Quantcast
Channel: Lankeeya sithuwili
Viewing all 13000 articles
Browse latest View live

"මම ඔයාලගෙ අපේක්ෂකයා නෙවෙයි"

$
0
0
ඒ 1982 වසරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවක දැඩි අර්බුදයක ගැලී සිටියේය​. පක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තිබිණ​. මේ අතර ලක් ඉතිහාසයේ පළමු ජනාධිපති මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් වූයේය​.මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් එවකට ජනාධිපති ධූරය දැරූ ජේ. ආර්. ජයවර්ධන ඉදිරිපත් වූයේය​. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයකු තෝරාගැනීම පිළිබඳ බරපතල ගැටලුවකට මුහුණ දුන්නේය​.පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකගේ අවශ්‍යතාවය වූයේ තම පුත් අනුර බණ්ඩාරනායකට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීමය​. නමුත් පක්ෂයේ විශාල පිරිසකගේ, වෙසෙසින්ම එහි තරුණ සාමාජිකයන්ගේ දැඩි විරෝධයක් මෙම තීරණය කෙරෙහි මතු වූයේය​.විජය කුමාරතුංග ඇතුලු පක්ෂයේ තරුණ සාමාජිකයන් පිරිසක් හෙක්ටර් කොබ්බෑකඩුව මුණ ගැසීමට යන්නේ මේ අතරතුරය​. ඔවුන් හෙක්ටර් කොබ්බෑකඩුවගෙන් ඉල්ලා සිටිනුයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙසය​.හෙක්ටර් කොබ්බෑකඩුව ආදර්ශමත් දේශපාලකයකු වූයේය​. 1970-77 රජයේ කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා වූ ඔහුට අක්කර 50 නීතිය හේතුවෙන් විශාල ඉඩකඩම් ප්‍රමාණයක් අහිමි වූ අතර​, ඉඩම් අහිමි වූ බොහෝ නෑදෑයෝ ඔහු හා අමනාප ද වූහ​. තත්ත්වය කෙතරම් බරපතල වී ද යත්‍, ඔහුගේ සහෝදරයකු ඔහුගේ නිවසද බෙදාගෙන ඔහුගේ කොටසට අයිතිවාසිකම් කීවේය​. කොබ්බෑකඩුව දේශපාලනයෙන් මුදල් සෙවූවකු ද නොවීය​. මේ හේතුවෙන්ම විජය ඇතුලු පිරිසගේ ඉල්ලීම ඔහු කරුණාවෙන් ඉවත දැම්මේය​. "මේ ගේත් තාප්පයක් ගහල දෙකට බෙදල​. මම අඳින්නෙත් අණ්ඩ දාපු කමිස​. කැබිනට් ඇමතියෙක් වුනාට මම හොයාගත් මුදලක් නෑ. එහෙව් මම කොහොමද ඡන් ද කරන්නෙ. මම ඔයාල හොයන අපේක්ෂකයා නෙවෙයි. කරුණාකර වෙන කෙනෙක් හොයාගන්න​" ඔහු කීවේය​.නමුත් එයින් විජය කුමාරතුංග ඇතුලු පිරිස පසුබට නොවූහ​. "සර් තරඟ කරන්න​. අපි වියදම් බලාගන්නම්" ඔවුහු කීහ​.සිරිමා බණ්ඩාරනායකගේ විරුද්ධත්වය හේතුවෙන් පක්ෂයෙන් කොබ්බෑකඩුවට වියදම් නොකළද ඔහුගේ සහචරයෝ කෙසේ හෝ මුදල් සපයා ගත් හ​. 1982 සැප්තැම් බර් 17 වනදා නාම යෝජනා කැඳවන ලද අතර අපේක්ෂකයෝ සය දෙනෙක් මෙහිදී තරඟ බිමට බටහ​. මෙයින් ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා අපූරු තර්කයක් ඉදිරිපත් කරමින් පැවසූයේ කොබ්බෑකඩුවගේ පක්ෂයේ නායිකාවට ප්‍රජා අයිතිය නොමැති බවත්, ඔහුට ඡන්දය දීම නිශ්ඵල බවත් ය​.මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම වූ සිරිමා පාර්ශවයේ වූවෝ කොබ්බෑකඩුව සමච්චලයට ලක් කළහ​. අනුර බණ් ඩාරණායක වරක් ප්‍රකාශ කළේ සිය පක්ෂයේ අපේක්ෂකයාට -මෝටර් රථයට පෙට්‍රල් ගහගන්නටවත් මුදල් නැති- බවය​. මේ සියලු ප්‍රශ්න මැද හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්ද ව්‍යාපාරය ඉදිරියට ඇදී ගියේය​.කෙසේ වෙතත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරණ සටන ජයගත්තේය​. ජයවර්ධන ඡන්ද 3,450,811ක් (52.91%) ලබාගනිද්දී කොබ්බෑකඩුව ඡන්ද 2.548,438 ක් (39.07%)

බම්බු වෙදා ගේ සිට ධර්මිෂ්ඨ සමාජයට

$
0
0
නාට්‍ය කලාව අපේ ජීවිත එක්ක මුලින්ම පැටලෙන්නෙ මොන්ටිසෝරියෙදි මට දැනෙන විදියට. මගේ මුල් ම මතකය තමයි ගමරාළ දිව්‍ය ලෝකෙ ගිය හැටි රඟදැක්වූ ආකාරය. ටීච තමයි ඒ දිව්‍ය ලෝකෙන් ආව අලියා වුණේ. එයා රෙද්දකින් තමන්ව වහගෙන අත හොඬවැලක් විදියට පෙන්නුම් කළා. ගමරාළ පිටිපස්සෙන් වැටිල දිව්‍ය ලෝකෙ යන්න අලියගෙ නැට්ටෙ එල්ලුණු ගැමියො අතර මාත් උන්නා. ඉන්පස්සෙ දහම් පාසල, ළක්‍රිවී (ළමා ක්‍රියාකාරී වීරයෝ) සමිතිය, තරුණ සමිතිය, පාසල් සාහිත්‍ය සමිතිය, උසස් පෙළ නාට්‍ය කලා විෂය ධාරාව නාට්‍ය කලාවට තිබුණු ඇල්ම වැඩි කළා. පුංචිම සන්දියෙ වැඩියෙන්ම රඟ දැක්වුණේ බම්බු වෙදා. මම බම්බු වෙදායා.. මම රටේ වෙදායාඕනම ලෙඩකට දෙන්නේ එකම කසායා.. ඇයි දොම්පෙට යන පාර අහපු හැටි..දොම්පෙට යන පාර කොයි බදෝ.. මාමේ මට කියාදෙනවදෝබතල හොඳට බැහැල තියෙනවා.. හාරනකල් ටිකක් ඉන්නවා...මහදැනමුත්තගෙ කතන්දර, අන්දරේ සීනි කෑව හැටි ඔය වගේ හාස්‍ය රසයෙන් පිරුණු කතන්දරනෙ පුංචි කාලෙ අපි වැඩියෙන්ම රඟ දක්වන නාට්‍ය. ඒවයෙ නිෂ්පාදක, අධ්‍යක්ෂක, නළු නිලියො, ප්‍රේක්ෂකයො ඔක්කොම අපි තමයි. මට  නිතරම සිද්දවුණු අලකලංචියක් තමයි වේදිකාව මත හාස්‍යය උත්පාදනය වෙන අවස්ථාවල හිනාව නවත්ත ගන්න බැරි වීම. ඉතින් කොයිතරම් දක්ෂ නිළියක් වුණත් වේදිකාව පිටිපස්සට දුවලා හිනාව ඉවර කරගෙන එන්න සිද්ද වුණා.ඔහොම ආව නාට්‍ය ඇල්ම වැඩි දියුණු වුණේ ළමුන් කැටුව යන අනුශාසක කෙනෙක් විදියට ළක්‍රිවියට සම්බන්ධ වුණාම. ළමුන් එක්ක වැඩ කරන්න අපි නාට්‍ය ජවනිකා, රංගනයන් උදව් කරගත්තා. ළමුන් වෙනුවෙන් පැවැත්වූ වාර්ෂික සන්නිවේදන වැඩමුළුවෙ එක් වරුවක්ම වෙන් වුණේ නාට්‍ය කලාව ගැන කතා බහට සහ නාට්‍ය කරන්න. ඉතින් අපිත් නොදැනිම නාට්‍ය ශිල්පියො වෙනවා මොහොතකට හරි.සමීර නිශ්ශංක ( දැන් මීගමුව මාරිස්ටෙලා විදුහලේ නාට්‍යාචාර්ය), ක්‍රිශාන්ත ද සේරම් (  නාට්‍යෙව්දී, බිංගිරිය ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථීකාචාර්ය) සහෝදරවරුන් මුල් වෙලා අපි දෙවරක් ළක්‍රිවියෙ ජාතික මට්ටමින් නාට්‍ය වැඩමුළු පැවැත්වුවා. දිගටම වැඩමුළුවලට සම්බන්ධ වෙන්න නොහැකි වුණත් පහසුකම් සපයන්නියක් විදියට ඒ වැඩමුළුවලට උදව් වුණ නිසා එයිනුත් යම් අත්දැකීම් ලැබුණා. ඇත්තටම නාට්‍ය ගැන පිස්සුවක් වෙන තරමට ඇල්මක්. ඒත් අනිත් වැඩ අතර ඒ ඇල්ම යටපත් වුණා.නාට්‍ය එක්ක ළක්‍රිවියේ තිබුණු බැඳීම ‘‘බාලයන් තුළින් නව ලොවක්‘‘ කියන ළක්‍රිවි දැක්මත් එක්ක බද්ධ කරගනිමින් නාට්‍ය කලාවත් එක්ක ඉදිරියටම ගිය දෙන්නෙක් තමයි ශානක මල්ලි (වෙන්නප්පුව), ජූඩ් මල්ලි. ( කුලියපිටිය) එයාල අද ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි. රාජකදළුවෙ ලංකා ත් මේ මොහොතෙ මතක් වෙනවා. අවුරුදු පහකට විතර එපිට ශානක මල්ලිටත්, ජූඩ් මල්ලිටත් මහා ඕනෑකමක් තිබුණා ළක්‍රිවිය එක්ක නාට්‍ය කණ්ඩායමක් පටන්ගන්න. විශේෂයෙන්ම එයාල ලබා ගත්ත දැනුම ළක්‍රිවියත් එක්ක බෙදාගන්න. ‘‘අපිට මේ ගමන එන්න මුල් අඩිතාලම දැම්මෙ ළක්‍රිවිය. ඒ නිසා අපි ලබාගත්ත දේවල් ළක්‍රිවියත් එක්ක බෙදාගන්න එක අපේ යුතුකම.‘‘ එහෙමයි එයාල නිතරම කිව්වෙ.ඉතින් මුල්ම සාකච්ඡාවන් හෙම කරලා ළක්‍රිවී අනුශාසකවරුන් එක්ක අපි වැඩේ පටන්ගත්තා. පළමු හමුවීම් තිබුණෙ ආඬිඅම්බලම සමාජ හා සාමයික කේන්ද්‍රෙය. ෆාද තිස්ස බාලසූරියගෙ මධ්‍යස්ථානෙ. ආර්ථීක ගැටලු විසඳගන්න මේරියස් පියතුමා සහය දුන්නා. ප්‍රභාත් අයියා, පෝල් මල්ලි, මම ඇතුළුව විස්සකට එහා පිරිසක් එකතු වුණා. අපි නමකුත් දාගත්තා. ඒ තමයි ‘‘තලෙන්තු නාට්‍ය කණ්ඩායම‘‘ ජීවිතයට ලැබී තිබුණු තලෙන්තු කොයි තරම් වුණත් අපිට දිගටම තලෙන්තු නාට්‍ය කණ්ඩායම එක්ක ඉන්න බැරි වුණා. "අක්කා රඟපෑවෙ නැතත් කමක් නෑ. ලියන්න පුලුවන්නෙ. අක්ක අපි එක්ක ඉන්න." එයාල කිව්වෙ එහෙමයි. මමත් ආරම්භයෙදි පුදුමාකාර උද්‍යොගයකින් තමයි නාට්‍ය වැඩමුළුවට ආවෙ. ඒත් ටික දවසක් යද්දි ගමේ යන්න තියෙන සති අන්තය අහිමි වෙන බව දැනෙද්දි මගේ හිත පසුබාන්න ගත්තා. මාස ගණනක් ගතවෙද්දි එකිනෙකා හැලිලා නාට්‍ය කණ්ඩායමට ඉතිරි වුණේ කිහිපදෙනෙක්. නමුත් ශානක සහ ජූඩ් මල්ලිලා කිසි විටක තමන්ගෙ උත්සාහය අත්හැරියෙ නැහැ. ක්‍රමයෙන් ළක්‍රිවියට බාහිරින් තරුණ පිරිසක් මේ නාට්‍ය කණ්ඩායම එක්ක අත්වැල් බැඳගත්තා. ඉන්පස්සෙ කණ්ඩායමට නමක් තිබුණෙ නෑ. නමුත් එයාල දිගටම වැඩමුළු පැවැත්වුවා. අභ්‍යාස කළා. නිර්මාණ කළා. හෙමින් හෙමින් නමුත් බොහොම සාර්ථක ගමනක් ඉදිරියට ආවා. නාමල් ජයසිංහ සහෝදරයා අත්වැල් බැඳගැනීම නාට්‍ය කණ්ඩායමට ලොකු ආශිර්වාදයක් වුණා. මරදාන ළක්‍රිවි කාර්යාලය ඒ වෙනුවෙන් පහසුකම් සපයන නවාතැනක් වුණා. ඉතින් ඒ නමක් නැතිව ආව නාට්‍ය කණ්ඩායම Unnamed Theater Group නමින් දැන් කෙටි නාට්‍ය දැක්මක් පවත්වන්න සූදානම් වෙනවා. ඒ පෙබරවාරි 18 වෙනිදා සවස 3.30 ට සහ 7.00 බොරැල්ල පුංචි තියටර්හි දී.. ජූඩ් ක්ලෝඩියස් ගේ  ‘‘දාහක් දෙනවකෝ“, ‘‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු.‘‘, සමන්ත පරණලියනගේ ගේ ‘‘කිරිඅම්මා අවතාරය‘‘, ප්‍රදීප් ඇරෑගම ගේ ‘‘ආණ්ඩුවෙන් රස්සාවක්‘‘කෙටි නාට්‍ය ඒ අතර වෙනවා.  Unnamed Theater Group සමඟ කළ සංවාදයක් මේ. 1.   මොකක්ද මේ Unnamed Theater Groupකියන්නේ?දැනට අපි දකින බහුතර නාට්‍ය කණ්ඩායම් බොහෝ වෙලාවට කිසියම් අධිකාරියක් මගින් මෙහෙයවමින් යන්නක්. එක පුද්ගලයකු වටා හෝ සංවිධානගත ආයතන ව්‍යුහයක් තුළට ඒකරාශිවීමක්. Unnamed Theater Group මේ තත්ත්වයෙන් ඈත් වුණ එකක්. නාට්‍ය කලාව තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය කරගත්ත තරුණ තරුණියන් පිරිසක් තමයි මේකෙ ඉන්නේ. ඒක මෙහෙයවන්න කවුරුත් නැහැ. ඒක පවතින්නේ එකිනෙකාගේ වැඩ කිරීමේ උවමනාව මත. අපේ එකතුවේ පදනම වෙන්නේ ඒකම තමයි.2.   මේ නමක් හදාගන්න කරන වැඩක් ද? නමක් නැතිව වැඩක් කරන්න පුලුවන් වාතාවරණයක් මේ මොහොතෙ ලංකාවෙ තියෙනවයි කියල ඔබ හිතනවද?නමක් හදාගැනීමේ උවමනාවක් අපට නැහැ. නමුත් අපේ ප්‍රකාශන මාධ්‍ය වන නාට්‍ය කලාවත් එක්ක වැඩ කිරීමේ, අපේ සමාජ කියවීම බෙදා හදාගැනීමේ උවමනාවක් අපට තියෙනවා. ඒකට නමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. නමක අවශ්‍යතාව මතුවෙන්නෙ අපි කරපු නිර්මාණ ටික සමාජය ඉදිරියට අරන් යන්න ඕන වුණාම. මොකද වැඩේට වඩා නම වැදගත් කියල හිතන සමාජයක් මේක. කසාදයක් කරගන්න ගියාම කුලේ මොකක්ද? පරම්පරාව කොයි වගේද? ජාතිය, ආගම මොකක්ද කියල හොයන රටක නිර්මාණකරුවන්ට වුණත් එවැනි මිනුම්දඬුවලින් බේරිලා ඉන්න අමාරුයි. කොතරම් හොඳ නිර්මාණ කළත් අපෙත් ජාතකේ හොයයි නේද? අපි එකතුවක් විදියට අවජාතකව බිහිවුණේ. මේ නිර්මාණ ටික ප්‍රේක්ෂාගාරයක් ඉදිරියට ගෙන යාමේ උවමනාව දැඩි නිසා මේ අවජාතක දරුවට නමක් දෙන්න උවමනා වුණා. ඉතින් අපි බොහොම උජාරුවට නමක් දාගත්තා. ඒ තමයි Unnamed Theater Group.3.   නමක් නොතිබුණාට මේ වෙද්දිත් ඔබ සම්මානිත නාට්‍ය කණ්ඩායමක් ?ඔව්. ඒක හරි. පසුගිය වසර කිහිපය තුළ අපි කරපු නිර්මාණ පෙන්වා ගැනීමේ වේදිකාව බවට පත්වෙන්නෙ යෞවන හා රාජ්‍ය නාට්‍ය උළෙලවල් දෙක. අපි ඉදිරිපත් කළ හැම නිර්මාණයක්ම වගේ ඇගයීමට ලක් වුණා. ‘‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු.‘‘ නාට්‍යය 2013 යෞවන නාට්‍ය උළලේදී හොඳම නිෂ්පාදනය, හොඳම පිටපත, හොඳම අංගරචනය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම නළුවා, නාට්‍ය උළලේ තුන් වන ස්ථානය ආදී ලෙස සම්මාන ලබා ගත්තා. මෙම නාට්‍යයම 2014 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම පිටපත, හොඳම නිෂ්පාදනය, දෙවෙනි ස්ථානය ඇතුළු සම්මාන 6 ක් දිනාගන්නවා.ඒ වගේම ‘‘කිරි අම්මගෙ අවතාරය‘‘ නාට්‍යය 2015 යෞවන සම්මාන උළලේ හොඳම නිළිය, හොඳම නිෂ්පාදනය ඇතුළු සම්මාන 03 ක් ලබා ගත්තා. ‘‘දාහක් දෙනවකෝ‘‘ නාට්‍යය 2015 යෞවන සම්මාන උළලෙදි හොඳම පිටපත, හොඳම අංග රචනය, හොඳම වේදිකා පරිපාලනය ඇතුළුව සම්මාන 04 ක් දිනාගන්නවා.  සම්මාන බලාපොරොත්තුවෙන් වැඩ කළා නෙවෙයි. නමුත් අපේ මහන්සිය යම් ඇගයීමකට ලක්වීම සතුටක්.4.   18 වෙනිදා පුංචි පුංචි නාට්‍ය එකතු කරගෙන පුංචි රඟහලේ කෙරෙන වැඩේ මොකක්ද?මේ මාසෙ 18 වෙනිදා අපි මේ කරපු නිර්මාණ කිහිපය වේදිකාගත වෙනවා. සම්මාන උළෙලකින් ලැබෙන සම්මානයකින් කුල්මත් වෙලා, ඒ වැඩේ එතනින් නතර කර දැමීමේ උවමනාවක් අපිට නෑ. කවුරුවත් අපට අනුග්‍රහය දක්වයි කියල බලාගෙන ඉන්නෙත් නැහැ. මොකද අපේ උවමනාව වුණේ මේ නිර්මාණ ප්‍රේක්ෂාගාරයක් වෙත ගෙන යාම. එහෙම නොවුණොත් වසර ගණනාවක අපේ සාමූහික කැපකිරීමෙන් වැඩක් නැති වෙනවා. මේ සමාජයෙ ජීවත් වෙද්දි අපිට දැණුනු රිදුණු තැන් තියෙනවා. ඒ ගැන අපට කියවීමක් තියෙනවා. ඒ රිදුම, ඒ කියවීම තමයි මේ නිර්මාණ හරහා එළියට එන්නෙ. සමාජයත් එක්ක අපේ කියවීම ගළපගන්නෙ කොහොමද, ගැළපෙන්නෙ කොහොමද, අපට එකට ගමනක් යන්න පුලුවන්ද කියල ප්‍රායෝගිකව අත්හදා බලන්න තමයි මේ සූදානම. පෙබරවාරි 18 වෙනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි රඟහලේ අපි කළ කෙටි නාට්‍ය හතරක් වේදිකාගත වෙනවා. ‘‘දාහක් දෙනවකෝ“, ‘‘කිරිඅම්මා අවතාරය‘‘, ‘‘ආණ්ඩුවෙන් රස්සාවක්‘‘ සහ ‘‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු.‘‘එන්න, ඇවිත් බලන්න, අපිත් එක්ක එකතුවෙන්නකියන ඇරයුම කරන්න කැමතියි. 5.   ලංකාවෙ නාට්‍ය කලාව පවතින්නෙ අගනුවර කේන්ද්‍ර කරගෙන, මේ තත්ත්වය වෙනස් විය යුතුයි නේද? වේදිකා නාට්‍ය දැඩි උවමනාවෙන් බැලීමේ පුරුද්දක් අපේ රටේ මිනිස්සුන්ට නැහැ. කෙටි නාට්‍ය සම්බන්ධයෙන් තත්ත්වය තවත් බරපතලයි. කොළඹ තත්ත්වයත් ඒකයි. කොළඹින් පිටට ගියාම එහෙම පිරියක් වත් නැහැ. මේ තත්ත්වය වෙනස් කිරීම නිර්මාණකරුවන්ට විතරක් කරන්න පුලුවන් කාරණාවක් නෙවෙයි. ඒකට මුලු සමාජයක් සූදානම් විය යුතුයි. අපි දියුණු නාට්‍ය කලාවක් පවතිනව කියන රටවල සමාජ තත්ත්වය ඒ විදියයි. ලෝකයේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවන් නාට්‍ය පෙන්නුවේ එහෙම සමාජයකට. ඒ නිසයි ඒ නිර්මාණ සමාජ පිළිගැනීමට සමාජ අවධානයට ලක්වෙලා ඒ විශිෂ්ඨත්වයට පත්වෙන්නෙ. ලංකාවෙ සමාජය තාම එතෙන්ට පරිණාමය වෙලා නැහැ. සමහර විට එතෙන්ට එන්න අපට සෑහෙන කාලයක් යාවි. ඒ යුගය එන තෙක් අපි මේ මොහොතේ වැඩ කළ යුතුයි. නැත්නම් ඒ අවස්ථාව තවත් ප්‍රමාද වේවි. අද අපි කරන දේ උපරිමයෙන් කළාම ඇති. ඒකට කොළඹ ද, කොළඹින් පිට ද කියන එක ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. දිගටම අපි හැමෝම වැඩ කරනවනම් කොළඹින් පිටතත් නාට්‍ය බලන ප්‍රේක්ෂාගාරයක් හැදේවි. ඒ වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙලක් සම්බන්ධව අපිත් හිතමින්, සාකච්ඡා කරමින්, සූදානම් වෙමින් ඉන්නවා. 6.   Unnamed Theater Group ඉදිරි ගමන කොහොම වේවිද?ලොකු සැලැස්මවල් අපට නැහැ. අනික නිර්මාණ කිරීමේ හදිස්සියකුත් නැහැ. එකතුවක් විදියට අපි කොච්චර කල් වැඩ කරනවද, නොකරනවද කියල තීරණයකට ඇවිල්ලත් නැහැ. ඒ මොනව වුණත් මේ මොහොතේ වැඩ කිරීමේ දැඩි උවමනාවක හැමෝම ඉන්නවා. ඒකට හැමදෙනාම තමන්ගේ උපරිමය ලබා දෙමිනුත් ඉන්නවා. එකිනෙකා කරන කැපවීම මත තමයි අපේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. ඒක මේ අපේ එකතුවේ ඉන්න සාමාජිකයින්ගෙ කැපවීම පමණක් නෙවෙයි. නිර්මාණ අගය කරන, නිර්මාණ කළ යුතුයි විශ්වාස කරන, ඒ නිර්මාණ සමාජගත කළ යුතුයි කියල හිතන හැමෝගෙම වගකීමක්, කැපකිරීමක්. ඒ කාරණා මත තමයි අපේ ඉදිරිය තීරණය වෙන්නේ.

"තිසා... අපි (ආපහු) යමු....."

$
0
0
"මිස්ටර් හාන්ලට ඕන කරන්නේ මේ ප්‍රඩක්ට් එක ගමේ වගේම අ-බන් මාකට් එකෙත් ප්‍රසිද්ධ කරන්න""We discussed all these no.... පහුගිය හැම මීටින් එකකදිම අපි කථා කලානෙ ඕක...""ඔව් ඔව් මම ආයේ ආයේ කියනව නෙමේ.... ඒත් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන මිස්ටර් හාන්.... මේ මූණ කියන එකේ වැදගත් කම ගමේදියි නගරෙදියි කියල වෙනසක් වෙන්නේ නෑ.... ඒ නිසා මේ ඇඩ්වටයිසිං කැම්පේන් එකේදී අපි මෙහෙම වැදගත් කමක් දෙනව මූණට..."ඉන්පසු තිසර සභාවට කැඳවන්නේ මූණ හරහා සන්නාම පටියක් ඇලවූ තම බිරිඳයි....!"මෙන්න මෙහෙම.... එතකොට මොකද වෙන්නේ...? එත.....කොට මො....ක....ද වෙන්නේ...? කන්සියුමගෙ අටෙන්ෂන් එක කෙලින්ම එන්නෙ මූණට... ඊලඟට බ්‍රෑන්ඩ් එකට...""ඒ වුණාට බ්‍රෑන්ඩ් නේම් එකක් කෙනෙක්ගෙ මූණ හරහ අලවන එක ඒ තරම් එතිකල් නෑ නේද?..""කෙමිකලි නරක දෙයක් විකුණන්න එතිකලි කරදර වෙලා බෑ මිස් ෂාමේන්..." [මට තිසර හමුවන්නේ මෙතැනදීය...]අධ්‍යක්ෂක රැස්වීම් කාමරය තෘප්තිමත් සිනහවෙන් පිරේ..."තිසා... අයියන්ඩි I don-t agree with you..." සුරම්‍යා(යශෝධා) පහත් හඬින් කියයි"Don-t make a scene.. you shut up and wait...."ගරිල්ලා මාකටින් චිත්‍රපටිය ඇරඹෙන්නේ එහෙමය...මල්පෙතිද, වැලිකැටද, යකඩ කුඩුද, වෙඩි බෙහෙත්ද, ඇට කැබලිද යන්න නොතකා එයට අසුවන මෙකී නොකී සෑම දෙයක්ම එකම වේගයෙන් භ්‍රමණය කල හැකි සුලිය ක්‍රියාත්මක වන්නේද එහෙමය.අවසන් වතාවට මෙසේ කැලඹු සුලියක් ගැන අපට අසන්නට ලැබෙන්නේ සුරාසුර යුද්ධය ඇසුරෙනි. එදාත් ඒ සයුර කැලඹූ විෂ්ණු දිව්‍ය රාජයාට අමෘතයත්, ලක්ෂ්මියත්, වාලම්පුරියකුත්, කෞස්තුභ මාණික්‍යය ඇතුලු වස්තූන් හමුවිය.සිගීරිය අභිමුඛව හිඳ පිලිස්සු මස් අනුභව කරනා අමාත්‍යකාරකාදීන් හමුවට ඊලඟට තිසර ඉදිරිපත් කරන්නේ නොමේරූ තරුණ තරුණියක් රැසකි. හේ "චේ"ගේ වාක්‍ය කිහිපයකුත් උපුටා දක්වයි..."චේ කිව්වා ගරිල්ලා භටයා අනවශ්‍ය කථා වලින් තොර විය යුතු කෙනෙක් කියල...තමන්ගෙ සගයො එක්කවත් එකම නිශ්චල කථාවක්වක් නොකල යුතුයි කියල...ඒ වගේම ඔහු කිව්වා මොනම දෙයකින්වත් ටය-ඩ් නොවෙන කෙනෙක් විය යුතුයි කියල...තමුන්නාන්සේලාට මම කියන්න ඕන මම මේ ට්‍රේන් කරපු පිරිසත් ආන්න ඒ වගේ කියලහැබැයි වෙනසකට තියෙන්නේ මේ ගොල්ල කරන්නේ ගරිල්ලා ෆයිටින් නෙමේ...ගරිල්ලා මාකටින්..."අමාත්‍යකාරකාදීන්ගේ ගේ එල්ලෙන ලොඹු සතුටින් සිනහවෙන් සලිත වෙයි..."කෙහෙන්ද බන් මෙච්චර ෂෝක් ජනසෘති ලෙවල් එකෙන් ගේමක් දෙන්න පුලුවන් කෙල්ලො කොල්ලො ටිකක් සොයාගත්තේ..?" උන් අසයිතමා නොදත්, තමන් පෙලන භීනෝන්මාදය [schizophrenia] හැරුණු කොට තිසරට බරපතල ප්‍රශ්නයක් වන්නේ බිරින්දෑ තමන්ව සැක කිරීමයි.  ග්‍රෙගරි මහාධිකාරම් තැන අඩ අඳුරේ තිසර මූත්‍රා කරමින් හිඳනා තැනට විත් තුමූද මුත්‍රා කරමින්ම තිසරව ආමන්ත්‍රනය කරයි... තිසර විපිළිසර වෙයි..."ඔය මූත්‍රා කරන එක නතර කොරන්න එපා..ඒක ශරීර සෞඛ්‍යයට හොඳ නෑ....මම හොඳ කථාවක් කියන්නම්.... ඔය මහජන මතය කියන එක තියනව නේද?ඕක හරියට පාළු බංගලාවක තියන අවතාරයක් වගේ... කවුරුත් දැකලත් නෑ... ඒත් හැමෝම බයයි...ඒත් මමනම් ඕකට තව දුරටත් බය නෑ... ඒ මොකද දන්නවද... ඔය මහජන මතය කියන එක හදන්න ඇඩ්වර්ටයිසිං ෆර්ම්ස් වලට පුළුවන්...."තමන්ගේත් තිසරගේත් මූත්‍රා දහරා මද දුරක් තනි තනිව ගොස් ඉනික්බිති එක්ව ගලනා හැටි ග්‍රෙගරි උතුමාණනුත් තිසරත් බලා සිටී...ග්‍රෙගරි මහාධිකාරම් උතුමාණන්ගේ මැතිවරණ ප්‍රචාරණයට ඔහුගේ "ඩයිනැමික්" පින්තූරයක් ගැනීමට තිසරට අවශ්‍ය වුවත් ජාතික ඇඳුමින් සැරසී කවිච්චියක වාඩිවී සිටිනා මහාධිකාරම්ගෙන් එයට ගැලපෙන මුහුණ නොලැබේ.  මේ තේරුම් ගන්නා ග්‍රෙගරි උතුමාණන් "බැලේ ඩාන්සර්" කෙනෙකු ලෙස ඇඳුම් ඇඳ විත් තිසරගේ ඡායාරූප කණ්ඩායම ඉදිරිපස "දැවැන්ත බැලේ" නැටුමක් ඉදිරිපත් කරයි... එහිදී ගන්න එක් රූපයක් තිසරගේ උවමනාව සඳහා කදිමට පෑහේ... ඉනික්බිති තිසර ඒ රුව පරිගණකාධාරයෙන් ජාතික ඇඳුමක් අන්දවා මහා පරාක්‍රමබාහු මාළිගාව ඉදිරිපිට පෙලගස්වයි..."කමක් නැත්නම් මම සර්ගෙන් ප්‍රස්නයක් අහන්නද?"තිසර ගේ ප්‍රස්නය උතුමාණන් ඉවෙන් හඳුනයි...."උත්තරේ මේකයි - මම නැට්ටුවෙක් නෙමේ ඩාන්සර් කෙනෙක්... මම දේශපාලනඥයෙක් නෙමේ පොලිටීෂන් කෙනෙක්... මට වෙලාවකට අපි දෙන්න ගැනම හරි දුකක් ඇතිවෙනව -අයිසේ-... තමුසෙ නැට්ටුවෙක් වෙන්න හීන දැක්ක... මම ඩාන්සර් කෙනෙක් වෙන්න හීන දැක්ක කෙනෙක් නොවුනත් මම ඩාන්සර් කෙනෙක්.... අන්තිමට තමුසෙ වෙළෙන්දෙක් වුණා... මම ලොකු කඩයක් වුණා...."දෙදෙනාම මහ හඬින් සිනාසෙයි...."සර්ගෙ පෝස්ටරේට මම මහා පරාක්‍රමබාහු මාළිගේ දැම්ම සර්..""ඒක හොඳයි... මොකද අපි ඕක මල්ටි නැෂනල් එකකට දෙන්න ඉන්නෙ... අයිසෙ තිසර... අපි සංස්කෘතිය ආරක්ෂා කරන්න නම් ඒක විකුණන්න ඕන... මහා පරාක්‍රම බාහු.... හ්ම්ම්.... එයා තමා අර කව්සිළුමිණ ලිව්වෙ නේ...?""නෑ සර් ඒ දෙවැනි පරාක්‍රමබාහු..""අයිසෙ.... පරාක්‍රමබාහුල දෙන්නෙක් හිටියද..?""දෙන්නෙක් නෙමේ නම දෙනක් හිටිය සර්...."උතුමාණන්ට බලවත් කැස්සක් එයි..."මම චිකාගෝ වල ඉලිනොයි ඉන්න කාලෙ තමා මොඩර්න් ඩාංසිං ඉගෙන ගත්තෙ..... හයි ස්කූල් ඔෆ් ප්-ර්ෆොර්මිං ආට්ස් වල තිබිච්ච ජෝ ස්ටයිමන් ගේ ඩාන්සිං ව-ක්ෂොප් එකටත් මාව තේරුණා...""එතකොට සර් අවසාන පිළිගැනීමට ඔබතුමා එනකොට මම වාදනය කරන්න හිතාන ඉන්නෙ උඩරට බෙරයි පාතරට බෙරයි...""හාපෝ ඒ වැඩේ නම් කරන්න එපා... මට ඔය සිංහල බෙර සද්දෙ පෙන්නන්න බෑ...""ඒ මොකද සර්...." "පොඩි කාලෙ ඉඳල ඔය බෙර සද්ද වලට මම බයයි අයිසෙ ....ඉට්ස් අ ෆෝබියා... බෙර ෆෝබියා..."තිසරගේ අවධානය මහාධිකාරම් පැහැරගන්නේ යථාර්තයද(?) ඉක්මවා යමිනි. ඒ ගූඪ සත්වයා තිසරගේ නිදන කාමරයටද පැමිණෙයි. මෙය අපූරු ඇනලොජියකි... මෙලෙස කී දෙනෙකුගේ නිදන කාමර මහාධිකාරම් උතුමන් විසින් ආක්‍රමණය ඇද්ද? වික්ෂිප්ත තිසර බිරින්දෑගේ නිරාවරණ සිරුරු කොටස් පොරවනයෙන් වසයි..."දුවන්න යන ගමන් ආවා....""දි.... දි....දිවීම ගැන ඔබතුමාගෙ අදහස මොකක්ද...""වැදගත් ප්‍රස්නයක්... අපි ඉපදුනේ දුවන්න... සෙම දාගෙන, හැහ් හොහ් ගාගෙන අපි මේ දුවන එකේ තියන ජොලිය මොකක්ද?""කිසිම ජොලියක් නෑ..."මහාධිකාරම පුනරුච්ඡාරණය කරයි.... "කිසිම ජොලියක් නෑ""කිසිම වින්දනයක් නෑ..." - "අන්න හරි..... කිසිම වින්දනයක් නෑ... මිනිහෙක් දුවන්නෙ හේතු දෙකක් නිසා... කවුරුහරි එයාව ලුහු බඳින නිසා... එක්කො ඒ කොලෙස්ටොරොල් වෙන්න පුලුවන් නැත්නම් ප්‍රභල හතුරෙක් වෙන්න පුලුවන්.... සතුරා ප්‍රභල වෙන තරමට අපි ධාවන ශූරයෝ වෙනවා... ....ඔන්න......ඔන්න මචෝ උඹේ ගෑණි ඇහැරිලා..... අපි යනවා......... බායි...""බායි සර්...බා......යි..."තිසරගේ බිරිඳට සිහිනෙන් මෙන් ඇසෙන්නේ තිසරගේ තනියම කියවීමය..."තිසර ඔයා මොනව හරි රිහර්ස් කරනවද..." දෑස් පිසලමින් ඈ අසයි..."මම නෙමෙයි... දැන් මේ ආපු කෙනා....""ආහ්...... කවුද දැන් මෙතනට ආවේ....????"රංගී අසයි.."ඇස් ගෙඩි දෙකට හෙන ගහලද..............................!!!" තිසර සිනාසෙමින් අසයි....නිදිසයනය දක්වාම ඒ නිර්මාතෲන්  විසින් ගරිල්ලන් එවනතුරුම ඔවුන් බලා උනි...තිසර නැටුම් පුහුණු වූයේ සුරම්‍යලාගේ ගෙදර පැවැති සුරම්‍යාගේ සියාගේ නැටුම් පන්තියෙනි... දළුලා වැඩි ඒ ප්‍රේම සම්බන්ධය විශ්වවිද්‍යාල ගමනින් තවදුරටත් වැඩී, ඉසිඹුවක් ලබාගන්නේ සුරම්‍යා "වැඩිදුර අධ්‍යාපනයට" එතෙර යාමෙනි. බෙහෙවින් නිර්මාණශීලී තරුණයෙක් වූ තිසරට සුරම්‍යා එනතුරු ඉවසා ඉන්නට ගරිල්ලන් ඉඩ නොදේ... දැවැන්ත මන්දිර, යාන වාහන, දැසි දස්සන් පිරිවරන ජීවිතය, ඒ ගරිල්ලන් තිසරගේ නිර්මාණශීලිත්වය වෙනුවෙන් ගෙනත් තැබූ දෑය. ගරිල්ලා මාකටින් චිත්‍රපටිය ප්‍රදර්ශනය වූ කාලයේ එකල වෛද්‍යවරුන් මේ නම් භීනෝන්මාදය හුවා දක්වන කදිම කෘතියෙකැයි ඒ වෛද්‍ය පීඨය තුල ප්‍රදර්ශනය කර සාකච්ඡාවට භාජනය කරනා වැඩමුළු සම්මන්ත්‍රණ පවත්වන ලදී  [සභාවේ සිනා එසඳ නොනැගුණි].තිසරගේ භීනෝන්මාදය, දිනපතා හතරෙන් පසු මැදියම් රෑ දක්වා කඩන පොල්, ලෙඩුන් කොපමණදැයි අසමින් රෝහලෙන් රෝහලට ඇදෙන දැවැන්ත වාහන, රථවාහන ගාලේ ඇති අළුත්ම මොඩලය, පිහිනුම් තාටක ඇති නිවෙස් යනාදියට කොපමණ දුරස්තද? කොපමණ සමීපද?බියපත් වෙන රංගි සුරම්‍යාට කථා කරයි.. තිසර නොනවත්වා වේගයෙන් කථා කරයි..."අපේ සමාජයට ඕනේ බය නැති වීරයෙක්... බය නැතුව රුසියාවෙන් කැවියා ගෙන්වන්න.... ඒ වගේම මෙක්සිකෝවෙන් මඤ්ඤොක්ක ගෙන්වන්න.... මහ පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ මාළිගේ විකුණන්න... සීගිරි කාශ්‍යපගෙ මාළිගාව සීගිරි කාශ්‍යප ඒ...ක්කම විකුණන්න බ....ය.... නැ....ති.... වී.....රයෙක්...."කලකට ඉහතදී විශ්ව විද්‍යාලය තුලදීම තිසරට මෙය වැළදුණු බව සුරම්‍යාට මතකය....ජයන්ත චන්ද්‍රසිරියන් මේ කාල වකවාණු ගලපන්නේ අපූරුවටය.... විශ්ව විද්‍යාලයට පැමිණ, අවසන් වසරේදී "හැව අරිමි" යැයි සීහනාද කොට ගරිල්ලන්ගේ මෙහෙයුමෙන් නා නා විධ භීනෝන්මාදයන් වද්දා ගන්නා චරිත කොපමණක් හමුවී ඇද්ද?තිසර නැවත රෝහල් ගතවේ...වෛද්‍යතුමා පැමිණ තිසරගේ කළු ඉංගිරියාවේ ක්‍රියාකාරිත්වය විදුලි පන්දමක ආධාරයකින් පිරික්සයි...තිසර ඈතින් දකින්නේ සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරැසුණු මහාධිකාරම් උතුමන් ඇඳින් ඇඳට පණිමින් පිස්තෝලයක් ද රැගෙන තමන් හමුවට එන බවයි...බියුගල් නලා හඬ මුවින් නංවා ආචාර සමාචාර සහිතව පිලිගත්තද උතුමාණන්ට අවැසි මේ නිර්මාණශීලී තරුණයා මරාදමන්නටය..."මම උඹට මෙතන ඉන්න ඉඩ දෙන්නේ නෑ...""එකඟයි (උතුමාණෙනි)..""(උඹලා ඉන්නකල්) මට නිදහසක් නෑ... " තිසරගේ අතට වෙඩි තබයි...."තෝ මරණවා... මරණ එක මරණව යකෝ............. ඒත් බෑ... උඹව මෙහෙම මරල බෑ...... මෝඩයා.... උඹ මොනවද මරණය ගැන දන්නේ..." කටට පිස්තෝලය දමයි...."තව ටිකකින් විශාල සද්දයක් ඇහේවි.. ඊට පස්සේ කිසිම හීනයක් නොදකින ලස්සනම ලස්සන නින්දක් උඹව හොයාගෙන ඒවි... අන්න ඒකයි මරණය කියන්නේ...."තිසරට දෝංකාරයකින් මෙන් ඇසෙන්නේ සුරම්‍යාගේ කටහඬයි..."තිසා.... අයියන්ඩී...............!!!!"ඈ පැමිණ සිටින්නේ තනිවම නොවේ... යක් බෙරය බැඳ, සුරයක්ද පැළැඳගත් ඇගේ සීයාද  සමගයි....මහාධිකාරම ඔවුන්ට ගොරවයි "ගහනව ඉතින් ඕක...." තරමක නිශ්ශබ්දතාවකිමහාධිකාරම උස් හඬින් අසයි.. "කාරක සභා සභාපති තුමණි... මේ නිහඬතාව කුමක් ප්‍රකාශ කරයිද?"සුරම්‍යා උත්තර බඳියි... "(එයින් කියැවෙන්නේ) කවුරුවත් කියන පලියට මේ බෙර වැයෙන්නෙ නැති බවයි...""ඒ මොකද..." උතුමාණන් සෝපහාසයෙන් විමසයි...."ඒ මේ බෙර ගහනකොට යක්කුන්ට දුවන්න පාර මදිවෙන හින්දා..." සුරම්‍යා සෙනෙහසින් තිසරට කථා කරයි..."තිසා.... අපි යමු...!" ---------------------------------------------------------------------------------------------------------"තිසා... අපි ආපහු යමු....."ඇයද මට ආදරයෙන් කීවාය....මම ආපසු හැරුනෙමි...---------------------------------------------------------------------------------------------------------පසු සටහන -පලදාවලියේ- හතරවෙනි වර්‍ගයේ "පෙරමග සුබ නිමිති" [58 - 60] කවි වලින් මුල් දෙපද ජයන්ත චන්ද්‍රසිරියන් විසින් කේමදාස ශූරින් ලවා අපුරු තනුවක් යොදා ගායනා කරවයි."ඇතුන් ගවයන් එළදෙනුන් සහ රැහැන් බැඳි ගොන් මුගටියන්මසුන් එළුවන් මොණරු වෙසඹුන් දෙනුන් සහ පැටි රජකයන් ලඳුන් බමුණන් ළදරු සහ මව් අසුන් සියොතුන් කොඩි වියන්අඳුන් රතුවන් මසුන් දීකිරි හිස් වෙළුම් ගත් අතැතියන්අහර කිරි සහ පියුම් අඹ වන් මල්ද උක් මැටි තුති බසාපවර මිණි මුතු පුන්කලස් බෙර සුරා දිලිසෙන ගිනි රැසානුවර වදිනා මගුල් පිරිසද ගිතෙල් සිහසුන් අංකුසාසතර වේදය කියන බමුණන් දපන දුනු මී රෙදි රැසාගොරද යහපත් අසුන් වීණා ධජ කොඩිද යන මින් දමක්ලදද ගමනේ පෙරමුණේදී සොඳැති පෙර නිමිතියි උදක්සබඳ දැනගෙන යනුව ඉන් තමහට නොවේ කිසි වියවුලක්නොමද සිරි සැප වේය මෙහි පල පොරණ බස් ලෙස නැත සැකක්"[ගැට පද: වෙසඹු: නළඟන | අංකුස: හෙණ්ඩුව | ගොර: ගෞරව]මේ පද්‍යාවලියේ "පෙරමග අසුබ නිමිති" මැයෙන් කවි කිහිපයක්ද [61 - 66] වෙයිඑයින් එකක් මෙසේ වෙයි"රතුද කහ රෙදි බළල් පොරයත් කොල්ලු මෝරුද කලුවතානිබඳ වමනය කරන අය සහ සිරස මුඩු කල ගිහිවතානොසොඳ වේ පෙරමුණට ගමනට ගියොත් ඒ දැක පල නැතාමෙලෙස දැන ගනු නිමිති නම් පෙර කළ කමින් ලැබු ලෙසවෙතා"මුල් කෘතියේ කතෘන් ලෙස ගැනෙන්නේ රුහුණෙහි වුසූ විජයරුවන් නම් දෛවඥයාය. තම හුරුවද, බුද්ධි ඥානයද, දෙස් විදෙස් ග්‍රන්ථ ඇසුරු කිරීමෙන්ද මේ ජන කවි මාලාව ඔහු විසින් සම්පාදිත වී ඇති යැයි පැවසේ. වර්‍ග සයකින්ද කවි හයසියයකට අධික සංඛ්‍යාවකින්ද සමන්විත මේ කව්මාලාව ගොවි කම් සම්බන්ධයෙන් පමණක් නොව, නම් තැබීම, අකුරු කරණය, ගෙට ගෙවැදීම යනාදී හැමෙකක් සම්බන්ධයෙන්ම ඇති නැකත්, පිළිවෙත් පහසුවෙන් මතකකයේ රඳවා ගත හැකි අන්දමින් සකසා කවියට නගා ඇත.

කෝට්ටේ කලබල - රාජාවලිය XXXIX

$
0
0
ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආපහු රාජාවලියට බහින්න හිතුනා. මේ "කාලෙකට පස්සේ" කියන එක කල්ප කාලාන්තරේකට පස්සේ කියලා අර්ථ දක්වගත්තත් කමක් නෑ හොඳේ.කට්ටියට අමතකනම් ඔන්න ගියපාර ලිපියට පාර. ඒක අවසාන උනේ බොහොම දුක් බර විදියටනේ. අර සමුද්‍ර දේවී කුමාරි එයාගේ සැමියා වෙච්ච වීදියබණ්ඩාර අතින් මැරුම් කෑවා නේ. ඉතින් මේ බව රට වැසියාට ආරංචි වෙන්න ටික දවසක් ගියා ලු. මේක දැනගත්තම මුළු කෝට්ටේ නගරයම මළ ගෙයක් වගේ උනා ලු. වීදියබණ්ඩාරත් අන්තිමේදී මේ ගැන පසු තැවුනලු. තමන්ගේ බිරිඳ සැක කරලා මැරුවට පස්සේ එහෙම නොවුනා නම් තමා පුදුමේ.  ඉතින් බුවනෙකබාහු රජතුමාත් තරහෙන් උමතු වෙලා වීදියබණ්ඩාර ගෙන් පළිගන්න හිතුවලු. මේක දැනගත් හැටියේම වීදියබණ්ඩාර කළේ කෝට්ටේ නගරයෙන් පළා යන එක.මේ වෙද්දි අපි පහුගිය ලිපියෙදි කියපු ඉන්දියාවේ සමොරින් වරයා නැවතත් මායාදුන්නේ රජු එක්ක සමාදාන වෙලා ඔහුට හමුදා පවා එවලලු තිබුනේ. ඉතින් මේ ශක්තිමත් වෙලාවේ කෝට්ටේ ආක්‍රමණය කරන්න ඕනේ කියලා මායාදුන්නේ හිතුවලු. ඒ අනුව දෙස් විදෙස් සේනා කැටුව මායාදුන්නේ කෝට්ටේ ආක්‍රමණය කරන්න පිටත් උනා ලු. මේ වෙලාවේ අසරණ වෙන බුවනෙකබාහු රජතුමා, ආපහු වීදියබණ්ඩාර ගේ සහය පතනවා. ඉතින් වහාම ක්‍රියාත්මක වෙන වීදියබණ්ඩාර සේනා සංවිධානය කරලා පෘතුගීසි හමුදාවත් එක්ක එකතු වෙලා මායාදුන්නේට අන්ත පරාජයක් ලබා දෙනවා.ඔහොම ටික කාලයක් ගත වෙද්දී බුවනෙකබාහු රජතුමාත් වයසට ගිහින් අබල දුබල තත්වෙට පත් වෙනවා. එතකොට තමයි සිංහාසනයේ මී ළඟ උරුමක්කාරයා කවුද කියන ප්‍රශ්නේ  එන්නේ. රජතුමාගේ කැමැත්ත හිමි වෙන්නේ ඔහුගේ මුණුපුරාට. ඒ කියන්නේ සමුද්‍ර දේවිගේ පුතා "ධර්මපාල" කුමාරයා ට. රජතුමාගේ දෙවන බිසවට පුතුන් දෙදෙනෙක් හිටියත් කලහකාරී ඔවුන්ට රජු ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් රජතුමා දැනගෙන හිටියා මේ තීරණේට මායාදුන්නෙත් අනිවාර්යෙන්ම විරුද්ධ වෙන බව. ඒ නිසා ධර්මපාල කුමාරයාගේ ආරක්ෂාව පෘතුගීසීන්ට බාර දෙන්න හිතලා මේ ගැන කියලා පෘතුගාලයේ තුන්වන ජෝන් රජතුමාට ලියුමක් යැව්වා.ජෝන් රජතුමාත් ඒ සැනින් පිළිතුරු එවනවා. ඉතින් රජතුමා කරන්නේ ධර්මපාල කුමාරයාගේ රන් අනුරුවක් සාදවා පණිවිඩකරුවන් දෙදෙනෙක් අතේ ලිස්බන් නගරයට යවන එක. ඉතින් පෘතුගාලයේ ජෝන් රජතුමා අතින් මේ පිළිමයට ඔටුනු පළඳනවා. කිතු දහම ලංකාවේ පැතිරවීම ගැනත් මෙවෙලේ රජතුමා කතාබස් කරනවා. බුවනෙකබාහු රජතුමාත් කිතු දහම වැළඳ ගත්තොත් ජනතාව ඔහුව අනුගමනය කරන නිසා එය ඉතාමත් පහසු වෙනවා.ඉතින් ලාංකිකයින්ගේ සිත් සතුටු කරන්න ඇත් දළයෙන් සැදූ පෙට්ටියක කැටයම් කළ ධර්මපාල කුමරුගේ අභිෂේකයේ සිතුවමක් තෑගි හැටියට දෙනවා. ඒ වගේම ලංකාවේ සිටින පෘතුගීසි පාලකයින්ගේ වැරදිවලට ඔවුන්ට දඬුවම් දීමටත් නීති ස්ථාපනය කරනවා. ලාංකික පණිවුඩකරුවන්ගේ ආපසු ගමනේදී ඔවුන් එක්ක කතෝලික පූජකයින් පස් දෙනෙකුත් පැමිණෙනවා. රජතුමා ඔවුන් හොඳින් පිළිගත්තත් කිතු දහම වැළඳ ගැනීමට එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ.මේ අතරේ ධර්මපාල කුමාරයා කෝට්ටේ මී ළඟ රජ වීමේ පුවත මායාදුන්නේ සහ රජුගේ දෙවැනි බිසවගේ පුතුන්ගේ කන් වලටත් වැටෙනවා. මේ නිසා රජුට මාළිගාව ඇතුළෙත් සතුරන් ඇති වෙනවා. මෙයින් හොඳටම කිපෙන මායාදුන්නේ වහාම සේනාවක් එවනවා කෝට්ටේ ට. මෙවෙලෙත් පෘතුගීසින්ගේ පිහිට පතනවා ඇරෙන්න රජතුමාට වෙන විසඳුමක් ලැබෙන්නේ නැහැ.මේ අතර දෙවැනි බිසවගේ පුතුන් දෙදෙනාගේ රජකමට ඇති කෑදර කම ගැන දැනගන්නා "ඇන්ඩ්රු ද සූසා" නම් පෘතුගීසි නිලධාරියා ඔවුන්ට උදව් කරන බව කියා මුලින්ම වැඩිමහල් කුමාරයා කිතු දහමට බඳවා ගන්නවා. ඉන්පස්සේ බාල කුමරු "ජගෝබණ්ඩාර" ට කියනවා රජ වෙන්න උවමනා නම් ගෝවට ගොස් කිතු දහම වැළඳ ගන්නා ලෙස. මේ බව ආරංචි වෙන රජතුමා ජගෝබණ්ඩාර කුමාරයාව මරවනවා. මෙයින් බිය ගන්නා වැඩිමහල් කුමරු ගෝවට පැන යනවා. කිතු දහම වැළඳගත් තවත් ලාංකික කුමරුවන් (රජුගේ සොයුරියගේ පුතාත් ඇතුළුව) ඔහුට ගෝවේදී හමු වෙනවා. ගෝවේ පාලකයින් මොවුන්ට ලංකාවේ පාලනය අරගෙන දීමට නොයෙක් ආකාරයෙන් උත්සාහ කරනවා. පෘතුගාලයේ රජුටත් ඒ ගැන දන්වා යවනවා. මේ ගැන දැන ගන්නා බුවනෙකබාහු රජතුමා පෘතුගීසින් ගැන කෝපයට පත් වෙනවා.ඒ වගේම, මේ වෙද්දී පෘතුගීසින්ගේ දරුණු වධ හිංසා නිසා ජනතාව රජුට කරන පැමිණිලි, රජු පෘතුගාලයට වාර්තා කළත් කිසිම පිළියමක් ලැබෙන්නේ නැහැ. ධර්මපාල කුමාරයාව ක්‍රිස්තියානි ආගමට බඳවන ළෙස පූජකයින්ගේ බල කිරීම් වලට රජු විරුද්ධ වෙනවා. මේ හේතු නිසා රජතුමා පෘතුගීසින් ගෙන් ඈත් වෙලා මායාදුන්නේ එක්ක මිත්‍ර වෙනවා. මේ මිත්‍රකම ගැන උඩරට රජු වෙච්ච වික්‍රමබාහු රජතුමානම් සතුටු වෙන්නේ නැහැ. ඔහුත් ලංකාවටම රජු වීමේ පිපාසෙන් පෙළෙන කෙනෙක්. ඒ නිසා ඔහු කරන්නේ පෘතුගීසින් එක්ක මිතුරු වෙන එක. පෘතුගීසි නිලධාරියෙක් ගෙන්වා ගිවිසුම්, ගනු දෙනු සියල්ල කතා කරගත් පසු මේ ගැන බුවනෙකබාහු රජුටත් මායාදුන්නේටත් සැළ වෙනවා. ඉතින් උඩරට සහ වෙරළබඩ යා කරන මාර්ග වල බාධක යොදන්න ඔවුන් කටයුතු කරනවා.ඔය අතරේ තමයි ගෝවේ පෘතුගීසි පාලකයා වෙනස් වෙන්නේ. "දොන් ජෝන් ද කැස්ත්‍රෝ" නම් මේ අලුත් පාලකයා ටිකක් බුද්ධිමත් කෙනෙක්. බුවනෙකබාහු රජුගේ වෙනස් වීමට හේතු සෙවිමට ඔහු පටන් ගන්නවා. ඔවුන්ගෙන් වෙච්ච වැරදි පිළිගෙන නැවතත් බුවනෙකබාහු රජු සමග මිතුරු වීමට පමණක් නෙවෙයි, ක්‍රිස්තියානි දහම පැතිරවීමට සහ පල්ලි සැදීමට ඉඩ ලබා ගැනීමටත් රජු කැමති කරවා ගැනීමට ඔහු සමත් වෙනවා.මේ අලුත් මිතුරු කම ගැන වික්‍රමබාහු රජතුමා නම් සතුටු වෙන්නේ නැහැ. ඔහු කැස්ත්‍රෝ ට ලියුම් පිට ලියුම් එවනවා කෝට්ටේ අතහැර උඩරට සමග මිතුරු උනොත් ක්‍රිස්තියානි ආගම පැතිරවීමට අනුග්‍රහය දක්වන බව කියමින්. මෙයින් සතුටු වෙන කැස්ත්‍රෝ, උඩරට ට පූජකයින් යැවීමට ක්‍රියා කරනවා. මේ අනුව උඩරට මාළිගාවේ සියළුම දෙනා කිතු දහම වැළඳ ගත්තත් වික්‍රමබාහු රජතුමා බලාපොරොත්තු වෙච්ච උදව්නම් පෘතුගීසින්ගෙන් ලැබෙන්නේ නැහැ.මේ ජරමර ආරංචි වෙලා බුවනෙකබාහු රජතුමායි මායාදුන්නේයි මේ ගැන හොඳටම උරණ වෙලා වික්‍රමබාහු එක්ක යුද්ධයකට එන්න සැරසෙනවා. නැතිනම් විශාල වන්දියක් සමග වික්‍රමබාහුගේ දියණිය ධර්මපාල කුමරුට බන්දා දෙන ළෙස ඉල්ලනවා. ඔහු මෙයට කැමති වෙන නිසා යුද්ධය වැළකෙනවා. කිව්වා වගේම දියණිය කෝට්ටේ රජ වාසළට පිටත් කර හරිනවා.ඒ අතරේ තමයි නැවතත් ක්‍රිස්තියානි පූජකයින් කණ්ඩායමක් සමග පෘතුගීසි සේනාවක් උඩරට ට එන්නේ. ඔවුන් වික්‍රමබාහු රජතුමා ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තොත් සීතාවක සහ කෝට්ටේ දිනා දෙන බවට පොරොන්දු වී රජු කැමති කර ගැනීමට වෙහෙසෙනවා. මේ වෙද්දී රජු කෝට්ටේ රජුත් සමග මිතුරු වී සිටි නිසා ඔහු මේකට කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කියනවා මුලින් යුද්ධ කර ඒ රාජධානි දෙක දිනා ගත්තොත් ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්නා බව. මේ පෘතුගීසීන්ගේ පැමිණීම ආරංචි වෙන බුවනෙකබාහු රජු උඩරටට ලිපියක් එවනවා ඔහු කතෝලිකයෙක් බවට පත් වුනොත් සියළුම මිතුරුකම් අත්හරින බවටත් විවාහ ගිවිසුම අවලංගු වන බවටත්. මේ නිසා වික්‍රමබාහු රජතුමා පෘතුගීසින් උඩරටින් එළවා දමන්න කටයුතු කරනවා.ආපසු එන ගමනේදී මේ පෘතුගීසි සේනාවට මග වැරදී සීතාවක රාජධානියට ඇතුල් වෙනවා. මායාදුන්නේ ඔවුන්ට හොඳින් සළකනවා. ඒ උඩරට දිනා ගැනීමට ඔවුන්ගේ උදව් ගැනීමේ අරමුණින්.  මේකේ ප්‍රතිඵලයක් විදිහට මායාදුන්නේ ගෝවට දූතයෙකුත් යවනවා. මේ ගැන ආරංචි වෙන බුවනෙකබාහු රජතුමා කෝප වෙලා ඔහුත් ගෝවට දූතයෙක් යවනවා මායාදුන්නේට උදව් නොකරන ළෙස ඉල්ලමින්. මෙයින් සිද්ධ වෙන්නේ සහෝදරවරු දෙන්නා ආපහු යුධ ප්‍රකාශ කරගන්න එක. ඒ වගේම මේ පාරත් පෘතුගීසින් උදව් දෙන්නේ බුවනෙකබාහු ට.බුවනෙකබාහු රජුගේ සේනාවත් සීතාවක සේනාවත් නුවන්ගමදී කරන සටනින් මායාදුන්නේ පැරදිලා සීතාවකට පලා යනවා. කලින් වතාවලදී වගේ මායාදුන්නේට සමාව නොදී ඔහුට පහර දීමට බුවනෙකබාහු ට උවමනා උනත් පෘතුගීසින් ට උවමනා වෙන්නේ උඩරට ගොස් වික්‍රමබාහු යටත් කර ගැනීමට. මේ නිසා රජු ගේ කීම නාසා උඩරටට පිටත් වෙන පෘතුගීසි සේනාවට මගදී උඩරට සිහලුන්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. මෙයින් හොඳටම දුර්වල වෙන පෘතුගීසින්ට නැවතත් මායාදුන්නේ පිහිට වෙනවා. ඔයින් මෙයින් බුවනෙකබාහු සහ පෘතුගීසින් අතර හිතවත් කම නැති වෙලාම යනවා.මේ අතරේ ගෝවට අලුත් පෘතුගීසි පාලකයෙක් පත් වෙනවා. මායාදුන්නේ වහාම ඔහුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරු දූතයෙක් හැටියට ඔහු හමුවට යවනවා, ඔවුන්ට කෝට්ටේ දිනා ගැනීමට උදව් කළොත් පෘතුගීසින්ට පක්‍ෂපාති වන බව දන්වමින්. මෙය ආරංචි වන බුවනෙකබාහු රජු පෘතුගීසින් ධර්මපාල කුමරු හා තමන් ආරක්ෂා කරන බවට දුන් පොරොන්දු පත්‍රයේ කොපියක් ඔහුට යවනවා. කොහොමහරි මේ නිසා මායාදුන්නේ ට උදව් ලබා දීම නම් වලකිනවා.මේ කාලේදී තමයි ඉතාමත් ශෝචනීය විදියට බුවනෙකබාහු රජුගේ මරණය සිද්ධ වෙන්නේ. විශ්‍රාම සුවයෙන් කැලණියේ කාලය ගත කරමින් ඉඳපු රජතුමා පෘතුගීසි වෙඩි උණ්ඩයකින් මරණයට පත් වෙනවා. ඒ 1551 දී. ඉන්පස්සේ ඇමතිවරු සහ කොළඹ පෘතුගීසි නිලධාරින් එකතු වෙලා ධර්මපාල කුමරුට කිරුළු පළඳනවා. මේ ධර්මපාල රජතුමා (ක්‍රි. ව. 1551- 1597) තමයි පස්සේ "දොන් ජුවන් ධර්මපාල" වෙලා රූකඩ රෙජෙක් හැටියට විරුදාවලිය

විජය කුමාරතුංග නම්වූ ඒ සොඳුරු මිනිසා.....

$
0
0
ඒ එකදහස් නමසිය අසූ අටේ පෙබරවාරියේ දහසය වෙනිදාය. නීතිය, සාධාරණත්වය, යුක්තිය හා මානව ආචාරධර්ම වල්වැදී,  කැලෑ නීතියේ දුඟදින් අපවිත්රවූ අඳුරු මූසල තවත් උදෑසනක් ලක් මවට උදාකරමින් හිරු පායා ආවේද ඒ හැර හිරුටත් කළ හැකිවූ අන් විකල්පයක් නොවූ හෙයිනි. හැමතැනකම වාගේ විසිරී පැතිරී තිබූ , තුට්ටුවකවත් වටිනාකමක් නොවූ සීතල මරණයේ අඳුරු සෙවනැලි මකාලන්නට ඒ දුබල වූ හිරු කිරණයන්ට ශක්තියක් නොවුණි. මරණබයේ නින්දට ගිය මිනිසුන් , තවත් දවසකට තමන්ට ජීවිතදානය ලැබුණානේදැයි සිතමින් බියෙන් හා සැකයෙන් විවරවූ දෙනෙත් හැර ලෝකය දෙස බලන්නට පටන් ගත්තේ මේ සමගමය. දිනය සුපුරුදු ලෙස ගෙවෙමින් පැවතුණු අතර ඒ උදෑසන අපර භාගය වන්නට ඇත. හදිසියේම මුළු පළාතම ගිගුම් දෙමින් නිකුත්වී වාතලයට එක්වූ වෙඩි හඬ කිහිපයකින් පොල්හේන්ගොඩ ප්රදේශය ඇළලී ගියේ මේ මොහොතේමය.. වෙඩි හඬට නිතරම කන් හුරුවූ ජනතාවට එය එතරම්ම අරුමයක්නම් නොවුණි. එහෙත් ඒ මොහොතේ රටක් වටිනා ජනතා පුත්රයකු මිහිකත සිඹිමින් ලේ විලක් මැඳ වැතිර වුන් බව දුටුවේ ඒ අවට වුන් මිනිසුන් පමණි. තම ගොඳුර ඩැහැගත් ඒ අමන කුලී හේවායෝ තමන් පැමිණි යතුරු පැදියේ නැගී පලා ගියහ. වෙඩි තබා තිබුණේ මුහුණටමය. රටක් සැනසූ ඒ සුන්දර මුහුණේ අවසාන සිනහව ඒ වනවිටත් වාතලයට මුහුවී තිබිණි. පුවත රටපුරා ලැව්ගින්නක් සේ පැතිරුණු අතර වයස අවුරුදු හතළිස් නමයක් වැනි දිවියේ හොඳම ඉමේවුන් සිහින කුමරෙකු , මානව හිතවාදියෙකු හා මේ සියල්ලටම වඩා සොඳුරු මිනිසෙකු ඒ මොහොතේ අපගෙන් පැහැර ගෙන තිබිණි. බිරිඳකට පෙම්බර සැමියෙකු, දරු දෙදෙනකුට ආදරණීය පියෙකු, රසිකයනට ප්රතිභාවින් සපිරි රංගධරයෙකු හා ගායකයෙකුද සමස්තයක් වශයෙන් රටටම මානවහිතවාදී නායකයකුද අහිමි වුණි. එදා කැඩපතක ඡායා චිත්රපටයේ ඇසිඩ් වැදී මුහුණ විනාශ වෙද්දී එය සැබෑ ජීවිතයේදී එතුමන්ට හැබෑවටම සිදුවෙතැයි අප සිහිනයෙන් හෝ නොසිතුවෙමු. එදා ක්රිස්තු චරිතයේ රඟද්දී කුරුසියේ තබා ඇන ගසා මරාදමද්දී ඊට ටික කලකට පසුව එතුමන්ව හැබැහින්ම මරා දමතැයිද අප කිසිවිටෙකවත් නොසිතුවෙමු. එහෙත් අපේ අවාසනාවට සිදුවූයේද එයයි. අසූ අට - අසූ නමය යන ඒ කාලකන්නී යුගයේ අපට හා අපේ රටට අහිමි කළ විද්වතුන්, සමාජ සේවකයන්, මාධ්යවේදීන් හා දේශපාලකයන් අතරට විජය කුමාරතුංග යන නමද එක් කළේ මෙලෙසිනි. ඒ මීට විසි අට අවුරුද්දකට පෙර අදවන් දිනෙකදීය. අද සිටියා නම් එතුමන්ට වයස අවුරුදු හැත්තෑ හතක් වන්නට තිබිණි. එදා හන්තානෙ කථාවෙන් රිදී තිරයට පායා ආ විජය තරම් කඩවසම් හා ලස්සන නළුවකු එදා මෙදාතුර සිංහල සිනමා අම්බරයට පායා නොආ බව මගේ විශ්වාසයයි. එදා විජයගෙන් තොර වාණිජ සිනමාවක් නොවීය. විජයගේ පෙනුම නිසාම එතුමා වාණිජ සිනමාවටම කොටුවූවත් කරුමක්කාරයෝ, බැද්දේගම, කැඩපතක ඡායා, බඹරු ඇවිත් හා ක්රිස්තු චරිතය වැනි සිනමාපටවලින් එතුමන්ගේ සැබෑ රංගප්රතිභාව අපට දැකගත හැකිවිය. එමෙන්ම බොහෝ කලක් යනතුරුම හඳුනා නොගත් එතුමන්ගේ ගැඹරු හා ආදරණීය කටහඬට හා ගායන හැකියාවට ලැබුණේද අද්විතීය තැනකි. මිනිසුන් වැඩිපුරම ආදරය කළේ විජය නම් නළුවාටය. විජය නම් ගායකයාටය. එහෙත් විජයගේ ඉරණම ලියැවී තිබුණේ දේශපාලනය කිරීමටය. එයටත් හේතුව වන්නට ඇත්තේ එතුමන්ගේ තිබූ මානවහිතවාදී ගුණය හා පීඩිතයින් නගා සිටුවීමේ තද උවමනාව වන්නට ඇත. කාන්තාවන්ගේ මෙන් පිරිමින්ගේ ලස්සනක් ගැන කතා නොකළත් විජයට තිබුණේ පුන පුනා කතා කළ හැකිවූ අසාමන්ය ලස්සනකි. උත්තුංග දේහධාරී , අඩි හයකටත් වඩා උස සිරුරකි. ගැඹරු හැගීම්බර හා ආදරණීය කට හඬකි. එහෙත් මොහොතකින් ඒ හැම අපට අහිමි විය. විජයගේ දේශපාලන දර්ශනය පිළිබඳව කතා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. එමෙන්ම මට ඒ ගැන කතා කරන්නටද උවමනාවක්ද නැත. මන්ද මා මෙන්ම සුවහසක් ලංකාවාසී ජනතාව ආදරය කළේ විජය කුමාරතුංග නම් නළුවාටය. ගායකයාටය. මානව හිතවාදී සොඳුරැ ආදරණීය මිනිසාටය. විජය කුමාරතුංග නම්වූ දේශපාලඥයාට නොවේ. එතුමා දේශපාලනයට නොගියානම් අදටත් ජීවත්ව සිටින්නට ඉඩ තිබිණි. එහෙත් මරණයත් කරපින්නාගෙන උපත ලබන අපගේ මරණය කෙදිනක , කෙලෙස සිදුවෙතැයි නිගමනය කළ හැක්කේ නම් කාහටද? ඒ නිසා එසේ සිතා සිත රවටා ගැනීමට මම උත්සහ නොකරමි. ජේ ආර් ජයවර්ධන නම්වූ ඒ ඒකාධිපති පාලකයා විජය නැක්සලයිට් වාදියෙකුයැයි හංවඩු ගසා දඟගෙට පවා යැවීය. එහෙත් විජයගේ ගමන සහ එතුමන්වටා රොද බැඳ වුන් ජන ගඟ නැවැත්වීමට මේ කිසිදෙයක් සමත්වූයේ නැත. එතැනින් නතර නොවී එතුමන්ගේ හඬ පවා ගුවන් විදුලියේ ප්රචාරය වීම වාරණය කිරීම වැනි දෙකේ කොලේ අමන තකතීරු ළඳරුවන්වත් නොකරන අන්දමේ ක්රියාවන් මගින් විජයගෙන් දිගටම පළිගත්හ. මෙසේ කරන්නට කරන්නට විජය ඉන් පන්නරය ලැබුවා පමණක් නොව තව තවත් ජනතාව අතර ජනප්රියද විය. සිනමාවේ පවා විජය තරම් වැඩි වාර ගණනක් ජනප්රියම නළුවා වූ තවෙකකු නැතිබව මගේ විශ්වාසයයි. විජය ඒ දිනවල තදින් පැවති උතුරේ කොටි ප්රශ්නයටද කෙළින්ම  මැදිහත්වී කොටි නායකයන් පවා හමුවීමට උතුරට ගියේය. එවකට පැවති ජනාධිපතිවරණයේදී ජේ ආර් පාලනයට විරුද්ධව එසැවුණු අදිසි හා ප්රභලම හස්තය වූයේද විජයයි. විජය ඝාතනය කළේ කවුරු වුවත් කාගේ උවමනාවට වුවත් එවන් වටිනා මිනිසෙකුගේ ඔයතරම් ලස්සන මුහුණක් විනාශවී යන්නට වෙඩි තැබුවේ නම් මිනිසෙකු නොව හිතක් පපුවක් නැති තිරිසනකු බවනම් මම දනිමි. එය කිරීමට අණදුන් තැනැත්තා හැදින්වීමට වචනයක් මම තවමත් සොයමි. විජය මළ පුවත ඇසූ ජනතාව වැල නොකැඩී එතුමන්ට ගරු බුහුමන් කිරීමට ඇදුණේ එතුමාට ඔවුන්ගේ සිත්වල තිබූ සැබෑ ප්රේමය නිසාය. එදා විජයට ඇත්තටම ආදරය කළ විජයගේ සිනමා රසිකයින් ලක්ෂ ගණනක් හමුවේ එතුමන්ගේ නෑදෑයන් වෙනුවෙන් කතාවක් පැවැත්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් පැවසූ වගන්තියක් මෙසේ උපුටා දක්වමි. " විජය දේශද්රෝහියෙකු නම් අද මෙතැනට එක්වූ අප සැවොම දේශද්රෝහීන් විය යුතුය. ඒ මක්නිසාද, දේශද්රෝහියෙකුට උපහාර දැක්වීමද දේශද්රෝහී ක්රියාවක්ම වන බැවිනි. "එදා ඒ වෙඩි උන්ඩයෙන් ඔවුන් සිදුරු කළේ විජය කුමාරතුංගයිනී ඔබගේ මුහුණ නොවේ ඔබට ආදරය කරණ සුව හසක් රසික රසිකාවියන්ගේ හදවතය. එදා ඔවුන් ඔබව ඝාතනය කළහ. එහෙත් ජනතා හදවත්වල ජීවත්වන ඔබව කිසිදා ඔවුනට ඝාතනය කළ නොහැකිවනු ඇත. ඔබ අපගෙන් උදුරාගෙන වසර විසි අටක් ගතවන අද,  මම ඔබට මෙසේ පවසමි. ආදරණීය විජය, ඔබ අප හදවත් තුළ  සදා ජීවමානය. මේ සසර කතරේ දිනෙක නැවත අප හමුවෙමු. එතෙක් මට සමු ගන්නට අවසර.  චන්දන ගුණසේකර- එක්සත්

නළඟනකට සැමියෙක්ව

$
0
0
පඩි පෙල නගිද්දිම කාමරයෙන් නැඟුන කෙඳිරිලි හඬ වඩා හොදින් ඇහෙන්න වුනා. පියවරක් පියවරක් ගානේ ඒ හඬ තව තවත් තීව්‍ර වුනා. ඒක ආශාවන් මත් වුන කෑ ගැහිල්ලක් කියන එක තේරුම් ගන්න ඒ හැටි අපහසු වුනේ නැහැ. ඇය ඉන්නේ වින්දනයේ උපරිමයේ කියන එක හොදටම විශ්වාසයි. මම ඇගේ හඬ අහුන කාමරය දිහාවට ඇවිදගෙන ගියා.කැමරා, විදුලි ආලෝක හා ඒවා මෙහෙයවන තව හය හත් දෙනෙක් අතරේ ඇය තවෙකෙකු හා සයනයේ ආලිංගනයේ යෙදිලා හිටියා. හැමෝගෙම ඇස් තිබුනේ ඔවුන් දිහාවට. ඇය දිහාවට කිවුවොත් වැඩියෙන් නිවැරදියි. ඒ සරාගී සිරුර වගේම වින්දනයේ උපරිමයට ලං වෙමින් තිබුන ඒ ඇස් දිහා හැමෝම බලාගෙන හිටියා. ඇගේ සිරුර මත දඟලන ඔහු හිටියේ අවස්ථාවෙන් හැකි තරම් ප්‍රයෝජන ගනිමින්.ඇගේ කෙඳිරිල්ල වගේම ඔහුගේ දැගලිල්ලත් එක ලෙසම තීව්‍ර වෙලා මදකට හැම දේම නොසොල්මන් වෙලා ගියා. හතිලන ඔවුන් අතරේ විනාඩි දෙක තුනක් ඇදිලා ගිය හාදුව දර්ශණයේ කොටසක්මද එහෙමත් නැත්නම් ඔවුන්ගේම ඕනකමට සිද්ද වුන දෙයක්ද කියලා නොදන්නවා වුනත් කැමරාව තවමත් ක්‍රියාත්මක වෙමින් තිබුනා." ගුඩ් ශොට්, මිශෙල්."  කැමරාකරු ඕනවත්  වැඩියෙන් ඇයව වර්ණනා කලා. " තෑන්ක්ස්." යහනෙන් බැස්ස ඇයගේ නිරුවත්, දහඬියෙන් තෙමී ගිය සිරුර තවමත් නිමා නොතිබුන විදුළි ආලෝක වල එළි වලට බැබළිලා පෙනුනා. ඇයට කොහොමත් තිබුනේ ලතින් ඇමරිකානු උරුවක් නිසා පිරිපුන් සිරුරත් එක්ක ඒ දැකුම ඕන කෙනෙකුගේ හැඟීම් උපදවන්න සමත්. හැම දෙයක්ම නිමා වෙලා තිබුනා වුනත් හැමෝම බලාගෙන හිටියේ ඒ දිහා. කොටින්ම ඇය එක්ක රංගනයේ යෙදුන ඔහු පවා.ඇය කෙලින්ම ඇවිද ගෙන ආවේ මං හිටිය දිහාවට. ඇගේ නිරුවත ගැනවත්, හැමෝම ඒ දිහා බලාගෙන ඉන්න බවවත් ඇයට ගානක් තිබුනේ නෑ. පුරුදු විදිහටම මගේ අතේ තිබුනේ ඇය ප්‍රිය කරන කෝපි කෝප්පය. ඇස් වලින් මට ස්තූති කරන අතරේ කෝපි කෝප්පයත් අරන් ඇය ඇවිද ගියේ ඇය වෙනුවෙන් වෙලා තිබුන කාමරයට.***" ඇයි මාව බඳින්න හිතුවේ?"ඇය එක පාරම මගෙන් ඇහුවා. ඒ අපේ සුපුරුදු ආලිංගනයෙන් පස්සේ. මේ ප්‍රශ්ණෙට කීප වතාවක්ම ඇයට මම උත්තර දීලා තිබුන නිසාම අදත් පුරුදු උත්තරේම මම දුන්නා." මම ඔයාට ආදරේ නිසා."" එච්චරද?" වෙනදට ඒ කතාබහ එතනින් නැවතුනත් අද ඇයට තවත් ප්‍රශ්ණයක්. ඒත් ඒකට උත්තරයක් මම දන්නවද? ඇය මේ තැන තෝර ගන්න කලින් ඉදන්ම මම ආදරේ කරා කියන එක ඇයට අමුතු දෙයක් නොවුනත් හදිස්සියේ අහපු ප්‍රශ්ණය මගේ හිත මොහොතකින් අවුල් කරලා දැම්මා." මොනවද කල්පනා කරන්නේ?"" මුකුත් නැහැ."ඒ කතාව මඟ අරිනවා තරම් විසදුමක් ඒ වෙලාවේ අපි දෙන්නටම තිබුනේ නැහැ. ඇයටත් ඒක තේරුම් ගිය නිසාමද කොහේද තව ට්කක් මගේ ලගට තුරුළු වුනේ. මමත් ඇයව නිදහසේ තුරුළු කර ගත්තේ නිහැඬියාව ඒ වෙලාවේ හොදම දේ කියලා හිතට දැනුන නිසා.***සුපුරුදු විදිහටම ඇය ආස කරපු කෝපි කෝප්පයත් එක්ක මම ඇය එනකන් බලාගෙන හිටියා. කෙඳිරිලි, දිගු සුසුම් බොහෝමයක් අවසානයේ ඇය යහනින් බැහැලා මම හිටිය දිහාට ඇවිදන් ආවේ ඇය ඉන්නේ නිරුවතින් කියලා ගානක් වත් නැතුව. එක අතකට දැන් ඒකේ තියෙන අමුත්ත මොකද්ද? " මයිකල්, යු ආර් වෙරි ලකී මෑන්." ඇය පසුපසින්ම ඈ වගේම නිරුවතින් දුවන් ආපු ඔහු මට සුබ පැතුවේ ඇත්තටමද, එහෙමත් නැත්නම් උපහසෙටද කියලා එක පාරම මට තේරුම් ගන්න බැරි වුනා. මම බොරු කෙටි සිනහවකින් ඔහුට ප්‍රතිචාර දැක්වුවා." තෑන්ක්ස්." ඔහුත් ඇය පසුපසින්ම ඇවිදන් ගියේ එකම කාමරයට. ඇයට ඇදුම් මාරු කරන් එන්න වෙනදට වැඩිය වෙලාවක් යන්නේ ඇයි කියලා සැරින් සැරේ හිතට දැනෙන්න වුනේ මම ඇරෙන්න අනික් හැම දෙනෙක්ම එතනින් පිට වෙලා ගිහින් තිබුන නිසා. මම හෙමීට ලං වුනේ ඇයට වෙන් වුන කාමරය ලගට. ඇය ඔහුත් එක්ක මේසය මත කෙටි ආලිංගනයක්." හෝප් යූ ඩෝන්ට් මයින්ඩ්, මේට්."***" ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්නනම් එහෙම දේවල් වලට ඉඩ දෙන්න ඕන."ඇය අනික් දවස් වලට වැඩියෙන් මාව සතුටු කරලා මගේ ලග තුරුළු වෙලා ඉන්න අතරේ හෙමීට කතාව පටන් ගත්තා. ශූටින් එකේදිත් වෙන්නේ එකම දේ නේද කියලා මට ඇගෙන් අහන්න හිතුනත් මම ඒක හිත ඇතුලෙම හිර කර ගත්තා. පහුගිය මාස හතරට ඇය හුඟක් වෙනස් වෙලා ගිහින්. භාහිරින් වගේම යහනෙදිත් ඇගේ ඒ වෙනස හොදින්ම පේනවා." ඇයි මාව බඳින්න හිතුනේ?"සුපුරුදු ප්‍රශ්ණයම. ඇය හිටියේ මගේ පපුව උඩ ඔළුව තියාගෙන. ඇය කතා කලේ මගේ දිහා බලන්නෙවත් නැතුව නිසා බොරුවක් කියන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. හැමදාම වගේ ආදරේ නිසා කියලා මඟ අරින්න පුළුවන් ප්‍රශ්ණයක්." මම ඔයාට කැමති නිසා."ඇය ටිකක් වෙලා නිහඬව හිටියා. ඒ මගේ උත්තරේ වෙනස නිසාද, එහෙම නැත්නම් මගේ වෙනස නිසාද කියලා මට හිතාගන්න පුළුවන් වුනේ නැහැ. ඒත් ඇය ටිකක් වෙලා නිහඬවම හිටියා." කැමති මේ නිසාද?"ඇය ඒ වතාවේ ප්‍රශ්ණය ඇහුවේ මගේ ඇස් වලට එබෙන ගමන්. කලින් වගේ හිතේ හැටියට බොරුවක් කියලා මඟ ඇරලා ඉන්න පුළුවන් කමක් ඒ වතාවේ තිබුනේ නැහැ." ඒකත් එකක්."***තරමක් අඳුරු වෙලා තිබුන කොරිඩෝවක් දිගේ මම ඇවිදගෙන ගියා. කාමර කීපයක්ම පහු උනත් ඒ හැම එකක්ම තිබුනේ වහලා දාලා. ටිකක් එහායින් තිබුන කාමරේ විදුළි එලි දොර අතරින් පිටතට වැටිලා තිබුනා. මම ඇවිදන් ගියේ ඒ දිහාවට. අතේ තිබුනේ වෙනදා සුපුරුදු කෝපි කෝප්පයමයි.කැමරා, විදුළි ආලෝක අතරේ ඇය බලාගෙන හිටියා. ඇය වටා හිටියේ ඇය වගේම නිරුවත් පිරිමි කීප දෙනෙක්. ඔවුන්ගේ රළු අත් අතරේ ඇය තනිවී යන දිහා මම බලාගෙන හිටියා. වේදනාව මුහු උන තෘප්තියකින් ඇය වෙලිලා හිටියා. එය තරම්ම දිගු හෝරාවක් ඇයගේ මෙන්ම මගේ ජීවිතයේත් කිසිම දවසක තිබුනද කියලා හිතාගන්න පුළුවන් කමක් මට තිබුනේ නැහැ. " වන්ඩර්ෆුල් වර්ක් මිශෙල්. යූ ආර් සුපර්බ්."වෙනදා තරම් සතුටකින් ඒකට උත්තර දෙන්න තරම් පුළුවන් කමක් ඇයට තිබුනේ නෑ. යන්තමින් ස්තූති කරපු ඇය අමරුවෙන් ඇවිදගෙන ආවේ මම හිටපු තැනට. කෝපි කෝප්පය අතට ගත්තේ වෙනද පුරුද්දට මිසක් ඕනකමටම නෙමෙයි කියලා ඒ හැසිරීමෙන් තේරුම් ගන්න ඒ හැටි අමාරුවක් වුනේ නැහැ." මට රූම් එකට යන්න හෙල්ප් කරනවද?"***මුළු දවසම ඇය ගෙවලා දැම්මේ වේදනාවෙන්. ඉදහිට කතා කරන වචන වල ඒ වේදනාව අතරේ සතුටක් ඇය වින්දද කියලා මම තනියම කල්පනා කලා. ඒත් ඒක හරියටම දන්නේ ඇය විතරමයි." ඇයි මාව බඳින්න හිතුවේ?"අද ඇය එහෙම ඇහුවේ රාත්‍රියේ අපේ සුපුරුදු ආලිංගනයෙන් පස්සෙ නම් නෙමෙයි. ඇය මේ ප්‍රශ්ණේ අහපු පළවෙනි වතාව මේක නොවුනට ඒ හැම වෙලාවකම මම දුන්නේ වෙනස් උත්තර කියලා ඇයට හරිහැටි මතකයක් තියෙනවද කියලා මට විශ්වාසයක් නැහැ." මම ඔයාට ආස වුන නිසා."මම ඇය දිහාවත් නොබලම උත්තර දුන්නා. ඇය කලේ මහ හයියෙන් හිනා වෙන එක. ඒ හිනාව විනාඩියක් විතර දිගට ඇදිලා ගියා. ඇයට වේදනාවත් අමතක වුන ගානයි." මට ආස නම් මාව නොබැඳත් ඔයාට මෙහෙම  ඉන්න තිබුනා."ඇයත් හුඟක් සරළවම කියලා දැම්මේ හරියට හැඟීම් නැති ගෑණියක් ගානට. ඒකට කේන්ති ගන්නවද නැද්ද කියලා හිතුනත් ඇයව ඒ තත්වෙට ගෙනාවේ මම නිසාම ඇගේ ඒ වචන ටික ඔහේ පාවෙලා යන්න ඉඩ ඇරලා මම බලාගෙන හිටියා.මගේ නිහැඬියාව අතරෙම ඇය තව ටිකක් මට තුරුළු වුනා. ඒ ආදරේට කියලා හිතන එක හැම පැත්තකින්ම සහනයක් නිසා මමත් ඇයව තව ටිකක් මගේ ලගට තුරුළු කර ගත්තා.***" මේ වීක් එකම පිරෙන්න වැඩ. ජනප්‍රිය කම්පැනි දෙකකම කන්ට්‍රැක්ට් තියෙනවා."ඇය කියාගෙන ගියේ දැන් හැම දෙයක්ම බොහෝම හුරු පුරුදු ගානට. සතියෙම ගමන් බිමන් ගැන විස්තර හැම එකක්ම කියන්න ඇය බොහෝ වෙලාවක් අර ගත්තා. ඒ ගැන උනන්දුව ඇයට තිබුනට ඒවා මතක තියාගන්න තරම් ඕන කමක් මගේ  හිතේ තිබුනේ නෑ. සමහරවිට ඇය සුපුරුදු කෝපි කෝප්පය බලාපොරොත්තු වෙනවා ඇති." ඔයා මොකද කල්පනාව?"ඇගේ හුදකලා කතාබහ අවසානයේ ඇය මගෙන් ඇහුවා. ඇය බලාගෙන හිටියේ මගෙන් උත්තරයක් ලැබෙනකන්. ඒ ඇස් බොහෝම ඕන කමින් මං දිහාම බලාගෙන හිටියා. ඒත් ඇයට උත්තරයක් දෙනවට වැඩිය මගේ හිතේ ඇගෙන් අහන්න තිබුනේ වෙනස්ම දෙයක්." ඔයා ඇයි මාව බඳින්න

Blu-ray discs වලට පසු යුගය five dimensional (5D) ලෙසට..

$
0
0
             Blu-ray discs වලින් පසුව එලබෙන යුගය මේ වන විට හදාරන්නන් අතින් නිවේදනය වෙමින් තිබෙනවා. five dimensional (5D)  ලෙසට නම්  කරන්නට ඔවුන් කැමති වන මෙම භාවිතාව සමග වන ගබඩා හැකියාව  360 terabytes ලෙසටයි Optoelectronics Research Centre (ORC) වෙතින් නිවේදනය වන්නේ. නව සොයාගැනීමේ විශේෂතා පෙන්වා දෙන ඔවුන් 1,000°C දක්වා උෂ්නත්වය දැරීමේ හැකියාව ද්ක්වන අතර සාමාන්‍ය කාඹර උෂ්නත්වයේදී අපමන කාලයක් තම දත්ත නිරුපද්‍රිතව තබා ගැනීමෙ හැකියාව සදහන් කරනවා.  23.5 GB (single layer) ක දත්ත ගබඩා හැකියාව සමග වසර 7ක් දක්වා වූ අයුකාලයක් ‍රැගෙන එන Blu-ray discs සමග සැසදීමේදී මෙය විශාල ඉදිරි පියවරක් ලෙසට හඳුන්වා දෙනවා. එම හදාරන්නන් කන්ඩායමේ ප්‍රධානියා වැඩි දුරටත් පවසන්නේ 5D storage unit එකක් පෙනුමෙන් මෙන්ම භාවිතාවෙන්ද CDs, DVDs, නැතිනම් Blu-ray තැටියකට වඩා කැපී පෙනෙන වෙනස් කමක් නොගෙනෙනු ඇති බවයි. සමස්ථ මිනිස් වර්ගයාගෙ කථාන්දරයම අඩංගුකල හැකි 360 terabytes (per disc) ගබඩා හැකියාවක් ගෙනෙන මෙම තැටිය glass නිමැවුමකින් යුත්ත වන බවටයි පැහැදිලි

-සූරිය දියණි-

$
0
0
තමන් උපන් දේශයේ නොමැතිව අන් දේශයක කිරුළු පලඳින්න වරම් ලැබූ රැජිනියන් ලෝක ඉතිහාසයටම ඇත්තේ අතක ඇඟිලි ගණනටත් අඩුවෙනි. තිස් වසරකට ආසන්න කාලයක් විදේශයක අධිරාජිනියක වීමට වරම් ලැබූ නුවණැති රුවැත්තියකගේ සෙනෙහස, ධීර වීර බව, කැපවීම කැටි කළ පරමාදර්ශී කතා පුවතක් අනිද්දා (16 වැනිදා) සිට පස්වරු 6.30 හෝරාවට ජාතික රූපවාහිනිය ඔස්සේ -සූරිය දියණි- නමින් විකාශය කෙරේ.කොරියාවේ ඉහළ පාන්තික පවුලක ඔල්ජෙයි කූතුක් නමින් 1315 දී උපත ලබන දියණියක අවසානයේදී මොංගෝලියාවේ තෝගන් තෙමූර් අධිරාජයාගේ බිසව බවට පත්වන්නීය. පසුව ඇයගේ පුතු ආයුර් ශ්‍රීදර ද මොංගෝලියානු කිරුළට හිමිකම් කියයි. ජී. අධිරාජිනිය ලෙසින් ඇය පුරා වසර තිහකට ආසන්න කාලයක් මොංගෝලියාවේ අධිරාජිනිය ලෙස වැජඹෙන්නීය. ඇය මෙන්ම කොරියාවේ සිටින ඇයගේ වැඩිමල් සොයුරා ගී චියොල් කොරියානු දේශපාලනයේ කැපී පෙනෙන චරිත බවට පත්වෙයි. ජි. අධිරාජිනිය කොරියානු වැසියන්ට වීර චරිතයක් නොවන්නේ ඇය වරක් තම මවුබිමට මොංගෝලියානු හමුදාවක් යැවූ නිසයි. ඒ වාගේම බලයට තණ්හාවෙන් ඇය කළ සැලසුම් හෙළි වී වරක් තෝගන් තෙමූර් රජු ඇයගෙන් දුරස් වී තිබේ.වසර 55ක් ජීවත්වූ යූවාන් අධිරාජ්‍යයේ (මොංගෝලියාවේ) ජී. අධිරාජිනියගේ කතා පුවත ඇසුරින් -එම්ප්‍රස් කී- රූපවාහිනී මාලා නාටකය නිර්මාණය වී ඇත. සත්‍ය කතාවේ ගී අධිරාජිනිය සුදෝ සුදු දේශපාලන චරිතයක් නොවුණ ද කී අධිරාජිනිය ලෙස ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ පරමාදර්ශී කාන්තා චරිතයකි.ළමා වියේදී කොරියානු දේශය අතහැර මව සමඟ වහලියක් ලෙසින් ඇයට චීනයේ යුවාන් රාජධානියට (මොංගෝලියාවට) යාමට සිදු වෙයි. ගමන අතරමඟදී සෙබළුන්ගේ පහරදීම්වලින් මව මිය යන අතර තනි වන කුඩා කී පිරිමි වෙස්ගෙන සිය පවුලට සිදු කළ විනාශයට පළිගැනීමට අදිටන් කර ගන්නීය. වාසනාව හා තිර අදිටන නිසා මාළිගාවේ සේවිකාවක් වන ඇය අවසානයේදී එරට අධිරාජිනිය බවට පත්වන්නීය.කී අධිරාජිනිය ලෙස දිරියෙන් නුවණින් පැමිණි කටුක ජීවන චාරිකාවේදී ඇයට දෙහදක ආදරයට මැදිවීමට සිදු වෙයි. මේ ආදර ත්‍රිකෝණය ගොඩ නැ‍ඟෙන්නේ ගෝරියෝ දේශයේ (කොරියාවේ) රජු වං යූ හා යුවාන්හි අනාගත අධිරාජයා වූ තා හුවාන් සමඟය. මවුබිම වූ කොරියානු දේශයේත් ජීවත්වන යුආන් අධිරාජ්‍යයේත් ගැටලු නිසා කී අධිරාජිනිය අසරණ වන අවස්ථා එමටය.ත්‍රිකෝණ ආදරය, දෙරටක දේශපාලනය (කොරියාව සහ මොංගෝලියාව අතර) අතර දෝලනය වන ඇයගේ ජීවන කතාව -එම්ප්‍රස් කී- නමින් එම්බීසී නාළිකාවෙන් කොටස් පනස් එකකින් 2013 ඔක්තෝබර් 28 වැනිදා සිට 2014 අප්‍රේල් 29 දක්වා නාට්‍ය විකාශය කර තිබේ. එම වසරවලදී දකුණු කොරියාවේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරැඹූ නාට්‍ය බවට -එම්ප්‍රස් කී- පත් විය.දැනට මේ නාට්‍ය පිලිපීනය, ඉන්දුනීසියාව, පෝලන්තය, සිංගප්පූරුව, තායිවානය ඇතුළු රටවල් ගණනාවක විකාශය කර තිබෙන අතර -තේ චංගුමී ජුවෙල් ඉන්ද පැලස්-ට (සුජාත දියණියට) පසු ලොව ප්‍රේක්ෂකයන් අතර වඩාත්ම ජනප්‍රිය නාට්‍ය බවට පත්වී ඇත්තේ -එම්ප්‍රස් කී- ය. ඒ වාගේම නාට්‍යයට දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතිකව ද සම්මාන රැසක් හිමි වී තිබේ. මෙහි -කී- අධිරාජිනියට පණ පොවන හා ජී වොන් අන්තර්ජාතික කීර්තියට පත් නිළියකි. ගායිකාවකි. ඇය -කී- අධිරාජිනියගේ චරිතයට කෙතරම් සාධාරණයක් ඉටු කළාදැයි කිවහොත් 2013 වසරේ එම්බීසී නාට්‍ය සම්මාන උලෙළේදී විශේෂ ව්‍යාපෘති නාට්‍ය අංශයේ අති විශිෂ්ට (නිළි) සම්මානය, ජනප්‍රිය නිළිය සම්මානය, එම්බීසී, කේබීසී, එස්බීසී නාළිකා මඟින් තෝරා ගන්නා වසරේ නිළිය සම්මානය ඇතුළු සම්මාන ගණනක් හිමිකර ගන්නා ලදී. තිස්හත් හැවිරිදි ඇය සිනමා සහ රූපවාහිනී විෂයයන් පිළිබඳ උපාධිධාරිනියකි.විශේෂ ව්‍යාපෘති නාට්‍ය අංශයෙන් අති විශිෂ්ට (නළු) සම්මානය හිමි වූයේ වා යූ චරිතයට පණ පෙවූ ජූ ජින් - මෝටය. සීඑන්එන් ශ්‍රේණිගත කිරීමට අනුව ඔහු කොරියාවේ ජනප්‍රියම නළුවන් විසි දෙනා අතර සිටියි. විශේෂ ව්‍යාපෘති නාට්‍ය අංශයේ තා හුවාන් අධිරාජයාගේ චරිතය රඟපෑ ජී චැං වුක් විශිෂ්ට සම්මාන දිනා ගත්තේය. හොඳම නවක නිළිය ලෙස ඇගැයුමට ලක්වුණේ ධනශීලි, ලෙස රඟපෑ පෙක් ජින් හිය. ඇය කොරියාවේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ ලෙස ප්‍රකට පෙක්සං සම්මාන උලෙළේදී ද (2013) හොඳම නවක නිළිය බවට පත් වූවාය. නවවැනි සියොල් අන්තර්ජාතික සිනමා උලෙළේ වසරේ හොඳම ටෙලි නාට්‍ය මාලාව ලෙස -ගෝල්ඩන් බර්ඩ් ප්‍රයිස්- දිනා ගැනීමටත් 48 වැනි වාර්ෂික වර්ල්ඩ් ෆෙස්ට් - හුස්ටන් අන්තර්ජාතික සම්මාන උලෙළේ ජූරියේ විශේෂ සම්මානයක් දිනා ගැනීමටත් -එම්ප්‍රස් කී- නාට්‍යයට හැකි විය.-සූරිය දියණි- ලෙසින් සැඳෑ හෝරාවේදී -එම්ප්‍රස් කී- ප්‍රේක්ෂකයන් වෙත පැමිණෙන්නීය. මෙහි -කී- (කී සන්යං) අධිරාජිනියට හඬ දෙන්නේ චේතනා කැටගොඩය. තා හුවාන් අධිරාජ්‍යයාගේ හඬ බවට පත්වන්නේ ඩිෂාන් ෂාමින්දගේ හඬයි. නලින් ප්‍රියදර්ශන වං යූ රජට හඬ දෙයි.හුස්ම දුන්න ද කාසි නොපතන සුළඟ මෙන් සුමිතුරු, දිනකට පියවර බැගින් ජීවිතයේ ඉලක්ක සපුරා ගන්නා දිය දෝතක් මෙන් සිසිල් -සූරිය දියණි- කතාවේ තේමා ගේ පද හා පද රූ ගැන්වීමත්, නාට්‍යයේ නිපැයුම් මෙහෙයුමත් සිනමා හා හඬ කැවීමේ ඒකකයේ අදියුරු අතුල රන්සිරිලාල් ගෙනි. ගේය පදවලට තනුවෙන් සංගීතවේදී එම්. ආර්. චූලසිංහ ද ගැයුමෙන් ඉසුරු ජයරත්න සහ සශිකා නිසංසලා ද සවනට මිහිරක් එක් කරති.චම්පිකා දීපානි

තරිඳු සහ බියංකා ශූරතා දිනති

$
0
0
කාන්තා තරග අංශයේ ජයග්‍රාහිකා එස්.කේ.එස්.බියංකා (මැද) දෙවැනි ස්ථානය දිනූ ස්නේත්‍ර විජේරත්න (දකුණේ) තෙවැනි ස්ථානය දිනූ සෂිනි නවෝද්‍යා (වමේ)මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ එස්.තරිදු උදයංග සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එස්.කේ.එස්.බියංකා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කළ සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගයේ පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට සමත්වූහ.අම්බලන්ගොඩ තානායම අසළ මුහුදු තීරයේ දී 48 වැනි වරටත් පවත්වනු ලැබූ මේ තරගාවලියට තරගකරුවන් 420 දෙනකු සහ තරගකාරියන් 55 දෙනකු පරාජය කරමින් තරිඳු සහ බියංකා පළමු ස්ථාන අත්කර ගත්හ.කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ඒෂාන් ෂොයිස් පිරිමි අංශයේ තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාවේ විමල් කුමාරට හිමිවිය.කාන්තා අංශයේ දෙවැනි ස්ථානය හිමිවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුනේත්‍රා විජේරත්නටය.එහි තෙවැනි ස්ථානය අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ශෂිනි නවෝද්‍යා හිමිකර ගත්තාය.තරගයේ සමස්ත ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 89 ක් ලබා ගත් කොළඹ ශාන්ත ජොෂප් විද්‍යාලය විසිනි. අනු ඝූරතාව ලකුණු 58 ක් ලබාගත් ශ්‍රී ලංකා යුධ හමුදාවට ද, තෙවැනි ස්ථානය ලකුණු 43 ක් ලබාගත් මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයට ද හිමි විය.මෙවර තරගයේ ලාබාලතම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනාගැනීමට කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ විදුල් ලෝහිත එදිරිසිංහ සමත්වූ අතර ලාබාලතම ක්‍රීඩිකාවට හිමි කුසලානය අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ සලනි නෙත්මිණි දිනා ගත්තාය.නොකඩවා වසර 40ක් පුරා මෙම තරගයට ඉදිරිපත්වූ අම්බලන්ගොඩ ආර්.ඇම්.කාන්ත කරුණාරත්න මෙවර ද එක්වෙමින් පැයක් ඇතුළත තරගය නිම කොට කුසලානයක් හිමිකර ගැනීම විශේෂ සිදුවීමකි. මීට අමතරව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඩබ්ලිව්.කේ.එස්. විදුරංග ආබාධිත තරගකරුවන් අතරින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්විය.තරග ප්‍රතිඵල-(පිරිමි ) 1.තරිදු උදයාංග (මාදම්පා ම.ම.වි.) 2.ඒෂාන් ෂොයිස් (කොළඹ සා. ජෝශප්)3.විමල් කුමාර (යුධ හමුදාව) 4.ඩිෂාන් රණවීර (කොළඹ සා.ජෝෂප්) 5.ටී.එච්.කේ.එස්.අයි.ද.සිල්වා (යුධ හමුදාව)(කාන්තා)1.එස්.කේ.එස්.බියංකා (අම්බලන්ගොඩ ධර්මාශෝක ) 2.සුනේත්‍රා විජේරත්න (යුධ හමුදාව)3.සෂිනි නවෝද්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද )4. ඉමාලි ලක්ෂිකා (‍‍දේවානන්ද ) 5.සෙනාලි පෙරේරා (කොළඹ ශාන්ත ‍බ්‍රිජට් කන්‍යාරාමය)ඡායාරූප හා සටහන - අම්බලන්ගොඩ සමූහ

ශ්‍රී ලංකා කණ්ඩායමට පාසල් ක්‍රීඩිකාවක්

$
0
0
විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගමාලාව සඳහා නම් කළ 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට 17 හැවිරිදි පාසල් ක්‍රීඩිකා හර්ෂිතා මාධවී ඇතුළත්ව සිටී. අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ දස්කම් පෑ හර්ෂිතා වමත් පිතිකාරිනියක වන අතර සිය පළමු ජාත්‍යන්තර තරග අවතීර්ණය ලෝක කුසලාන තරගමාලාවකින් ආරම්භ කිරීම විශේෂ සිදුවීමකි. මිට අමතරව 22 හැවිරිදි තුන්ඉරියව් ක්‍රීඩිකා හංසිමා කරුණාරත්න කණ්ඩායමට එක්වී සිටී.විස්සයි20 තරග 3කට සහ ජාත්‍යන්තර එක්දින තරග 3කට සහභාගි වීම සඳහා අද අළුයම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පිලට ද ඇතුළත්ව සිටි ඇය අවසන් මොහොතේ ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වූවාය.විස්සයි20 පිරිමි ලෝක කුසලාන තරගමාලාවට සමගාමීව පැවැත්වෙන කාන්තා තරගාමාලාව ලබන මස 15 වැනිදා සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වෙන අතර මේ තරගමාලා ද්විත්වයටම නායිකාව ලෙස නැවතත් ශෂිකලා සිරිවර්ධන නම් කොට ඇත. කණ්ඩායමේ උපනායිකාව ලෙස හිටපු නායිකා චමරී අතපත්තු කටයුතු කරන්නීය. අද ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා පිලට ඇතුළත් ක්‍රීඩිකාවන් 14 දෙනාම මෙවර ලෝක කුසලාන තරගමාලාවට නම් කොට තිබේ. කෙසේවෙතත් පළපුරුදු තුන්ඉරියව් ක්‍රීඩිකා ශ්‍රීපාලී වීරක්කොඩි, මධුරී සමුද්දිකා, අනුෂ්කා සංජීවනී, ලසන්ති මධුෂානී සහ චන්දිමා ගුණරත්න කණ්ඩායමට ඇතුළත්ව නොසිටින අතර ඔවුන් අතිරේක ක්‍රීඩිකාවන් ලෙස පමණක් නම් කොට ඇත.පසුගිය නවසීලන්ත සංචාරයට එක් නොවූ තුන් ඉරියව් ක්‍රීඩිකා ඉෂානී ලොකුසූරිය, ආරම්භක පිතිකාරිනිය යසෝධා මෙන්ඩිස් සහ වේගපන්දු යවන උදේශිකා ප්‍ර බෝධනී ද නැවත කණ්ඩායමට එක්වී සිටිති. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව මෙවර පැවැත්වෙන්නේ පස්වැනි වරටය. මිට පෙර එංගලන්තය (2009), බටහිර ඉන්දීය කොදෙව් දූපත් (2010), ශ්‍රී ලංකාව (2012) සහ බංග්ලාදේශය (2014) පැවැති තරගමාලා 4ටම සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සෑම තරගාමාලාවකදීම මූලික වටයෙන් ඉවතට විසිවූ අතර මෙවර දෙවැනි වටයේ ස්ථානයක් බලාපොරොත්තුවෙන් දැඩි සටනක් දීමට සුදානමින් සිටී.විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාමාලාව සඳහා නම් කළ ශ්‍රී ලංකා පිල :- ශෂිකලා සිරිවර්ධන (නායිකා), චමරී අතපත්තු (උපනායිකා), යසෝධා මෙන්ඩිස්, ඕෂධී රණසිංහ, ඩිලානි මනෝදරා, ප්‍රසාදිනි අතපත්තු, අමා කාංචනා, ඉෂානී ලොකුසූරිය, උදේශිකා ප්‍ර බෝධනී, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරී, නිලක්ෂි ද සිල්වා, හංසිමා කරුණාරත්න, නිපුනි හංසිකා, හර්ෂිතා

මුදලේ අගය තීරණයට රජයට බලය ලැබුණු අන්දම

$
0
0
වසර අසූවකට පෙර, 1936 පෙබරවාරි 4 වැනිදා, පසුගිය සියවසේ වැඩියෙන්ම බලපෑමක් කරන්නට සමත් වූ පොත් අතරින් එකක් ප්‍රකාශනය විය. එය බ්‍රිතාන්‍ය අර්ථ ශාස්ත්‍රඥ ජෝන් මේනාඩ් කේන්ස් විසින් රචිත ‘රැකියා, පොලී සහ මුදල් පිළිබඳ පොදු න්‍යාය’ නමින් විය. එය සමඟින් බිහිවූයේ අද කේන්සියන් අර්ථ ශාස්ත්‍රය නමින් හැඳින්වෙන්නයි. එය එළිබැස දශකයක් ගෙවී යන්නටත් පෙර, ‘පොදු න්‍යායේ’ අදහස් අර්ථ ශාස්ත්‍ර වෘත්තීය ආක්‍රමණය කරන ලද බවක් පෙනිණ. ආණ්ඩුවල ආර්ථික ප්‍රතිපත්ති සඳහා එය මාර්ගෝපදේශකයක් බවට ද පත්විණ. එතරම් කෙටි කලකින් එතරම් පුළුල් සේ අදහස් පැතිර යැවීමටත් සහ මහජන ප්‍රතිපත්ති සඳහා දැඩි විනාශකාරී බලපෑමක් කරන්නටත් සමත් වී ඇත්තේ පොත් ස්වල්පයකි. කේන්ස් සමත් වූයේ ආණ්ඩු හැම විටකම කරන්නට කැමති වූ, එනම් අනුන්ගේ මුදල් වැයකිරීමට සහ සුවිශේෂී පිරිස් සඳහා විශේෂ වරප්‍රසාද වෙන් කිරීමට හැකියාව ලැබෙන තර්කයක් ඉදිරිපත් කරන්නටය. නිදහස් වෙළඳපොල ආර්ථිකයක පැවැත්මට ආවශ්‍යක වූ සංස්ථායික අංග තුනක් නොසලකා හරින්නට මේ ක්‍රියාවලියේ දී කේන්ස් සහාය දෙන ලදි. ඒවා නම් රන් මිනුම, තුලිත රාජ්‍ය අයවැය, සහ විවෘත තරඟකාරී වෙළඳපොලයි. ඒ වෙනුවට කේන්ස් අපට දායාද කරන ලද්දේ නෝට්ටු මුදල් උද්ධමනය, (අයවැය) හිඟ වැය කරත හැකි රාජ්‍ය වියදම්, සහ වෙළඳපොල පුරා පැතිර යන සේ දේශපාලන මැදිහත්වීම් තවත් වැඩිකිරීමයි. කේන්ස් හෝ කේන්සියානු විප්ලවය නොමැති වූවා නම් උද්ධමනය, හිඟ වැය කිරීම, සහ මැදිහත්වීම් සිදු නොවෙන්නට ඉඩ තිබුණා යැයි කීම අතිශයෝක්තියක් විය හැකියි. කේන්ස්ගේ පොත නිකුත්වෙන්නට පෙර දශක කිහිපයකට පෙර පවා දේශපාලනමය සහ සංකල්පවාදී වාතාවරණය හැරෙමින් පැවතියේ සමාජ සහ ආර්ථික කටයුතුවල දී රජය තවත් වැඩියෙන් ළංකර ගැනීම වෙතටයි. ඒ යුරෝපයේ සහ ඇමෙරිකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ විද්වතුන් අතර වැඩියෙන් වර්ධනය වූ සාමූහික අදහස්වල බලපෑම් හේතුවෙනි. කෙන්ස්ට පෙර: බුද්ධිමත් නිදහස් වෙළඳපොල ප්‍රතිපත්ති පොදු න්‍යාය නිකුත් වෙන්නට පෙර සාමූහික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි අයට ආර්ථික චින්තනයේ ප්‍රධාන අංශය වටෙන් යන්නට සිද්ධ වී තිබිණ. එවක දී ද ආර්ථික චින්තනයේ ප්‍රධාන අංශය තර්ක කළේ වෙළඳපොලට රජය ඇඟිලි නොගසා සිටිය යුතු බවයි. රන් මත පදනම් වූ ස්ථායි ව්‍යවහාර මුදල් පවත්වා ගත යුතු බවයි. ආණ්ඩුවල බදු සහ වැය ප්‍රතිපත්ති හික්මීමකින් යුතුව ගෙන යාමයි. එසේ ක්‍රියා කිරීම හොඳම සාමාන්‍ය පිළිවෙත බවයි. වෙළඳපොල සුමට ලෙසින් ක්‍රියාත්මක වීම රාජ්‍ය මැදිහත්වීම් නිසා වැළැක්වෙන බව 18 වැනි සහ 19 වැනි සියවස්හි නිදහස් වෙළඳපොල වෙනුවෙන් පෙනී සිටි අර්ථ ශාස්ත්‍ඥයන් විසින් අනූනයී ලෙසකින් පෙන්වා දී තිබුණි. ආර්ථික කටයුතු මෙහෙයවන හැකියාව හෝ දැනුම හෝ යන දෙකම ආණ්ඩුවට නැති බව ඔවුන් පැහැදිලිවම පෙන්වා දෙන්නට සමත් වී තිබිණ. ඉල්ලුමේ සහ සැපයුමේ තරඟකාරී බලය ජනතාවගේ ක්‍රියාවන් සම්බන්ධීකරණය කරද්දී සහ ඊට අත්‍යාවශ්‍ය වූ දිරිගැන්වීම් ලබාදෙන විට සහ ජනතාවගේ ජීවිත සහ දේපල ආරක්ෂාවට පමණක් සාමාන්‍යයෙන් ආණ්ඩුවක් සීමා වෙද්දී, නිදහස සහ සමෘද්ධිය හොඳින්ම තහවුරු වෙයි. උගත් පාඩම්: රන් මුදල් සහ තුලිත අයවැය 19 වැනි සියවස මුල් කාලයේ දී පැවති නැපෝලියානු යුද්ධවල දී බොහෝ යුරෝපීය රටවල් උග්‍ර උද්ධමනයන් අත්විඳින ලද්දහ. ඒ යුද වැය සඳහා ආණ්ඩු විසින් නෝට්ටු මුදල් අච්චු ගහන්නට පටන් ගත් බැවිනි. මුල්‍ය තිරසාර බවක් පවත්වාගන්නට නම් රජයේ අත මුදල් නෝට්ටු අච්චු ගහන මුද්‍රණාලයෙන් අහක් කර තැබිය යුතු බව නිදහස් වෙළඳපොල අර්ථ ශාස්ත්‍රඥයන් උගත්හ. මෙය කළ හැකි හොඳම ක්‍රමය රටේ ව්‍යවහාර මුදල් රත්තරන් වැනි වෙළඳ ද්‍රව්‍යයකට ඈඳා තැබීමෙනි. රන් ඉල්ලුම අනුව ස්ථාවර විනියමය අනුපාතිකයට ඔවුන්ගේ නෝට්ටු නිකුත් කරන්නට බැංකුවලට නියම කිරීමෙනි. සසරණයේ පවතින බැංකු නෝට්ටු වැඩි කිරීම බැංකුවල අමතර රන් තැන්පතු ප්‍රමාණයට පමණක් සීමා කිරීමෙනි. රාජ්‍ය වැඩසටහන් සඳහා අරමුදල් සැපයීමේ ක්‍රමයක් හැටියට හිඟ වැය කිරීම අනතුරුදායක බව ඔවුන් නිගමනය කළහ. රටවැසියන්ට පෙනෙන පරිදි බදු ඉහළ දමන්නේ නැතිව, අද ණයට ගෙන අද වියදම් කරන්නට, ණය ගෙවන්නට සිද්ධවෙන බදු වැය ඉහළ දැමීම හෙටට කල්දාන්නට, ආණ්ඩුවලට වියදම් කරත හැකියාව ඇතැයි පෙන්වන මායාවක් හුවා දක්වන්නට එයින් හැකියාව ලැබිණ. නිදහස් වෙළඳපොල අර්ථ ශාස්ත්‍රඥයන් වාර්ෂික තුලිත අයවැය ඉල්ලා සිටියහ. එවිට රජයේ වියදම් වැය වඩා පැහැදිලි ලෙසින් සිය රටවැසියන්ට දකින්නට හැකියාව ලැබේ. යුද්ධයක් වැනි ජාතික අවදානමක් ඉදිරියේ දී, ආණ්ඩුවකට ණයක් ගන්නට සිද්ධ වුවහොත්, එවිට අර්බූදය නිමා වූ විට ආණ්ඩුවට ඉතිරිවෙන අතිරික්ත අයවැය තුලින් ණය ගෙවා දැමිය හැකියි. වෙළඳපොල, වේතන හා ආණ්ඩු පිළිබඳ කේන්ස්ගේ චින්තනය යහපත් සමාජයක් සඳහා අවශ්‍ය ප්‍රතිඵල ගෙනෙන ලද සත්‍ය ප්‍රතිපත්ති එවක නිදහස් වෙළඳපොල වෙනුවෙන් පෙනී සිටි අර්ථ ශාස්ත්‍රඥයන් පෙන්වා දුන්හ. පරාජය කරන්නට හැකි තරමින් කේන්ස් සිය පොදු න්‍යාය පොතෙන් උත්සාහ කළේ ඒ ප්‍රතිපත්තීන් ය. වෙළඳපොල ආර්ථිකයක් නෛසර්ගික ලෙසින්ම අස්ථායී යැයි ඔහු තර්ක කළේය. අවිචාරී ආයෝජකයෙකුගේ ශුභවාදයට හෝ අශුභවාදයට අනුව ඒ මේ පැත්තට හැරෙන්නට විවෘත යැයි ද, ඒ නිසා නිමැවුම්, රැකියා සහ මිල ගණන් වල අවිනිශ්චිත වූ සහ දැඩි ඉහළ පහළ යාම් ප්‍රතිඵල ලෙසින් දකින්නට හැකිවේ යැයි ද ඔහු තර්ක කළේය. දීර්ඝ කාලීන දැක්මකට හැකියාව ඇත්තේ සහ යථාර්ථවාදී ලෙසකින් ආර්ථිකය සමබර ලෙසකින් පවත්වාගෙන යාමට හැකියාව ඇත්තේ ආණ්ඩුවට පමණක් යැයි ඔහු විශ්වාස කළේය. අවපාතවල දී හිඟ වැය ගෙන යාමෙන් ආර්ථිකයට තල්ලුවක් දිය හැකි යැයි ද, උද්ධමනකාරී බුබ්බුලවල දී අතිරික්තයන්ගෙන් මැඬගත හැකි යැයි ද ඔහු කීය. ඒ නිසා ඔහු තුලිත අයවැය මතියට පහර දුනි. ඒ වෙනුවට ආණ්ඩුව විසින් “ව්‍යාපාර චක්‍රය” මතින් අයවැය තුලිත කළ යුතු යැයි කීවේය. අවපාත කාලයන් හි දී අයවැය හිඟයක් ඇති කිරීමෙන් සහ සම්පූර්ණ සේවා නියුක්තිය ඇති සහ ආර්ථික වර්ධනයන් ඇති කාලයන් හි දී අතිරික්තයන් ඇති කිරීමෙනි. මේ වැඩේ කරන්නට නම් “ම්ලේච්ඡ පුරාණ වස්තුවක්” වූ රන් මිනුම විසින් ආණ්ඩුව අබ්බගාත කරවිය යුතු නැතැයි කේන්ස් කීවේය. ප්‍රඥාවන්ත දේශපාලනඥයන් යනු, තමන් වැනි අතිදක්ෂ අර්ථ ශාස්ත්‍රඥයන්ගේ මඟ පෙන්වීම අනුව මුදල් සැපයුම වැඩි කිරීමට, පොලී අනුපාතික මෙහෙයවීමට, සහ ව්‍යවහාර මුදල් ගණුදෙනුවල දී විදේශ විනිමය අනුපාතික වෙනස් කිරීමට හැකියාව තිබිය යුතු අය වීම අවශ්‍ය යැයි කේන්ස් කීවේය. මේ බලය ඔවුනට අවශ්‍ය වනුයේ මහජන කටයුතු ව්‍යාපෘති තුලින් මිනිසුන්ට රක්ෂාවන් දීමට සහ ආණ්ඩුව උනන්දු කරවන පුද්ගලික ආයෝජන සඳහා අවශ්‍ය වියදම් ලබාගැනීම සඳහායි. මුදල් සැපයුම රන් ප්‍රමාණයට සීමා කර තැබීම යනු මේවා කරන්නට නොහැකි බාධකයක් යැයි කේන්ස් තරයේම කියා සිටියේය. වෙළඳපොල ආර්ථිකය සුමට ලෙසකින් පවත්වා ගෙන යාමට එයට නොහැකි යැයි පමණක් නොව වෙළඳපොලට ක්‍රියාත්මක වීමට ඉඩ දීම පවා නුසුදුසු වූවක් යැයි කේන්ස් විශ්වාස කළේය. ඉල්ලුම හා සැපයුම සමතුලිත වීම අනුව වෙළඳපොලට මිල ගණන් සහ වේතන තීරණය වීමට ඉඩදීම යනු සමාජය කෲර හා අසාධාරණ ‘ආර්ථික විසල් බලයකට’ ලක් කිරීමක් යැයි වරක් ඔහු කියා සිටියේය. ඒ වෙනුවට ඔහුට උවමනා වූයේ වේතන සහ මිල ගණන් දේශපාලනමය ලෙසින් “[සමාජ] පංති අතර ‘සාධාරණ’ සහ ‘යුක්ති සහගත’ වූ” පදනමක් යටතේ නියම කිරීමටයි. විශාල ජනගහණයක් විරැකියාව අත්විඳිමින් සිටි මහා අවපාත වසර තුල දී, ශ්‍රමිකයන් තුල එතරම් වටිනාකමක් වෙළඳපොල නොදැකීම නිසා ඔවුන් රැකියා අවස්ථා අහිමි කරගනිමින් සිටිය දී පවා, වෘත්තීය සමිති විසින් පනවන ලද වේතන මට්ටම් දිහා බැලිය යුත්තේ නොකෙලෙසිය යුතු ලෙසකින් යැයි කේන්ස් තර්ක කළේය. ඒ වෙනුවට ආණ්ඩුව මුදල් අච්චු ගැසිය යුතුයි. හිඟ වැය දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි. නැවතත් සේවකයන් බඳවා ගැනීමට සේවාදායකයන්ට ලාබ ලැබෙන සේ මිල ගණන් ඕනෑම මට්ටමකට ඉහළ දැමිය යුතුයි. තවත් විදියකින් කියතොත්, පමණට වැඩි වේතන ඉල්ලා සිටින ආක්‍රමණශීලී වෘත්තීය සමිති හමුවේ දී “පූර්ණ සේවා නියුක්තිය” සහතික කරන මාර්ගයක් ලෙසින් නිරන්තර මිල උද්ධමනය යොදාගත යුතු යැයි ඔහු කීවේය. තවත් කොටසක් ඉක්මණින්. එෆ්. ඒ. හයෙක්ගේ පශ්චාත් උපාධි සිසුවෙක් වූ ද, ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර පාසැලේ ලොව ප්‍රථම සමුළුවට සහභාගී වූ අය අතරින් අයෙක් වූ ද, මහාචාර්ය රිචඩ් එබලින් මට මුණගැසෙන්නේ වසරකට පමණ පෙර ඩෙලවෙයාර් බැස්ටියාට් සංගමයේ හමුවක දී ය. ඔහු ලංකාවට එක් වතාවක් පැමිණ ඇත. මහාචාර්ය එබලින් විසින් ලියූ කේන්සියන් අර්ථ ශාස්ත්‍රයේ මෝඩකම් සහ දුර්මතයන් නමින් වූ සටහන ඉංග්‍රීසියෙන් මෙතැනින් කියැවිය හැකියි.

Perspectives on Going Viral

$
0
0
You wake up one morning, check your phone, and spit out your coffee. You have thousands of likes on Facebook, hundreds of retweets, and an inbox that has exploded. Your little blog — which normally gets a dozen views per day and has an audience of exactly two, your spouse and mother — has been shared all over the internet, and that post you wrote last night, in your pajamas, has gone viral. Going viral is different for everyone, but it can be a strange blend of exciting and terrifying — and very emotional, as writer Sam Dylan Finch described in his recent interview. Here, four bloggers on WordPress.com share their experiences. Gretchen Kelly, Drifting Through My Open Mind Last November, Gretchen Kelly published “The Thing All Women Do That You Don’t Know About,” in which she described all the tactics women employ to move safely through a world of sexism and harassment. Nearly two thousand comments and more than two million views later, the post continues to generate a lot of activity. Can you pinpoint the spark that set it all off? Twitter is where my post first started to get some traction. I knew something was going on when I started seeing retweets and comments from non-bloggers. Soon, my Twitter notifications were going crazy. People started asking to publish it in different languages, and the Huffington Post and Upworthy contacted me. It was circulating on Facebook, too, but I wasn’t as aware of that. I think it was shared initially because it resonated with so many women. Then, it was shared by people who were angered by it. There’s definitely a sweet and salty feel to going viral. What is one thing you learned from the experience? I don’t know if anything can prepare you for the turbulence of going viral. I learned that I’m not as thick-skinned as I’d like to think. I received so many positive, touching messages from both men and women. But the negative, hateful comments? Those were tough to take. At times I let them get to me and affect my mood. Eventually, I had to turn off notifications on my phone and take a break from it all. Is there anything you would have done differently? I don’t think I would do anything differently. I almost scrapped the post right before publishing it. I was filled with doubt, worried that no one would get what I was trying to say. But I published it and hoped for the best. I try not to question or overanalyze anything when it comes to my writing or blogging. It’s a struggle because I think generally, writers are an over thinking, self-doubting bunch. But I also know that overthinking can be the death of creativity. I try hard to just go with it and let things happen. So, no. I wouldn’t change a thing. Has blogging been a challenge since this viral post? My desire to blog hasn’t waned. What was a challenge was deciding what to write next. I am not a niche blogger, and I don’t want to be pigeonholed. I sometimes write about feminism, but I also write about grief, about my life, about love. Would I lose new followers or let them down? Would people pick it apart like some did with the viral post? Eventually, I just wrote what was on my mind at the time. I’m still working on that not-overthinking thing! Matthew Fray, Must Be This Tall to Ride Last month, Matthew published “She Divorced Me Because I Left Dishes by the Sink.” Before he knew it, the post had gone viral — no promotion needed on his part. Since then, he’s been experiencing the aftermath of the experience, which he reflected on in “Of Course It Was About More Than Dirty Dishes.” Can you pinpoint the spark that set it all off? Kind of. I work in digital marketing, so checking web traffic and content performance is part of what I do. I published the post on January 14th. It was viewed 263 times that day. This is how the post performed afterward: Matthew’s post views from January 15-28, 2016. Views are slowly returning to whatever my blog’s new normal will be. It was nothing more than some readers sharing it on Facebook, then their friends sharing it on Facebook, and then their friends doing the same. What is one thing you learned from the experience? I learned that blogging CAN make a tangible difference in people’s lives. A silly post about a dish by the sink — the deeper meaning was sadly lost on many readers — sparked countless conversations about marriage online and among couples. Some people said their relationships will never be the same. In a good way. One thing I learned about myself is that everyone will not like or agree with me, and I need to be able to live with that. I didn’t like having so many people who didn’t know me make judgments about my marriage and my beliefs based on one post that most didn’t seem to read all the way nor understand. Moving forward, thicker skin will be required. Is there anything you would have done differently? There are sentences in the post which made sense to me and regular readers because we have context, but to millions of strangers, some thoughts were understandably misinterpreted. Had I known so many strangers would read it, I’d have exercised more thoughtful and prudent word choices. But, big picture? This got people talking about marriage in meaningful ways. I’m proud of that. In that respect, I wouldn’t change a thing. Has blogging been a challenge since this viral post? In my two-and-a-half years of blogging on WordPress.com, people have mostly been exceedingly kind when leaving comments. Opening the floodgates to a larger cross-section of humanity introduced me to criticism and some less-than-pleasant insults in a way I had never experienced. Sometimes people (or maybe it’s just me) have a unique capacity to ignore the ninety percent saying nice things, and hone in on the ten percent who aren’t. I didn’t always handle that with grace and professionalism. Learning to accept that not everyone will agree with me, like me, or understand me will be my biggest challenge moving forward. Lisa Durant, Can Anybody Hear Me? In April 2015, Lisa wrote “The ‘After’ Myth,” a post about losing weight, yet failing to discover and truly love herself. A year on, the piece continues to resonate with readers. Can you pinpoint the spark that set it all off? Although I can’t be entirely sure, I think a photo made my post go viral. Since my post was about my weight loss journey (or, as I prefer to put it, my life gain journey), it included a before and after photo of my physical transformation. While I understand that a dramatic high-impact photo makes for good clickbait, in this scenario, it’s kind of ironic. That post (and my entire blog, really) are meant to take attention away from the physical and focus more on the mental and emotional challenges of major weight loss. What is one thing you learned from the experience? I was surprised at how many people were surprised by my willingness to talk openly about personal topics. I also felt a bit of fear over being so visible. I’ve always been an open book, but I’ve never had so many readers paging through. I learned that people are a lot kinder than I ever knew. I was shocked at how few negative and critical responses I received and overwhelmed by the support I found. Is there anything you would have done differently? I could have capitalized on it. I could have ridden the wave of being visible and used it to gain even more exposure. I could have grown my blog, sold ads, and tried to turn it into a career as many others have. But I purposely chose not to, and I don’t regret that choice. Don’t get me wrong: I enjoyed briefly writing for other publications as a result, but I also chose to retreat and let the viral post run its course. I suppose that’s one other thing I learned about myself: I don’t want to be famous; I just want to write. Has blogging been a challenge since this viral post? At first, going viral made me second guess everything I sat down to write. I worried that whatever I posted next would never be as good. I also became much more aware of how many people could potentially see the sometimes very personal things that I tend to bring up in my posts. But then, I realized that these fears were exactly the right thing to write about next, and so I did. And, I made a decision and a statement: I couldn’t promise that every post would be viral-worthy or even interesting to anyone else, but I could promise to be honest. I decided that I would continue to do what I’d been doing for years: write for me, not for an audience. Corinne Rogero, Duly Noted “I Should Be Engaged,” Corinne Rogero’s quiet musings on being more mindful in the moment and creating meaningful connections, made lots of noise in January as well. Ten days after, she beautifully reflected on the experience that turned her world upside down. Can you pinpoint the spark that set it all off? I think a lot of millennials are bombarded with the notion that engagement and marriage are the keys to happiness. So the word “engaged” in my post’s title perhaps drew people’s attention, and I’m sure some readers hoped to hear a valid reason for why they deserved to be engaged in the marital sense as well. What is one thing you learned from the experience? There is greater power in sharing stories and exchanging words than perhaps we’ll ever fully realize. And I think because our words hold such weight — whether we realize it or not — they deserve to be shared in ways that connect with other souls and land somewhere deeper than mere surface level. Is there anything you would have done differently? I don’t think many people expect their post to go viral when their cursor hovers over the “Publish” button, and because my experience was just as unexpected, I don’t think it could have taken place any other way. I was writing just to write, and it just so happened to be read around the world. Has blogging been a challenge since this viral post? Immediately after my post crossed the 1,000,000 mark, I felt pressure to publish posts of the same caliber — that anything under a million views meant it wasn’t a good post. And the same expectation carried over into other social media platforms where I’d gained hundreds of followers because of my post. Suddenly, each Instagram photo or tweet had to be perfectly clever and professionally delivered. But I’m reminded that whether a post receives one or one million views, those one or one million people are exactly those who need to read it. Playing the comparison game in writing will only stifle your voice and suffocate your story. Looking for something to read? Explore the latest picks from our editors at Discover.Filed under: Community, WordPress.com, Writing

කිලිනොච්චියේ සිට ලියමි

දේශීය ඖෂධීය ශාකවල විස්‌මයජනක හැකියා

$
0
0
දේශීය ඖෂධීය ශාකවල විස්‌මයජනක හැකියාඅපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක්‌ වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක්‌ නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්‌ ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්‍රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක්‌ හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක්‌ වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්‌ලියා විස්‌වනාදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.ශාකවල කෘත්‍යාත්මක ගුණ අතරින් ශරීරයේ ලෙඩ රෝග පාලනයට ඉතා වැදගත් ගුණයක්‌ වන එම ශාකවල දක්‌නට ලැබන ප්‍රතිඔක්‌සිකාරක ගුණ ලැබෙන්නේ එම ශාකවල නිපදවන ද්වීතීයික පරිවෘත්තීය සංඝටක (Secondary metabolites)වලින්. ඒ අතරින් ෆීනෝලික (Phenolic) සහ ෆ්ලෙවනොයිඩ් (Flavonoid) රසායනික සංඝටක ප්‍රධානයි. අපේ ශරිරය තුළ විවිධ අහිතකර හේතු නිසා (වැරදි ජීවන රටා, නරක ආහාර පුරුදු සහ මානසික ආතතිය) නිපදවන සහ ශරීරයට බාහිරින් ඇතුළු වන මුක්‌ත ඛණ්‌ඩක (Free radicals) නිසා ඔක්‌සිකරණ ආතතියක්‌ (Oxidative stress) ශරීරයේ ඇති වනවා. ඔක්‌සිකරණ ආතතිය නිසා ශරීරයේ ඉන්ද්‍රියන්වල, පටකවල ඩී එන්. ඒ., ප්‍රොaටීන් සහ ලිපිඩවලට හානි වනවා. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි සාමාන්‍ය රෝගවල දී වගේ ම දියවැඩියාව, හෘද රෝග, පිළිකා වැනි දරුණු රෝගවලටත් මූලික හේතුවක්‌ වන්නේ මේ ඔක්‌සිකරණ ආතතිය මගින් සෛලවලට සිදු වන හානිය. අප ගන්නා දේශීය ඖෂධ වර්ගවල පොදුවේ ප්‍රතිඔක්‌සිකාරක ගුණ බහුලයි. මේ ප්‍රතිඔක්‌සිකාරක ගුණවලට ශරීරයේ ඇති වී තිබෙන ඔක්‌සිකරණ ආතතිය මර්දනය කර ශරීරය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව තිබෙනවා. පර්යේෂණ කණ්‌ඩායම පළමුව සිදු කළේ තෝරාගත් දේශීය ඖෂධ වර්ගවල ප්‍රතිඔක්‌සිකාරක හැකියාව අධ්‍යයනය කිරීම.මෙහි දී පර්යේෂණ කණ්‌ඩායම විශ්ලේෂණ සඳහා දේශීය ඖෂධ වර්ගවල නිස්‌සාරණ (Extracts) පිළියෙල කළේ සාම්ප්‍රදායිකව ඖෂධීය පානයන් පිළියෙල කරන ආකාරයට ම වියළි ඖෂධ වර්ග ජලය සමග උණු කිරීමෙන්. පසුව ක්‍රම 3කට එම ඖෂධ වර්ගවල ප්‍රතිඔක්‌සිකාරක හැකියාව විශ්ලේෂණය කරනු ලැබුවා. පරීක්‌ෂණවල ප්‍රතිඵලවලට අනුව පිළිවෙළින් නෙල්ලි, රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලි ඉහළ ප්‍රතිඔක්‌සිකාරක හැකියාවකින් යුක්‌ත වුණා. මේ පරීක්‌ෂණයේ සුවිශේෂී ප්‍රතිඵලයක්‌ වුණේ නෙල්ලිවල තියෙන ප්‍රතිඔක්‌සිකාරක හැකියාව. නෙල්ලිවල තිබෙන ප්‍රතිඔක්‌සිකාරක හැකියාව පර්යේෂණයට ලක්‌ කළ අනෙකුත් ඖෂධ වර්ගවල ප්‍රතිඔක්‌සිකාරක හැකියාවට වඩා ඉතා ඉහළ අගයක්‌ ගනු ලැබුවා.මින් නො නැවතුණු පර්යේෂණ කණ්‌ඩායම් ඉහත සඳහන් ඖෂධ වර්ගවල ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක (α−amylase inhibitory activity) ගුණය ද අධ්‍යයනය කළා. ඇල්ෆා ඇමයිලේස්‌ කියන්නේ අප ගන්නා ආහාරවල තිබෙන පිෂ්ටය මෝල්ටෝස්‌, මෝල්ටොට්‍රයොස්‌ වැනි ඩයිසැකරයිඩවලට බිඳහෙළන එන්සයිමයක්‌. දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට මේ එන්සයිමයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම මගින් රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම පාලනය කරගැනීම පහසු වනවා. ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක ගුණය තිබෙන ඖෂධ වර්ගවලට පුළුවන් රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම යාමනය කිරීම සඳහා උපකාරී වීමට. විශ්ලේෂණයෙන් ලැබුණ ප්‍රතිඵල අනුව නෙල්ලි සහ රණවරාවල ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක ගුණය ඉහළ අගයක්‌ ගෙන තිබුණා.මේ පරීක්‌ෂණවලින්, පුරාතනයේ සිට පාරම්පරික වෙදකමේ දී භාවිත කරන ඖෂධ වර්ගවල තිබෙන රසායනික සංඝටක සහ ඒවායේ ක්‍රියාකාරීත්වය විද්‍යාත්මක ක්‍රම මගින් දේශීයව හඳුනාගැනීමට හැකි වී තිබෙනවා. විශේෂයෙන් ම නෙල්ලිවල තිබෙන ඉතා ඉහළ ප්‍රති ඔක්‌සිකාරක ගුණය සහ ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක ගුණය හඳුනාගැනීම වටිනා නිධානයක්‌ හමු වීමක්‌ හා සමානයි. ලෝකයේ අනෙකුත් රටවල වගේ ම ශ්‍රී ලංකාව තුළත් දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා සහ හෘද රෝග වැනි බෝ නො වන රෝග වේගයෙන් පැතිරෙනවා. ඒවාට හේතු වන ඔක්‌සිකරණ ආතතිය මැඩලන්නට වගේ ම රුධිරයේ සීනි මට්‌ටම යාමනය කිරීමටත් මේ නෙල්ලි වැදගත් විය හැකි බව පෙනී යනවා. මේ වැනි වටිනා ඖෂධීය වටිනාකමක්‌ තිබෙන දේශීය ඖෂධ වර්ග වර්තමානයේ දී අප ප්‍රයෝජනයට ගන්නේ ඉතා අඩුවෙන්. එක්‌ දවසකට එක නෙල්ලි ගෙඩියක්‌ කෑවොත් එයින් මුළු දවසට ම සරිලන ප්‍රතිඔක්‌සිකාරක හැකියාව ශරීරයට ලැබනවා. නෙල්ලි වගේ ම රණවරා. බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලිත් ප්‍රතිඔක්‌සිකාරක හැකියාවෙන් සහ ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක ගුණයෙන් අනූනයි. රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලි වැනි ඖෂධවලින් සාදන පානයන්a අතීතයේ මිනිසුන් සුලබව පානය කළා. ඒ අතීතයේ සිට ම අත්දැකීමෙන් ඒවායේ ගුණ ඔවුන් දැන සිටි නිසා. වර්තමානයේ පර්යේෂණ තුළින් නැවත විද්‍යාත්මක ක්‍රමයට එම ගුණ මතු කිරීමේ අභිප්‍රාය වන්නේ ජනතාවට මේ වටිනා දේශීය ඖෂධවලින් නිසි ප්‍රයෝජන ලබාගෙන නිරෝගීමත් ජීවිත ගත කිරීමට ඉන් පිටිවහලක්‌ ලබා දීමයි.මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය පිළිබඳ පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධාන, ආචාර්ය රුවිනි ලියනගේ මහත්මිය සමග සාකච්ඡා කර සැකසූ ලිපියකි.ප්‍රදීප් පියතිලකසන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ත අංශය,ජාතික මූලික අධ්‍යයන ආයතනය,

389. පුවක් එෂැණිං - 4 - කළු කෝට් බෑය, අලි කරුණාව සහ දේවාලයේ සීසීටීවී

$
0
0
හිටපු ජනාදිපතිතුමා ඊයේ තම කලු කෝට් බෑයෙන් සැරසී උසාවි පැමිනියේය. 1977 අවුරුද්දේ පෙරකොරෝදයකු ලෙස දිවුරුං දුන්නාට පසු කෝට් බෑය එලියට ගත්තේ ඊයේ බැවින් කෝට් බෑය පුස් ගඳ හැමුවාට ගණන් නොගන්නා ලෙස ඔහු දෑත ඔසවා ආචාර කොට රැස්ව උන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.  "කොහොමත් මට දිගටම මේ කලු කෝට් බෑය පාවිච්චි කරන්ට වෙයි වගෙ කියල මට හිතෙනව. ඒ හින්ද අද ගෙදර ගිය ගමං මේක අව්වෙ දාල වේලන්ට ඕන." එතුමා

අලුත් ලෝකයට අලුත් ගැජට් 8 කොටස - New Gadgets for New World Part 8

$
0
0
යතුරු පැදි කියන්නේ අද කාලේ බොහෝ දෙනෙකුට පහසුවෙන් මිලදී ගත හැකි පවුලේ වාහනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් සතුව යතුරු පැදි පවතින නිසා එය වඩාත් ජනප්‍රිය වාහනයක් ලෙසත් සඳහන් කළ හැකියි. යතුරු පැදි පරිහරණය වඩාත් පහසු කරවන්නට උදව්වන විවිධ අලුත් ගැජට් වර්ග දැන් ලෝකයට හඳුන්වා දී තිබෙනවා. නමුත් බොහෝ දෙනෙක් ඒවා ගැන දන්නේ නැහැ. ඒ නිසා අලුත් ගැජට් තුළින් අද අපි යතුරු පැදි සඳහා වූ අලුත් ගැජට් වර්ග ගැන ටිකක් කතා කරමු. සුපිරි ගණයේ හෙල්මට් එකක් ‛ස්කලි ඒ ආර් -1’ (Skully AR-1 Helmet) සුපිරි ගණයේ හෙල්මට් එකක් කිව්වොත් එහි වරදක් නැහැ. මේ වසර මුළදී මෙය හඳුන්වා දෙන අවස්ථාවේදී මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කළ පරිදි පෘථිවියේ දැනට නිපදවා ඇති වඩාත් සංකීර්ණතම පාරිභෝගික භාණ්ඩය මෙය විය හැකියි. මෙහි පිටුපසින් අංශක 180ක දර්ශන පථයක් හසුකරගත හැකි (වයිඩ් ඈන්ගල්) කැමරාවක් සවිකොට තිබෙනවා. ඔබට පිටුපසින් සිදුවන සියලු දෙයම මෙම කැමරාව මගින් හසුකරගන්නවා. එම දර්ශන සියල්ල හෙල්මටයේ වයිසරය, එ කියන්නේ ඉදිරිපස ඇති විදුරුවේ පහළ කොටස මත දිස්වෙනවා. ඒ වගේම යතුරු පැදියේ වේගය, රෝදය කරකැවෙන වේගය (RPM) ආදියත් පෙන්නුම් කරනවා. යතුරු පැදිකරුවාගේ හිසෙහි වැඩි ආරක්ෂාවක් සඳහා කාබන් කෙඳි ආවරණයක් ද ඇතුළත් කොට තිබෙනවා. දැනට මෙහි මිල ඇමරිකානු ඩොලර් 1,500 (රු. 214,500ක් පමණ) වෙනවා. යතුරු පැදි සන්නිවේදන උපකරණයක් ඔබත් මිතුරන් කිහිප දෙනෙකුත් යතුරු පැදිවලින් ගමන් බිමන් යද්දි අදහස් හුවමාරු කරගන්න ගියාම සෑහෙන ගැටලුවක්ට මුහුණ දෙන්න වෙනවා. යන ගමන් දුරකතන ඇමතුම් ගන්නත් අමාරුයි. නතර කරන්නම වෙනවා. නමුත් දැන් මේ ගැටලුවට අලුත් විසඳුමක් තිබෙනවා. ඒ තමයි ‛සීනා එස්.එම්එච් - 10ඩී - 11බ්ලූටූත් ඉන්ටර්කොම් පද්ධතිය’ (Sena SMH-10D-11 Bluetooth Headset and Intercom Set). මේවා තමන්ගේ කණ්ඩායමේ සියලු දෙනාම අතර පවතිනවා නම් යතුරු පැදියේ ගමන් කරන ගමන් කිසිම අපහසුවක් නැතිව අදහස් හුවමාරු කරගන්න පුළුවන්. මෙය මීටර් 900ක් දක්වා දුරකට පණිවිඩ සම්ප්‍රේෂණය කරන නිසා ළගින් ගමන් කිරීම අවශ්‍ය වන්නේත් නැහැ. ඒ වගේම ඔබගේ දුරකතනයේ ඇති ගීතවලට මෙය ඔස්සේ සවන් දෙන්නට පුළුවන් වගේම දුරකතන ඇමතුම්වලට පිළිතුරු දෙන්නටත් පුළුවන්. ඒවගේම මෙහි ඇති තවත් පහසුකමක් වන්නේ මාර්ගය පිළිබඳ විස්තර ඇතුළත් යෙදුමක් ඔබ ජංගම දුරකතනයේ ස්ථාපනය කොට ඇත්නම් එම ගමන් විස්තර ද මෙය ඔස්සේම අසන්නට හැකිවීමයි. ඇමසන් වෙබ් අඩවිය ඔස්සේ මෙය දැනට ඇමරිකානු ඩොලර් 252.50කට (රු.36,000) මිලට ගන්න පුළුවන්. යතුරු පැදියේ යන ගමන් දුරකතනය චාර්ජ් කරගන්න තමන්ගේ ජංගම දුරකතනයේ බැටරිය අඩුවෙලා කියලා හුඟක් දෙනෙක් දැනගන්නේ උදේ වැඩට යන්න ලෑස්ති වුණාම. ඉතින් ගෙදරින් පිටවෙන්න ටිකක්ට කලින් චාර්ජ්වෙන්න දැම්මත් එය මුළු දවසක් සඳහාම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ගැටලුවට විසඳුමක් හොයපු ඇතැම් යතුරු පැදි නිෂ්පාදනකරුවන් තම නිෂ්පාදනවල යූඑස්බී චාර්ජින් පෝර්ට් එකක් ස්ථාපනය කළා. එහෙම නැති යතුරු පැදිවලට නම් වෝල්ට් 12න් චාර්ජ් කරගන්න පුළුවන් කොටසක් සවිකරගතු යුතු වෙනවා. නමුත් මේ සියල්ලටම වඩා පහසු උපකරණයක් දැන් ඇවිත් තිබෙනවා. මෙය හඳුන්වන්නේ ‛ෂූ ෆෝන් චාර්ජින් බෙල්ට්’ (Xoo Phone-Charging Belt) නමින්. මෙය සැබවින්ම ඔබේ ඉණට බඳින පටියක්. ඔබ දැනට භාවිත කරන පටිය වෙනුවට මෙය යොදාගන්න පුළුවන්. ඔබේ සාක්කුවේ දුරකතනය දමාගෙනම චාර්ජ් කරගන්නත් පුළුවන්. කුඩා ප්‍රමාණයේ සිට එක්ස් එල් (XL ) ප්‍රමාණය දක්වා මේවා මිලට ගන්නට තිබෙනවා. මෙම පටියේ මයික්‍රෝ යූඑස්බී පෝර්ට් එකක් තිබෙනවා. ඔබේ දුරකතනයේ චාර්ජ්කිරීම සඳහා ඇති කේබල් එක එතැනට සවි කළ හැකියි. මෙය දැනට ඇමරිකානු ඩොලර් 249කට (රු. 35,600කට) මිලට ගන්නට පුළුවන්. යතුරු පැදියේ යන ගමන් දුරකතන ඇමතුම් ගැන දැනගන්න ජංගම දුරකතනය සාක්කුවේ දමාගෙන ගියත්, එය කම්පනය වන ආකාරයට සකසා තිබුණත් ඇතැම් විට දුරකතන ඇමතුමක් එන බව දැනෙන්නේ නැහැ. දීර්ඝවෙලාවක ගමනක් නම් ඇමතුම දකින්නේ සෑහෙන වෙලාවකට පස්සේ. ඉන්පස්සේ දීර්ඝ වෙලාවක් දොස් අහන්න අවස්ථාව උදාකරගන්නත් පුළුවන්. කෙසේ නමුත් දුරකතනයට ඇමතුමක් එනවිට එය පෙන්වන්නට යම් උපකරණයක් ඇත්නම් එය බොහෝ ප්‍රයෝජනයි. මේ පවසන්නට සූදානම් වන උපරණයත් එවැන්නක්. ‛ඉකිකි’ (iQiKi ) නමින් හඳුනාවා දී ඇති මෙය ඔබගේ යතුරු පැදියේ සවිකරගත හැකි මෙම උපකරණයේ ඇති එල්ඊඩී බල්බය දල්වා ඔබට ඇමතුමක් පැමිණෙන බව දන්වා සිටිනවා. ඒ වගේම දුරකතනයේ ඇති මෙයට සම්බන්ධ යෙදුම, එහෙමත් නැත්නම් ඇප් එක මගින් මෙම දැල්වෙන බල්බයේ ස්වභාවය වෙනස් කරන්නට පුළුවන්. ඔබට වඩාත් වැදගත් අංක එම ඇප් එකට ඇතුලත් කිරීම මගින්, එම අංකවලින් පැමිණෙන ඇමතුම් වෙනස් වර්ණයකින්, වෙනස් ස්වභාවයකින් පෙන්නුම් කළ හැකියි. දුරකතන ඇමතුම් වගේම කෙටි පණිවිඩ, සමාජ ජාල පණිවිඩ මෙමගින් දන්වා සිටිනවා. බල්බයේ දීප්තිය අධික නිසා දවල් කාලයේ වුවත් පැහැදිලිවම මෙම දැල්වීම් පෙනෙනවා. දැනට ඇමරිකානු ඩොලර් 35කට (රු. 5000) මිලට ගන්නට පුළුවන්. යතුරු පැදියේ චේන් සීරුමාරු ගැජට් එක යතුරු පැදියේ චේන් එක ටික දවසක් යනකොට ඇදිලා කේස් එකේ වදින්න පටන් ගන්නවා. එතකොට හැමෝම කරන්න වැඩපළකට ගිහින් ඒක සීරුමාරු කරගන්න එක. නමුත් මේ හැමතැනම මේක කරන්නේ අතේ හුරුවට. කිසිම තැනක නිශ්චිත මිම්මක් නැහැ. නිශ්චිත මිම්මක් සහිතව ක්‍රමානුකූලව චේන් එක් සීරුමාරු කරගත හැකි උපකරණයත් වෙළෙඳපළට එන්නේ මෙන්න මේ අඩුපාඩුව සපුරාලන්නයි. මෙම ගැජට් එක හඳුන්වන්නේ ‛ටෘ ටෙන්ෂන්’ (Tru-Tension) නමින්. මෙම උපකරණයත් සමග පැරණි ක්‍රමයට ආයුබෝවන් කියන්න පුළුවන්. යතුරු පැදියට අවශ්‍ය සහ සුදුසු මට්ටමට චේන් එක ඇදී ඇති මට්ටම මෙයින් සකසන්නට පුළුවන්. එමගින් චේන් එකට සම්බන්ධ සියලු උපකරණවල කල්පැවත්ම වැඩි වෙනවා. මෙය ස්ටර්ලිං පවුම් 24.99ක් (රු. 5,430ක්) වෙනවා. පෙර ලිපියඅලුත් ලෝකයට අලුත් ගැජට් 7 කොටස - New Gadgets for New World Part

අහසයි ඔබ මට!

$
0
0
ලියන එක එතරම් තේරුමක් නැහැ නේද? බලමු පින්තූර ටිකක්.   Filed under: Lifestyle, Opinion Tagged: අහස, කුඹුරු, චායාරූප,

රැකියාවිරහිතවුන් VS රැකියාලාභින් ..

$
0
0
රැකියාව අයිතියක් නේද? ″රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක්.. නේද? අපි දැන් විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා අවුරුදු ගානක් වෙනවා. ඒත් ආණ්ඩු බොරු පොරොන්දු දීලා අපිව රවට්ටනවා. අපි මේ සටන් කරන්නෙ ඒකට විරුද්ධව.. ඔබට පුළුවන් නම් අපිට ආධාරයක් කරන්න. අපගේ මේ සටන ඔබේ දරුවාත් වෙනුවෙනුයි. රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක් නේද..? ″හද බස හොඳින් හඳුනන සහෝදරී කෝච්චි පෙට්ටියේ හුන් වැඩිහිටියන් තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් වැකි දෙක තුනෙන් තමන්ව ද හඳුන්වා දෙමින් සිය සටනට ආධාර ඉල්ලන්නීය. එහෙත් ගාලු කුමාරියේ හඬ මිස කෝච්චි පෙට්ටියේ මිනිසුන්ගේ හඬ නිහඬය. ඈ අසන පැනයට උත්තරයක් නැතුව මෙන් දෑස් අයා  බලා හිඳියෝ ඇගේ නික්ම යාමෙන් පසු නාට්‍ය කණ්ඩායමක් මෙන් විවිධ ආංගික අභිනයන් පාන්නට වූහ. ″රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක් නේද..? ″යාබද කෝච්චි පෙට්ටියෙන් ද හද බස ඇසෙයි. හදවත පෑරෙයි. හද බස ඇසෙයි.. හදවත පෑරෙයි.. මේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයයි. සවස කොළඹ කොටුවේ පැවැත්වෙන උද්ඝෝෂණ පෙලපාලියට  අවි මුවහත් කරනුව අගනුවරට ඇදෙන සංක්‍රමණික නුවරුන් දැනුම්වත් කිරීම ඔවුහු හිමිදිරියේම ආරම්භ කර ඇත. එහෙත් සුපුරුදු කරදරකාරී මුහුණත්තහඩුත් ප්‍රශ්නකාරී ඇසුත් මිස සහනශීලී වදනක් ඇසෙන මායිමක නැත.″ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..?″ තරුණියගේ හඬ නෑසෙන මානයේ මමිතුරා ප්‍රශ්න කරයි. ″අනිත් එක පුතා උපාධිකාරයන්ට ජොබ් දෙන්න ඕන කියලා නියමයක් තියෙනවද.. දැන් බලන්න එංගලන්තෙ... ඇමෙරිකාවෙ..″ එක ප්‍රශ්නය දෙක තුන වෙයි. තරුණියගේ නික්මයාමෙන් ඉක්බිති කෝච්චි පෙට්ටියම විචාරක පෙට්ටියක් වෙයි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයත් ඩෙංගු වගේය. එක් වී සටන් කරයි. උද්ඝෝෂණයකට කඳුළු ගෑස් ගැසුවහොත් පුවතක් වෙයි. උඩ එයි. යට යයි. ආණ්ඩුව ද කරන්නේ කුමක්දැයි හරිහැටි නොකියයි. ඒ සටන් කරන අතරේම ගමේ පළාතේ දේශපාලන නායකයාගෙන් යමක් කරගැනීමට පිරිසක් මාන බලති. උත්සාහය සපල වුවහොත් ඔවුහු ද අප මෙන්ම හිමිදිරියේ බත් තම්බාගෙන කෝච්චි පෙට්ටිවල නැගී දුර ගමන් යති. නැතිනම් කෙටි කාලයක් දුෂ්කරේට ගොස් නැවත ගම් රට එති. එහෙත් ඒ එන අතර මග මෙවැනි සටනක් දුටුවහොත් පරල වෙති. ″ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..?″ ඉක්බිති සිය අතීත මතක වස්තුව මරාගෙන පීඩිතයා වෙනුවට විචාරකයෙක් උපදී.   පීඩිතයා වෙනුවට විචාරකයා උපදී.. ඇත්තටම දැන් කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ මෙයයි. අධ්‍යාපන ප්‍රතිපත්තියේ අවුලුත් ආර්ථික අර්බුදයත් සමව කැලැතී ඇඹරෙද්දී සාම්ප්‍රදායික ප්‍රශ්නාවලි මිනිසුන්ගේ ජීවන අන්දර බවට ඌනණය වී තිබේ. කෝච්චි පෙට්ටියට නැගී ටිකට් පත් විකුණූ තරුණියගෙන් ප්‍රශ්න කළ මමිතුරා ද උපාධිධාරියෙකි. එහෙත් ඔහුට රැකියා ප්‍රශ්නයට දරුණුව මුහුණ දීමට අවස්ථාව නොලද්දේ රාජ්‍ය නොවන සංවිධානයක් සාමය ගොඩනැන්වීම පිණිස ඔහුගේ සහායට පැමිණියෙනි. රටේ ප්‍රශ්න මෙන්ම ඔවුන්ගේ රැකියා ද ස්ථිරය. මන්දයත් සාමය හා සංහිඳීයාව ද පෙනෙන මානයක නැති හෙයිනි. එහෙත් එවැනි අවසර නොලබන බොහෝ උපාධිධාරියෝ රාජ්‍ය සේවයට ඇලුම් කරති. ඔවුන්ගෙන් බහුතරය මානව ශාස්ත්‍රපීඨ සිසුහුය. මේ කලක් තිස්සේ පැමිණි සාම්ප්‍රදායික ආකල්ප මාලාවේ දිගුවකි. රාජ්‍ය සේවයේ නියුතු පුත්‍ර රත්නයකට දෝණියැන්දෑ සරණ පාවා දීම ගෞරවයක් ලෙස සැළකූ සමාජය අදටද වෙනස් වී ඇත්තේ ඉතා සෙමිනි. අනෙක් අතට රාජ්‍ය සේවය වනාහි ආණ්ඩු සේවය හෙවත් පවතින පාලක පංතියට සේවය කිරීමය යනුවෙන් නඩත්තු කළ සම්ප්‍රදාය මුළු රටටම පාරාවළල්ලක් වී තිබේ. එහෙත් ඒ දුර්දාන්ත ක්‍රමයම ඉදරියට දායාද කරනු විනා විකල්ප මගක් ගැන වූ දේශපාලන අධිෂ්ඨානයක් නැති ගානය. ″අපිට වැඩ කරපු උන්ට රස්සා ටිකක් දෙන්න බැරිනම් මේ ඇමැතිකමෙන් ඇති වැඩේ මොකද්දැ″යි දේශපාලකයන් ප්‍රසිද්ධියේම කියන්නේ ඒ නිසාය. එක පවුලකට ආණ්ඩුවේ එක රැකියාවක්වත් දුන්නොත් පවුලේ ඡන්ද කීපයක්වත් ඩැහැගත හැකිය. ඉතින් රාජ්‍ය සේවය යනු තාමත් ප්‍රධාන පක්ෂ දෙකට ඡන්ද බැංකුය. අනෙක් අතට නව නිපැයුමක් හෝ නිසි කලමනාකරණයක් නැති රාජ්‍ය සේවය තව තවත් ප්‍රසාරණය කිරීමේ බර පෙරලා පැමිණෙන්නේ ද පොදු ජනතාව මතය. මන්දයත් රාජ්‍ය සේවයේ වරදාන වරප්‍රසාද පතා ඊට ඇතුලුවන සියල්ලන්ගේම වැය බර ගෙවන්නේ මහජන බදු මුදලෙන් වන නිසාය. එහෙත් දේශපාලකයෝ මේ ටික කීමට කැමැති නැත. ගෞරවනීය රාජ්‍ය සේවයට අද බඳවා ගත් යනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කරමින් කට උල් කරගනිමින් මුසා තෙපලන්නේ ඒ දේශපාලන බිජු බඩේ තියාගෙනය. අන්තිමේදී සිදුවන්නේ උපාධිධාරින් හෝද හෝද මඩේ දැමීමකි. උත්තර නැද්ද? ″ඇත්තටම ආණ්ඩුවට පුළුවන්ද මෙහෙම ජොබ් දෙන්න..?″″අනිත් එක පුතා උපාධිකාරයන්ට ජොබ් දෙන්න ඕන කියලා නියමයක් තියෙනවද.. දැන් බලන්න එංගලන්තෙ... ඇමෙරිකාවෙ..″මේ කතාවල පූර්ණ ඇත්තක් නැතත් ගත යුත්තක් තිබේ. ඒ මෙරට විරැකියා ප්‍රශ්නය පිළිබඳ යථාර්ථයයි. එහෙත් ඊට මුහුණදීමේදී ප්‍රධාන වගකිවයුත්තා වන ආණ්ඩුත් දේශපාලකයෝත් සිටින්නේ කොලේ වහලා ගහන තැනකය. රටේ දියුණුවට ඉවහල් වන පෞද්ගලික අංශය ප්‍රසාරණයටත් නිපැයුම් ආර්ථිකයකටත් අසමත් වූ සියලු පාලකයෝ මීට වගකිවයුත්තෝය. පාඨලි චම්පික ඇමැතිවරයා ආණ්ඩු පෙරළියට පෙර ගණන් හදා කී අන්දමට සැබැවින්ම උගත් රැකියා වියුක්තිය වැඩිවෙමින් තිබේ. එහෙත් අද නිවන් දකින්නට ඉතා සමීපවූවන් මෙන් කතා කරන විපක්ෂය ද සාම්ප්‍රදායික රාජ්‍ය සේවා මිථ්‍යාව නඩත්තු කරමින් සිටී. දෙපක්ෂයේම අරමුණු ඉටු වන ලෙස උදේ කතා කළ රැකියා විරහිත උපාධිධාරීන්ට සවස පොලිසියෙන් කඳුළු ගෑස් ගසා තිබුණේ ආණ්ඩුවටත් උත්තරයක් නැති බව යළි පසක් කරමිනි.සවස පහයි හතලිහට පමණ ඇත. ″අර කාලකන්නි අදත් පාර වහගෙන.. මට එන්න වෙන්නෙ නෑ මචං.. බේස්ලයින් පාරෙත් මාර ට්‍රැෆික්. උඹ පලයන්..″මෙවර ප්‍රශ්න නැත. උපාධිධාරි රැකියාලාභී මිතුරා දුම්රිය මගහැරීම ගැන දෙස් තියයි.

ජනතා අදිකරණය (73);- කොයිටෙක්ස්ලගේ (පිය /පුතු ) වන්දිය ලක්ෂ 04 යි නඩුව.

$
0
0
මේ අංක 158/2008 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරුවන් රොෂාන් කොයිටෙක්ස් සහ මුතුවහන්නදී හරිසන්ය. වගයුත්තරකරුවන් හික්කඩුව පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නීතිපතිවරයාය. තීන්දුව දුන්නේ 2016.02.17 වැනිදාය. මෙය අගවිනිසුරු කේ ශ්‍රීපවන් විනිසුරු සිසිර ද ආබ්රු සහ විනිසුරු ප්‍රියන්ත ජයවර්දන යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සරිටාද ෆොන්සේකා පළමු හා දෙවන වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඩි අකුරේගොඩ 3 , 5, සහ 6 වන වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ මාදව තෙන්නකෝන් සහ 4 වන වගයුත්තරකරු වෙනුවෙන් නීතිඥ චුලා බණ්ඩාර ද යන අය පෙනී සිටියහ. පෙත්සම්කරුවන් ඔවුන්ගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති 11 වන වගන්තිය හා 12(1) , 13(1) වගන්තින් වල එන මුලික අයිතිවාසිකම් කඩ වූ බව ප්‍රකාශ කළහ. පළමු පෙත්සම්කරු දිවර කර්මාන්තයේ නිරත වූ අතර 4 වන වගයුත්තරකරු සමග වසර 6 ක් එකට වාසය කළේය. 4 වන වගයුත්තරකරු පොලිස් නිලදාරියකු වූ පළමු වගයුත්තරකරු සමග සබදතාවක් පටන් ගත්තේය. පෙත්සම්කරු ජිවත් වුයේ සුනාමි ආදර යටතේ ලැබුණු නිවසකය. ඔවුන්ගේ නිවස 2004 සුනාමියට විනාශ විය. දිනය 2008.04.02 වැනිදාය. 4 වන වගයුත්තරකරු නිවසේ බඩු ට්‍රැක්ටරයක පටවනු දැන ගැනීමෙන් එතනට පළමු පෙත්සම්කරු පැමිණියේය. එවිට ඔහු එතන පළමු සහ දෙවන වගයුත්තරකරුවන් සිටිනු දුටුවේය. ඔවුහු පළමු පෙත්සම්කරුට පහර කීපයක් එල්ල කළහ. ඒ අවස්ථාවේ පළමු පෙත්සම්කරු සිය පියාගේ එනම් දෙවන පෙත්සම්කරුගේ නිවසට දුව ගියේය. දෙවන පෙත්සම්කරු සහ අසල්වැසියන් ඉදිරිපිටදී ඔවුන් යලිත් වරක් පළමු පෙත්සම්කරුට පහර දුන්හ. දෙවන පෙත්සම්කරු පහර දීමට හේතුව පළමු වගයුත්තරකරුගෙන් විමසා සිටියේය. එවිට ඔහු දෙවන පෙත්සම්කරුටද පහර දුන්නේය. පසුව පෙත්සම්කරුවන්ව හික්කඩුව පොලිසියට ඇද ගෙන ගොස් කුඩු කළහ. හික්කඩුව පොලිසිය ආසන්නයේ ඔවුන්ගේ නිවස පිහිටා තිබුණි. 2 වන වගයුත්තරකරු පළමු පෙත්සම්කරුව කුඩුවෙන් එලියට ගෙන ඔහුගේ හිස පොලවේ හැප්පු අතර මෙම පහරදීම නිසා ඔහු බිම ඇද වැටුණි. පසුව බිම වැටුණු ඔහුගේ ඇග උඩ නැග්ග දෙවන වගයුත්තරකරු ඔහුට අතින් සහ පයින් පහර දෙන ලදී. මෙම පළමු හා දෙවන වගයුත්තරකරුවන් දෙවන පෙත්සම්කරුගේ ආයාචනයද නොතකා පළමු පෙත්සම්කරුට මිනිත්තු 15 ක පමණ කාලයක් පහර දුන්හ. ඔවුන් දෙදෙනාව ආරච්චි කන්ද රෝහලටද 4 වන වගයුත්තරකරුගේ නිවසටද රැගෙන ගිය අතර එම නිවසේදී පළමු පෙත්සම්කරුගේ මුහුනට කම්මුල් පහර එල්ල කරනු ලැබිණි. පළමු පෙත්සම්කරුට ගංජා කුරක් දමමින් බොරු නඩුවක් දැමු අතර පෙත්සම්කරු එයට වරදකරු බව පිළිගත්තේ නැත. පසුව ඔහු මෙම බොරු නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබිණි. දෙවන පෙත්සම්කරුට ද බීමතින් සිටි බවට අශෝබන හැසිරීමට වියාජ නඩුවක් පවරනු ලැබිණි. පසුව ඔහුවද එයින් නිදොස් කොට නිදහස් කරනු ලැබිණි. පළමු පෙත්සම්කරු කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර අදිකරණ වයිද්යවරයාද පරික්ෂා කර ඇත. වගයුත්තරකරුවන්ට යහපත් චරිතය පවතී බවට දිවුරුම් ප්‍රකාශද ප්‍රදේශයේ ප්‍රබුන් ඉදිරිපත් කර තිබිණි. ඒ සියල්ල ප්‍රතික්ෂේප වී පෙත්සම්කරුවන් නඩුව ජයග්‍රහණය කල අතර පළමු සහ දෙවන වගයුත්තරකරුවන්ට පමණක් රජය සමගින් රුපියල් ලක්ෂ 04 ක වන්දියක් පෙත්සම්කරුවන්ට ගෙවීමට නියම විය. මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න. http://www.supremecourt.lk/images/documents/sc_fr_158_2008.pdf

ANDARE Fruit Nuts | අන්දරේ ෆ්රුට් නට්ස් Android Game

$
0
0
අද මම අරන් ආවේ අපේ ලංකාවේ හදපු Android game එකක් අරගෙන.ඔයාල දන්නවනේ ලංකාවේ දේවල් අපි හැමදාමත් අගය කරන බව.මේකේ නම තමයිANDARE Fruit Nuts.මේක හදලා තියෙන්නේ මිතුම් කුමාර සොහොයුරා.ඔයත් android පාවිච්චි කරන කෙනෙක් නම් Playstore එකෙන්ම මේGame එක download කරගන්න පුළුවන්.ඒ වගේම බලන්නකෝ මේ හඳුන්වා දෙන වීඩියෝ එකත්...මෙතනින් Download කරගන්න පුළුවන්.එහෙනම් මම අදට ගිහින් එන්නම්... ඔයාලගේ අදහසුත් පහතින් Comment කරගෙන යන්න.★Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න -www.facebook.com/computer.sof★Facebook Help Group එකට Join වෙන්න -කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් help center★Twitter හරහා Follow කරන්න -www.twitter.com/cosoblog★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න -Chat Box★අලුත් ලිපිනොමිලේමඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට
Viewing all 13000 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>