කොඩිය දුවහන්, උඹට දුවන්න පුලුවන් හුxx.. දුවහන්...උන් එහෙම කිව්වට මගේ කකුල් ගල් වෙලා, පපුව නැවතිල, හුස්මත් හිර හිරවෙලා..කල්දෙමුල්ලෙ බෝ ගහ ගාව ඉඳල අඟුලාන පාරට, ඒතනින් ගාළු පාරෙ අඟුලාන හන්දියට, එතනින් ගොළුමඩම හන්දියට, අයිත් ගාළු පාර දිගේ කල්දෙමුල්ලෙ බෝ ගහ ගාවට.වටේකට කිලෝමීටර් හතරක් විතර. වට හයට කිලෝ මීටර් විසි හතරක්.උඹට දුවතෑකිද?අමිලය එහෙම ඇහුවෙ දුක දවටපු වචන වලින්. මොකද ඌ තමයි මා එක්ක සහයට පිට්ටනිය වටේ දුවල දුර දුවන්න ස්පෝට් මීට් එකට ප්‍රැක්ටිස් කරේ. ඒත් උගෙ ඇඩ්රස් එක ගල්කිස්සෙ නිසා කල්දෙමුල්ලෙ ගම හරහ රේස් එකට දුවන්න බෑ.කල්දෙමුල්ලෙ රේස් කප්පිත්ත අනිල් අය්ය. මිනිහ කොළඹ දිස්ත්රික්කෙන්ම පළවෙනිය, ඕල් අයිලන්ඩ් දුවන පොරක්. ඒ නිසා පළවෙනි තැනට තරඟ කරන්න දෙයක් නෑ. මගේ ටාගට් එක මුල් පහට එන්න.ඉස්කෝලෙ 1500 දිව්වට මේක තමයි පළවෙනි මැරතන් එක.මැරතන් දුවන්නත් තිබ්බෙ ඉස්කෝලෙ දාන කික්ස් සපත්තු දෙකම තමා.කලු ෂෝටයි, කලු ස්කිනියයි ගහල, කටු බොඩියට ලොකු සපත්තු දාල ගත්තම අර පීක් පීක් ගාල දුවන කාටුන් කුරුල්ල වාගේ. මo ගැන මටම හිතුන.මට දුර දුවාගන්න ටිකක් පුළුවන් කියල දැනන් උන්නෙ මායි අමිලයයි විතරයි. ඒ නිසා රුපියල් පහක් ගෙවල ඇප්ලිකේෂන් එක පුරෝල දෙනකොට අවුරුදු උත්සවේ සoවිධායක අය්යල ඒක මගෙන් ගත්තෙ "රුපියල් පහට තැන්කිව්" කියන්න වගේ.තරඟෙ දාට කලින් දා මම කලිම්ම නිදියෑව.අම්ම අර ගිලෙන්නැති රතු හාල් එක්ක සැමන් ටින් එකක් කඩල, තක්කලි සම්බලකුයි පරිප්පුයි හදල තිබ්බ රෑට කන්න.අවුරුදු කිට්ටුව අපේ ගෙවල්වල කෑම බීම හරිම පරෙස්සම්. මොකද තෑගි ගන්න, කැවුම් කොකිස් වලට එහෙම ගියාම, කන්න බොන්න අම්මට ඉතුරුවෙන්නෙ හරිම පොඩි ගානයි, ඒකයි.උදේම කෙසෙල් ගෙඩි තුන හත්රක් එක්ක පාන් පෙති දෙකක් ගිලල මායි මල්ලිල දෙන්නයි පිටත් උනා.හතට තරඟෙ, පෝළිම් ගස්සන්නෙ හයයි හතලිස් පහට.මගේ සෙට් එකට, මල්ලිල දෙන්නයි, අමිලයයි, අපී තුවෙනි පටුමගේ කොල්ලො සෙට් එකමයි ඉන්නව.අනික් උන්ට සපෝට් එකට මෝටර් බයික්, පුෂ් බයික් එමට තියෙද්දි අපේ සෙට් එකටම තිබ්බෙ බයිසිකල් දෙකයි.කල්දෙමුල්ල පාර මැදින් ලනුව ඇදල, සුදු ඉර ගහල, කට්ටිය පේලියට හිටවල.කෙල්ලො, කොල්ලො පාර දෙපැත්තෙ ඉඳන් ඇස් බොලේ කරගෙන, පාරට එබීගෙන බලනව ලනුව පෙරලගෙන දුවන උන්ව බලන්න.චීස් බෝල වගේ ඉන්න සමහර කොල්ලොන්ට උන්ගෙ අම්මල, තාත්තල පටන් ගන්නත් කලිම්ම ග්ලූකෝස් දීල. උන්ගෙ නාස් යටින් කට වටේට සුදු රවුම, හරියට අමිතාබච්චන්ගෙ රැවුල වගේ.අනික් උන්ගෙ අම්මල ග්ලූකෝස් කවන්න මෙතන පොරකත්දි අපේ අම්ම ලිප ගාව කුඩු වලට පිඹිනව ඇති දවල් බත උයාගන්න.අනික් උන්ගෙ තාත්තල යාලුවො එක්ක මෝටසයිකල් වල නැගල පස්සෙන් එන්න සැර දාත්ත්දි අපේ තාත්ත යාපනේ, නිවාඩු නෑලු මේ අවුරුද්දෙ.ඒත් ඒ ඔක්කොම මැකෙන්න මට හිටිය එළ කොල්ලො ටිකක්. උන්ගෙ ගාව තිබ්බෙ වතුර පුරෝපු සිලි බෑග් ටිකයි, ගැම්ම පුරෝපු හිතුයි විතරයි.ඒ මදෑ...වෙළාව හතයි, කට්ටියම පේලියට...සමහරු මීටර් සීයට වගේ දෙකටත් නැමිල.ටකස්...අර ක්ලැප් එක සද්ද කලා...දග්..දග්.. ගගා තාර පාරෙ අඩිය ලෙලි ගිය සපත්තු දෙකත් දාගෙන මම බන්ච් එකේම ඉස්සරහට ඇද්ද.ඒත් ඒ වෙනකොටත් අනිලයි තව දෙතුන් දෙනෙකුයි බන්ච් එක කඩාගෙන ගිහින් ඉවරයි.පළවෙනි වටේ නිකන් ඊයෙ තෙල් දාල ගත්තු බයික්කෙ වගේ. ඇදල යනව, ගානක් නෑ.තුන්වෙනි වටේ වෙනකොට රෙසර් වලට වැලි ඇදල. දණ පොල්කටු කටකට ගානව. මගේ කලු සරීරෙයි කලු ස්කිනියයි එකම වගේ වෙලා, දාඩියටයි, වතුරටයි එකට ඇලිල.කලිසම පෙඟිල, ඉන වටේ දාල ගැටේ දාපු නූල නැත්තන් ඒක බරටම මග හැලිල. ඒත් මන් දුවනව...කොඩිය එල...ඔහොම යමන්..උඹට තව දෙන්නයි පාස් කරන්න ඕන දෙවනියට එන්න...අපේ උන් කෑ ගහනව. බයිසිකල් දෙකේ හය දෙනෙක්. උන්ගෙ වැඩේ මට අර ගිණිගන්න ගේකට වගේ මග දිගට තීන පයිප්ප වලින් පුරෝ පුරෝ වතුර ගහන එක.පස්වෙනි වටේ අග. මට තේරෙනව මගේ කකුල් කලව හරියෙන් කවුරු හරි තද කරල ගැට ගහනව වගේ. ඔළුව බර වැඩියි, තාර පාරෙ පතුල වදිත්දි ඔලුව ටික ටික පහලට බහින්ව බෙල්ල තලාගෙන.ඒත් මම දිව්ව.පහ ඉවරයි, හයට ආව..කකුල් මාරු වෙන්නෙ අර ගල්කිස්සෙ WADSCO එකේ වීදුරු පෙට්ටියක තිබ්බ බට්ටො දොන්නෙක් වැනෙන ඔරලෝසුවෙ වගේ.කකුල් දුවන්නෙ උන්ට වයින් තියල තියෙන නිසා. නැතුව ඉඟෙන් උඩ මට දුවන්න තියා හුස්ම ගන්නත් බෑ.යාන්තන් ගාලු පාරට ආව...කොඩිය තව ටිකයි...ඔහොම ඇදහන්..අර ඉස්සරහ යන එකාව පාස් කරානම් උඹ තුන.උන්ගෙ සද්දෙ නිකන් මට ඇහෙන්නෙ ජිප්සීලගෙ කුරුමිට්ටන්ගෙ සද්දෙ වගේ.මොකද කකුල් අත් විතරක් නෙමේ, කනුත් ලොක් වෙන්න අරගෙන.කිලෝ මීටර් විසි හයෙන් විසි දෙකක් විතරම ඉවරයි. ගමනෙ අග.මට ඉස්සරහින් තුන්වෙනියෙක් යනව කිව්වට මට පේන මගුලක් නෑ.එකම දේ පේන්නෙ මගෙ කකුල් අස්සෙන් පස්සට යන තාර පාර විතරයි..කල්දෙමුල්ල පාඅරෙ සීජීආර් පිට්ටනිය පහු උනා...අන්තිම මීටර් කිලෝමීටරේ.මට තුන්වෙනියව පෙනුන........... ඔව් මට ඌව පෙනුන.ඒත් ඌ දුවන්නෙ මට වඩා හය්යෙන්. මගේ ලොක් වෙච්චි කකුල්, හිරවෙච්චි අත්, බර වැඩි ඔළුව ඉඩ දුන්නෙ නෑ මට ඌ ගාවට යන්න.අපේ උන් වතුර ගැහුවට මගේ මුළු ඇඟේම පත්තුවෙන ගින්න, කටින් එලියට දාන දුම අඩුවෙන්නෙ නෑ.මට හති.. මට හොන්දටම අමාරියි. මට පේන්නෙ නෑ.. මාව තෙමිල, ඒත් මට තිබහයි, අමාරුයි...මම නැවතුනා... එක පාරටම නැවතුනා...අපේ උන්ගෙ නෙමෙයි මුළු ලෝකෙම දේවල් මට ඇහෙන්නෙ නැතුව ගියා...තව අඟලක්වත් යන්න හය්ය නැති මාව, බීල ඉවර වෙලා විසි කරපු හිස් බීම පැකට් එකක් වගේ පාවෙන්න ගත්ත.ඒ සේරම අතරෙ එක පාරටම...අනේ ලොකු පුතේ දුවහන්කො...සින්ඩරෙල්ලගෙ අම්ම දිවිය ලෝකෙ ඉඳන් ආව වගේ, කුඩු ලිපෙන් බත් එක බාල, නන්ගිවත් එක්කරගෙන අම්ම ඇවිත්.රෑ සැමන් එක්ක පරිප්පු හදල බත් දීල, උදේ කෝලි කුට්ටු දෙක තුනක් දීල රේස් එකට එව්ව කොල්ල දිනනව බලන්න අම්ම ඇවිත්..අපි දින්නත්, පැරදුනත්, බැනුන් ඇහුවත්, මොන දේ කලත් ඉවසපු, ඒ හැමදේම දරා ගත්තු අම්ම මම දිනනව බලන්න පලෙවනි පාරට ඇවිල්ල.මගේ ඇස් වලින් බේරිච්චි කඳුලු ඔලුවෙන් වැක්කෙරන වතුර එක්කම පහල ගලාගෙන ගියා.මම දුවනව... ඔව් මට පුලුවන්...එහෙම හිතුනෙ කොහොමද, ඇයිද කියන්න අදත් මම දන්නෙ නෑ.ඒත් නොපෙනෙන ගානට ගිය තුන්වෙනිය දිහා බලාගෙන ආයි මම දුවන්න ගත්ත..අපේ එකෙක්ගෙ බයික් එහෙක පිටිපස්සෙ ලගේජ් එකේ අම්ම, ඉස්සර බාර් එකේ නන්ගි, හැනඩ්ල් එකේ පොඩී. උන් සේරම කෑ ගහනව එක හෝසෙට.මෙච්චර වෙලා නැතුව තිබ්බ මගේ හය්ය උන්ගෙ හඬ දිගේ මගේ ඇඟට එනව තේරෙනව..හුලo පිරෙත්ද්දි පිම්බෙන බැලුම වගේ ඒ හඬට මගේ හය්යත් වේගෙත් වැඩි වෙනව.අන්තිම මීටර් දෙසීය විතර..තුන්වෙනිය ඔහොම මෙහ්ම..ෂෙල්ටන් කඩේ ගාව සෙනග එක රොත්තට..මගේ වේගෙ වැඩි උනා....මම ගහනව, අනිව මූව පහු කරනව....ලනුව පාස් කරල මැරුනත් කමක් නෑ කියල ඉතුරු සේරම හය්ය අරගෙන මම දුවන්න ගත්ත...අම්මයි නoගියි කෑ ගහනව අර සේරටම එහා සද්දෙන්...මම කඟවේනවගේ වේගෙ වැඩිකරා....ඔව් මීටර් සීය දුවනව වගේ...එකායි...අඩි දහයයි දෙකායි...අඩි දහයයි ..ඉවරායි....එදා නෝ ප්ලේස් වෙන්න ගිය මගේ පළවෙනි මැරතන් එක මම ඉවර කලේ දෙවැනිය වෙලා. ඒකට මට ලැබුනෙ වීදුරු සෙට් එකක්. දෙවනියගෙ තෑග්ග දුන්වෙනියට දීල කියල පස්සෙ එක එකා කිව්වත්, අදටත් අපේ ගෙදර තීන ඒ වීරුදුරු කීපය තමයි මගේ මුල්ම ක්‍රීඩා ජයග්‍රහණය.අපේ අම්ම ඒ අන්තිම මොහොතෙ නිරෝෂන්ගෙ බයිසිකලේ නැගල මාව බලන්න එදා මගට නාවනම්, මම ආයි කවදාවත් මැරතන් නොදුවන්න තිබ්බ. එහෙමනම් ඉන් පස්සෙ මම ගත්තු අනෙක් කිසිම දිණුමක් නොලැබෙන්න තිබ්බ්බ.ඒ නිසා, නිසි මොහොතෙ තමන්ගෙ වැඩිමල්ලෙක්ගෙන් ලැබෙන චියර් එක කෝටියක් වටිනව.ඒක දන්නෙ තරඟෙකට ගියල සෙල්ලo කරල පැරදුන / දිනපු එවුන් මිසක හාන්සිපුටු විචාරකයො නෙමේ.
දයාසිරි, මේ සටහන ලිව්වෙ උඹ වෙනුවෙන් ඇමතිතුමෝ. ඇස් බී වගේ ඇස් වහ නොවැදී එළ කොල්ලෙකු ලෙස ඉදිරියටම යන්න මෙන්න උඹට අපෙන් චියර් එක...හිප් පිප්
↧
ජයග්‍රහණය.. Cheers boss..!
↧
ඊතලයෙන් බුදුදහම විකෘත කිරීම (2016 පෙබරවාරි 10 විදුසර ලිපිය)
ඊතලයෙන් බුදුදහම විකෘත කිරීම
ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය පෙබරවාරි 03 වැනි දා ලිපියෙන් ද දැනුම සංස්කෘතියට සාපේක්ෂය යන අදහස ඉදිරිපත් කර ඇත. කවදත් කොතැනත් ඇත්තේ එකම විද්‍යාව යැයි කී අමරතුංග මහතා දැන් අඩුම තරමෙන් 2016 දී විද්‍යා දෙකක් ඇති බව පිළිගනියි. ඒ මහතාගේ පෙබරවාරි 03 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. දීර්ඝ උපුටාදැක්වීම්වලින් තොරව අමරතුංග
↧
↧
Muthu Pini Keta ( මුතු මුතු පිණි කැට )
Muthu Pini Keta Artist - Kaveesha Wijesooriya Song - Muthu Pini Keta Chord - Cm [Intro]-----------------------------------------------------------------------------|Cm| + | + | + ||Cm| F |Eb/Bb|Cm|//|Cm| - | - | - || F | - |Cm | - ||Cm| F |Eb/Bb|Cm|//[Chorus]-----------------------------------------------------------------------------Cm Bb CmMuthu pini keta raa purama kada wetenakanCm Eb Bb CmMalak langata wela indan samanalayek namF Eb Gm7 CmPandarin mal suwandak pahalin innakanCm F Eb Bb CmAwadiwela bala inna kurulu patiya man //[Verse 1]-----------------------------------------------------------------------------Cm Bb CmKokhamige kurumanama maga harina heti denagenaF7 Bb Eb CmWakkada langa ele natana thittha petiya man //Cm Fm Eb CmPunchi molen hugak durata hithana babek man //[Verse 2]------------------------------------------------------------------------------Cm Bb CmIbba ekka ottu thiyala kalaya gatha wenakn indaF7 Bb Eb CmNinda gihin parade una haa petiya nam //Cm Fm Eb CmKammelikam paradakara honda lamayek man // Muthu Pini
↧
Sayure Gambure Kimidee ( සයුරේ ගැඹුරේ )
Sayure Gambure Kimidee Artist - Mervin Perera Song - Sayure Gambure Kimidee Chord - Fm [Intro]-----------------------------------------------------------------------------|Fm| -|Bbm| - ||Fm|C|Fm | - |[Chorus]-----------------------------------------------------------------------------Fm Eb Bbm FmSayure gambure kimidi pathuleFm Eb Fm Pihina yaddi ek reyak dutuwemi lassana kinduriyak Fm Eb Fm Pihina yaddi ek reyak dutuwemi lassana kinduriyak [Intro]-----------------------------------------------------------------------------|Fm| - |Eb | - ||C#| - |Bbm|C7 ||Fm|Eb|Fm | - ||Fm|Eb|C# |Eb ||Eb | - | - |Eb/Fm|[Verse 1]-----------------------------------------------------------------------------Fm Eb Fm EbKatha baha karanna baa sina see bala Eb Fm Cm FmEhe pillamin ingiyak kala nelawila //C# Bbm Fm Eb | Fm | Athin atha wela diya sala adarenEb Bbm Fm Eb FmMaha sagaren goda edi aami aeee mehi aran[Verse 2]------------------------------------------------------------------------------Fm Eb Fm EbMage palpathe piyan path wasa ethi nisaEb Fm Cm FmPele kawluwen ebikam kala aee pawa //C# Bbm Fm Eb | Fm | Birindee kipi pela thulin mathu unaEb Bbm Fm Eb FmPanda pahe handa esi mage desa pibiduna Sayure Gambure
↧
කඩු වැනෙනවා පෙනෙනකොට
කඩු වැනෙනවා පෙනෙනකොට
පිල්ලම්වලින් ලේ ගලනකොට
මොන බම්බුවක්ද මානව ප්‍රේමය
අනිනවා මිස හදවත පසා
↧
↧
විකටයි මේ මොහොත
විකටයි මේ මොහොත
මට ඔබව හිනස්සන්න නුවමණා වුවත්
මගේ ඇතුළත විහිලු සහසක්
කිති කවමින් මාව
↧
එතෙක් ඔබ
පතොරමක් මෙන්
තුවක්කුවකින් ගිලිහුණ
ඕනෑ අතක යන්න
ඉලක්කය මඟ හැර
එක්කෝ ඔබ පිපිරෙන්න
එක්කෝ ඔබ අතරමං වෙන්න
මම ඔබට කුඩා පිස්තෝලයක් එවන්නම්
නිශ්චිත ඉලක්ක ගන්න ඕනෑ විට
එතෙක් ඔබ;
නිකරුණේ ගලා යන්න
නිකරුණේ
↧
තවම ලේ ගලන
තවම එතරම් තනි නැත;
අත් හළද අත
නොතකා සිටියද සිනහව
ගලවා ගත නොහැක
ළය සිදුරු කළ පිහි තලය
ඔබ එවූ ත්‍යාගය
මා සිරුර තුළ
තවම ලේ
↧
සපත්තු ලෙව කන පිංසිබෝල්
මීට ටික කාලෙකට කලින් ආනමඩුවේ පලා බබෙක් අපූරු ගුරු උපහාරයක් පැවත්තුවා . ඒ පාසැල් ගුරුවරියක් ඇයගේ පාසැල ඇතුලෙදිම මුගුරක බලෙන් දණ ගස්සලා. ඒ කාලේ රට කරවපු රජ්ජුරුවෝ රට පාලනය කරන්න හැදුව විදියටම තමා එතුමාගේ ගෝලබාලයොත් වැඩ කලේ. පේන්න තියෙන විදියට නම් දැන් රට කොරන උන්නැහේලාත් යන්නේ ඒ පැන්සොන් රජා ගිය පාරේ වගේ , හැම පැත්තකින්ම බැලුවාම. ඒ ගැන සෙස්ස පස්සට.අපේ අද කතාව වෙන එකක්.ඒ මදාවි කාර පලා බබා දණ ගැස්සුවේ එක ගුරුවරියක් විතරයි.හැබැයි ඒ පාසැලේ පිංසිබෝල් තුමා ඊයේ ලංකාවේ සමස්ත ගුරු පරම්පරාවම අර මදාවියා ඉස්සරහ දණ ගස්සලා වන්දවලා, පජාති කරලා, නෝණ්ඩි කරලා දාලා.ඒ අර කුජීත දේශපාලුවා තමන්ගේ පාසැලේ ක්‍රීඩා උත්සවේට ප්‍රධාන අමුත්තා විදියට , බෑන්ඩ් ගහලා නැටුම් කණ්ඩායම් ඉස්සර කරගෙන වඩම්මගෙන ඇවිල්ලා.මේකා මොන විදියේ ගුරෙක් ද කියන්න අපිට තේරෙන්නේ නැහැ. හැබැයි ඔය ජාතියේ ගුරුන්ගෙන් ඉගෙන ගන්න සිද්ද වෙලා තියෙන ශිෂ්‍යයන්ට නම් අබ සරණයි . අනික ඔය ඉස්කෝලේ කොන්ද පණ තියෙන එක ගුරෙක්වත් හීටියේ නැතුව ඇති මේ පජාති වැඩේට විරුද්ද වෙන්න.අපි ඔය පලා බබාලා , ඉස්කෝල පිංසිබෝල්ලා, සඳරුවන්ලා වගේ නෙවේ ඊට වඩා සදාචාර සම්පන්න නිසා උපුටා පල කරන්නේ නැහැ, නැත්නම් මේ සිද්දිය ගැන හොඳ කතාවක් කියලා තිවුනා ඊ නිව්ස් එකේ , කැමති නම් ගිහින් බලන්න. ලින්ක් දෙන්නේ නැහැ ඊ නිව්ස් එකත් හඩ්සන්ගේ ප්‍රෝගෑම් එක වගේ ගඳ ගහන
↧
↧
හතලිස්වන කොටස..
අදාල සමාගම විසින් රට අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් මා විසින් වෙන්කර ගෙන ඇති ගුවන්ගමන් පිලිබදව අවසන් මතක් කිරීමේ කෙටි පනිවිඬ දෙකක් ජංගම දුරකථනයට පැමිනීම අප දෙදෙනාම මදක් නොසන්සුන් කරන්නට සමත්වූවාය. අප හමුවීම ගෙවී ගිය කෙටිකාලය තුල ඔබට දැනුනේ කෙසේ දැයි මට විමසන්නට අවශ්‍ය විය. අප හමුවීම ඔබගේ ජීවිතයට වෙනසක් ගෙනෙන ලද දැයි තහවුරු වන්නේ නැවත හමුවකට මා වඩාත් කැපවන්නට සූදානම් බව දන්වන්නට මට අවශය විය. ” ඇත්තෙන්ම ඒක හරිම අපූරු අත්දැකීමක්. මම ජීවිතය දකිමින් සිටි වපසරිය බොහෝ සෙයින් ඉක්මවා යන සුහඳ කැඳවීමක් ඔබගෙන් ලැබීම පිලිබදව ස්තූතිවන්ත වනවා. මම මෙහෙම කියන්නද ? ඒක බුද්ධිමය අවදිකිරීමක් උනාට නොවඩුව මිනිස් බව තිබීම මට මහත් විසිතුරු ලෙසට දැනෙනවා.. මම දැඩි ලෙස බලාපොරොත්තුවෙනවා අප නැවත හමුවේවි කියලා”. මිනිසෙකුට තව මිනිසෙක් සමග සමුගැනීමක් තාවකාලික කරවන්නට මහත් දිරියක් ඒ වදන් ගෙනෙමින් ඇති බවට මා වෙතට දැනිනි. රාත්‍රී ආහාරය සුපුරුදු අවන්හලෙන්ම ලබා ගන්නට අප තීර්නය කලෙමු. කලක් තිස්සේම එහි ආ ගිය නිසාවෙන් පමනක්ම නොව අප කලකී දෑ සමගද එහි සේවය කල බොහෝ දෙනා සමග වෙතට බොහෝ හිතවත්ව තිබිනි. සරල ආහාර වේලකින් පසුව බිල්පත ගෙවීමේදී මා කෙටිකාලීනව සමුගන්නට සූදානම් බව පැවසීම යුතුකමක් ලෙසට දැනිනි. සාමාන්‍යයෙන් අමුත්තන් වෙතට නොයෙන ඉහල කලමනාකරනයේ මහතෙකු අප මෙසය වේතටම පැමින සුහද සමුගැනීමකට කාරුනික විය. ” මම හිතනවා ඔබ බෙහෙවින් වෙහෙසට පත්වේලා වගේ. මම කුලී රියකින් මගේ ගමන් මලුදෙක රැගෙන ගුවන්තොටුපොල වෙතට යන්නට හැකි වේවි.” තවදුරටත් ඇය වෙහෙසට පත්වනවා වන අකමැත්ත මෙන්ම වඩාත් හැගුම් බර මොහොතක් මග හැරීම මටද අවශ්‍ය විය. “ඒහෙම කිරීමට තරම් මට අකාරුනික වෙන්නට බැරිබව ඔබ නොදන්නවාම නොවේ කියලා මම දන්නවා. අපි ඔබගේ නේවාසිකාගාරය වෙතට ගොස් ඒවාත් රැගෙන ගුවන්තොට දක්වා ඔබව ඇරලවන්නට මට ඉඩ
↧
ඩේන්මාකයේ මුස්ලිම් පල්ලි වලින් පුරුෂදිපත්ය පලවාහැරේ.
ඩේන්මාකයේ කාන්තාවන් නායකත්වය දරන මුස්ලිම් පල්ලි විවුර්ත කෙරේ. එහි සියලු ඉමාම්වරු කාන්තාවන් වේ. සිකුරාදා යාඥ හැර එම පල්ලි වල සෙසු සියලු කටයතු පිරිමි සදහාද විවුර්ත බව පැවසේ. මෙය මෙතෙක් පැවතී පුරුෂාදිපත්යට අබියෝග කිරීමකි. ස්කැන්දිනේවියාවේ ප්‍රථම කාන්තා මෙහෙයවන මුස්ලිම් පල්ලිය කෝපන්හේගන් හි විවුර්ත කෙරිනි. මේ තත්වය විවාදයට සහ සාකච්චාවට විවුර්තව පවතී.
මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීම සදහා පහත සබැදියාව හා යොමු වන්න.
http://www.theguardian.com/world/2016/feb/12/women-led-mosque-opens-in-denmark
↧
ගහන අඩියක් දැනගෙන ගහන්න,ඉගෙන ගන්න..වැඩකට (නැති / ඇති) මාතෘකාව - අරක්කු - Exclusive: Difference between Brandy, Whiskey, Rum, Vodka, Scotch, Champagne, tequila and Gin
" මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා "රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි..., ඔහොම කියන කතා අනිවාර්යයෙන් ඔබ අහල ඇති නේද ??? රට බ්‍රැන්ඩ් එකක් හෙවත් විස්කියක් බ්‍රැන්ඩ්‍රියක් වොඩ්කා එකක් කියලා ජාති වෙනස් වෙද්දි විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා,ජින් රම් කියලා එක එක පාට එක හැඩ බෝතල් වල එන වැඩකට නැති මාතෘකාවක් ගැන පොඩ්ඩක් හොයලා බලන්නයි මේ සුදානම... අපේ භාෂාවේ අඩි හෙවත් පොදු වචනය අරක්කු නැත්නම් මත්පැන් වර්තමානය වෙද්දි සමාජය පුරා විහිදි විසිරී පැතිරි ඇති ද්‍රවයකි. කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්ත මතක් වුන චාමිකයට හිතුනා මේ අරක්කු ගැන ආර්ටිකල් එකක් දාන්න වියදම් කරගෙන බොන අරක්කු හදන්නේ කෝමද එක එක ජාති වෙනස් වෙන්නේ කෝමද?් මත්පැන් වල අතිතය තුන්වන සියවසේ ග්‍රීක ජාතිය දක්වා දිව යන්නක්..එහෙත් ඇල්කොහොල් යොදා ගනිමින් සකස් කිරිම ඇරඹි තියෙන්නේ 13 වන සියවසේ සිට බවයි ප්‍රකාශ වන්නේ..ඒ ඉතාලියේ යි මිදි ආශ්රයෙන් කල මෙම නිපැයුම මත්පැන් වලට පෙර කාලයේ බෙහෙතක් ලෙස යොදා ගෙන තිබුනා. වෙනදා වගේම තොරතුරු හා අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ..... ඔබේ අදහස් කියලා යන්න අමතක කරන්න එපා... මුලිකම වර්ග ගැන තොරතුරු කිව්වට ලොව පුරා විහිදිච්ච මත්පැන් ජාති බොහෝමයි.... ප්‍රධාන කියලා හිතෙන ටික මෙතන තියෙනවා... .............. මත්පැන් පානය ශරීරයට අහිතකරයි............... විස්කි විස්කි යනු සම්පුර්ණ වු බියර් තවදුරටත් ආසවනය කිරිමෙන් ලබා ගන්නා ද්‍රාවණයයි.
ඒ සදහා බාර්ලි, තිරිගු ,යව,බඩඉරිගු ආදි ඕනෑම ධාන්‍ය වර්ග යොදා ගන්නා අතර ප්‍රධාන වර්ග දෙකක විස්කි බෙදනු ලබයි. විස්කි සදහා බොහෝ ප්‍රසිද්ධියක් උසුලන්නේ ස්කොට්ලන්තය වන අතර ස්කොට්ලන්ත විස්කි හදුන්වන්නට යොදනු ලබන කෙටි නාමයයි ස්කොච් යන්නයි. තවත් වෙනසක් වන්නේ එහි විස්කි යන්න ඉංග්‍රීසි බසින් ලියනු ලබන්නේ E අකුරක් යොදා නොගෙනයි. එම මත්පැන් අවුරුදු 3 ක් හෝ ඊට වඩා කාලයක් බැරලවල ගබඩා කරමින් පරණ කරනු ලබයි.
එලෙසම ස්කොට්ලන්තයේ ප්‍රධාන භූවිෂමතා කලාප අනුවද වෙනස් කම් දක්නට ඇත. මිට අමතරව ලොව විස්කි සදහා ප්‍රසිද්ධ රටවල් ලෙස කැනඩාව අයර්ලන්තය ඇමරිකාව ප්‍රසිද්ධියක් දරණ අතර එම රටවල් whiskey ලෙස හදුනවන අතර විස්කි ප්‍රධාන වර්ග 04 කට බෙදනු ලබයි.
මීට අමතරව ලොව විස්කි සදහා ප්‍රසිද්ධ රටවල්
බ්‍රැන්ඩි බ්‍රැන්ඩි යනු ආස්රවණය කරන ලද වයින් වේ. විශේෂ බ්‍රැන්ඩි වර්ග වන Cognac හා Armanac යන ඒවා විශේෂ භූ විෂමතා කලාප සහිත ප්‍රදේශ වලින් ලබාගන්නා මිදි යුෂ යොදාගෙන නිපදවනු ලබයි.
එහි ඇල්කොහොල් ප්‍රතිශතය 35-60% දක්වා වන අතර ආහාරයට පසුව ගන්නා බීමක් ලෙස ප්‍රසිද්ධ අතර සමහර බ්‍රැන්ඩි ලී බැරලවල අසුරන අතර සමහරක් කැරමල් මගින් වර්ණ ගන්වන අතර මේ දෙකම සිදුකරන ඒවාද වේ.
පළතුරු යොදා ගනිමින් නිපදවන බ්‍රැන්ඩි ප්‍රංශයේ ප්‍රසිද්ධ අතර eaux de vie නමින් එය හදුන්වනු ලබයි. එය අවර්ණය. සමහර රටවල ස්ප්රතු සදහා විවිධ පළතුරු රසකාරක යොදා ගනිමින් බ්‍රැන්ඩි සකස් කරනු ලැබේ. ෂැම්පේන් ප්‍රංශයේ පැරිස් නගරයට නුදුරින් ඇති ෂැම්පේන් පලාත තුල නිපදවන්නා වු වයින් “ෂැම්පේන්“ ලෙස විශේෂයෙන් හදුන්වන අතර අන් සියල්ලම වයින් ලෙස හදුන්වනු ලබනවා. රම් කැරිබියානු දුපත්හි ඇරඹුන බවට සැලකෙන රම් නිපදවනු ලබන්නේ උක් වලින් ලබාගන්නා අතරමැදි නිපදවීමක නැවක ආස්රවණය හෝ කිහිපවරක් ආස්රවණයෙනි. පරණ නොවු හෝ කෙටි කාලයක් පරණ වු රම් සැර ගතියෙන් අඩු අතර මිශ්‍ර පානයන් සදහා වැඩි වශයෙන් යොදා ගනු ලබයි. කාලයක් පරණ කල රම් වටිනාකමින් ඉහල අගයක් ගනී.
වොඩ්කා වොඩ්කා සාමන්‍යයෙන් අර්තාපල් වලින් නිපදවන බව සදහන් වුවත් වර්තමානයේ විවිධ රසායනිකයන් යොදා ගෙන වොඩ්කා නිපදවනු ලබයි.පරණ කිරීමකින් තොරව වොඩ්කා බෝතල් කරන අතර එබැවන් අවර්ණ බව එහි රැදි තිබෙනවා ජලය හා එතනෝල් වැඩිපුර අඩංගු වේ. රුසියානු භාෂාවෙන් ජලය යන තේරුම ලබාදේ. ටිකිලා ටිකිලා යනු එක මෙක්සිකෝවේ බටහිර එක් ප්‍රදේශයකට පමණක් සීමාවු ටිකිලා නගරය ආසන්නයේ නිල් පැහැති ටිකිලා ශාඛයේ මුල මගින් ලබා ගන්නා වු සාරය මගින් නිපදවනු ලබන්නකි. ජින් ජුනිපර් නමින් හදුන්වන බෙරි වර්ගයෙන් ගනු ලබන සාරයෙන් නිපදවනු ලබන අතර ඊට අමතරව වෙනත් ශාක එකතු කොට නිපදවනු ලබයි.
වයින් මිදි යුෂ මගින් නිපදවනු ලබයි.
මෙම මිදි වර්ග එකිනෙක ගැන දැනගැනීමට මෙතනින් පුළුවන්.... බියර්ලොව 03 වනුවට ජනප්‍රියම පානය ලෙස බීර හෙවත් බියර් හදුන්වයි.එය මෝල්ට් බාර්ලි වලින් නිපදවා හොප්ස් මලින් රස ගන්වනු ලබයි.
මීට අමතරව ලොව පුරා විසිරුණු විවිධ නම්, විවිධ අමුද්‍රව්‍ය මගින් නිපදවනු ලබන මත්පැන් වර්ග බෝහෝමයි....
↧
කතානායකගේ කතාව
කතානායකගේ කතාව
කතානායක යනු ඉංගිරිසි ආකෘතියේ පාර්ලිමේන්තුවක වැදගත් ධුරයකි. ඒ තනතුර දරන්නාගේ මූලික වගකීම පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ ගෞරවය රැකීම ය. එහෙත් කරු ජයසූරිය කතාකරන්නේ ශ්‍රී ල නි පක්ෂය දෙකඩ කිරීම ගැන ය. ඔහුට අනුව ශ්‍රී ල නි ප දෙකඩ කිරීමට හවුල්වීම පාපකර්මයකි. ඔහු එයින් කියන්නේ ඔහු ශ්‍රි ල නි පක්ෂය රැකීමට ක්‍රියාකරන බව ය. කතානායක පාප කර්මය ගැන කියන කතාවට දීකිිරට
↧
↧
තෙල් මිල සියයට 12 කින් නගී
ඔපෙක් රාජ්‍යයන්හි තෙල් නිෂ්පාදනයෙහි සීමා කිරීමක් පිළිබඳ පළවූ වාර්තා හේතුවෙන් සිකුරාදා දිනයෙහි ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිළ සියයට 12 කින් පමණ ඉහළ ගියේය.
ඇමරිකා එක්සත් ජනපදයේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෙට්‍රෝලියම් ඇමති උපුටා දක්වමින් ඔපෙක් රටවල් නිෂ්පාදනය අඩු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා කළේය.මේ අතර වෙනෙසුවේලාවේ පෙට්‍රෝලියම් ඇමති එයුලෙජියෝ ඩෙල් පිනෝ ප්‍රකාශ කළේ මේ පිළිබඳ ඛනිජ තෙල් නිපදවන ඔපෙක් සාමාජික මෙන්ම සාමාජික නොවන රටවල් ද එකඟතාවකට පැමිණෙමින් ඇති බවයි.මේ පිළිබඳ ඔහු බීබීසී සේවයට අදහස් දැක්වූයේ සෞදි අරාබියේ සහ රුසියාවේ සංචාරයකින් අනතුරුව වීම වැදගත් කරුණක්.බ්‍රහස්පතින්දා වන විට ඇමරිකානු ඩොලර් 30 ටත් වඩා අඩු වූ බ්‍රෙන්ට් බොර තෙල්වල මිල සිකුරාදා වන විට ඩොලර් 33.36 වී තිබුණ අතර ඩොලර් 26.05 වූ ඇමරිකානු බොර තෙල්වල මිල ඩොලර් 29.44 දක්වා ඉහළ නැඟ තිබුණි.කෙසේ නමුත් මෙම මාධ්‍ය වාර්තා පිළිබඳ සැක පළ කරන පිරිස් දක්වා සිටින්නේ මෙය වෙනෙසුවේලාවේ සහ රුසියාවේ උවමනාවට කෙරෙන ප්‍රකාශ මිස අවසන් එකඟතාවකට තවමත් පැමිණ නැති බවයි.මේ අතර, ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ එක්සත් ජනපදය සිය නිෂ්පාදනයන් පාලනය කිරීමට කටයුතු කිරීම බලාපොරොත්තු විය යුතු බවය. මෙම වසර අවසානය වනවිට ලෝක තෙල් මිල ඩොලර් 50 පමණ අගයකට පත් කිරීම ඔවුනගේ අරමුණ විය හැකි බව මෙම විශ්ලේෂකයින් මත පළ
↧
මරණ තුනක් ඇති මිනිසා
සිංහල සුභාවිත ගී මංසල තුළ අමරණීය මතක සටහන් තැබූ පිරිස් අතුරින් රන්බණ්ඩා සෙනෙවිරත්නයන් මෙන්ම ලුෂන් බුලත්සින්හලයන්ට හිමි වෙන්නේ අද්විතීය තැනකි.මිනිස් ජීවිතය දෙස ඇස නොගැසුණු ඉසව් සොයා ගවේෂණාත්මක ලෙස පද්‍යකරණයේ නියැලුණු විරල ගනයේ පදරචකයන් දෙපලක් ලෙසද හැඳින්වීම අසාධාරණයක් නොවන බව මට හැඟේ. රන්බණ්ඩා සෙනෙවිරත්න ඔහු ගේ “ළඳුනේ “ගීතය තුළ මෙසේ ලියන්නේයලය පමණක් ලොවට පෙනෙනලය නොපෙනෙන ළඳුනේ …..කප්පරක් වැරදි සිදුවන සමාජයක, ඒ සමාජයේම පිරිස් විසින් පිළිකෙව් කරන තවත් එක් මනුෂ්‍ය ආත්මයක් දෙස සැබෑ මිනිසෙකු ලෙස බලන ආකාරය අපට ඔහු පෙන්වයි . ලුෂන් බුලත්සිංහලද සෞන්දර්යයේ රීතින් අතික්‍රමණය කරමින් මිනිස් ආත්මයට කිඳා බසින්නේ අපගේ හදවත් මොහොතකට නතර කරමින්ය. එයයි නිර්මාණකරුවෙකුගේ කලාකරුවෙකුගේ සැබෑ පෞරෂත්වය.ලුෂන් අතින් ලියවුනු මේ ගීතයේ යොදා ඇති උපමා රූපක මෙන්ම ඉපැරිණි සාහිත්‍යයේ ඇති සියුම් තැන් ආභාෂයෙන් ලබාගත් දැනුම , මිනිස් සිතේ ගැඹුරුම පතුලින් නැගෙන හැඟීම් පිළිබඳව උද්දීපනය කිරීමට යොදාගෙන ඇත. ගීතයට ප්‍රවිෂ්ඨය තබන්නේ පැරණි ජනකවියකින් මතුවන චිත්ත රුපකයකින්ය .” වනේ ගිජිදාය දුටුවොත් වනසායලිඳේ පනිදාය වැටුනොත් ඌ කායඅතකින් කරවැලකි අතකින් දඬුබෑයමරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය ”මේ ගීතය රසවිඳීමට නම් අපට උපකල්පන යොදාගත යුතුමය . එය ගීයේ යතාර්තයට වඩා උචිත ප්‍රවේශයක් වනු ඇත. සමාජයේ අප බොහෝ විට වැඩිහිටියන්ගේ තිරිසන් ආශාවන් වෙනුවෙන් හිරිමල් කැකුළු බිලිගන්නා පුවත් නොඇසෙන දවසක් හෝ වෙලාවක් නැති තරම්ය. මේ ගීය තුලින් කියවෙන්නේ පාසලක සංගීත ගුරුවරයෙකු යයි සිතන්න . තමාගෙන් වෙණ වැයුමට පැමිණෙන හිරිමල් යුවතියදෙස රාගයෙන් මුසපත්වූ නිරුවත් වූ දෑසින් බලන ගුරෙකු දෙස ලුෂන් දකින්නේ මෙලෙසය …” මිනිසා …..මරණ තුනක් ඇති මිනිසා ..බලාසිටී …නිරුවත් දෑසින් බලන්න….. කන්‍යාවී …ලිහිල් සළුව අනතුරේ වැටෙද්දීපයෝදර තුඩු ඉකිබිඳිද්දී …සන්තාශයෙන් …”මේ මිනිසා ඉදිරියේ ඇත්තේ මරණ තුනකි. තමා , බිරිඳ හා දරුවන්ය . මොහු විවාහක පියෙකි. තමන්ගේ ආත්මය තුල සැරිසරන රාගික සිතුවිලි මෝහනය වන්නේ තම ගෝලයාගේ වීණාවෙන් නැගෙන මධුර ස්වරයෙනි. ඔහුගෙන් නැගෙන අසංවේදී සුසුම් පොද වීණාවේ රිද්මය පරයා නැගී ඒ…යතාර්ථයට අනුව අති අමානුෂික සිදුවීමකට ඉස්මත්තේ සිටිමින් ලුෂන් වඩා ඉස්මතු කරන්නේ මිනිසාගේ සිතය. මේ ගීය පියදෝර් දොස්තොව්ස්කිගේ පොතක් බඳුය. තම දියණිය විය යුතු හිරිමල් කැකුල ඔහුගේ නග්න වූ ආශාවන් ඉදිරියේ මෝහයෙන් අන්ධවී ඇත. වීණාවේ තත් අතර වේගයෙන් දිවයන සියුමැලි අතැඟිලි ඔහු ගේ වත ස්පර්ශකරන්නාක් මෙන් දැනෙනු ඇත. තව තවත් වයන්න …කන්‍යාවී ….අසන්වාදී රිද්මයෙන් ….යැයි ලියවෙන්නේ ඒ නිසා විය හැක.” නියඟලා මල් පාට දේදුනුදෙබෑ කරගෙන එනු …ගිරා පොව්වන්පියුම් කැකුලක් තුඩින් පාරාබලෙන් පුබුදන හංසයා …..බලන්න නිරුවත් දෑසින් .”මේ පදපෙලට නියඟලා මල උපමා රුපකයක් ලෙස යොදාගැනීම උචිතය . මලක් ලෙස නියඟලා කෙතරම් සුන්දරද ? ඒ මල රෝපණය වෙන බිම්ගත අලය කෙතරම් විෂ ගෝරද ? රාගය තුලින් මතුවෙන සිතුවිල්ල කවියා දකින්නේ පාට දේදුන්නක් ලෙසය. ඒ සුන්දර දසුන දෙබෑ කරගෙන මතුවන්නේ නියඟලා මලින් හොට රතු කරගත් ගිරවුන්ය. මෝහයෙන් අන්ධකාර වූ ඔහුගේ මනස සීමා පවුරු බිඳ දමමින් මිනිසත් කම කෙළසා දමන ආකාරය ලුෂන්ගේ සෞන්දර්යාත්මක මනස තුල මැවෙන්නේ මෙලෙසය. හංසයෙකුට නෙලුම් කැකුලක් තම තුඩින් පාරා බලෙන් පුබුදුවාලිය හැකිද යන්න ඔහු ප්‍රශ්න කරයි . . සන්තාශයෙන් ඉකිබිඳින නව යොවුන් වියට එළඹෙන දැරිය මේ අනපේක්ෂිත සිදුවීම ඉදිරියේ අසරණය.“ඔකඳ වී රිද්මයෙන්රසා තලය කල එලි ගන්වාවයන්න වීණා …කන්‍යාවී ….”තම ලෞකික ආශ්වාදයන් පිරිමසා ගැනීමට , මිනිසාගේ සියලු බැඳීම් නිමේෂයකින් සිඳ දමන ආකාරය මේ ගීය තුල සිත්තම් කර ඇත. මෙවන් සිදුවීම් මේ ජරාපත් , වියපත් සමාජය තුල අපගේ දෑස් පෙනෙන මානයේ කොතෙක් නම් දිස්වී ඇතිද? මේ රටේ පාසල් තුල ගුරුවරුන් අතින් කෙතරම් සිසුසිසුවියන් කෙළසී ඇතිද ? ඒ පිළිබඳව සමාජය තුල පුළුල් කතිකාවක් ගොඩනැගී ඇතිද ?ලාංකේය සංගීතයේ කඩතුරාවන් විවර කළ ගාන්ධර්වයා වූ ප්රේමසිරිකේමදාස මේ ගීය වෙනුවෙන් තමාගේ ප්‍රතිභාව නොපිරිහෙලා ඉටුකර ඇත. අමරසිරි පීරිස් ගේ මෝහනීය හඬට කෙතරම් වටිනාකමක් ගෙනාවාද යත් ” සිරිමැදුර ” චිත්‍රපටය වෙනුවෙන් ගැයූ මේ ගීයට 1989 සරසවි සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් “වසරේ හොඳම ගායකයා ලෙසද පිදුම් ලැබීය.– චූලක බණ්ඩාරවත්ත –ඉතින් රස විඳින්න මේ
↧
සමාජයීය ‘පොදු අරමුණු” මිථ්‍යාව -ක්රිෂ්ණ රාමනායක විසින්
මාක්ස්වාදි අබිං ගුලිය ගිල්ල බොහොමයක් චින්තමය වහලුන් අදහන තවත් බරපතල මිත්‍යාවක් නම් සමාජයීය පොදු අරමුණු කතාව. ඔවුන්ගේ මෙම අදහස දෙස බැලීමේ දී එම අදහස වඩාත් සමීප වනුයේ අතිශය සංකීර්ණ වෙළඳපොලකින් යුතු වූ වර්තමාන සමාජයට නොව මිනිසා මුල් අවධියේ ජීවත් වූ ගෝත්‍රික සමාජයට බවයි.
පොදු (එකම) අරමුණකින් කටයුතු කල මිනිසා අතීතයක දී සිටියේය. ඒ ගෝත්‍රික සමාජයේය. එම සමාජයේ තිබි සීමිත අවශ්‍යතා පිරිමසා ගන්නට ඔවුන්ගේ මුළු සමාජයම එකසේ ක්රියාකරන්නට ඇත. හැම ගෝත්රිකයාටම පාහේ තිබුනේ ආහාර පිළිබඳ අවශ්‍යතාවය නම් සියලු දෙනාගේ ඒකායන මහන්සිය, කැපවීම, බලාපොරෙත්තුව තිබුනේ ආහාර සොයාගැනීම වෙතටය. දඩයම වෙතටය. අල මුල් හාරා ගැනීම වෙතටය. ගෝත්‍රික නායකයාටත් එම ගෝත්‍රයේ සිටි සාමාජිකයන්ටත් තිබුනේ එකම උවමනාවන් වූහ. ඒ නිසා ඔවුන්ට එකිනෙකාගේ ඕනැ එපා කම් පිළිබඳ නිවැරදි ව සහ සරල ව ද දැන ගත හැකි විය. මන්ද සැම දෙනාටම අවශ්‍යව තිබුනේ සරල සහ මූලික අවශ්‍යතාවයන් පමණක් වූ නිසාය.
මෙම සරල අවශ්‍යතාවයන් අභිබවා සමාජය විකාශනය වෙත්ම වඩ වඩාත් සංකීර්ණ තත්ත්වයක් හටගත්තේය. මිනිසාගේ අත්‍යවශ්‍යම දෙයක් වූ ආහාර පමණක් වුවද ගල් යුගයේ හෝ ගෝත්‍රික යුගයේ තිබි ආහාර මෙන් නොව අද ඇත්තේ සිතා ගත නොහැකි තරම් අතිශය සංකීර්ණ තත්ත්වයකය. එම නිසා එදා ගෝත්‍රික යුගයේ නායකයාට සහ එහි සාමාජිකයනට තම ගෝත්‍රයේ සිටින එකිනෙකාගේ උවමනාවන් හා අවශ්‍යතා දැන ගැනීමට සරලව තිබූ හැකියාව අද නැත.
අඩුම තරමේ එකම පවුලේ ජීවත්වන නිවැසියන්ට වුව ඇති අවශ්‍යතා සහ රුචියන්, ආශාවන්, බලාපොරොත්තු අතිශය වෙනස්ය. සංකීර්ණයය. ඒ අනුව පැහැදිලි වනුයේ තව කෙනෙකුගේ එවන් කැමැත්තක් පිටින් ඉන්නා අයෙකුට කිසිසේත්ම දත නොහැකි බවයි.
මිනිසා තාක්ෂණික අතින් මෙතරම් දියුණු යුගයක සිටින නමුත් වෙනත් කෙනෙකුගේ හිත දැනගැනීමට (ටෙලිපති වැනි) ක්‍රමයකින් සමත්, අනුන් සිත් කියවන යන්ත්‍රයක් තවම හදා නැත. එහෙයින් එවැනි යන්ත්‍රයක් ලොව බිහිවන තෙක් අපට අනුන්ගේ අවශ්‍යතා රුචි අරුචි ආශා හැකියා යනාදී ඒ කිසිවක් ගැන විනිශ්චය කල නොහැකි බව තේරුම් ගත යුතුය.
මිනිසා සමාජයීය සත්ත්වයෙක්ය යන්න ඇත්තකි. එහෙත් ඒ මීමැස්සන් මෙන් හෝ ගව පට්ටියක්, බැටළු පට්ටියක් වැනි මෙන් නොව පුද්ගලිකත්වයන් සහිතව සිටින මිනිසුන් සහිත වූවක් බව අප වටහා ගත යුතුය. වර්තමාන සමාජය හැදී ඇත්තේ ගිනිය නොහැකි තරම් වූ ශ්‍රම විභජනයක් සහිතවය. මාක්ස්වාදින් සමාජය යනු තනි ඒකකයක් ලෙසට ඊනියා සමාජයීය ශ්‍රමය නමින් වූ විකාරක් වෙතට ඌණනය කරන විට ඔවුන්ව ඉතා ලාබ ගනයේ විකටයන් සේ අපට පෙනෙනුයේ මේ නිසාය.
සමාජය තුල ජීවත්වන ඒ ඒ මිනිසා සමාජයට සම්බන්ධව සිටිනුයේ ඊනියා පොදු අරමුණකින් නොවේ. තම පුද්ගලික අවශ්‍යතාවයට අදාල ගණුදෙනුවේ එක් පාර්ශවයක් ලෙසය. තම අවශ්‍යතාව ඉටු කරගැනීමට යාම තුල යම් අයෙක් ඔහු අන් පාර්ශවයේ අවශ්‍යතාවය ද තෘප්තිමත් කරයි. දෙදෙනාගේ මෙම අනෝන්‍ය ගණුදෙනුව සාර්ථකවීමට නම් දෙදෙනාගේම අවශ්‍යතාව ඔවුන් බලාපොරොත්තු වෙන තත්ත්වයන්ට සැලකිය යුතු ලෙසින් ආසන්න විය යුතුය. සාර්ථකව ඉටුවිය යුතුය. කොටින්ම තම සතුට, රුචිය, අවශ්‍යතාව සම්පූර්ණ විය යුතුය. එසේ වීමට නම් දෙදෙනා අතර පරතරය හැකි තරම් අවමවීම අනිවාර්ය සාධකයකි. එනම් ගණුදෙනුකරුවන් ඒ ඒ ගණුදෙනුවලට අදාල පාර්ශවයන් ගැන වඩාත් සමීප විය යුතුයි. රජයක්, සංස්ථාවක්, මධ්‍යගත සැලසුම් මණ්ඩලයක්, යනාදිය ඊට අපොහොසත් වනුයේ ඔවුන් තුල ඇති දුරස්ථ භාවය නිසාමයි. ඔවුන් යහපත සලසන්නට ඉලක්ක කරගත් පුද්ගලයන්ගේ හිත දැන ගැනීමට ඇති නොහැකියාව නිසාමයි.
පාන් විකුණන්නා පාන් විකුණනුයේ කාගේවත් බඩගින්නක් නිවීමට නොව තමාගේ පවුල නඩත්තු කිරීම සඳහාය. එය පාන් විකුණන්නාගේ පුද්ගලික අභිලාෂයයි. අනෙක් අතට පාන් මිලදී ගන්නා එය මිලදී ගනුයේ පාන් විකුණන්නාගේ පවුල නඩත්තු කිරීමට නොව තමාගේ බඩගින්න නිවා ගැනීම සඳහාය. මෙය පාන් මිලදී ගන්නාගේ පුද්ගලික අභිලාෂයයි. දෙදෙනාගේ හුවමාරුව තුලින් දෙදෙනාම තෘප්තිමත් වෙති. එය එසේ නොවන්නේ නම් ඔවුන් අතර ගණුදෙනුවක් සිදු නොවේ. මේ පාන් පිළිබඳව ගත් උදාහරණය ඔබ කැමති තරම් භාණ්ඩ හා සේවා වලට යොදා බලන්න. සමාජයීය මිනිසා පුද්ගලිකත්වය පදනම් කරගෙන සමාජයට බැඳී ඇති අයුරු එවිට ඔබට අපූරුවට පෙනේවි. සමාජයක් ක්‍රියා කරන්නේ මාක්ස්වාදින්ගේ හිත් තුල තියෙන විදිහට හෝ මාක්ස්ගේ හිස් දර්ශනය තුල වූ විදිහට නොවන බැව් එවිට ඔබට පසක් වේවි.
අනන්ත වූ ශ්‍රම විභජනයන් තුල සංකීර්ණව පවතින මිනිස් සමාජයෙහි සෑම ගණුදෙනුවකම පාහේ ඇත්තේ පුද්ගලිකත්වයේ සංකලනයන්ය. පොදු බව නම් රූපය වනාහි එම පුද්ගලිකත්වයන්ගෙ ඓක්‍යයයි. සංකලනයයි.
සමාජය තුල ජීවත්වන ඒකීය පුද්ගලයින්ගේ කැමැත්ත මත එකඟතාවයෙන් යුතුව කරන කිසිම පොදු වැඩක් නැති බව ඉහත කතා කල කිසිම කරුණකින් ප්‍රතික්ෂේප නොවේ. ක්‍රිඩා තරඟයකදි තම පිලේ ජය වෙනුවෙන් ක්‍රිඩා කරන එකම පිලේ ක්‍රිඩකයන් සේ ම එම පිලේ ජයග්‍රහණය පතන ක්‍රිඩා ලෝලීන් ද සිටිනුයේ පොදු හැඟීමකිනි. එහිදී පවතිනුයේ පුද්ගලික අපේක්ෂාවන්වල සංකලනයකි. එසේම අනෝන්‍ය කැමැත්ත මත දරුවන්ට උදව් කරන සමිති සමාගම් පොදු අපේක්ෂාවෙන් පිහිටුවා ගැනීම ද මෙවැනිම කරුණකි. ඒ හැම තැනකම පොදු බව යන්න අතිරේක කරුණක් මිස සමස්තය නොවන බව වටහා ගත යුතුව ඇත. වෙන රටක් විසින් තම රට ආක්‍රමණය කරන විට රට ගැන ඒ ඒ පුද්ගලයා තුල ඇතිවන ‘පොදු හැඟීම’ අතිරේක හා සුවිශේෂි කරුණක් වන අතර එය වනාහී සමාන්‍ය ජන ජීවිතයේ පවතින සාමාන්‍ය ස්වභාවය නොවේ. බහුතරයක් වූ රටවැසියන්ට රට ගැන පොදු හැඟීම යුධ කාලය තුල තිබිය හැකි වුවත් සාමකාමී කාලයකදී ඔවුන් තම පුද්ගලික ස්වාර්ථයට ප්රවේශවීම සරල සත්‍යයකි.
අප කතා කරනුයේ ආර්ථිකයක සාමාන්‍ය ලෙස පවතින ජන ජීවිතයේ ස්වභාවයයි. ව්‍යතිරේඛයන් ගැන නොවේ. සාමාන්‍ය තත්ත්වයක් තුල පොදු අරමුණකින් මිනිසා ක්‍රියා නොකරන බවත් ශ්‍රම විභජනයෙන් සෑදී ඇති සමාජයක දී මිනිසුන් පුද්ගලිකත්වය තුලින්ම පමණක් එම ක්‍රියාවලියට සම්බන්ධ වේ.
—-
ක්රිෂ්ණගෙ අනගි සටහනට එකතු කරන පින්තූරය ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ කඩ දාමයක විකුණන වියළි වරකා චිප්ස් පැකට් එකක්. ඇමෙරිකාවේ කාටද අවශ්‍ය වියළි වරකා චිප්ස් කන්න? ඒක තීරණය කරන්නෙ කවුද? තමන්ගෙ සල්ලි වලින් වරකා චිප්ස් මිල දී ගන්න කෙනා ද? නැත්නම් හැමෝම කන්න ඕන මොන වගේ දේවල්දැයි තීරණය කරන්න යන මධ්‍යම සැලසුම්කරුවන් ද? සමාජීය පොදු අරමුණු වෙනුවෙන් කැපවී සිටි සැලසුම්කරුවන් වසර ගණනාවක් පාලනය කළ වෙනෙසියුලාවේ අද කඩ රාක්ක හිස්. අද මූලික අවශ්‍යතාවන් පියවා ගන්නවත් ඔවුනට හැකියාවක් නැහැ. ඒත් අවසානවක මහත, ක්රිෂ්ණගෙ සරල සටහන වටහාගන්නට බැරි අයයි තවමත් ලෝකයේ වැඩියෙන් ඉන්නෙ.
↧
තමිල්නාඩු මැතිවරණය සඳහා කරුණානිධි සහ කොංග්රස් පක්ෂය යළි එක්වෙති
ළඟ එන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය සඳහා සන්ධානගතව තරඟ කිරීමට මුත්තුවේලු කරුණානිධිගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාහම් (DMK) පක්ෂය සහ ඉන්දීය ජාතික කොංග්‍රසය එකඟ වූහ.
කරුණානිධි
ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ නායක සහ කොංග්රස් පක්ෂයේ ප්රමුඛ පෙළේ නායකයකු වන ගුලාම් නබි අසාඩ් සහ කරුණානිධි අතර හමුවකින් පසු මෙම තීරණය කරා එළඹුන බව ප්‍රකාශ කරන ලදී.මෙම පක්ෂ දෙක මීට පෙර 2006 දී සන් ධානගතව තරඟ වැදී තමිල්නාඩු මැතිවරණය ජයගත් අතර 2011 දී ඔවුන් ඇතුලත් වූ සන් ධානය ජයලලිතාගේ සමස්ථ ඉන් දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක් ෂය ප්රමුඛ සන් ධානය විසින් පරාජය කරන ලදී.DMK නායක කරුණානිධි 2013 දී කොංග්‍රසය සමඟ වූ සන්ධානය බිඳ දැමූයේ එවකට කොංග්රස් පක්ෂය ප්රමුඛ සන්ධානයක් විසින් පාලනය කෙරුණ ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව, ශ්‍රී ලංකාවේ දමිළ ජාතිකයන් ගේ අයිතීන් පිළිබඳ හඬක් නොනගන බවට දෝශාරෝපණය කරමින්.2014 දී පැවැති ඉන්දීය මහ මැතිවරණයේදී DMK පක්ෂය ප්‍රාන්තයේදී අන්ත පරාජයකට පත්වූ අතර කොංග්‍රසය සමස්ථ ඉන්දියාව පුරාම අන්ත පරාජයක් භුක්ති වින්
↧
↧
කදුලු බිදක් ළග
කදුලු බිදක් ළග පිරුණු විතක්තැලුන හිතක් මත.. මතක පෙතක්මතක ඇවිත් හිසමතම හිටං.. වද දෙන්නේ ඇයිද මා දැවෙන ලෙසින්හාදවෙලා අමනාප වෙලාඅමනාප වුනේ ඇයි යාලුවෙලා.. කාල බලන්නට මාව උලාගත්තෙ ඇයිද හද කුරිරු වෙලා.. නෙළුම පිපී විල මතම සැලී.. මා එනු දැක සුලගට වැනු හැටී.. කඩා ගන්ට මා මඩට බැසී... මල හිනැහේ , මා මඩෙහි
↧
Sell , Exchange , Buy Online Money - අන්තර්ජාල මුදල් හුවමාරු කරමු- ඉක්මනින්ම අතට මුදල්
කට්ටිය ඉතින් අන්තර්ජාලය හරහා මුදල් හම්බ් කරලා ඒවා ගන්න විදියක් හොයනවනේ , පේ පෑල් ( PayPal ) , පයොනියර් (Payoneer) වගේ ඒවා සමහර වෙලාවට ගැටලු කාරී තත්වයන් මතුකරන්නත් පුලුවන්, ඉතින් ගොඩක් දෙනෙක් මේ දවස් වල වෙබ්මනී (Webmoney) වගේ එකක් බාවිතා කරනවා වෙන්න පුලුවන්, ඉතින් කොහොමද ඒකේ මුදල් අපි අතට ගන්නේ , මෙන්න මේ සයිට් එකෙන් ගිහින් අපිට ඔය කියන මුදල් අපේ වීසා (Visa Card) , මාස්ටර්කාඩ් ( Master Card ) එකකට එහෙම නැත්නම් කෙලින්ම අපේ බැංකුවටම ගන්න පුලුවන්1. මෙන්න මේ ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්නhttp://intexchange.ru/?ref=1883192. දැන් ඉතින් හරි ලේසියි , ඔයාලගේ විස්තර ටික දාලා එවෙලෙම චේන්ජ් කරගන්න. 100% විශ්වාසී සයිට් එකක් තමයි
↧
ආදරයක කදුලක්
ආදරයක කදුලක් නැති තැන් සොයලාඇවිද ඇවිද හැම තැන කදුලුම දුටු හින්දාවෙහෙස වැඩිවී තිසා වැව ලග නැවතිලාහිටි විට දුටුවා ඉසුරුමුණියේ යුවල පෙම් බැදිලා...එදා සිට අද වෙන තුරා ආදරයෙන් බැදිලාඔබ දෙපළ ඉන්නෙ කොහොමද කදුලු නොසලාඅසන්නට පිය නගන විට ඔවුන් වෙත බලලාඇසුනේ සිහින් ඉකිබිදුම ඉසුරුමුණි පෙම්වති හඩනාවෙලී උන්නද අපි ආදරය ලොවට පෙන්වාපිරුණු සෙනෙහස කලින් අප සිත් තුලම රදවාකලින් කල විරසකය සැක හැම මතුව ආවාඉන්න බෑ අපි අතර විරසකය දැන්
↧