු දුන්නා යැයි සැලකෙන ‘ජනප්‍රියවාදය’, අද යුරෝපීය රටවල පමණක් නොව කැනඩාවේ ද ඇති වී තිබෙන තත්වයක් යැයි සැලකෙන්න, ලතින් ඇමෙරිකන් කලාපයේ පැවතීම ඇය හෙළා දකිමින් ඒ ගැන ලතින් ඇමෙරිකන් රටවල් පුරා දේශන පවත්වන ජනප්‍රිය චරිතයක් බවට පත් වී සිටින්නීය. 2016 දී ඇය තම අදහස් දක්වන්නට ඇලෙක්ස් කයිසර් නමැති චිලේ ජාතිකයා සමඟ “ජනප්‍රියවාදියාගේ ප්‍රෝඩාව: අපේ රටවල් විනාශ වී ඇත්තේ ඇයි සහ ඒවා බේරාගන්නේ කෙසේද” නමින් පොතක් නිකුත් කළාය. මෙවසරේ නිකුත් කළ ඇයගේ කෘතිය “ප්‍රගතිශීලිවාදියෙකුට කතා කරන්නේ කෙසේද” නමින් වේ.
ලිබටේරියන් දැක්ම ලතින් ඇමෙරිකාවේ පතුරවන්නට ඇප කැප වී සිටින ඇය 31 වියැති ලතින් ඇමෙරිකන් රූමතියකි. ඇයගේ රසික රසිකාවියන් බොහොමයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ද සිටින බව දකින්නට ලැබුණි. අපි හමුවූයේ දේශන පැවැත්වෙමින් තිබිය දී හිස් වූ කොරිඩෝවක දී ය. මාධ්‍ය කැමරා ඇය වෙතින් වෙනතක ගියේ නැත. ලතින් කාන්තාවන්ට ආවේණික සුහදශීලී ගති ලක්ෂණ වලින් හෙබි ඇය ආකර්ශණීය ලෙසින් ඉංග්‍රීසි බස ද හුරුවන්නට දැන සිටියාය. ඒත් දේශනයකින් පසුව ශාලාවෙන් ඉවතට ආ ඇයව වටකරගත් තරුණ සිසු කැල තමන් දන්නා කැඩිච්ච ස්පාඤ්ඤ වචන දෙක තුනකින් ඇය හා කතා කරන්නට ගත් උත්සාහය දිහා බලාගෙන සිටිය දී, ලිබටේරියන් දැක්ම ජනතාව අතරට ගෙන යන්නට ඇය සැබැවින්ම සුදුස්සෙක් යැයි පැහැදිලි වුණි.
ලතින් ඇමෙරිකාවේ උපන් මානව හිතවාදීන් යැයි ලෝකය සලකන ඒත් තම රටවැසියන්ගේම කුරිරු ඝාතකයන් වූ චේ ගුවේරා, චෑවේස්, කැස්ත්‍රෝලා යනාදීන් වෙනුවට අද අහන්නට ලැබෙන්නේ ජීවිතය, නිවහල්බව සහ දේපල ආරක්ෂාව ගැන කියන ග්ලෝරියා වැනි අයව නම් තව දුරටත් පරපෝෂිතයන් නොවී ලතින් ඇමෙරිකාවේ රටවල අනාගතය සැබැවින්ම සශ්‍රීක වනු ඇතැයි සිතීම කිසිසේත්ම සිහින මැවීමක් නොවේ.
↧
ඇතුගල මත්තෙන්
මොහොතකදී ඇතුගල මත්තේ බුදු පා මුල ගිමන් හරිමින් සිටියෙමි. එය සැන්දෑවකි. ඉර ගිලී යාමට බොහෝ සෙයින් ආසන්නය. කඳු මුදුන ජනාකීර්ණ විය. ඔවුහු පෝදා වන්දනාවට පෙළ ගැසී සිටියහ. සමහරෙක්ට එය වන්දනාවක්ම නොවිණි. සංචාරයක්ද විය. මාද ඉන් එකෙකි. ලංකාවේ සංචාරය වන්දනාවක්ම වන්නේය. කල්පය පුරා බුදුන් නොවැඩි බුදු පහස නොලත් දෙවි අඩවියක් නොවූ ඉවුරක් තොටක් කන්දක් කෙතක් අරණක් ජනපදයක් මෙහි නැත. දසතම පූජනීයය.යක්දෙස්සාගලින් ඔබ්බට දකුණු අත දෙසින් කඳු පන්ති එකින් එක ඔස්සේ ඇස් සිතිජයට දුවයි. ඈත කඳු වළලු මඳින් මඳ බොඳ වෙයි. අවසානයේ අහසේ පාවෙන කඳු පන්ති ඇස් වෙහෙසවයි. සමහර කන්දක් වළාකුලකින් වෙන්කර හඳුනාගැනීම අසීරු වෙයි. ගුප්ත රූ සිත්හි ගුප්ත මිහිරක් ඇති කරවයි.ඇතුගල පාමුල කුරුණෑගල නගරයට මුහුණ ලූ කල දකුණු පසින් නෙත් නිරුත්තර කරන පාරාදීසයකි. මද සැදෑ අඳුරකින් වෙළී ගිය තද කොළ තුරු වදුලින් වැසුණු හුරුබුහුටි කුඩා කඳු වළල්ලක් මැද ලා ගිරා නිල්ලේ නටන ගොයම් කෙතකි. එය බෙහෙවින්ම වර්ණවත් සිතුවමකි.නගරයෙන් වම් පස සිතිජය බස්නාහිරයි. තැඹිලි රතු පාටින් වෙස් ගත් ඉර දෙවියන් කඳු අතර ගිලී යාමට සූදානම්ය. දහවලේදී තරම් ඔහු ප්‍රචණ්ඩ නැත. සැහැසිකමින් පසුතැවෙන්නෙක් ලෙසින් ඔහු සන්සුන්ව සිටී. එවිට ඔහු සෞම්‍යය. ඇස් නිලංකාර නොකරගෙන ඔහු දෙස බලා සිටීමට හැක. බොඳවූ කඳු පෙනෙන අන්තිම ඉසව්වටත් ඔබ්බෙන් අහසේ තිරස් රේඛාවක ඉර ගිලී යයි. නොපෙනෙතත් එය මූදු ඉමද?සියලු දිව්‍ය දසුන් මැද අපායේ විදුලි බුබුළු එකින් එක දැල්වෙමින් ඇත. බුදුන්ද නිසලව නගරය දෙස බලා සිටී. එය එක මත එක කොන්ක්‍රීට් ගොඩැලි ඉදිවූ සොහොන් භූමියක් වැන්න. විටෙක පරවියෙක් සිහි ගැන්වූ වැවද පසෙකින් ඇත. එහි සිරිය යාන්ත්‍රික පරිසරය විසින් විනාශ කර තිබේ. වාහන වල නොඉවසිලි යකඩ නලා හඬ කිසිදා සිතට සැනසීමක් නොගෙනෙයි. එය සිත වියරුලයි.මම බුදු පාමුල වාඩි ගතිමි. මොහොතකට පෙර සැරව හමා ගිය සුළඟ දැන් සන්සුන්ය. දෑස් වසා ඇතුගල සුළඟේ චුම්භනය විඳගතිමි. අනතුරුව නැවතත් බුදුන්ට වැඳ බුදුගුණ පදයක් මතුරා නවාතැනට පල්ලම් බැස්සෙමි.නොපෙනුණ සයුරු තෙරෙන් ඉර බැස ගිය සැටිද තද කොළ පැහැ කන්දෙන් වටවූ ලා කොළ පැහැ කුඹුරු යායද නිදි යහනේදීත් මට මැවී පෙනිණි. එවන් විටෙක නින්ද ළඟා කර ගැනීමට සුර දූතියකගේ පහසක් අවශ්‍යම නොවෙයි.කන ලඟ පිපිරූ හෙන ශබ්දයකින් මා ගැස්සී ඇහැරී ගියේය. පාන්දර තුනට හතරට පමණ ඇත. නගරයේ පල්ලියක කරච්චල අඳෝනාව කන් පාරවමින් දිව ගියේය. එක සිතිවිල්ලකින් මේ පාපතර හැතිකරය වැනසිය හැකිනම් එය නොපමාව කරන්නෙමි. එසේ නොකර සිටීමට තරම් මම අවිහිංසාවාදී ජෛනයෙක් නොවෙමි. එම කරච්චලය හුදු ශබ්දයක් පමණක් නොවේ. එය බිහිසුණු තර්ජනයකි. කැකෑරුණු සිතිවිලි මට යලිත් නින්ද නොගෙනාවේය.
↧
නිහඬ අඳුරේ මනස කැලතූ ශීෂාව
කොච්චියා කිසිදා කවක් හෝ නිසඳැසක් ලියා නැත්තේය. අද හදිසියේ සංයුක්ත ලෙස හැඟීමක් ලියන්නට හිතුණේය. ඝන අඳුරේ ශීෂාවක් උරමින් ඉන්නා අතරේ ලියූ මේ පද පේළි මෙලෝ රහක් නැති විය හැකිය. ඒත් මා ලියන්නේ මා වෙනුවෙන් මය.
මේ මොහොතේ මා අත්දකිනා ඒ නිහඬතාවය හා වපසරිය මේය.
දුම් පිරි කුටිය
පහන් නිවුණු අඳුර
ගර්ත පුරා ඇදි ශීෂාව
නිහඬ බව
එළිය කොයි නුඹ
ගිනියම් අඟුර
ඊළඟ උගුර
අඟුරෙ දීප්තිය
කැලතෙනා දිය
විතරමය හඬ
අදින විට උගුර
පපු පුරාවටම
මෙවැන්නක් ලියූ මුල්ම හා අවසාන වතාවද මේ විය
↧
↧
කුමට හඬනුද මේ (ආරාධනා චිත්‍රපටයෙන්)
මේ බලාපොරොත්තු විරහිතබව ඔබේ
හැරෙනු ඇත අපේක්ෂා බවට එක් දිනෙක...
කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට
මැටියෙන් කළ පහන බිඳී යන්නේ වුව
දැල්වෙන කලට එය විහිදුවයි එළියම
කඩා හැලෙනා කලට මේ කඳුළු, දිය වුව
නැවතුණු කලට ඒ මුතු බවට පත්වේය
ඇස්වලින් වට ඒ කඳුළු මුතු කැට
වස්තුවක් මෙන් එකතු වනු ඇත, නැතිවී නොයනු ඇත.
කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට
මහ කුණාටුවකින් ගිලගත්, සාගරය සදිසිය ඔබ දිවිය
කෙතෙක් බොළඳද ඔය දෑස, ඉහිරෙන දිය බඳුනක් විලස
නොදනිම් ඉතින් සිටිනු මන්දැයි මෙලෙස
කඳුළෙන් තෙත්ව ගිය, දෙනයනින් යුක්තව.
කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට
කලෙක ඇති වේමය දුක්ඛයෙහි සෙවණැල්ල
කලෙකදී පතිත වේ සතුටෙහි අව් රැල්ල
පෙරලෙනුය දුක සැප නිතින ජීවන උයන් තෙර
මල්වලින්, කටුවලින් උයන්පලු තෙම මල්දමක් අමුණන.
කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට
ගී පද: ආනන්ද් බක්ෂි
ගායනය: සචින් දේව් බර්මන්
සංගීතය: සචින් දේව් බර්මන්
චිත්‍රපටය: ආරාධනා
↧
රිදුම් දෙන මතක
හිත රිදෙන තැන් බෝමයිඒ හැම රිදුමක්ම ආයෙත් කියෙව්වෝතින්නුඹ පවා මැරි මැරී උපදිනවාසත්තයිගෙවී ගිය දවස් වලආදරණිය මතක විතරක් මිටකට ගුලි කරානමම හුස්ම ගන්නවා තවම හෙමිහිටඋල් කිණිසි තුඩක්වනුඹ ගෙන දුන් රිදුම් දතවමත් කොනිති ගහනවා හිත හඩවමින් තදටමකිවිදියකට පෙම් කිරිමමඅමුතු රහක් වුනත් නුඹටතැනින් තැන රැදෙන හිතකටපෙම් කිරිමම දැන් සාපයක් මටඔබ දන්නවා ද ඒ වග..
↧
ආදර කතාවක්.. A Love Story
ගිහාන් රත්නසේකරගේ ෆේස්බුක් බිත්තිය..ඔන්ලි මී පෝස්ට්ස්.දිනය - 2016.12.15මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...මං හිතුවේ නෑ එයා මගේ රික්වෙස්ට් එක පිළිගනීවී කියලා. බුකියේ තැන් තැන්වලදි හමුවෙලා කතා කරලා තිබුනට මං හිතුවේ නෑ එයා මං රික්වෙස්ට් කරපු ගමන් ඇක්සෙප්ට් කරාවි කියලා. ඉන්බොක්ස් තෑන්ක්ස් කලාම හිනා මූණක් දාලා නිකං හිටියේ ඇයි. එයා දන්නවද මං කැමතියි කියලා. ඒ මොනවා වුනත් මට කෙලින්ම මගේ අදහස කියන්න තිබුනා. රික්වෙස්ට් එක අද දැම්මට අපි සෑහෙන්න දන්නවනේ.දිනය - 2016.12.30මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...සති දෙකක් චැට් කරලා මුණ ගැහෙමු කිව්වම එයාමයි දියත උයනෙදි ඉර හැංගුනාම හම්බවෙමු කීවේ. එයා හිතුවට වඩා ලස්සනයි. පෙනුමට වඩා හිත ලස්සනයි. ගිරවියෙක් වගේ කියවගෙන කියවගෙන යද්දි මං කලේ කට දිහා බකන් නිලාගෙන හිටපු එක විතරයි. ෂිට්. වුනත් මට අදහස ඇයට කියන්න තිබුනා.දිනය - 2017.04.30මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...ඒත් එයා ලොකු සතුටකින් හිටියේ. රාජ් ඇහුවා කිව්වම මං හෙල්ලිලා ගියා. එයා ලොකු සතුටකින් හිටියේ. මං වගේ මෝඩයෙක්. මට කලින්ම මගේ අදහස ඇයට කියන්න තිබුනා. ඒත් දැන් පරක්කු වැඩිද??දිනය - 2017.06.15මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...එයා අරූට හා කිව්වළු. එයා සතුටින්නම් ඒ ඇති. ඒත් එයාගේ හඬේ මොකක්ද දුකක් තැවරිලා තිබුනද මන්දා. මට පිස්සු. එයා මොකටද දුක් වෙන්නේ. රාජ් එයාට හොඳටම ගැලපෙනවා. ඒත් මට මගේ අදහස කියන්න තිබ්බා. දැන් පරක්කුයි ඉතින්.දිනය - 2018.05.15මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...මෝඩද? මෝඩද? එයා කොච්චර සතුටින්ද පෝරුවට නැග්ගේ. වෙන මනමාළියෝනම් අඬනවත් එක්ක. එයාගේ වැඩේම හිනාවුන එක විතරයි. මගේ මූණ දිහා බලාගෙන හිනාවෙද්දි මට ඒක දරාගන්න බැරිවුනා. ඒකයි අහක බැලුවේ. ඒත්.. එත්.. මං හිතන්නේ මට මගේ අදහස ඇයට කියන්න තිබුනා.දිනය - 2040.11.15මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...එයා ගිහින් ඉවරයි. ආය කාට කියන්නද? හුස්ම නොගත්තත් එදා වගේම එයාගේ මූණේ ඒ ආදරණීය හිනාව ඇඳිලා තිබුනා. හරියට මං යනවා කියන්න වගේ. අදින් පස්සේ එයා මතකයක් විතරයි කියලා හිතුනම තවත් ජීවත් වෙන එක තේරුමක් නෑ කියලමයි හිතෙන්නේ. එයාගේ උඩට පස් මිටක් විසි කරන්න තරම් හිතට හයියක් තිබුනේ නෑ. මං එයාට සුබ ගමන් පතලා ආපහු එන්න හැරුනා.සීයේ..හුරුබුහුටි කෙලි පැටික්කියෙක් දුවගෙන ඇවිත් අතේ එල්ලුනා. හරියට පභාවි පොඩි කාලේ වගේමයි. එයාගේ ඇල්බම් මට කට පාඩම්සියේ.. සියා නේද ගිහාන් රත්නසේකර කියන්නේ.ඔව්.. ඔව් දුවේ. ඇයි..සීයේ.. ආච්චි අම්මා කිව්වා සීයට මේ ලියුම් කවරය දෙන්න කිව්වා.පොඩි එකී දාඩියට දියවෙච්චි ලියුම් කවරයක් මගේ අතේ තිබ්බා.ගෙදර ගිහින්ම බලනාව.ජීවත් වෙන්න තවත් අරමුණක් නෑ. බුකියට අවසාන ස්ටේටස් අප්ඩේට් එක දාන්න ඕන. මං මැදඟිල්ලෙන් නළලේ කොණට වෙන්න තියෙන මේන් චිප් එක ටච් කලා. බිත්තියේ අන්තිමට ඕපන් කරපු ටැබ් ටික වැටීගෙන වැටීගෙන ගියා. ඔක්කොම ෆේස්බුක් ගියපුවා. මේකට ඇබ්බැහි වෙයි කියලා කීපාරක්නම් ඩිඇක්ටිවේට් කරන්න ඇත්ද? ඩිඇක්ටිවේට් කරලා ඇක්ටිව් කරපු ගමන් හිටියටත් වඩා ඇබ්බැයි වුනා නේද කියලා මතක් වෙද්දි මෙච්චර දුක අස්සෙත් මට හිනාවක් ගියා. මයින්ඩ් කමාන්ඩ්වලින් හැම දේම කරන්න පුළුවන් වුනත් මං තාමත් කැමති ඕල්ඩ් ස්කූල් වොයිස් කමාන්ඩ් ක්‍රමේට. අපේ පරම්පරාවෙ හැමෝටම වගේ ඒකෙන් අත්මිදෙන එක සෑහෙන අමාරු වැඩක් වුනා. කීබෝඩ් එක අමතක කරන්නත් කොච්චර ගේමක් දුන්නද? අප්පාහ් තව පොඩ්ඩෙන් අමතකම වෙනවා. ජැකට් එක ගලවලා පැත්තකින් තියන්න යද්දි වැටුනු ලියුම් කවරය අතට ගත්ත මට පභාවි ඉතිරි කරලා ගිය අන්තිම මතකයත් අමතකවුනු එක ගැන මාත් එක්කම තරහක් ආවා. මොකක්ද ඇතුලේ තියෙන්නේ.යුසර් නේම් : pabhanidesilva86@gmail.comපාස්වර්ඩ් : pabha15122016ගිහාන් මේ මඟේ එෆ්බී එකවුන්ට් එක. මං කැමතියි ඔයා ඒකට ලොග්වෙනවනම්පභානි.ආහ්.. ඇයි මේ. ඒක හරියට අනුන්ගේ දිනපොතකට එබෙනවා වගේ නරක වැඩක්නේ. ඒත් එයාගේ මගෙන් ඉල්ලන්නේ ඒකනම් නොකර කොහොමද?හායි කෝබි. ප්ලීස් ලොග් අවුට් ෆ්‍රොම් මයි අකවුන්ට් ඇන්ඩ් ලොගින් ටු දිස් නිව් වන්... මං පභානිගෙ අකවුන්ට් එකේ ඩීටේල් කෝබිට දුන්නා.ආයුබෝවන් පභානි ඩි සිල්වා. ලොගින් මැසේජ් එක ආවා.තවත් පභානිද සිල්වා කෙනෙක් නෑ හිත යටින් මූමුනන ගමන් ඈගේ වෝල් එකට ගියා. සෙවන් ඩ්‍රාෆ්ටඩ් පෝස්ට්ස්. ඩූ යූ වොන්ට් ටූ පෝස්ට් දෙම් නව්.ආහ් ඒ මොනවද? මඟේ කුතුහලය ඇවිස්සුනා.සෝ මී දෙම් ප්ලීස්. මං කෝබිට විධානය දුන්නා.දිනය - 2016.12.30මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර
↧