Sitha Parawa Giya Artist - Chandana liyanarachchi Song - Sitha Parawa Giya Chord - F [Intro]-----------------------------------------------------------------------------|Eb | - |Gm| - ||Dm| - | F | - ||Bb | - | F | - || F | - | - | - |[Chorus]-----------------------------------------------------------------------------F Bb FSitha parawa giya watha milina una kandulin dasa themaEb FOba handuna ganu kelese //[Intro]-----------------------------------------------------------------------------| F | - |Bb| - ||Eb| F |Bb| - || F |Dm|Eb|Cm|| F | - | - | - ||Eb| F | + | + |[Verse 1]-----------------------------------------------------------------------------F Bb F Gm F Mohothaka ma sitha pinawai yali ma elesin ridawaiF Eb Bb FMusa basin ma rawati yaado F Eb FSithu dee noma wee pathum mewe[Verse 2]------------------------------------------------------------------------------F Bb F Gm F Wasanthayak yali eedo kataraka maa thaniweedoF Eb Bb FMasitha sora gena wen wee noyannaF Eb FDukehi sepehi maaa innam Sitha Parawa Giyaසිත පරව ගියා වත මිලින වුණාසිත පරව ගියාවත මිලින වුණාකඳුළින් දෑස තෙමාඔබ හඳුනාගනු කෙලෙසේමොහොතක මා සිත පිනවයියළි මා එලෙසින් රිදවයිමුසා බසින් මා රැවටී යාදෝසිතු දේ නොම වේ පැතුම් මැවේවසන්තයක් යළි ඒදෝකතරක මා තනි වේදෝම සිත සොරාගෙන වෙන් වී නොයන්නදුකෙහි සැපෙහි මා
↧
Sitha Parawa Giya ( සිත පරව ගියා වත මිලින වුණා )
↧
ඕං මටත් වැලන්ටයින් :D
ආයේ කියන්ඩ මුකුත් නෑ..මටත් වැලන්ටයින් කියලා කිවිවනේ..අම්මපා..ඉස්සර ටෙක් පෝස්ට් ඒවා මේවා ගිය මගේ බ්ලෛාගෙත් දැං හරියට මල් මල් පත්තරයක් වගේ...දැක්කම හිත මෙව්වා මෙව්වා වෙනවා..බලහන්කෝ කෙල්ලෙකුට කොච්චර ෂොක් පහට කොල්ලෙක් නවලා දිගඇරලා අබරලා කරලා හදලා ගන්න පුලුවන්ද කියලා..
දැං ආයේ කෙල්ල ගැනයි එව්වා ගැනයි මෙව්වා ගැනයි කථා කරන්න ගියොත් මේක කෙටිකථාවක් වෙනවා..ඒ හන්දා ඕන්න දැම්මා මේ පාර වැලන්ටයින් විෂ් එක කෙල්ලගෙයි මගෙයි..
අපි දෙන්නා්, ඒ කිව්වේ මායි මදුයි සියලා ආච්චිලා කිරිඅම්ලා කිරි අත්තලා උනාම අපි දෙන්නගේ මුනුබුරෝ සෙට් එකට බලාගන්නවත් බැරියැ මේ කාලේ අපේ
↧
↧
රනිල්, කිෂානි, සංඛ හා දන්නෝ බුදුන්ගේ
රනිල්, කිෂානි, සංඛ හා දන්නෝ බුදුන්ගේ
දෙරණ නාලිකාවේ සංඛ අමරජිත් සේවයෙන් අස්කර ඇතැයි කියැවෙයි. කෙසේ වුවත් අඩුම තරමෙන් ඔහුගේ වැඩ තහනම කෙරී ඇත. අද (පෙබරවාරි 14 බටහිර සංස්කෘතියේ ආදරවන්තයන්ගේ දිනයෙහි) දෙරණ අරුණ වැඩ සටහන ඉදිරිපත් කළ යුතුව තිබුණේ ඔහු වුව ද ඒ වෙනත් අයකු විසින් (කාන්තාවක විසින්) කෙරිණි. දෙරණ ආයතනය බටහිර ආදරවන්තයන්ගේ දිනයෙහි සංඛ අස්කර හෝ ඔහුගේ වැඩ තහනම් කර හෝ කාන්තාවකට ඒ තැන
↧
ඔබ ගැන Google සමාගම දන්නේ මොනවාද?
Google යනු ලෝකයේ තිබෙන ප්‍රබලම සමාගමක්. Google Search Engine එකේ සිට අති විශාල සේවා ගණනක් ඔහුන් ලබා දෙනවා. අන්තර්ජාලය භාවිතා කරන බිලියන ගණනක් දෙනා එම සේවා භාවිතා කරනවා. මෙම ලිපිය කියවන ඔබත් අනිවාරයෙන් එම අයගෙන් කෙනෙක්. Google භාවිතා කරන ඔබ දැනගෙනම සිටිය යුතු URL 5ක් ඔබ Google වලින් ඇත්තටම ප්‍රයෝජන ගන්නවාද? ඔබ නොදන්නවා උනාට ඔබ ගැන…
The post ඔබ ගැන Google සමාගම දන්නේ මොනවාද? appeared first on
↧
SMD LED බල්බ නිවැරදිව අපිම හදමු..
ඔයාලා මගේ ලිපි කියවලා බල්බ හදලා නිවසේ භාවිතා කරන බව ආරංචියි.මට ගොඩක් සතුටුයි ඔයාලගේ උනන්දු වීම ගැන.ඉලෙක්ට්‍රොණික තාක්ෂනය මේ ආකාරයට ප්‍රචලිත කරන්නට ලැබීම ගැන මම උදක්ම සතුටුවෙනවා.තවත් සමහර අය කුඩා ව්‍යාපාර පටන් අරගෙන.ඒකට මගේ ලිපි පෙළ ගොඩක් උදවූ වුනා කියලා ගොඩක් අය මට කතා කරල කියුවා.මම ඒ අයට තවත් විස්තර කියලා දුන්නා.ඔයාලට ඇති ඕනෑම ගැටලුවක් මගෙන් අහන්න.මට වෙලාව තියෙන හැටියට පිළිතුරු දෙන්නම්..ඉතින් ඔයාලට මතක ඇති මම SMD LED බල්බ හදන හැටි කියලා දුන්නා.ඒක බලන්න මෙතනින් යන්න.ඔයාලා SMD බල්බ හදනවිට එකේ තාප අවශෝශකයට -හීට් සින්ක් කන්පවුන්ඩ්- ස්වල්පයක් තබා සවිකිරීමට අමතක කරන්න එපා..නැතිනම් LED එක ඉක්මනින් දැවී යාවි.SMD LED දැල්වෙන කොට තාපය ජනිත වෙනවා.එය පහසුවෙන් ඉවත් කිරීමට මෙම කන්පවුන්ඩ් එක වැදගත් වෙනවා..තවත් දෙයක් ඔයාලා SMD බල්බය හදන විට එකේ බල සැපයුම් පරිපථය කඩදාසි ගම් ටේප් කැබැල්ලකින් ආවරණය කරන්න.නැතිනම් ලෝහ කොටසේ පරිපථය ස්පර්ශ වෙලා ඒක දැවී යාවි..තවත් දෙයක් තමයි ඔයාලා ලාභයම ගැන පමණක් සිතා මිලෙන් අඩු LED දමා බල්බ හදන්න එපා..ඒවා ඉතා ඉක්මනින් දැවී යනවා.ඔබට
↧
↧
දෙපැත්තට වැනෙන රාළේ, රෙද්ද පල්ලෙන් අන්න බේරේ..............
කොකාගේ ගිය වාරේදැන් තිත්තයා බාරේදෙපැත්තට වැනෙන රාළේරෙද්ද පල්ලෙන් අන්න බේරේ..............ගලේ පහරපු බලළාවහන්නට වෙර දරලාමේ කුණු කතා අහලාවහලා මොකටද හිතයි බලළා.............කට තිබුණු පළියටභාවිතයට ගත් විටනහින මාලුවන් විලසටඋඩපනී මරි මෝඩ තාලෙට.............විලිලැජ්ජාව ඇවිදින්හිරිකිතය හා මුහුවෙමින්අප්පිරියාව දනවමින්ඔක්කාරයට එයි හරි තදින්.............කරනට දෙයක් නැත්තංඅර තීන්දුත් බඩ බැදංපරණ තනතුර කුදලංමුහුදේ පැනලා මැරිලා පළයං..............කසුප් අනුරාධ.පසු සටහන - හිටපු සරත්තුමා හිටපු මහින්දතුමාගේ හොර රැස්වීමක මයික් ටයිසන් බවට පත්වී අද දින කියන ලද කතාව අසා හද පිරි සතුටින් ලියන ලද්දක් බව සැලකුව
↧
දෙරණට මාධ්‍යකරණය කියා දීම - Tachnical defending better than legacy
යුද්ධයකදී උනත් උපක්‍රමශීලී පසුබැසීම් කියා දෙයක් තියෙන්නේය. හැබයි ඒකට යුද්ධය ගැනත් හොඳ අවබෝධයක් තිබිය යුත්තේය. යුද්ධෙ කියන්නේ මැරෙනකන්ම ඉදිරියට යෑම කියා හිතනවා නම් ඒකට කියන්නේ ගොන් කමය. එහෙම යන උන් වගයක් ජපානයේ උන්නා කියා අසා තියෙනවාය. උන් සතුරාගෙන් මැරෙන්න කලින්, තමන්ගේම පිහියෙන් බඩ කපාගෙන මැරෙනවාය. උන්ට කියන්නේ හරාකිරි ඉස්කොඩ් එක කියලාය.
ඉතිරියත්
↧
Shopping, Haircuts and Snowstorms
Hi,
First of all, I want to apologize for postponing this post! Yesterday was a very busy day.At around 10:30, my sister and I woke up. As soon as we were in the living room, my mom said to quickly eat breakfast and get ready. I was extremely confused, because, it seems my brain was not quite awake yet! So, I asked her why. Her reply was that we had to go to the city. Now, my brain suddenly awakens and commands me to be excited. I was quite excited, to be honest! This was because, I was getting my haircut today!! I had been counting down the days until this day! After eating breakfast, I quickly got dressed, while yelling at my sister to pick up the pace. She is very slow, when it comes to doing anything in the mornings. When we were finally dressed and ready to go, I ran (probably not the best idea, since there was a lot of ice), to the car, calling shotgun, to get the front passenger seat. I did, if you were wondering. Since, everyone else was still putting their shoes on, I had to wait in the cold SUV. I was half frozen, when they came to my rescue. Well, that may be an over exaggeration!
Anyways, once we got moving, it was a nice day out. As I do, very often, I spoke too soon. A blizzard blinded us. To make matters worse, our car kept showing an error. This got my heart beating, because I, for one, did not want to blow up in my favorite car. As soon as the error code appeared, my dad pulled over to check the Owner-s Manuel. In the end, I was the one searching through that very confusing book. After I found what I was looking for, I was blinded with relief. This is because it said that this error was not fatal and will clear itself out as soon as the road conditions get better. Even so, we drove to the place we bought our car to ask them if it was okay to drive. They said it was fine to drive. But, my dad insisted they do a check up ASAP. So he got a date to get the SUV checked up.After all of that drama, we finally went shopping! Although, I did not enjoy this kind of shopping, where most of what we buy were greens, fruit and meat. Fortunately, I convinced my mom to buy me a pair of shoes, which I got! They were good running shoes, that I will need for Track. After shopping, we finally went to the salon. I was so excited that I forgot we needed an appointment with my stylist and my sister-s to have our hair cut. So we got an appointment for mine and my sister-s hair to be cut. Sadly the appointment was an hour and 45 minutes from the time we made the appointment. So we had to wait. Fortunately, my mom still had some more shopping to do. So we went to the store and bought 400 dollars worth of food and drinks. When we were finally done shopping for food, it was time!! Once we made it to the hair dressers, my hair stylist was already there. So, the hair cutting process started with a massaging shampooing. This is usually my favorite part of the whole process. After the shampooing, I told her I wanted to get a trim for my layers and side parted bangs. She did a good job of the layers but I-m not sure about the bangs. It seemed like she cut a bit of my hair wrong! Who knows, maybe it-s the style! I defiantly didn-t know, so I let it go. Finally we were done. On our way back home, nothing interesting happened. I listened to some really good music and scanned outside to make sure there were no deer or other animals that may cross the road. Fortunately for me, there were none. The day was done. For supper I got to make salad and salmon fillet. It was delicious!!All in all, yesterday was a very good but tiring day! If you were wondering how my ankle was doing, it-s getting better.Catch you
↧
මද්දුම බණ්ඩාර ජාතක වීරයෙක්ද -චින්තන ධර්මදාස
හෙඩිම මෙහෙම ලිව්වෙ ළාබාල උන්ව අවුස්සන්න හිතාගෙනමයි. ඇත්තටම මම ජාති ද්‍රෝහියෙක් වීමෙන් කොයිතරම් නම් ජාතික ප‍්‍රබෝධයක් දල්වන්න උදව්වෙලා තියෙනවද. පිංපොං වගේ ජාතික වීරයන් පහළ වුනේ මම දුෂ්ටයෙක් වීම නිසා නෙමෙයිද. කොයි වෙලාවකවත් වීරයා නිර්මාණය කරන්න දුෂ්ටයා විසින් කරපු මැදිහත්වීම අමතක කරන්න නරකයි. බුදුන් නිර්මාණය කරන්න දේවදත්ත ඉටු කරන කොටස සහ ජේසුන් නිර්මාණය කරන්න ජුදාස් කළ කොටස වගේම දුටුගැමුණු නිර්මාණය කරන්න එළාර විසින් කළ කොටසත් සුළුපටු නෙමෙයි. මෑතකම නම් මහින්ද නිර්මාණය කරන්න ප‍්‍රභාකරන් ඉටු කළ කොටසත්.ලංකාවෙ ජාතික කැක්කුමේ හරි පුදුම හිතෙන තැන් තියෙනවා. උදාහරණයක් විදිහට මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක් වෙන්නෙ කොහොමද කියල මට තාම තේරුම් ගන්න බෑ. මද්දුම බණ්ඩාර කියන්නෙ මේ රටේ අවසාන රජු වෙන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහව ඉංග‍්‍රීසීන්ට පාවා දෙන ඇහැලේපොල නිලමෙගෙ පුතා. ඒ කියන්නෙ කන්ද උඩරට මහා පාවාදීම සිද්ධ වෙන්නෙ මද්දුම බණ්ඩාරගෙ තාත්තා අතින්. ඕනම නං ජාතියේ වීරවංසය ලියන විමල් වීරවංසගෙන් වුණත් අහලා බලන්න පුළුවන්. ඇහැලෙපොල පවුල මේ දඩුවමට ලක්වෙන්නෙ නිලමෙව අල්ලගන්න බැරි වෙන හින්දා. ඒත් මද්දුම බණ්ඩාර මැරෙන හැටි මං පෙන්නන්නං කියපු හින්දා ජාතියේ වීරත්වයට පත්වෙනවා. වෙන කිසි හේතුවක් නැතුව.මේ පාවාදීම් සහ කුමන්ත‍්‍රණ පිටිපස්සෙ මීට වඩා සංකීර්ණ කතාවක් තියෙන බව මම බැහැර කරනවා නෙමෙයි. ඒත් මේක තමයි ව්‍යවහාරික ජනප‍්‍රිය ඉතිහාසයේ කතාව. මට පුද්ගලිකව ඇහැලේපොල දුෂ්ටයෙක්වත් මද්දුම බණ්ඩාර වීරයෙක්වත් නෙමෙයි. ඒත් මේ ප‍්‍රචලිත ඉතිහාසය ඇතුලෙම ජීවත්වෙන සිංහල බෞද්දයාට මේ විදිහෙ පරස්පරයන් එකට පවත්වාගන්න පුළුවන් වීම විශේෂයක්. තවත් උදා විදිහට මේ වෙද්දි පට්ට ගහපු දුටු ගැමුණු චරිතය ගන්න පුළුවන්. ඉතිහාස කාරණා ගැන සංවාද විවාද ඔක්කොම පැත්තකින් තිබ්බත් දුටු ගැමුණු කියන නමෙන් සංකේතවත් කරන්නෙ මොකක්ද. ඒක දෙටු හෙවත් ජ්‍යෙෂ්ට යන්නෙන් බිඳී ආවා වගේ බොළඳ කතා නොකියා බැලුවොත් අපි නිතරම ගැමුණුව හඳුන්වන්නෙ දුෂ්ට කියන විශේෂණයත් එක්ක. ඒත් එයා දුෂ්ටයි කියල පිළිගන්න අපිට බෑ. කාටවත් ඕන වෙන්නෙත් නෑ දුටු ගැමුණුගෙ නම සුදු ගැමුණු වගේ වෙනස් කරන්නත්.දුටු ගැමුණුගෙ සහෝදරයා සද්ධාතිස්ස. නමෙන්ම කියවෙන විදිහට බොහොම බුදු දහමට ළැදි ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරපු රජෙක්. ඒත් කාටවත් සද්ධාතිස්ස ජාතික වීරයෙක් නෙමෙයි. කාටවත් තිස්ස මහා රාමයෙන් රැස් විහිදෙන්නෙවත්, බුදු රැස් පේන්නෙවත් නෑ. නම සද්ධාතිස්ස වුණත් ජනතාව කැමති දුෂ්ට ගාමිනීට. අපේ දෙවිවරු වුනත් අරං බලන්න. බාගෙට බාගයක් හරක් හොරු. මැරුනට පස්සෙ යකා සහ දෙවියා හැටියට පෙනී ඉන්නවා. මේ මිත්‍යාවෙ තියෙනවා අතාර්කික ගැඹුරක්. මගේ අදහස මේ නොගැලපීම වෙනස් කරගත යුතු දෙයක් නෙමෙයි කියලයි. මේක අපේ ජාතික සංස්කෘතික ලකුණක්. මම සිංහල කියන ජනවර්ගය ගොඩක් කැමති ගතියක් මේක. පරස්පරයන් එක්ක ජීවත් වෙන්න පුළුවන් වීම. තාර්කික නිවැරදිවීම් වලට මැළිවීම. ඒකෙ පොඩි පොයෙටික් ගතියක් විඳිනවා මම. මේ ගතිය අපේ ඉතිහාසය පිළිබඳ විශ්වාසවල ඉඳන් එදිනෙදා ජීවිතයේ පැවතුම් දක්වාම සම්බන්ද වෙනවා.ඒකයි මේක ජාතික සංස්කෘතික ලකුණක් වෙන්නෙ. සංස්කෘතියක් කියන්නෙ පොතක ලියපු හෝ ගලක කොටපු දෙයක් නෙමෙයි, ඒක ජීවන ක‍්‍රමය ඇසුරෙන් යළි යළිත් නිර්මාණය වෙන දෙයක් කියල තේරුම් ගන්න පුළුවන් අයට මේ කාරණය පැහැදිලි වෙයි. ජාතික හැගීම් වලට පොඩ්ඩක් හරි රිද්දන සුළු පෝස්ට් එකක් දාපු ගමන් වැටෙන කමෙන්ට්ස් වලින් අපේ සංස්කෘතිය ගැන ගොඩක් සියුම් ලක්ෂණ තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට බුද්ධ ශාසනය බේරා ගැනීමේ උදාර අරමුණෙන් කමෙන්ට් කරන ගොඩක් අය කතා කරන්නෙ ජාතකේ ගැන. ඒත් බුදුන් වදාරන්නෙ යමෙක් ජාතියෙන් බමුණෙක් හෝ වසලයෙක් නොවේ කියල. ඒක වෙසක් වලට ලොකුවට තොරන්වලත් ගහනවා. ඒත් බුදුන්ගෙ ධර්මය බේරගන්න නම් සිංහල බෞද්දයාට ජාතකේ නැතුව බෑ. ඒක බුදුන්ට තේරෙන සත්‍යයක් නෙමෙයි.මගේ අදහස මේ දේවල් නිවැරදි විය යුතුයි කියන එක නෙමෙයි. මේ තමයි අපි. ඒකෙ ලස්සනක් තියෙනවා. තාර්කික විධිමත් සිතීමක් නැති වුණත් උණුසුම් හැගුම්බර ජාතියක් අපි. නලින්ද සිල්වා නම් මේක යුරෝ-ඇමෙරිකානු චින්තනයට නතු නොවුණු ස්වදේශීය මොකක් හරි කියල ගන්න ඉඩ තියෙනවා. ඒත් මං හිතන්නෙ දැනුමත් එක්ක සංවිධානය වෙන්න අපිට ඔරිජිනල් අත්දැකීම් තිබුනෙ නෑ. ඒක නිසා දැනුමත් නොදැනුමත් දෙකම තිබුනෙ එක වගේ මිත්‍යාවක. දැන් අපි උත්සාහ ගන්න ඕන ඒක ආර්ට් එකක් කරගන්න. හොඳට හිතලා බැලුවොත් අපි ආඩම්බර වෙන දේවල් ගැන මේ කතාවෙ තවත් පැත්තක් පේන්න ගන්නවා.ඇත්තටම වර්තමානයේ භෞතිකව අපිට ආඩම්බර විය හැකි කිසිම දෙයක් නිෂ්පාදනය කරන්න රටක් විදිහට බැරි වෙලා තියෙනවා. තාක්‍ෂණික විද්‍යාත්මක දේවල් නෙමෙයි අඩුම තරමෙ සිංදුවක්වත් අපිට අපේම කියල හදාගන්න අමාරුයි. විදග්ධ මහා නිර්මාණකරුවො පවා නිර්මාණාත්මකයි කියල කියන්නෙ අමු අමුවෙ කොපි කරලා හොයා ගන්න බැරි වෙන එකට. කොපි කිරීමකින් සාර්තක ප‍්‍රතිඵල ලැබෙන්න නම් ඒක කොපියක් කියල පිළිගැනීම අවශ්‍යමයි. එහෙම නැත්තං ඒක හොරකමක්. ජාතික ගීය දෙමළෙන් කිව්වා කියල පුදුමාකාර සෝකෙකින් ජනතාව පෙළෙන්න ගත්තා. ඒත් මේ ජාතික ගීය ලියවෙන්නෙ බෙංගාලි භාෂාවෙන්. ඒක ලියන්නෙ රවින්ද්‍රනාත් තාගෝර්. ඒකට තනුව දාන්නෙත් තාගෝර්. ආනන්ද සමරකෝන් කරන්නෙ ඒක සිංහලට පරිවර්තනය කරන එකයි. ඒත් ඒක දෙමළෙන් කියන එක අපිට වාවන්න අමාරු කාරණයක් වෙනවා.අපි ඇත්තටම ආඩම්බර වෙමින් ඉන්නෙ මොනවා ගැනද. අපේ අතීතය ගැන. අපි නොදන්නා කාලෙක නොදන්නා ඉතිහාසයක් ගැන. සාමාන්‍ය එදිනෙදා ජීවිතේදි තමන්ගෙ අතීතය ගැන පාරම්බාන මෙලෝ වැදගැම්මකට නැති මිනිහෙක් මුණගැහුනොත් අපිට දැනෙන්නෙ කොහොමද. ඒත් අපි ජාතියක් විදිහට ඒ දේම කරමින් ඉන්න එක ගැන අපිට කිසි අවුලක් නෑ. මේ අතාර්කික හැගුම්මය අතීතයක ජීවත්වෙන ජාතියක් විදිහට අපිට නිර්මාණශීලී දේවල් තියෙනවා. ඒත් ඒ දේවල් නිර්මාණ විදිහට පිළිගන්නත් අපිට අමාරුයි. හරියට දැනුමෙන් ඛණ්ඩනය වෙලා නැති හින්ද යුග ගානක දේවල් එකට පැටලිලා තියෙන්නෙ.ගොඩක් අය නොපිලිගත්තා වුණත් ලංකාවෙ අයට ක‍්‍රියේටිව් විදිහට කුණුහරුප කියන්න තියෙන හැකියාව ඇත්තටම අගය කළ යුත්තක්. භාෂාවෙ හැමෝම දන්න හත අටක් කුණුහරුප කියන වචන වලින් ගොඩක් කතන්දර ගලපලා කියන හැටි රසවිඳින්න පුළුවන් ආර්ට් එකක්. මට දැනට හම්බුවෙලා තියෙන අය අතරින් මේ ටැලන්ට් එක හොඳටම තිබුනෙ අම්පිටියෙ සුමනට. මේ අතාර්කිකත්වය සහ ඉමෝෂනල් වීම නොදියුණු හෝ වෙනස් කළ යුතු තත්වයක් හැටියට දකිනවට වඩා ශක්‍යතාවයක් විදිහට පාවිච්චි කරන එකයි ට‍්‍රයි කරන්න ඕන. නරක පැත්තට වුණත් මහින්ද මේක සාර්ථකව කරලා පෙන්නුවා. උදා විදිහට මහින්දට ඕන නම් පුළුවන් දුටු ගැමුණුව ජාතිද්‍රෝහියෙක් කරන්න වුණත්. මහින්ද විසින් ලංකාවෙ ඉතිහාසය යළි නිර්මාණය කළා. අනුරාධපුර යුගයෙ දුටුගැමුණුට පස්සෙ කෙලින්ම රාජාවලියෙ ඉන්නෙ මහින්ද. ඒ අතරෙ මැද්දක් නෑ.හොඳට බැලවොත් පේනවා අපේ රට ගැන ජාතිකත්වය ගොඩක් තියෙන්නෙ රටෙන් පිට. කොහොම හරි වෙන රටක පදිංචියට යන හීනෙ ඇතුලෙ හෙම්බත් වෙලා වෙන රටකට රිංග ගන්න ගොඩක් අය ටික කාලෙකින් ජාතික හැගීම්වලින් ඔද්දල් වෙනවා. පරණ නන්දා මාලනී අහන්න ගන්නවා. මේක ජාතිවාදයක් නෙමෙයි. පුංචි වෙමින් යන තමන්ගෙ ජීවිතය ලොකු විශාල යමකට ගැටගහලා තියන්න දැනෙන උවමනාව. ආඩම්බර වෙන්න තමන්ගෙන් පිට යමක් ඕන. ජීවිතේ ඇකිලෙන්න ඇකිලෙන්න ආඩම්බරේ ලොකු වෙනවා. බන්දු සමරසිංහ කියපු ආඩම්බරයි තේරුමක් නැතුව කියන ලයින් එක ලංකාව ගැන මාර තේරුම් ගැනීමක් වෙන්නෙ ඒ හින්ද. මේ ලිපියෙ ඇත්ත හෙඩිම වෙන්න තිබුනෙ ඒක.ජාතිවාදය කියන්නෙ දේශපාලනිකව කෘතිමව නිර්මාණය කරන තත්වයක් මිස ඇත්තක් නෙමෙයි. තියෙන්නෙ යම් කිසි සමාජ මානසික උවමනාවක ප‍්‍රකාශනයක් විතරයි. පැහැදිලිවම ඒකෙ ලොකු කොටසක් තියෙනවා සෙක්ස්වලට අදාලව. අවුරුදු දහයක් පුරා මහින්ද ලංකාවෙ ජනතාව නෂ්ටකාමී කළා. ලෞකික සැප විඳින කාමී පිරිස වුනේ රාජපක්ෂවරුන් සහ ඒ ආශ‍්‍රිත නිළමෙවරුන් විතරයි. ජනතාව සිය කැමැත්තෙන්ම දුක්ගන්නා රාළලා වුණා. ලිංගිකත්වය ඇහිරෙන්න ඇහිරෙන්න ජාතිවාදය ලොකු වෙනවා. ඒකයි ගොඩක්ම ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය පැතිරෙන්නෙත්. මෙතනදි ලිංගිකත්වය කියන්නෙ සංසර්ගය විතරක්ම නෙමෙයි. අපි ලෞකික ජීවිතේ අත්විඳින සුඛයන්. බ‍්‍රා එකට කුපිත වීමේ ඉඳන් සිංහලේ දක්වා දුවන්නෙ ආශාව ඇහිරීමේ එකම ව්‍යාධියක්. මේක සදාචාරය නෙමෙයි. මේක ලෙඩක්.නදීෂා හේමමාලි මේ දවස්වල ඒ ඇත්ත එක්ක කෙලින් ගනුදෙනු කරනවා. තොල් සිපගැනීමෙන් රටේම සිල් බිඳිලා ඉන්න අතරෙ එයා අඩ නිරුවත් ඡායාරූප පෙළකුත් කිසි පැකිලීමක් නැතුව මුදාහැරියා. තවදුරටත් ලංකාවෙ නිළියකගෙ පරාසය පරණ සංස්කෘතික සීමාවෙ රැඳෙන්නෙ නෑ. නදීෂා කල්චරල් බෝඩර් එක වෙනස් කරනවා. අනේ ඒක කළේ මං දන්නෙ නැතුව කිය කිය බබා වෙන්න හදන බොළඳ නිළි පෙලක් මැද්දෙ එයා තනියම හිටගෙන සිංහල බෞද්ධයා අන්දමන්ද කරනවා. මේ ෆේස්බුක් වල ඇවිලෙන කාරණා සංස්කෘතියෙ සංවේදී තැන් විදිහට තේරුම් ගැනීමම නොමග යාමක්. අපි මේ අත්දකිමින් ඉන්නෙ අවුරුදු දහයක් තිස්සෙ වපුරපු සාර්ථක කැම්පේන් එකක විත්ඩ්රෝවල් සිම්ප්ටම්ස්. අධිපති සංස්කෘතික කතිකාවක් වෙනත් අදහස් ධාරාවක් විසින් විස්තාපනය කරමින් තියෙනවා. ඒක සුහද මාරුවක් නෙමෙයි. ලොකු ගෝෂාවක් ලොකු ප‍්‍රතික්‍ෂේප කිරීමක් ලොකු පහරදීමක් මැද්දෙයි ඒක සිද්ධ වෙන්නෙ. ඒත් අනිවාර්යෙන්ම ඒ වෙනස සිද්ධ වෙන්න නියමිතයි.අනෙක් අතට මේ ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශය ගොඩක් හොඳ දේවල් කරනවා. උදාහරණයක් විදිහට ඉතිහාසය සම්බන්ධ ලොකු කතිකාවන් ඇරඹෙනවා. ජාතිවාදී පාර්ශ්වයෙන් න්‍යායාත්මක ගොඩනැංවීම් කිසිවක් සිද්ද වෙන්නෙ නෑ. ඒ නිසා තේරුමක් නැති කුණුහරුප ගොඩක් මැද්දෙ සාර්ථක ඉතිහාස සංවාදයක් සිද්ධ වෙනවා. දේවල් වඩා ශක්තිමත් විදිහට සමාජගත වෙනවා. මං පුද්ගලිකව කවර හෝ ජාතිකවාදයකට අකමැතියි. ඒත් ජාතිකවාදී අදහස් වල පැවැත්මට මම ගරු කරනවා වගේම ඒකෙ අවශ්‍යතාවයකුත් දකිනවා. ඒත් දැන් ජාතික කියල තියෙන්නෙ අමු විහිළුවක් විතරයි.එල්ලෙන්න ප‍්‍රධාන ධාරාවෙ ඉතිහාසය අවශ්‍යම නං මං යෝජනා කරන්නෙ රුවන්වැලි සෑය වෙනුවට සීගිරිය තෝර ගන්න කියල. ලෞකික රාජ්‍යයක් වෙනුවෙන් වැඩකරපු ඉතිහාසයක්. ලෝකෙ ඕනම රටක මිනිහෙකුට ගරු කරන්න පුළුවන් ඉතිහාසයක්. අනෙකාව මැඩීම වගේ පටු තැනක නැතුව වඩා යහපත් මනුස්ස සමාජයක් වෙනුවෙන්, ලෞකික ජීවිතයක් වෙනුවෙන් අපේ ඉතිහාසයෙන් කළ එකතු කිරීම් වලට යන්න. ඇත්තටම සීගිරිය අපේ ඉතිහාසයේ කේන්ද්‍රයක් වෙන එක ගොඩක් වටිනවා. ජාතියක් විදිහට අපි කරපු ගොංකං වල එල්ලිලා ඉඳලා තේරුමක් නෑ. ඊටත් වඩා සාර්ථක වෙන්නෙ අපේ චූල ඉතිහාසයෙන් සංකල්ප ගොඩනගන එකයි. ඒ කියන්නෙ හිස්-ස්ටෝරි (ඔහුගේ කතාව) වෙනුවට හර්-ස්ටෝරි (ඇගේ කතාවට) යන්න. අපේ සාමාන්‍ය ගැමි ජන ජීවිතයේ චර්යාවන් සහ සංකල්ප ගැන කරන නැවත කියවීමක් ඇසුරෙන් වෙනස් ඉතිහාසයක් ගොඩනගන්න පුළුවන්. නිදහස් ලිංගික ජීවිතයක්, නිදහස් සරල සාමකාමී පැවතුම්, ගොඩක් දේවල් එකවර කියන විවෘත සිනහව වගේ දේවල් එක්ක නව සංකල්ප නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක වඩා අර්ථවත් නූතන හිපි එළඹුමක් වෙන්න පවා පුළුවන්.ජාතිකත්වය කියන්නෙ ඉස්සර තිබුණ දෙයක් නෙමෙයි. ඒක අපි විසින් මේ මොහොතේත් නිර්මාණය කරමින් පවතින දෙයක්. ඒ වෙනුවෙන් අපි කරමින් ඉන්න වැඩකොටස මොකක්ද කියල අපි අපෙන් අහන්න ඕන. හරියටම නම් සෝම හාමුදුරුවන්ගෙ කාලෙන් පටන් ගත්ත මහරජ කැම්පේන් එකේ අවතාර තව ටික දවසක් ප‍්‍රතිවාදීව නැගී සිටිමින් අපිට උදව් කරයි. කුණුහරුප රැප් කරන්න. පුළුවන් තරම් බොරු කියන්න. ෆේස් බුක් එක කුඹුරක් කරන්න. හොඳ ඵලදායී සංවාදයක් බුද්ධිමය බිත්ති ඇතුලෙ විතරක් සිද්ද වෙනවා කියල මං හිතන්නෙ නෑ. ඒ හින්ද දේශපාලන කුලී හේවායන් නොවු අවංක ප‍්‍රකෝප වුණු සිංහල බෞද්දයන් අපිට අවශ්‍යයි. මේ ඔක්කොම මැද්දෙන් වසන්තය එනවා සත්තයි.මූලාශ්‍රය
↧
↧
388. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 27 - රාළහාමි, ගුණදාස, ඔගස්ටින් සමඟ මෑන් මහත්තයාගේ කථා.
ගිරිතලේ හෝටලය
"අන්න හරි ඔය විසිතුනේ ගෙදර හිටියෙ බම්බාව ( බම්බාව තියෙන්නෙ ගලේවෙල කිට්ටුව ) පැත්තෙං ආපු කට්ටියක්.ඒ පවුලෙ එක ඉලන්දාරියයි හිටියෙ. ඒ වෙනකොට මිනිහට අවුරුදු දහ අටක් වගෙ ඇති. මගේ වයසම තමයි."
"ඉතිං?"
"මිනිහ ඔය නුවර දිහාවෙ සුද්දෙක් ගාව වැඩකරල කාර් එලවන්ට ලයිසන් එහෙමත් තිබ්බ. ඩී.එස්. මහත්තය ආපු දවසක ඒ කොල්ලගෙ තාත්ත කොල්ල ගැන විස්තර කියල තිබ්බ. පස්සෙ කොහොම හරි ඩී.එස්.
↧
අගය කළ යුතු චරිත- පර්සි අබේසේකර
අප සියල්ලන්ගේම අභ්යන්තර චිත්තයෙහි කුඩා දරුවකු මෙන්ම යකකුද ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම අප සැම තුළම යම් කිසි ආරයක පිස්සකුද ඇතැයි මට සිතේ. සමහර විට මේ පිස්සුව තම විනෝදාංශය වන අතර මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන අතර එක එක අංශ ඔස්සේද විහිදී යයි. සමහරු කාම පිස්සෝය. ඔවුනට රෙදි වැලක ඇති කාන්තා යට ඇඳුමක් වත් පෙනෙන්නට බැරිය. සමහරු පොත් හෝ චිත්රපට පිස්සෝය. සමහරුන්ගේ පිස්සුව විලාසිතාවට හා කැපී පෙනීමටය. තව තව නානාප්රකාර පිස්සු ඇත. සමහරු තමනට ඇති පිස්සුව නිසා සමාජයෙන් අවමන් විඳිති. ඒත් සමහර පිස්සු නිසා සමාජයේ නමක් දිනූ හෝ මහා ධන කුවේරයන් වූ මිනිසුන්ද මේ සමාජයේ නැතුවා නොවේ. මා මේ කියන්නට යන්නේ ක්රිකට් ක්රීඩාව නැරඹීමේ පිස්සුව , තම විනෝදාංශයටත් වඩා තම ජීවිතයම කරගත් සහ ඒ හේතුවෙන්ම අපේ රටේ පමණක් නොව මුළු ක්රිකට් ලෝකයේම ජනප්රිය චරිතයක්ද බවට පත්වූ පුද්ගලයකු ගැනයි. මේ සඳහා ප්රවේශයක් ලෙසට පහත විස්තරය ඔබ වෙත ගෙන එන්නට සිතුවෙමි. ලංකාවේ ජාතික ක්රීඩාව කුමක්දැයි යමෙකු ඇසුවොතින් බහුතරයක් එය ක්රිකට් ක්රීඩාව යැයි කියනු නොඅනුමානය. ඒ තරමටම එය ජනතාවගේ ශරීරයට, ජාන වලට හා කොටින්ම ලේ වලටම බද්ධ වී හමාරය. ක්රීඩා රසිකයෙකු නොවූවත් බොහෝදෙනා තරඟයක තොරතුරු , අවම වශයෙන් ලකුණු තත්වය හෝ දැනගන්නට නිතැතින්ම පෙළබෙති. ඒ තරමටම එය අදහන ආගමක් , උණක් එහෙමත් නැතිනම් පවතින රැල්ලක් ගණනට වැටී ඇත්තේය. ඉංග්රීසි ජාතිකයන්ගෙන් අපේ කොදොව්වට ලැබුණු දායද අතර තවත් දායාදයක් වූ ක්රිකට් , මුල් කාලයේ අනෙක් හැම අංශයේම මෙන් සුද්දන් අපේ රට හැර යන විට මෙහි කිරි පොවා හදා වඩා ඉතිරි කොට තබා ගිය කළු සුද්දන්ට පමණක් සීමා විය. එමෙන්ම කොළඹ ප්රධාන පාසල් හා ක්රීඩා සමාජ කිහිපයක් අතර පමණක් එහි අයිතිය හා ඒකාධිකාරය පැවතිණි. එහෙත් 1982 දී අපට ටෙස්ට් තත්වය ලැබීමත් සමඟම තත්වය ටිකින් ටික වෙනස් වන්නට පටන් ගති. ඒ අතරම 1982 රූපවාහිනියේ සම්ප්රාප්තියත් ක්රිකට් ගම් දනව් සිසරා ජනතාව අතරට යාමට පිටිවහලක් විය. එතෙක් සමාජයේ ඉහළ පැලැන්තිය එනම් රිචඩ්ලා සොලමන් ඩයස්ලා පමණක් විලාසිතාවකට මෙන් පුංචි රේඩියෝවක් කනේ තබා ගෙන ඉංග්රීසි බසින් ඇසූ ක්රිකට් විචාර , ගමේ ගොඩේ පියදාසලා හා සිරිසේනලාටත් රූපවාහිනියෙන් සිංහල බසින් අසන්නට බලන්නට ලැබිණි. අපත් ක්රීඩාංගණයේ සිටිනවා මෙන්ම දැනෙන්නට සිංහල බසින් විස්තර විචාර ගෙනා ප්රේමසර ඈපාසිංහ හා පාලිත පෙරේරා වැනි විචාරක මහතුන් මම මේ අවස්ථාවේ ගෞරව පූර්වකව සිහිපත් කරමි. නගරයෙන් ගමට ක්රිකට් ගෙනයාමේ පුරෝගාමීන් වූයේ ඔවුන්ය. ඒ අතරම අපට වුන් චතුර ලෙස ඉංග්රීසි බසින් විචාර ගෙනා විචාරක මහතුන්ද අමතක කළ නොහැක. ක්රිකට් යනු හුදෙක්ම තරගයක් නරඹා විනෝද වී පහුවෙනිදාට එය අමතක කර දමන ක්රියාවලයක් නොවන බව මේ සටහන කියවන දහසකුත් රසිකයන් අත්දැකීමෙන්ම දන්නා සත්යක් බව මම දනිමි. නරඹනවාට වඩා අපි එහි ජීවත් වෙන්නෙමු. එහි අපට සිතා සැනසෙන්නට හදේ රැදුණු අතීත කාමයක් ඇත්තේ එහෙයිනි. මම මුලින්ම ක්රිකට් තරඟයකට සවන් දුන්නේ 1982 මුල් භාගයේ දිනක බව මට හෙඳින් මතකය. ඒ දිනවල අපට ටෙස්ට් තත්වය ලැබී තිබුණේ නැත. රූපවාහිනී සංස්ථාව අරඹා තිබුණෙද නැත. අනුරාධපුර නාච්චාදූවේ අපේ තාත්තා කළමනාකරු ලෙස සේවය කළ විශාල ගෙවිපලේ විසල් සියඹලා ගස යට තැනු බංකුවක හිඳ ඕස්ට්රේලියව හා ලංකාව අතර පැවති එක්දින තරඟයකට පුංචි රේඩියෝවකින් අප සවන් දුන්නෙමු. අසන්ත ද මෙල්ලා, වෙත්තමුනිලා, මඩුගල්ලේලා , මෙන්ඩිස්ලා හා ඩයස්ලා එදා මගේ වීරයෝ වූහ. ඉන්පසුව ඒ වසරේම එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟය මා නැරඹුවේ රූපවාහිනියෙනි. එහිදී ඩේවිඩ් ගවර්ලා, මයික් ගැටින්ලා , බොබ් විලිස්ලා හා බොතම්ලා එදානම් අපව නැති කර දැමූහ. එහිදී සුදු හෙල්මටයක් පැළඳ පැමිණි අර්ජුන රණතුංග නම් කොලු ගැටයාගේ පිති හරඹය, කළු පෙරුම ගත් අරුම පුදුම උඩ පනදුව හා රෝයි ඩයස්ගේ හෙල්මටයේ පන්දුව වැදී එය කඩුල්ලේ බේල්ස් මත වැටීමෙන්, හිට් විකට් වී දැවී ගිය හැටි අද ඊයේ වගේ අපට මතකය. මේ කිහිපයක් පමණි. වරක් ඩයස් හා මෙන්ඩිස් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියදී දෙදෙනා අතර අනොන්ය අවබෝධය බිඳ වැටී දෙදෙනාම එකම අන්තයක රැදීම නිසා රෝයි ඩයස් ලකුණු 77 කට දුවද්දී දැවී ගියේය. එදා අප බොහෝ සේ කම්පා වීමු. 1996 දී අප ක්රිකට් ලෝක සූරතාව දිනා ගැනීමෙන් අනතුරුව ක්රිකට් වලට අසීමිත ජනප්රියතාවයක් ගලා එන්නට පටන් ගත් අතර එය මහා ධන සම්භාරයක් අත පත ගෑවෙන ව්යාපාරයක් බවටද පත්විය. එය අපේ ක්රිකට් වංශ කතාවේ හොඳකට මෙන්ම නරකටද හේතු විය. මේ අතර කාලයේ බොහෝ ක්රිකට් වීරයෝ අපට බිහිවූහ. සමහර වීරයෝ වීර කම දිගටම රැක ගත්හ. සමහරුන් ඉක්මනින්ම බලු වූහ. සමහරුන් ඉක්මනින්ම දැවී ගියහ. තවෙකෙක තුවාල සිදුකරගෙන ඉක්මනින්ම විශ්රාම ගත්හ. ( retired hurt). සමහරු හරි කලට තරුණ ක්රීඩකයන්ට තැන දීමට ඉසිඹු ලදහ. තවත් අය කාලය දික් කර ගනිමින් හැමටම වදයක්ම වෙමින් රැදී සිටියහ. මේ අතර ලෝක වාර්තා බිහිවුණි. තිබුණු වාර්තා බිඳ හෙළිනි. මෙසේ කරුණු කාරණා සිදුවෙමින් පවතිද්දී එක් අයෙකු පමණක් නොදැවී දිගටම ක්රීඩාවේ නිරත විය. වයස ඔහුට ප්රශ්නයක් නොවුණි. තිබුණේ එකම විශේෂත්වයක් පමණි. එනම් ඔහු ක්රීඩා කළේ හතරේ සීමාවෙන් පිටත සිට වීම පමණි. ඔහු ක්රීඩා කළේ නරඹන්නන් අතර සිටය. එහෙත් ක්රිකට් පිත්ත වෙනුවට ඔහු අත වූයේ ලංකාවේ ජාතික කොඩියය. ලංකාවේ තරඟ අතරතුර නරඹන්නන් රඟන රංඟනයන්හී ප්රධාන නළුවා ඔහු විය. එහෙත් සමහර නළුවන් මෙන් ඔහු කළේ රඟ පෑමක් පමණක් නොවේ. එය හදවතින්ම තම රට දිනවීමට ඔහු දුන් සවියකි. රුකුලකි. උත්තේජනයකි. දැන්ටමත් මා මේ කියන්නට තටමන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඔබට තේරුම් ගොස් ඇතුවාට සැකයක් නැත. ඔහු අපේ ආදරණීය පර්සිය. පර්සි අයියාය. සමහරුන්ගේ පර්සි අංකල්ය. දැන්නම් පර්සි සීයාය. රටම පමණක් නොව ක්රිකට් ලෝකයම දන්නා පර්සි අබේශෙඛර මහත්තයාය. ඔහු තරම් ක්රිකට් ලෝලියෙකු ලංකාවේ තවත් නැත. ලෝකයේ ඉන්නා ක්රිකට් පිස්සන් අතර හොඳම පිස්සෙකි. ප්රතිවාදී තරඟ සහයකයන් සමඟ උරෙන් උර ගැටී , ඉංග්රීසි බසින් කතා කරමින් කොඩියක් ගෙන නටමින් ක්රීඩාංගණයේ නරඹන්නන්ට හා ක්රීඩකයන්ට නිරතුරුවම සවියක් වූයේ එතුමායි. තරුණ කල ක්රිකට් ක්රීඩකයකු වූ එතුමා ඉන්පසුව හැම තරඟයකම අපට සිටිනා නොඳැවුණු නරඹන්නා විය. ලංකා පිළ යන්නේ කොයි දීපංකරයකද එතුමා ජාතික කොඩිය ලෙලවමින් සිටියේ එතැනය. අද දින අසූ වියද ඉක්මවා සිටින මේ සහෘද මිනිසා තවමත් එදා මෙන්ම උද්යෝගයෙන් හා ජවයෙන් යුක්තව සිටීම ජාතියේ වාසනාවය. ටෙස්ට් වරම් ලැබී ගෙවී ගිය මේ අවුරුදු තිස් ගණනට විවිධ ක්රිකට් නායකයෝ, ක්රීඩකයෝ සහ ක්රිකට් තරු බිහිවූහ. සමහරුන් ඇත්තටම හදවතින්ම රටට ක්රීඩා කළහ. ඒත් සමහරුන් ක්රිකට් නිසා තමන් ලද ප්රසිද්ධිය , ජනප්රියතාවය සහ ආර්ථික ශක්තිය දේශපාලනය වැනි වෙන වෙන බල ලෝභී ව්යාපාරවලට යෙදවූහ. ඒත් පර්සි තවමත් හතරේ සීමාවට එපිටින් කොඩිය සුරත දරා එලෙසින්ම ලංකාව වෙනුවෙන් උඟුර ලේ රහ වනතුරුම කෑ ගසන්නේය. අප ඔහුව අගය කළ යුත්තේ එහෙයිනි. එතුමන්ට තව චිරාත් කාලයක් මෙලෙසින් නොදැවී ක්රීඩා කරන්නට අවශ්ය ශක්තිය හා දහිරිය ලැබේවා. ආදරණීය පර්සි , මේ සහෘද සටහන ඔබ වෙනුවෙනි. චන්දන
↧
මුදලට වහලෙක් නොවීම
මුදල් ඉපැයීම යනු අසාධාරණ වූවක් ලෙසකින් දකින සමාජයක වුවද ජීවත්වන සෑම පුද්ගලයෙක්ම පාහේ ගණුදෙනු සඳහා මුදල් භාවිතා නොකරන දවසක් නැති තරම්. එකිනෙකාගේ උවමනාවන් පිරිමසා ගැනීම සඳහා මුදල් ගෙවමින් යෙදෙන්නේ කැමැත්තෙන් කරන ගණුදෙනුවල යැයි දකින්නට මුදල් ගැන හරියාකාර වැටහීමක් නැති අයට නොහැකියි. තමන් තෝරාගත් භාණ්ඩයක් හෝ සේවාවක් මුදල් ගෙවා ලබාගනිද්දී එයට ඉඩකඩ පාදා දුන් තැනැත්තා දිහා මේ අය බලන්නට හුරුවී සිටින්නේ තම පහසුව සලසා දුන්නෙක් හැටියට නොවේ. වෙළඳපොලක මිල තීරණය වෙන්නේ කෙසේදැයි නොදන්නාකමින් මේ අය මිල සහ මුදල් එකම දෙයක් යැයි වැරදි වූ වැටහීමකින් සිටිති.
මුදල් යහමින් ඇති අයෙක් දිහා අනුන්ගේ වස්තුව බලහත්කාරයෙන් උදුරා ගන්නා ලද්දෙක් ලෙසකින් බලන්නට මේ අය හුරුවී සිටිති. ඒ නිසා වෙළඳාමෙන් මුදල් යහමින් උපයාගෙන ඇති අයෙක් ඒ මුදල් උපයාගත්තේ වැඩි දෙනෙකුගේ උවමනා පිරිමැසූ නිසා බව නොදකිති.
මිල යනු පාරිභෝගිකයන් කැමැත්තෙන් යමක් ගන්නට අත්හරින මුදල සහ කැමැත්තෙන් නොගෙන සිටීම නිසා අත්නොහරින මුදල පිළිබඳව ඔවුන්ගේ තෝරාගැනීම හෙළිදරව් කරන අගයයි. මුදල් යනු හුවමාරුවේ දී අපගේ පහසුව සඳහා අපි භාවිතයට ගන්නා මාධ්‍යයයි. මිනිසුන් කැමැත්තෙන් කරන ගණුදෙනු තුලින් ශක්තිමත් මුදල් සමාජයේ පතුරුවන්නට ව්‍යවසායකයන් සමත්වෙති. එහෙත් ජනතාවගේ යහපත සලසන්නට කැපවී සිටිනවා යැයි කියන පාලකයන් භාවිතයේ පවතින මුදල් දුර්වල කරන්නට කටයුතු කරති. මුදල්වල අගය වෙනස් කරන්නට නීතිමය බලයක් ඔවුන් තමන් අතට පවරාගෙන ඇත.
ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් තවත් ණයක් ඉල්ලන්නට සූදානම්වීම ගැන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව ලිපියක් පසුගිය දා පළකරන ලදි. 6% ක වාර්ෂික වර්ධනයක් පසුගිය දශකය පුරා දකින්නට තිබිය දී, සාමයේ ලාභ තවමත් භුක්ති විඳින විට, ලෝක තෙල් මිල පහළ බැසීම නිසා තෙල් ආනයන බරපැණ අඩු වී යද්දී, යනාදිය දක්වමින් රටේ නායකයන්ට ණය හිඟා කන්නට යන්නට සිද්ධ වී ඇත්තේ මන්දැයි එහි විමසන ලදි.
රුපියලේ අගය රැකගන්නට මහ බැංකුව විසින් ඩොලර් බිලියන දෙකක පමණ විදේශ විනිමය සංචිත ප්‍රමාණයක් වැය කරන ලදැයි ද එහි සඳහන්. බදු ක්‍රමයේ අඩුපාඩු ගැන කියමින් ඒ ලිපිය රටේ මහජන ණය* පියවීමට, (ශක්තිමත් මුදල් සමාජයේ බිහිකරන ව්‍යවසායකයන් වෙතින්) බදු වැඩියෙන් අයකරගන්නා පිළිවෙතකට පාක්ෂික බවක් දක්වයි.
ලංකාව තුල හා ලංකාව සමඟ වෙළඳ ගණුදෙනුවල නියැළෙන්නට කැමති සියළු පාර්ශවයන්ට ලංකාවේ පාලකයන් අනේක විධ බාධක පමුණුවා ඇති බව දකින්නට නොහැකියාව ඛේදනීය වූවකි. ලංකාවේ ව්‍යාපාරයක් අරඹන්නට පවා ඇති දුෂ්කරතාවය බොහෝ පිරිසකට හඳුනාගැනීමට නොහැකියාව අතිශයින්ම දුක්ඛිතය. මේ මැදිහත්වීම් තුලින් රටේ මුදල් වලට කරන අකරතැබ්බය, සියල්ලන් සඳහා සැලසුම් හදන්නට රුචි වූවන් නොදකිති. විදේශ ආයෝජකයන් තම ආයෝජන ගෙන ලංකාවට නොඑන්නේ රට තුල වෙළඳ ගණුදෙනුවල යෙදෙන්නට නිදහසක්, පහසුවක් හා තිර බවක් නොමැතිකම නිසයි. එන එන ආණ්ඩුවේ බලය සතු පාලකයන් හා එළඹෙන එකඟතාවයන් තුලින් විවිධ සහනාධාර සහ විශේෂ වරප්‍රසාද ලබමින් ව්‍යාපාර පටන් ගන්නා අය වෙතින් පමණක් රටක ආර්ථිකය සමෘද්ධිමත්වීම බලාපොරොත්තු විය හැකි යැයි සියල්ලන්ට ගහන සැලසුම් රුචි වූවන් තරයේ අදහති.
ශක්තිමත් මුදල් අගයක් ලැබෙන්නේ පාලකයන් විසින් මුදලේ අගයට කරන අන්ඩතේට්ටම් වලින් නොවේ. මුදල් වලින් කරන ගණුදෙනු වැඩිකරන්නට ව්‍යවසායකයන් සමත්වීමෙනි.
අපි අපේ දරුවන් තුල වර්ධනය කරන්නට වෑයම් කරන සද්ගුණයන් අපිට ශක්තිමත් මුදල් තුලින් ද දකින්නට හැකියි. අවංක (honest), විශ්වසනීය (trustworthy), සහ විශ්වාසයක් තබාගත හැකියාව (reliable) යන තුන ශක්තිමත් මුදල් තුලින් පෙනෙන ප්‍රධාන අංගයන් වෙති. විශ්වසනීය යනු යමක ආරක්ෂාව සැලසීමේ වගකීම රැකීමයි. හානියක් නොකිරීමයි. කරන්නට එපා කියූ දෙයක් දරුවෙක් නොකරන්නේ ද ඒ දරුවා විශ්වසනීය වූවෙකි. යමක් හැමවිටම අපි අපේක්ෂා කරන ආකාරයෙන් ඉෂ්ට කරන අයෙක් යනු තව දුරටත් එලෙසින්ම එසේ කරන බවට විශ්වාසයක් තබාගත හැකි අයෙකි. නොහොත් ‘රිලයබල්’ වූවෙකි. අපේ දරුවන් තුලින් අවංක, විශ්වසනීය සහ රිලයබල් බව බලාපොරොත්තු වෙන අපි මුදල් තුලින් ද මේ ලක්ෂණ බලාපොරොත්තු වෙමු.
වෙළඳපොල ගණුදෙනුකරුවන් හෙවත් පාරිභෝගිකයන් හා නිෂ්පාදකයන්, ආයෝජකයන් හා ව්‍යවසායකයන් යනාදීන් අතර අර්ථාන්විත ඒකකයක් ලෙසින් ශක්තිමත් මුදල් කටයුතු කරයි. ශක්තිමත් මුදල් ඇත්නම් ව්‍යවසායකයාට යථාර්ථවාදී සැලසුමක් නිර්මාණය කළ හැකියි. දැනුවත් තීරණ ගත හැකියි.
මුදල් තුල වූ ආර්ථික ක්‍රියාවලියට ඔබ්බෙන් යමින් ද, අපිට ශක්තිමත් මුදල් නිර්වචනය කළ හැකියි. නිදහස් සමාජයක් තුල යම් ආණ්ඩුවකට සිය බලය පෙන්වීමේ හැකියාවත් ශක්තිමත් මුදල් වලින් වළක්වාගත හැකියි.
ශක්තිමත් මුදල් සත්‍ය ආර්ථික ප්‍රතිඵල සහතික කරයි. නිදහස් වෙළඳපොල තුල පැවතිය යුතුම වූ සාධකයක් හැටියට මුදල්වල අවංකභාවය ආරක්ෂා කළ යුතුයි. එහෙත් අද ලොව සිද්ධ වෙන්නේ එය රජයේ ප්‍රතිපත්තිවල මෙවලමක් හැටියට භාවිතා වීමයි.
අසාර්ථක මුල්‍ය පිළිවෙත් වසන් කරන හෝ ඒවාට ඉඩදෙන මාධ්‍ය්‍යක් හැටියට භාවිතා කිරීමට ආණ්ඩුවලට ඇති හැකියාව ශක්තිමත් මුදල් නිසා නැති වී යයි. ශක්තිමත් මුදල් වගකීම් සහිත මුල්‍ය පිළිවෙත් දිරිගන්වයි.
ලංකාවට බිට්කොයින් වැනි (ක්‍රිප්ටොකරන්සි) මුදල් ගණුදෙනුවලට ඉඩදෙන්නට යන ප්‍රවෘත්තියක් ද කියවන්නට ලැබිණ. මෙහි නීති රෙගුලාසි රටේ පාලකයන් විසින් කොපමණ නිරවුල් ලෙසකින් රටවැසියන් වෙත ඉදිරිපත් කරාවි ද යන්න අනුව පමණක් නොව රට තුල කොතරම් නිදහස් ලෙසකින් ව්‍යවසායකයන්ට වෙළඳ ගණුදෙනුවල යෙදෙත හැකිද යන්නත් අනුව බිට්කොයින් ප්‍රාග්ධනය කරපින්නා ගත් ස්ටීවන් මැකාස්කිල් වැනි විදේශ ආයෝජකයන් ඇදී ඒමේ ඉඩ ප්‍රස්ථාව ලංකාවට ද උදාවනු ඇත. එහෙත් දිගින් දිගටම රටවැසියන්ට නිදහසේ කරන ගණුදෙනුවලට කිසිත් ඉඩක් නොලැබී, බිට්කොයින් ගිණුම් වලින් ව්‍යාපාරික ගණුදෙනුවල යෙදෙන්නට රජය තෝරාගන්නා කර්මාන්ත ක්ෂේත්‍රයන්ට පමණක් නැත්නම් සමහර ව්‍යවසායකයන්ට පමණක් දොර විවෘත වුවහොත්, ඒ ගෙනෙන සමහර ව්‍යාපාරිකයන්ට පමණක් බදු සහන හා විශේෂ වරප්‍රසාද ලැබුනොත්, නැවතත් රටේ ආර්ථිකයට කිසිත් වාසියක් එකතු නොවේ. එවිට එය පවතින අවුලට තවත් අවුලක් එකතු කිරීම පමණකි.
බහුතර පිරිසක් මුදල්වලට කඹුරන වහලුන් කර ඇත්තේ අර්ථය නොවිමසා මුදලට වහලෙක් වෙන්න එපා යැයි අනුන් කියන නිසා තමන් ද කියන අය විසිනි.
*මහජන ණය කිව්වාට ඒවා පාලකයන් විසින් ගන්නා ලද තීරණ වලින් මහජනතාව පිට පටවන ලද බරපැණ මිසක් මහජනතාව කැමැත්තෙන් තෝරාගත් ණය නොවේ.
↧
Claypot Rice
Picture the typical mall food court. Then multiply the size of that by ten, multiply the busyness by ten, take...
The post Claypot Rice appeared first on Migrationology - Food Travel Blog.
↧
↧
මාධ්‍යයට තර්ජන
මාධ්‍යවේදියෙකු විසින් ගායන ශෛල්‍යයක් බැළලියකගේ හැඬීමට සමාන කිරීමත් අගමැතිවරයා විසින් ඒ මාධ්‍යවේදියා බල්ලෙකුට සමාන කිරීමත් යන සිද්ධිය අඩි සීයක් පමණ ඉහලින් සිට බලන විට පෙනෙන්නේ සාමාන්‍ය සිංහලයින් තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව ආරක්‍ෂා කරගැනීමට දරන උත්සාහයත් රජයක් විසින් ඔවුන්ගේ සංස්කෘතිය පාගා දැමීමට දරන උත්සාහයකුත් නොවේද? නිදහස් උත්සවයේ දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛල්‍යයෙන් ගායනය කිරීම සාමාන්‍ය සිංහලයින් අගය කලේ නැත. මිනිසුන් ඊට අකමැතිවූයේ එම ගායිකාවවත්, දෙරණ මාධ්‍යවේදියාවත්, අගමැතිවරයාවත් කල කී දේ හෝ ඔවුන් සම්බන්ධ සිදුවීම් වලින් ස්වාධීනව බව වැදගත්ය. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු පිටරටින් එන දේ ගන්නට මැලි නැත. නමුත් මිනිස්සු මේකට කැමති නැති වීමෙන් පෙනෙන්නේ නිදහස් උත්සවය හරහා මේ ආණ්ඩුව සංස්කෘතික වශයෙන් දුන් දේත් දුන් විදිහත් දෙකම මේ රටේ මිනිස්සුන්ට ඇල්ලුවේ නැති බවයි. මිනිස්සු අකමැති දේ මිනිස්සුන්ට බලෙන් කැව්වේ ගාලුමුවොදර පිටියේ පමණක් නොවේ රජය රජයේ මාධ්‍ය හරහා එය මුලු රටටම ගිල්ලුවේය. විද්‍යුත් මාධ්‍ය අවකාශය අයිති ජනතාවට යැයි කියන්නේ නම් රජය මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කලේ යැයි අවශ්‍ය නම් කෙනෙකුට කිව හැකිය. පුද්ගලික ජනමාධ්‍ය මේ රටේ සංස්කෘතිය බලෙන් වෙනස් කිරීම කාලයක් තිස්සේ කරගෙන එමින් පවතියි. මේවාට මේ රටේ සාමාන්‍ය මිනිසුන් කැමති යැයි කිව නොහැකියි. පුද්ගලික ජන මාධ්‍ය පමණක් නොවේ ඊනියා ජාත්‍යන්තර සංවිධාන පවා විවිධ විද්‍යුත් මාධ්‍ය හරහා සෙවල ආකාරයට මේ රටේ ජන විඥ්ඥාණය වෙනස් කිරීම සඳහා සමාජ-සංස්කෘතික ඉන්ජිනේරු ව්‍යාපෘති කරගෙන යමින් සිටියි. මේ බොහෝ දේ ගැන රටේ ජනතාවට කල හැකි දේ අවමය. නමුත් රජයේ අනුග්‍රහයෙන් කෙරෙන සමාජ-සංස්කෘතික ඉන්ජිනේරු ව්‍යාපෘති පිළිබඳව ජනතාවට යමක් කල හැකි විය යුතුය. ඒ මන්ද රජය පත් කරන්නේ ජනතාව විසින් බැවිනි. මෙයින් කියන්නේ රජයක් සමාජ-සංස්කෘතික ඉන්ජිනේරු ව්‍යාපෘතිවලට අත නොගැසිය යුතු බව නොවේ. නමුත් එය ජනතාව සමඟ අන්‍යෝන්‍ය සබඳතාවක් තබා ගනිමින් ජනතාවගේ කැමැත්තෙන් සිදු කල යුතුය. නිදහස් උත්සවයේ ඔපෙරා ගැයීම ජනතාවට එතරම් බලපෑමක් කල හැකි යමක් නොවේ නමුත් ජන මාධ්‍යයක බලපත්‍ර තහනම් කිරීමට අගමැතිවරයා කරන තර්ජනය බරපතල බලපෑමකි. එය ජනතාව ඉල්ලන දෙයක්ද? දෙරණ වසා දමන්නැයි ජනතාව ඉල්ලා සිටින්නේ නැත්නම් අගමැතිවරයාගේ තර්ජනය ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමකි. ජනමාධ්‍ය සඳහාවූ විද්‍යුත් අවකාශයේ අයිතිය ඇත්තේ ජනතාවටය රජය එහි භාරකාරයා පමණි.
↧
අපි දෙන්නා පහනයි දැල්ලයි...
අපි දෙන්නා පහනයි දැල්ලයි වාගේඑක්වී ඉන්නේ සැමදා ආදරයෙන්නේප්‍රිය සොදුරිය ඔබමයි හැමදා මාගේසෙනෙහස පමණයි හැමදා දිදුලන්නේඔබගේ සිහිනය සැමදා මාගේ වෙන්නේඔබගේ සිහිනයේ මා ජිවත් වී... ඉන්නේසිහිනය ඉටුවන දිනයට අපි ලං වෙන්නේසිහිනය ඉටුකරගන්නයි අප වෙහෙසෙන්නේබාධක දහසක් ආදර මාවත අහුරන්නේබාධක මැඩගෙන අප ඒ මාවත යන්නේසෙනෙහස දින දින අලුතින් දළුලන්නේදිවිය පුරාවට ආදරයයි අපි
↧
පියවර හතරයි යුද්දේ ඉවරයි…………! Four Phases of War
මොනවා…..? පියවර හතරක් තියලා යුද්ධයක් ඉවර කරන්න පුලුවන්ද? පුළුවන් නිසා නේන්නම් මෙහෙම මාතෘකාවක් දැම්මේ. ඒ කියන්නේ යුදබිමේ පියවර හතරක් තිබ්බම යුද්දේ ඉවරයි? ඔව් ආයේ දෙකක් නෑ යුද්දේ ඉවරයි. මේ….නිකං පිස්සු කියවන්නෙපා. කිසිම පිස්සුවක් නෑ. ඕනෙම යුද්ධයක් අවසන් වෙන්නේ පියවර හතරකින්, හැබැයි ඒ පියවර හතර කියන්නේ, ඇවිදගෙන යන පියවර හතරක් නෙවෙයි. අවස්ථා හතරක්, කාල ඡේද
↧
පියවර හතරයි යුද්දේ ඉවරයි.................................! Four Phases of War
මොනවා.....? පියවර හතරක් තියලා යුද්ධයක් ඉවර කරන්න පුලුවන්ද?පුළුවන් නිසා නේන්නම් මෙහෙම මාතෘකාවක් දැම්මේ.ඒ කියන්නේ යුදබිමේ පියවර හතරක් තිබ්බම යුද්දේ ඉවරයි?ඔව් ආයේ දෙකක් නෑ යුද්දේ ඉවරයි.මේ....නිකං පිස්සු කියවන්නෙපා.කිසිම පිස්සුවක් නෑ. ඕනෙම යුද්ධයක් අවසන් වෙන්නේ පියවර හතරකින්, හැබැයි ඒ පියවර හතර කියන්නේ, ඇවිදගෙන යන පියවර හතරක් නෙවෙයි. අවස්ථා හතරක්, කාල ඡේද හතරක්, සැලසුම් සහගත ක්‍රියාන්විත පියවර හතරක්.........දැන් තේරුනාද?හොඳයි, මේ කෙටි ලිපියෙන් මා ඔබව දැනුවත් කරන්නේ, සාම්ප්‍රදායික යුද ක්‍රම යටතේ, යුද්ධයක් සිදුවන්නේ කොහොමද කියන එකයි. සාම්ප්‍රදායික යුද්ධයක් කියන්නේ මොකක්ද කියලා මීට පෙර මා ඔබට කියා තිබුනත්, දැන් නැවත මතක් කිරීමක් කරන්නම්. සාම්ප්‍රදයික යුද්ධයක් යනු, ලෝකයේ පිළිගත් රාජ්‍යයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර, සම්මත යුද උපකරණ යොදාගනිමින්, සතුරු හමුදා සිටින තැන හඳුනාගනිමින්, හමුදා එකිනෙක මුහුණට මුහුණ ලා, ගොඩබිමෙන්, අහසෙන් සහ මුහුදෙන් භට පිරිස්, ගුවන් යානා, නෞකා යොදාගනිමින්, කරන යුද්ධයයි. මෙහිදීසමූල ඝාතක අවිපාවිච්චි කරන්නේ නැහැ. අද කාලයේදී නම්, සාම්ප්‍රදායික යුද උපක්‍රම භාවිත කරමින් සටන් කරන යුද්ධ, දකින්නට නැති තරම්. මා දන්නා තරමින්, අවසන් වරට, සාම්ප්‍රදායික යුද ක්‍රම භාවිතා කළේ,ෆෝල්ක්ලන්ත යුද්ධයෙදීයි. ඊට පෙර,1965 ඉන්දු - පාකිස්ථාන් යුද්ධයේදී. හොඳයි, කොහොමද දැන් පියවර හතරකින් මේ යුද්ධය සිදුවෙන්නේ. සයිමන් අයියයි මාටින් අයියයි, හොඳම යාළුවො දෙන්නා වුණාට, පාරේ යනකොට හිනාවෙන ගෑනු ළමයට දෙන්නම වහ වැටිලා, අන්තිමට පාර මැද්දේ ගහගන්නවා. ඔය වැඩේ එකපාර වෙන්නේ නැහැ. ඉස්සර වෙලාම මේ අයියලා දෙන්නා, අර ගෑණු ළමයා තමන්ට අයිති කරගැනීමේ චේතනාව නිසා, එකිනෙකා සමග අමනාප වෙනවා, ඊළඟට දෙන්නගෙම යාලුවන්ට කියනවා, අනික් එක්කෙනාගේ වැරදි. පාරේදී හම්බවුනාම, ගස්සලා අහක බලාගෙන යනවා. හැන්දෑවට දෙකක් දාලා, පොඩ්ඩක් තර්ජනාත්මක කයිවාරු ගහනවා. -මම ඕකගේ කොළ බොක්ක එලියට අදිනවා කියලා- පිහියක් එහෙම ඉනේ ගහගෙන ඉන්නවා. ඔන්න දෙන්නා හෝ, දෙන්නගෙන් එක්කෙනෙක්, එක දවසක කියනවා, -මම අද ඕකව බාවනවා- කියලා. දෙන්නා යනවා දෙන්නව මුණගැහෙන්ඩ, දෙකෙන් එකක් බේරගන්ඩ. සටන ඇවිලෙනවා. දෙන්න සටන් කරමින් අර ගෑනු ළමයාගේ ගෙදරට ලංවෙනවා. එක්කෙනෙක් අනික් එක්කෙනාට හොඳටම ගහලා ගානුලමයව තමන්ගේ ගෙදර අරන් යනවා. අනික් එක්කෙනා අතාරින්නෙ නැහැ. දවස් කීපයකට පස්සේ ආපහු සටනට එනවා. ඔන්න ඔයවගේ තමයි මේ යුද්දෙත්. අපි දන්නවා ලෝකයේ සෑම රටකම තිබෙන ත්‍රිවිධ හමුදා, නිරන්තර පුහුණු කටයුතුවල යෙදෙනවා. මොනවා........? අපේ රටෙත් එහෙමද? ඇයි අපේ රට මේ ලෝකෙට අයිති නැද්ද? අපිත් ඉතා හොඳින් පුහුණු කටයුතු කරගෙන යනවා හොඳේ? ඉතින් මෙවැනි පුහුණුවකින් සහ සූදානමකින් සිටින හමුදා, එළියට බහින්නේ, එම හමුදා අයත් රාජ්‍යයන්, කුමක් හෝ අර්බුදයක පැටලීමේ හේතුවෙන්. අර අයියලා දෙන්නා වගේ යම්කිසි රටවල් දෙකක් එකිනෙකාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළොත්, ඒ රටවල්, පසමිතුරු රටවල් ලෙස සැළකෙනවා. ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමේ ලේඛනයට අත්සන් තැබීම (යුද්ධ ප්‍රකාශ කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. මෙහෙමයි කරන්නේ. අපි හිතමු අපේ රට යම්කිසි රටක් සමග යුද්ධ කරන්න යනවා කියලා. එතැනදී, අපේ රාජ්‍යයේ නායකයා විසින්, මුලින්ම විද්‍යුත් මාධ්‍ය මගින්, රටේ මහජනතාවට සහ ලෝකයට දන්වනවා, අහවල් දිනයේ අහවල් වෙලාවේ සිට, මා විසින් අහවල් රටට/රටවලට එරෙහිව යුද්ධමය තත්වයක් ප්‍රකාශ කරමි, කියලා. ඊට පස්සේ ඒ කරුණු සවිස්තරව දක්වන ලේඛනයකට අත්සන් තියනවා. එතැන් සිට, ඒ රටවල් දෙක,, එකිනෙකාට එදිරිවාදී රටවල් ලෙස සැලකෙන අතර, තම අභිමතය පරිදි, යුද්ධයට එළඹෙනවා) හොඳයි දැන් එහෙනම් අපි යමු, මෙවැනි සාම්ප්‍රදායික යුද්ධයක් සිදුවන පියවර හතර හඳුනාගන්නට.1පෙරමුණට ගමන් ගැනීම - Advance මෙතනදී සිදුවන්නේ, සතුරු හමුදා, එකිනෙකා මුහුණට මුහුණ ලා සටන් කිරීමේ දුරට එනතුරු, යුදබිමේ ඉදිරියට ගමන් කිරීමයි. මෙහිදී භූමිය අයිති කාටද යන්න ප්‍රශ්නයක් නොවේ. සටන ඇරඹීමයි වැදගත් වෙන්නේ. හිතන්න එපා අර අයියලා දෙන්නා වගේ, -අඩෝ වරෙන් පුලුවන්නම් ඩෝ- කියලා කෑගහගෙන යන්නේ නැහැ. යන්න පුළුවන් උපරිම දුර වාහන වලින් (හැකිනම් සතුන් පිටේ) යනවා. එතන ඉඳලා පයින් යනවා. මෙහිදී විවිධ උපක්‍රම භාවිත කරමින් තමා ගමන් කරන්නේ. ඒ උපක්‍රම පසුව එන ලිපියකින් කියන්නම්. ඒ විදිහට යන ගමන, යුද න්‍යායේදී හඳුන්වන්නේ, -advance to contact - සතුරා සමග ගැටීම ඇතිවන තුරු ඉදිරියට යාම- කියලයි. මේ ගමන් ගැනීමේදී, අතරමග සටන් ඇවිලෙන අවස්ථා තියනවා. සතුරාගේ කණ්ඩායම්, බලාපොරොත්තු රහිතව, අතරමගදී මුණගැහෙන්න පුළුවන්. එතනදී කරන්න වෙන්නේ, ඔවුන් සමග සටන් කරමින්ම ඉදිරියට ගමන් කිරීමයි. (යන ඔක්කොම හමුදාව ඒ වැඩේට අවශ්‍ය නැහැනේ. කොටසයි සටන් කරන්නේ) මේ විදිහට, සටන් කරමින් ඉදිරියට ගමන් කිරීම, න්‍යායාත්මකව හඳුන්වන්නේ, -advance in contct - සටන් කරමින් ඉදිරියට යාම- කියලයි. ඔන්න පළමුවැනි පියවර ඉවරයි.2 ප්‍රහාරය - Attack ඔන්න මෙතනදී තමයි දෙකෙන් එකක් තීන්දු වෙන්නේ. ප්‍රහාරයේදී, තමන්ගේ උපරිම යුද ශක්තිය, සේනා බලය, උපක්‍රමික බව, යුද න්‍යාය යොදාගැනීම, වැනි සියලු අංශ වලින්, උපරිම දක්ෂතාවයෙන් යුක්තව සටන් කරන්න වෙනවා. ප්‍රහාරයක් එල්ල කිරීමේදී, ආදී කාලයේ වගේ මුහුණට මුහුණ ලා සටන් කරන්නේ නැහැනේ. දෙපක්ෂයේම යුද අගල් තියනවා, ඒවාට පහර දියයුතු වෙනවා. සතුරු කඳවුරු ආක්‍රමණය කරන්න වෙනවා, සතුරු හමුදා බලාපොරොත්තු නොවන පැත්තකින් වටකොට, පහර දීමට සිදුවෙනවා. කාලතුවක්කු, යුද ටැංකි, ගුවන් ප්‍රහාර, ඉතා කල්පනාකාරීව නියමිත අවස්ථාවේදී යොදාගන්න සිදුවෙනවා. භටපිරිස් යෙදවීම අරපිරිමැස්මෙන් කළයුතු වෙනවා. (මේවා ගැන පසුව ලියන්නම්)3 ආරක්‍ෂා සංවිධානය - Defence දැන් සටන ඉවරයි. එක පාර්ශවයක් දිනනවා, එක පාර්ශවයක් පරදිනවා. සමහරවිට මේ පැරදීම, උපක්‍රමික පසුබැසීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ, සතුරා තවත් ඉදිරියට ගෙන්වාගෙන පහර දෙන්න යොදන, උපක්‍රමයක්. ඒ කොහොම වෙතත්, මේ අවස්ථාවේදී සිදුවන්නේ මෙයයි. තමන් යුද බිමේ ඉදිරියට ගොස්, සටන්කර අල්ලාගත් ප්‍රදේශය හෝ, පසුබැස රැඳී සිටින ප්‍රදේශය ආරක්‍ෂා කරගැනීමට, උපක්‍රමශීලීව කටයුතු කළයුතුයි. මෙවැනි ප්‍රදේශයක් ආරක්ෂා කරගැනීම සඳහා, සම්මත මූලධර්ම තිබෙනවා. (පසුව ලියන්නම්) ඒ මූලධර්ම භාවිතා කරමින්, දැනට රැඳී සිටින ප්‍රදේශයෙන් පසුබැසීමට සිදු නොවන පරිදි ආරක්‍ෂා කරගැනීම තමයි, මේ පියවරේදී සිදුවන්නේ.4 ප්‍රතිසංවිධානය හෝ ආපසු ගමන - Reorganise or Withdrawal ආරක්‍ෂා සංවිධානය නමැති පියවරේ ඉන්න ගමන්, කළයුතු වැදගත්ම වැඩේ තමයි, ප්‍රතිසංවිධානය. ඒ කියන්නේ, ඊළඟ සටනට සූදානම් වීම. මෙතැනදී වැඩ ගොඩක් තියනවා. පළමුවෙන්ම පිරිස් බලය ප්‍රතිසංවිධානය කරගත යුතුයි. දෙවනුව සෑම ආකාරයකම යුද්ධෝපකරණ වල අඩුපාඩු, ප්‍රතිපූරණය කරගත යුතුයි. ආහාර, ප්‍රවාහන, සංනිවේදන, වෛද්‍යාධාර, ආදී අනෙකුත් සියලු අංශ ප්‍රතිසංවිධානය කරගත යුතුයි. අපි අත්පත් කරගත් ප්‍රදේශයේ, කාලයක් රැඳී සිටින්නේනම්, මේ ප්‍රතිසංවිධාන කටයුතු වලට, දිනපතා පුහුණුවද ඇතුළත් වෙනවා. අපි එම ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට යන්නේ නම්, ඊට පෙර ප්‍රතිසංවිධානය නිමකර තිබිය යුතුයි. ඒ කිසිවක් නොකොට, ආපසු අපේ රටට/කඳවුරට/ එනවා නම්, ආපසු පැමිණීමේදී, සතුරු ප්‍රහාරයන්ට ලක්වීමේ අවදානමට මුහුණ දීම සඳහා, සූදානමින් යුක්තව, උපක්‍රමිකව, ආපසු පැමිණිය යුතුයි. ඔන්න ඔබ තවත් හමුදා පාඩමක් ඉගෙන ගත්තා. මා හිතන්නේ, මේ අඩවිය ආරම්භ කල දා සිට, මා ඔබට කියාදී ඇති මෙවැනි කරුණු, හොඳින් අධ්‍යයනය කළොත්, ඔබගේ හමුදා දැනුම ඉතා පුළුල් වන බවයි. තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු.2016 පෙබරවාරි මස 15 වැනි දින 2326
↧
↧
මන්නාරම් මුතු වෙරළේ ශාන්තිනී
ඒ දෙදාස් දහතුන අවුරුද්ද...මන්නාරම නගරයේ ඉඳන් තලේමන්නාරම පැත්තට යන වාහනයක ඉදිරිපස අසුනේ ඉඳන් මම දෑස් දල්වා බලාගෙන ඉන්නවා...ඇස් කෙවෙණි රිඳුම් දෙනවා තමයි...අව්වේ සැරට.වටේටම තියෙන්නේ කටු පඳුරු සහිත කැලෑ රොදවල්.....ලංකාවේ මන්නාරම සහ හම්බන්තොට කියන්නේ දේශගුණික ශුෂ්ක කලාපීය ලක්ෂණ දරණ ප්‍රදේශ...අඩි කෝදුවක් තියල ඇඳලා වගේ තනි කෙලින් පාර.....වාහනයත් වේගයෙන් ධාවනය වෙනවා.....වාහනයේ වායු සමීකරණයෙන් එන සිහිල් වායු ධාරා වලට මගේ ගතට වෙලෙන්නට ඉඩ නොදී කවුළුවේ වීදුරුව හරහා එන චණ්ඩ හිරු රැස් මගේ ගත උණුසුම් කරනවා.....හරියට මේ වීදුරුවෙන් එහා ඉන්න මිනිස්සු විඳින දුක් මට කියන්න වගේ.....ජන ශූන්‍ය පෙදෙස් පහුකරලා ඔන්න ගෙවල් එක දෙක තියන පෙදෙසක්... තවත් ටිකකින් ජනාකීර්ණ පෙදෙසක්.....මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගහපු තඩිම තඩි බෝඩ් එකක් පහුවුනා......පේසාලෙයි.......මම වටපිට බැලුව...ඔව් මේ තියෙන්නේ පේසාලේ හන්දිය......සුප්‍රසිද්ධ පේසාලේ හන්දිය...මම ටිකක් ඉස්සරහටත් නැමිලා විපරම් කරමින් යනවා.....මොකටද.....අර රශ්මි සංගීතා කියන කණේරු මල්ගහ පාමුළ වැටිච්ච ඔහුගේ මළකඳ හොයන්නද....නැහැ...මම හොයන්නේ මයිල්වාහනම් කඩේ.......ඒ මොකටද......ඒ කතාව කියන්න මට යන්න සිද්ධවෙනවා හැත්තෑව දශකයේ මුලට.....ගාල්ලේ ප්‍රසිද්ධ ප්‍රිමි පාසලකින් උසස්පෙළ ලියපු තරුණයෙක් හිටිය...විද්‍යා විෂය ධාරාවෙන්...ඔහුට අපි විජේසිංහ කියල කියමු... විජේසිංහ උසස්පෙළ ලියල ප්‍රැක්ටිකල් කෝල් කරනකම් හිටියේ... ප්‍රැක්ටිකල් තියෙන්නේ තියරි පේපර්ස් තියල මාස කීපයකට පස්සේ.... මේ කාලේ විජේසිංහ තරුණයා යනවා මන්නාරමට...ඔහුගේ නෑදෑයෝ කට්ටියක් ඉන්නවා එහේ ......ඉතින් මේ තරුණයා මන්නාරමේ නතර වෙලා එහෙ මෙහෙ ඇවිදින්න යනවා... නුහුරු නුපුරුදු පලාතක්නේ බලන්න දේවල් බොහොමයි....කම්මැලි කම යවාගන්නත් එක්ක ඉංග්‍රීසි පන්තියකටත් ගියා....ඉතින් මන්නාරමේදී දෙමළ පවුල් කීපයක් ලඟින් ඇසුරු කරන්නත් ලැබෙනවා ඔහුට.....මේ පවුලක හිටියා ශාන්තිනී කියලා පහළොස් දැරිවියක්.....ඇය ඉගෙනගත්තේ මන්නාරම කොන්වන්ට් එකේ.... ඉස්කෝලේ ඇරෙන වෙලාවට විජේසිංහ තරුණයා එනවා ශාන්තිනි එන පාර දිගේ....ඉංග්‍රීසි පන්තියත් කට් කරලා.... ශාන්තිනි මූණට හම්බ උනාම හොඳට කටපුරා හිනා වෙනවා... විජේසිංහට දෙමළ බෑ ...... ශාන්තිනීට සිංහල බෑ .කොච්චර අහිංසකද නේද......ශාන්තිනිලගේ ගෙදර තිබුනේ පේසාලෙයි හන්දියේ මයිවාහනම් කියන කඩේ පිටිපස්සේ...විජේසිංහ තරුණයා හවසට මේ දමිළ ගෙවල් වලට ගියාම වැඩිපුරම හම්බ වෙන්නේ කිරි කොපි, ඇයි දෙළුම් එහෙමත් හම්බ වෙනවා.... හොඳම දෙළුම් හැදෙන්නේ මන්නාරමේනේ ......ඔහොම ටික කලක් යනකොට විජේසිංහට ප්‍රැක්ටිකල් කෝල් කරනවා...දැන් ඉතින් ආපහු ගාල්ලට එන්න ඕන.... එන්න කලින් ඔහුගේ ඥාතියාගේ ගෙදරට අර හිත මිතුරු දෙමළ පවුල් වලට ආරාධනා කරනවා රෑ කෑමකට....ඔන්න ඔතනදි විජේසිංහ තරුණයා පිරිස මැදට ගිහින් සිංහලෙන් කියනවා " මම හෙට ආපහු ගාලු යනවා.... ආපහු මන්නාරම් එන්න ලැබෙන එකක් නෑ " .කියල....අනේ අර සිංහල අකුරක්වත් නොදන්නා ශාන්තිනී ඉකි ගසමින් අඩනවා..... ඔහු හිත තද කරන් ගාලු ඇවිත්...උසස්පෙළ සමත් වෙලා විද්‍යා ගණිත ගුරුවරයෙක් වෙනවා.....කාලය හෙමින් ගලාගෙන යනවා......ඔන්න නමසිය අසු තුනේ ජුලි.....කළු ජුලිය.....මිණී මැරුම්, කොල්ලකෑම් වගේ මනුස්සයෙකු දකින්න නොපතන දේවල් දකින්න සිද්දවෙනවා..... මේ අතර විජේසිංහට මතක් වෙනවා ඇය ...... ශාන්තිනි.....අනේ ශාන්තිනිට මොනවා වෙලා ඇත්ද...ඔහුගේ සංවේදී සිත වැලපෙනවා.......ඔහු අකුරු කරනවා මෙහෙම.....ඒ අකුරු වලට සංගීතය එක්කරනවා විශාරද ගුණදාස කපුගේ.....හඬ මුසු කරනවා කරුණාරත්න දිවුල්ගනේ......මම අර විජේසිංහ තරුණයාගේ සම්පූර්ණ නම කියන්නද....ඔහු තමයි රත්න ශ්‍රී විජේසිංහ.....ඔබ අහල ඇති මේ කතාව.....මීට පෙර.....ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං //කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්...සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්නමහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්නතිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්නමහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්නශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්... මේ ගැන රත්න ශ්‍රී කරන විග්‍රහයක් තියනවා පහලින්.....මේ කතාව මෙතනින් ඉවරද......හැත්තෑව දශකයේ මුල් කාලේ විජේසිංහ තරුණයා යුද්දයක් ගැන හීනෙකින්වත් නොදැන උන්න තමයි....නමුත් ඊට පස්සේ වෙච්චි දේවල් සලකද්දී යුද්දය කවරදාවත්ම ඉවර නොවේයැයි ඔහු සිතන්නට ඇති...ඔහු මැදි වයසේදී අත්දැකපු දේවල් එක්ක.....යුද්දයේ අතුරුපල දකිද්දී....ඒත් තිස් වසරකට පස්සේ....විජේසිංහ තරුණයාට වයස අවුරුදු හැට ලංවෙද්දි ඔහු දකිනවා යුද්දය ඉවර වෙනවා.......හ්ම්....ශාන්තිනිට මොනවා වෙන්න ඇත්ද....ජීවත් වෙනවද මැරිලද දන්නෙත් නැහැ......ඔහුගේ පන්හිඳෙන් මෙහෙම ලියවෙනවා.....අවුරුදු තිහකට විතර ඉස්සර පාන් පැලේ දුම් වැදිලා හඬපු හඳ මඩලමයි තවමත්..අහසේ අවුරුදු තිහක හැඬුම් එක්ක ගලපු කඳුළු මන්නාරම් වෙරළේ...මුතු පලසක් වගේ...අපට පුළුවන් වෙයිද ඒ කඳුළු නොපාගා හඳ මඩලට යන්න.....එතකොට ශාන්තිනි කියනවා පාන්තරුව නෙලා නළලේ පලන්දවන්නලු...එතකොට තනියම හිනැහෙන්න පුළුවන්ලු...කරන්න පුළුවන් වැඩද මේවා...ඇරත් දැන් ඔවුන් ඉස්කෝලේ යන ගැටව් නොවෙනකොට........මුරුගසන් වැස්ස කියන්නේ මේ මහා බද්‍ර කල්පයේදී වහින වැස්ස...එකේදී අහසින් වැටෙන්නේ අවි ආයුද ...... ඉතින් මුරුගසන් වැස්සට තෙමිලා වගේ කරපු යුද්දය දැන් ඉවරවෙලා...දුක්ගින්දරත් නිවිලා.....පේසාලෙයි හන්දිය තවමත් එහෙමමයි....එත්..කනේරු මල්ගහ පාමුල මල මිණී නැහැ...සුවඳට පිච්ච මලක් පිපිලා.....ඒ මල ශාන්තිනීගේ තනි කරලට ගෙතුව කොන්ඩේ ගහන්න හිතයි...ඒත් .....වෙච්ච දේවල් වෙලා ඉවරයි...දැන් ඉතින් ඉහිරුන කිරට අඬල මොකටද.....හැමදේම ඉවරයි...හිනාවෙන්න පුලුවන්ද ඔබට මාත් එක්ක....මන්නාරම් කච්චේරියේ මිදුලේ සෙල් ලිපියත් බිඳිලා ගිහින්....ඉතිහාසේ විතරක් නෙමේ අපේ අහිංසක ස්නේහයේ ඉතිහාසයත් මකල......අවුරුදු තිහක් තිස්සේ සිංහල දෙමළ හැමෝටම නැතිවුන දේවල්...ආදරය හොයලදෙන්න මට බෑ තමයි...ඇස් වලට කඳුළු පිරෙනවා.....ඒත් ...ශාන්තිනී හිනාවෙනවද....එක පාරක්........මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්නශාන්තිනී අපට හැකිද හඳ මඬලට යන්නපාන්තරුව නෙළා මගේ නළලත සරසන්නකාන්සියට මට පුළුවනි තනියම හිනැහෙන්නතනියම හිනැහෙන්නමුරුගසන් වැස්ස නැවතී දුක් ගින්දර නිවිලාපේසාලෙයි හන්දිය ළඟ පිච්ච මලක් පිපිලාපිච්ච මලක් පිපිලාඉහිරුණු කිරි දෙන්නට බැරි මට වරදක් නොකියාඔබට හැකිද හිනාවෙන්න මගේ දිහා නොබලාමගේ දිහා නොබලාකච්චේරිය වැලි මිදුලේ සෙල් ලිපියත් බිඳිලාබොඳවී ගිය ඉතිහාසේ පෙම් කවි පද මැකිලාපෙම් කවි පද මැකිලානැතිවුණු දේ සොයාදෙන්න මට බැරි බව හිතලාශාන්තිනී හිනැහෙනවද මගේ කදුළු පිසදාමගෙත් කඳුළු පිසදාමන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්නශාන්තිනී අපට හැකිද හඳ මඬලට යන්නපාන්තරුව නෙළා මගේ නළලත සරසන්නකාන්සියට මට පුළුවනි තනියම හිනැහෙන්නතනියම හිනැහෙන්නමැදිවියත් පැනපු විජේසිංහ නම් හැත්තෑව දශකයේ තරුණයා එහෙම නැත්නම් රත්න ශ්‍රී විජේසිංහ මේ පද පෙළ දෙනවා විසි එක්වැනි සියවසේ තරුණයෙකුට දර්ශන රුවන් දිසානායකට තනුව හදන්න....ගයන්න ඇරයුම තවත් වියපත් තරුණයෙකුට...අමරසිරි පීරිස්ට ....ශාන්තිනීගේ හඬ මවන්නේ නිරෝෂා විරාජිනී....මම කොච්චර උනන්දුවෙන් හෙව්වත් මට මයිල්වාහනම් කඩේ හොයාගන්න බැරි උනා...ශාන්තිනි හොයාගන්නත් බැරි උනා...සමහර විට ඇය දැන් දරු මුණුපුරු පරපුරක් මිත්තණියක් ව ජීවිත කතරේ කේඩෑරි වී ඇති.....සමහරක් විට මෙලොව හැරගිහින් වෙන්නත් පුළුවන්.....මම තව ටිකක් තදකරල ඇස්දෙක
↧
අන්තර් රාජ්‍ය සේවා ක්‍රීඩා තරගාවලිය 2016
බළන්ගොඩ නගර සභාවේ සංවිධාන ශක්තියෙන් අන්තර් රාජ්‍ය සේවා ක්‍රීඩා තරගාවලිය 2016 මෙවරත් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. 2016-02-13 හා 14 දෙදින බළන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයෙදී පැවැති මෙම උත්සවය සදහා ප්‍රදේශයේ සියඵම රාජ්‍ය ආයතන සහභාගි විය.
ශුරතාවය
වොලිබෝල් කාන්තා :- පාසල් කණ්ඩායම
වොලිබෝල් පිරිමි :- කලාප අධ්‍යාපන කාර්යාලය
ක්‍රිකට් :- බළන්ගොඩ නගර සභාව
අනුශුරතාවය
වොලිබෝල් කාන්තා :- වැලිගෙපොල ප්‍රාදේශීය සභාව
වොලිබෝල් පිරිමි :- නගර සභාව
ක්‍රිකට් :- පාසල් කණ්ඩායම් 1
වොලිබෝල් කාන්තා
දක්ෂතම ආවරණය කරන්නිය :- සුරේකා (පාසල් කණ්ඩායම)
දක්ෂතම පන්දු ලබාගන්නීය :- මාලා හේමමාලි (වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)
දක්ෂතම පන්දු ඔසවන්නිය :- නිරෝෂා (පාසල් කණ්ඩායම්)
දක්ෂතම පන්දු පිරිනමන්නිය :- චිත්‍රා කුමාරි (පාසල් කණ්ඩායම්)
දක්ෂතම ප්‍රහාරිකාව :- සාගරිකා (පාසල් කණ්ඩායම්)
දක්ෂතම ක්‍රිඩිකාව :- ඉනෝකා (වැලිගෙෙපාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)
වොලිබෝල් පිරිමි
දක්ෂතම ආවරණය කරන්නා :- ප්‍රභාත් ජොතිරත්න (කලාප කාර්යාලය)
දක්ෂතම පන්දු ලබාගන්නා :- සුපුන් ශිරන්ත (කලාප කාර්යාලය)
දක්ෂතම පන්දු ඔසවන්නා :- චමින්ද ජගත් (කලාප කාර්යාලය)
දක්ෂතම පිරිනමන්නා :- රංජිත් සමරසිංහ (නගර සභාව)
දක්ෂතම ප්‍රහාරකයා :- චමින්ද තුසිත කුමාර (කලාප කාර්යාලය)
ක්‍රිකට්
හොදම පන්දු රකින්නා :- රොනී රොක්ෂාන් (නගර සභාව)
හොදම පන්දු යවන්නා :- අමිල ප්‍රසාද් (නගර සභාව)
හොදම පිතිකරු :- ප්‍රදීප් (පාසල් කණ්ඩායම් 1)
තරගයේ වීරයා :- රනිල් චන්දන (නගර සභාව)
තරගාවලියේ වීරයා :- රංග පෙරේරා (නගර සභාව)
↧
දකුණු ආසියාතික ක්‍රීඩා ඉතිහාසය හා වත්මන් ජයග්‍රහණ...
වත්මන් දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල තුළ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට.. අපි සමත් වීමු.. ඒ තුන්වැනි ස්ථානය සමඟ හොඳ පරතරයක් ද තබා ගනිමිනි. මේ අප රන් පදක්කම් අතර දෙවැනි තැන ගත්.. පළමු අවස්ථාව නොවේ.. කත්මන්ඩු නුවර පැවති පළමු තරඟාවලියේදී ද අප ලබාගත්තේ දෙවැනි ස්ථානයයි.. 91 ශ්‍රී ලංකාවේදී සහ 2005 ඉන්දියාවේදී ද අප එම ස්ථානය රැක ගත්තෙමු.. සමස්ථ රන් පදක්කම් අතර වැඩිම ප්‍රතිශතයක් හිමිව ඇත්තේ 91 ශ්‍රීලංකාවේ පැවති තරඟාවලියේ දී ය.ඒ අතින් බලන කල.. මෙවර අමුතු දියුණුවක් නෑ වගේ ය.. එහෙත්.. පිටරටක දී (1993 බංගලිදේශයේදී රන් පදක්කම් 115 න් 20 ක් ලබා තෙවැනි තැන ලැබූ අවස්ථාව හැරුණු විට) .. විශේෂයෙන් ඉන්දියාව තුළ.. සාෆ් තරඟාවලියකදී.. අප ලබාගත් හොඳම ප්‍රතිඵලය මෙය වන්නේය..
කෙසේ වෙතත් වසර විසි පහකට පමණ පසුව.. අප ක්‍රීඩාවේ ඉදිරිගමනකට පය තබා ඇති බැවු පැහැදිලිය.. මෙය වටිනා තරඟාවලියක් වන්නේ එලෙසය.. උදම් වීමට දෙයක් නැත.. මේ ගැම්ම ඉදිරියටත් රැකගෙන ඉදිරියට යෑම විනා පම්පෝරි ගසමින් සිටීමෙන් නම් පලක් නොවනු ඇත..
ලෝකය වෙනස් කළ හැක.. ඒ සඳහා අප වෙනස් විය යුතුමය..ජයග්‍රාහී.. කණ්ඩායමට අපගේ සුබ පැතුම්..!
හද පතුලින් ලියූ ලිපි කියෙවුවාට
↧