↧
හොර පොල් ගැහිල්ල හා තුන් මුල්ල පැනීම (ජන ක්‍රීඩා දෙකක්)
↧
නමෝ නමෝ මාතා , නමෝ නමෝ ටායේ සහ ජාතික ගීය
"මචං හැපී ඉන්ඩිපෙන්ඩස් ""හැපී ඉන් ඩිපෙන්ඩ්ඩන්ස් ?"ඔන්න ඔහොමයි අපි කතාව පටන් ගත්තේ "මොකෝ හිතන්නේ මේ දෙමළෙන් නමෝ නමෝ මහතා කියන එක ගැන, අර්ථය එහෙම්මම එන්නේ නෑ නේද ?" . මේ දවස් වල මාධ්‍ය වල , සමාජ අන්තර්ජාල අඩවි වල, තලුමර මර හපන, සූප්පු කරන මාතෘකාවක් විසිවුනා මා දෙසට . සතර මහා පෙර නිමිත්තෙන් මුල් තුන සලකා බලා , මම පිළිතුරක් දීමෙන් වැලකි සිටියේ " අනේ මන්දා කියමිනි ".නමුත් ඒ ගැන කියන්නට දෙයක් , දීමට පිළිතුරක් , විටෙන් විට බොහෝ අය සමග සංවාදයෙන් , බොහෝ දෙය කියවීමෙන් සහ ඒ ගැන සිතීමෙන් ම සිත තුළ කැකෑරෙමෙන් තිබේ . එය මෙසේ සටහන් කරන්නේ , වැඩි දුර සංවාදයක් ගැන බලාපොරොත්තුවෙනි . නමුත් පෙරාතුව එක ඉල්ලීමක් කරමි , මෙය කියවා ඇතිවෙන සංවාදය තුළ මම මගේ අදහස් වෙනස් කර ගැනීමට සුදානම්ය . ඔබත් පාට කණ්ණාඩි ගලවා කියවන්න , නැතිනම් සමහර දේ නොපෙනෙවී.ජාතික ගීය පිලිබඳ මුලින්ම මට ඇත්තේ පැනයකි . ඇයි අපේ ජාතික ගීය ඉමෝෂනල් මදි වගේ දැනෙන්නේ . ඇයි ඒක කියන කොට ඇස් තෙත් නොවෙන්නේ ?අයෙක් දිනෙක කීවේ " දවසක් පැල නැති හේනේ" කියනකොට , ... "ඒ ජීවිතයට කිරි දී පණ දී" කියනකොට ..... "අම්මා සඳකි " කියන කොට දැනෙන, "හෙළ ජාතික අභිමානේ" කියනකොට, "සසර වසන තුරු" කියන කොට දැනෙන තරමට හැඟීම් .... නමෝ නමෝ මාතා කියනකොට දැනෙන්නේ නෑ " කියාය .. එය තරමකට ඇත්තය . එහෙම දැනෙන අවස්ථා ඇත . ක්‍රිකට් තරඟයකදී , නැතිනම් ඩයස්පෝරික හමුවකදී එය දැනේ . ඒත් ඒ දැනෙන්නේ ජාතික අභිමානය පිලිබඳ හැඟීමක් ද නැතිනම් .... ගෝත්‍රික වාදී , සටනට සැරසියව් වැනි , නැතිනම් අතීත කාමය මුසුවූ , පාළුව තනිකම , home sick වගේ හැඟුමක්ද කියා මට වෙන් කර ගත නොහැක . ඒ අතින් ජාතික ගීය , එහි මුඛ්‍ය අවශ්‍යතාවය පුරවා ලන්නට සමත්දැයි මට ප්‍රශ්න සහගතය . ඉමොෂනල් නැතිවූ විට " ඔබ රාගී මන කැල ඹේ දෝ " කියද්දී නිසල ව සිටියද , "බුද්ධං සරණන් ගච්චාමි" කියන විටම මෝලමද ඩෙගා නැටුමද පටන් ගන්නෙමු. එලෙසම ජාතික ගීය ගායනා කරන විටද , එය විඳ ගැනීම වෙනුවට , සාක්කු දෙකේ අත් දෙක දමා ගෙන පොකට් බිලියඩ් ක්‍රීඩාවේ නියුතු වීම ආදී නෙක ක්‍රියාවන්හි නිරත වන්නෙමු . ඒ අපි, තේරෙන සිංහලෙන් ගායනා කරමිනි . නොතේරන බසකින් එය ගයන විට තත්වය ?
භාෂා දෙකකින් වර්ෂන් දෙකක් තිබීම පිලිබඳව මට එතරම් ගැටළුවක් නැත . මා ඉගෙන ගත් ඉස්කෝලේ ( තුන්මුල්ලේ සියඹලා ගස් දෙකේ ඉස්කෝලේ ) බාසා දෙකකින් ගැයුණු පාසැල් ගී දෙකක් තිබුණු . අපි ඒ දෙකම ගැයිමු . අදද ඒ ගීත දෙකම ඇසෙන විට බෙල්ලේ මයිල් කෙලින් වේ . ඒ වෙන කිසිම දෙයකට වඩා ඒ ගී වල සාර්ථකත්වය නිසාය . ඒ ගීත වල ඇති , මට හුරු පුරුදු ජීවන දර්ශන උවදෙස් පාඨ නිසාය. මෙවැනි හැඟීමක් මට හෙළ ජාතික අභිමානේ ගීය අසන විටද ඇතිවේ, ඒ පද මාලාව නිසාය . ගජගා වන්නම අසන විටද ඇතිවේ , ඒ රිද්මය නිසාය .
ජාතික ගීයකට මේ දෙකම අවැසිය .
නමුත් භාෂා දෙකකින් මේ ගීය ගැයීම , ස්ථිර විසඳුම යයි මම කිසි විටක නොසිතමි . එය මේ අවස්ථාවේ හොඳම තාවකාලික විසඳුම දැයි මම නොදනිමි. නමුත් ඊට විරුද්ධව දක්වන සියලු තරකයන්ගේ පුහු බව නම් දකිමි . කිසිම රටක ත්‍රස්තවාදය පරාජය කර නැතැයි කියා නොසිට , එය පරාජය කළ අයම , අපි වෙනස් ජාතියක් කියන අයම , කිසිම රටක ජාතික ගී දෙකක් නැතැයි කියා කෑ මොර දීම , එක අතකින් උත්ප්රාසාත්මකය (එය "මේක සිංහලේ යකෝ , එක්සත් රටක් " කියන්නා සේම ය ( සිංහලේ යනු , වෙන්වූ පාලන ප්‍රදේශයක් ඉල්ලා උඩරට රදලයන් ඩොනමෝර් සාමීට ඉදිරිපත් කළ ඉල්ලීමේ ඒ "සිංහල උඩරට ඊළමට දුන් නම ද විය ) )
ජාතික ගීය , ගැයුම තේරෙන බසකින් කිරීමට අමතරව ( ඇතැම් විට ඊට වඩා) වැදගත් වන්නේ එය තේරෙන සංස්කෘතියකින් ජනනය වීමය , ඇඟට දැනෙන රිද්මයකින් ගලා යාමය . ඉන් කියවෙන අදහස වටා , සන්නාමය (brand ) එක වටා අවැසි සියල්ලන්ටම එක් රොක් විය හැකි වීමය . එමෙන්ම එය මතු කාලාන්තරයකට එම ගුණයන්ම ලබා දීමය (timelessness ).
නමෝ නමෝ මාතා ගීයේ මේ සියලු අංශයන් ගේ හිදැස් ඇතැයි සිතමි .
පළමුව අපි අපේ සංස්කෘතික බල ස්ථාන හඳුනා ගත යුතුය . සිංහල බෞද්ධ වේවා , සිව්හෙල වේවා , හෙළ වේවා , ශ්‍රී ලාංකික වේවා , ඊළාම් වේවා , කුමන නමකින් හැඳින් වුවද , අපේ සංස්කෘතියේ මූලික ගුණාංග , ඉවසා වැදෑරීමය (tolerance ), දරා ගැනීමය (resilient ) , කඳුල අතරින් සිනහ වීමට ඇති හැකියාවය, පරිසරය හා ඇති බැඳීමය . නමෝ නමෝ මාතා හි පොලොව යට ඇති මැණික් ගැන කීවාට , මිනිසුන්ගේ අධ්‍යාත්මය ගැන කිසිවක් නොකියයි . කොටින්ම මාතා යන වදනද අපට නුහුරුය (එපමණක් නොවේ විද්‍යා, සත්‍යා, ශක්ති, භක්තී ගැන මදක් සිතන්න). එය ඉන්දියානු ය . (අයෙක් එය "මහතා" කියා වරද්දා කියත්. වැරදුනු බවක් ඔවුනට නොතේරේ .) . ඒ බසේ දුරස්ථ බව නිසාය . (අපි මේ ගීය සම්පාදනය කරන කළ අපිට දක්නට ලැබුණු ජාතිකත්වයට තිබුනේ එක ෆ්ලෙවර් එකකි . එය ඉන්දියානු විය . අනෙක් අතට වසර ගණනකට පසු අපට අපේ කම කුමක්දැයි සිතන්නට කල් මදි ය . ඉතින් එකළ මෙය සම්මත විය . එනමුදු අද තත්වය වෙනස් ය . අපි ඊට වඩා මුහුකුරා ගොස් සිටිමු )
පද රචනය , බිමේ සරු බව ගැන කියයි . එනමුදු එහි ජීවත් වූ , වෙන මිනිසුන් ගැන කිසිත් නොකියවේ .කෙතරම් ගහ කොළ වැවුනද , සතා සීපාවා සිටියද , මිනිසුන් නැති බිම මුඩුය . මවක ගරුසරු ලබනේ , තම දරුවන්ගේ පැවැත්ම නිසාවෙනි. ජාතික ගීයක පද පෙළේ , ජාතියේ ( ජාතිය යන පුළුල් ම අර්ථයෙනි ) විජයග්රහණයන් , දස්කම් , අරටුවේ දැඩි බව / මුදු බව , මෙන්ම අනාගත මග පිලිබඳවද කියැවිය යුතුයයි සිතමි . ජාතියක ඔද තෙද මෙන්ම , ජාතියේ හද ගැස්මද එහි පද අතර දිග හැරිය යුතුය . (
එය ගයන අපිට , පපුවට දැනෙන වදනින් විය යුතුය . ගැයෙන බස , වැඩිමනකට තේරෙන බසකින් විය යුතුය . ෙඓතිහාසිකව අප රටේ , දෙමළ , සිංහල බාසා දෙකම භාවිතා විනි ( කොටින්ම 1815 ගිවිසුම ඇතැම් "සිංහල " රදළයන් අත්සන් කලේ දෙමලිනි ). ඉදින් , ජාතික ගීයේ භාෂා දෙකෙන්ම ගැයෙන අන්තරා තිබිය යුතු යයි සිතමි .
ඒ පද පෙළ , අපේ හද ගැස්ම වේගවත් කරවන . කලින් කීවාක් මෙන් , බෙල්ලේ මයිල් කෙලින් කරවන තනුවකින් ගැයීය යුතුය .
අපේ පපුවට දැනෙන නාද, පන්සලේ හේවිසියයි , කෝවිලේ නාදාස්වාරම් නාදයයි , කපිරිඥ්ඥ වයලීනයේ දිගු සුසුමයි,
ගජගා වන්නමේ රිද්මයයි (ජාතික ගීයකට නුසුදුසු උනත් පපර බෑන්ඩ් එකක , කාවඩි නැටුමක ට්‍රම්පට් වාදනයයි ).
ඒත් කෝ මුස්ලිම් හඬක්, ඔබ බලාවි . අපිට වැරදුනේ එතනය, මෙය ඔක්කොම කුළුබඩු තමා හදන තැම්බුම් හොද්දක් නොව , සියලු පහේ යුතු පමණින් පමණක් දැමු, පමණට හැඳි ගෑ කිරි හොද්දක් විය යුතුය . ආගම් , ජාති කන්නාඩි ගලවා , ඉන් ඔබ්බට ගොස් , ජාතික සංස්කෘතිය පෙනෙන මට්ටමට ඉහලට පියා සලා , මේ ගැන බැලිය යුතුය .
අපේ ජාතික ගීය මේ අදහස් , පද, නාද සංකලනයෙන් සැදුනානම් එය කෙසේ වේවිද ?
පලි
මම ගීත රචකයෙක් හෝ සංගීතඥයෙක් නොවෙමි , ඒත් මේ සතියක සිතුවිලි තුලින් මම එහි පදනම "හෙළ ජාතික අභිමානේ " සහ සසර වසන තුරු පද රචනා තුළ ඇති සිතමි . නමුත් එහි ඇති බෞද්ධ ආගමික දර්ශනය ( හොඳින් වටහා ගන්න , සංස්කෘතිය නොවේ . ඒ සංස්කෘතියේ ශිරා ධමනි වටා තම අදහන ආගම කුමක් වුවද පේදුරු තුඩුවේ සිට , දෙවුන්දරට සියල්ලන්ටම රොක් විය හැකියයි මම සිතමි ) ගැන අදහස් ඉවත් කළ යුතුය . ඒ එය පොදු තැනකට ගෙන ඒමටය . තාලය , ගජගා වන්නමේ , මගුල් බෙර වාදනයේ , කෝවිලේ වාදනය ඇසුරෙන් සකස් කර ගත හැකිය .
මේ ගැන දිගු සංවාදයක් කිරීමේ දොළ දුකෙන් පෙලෙමි , එහෙයින් ඔබ අදහස් මට වටී
↧
↧
චිංචිමානවිකාවිය වෙත ලියමි
සෙනහස ආදරය සහ සොදුරිය වෙනුවෙන් දෙපා යැදෙමි.ඒ කරන චෝදනා සියල්ල පිලිගන්නා නිසා නොව, නොකරනු ලැබු වැරදි වෙනුවෙන් වුවද දඩුවම් විද හෝ රැක ගැනීමට තරම් ඇය මාගේ ජීවිතයේ හද ගැස්ම වි අැති නිසාමය.෴කළණ මිතු දම් නොදත් අසත්පුරැෂයින්ගේ නන්වදන් අභිමුව නිහඩව සිටින්නේ බුරන බල්ලන බුරාසපන බල්ලන් සපා දැමුවද අපට කිසිදා පෙරලා බල්ලන්ට බිරිමට සැපීමට වත් නොහැකි බැවිනි.෴එහෙත්,ලෝකය යථාර්තවාදීය.හඩන ළදක් හා මහ මග දොඩමලු විය නොහැක.එය සරලවම සබුද්ධිකය.මව් දෙමව්පියන් ඉදිරියේ නිවසේ දොඩමලු විමට මැලි වුයේ ඔබම මිස මම නොවේ.එහෙත්,මිතු දමට සමුගැනීමට වැළද ගත් ඔබ දැන් එය ඔබට රිසි සේ අර්ථ දක්වමින් සිටි.එයට කම් නැත.මිදි කෙදිනකවත් තිත්ත නැති බවත්,නරි කෙදිනකවත් අැත්ත නොපවසන බවත්,මා දනිමි..෴බෝසතුන්ට මාර දූතිකාවෝ සිටියෝය.බුදුන් ට චිංචි මාණිකාව සිටියේය.මටද කරුණු එසේ මය.අවසන සියල්ල එලි පෙහෙලි වි අදුර පහව ගියේය.එබැවින් ඇයත් මාත් නැවත එකතුවනු ඇත.අපේ සෙනහස ආත්මගත බැදීමකි.සංසාර පුරුද්දකි.ඉතින් ඇය මා ජිවිතයේ මධු සද ය.ඇය මගේම එරන්දතියයි.෴ඉතින් වෛරි නැගණියනි,ඔබට කිමට ඇත්තේ මෙපමණකි."සිදුවු දෙය දන්නේ ඔබත් මාත් පමණි."එහෙත්,ඔබේ එවැණි හැසිරීමට හේතුව පෙර දින ඔබ ඉදිරියේම ඔබේම දෙමව්පියන්ගෙන් දැන ගත් මොහොතේ සිට ඔබ ගැන වෛරයක් නැත.ඇත්තේ අනුකම්පාවක් පමණි.ඒ සියල්ල මේ මොහොතේත් සියල්ලන්ට පවසා සියල්ල විසදා ගත හැකි වුවත් නිහඩව සිටින්නේඔබ නිසා නොව ඔබේ අහිංසක දෙමව්පියන් නිසා මය.මටද ඇයටද ඔබ කල සියල්ල කම් නැත.අප වෛර නොකරමු.එහෙත් වැදූ මව් පියන්ට ඔබ කල ඇති දෑටඔබ මවක් වූ කලක හෝ වන්දි ගෙවිමට සිදුවනු ඇත.එසේම සියල්ලෝම සැමකල්හිම ඉවසන්නේද නැත.එබැවින් මේ පවින් මිදීමට කාලයයි.සත්‍ය සැමදා සැගවිය
↧
විශ්ව ගම්මානය මියයාම!!!!!
මිනිස් කතාන්දරයේ සටහන් වන අකුරු හැකියාව අත්පත්කර ගැනීම අනෙකුත් සියලු අත්පත්කර ගැනීම් වලට වඩා දිගු පියවරක් බව අමතක කල නොහැකිය. එම හැකියාව ඔවුනට තම සමකාලීනයන් සමග මෙන්ම අතීතය හා අනාගතය සමග ජීවිතය සංනිවේදනය කර ගැනීම උගන්වා දෙන ලදී. “ගින්දර” සොයා ගැනීම “රෝදය” සොයා ගැනීමටත් වඩා එම කථාන්දරයේ අකුරු හැකියාව වඩා තදින් සටහන්ව ඇත්තේ එබැවිනි. “දත්ත සැකසුම් හා සංනිව්වේදන” හැකියාව පෙර කී අකුරු හැකියාවට පසුව මිනිස් වර්ගයා ලත් වඩාත්ම ඵලදායි අත්පත්කර ගැනීමක් ලෙසට අපට පිලි ගන්නට සිදුවේ. එය අපට ප්‍රායෝගික කර දුන් සංකල්ප අතර “විශ්ව ගම්මානය” සංකල්පය ලොවපුරා වූ විද්වතුන් හදාරන්නන් අමානන්දයට පත් කල එකක් විය. සැබවින්ම එය මිනිස් වර්ගයා පාලනය කරමින් සිටි “කාලය හා දුර” සංකල්ප අවතක්සේරුකර දමන්නට සමත්විය. ලොවපුරා වූ නෙක හැදෑරුම් ආයතන, පුස්ථකාල ආදී තොරතුරු ගබඩා ක්ශනයකින් එක්කර දෙන්නට සමත්විය. අද නැවත “විශ්ව ගම්මානය” ආපසු සාම්ප්‍රධායික “දුර හා කාලය” විසින් පාලනය කරන්නක් බවට පත් කරවා ගන්නට කටයුතු කෙරෙමින් තිබේ. සරලව තත්වය පැහැදිලි කරන්නේ නම් Google ආයතනයට තම භාවිතාකරන්නාට වඩාත් අනන්යවන තොරතුරු පරිසරයක් ලබා දෙමින් ඔහුව සංඩාත් සංතෝස කරන්නට අවශ්‍යව තිබේ. මෙම බව Google ආයතනය පමනක් නොව තොරතුරු ආශ්රිත සේව සපයන සියලුම ආයතන පමනක් නොව Facebook වැනි සමාජ ජලා ආයතනයන්හටද අවශ්‍යව තිබේ. වෙළඳමය ප්‍රමුක දේශපාලනික, ආගමික, සංස්කෘතික අවශ්‍යතා මේ බව සිදුකරමින් සිටී. ආරම්භයේදී හුදු තොරතුරු හුවමාරුවක් ලෙසට වූ අන්තර්ජාලය තවදුරටත් එසේම පමනක් නොවීමේ මෙම පෙරලිය ඉල්ල සිටින්නට බලපෑ ප්‍රධාන සාදයකි. එය අද නිනිසාගේ වෙළඳ , සමාජ සබදතා, වෘතීය සහය දෙන හුදු තොරතුරු පමනක් බව ඉක්මවා ගිය භාවිතාවන් බොහොමයක් ගෙනෙන එකක් වීම මෙහිදී ප්‍රදාන වේ. අනෙක් අතින් ආරම්භයේදී විද්වතුන්ගේ හදාරන්නන්ගේ හා ආයතන මට්ටමේ තොරතුරු හුවමාරුකර ගන්නා මාධ්‍ය අද සාමන්‍ය ජීවිතය වෙතට වේගයෙන් ගලා ඒමද හේතුවක් වන්නට ඇත. සරලව තත්වය පහදන්නේනම් ලෝක මට්ටමේ තොරතුරු බලපොරොත්තුවන සුලුතරයකට වඩා තමන් වෙසෙන නගරට, ප්‍රදේශයට වැඩිම උවහොත් තම රටට සීමාවන තොරතුරු බලාපොරොත්තුවන්නන් අධිකතරයට අවශ්‍ය ආකාරයට සැකසෙන්නට හ එයින් වැඩි ලාභ ලබන්නට තොරතුරු ලෝකය පාලනය වන ප්‍රධාන ආයතනයන් තීර්නය කලා
↧
යෝෂිත කොටු කළ FCID මෙහෙයුම
කාලවේලා නොසලකා අප්‍රමාදව රට වැසියාට යුක්තිය හා සාධාරණය ඉටු කිරීම සඳහා නිදන කාමරේ ඇඳට ඉහළින් සීනුවක් සවිකරගත් පාලකයකු පිළිබඳ ඉතිහාසයේ කියැවේ. මහාවංශයට අනුව මේ පාලකයා එළාරනම් රජුය.රජුගේ යුක්තිය ඉටු කිරීමේ විනිවිද භාවය පෙන්වීම සඳහා මහාවංශ කතුවරයා ‘වහු පැටියා හා අශ්ව කරත්තය’ පිළිබඳ පුවතක් ගෙන හැර පාන්නේය.ඒ කතාවට අනුව දිනක් එළාර රජුගේ පුත්‍රයා සිය අශ්ව කරත්තයට වහු පැටියකු යටකරගෙන යන්නේය. රජුගේ නිදන කාමරයට ඉහළින් සවිකර ඇති සීනුවේ රැහැන්පට මාලිගාවේ ඉදිරි දොරටුවේ ගැටගසා ඇත්තේය. එළදෙන පැමිණ මේ ලණුපට සොලවා සීනුව නාද කරන්නේය. කරුණු සොයා බැලූ එළාර රජුට දැනගන්නට ලැබුණේ සිය පුත්‍රයා අශ්ව කරත්තයට වසු පැටියකු යටකර ඇති බවය. විනිසුරු මඬුල්ල කැඳ වූ රජු වහාම නියෝග කළේ සිය පුත්‍රයා ද වහු පැටියා මෙන් අශ්ව කරත්තයේ හප්පා යට කරන ලෙසය. මහා වංශ කතුවරයා මෙසේ කීවද ඇතැම් විට සීනුව නාද කරන්නට ඇත්තේ එළදෙනගේ හිමිකාරයා නොහොත් ගව හිමියාය. මහාවංශයේ සියල්ල සත්‍යය යැයි පිළිගන්නා සියල්ලෝ එළාර රජුගේ මේ යුක්ති සහගතභාවය පිළිබඳ කතාව ප්‍රවාදයක් යැයි කියති. රාජාවලියේ ඇතැම් රජවරු උත්කර්ෂයට නංවන්නෝ එළාර නම් රජ කෙනෙකු රට පාලනය කළ බව අමතක කර දමන්නේය. නීතියත් යුක්තියත් පසිඳලූ ශ්‍රේෂ්ඨ පාලකයන්ගේ ලැයිස්තුවේ එළාර අතහැර දැමූ පාලකයෙකි. දණ්ඩනයට යටත් කළ යුතු නම් සිය සහෝදරයා ද පුත්‍රයා ද නොවිමසා කටයුතු කළ පාලකයෝ පිළිබඳව සොයා බැලීමේ දී එවැනි හමුවීම් ඉතිහාසයේ අතිශයින්ම දුලබය. රට වැසියාට යුක්තිය ඉටු කිරීමේ විනිවිදභාවය පෙන්වීම වෙනුවෙන් තම පුත්‍රයා වහු පැටියකු සේ අශ්ව කරත්තයට යට කළ එළාර රජු පිළිබඳ පුවත ගෙනහැර පෑවේ හත් වන මහින්ද නම් විශ්‍රාමික රජුගේ පුත්‍රයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම පිළිබඳව ඔබට කියන්නටය. එළාර රජුගේ පාලනයේ යුක්තිසහගත භාවය ඉතිහාසයෙන් එළියට ඇද පෙන්වා දුන්නත් හත් වන මහින්දගේ රාජ්‍ය පාලන සමය පිළිබඳ අප කිසිවක් නොලියමු. මක්නිසාදයත් මේ යුගයේ ජීවත් වන සියල්ලෝ ඔහුගේ පාලන සමය පිළිබඳ ඇසින් දුටු සාක්ෂිකරුවන් වන බැවිනි.අවනීතිය, අසාධාරණය, අයුක්තිය කි්රයාවෙහි යෙද වූ පාලකයකු නීතිය හඳුනන්නේ නැත. සාධාරණය හඳුනන්නේ නැත. යුක්තිය හඳුනන්නේ නැත. මේ නිසා නීතිය කි‍්‍රයාත්මක කෙරෙනවාට ඔහු බිය වන්නේය. සිය පාලන සමයෙහි අවනීතිය කි‍්‍රයාත්මක වූ නිසා නීතිය නිසියාකාරයෙන් කි්රයාවෙහි යොදවන විට හෙතෙම එය අර්ථ ගන්වන්නේ අවනීතිය කියාය. යුක්තිය, සාධාරණය පවා හෙතෙම අයුක්තිය අසාධාරණය ලෙස පෙන්වාදීම පුදුම නැත.එකල්හි බහුල ලෙස දේශපාලන පළිගැනීම් කළ නිසාම සාධාරණ පරීක්ෂණයකින් පසුව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පවා මුග්ධ පාලකයකු අර්ථ ගන්වන්නේ දේශපාලන පළිගැනීම් කියාය. මක්නිසාද ඔහුගේ භාවිතාව නැවත ඔහු කරා පැමිණේවි යයි යන අනිසි බිය නිසාය. හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කඳුළු පෙරමින් තැන තැන දේශනාකරන්නේ එයයි. ඔහුගේ කේවට්ටයෝ ද ඇම්බැට්ටයෝ ද කහකඩයෝ ද අද දවසේ කරන දේශනාවල සාරය මෙය හැර අන්කවරක්ද?මූල්‍ය අපරාධ චෝදනාවකට හිටපු විධායක ජනාධිපතිවරයකුගේ පුත්‍රයකු අත්අඩංගුවට ගත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.දැන් ඉතින් ඒ අවනම්බුව ඉතිහාසයට එකතු වී අවසන්ය.පැමිණිල්ලසාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසියෝ නම් සංවිධානය 2015.03.15 වන දින සීඑස්එන් නාලිකාවට එරෙහිව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එකී පැමිණිල්ලෙන් කියා තිබුණේ මුදල් විශුද්ධිකරණය, රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සීඑස්එන් නාලිකාවට එරෙහිව චෝදනා ඇති බවයි. එම චෝදනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කර අපරාධකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ද පැමිණිල්ලේ සඳහන් විය.විමර්ශන සහ අධිකරණ නියෝගය2015 සැප්තැම්බර් මස 31 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සීඑස්එන් නාලිකාවට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගත්තේය. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 9823/15 දරන නඩුව යටතේ ලබා ගත් එම නියෝගයෙන් කියැවුණේ සීඑස්එන් ආයතනය ආරම්භ කරන අවධියේ නීත්‍යානුකූල නොවන අන්දමින් උපයාගත් මුදල් යොදාගෙන ඇති බවට පැමිණිල්ලක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබීමෙන් පසුව එහි විමර්ශන පවත්වාගෙන යන බවයි. නාලිකාව ආරම්භ කිරීම හා පවත්වාගෙන යෑම සඳහා නීත්‍යානුකූල නොවන අන්දමින් උපයා ගත් මුදල් යොදවා ඇති බවට අනාවරණය වී ඇති නිසා එකී විමර්ශන අවසන් වන තෙක් සීඑස්එන් සමාගම සතු සියලූම නිශ්චල චංචල දේපළ විකාශන උපකරණ, සංඛ්‍යාත විකිණීම, පැවරීම අන්සතු කිරීම කුලියට හෝ බද්දට දීම හා ඒ සම්බන්ධව වෙනත් පාර්ශ්වයන් සමඟ ගිවිසුමකට එළඹීම අධිකරණයේ අවසරයකින් තොරව සිදු නොකරන ලෙසයි. තව ද ආයතනය පවත්වාගෙන යන අංක 236/1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත බත්තරමුල්ල ලිපිනයේ පිහිටි ස්ථානය ඉවත් නොකරන ලෙස ද 1979 අංක 15 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ වගන්ති 124 ප්‍රකාරව නියෝග කර තිබිණි.විමර්ශන වාර්තා 20ක්පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කරන ලද විමර්ශනයන්ට අනුව විමර්ශන වාර්තා විස්සක් මඟින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.ප්රාග්ධනය යෙදවීමසීඑස්එන් නාලිකාව ආරම්භ කිරීම සඳහා මුදල් යෙදවීම පිළිබඳ කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ මෙම නාලිකාව ආරම්භක ප්රාග්ධනය සඳහා රුපියල් මිලියන 234ක් ලබාගෙන තිබූ බවයි. එයින් සමාගමේ මූලික කොටස් සංඛ්‍යාව හත්ලක්ෂ හතරකි. ඉතිරි ප්රාග්ධනය ව්‍යාජ ගනුදෙනු සහ විදේශ රටක සිට නීත්‍යානුකූල නොවන කි‍්‍රයා මඟින් උපයාගන්නා ලද මුදල්ය. ඒ සඳහා කොස්මෝස් ටෙක්නොලොජි, කොස්මෝස් පි්රන්ටින් චෙස්මි කොන්සොලිඬේට්ස් යන සමාගම් හවුල් වී ඇත.සීඑස්එන් ආරම්භක ලිපිනයකාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් අංක 260/12 ටොරිංටන් ඇවනිව් කොළඹ 05 කාල්ටන් පෙර පාසල් සමූහය. කාල්ටන් ක්‍රීඩා සමාජය, තාරුණ්‍යයට හෙටක්, සිරිලිය සවිය යන රාජපක්ෂ සමාගමේ සියලූ ව්‍යාපාර ලියාපදිංචි කර තිබුණේ මෙම ලිපිනයේය. මෙම ඉඩම අයිතිව තිබුණේ ප්‍රභාත් නානායක්කාර නමැති ව්‍යාපාරිකයාටය. ඩී.අයි.අබේවික්‍රම නම් ප්‍රසිද්ධ නොතාරිස් විසින් සහතික කරන ලද 676 දරන ඔප්පුවට අනුව රුපියල් මිලියන 35කට මෙම ඉඩම මිල දී ගෙන තිබුණේ මේරි ලෝඩ් වික්‍රමසිංහ (535233314V) හෙවත් යෝෂිත රාජපක්ෂගේ මව්තුමිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියය.සීඑස්එන් පවත්වාගෙන යන ලිපිනයඅංක 236/01 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත බත්තරමුල්ල. මෙම ස්ථානය විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යාබද ඉඩමය. 2003 අපේ‍්‍රල් 05 වන දින එවකට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා බස්නාහිර ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය එම්.එච්. මොහොමඩ් මහතාගෙන් මෙම ඉඩම ඉල්ලා සිටියේ රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපන සංස්කෘති හා සමාජ සේවා පදනමේ මූලස්ථානය ඉදිකිරීම සඳහාය.1998 අංක 23 දරන රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික සහ සමාජ සේවා පදනම (සංස්ථා ගත කිරීමේ) පනත උල්ලංඝනය කරමින් සීඑස්එන් පවත්වාගෙන ගියේ එහිය.විද්‍යුත් ලිපිනයසීඑස්එන් නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබුණේ නිශාන්ත රණතුංග මහතාය. එහෙත් සමාගමේ ප්‍රධාන ගනුදෙනුවලට අදාළ විද්‍යුත් ලිපිනය සමාගමේ සභාපති ලෙස තීරණ ගන්නා ප්‍රධානියාගේ නමින් තිබුණි.එම ලිපිනය www.yosita@CSN.lkය. මෙම විද්‍යුත් ලිපිනය මඟින් ගනුදෙනු කර තිබුණේ නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාය.සීඑස්එන් නාලිකාවේ කොටස්කරුවන් හෙවත් ආරම්භක අධ්‍යෂවරුන් වූයේරොහාන් වැලිවිටකවිශාන් දිසානායකරබිනාත් ප්රනාන්දුසාධ්යාකරුණාජීව යන මහත්ම මහත්මීන්ය.සැකරුවන් අත්අඩංගුවට ගැනීමයෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග,රොහාන් වැලිවිට, අශාන් රබිනාන් ප්‍රනාන්දු, කවිශාන් දිසානායක යන සැකකරුවන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් ජනවාරි 30 වන සෙනසුරාදාය. සෙනසුරාදා දිනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳවත් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් රටේ ජනතාව නොමඟ යවන ප්‍රකාශ නිකුත් කරන්නට ඇතැම්හු කි්රයාළහ. ඒවා දේශපාලන වුවමනාව වෙනුවෙන් කරන ලද ප්‍රවාදය.සෙනසුරා, ඉරිදා, පොහෝ දිනවල අධිකරණය අක්‍රිය දඋක්ත සැකරුවන් සෙනසුරාදා දිනයේ අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නිවාඩු දිනවල අධිකරණ පවත්වන බවත් දේශපාලන පලිගැනීම් සඳහා රටේ නීතිය උල්ලංඝනය කළ බවටත් චෝදනා නැගීය. එහෙත් ව්‍යවස්ථාපිත නීතිය අනුව බලඅපරාධයකට සම්බන්ධ (මිනීමැරුම්, ස්ත්‍රීදූෂණ, මංකොල්ලකෑම්) සැකකරුවන් පමණක් පොලීසියට පැය 48ක් යනතුරු රඳවා තබා ගැනීමට අවසර ඇත. එසේ නොවන අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පැය 24ක් යන්නට මත්තෙන් දවසේ ඕනෑම මොහොතක මහෙස්ත්‍රාත්වරයා හමුවට, නැතහොත් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ යුතුය. පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගත්තත් සැකකරුවන් පිළිබඳ අයිතිය ඇත්තේ මහෙස්ත්රාත්වරයාටය. අධිකරණ කටයුතු පවත්වන දිනයක නම් අධිකරණයටත් එසේ නොමැති නම් මහෙස්ත්‍රාත් වරයාගේ හෝ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට හෝ අධිකරණ අභිමතය මත අධිකරණයටත් සැකකරුවන් ඉදිරිපත් කළ යුතුය. පොලීසිය ඉදිරිපත් කරන ‘බී’ වාර්තාව සලකා බලා රක්ෂිත බන්ධනාගාර ගතකිරීම හෝ ඇපදීම පිළිබඳ තීරණය මහෙස්ත්‍රාත්වරයා සතුය. එබැවින් දවසේ පැය 24 පුරාම නිවාඩු දින නොසලකා මහෙස්ත්‍රාත්වරයා හෝ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා සූදානමින් සිටිය යුත්තේය. අධිකරණය ආසන්නයේ ?කඩ පවත්වාගෙන යන්නට නන්දෙඩවූ අයට දිය හැකි පිළිතුර මෙයයි. සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමකින් තොරව යම් යම් විමර්ශන කටයුතු සාර්ථකව හා නිවැරැදි ලෙස සිදු කිරීමට නොහැකි නම් එම පදනම මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලීසියට ඉල්ලීමක් කළ හැකිය. එම ඉල්ලීම සලකා බැලීම අධිකරණ අභිමතය සතුයි. සීඑස්එන් ප්‍රධානීන් අත්අඩංගුවට ගත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ උක්ත ඉල්ලීම සලකා බැලීමෙනි.චෝදනාපොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කරන ලද විමර්ශන වාර්තාවලට අනුව සීඑස්එන් ප්‍රධානීන්ට කූට ලේඛන පිළියෙල කිරීම, සාපරාධී විශ්වාසයන් කඩකිරීම. සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම. සමාගම් පනත උල්ලංඝනය කිරීම රාජ්‍ය දේපළ අවභාවිතය කළු සල්ලි සුදු කිරීම නොහොත් මුදල් විශුද්ධි කරණය කිරීම යන චෝදනා එල්ල වී ඇත.මුදල් විශුද්ධිකරණය හෙවත් කළු සල්ලි සුදු කිරීම යනු කුමක්ද?නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගත් මුදල් නීත්‍යානුකූල ව්‍යාපෘති සඳහා යොදා ගනිමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම මුදල් විශුද්ධි කරණයයි. මෙම අපරාධ සංවිධානාත්මකව සිදු කෙරෙන බරපතළ ගණයේ අපරාධයක් ලෙස සැලකේ. මෙම වරද මුදල් විශුද්ධ කරන පනතට අනුව ද ඇප දිය නොහැකි වරදක් ලෙස දක්වා තිබේ. කොටස් හත්ලක්ෂ හත හැරුණු කොට ඉතිරි රුපියල් මිලියන 217 සීඑස්එන් නාලිකාවට ලැබුණේ කෙසේද යන්න පෙන්වාදීමට එම නාලිකාවේ ප්‍රධානීන් අපොහොසත් වී ඇත.මුදල් විශුද්ධි කිරීමේ වරද සිදු කර ඇති බවට සීඑස්එන් ප්‍රධානීන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී ඔවුන් එම වරද සම්බන්ධව ප්‍රකාශ කරන ලද කරුණු ඔවුන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්නට අසමත් වී ඇත. එකී ප්‍රකාශ සාවද්‍ය බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන තිබෙන්නේය.රක්ෂිත බන්ධනාගාරයටඋක්ත චෝදනා අනුව මුදල් විශුද්ධිකරණය රාජ්‍ය දේපළ අවභාවිතය ඇතුළු චෝදනා සැලකිල්ලට ගනිමින් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 32 වගන්ති ප්‍රකාරව කටයුතු කරමින් නඩුවිධාන සංග්‍රහය පනතේ 109 (05) උපවගන්තිය යටතේ පොලිස් නිලධාරියකු සතු නෛතික බලය ඉෂ්ට කිරීම සඳහා සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2016.02.11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.කුමක් සිදුවේදසීඑස්එන් නාලිකාව ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 224ක් හෙවත් රුපියල් ලක්ෂ 2240ක් උපයා ගත්තේ කෙසේද යන්න යෝෂිත රාජපක්ෂ ඇතුළු බන්ධනාගාරගත වී සිටින සීඑස්එන් බලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළ යුතුය. එසේ පැහැදිලි කළ හැකි නම් ඔවුන්ට නිදහස ලබා ගැනීමට කිසිදු නීතිමය බාධාවක් නැත. සීඑස්එන්. නාලිකාව ආරම්භ කිරීම සඳහා විදෙස් රටකින් මුදල් ලැබුණේ නම් අදාළ සමාගම, මුදල් ලබාදුන් ආකාරය මුදල් ලැබුණු දිනවකවානු ගිණුම් අංක ආදිය මුදල් ලබාදුන්නේ කුමන පදනමකින් ද? යන්න ඉදිරිපත් කළ යුතුව තිබුණි. එසේ කළ හැකිව තිබුණා නම් කඩුවෙල මහෙස්ත්‍රාත් හමුවට යෝෂිත ඇතුළු පිරිස (FCID) ඉදිරිපත් නොකිරීමට ද ඉඩ තිබුණි. එසේ කළේ නැත. යම් හෙයකින් යෝෂිත ඇතුළු සීඑස්එන් බලධාරීන් නාලිකාව ආරම්භ කිරීම සඳහා යෙදවූ ආරම්භක ප්රාග්ධනය වන රුපියල් ලක්ෂ 2240ක මුදල තමන්ට ලැබුණු ආකාරය නිරවුල්කර නොදුන හොත් මුදල් විශුද්ධිකරණ පනත හා පොදු දේපළ පනත යටතේ අවුරුදු පහකට වැඩි, අවුරුදු විස්කට අඩු බරපතළ වැඩසහිත සිරදඬුවමකට යටත් කෙරෙන්නේය. ඊට අමතරව එසේ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ලබා ගත් මුදල මෙන් තුන් ගුණයක් දක්වා දඩයකට ද යටත් කළ හැකිය. එසේම එකී දේපළ රාජසන්තක කිරීමට ද යටත් කෙරෙන්නේය.දේශපාලන පලිගැනීමක් ද?අත්අඩංගුවට ගත්තේ යෝෂිත රාජපක්ෂ පමණක් නොවේ. වත්මන් ආණ්ඩුවේ වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහෝදර නිශාන්ත රණතුංග ද මාධ්‍යවේදී රොහාන් වැලිවිට ද රබිනාත් ප්‍රනාන්දු කවිශාන් දිසානායක යන මහත්වරුන් ද සිටින්නේ බන්ධනාගාරයේය.නාවික හමුදාවේ ‘දක්ෂතම’ කැඩෙට් නිලධාරියා වූ යෝෂිත රාජපක්ෂට දින දෙකක් හිරබත් කන්නට බැරි වුණේය. සෙස්සන්ට කොහොම දැයි දන්නේ නැතත් යෝෂිතට තුන්වේලම ගෙදරින් කන්නට වරප්‍රසාදයක් ලැබී ඇත්තේය. මහින්ද රාජපක්ෂ කඳුළු වගුරමින් රට්ටුන්ට කීවේ මෙය දේශපාලන පලිගැනීමක් බවයි. 2007 පෙබරවාරි 09 වන දා විපක්ෂයේ අසුන්ගත් ශ්‍රීපති සූරියාරච්චි එම වසරේ මාර්තු 17 හිරේ දැම්මේ මේ මහින්ද රාජපක්ෂය.2010 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වරදට අභූත චෝදනා නගා සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන කි‍්‍රයාකාරීන් හිරේ දැම්මේ මේ මහින්ද රාජපක්ෂය. අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරෙන් අත්තනෝමතික ලෙස නෙරපා දැමුවේ මේ මහින්ද රාජපක්ෂය. මාධ්‍යවේදීන් හතළිස් දෙදෙනකු මරා දැමුවේත් මාධ්‍ය ආයතන නවයකට පහර දී ගිනි තැබුවේත් මාධ්‍යවේදීන් 43 දෙනකුට පහර දී අතපය කඩා දත් ගලවූයේත් මේ මහින්ද රාජපක්ෂය. උන්නැහේ දැන් හැසිරෙන්නේ ගමරාළගේ අමුඬේ කැතකළ එකා සොයන්නා වාගේය.- දයා
↧
↧
වැරැද්ද? (කෙටිකතාව)
"දැන්, ත්‍රිමාන අවකාශ ප්‍රවීණතා අභ්‍යාස ගොනුවට යන්න."ටාෂිගේ සිහින් දිගු අතැඟිලි තුඩු කඩිනමින් ක්ෂුද්‍ර පරිගණක තිරය මත එහා මෙහා ගමන් කරන්නේ සිතියම් කියවීම, ද්විමාන සටහනක් මනැසින් ත්‍රිමානව දැකීම ආදී අනුමාතෘකා යටතේ ගොනු වූ ප්‍රශ්නෝත්තර රැසක් තිරය මත දිගහැරෙන්නට විය. අනුප් තම දෙනෙත විවේක ගන්වා තිබුණේ ෆ්ලොරොසෙන්ට් ආලෝකය වැද දිලෙන ටාෂිගේ පිරුණු දෙකම්මුල් මතය. ඔහුගේ නිල් පැහැති අක්ෂි කාච හරහා වරින්වර පිටතට විහිදෙන අමුතු දිලිසුමකි.
"ඔක්කොමත් හරි. මට අමාරුම කාර් එක පිටිපස්සට පදවන එක." ටාෂි තඹ පැහැ කෙස්ස දෙපසට පද්දමින් යටිතොල පිට පෙරළන්නීය. "සමාන්තරව ඉරි පැහැදිලිව ඇඳ තියෙද්දිත් මග වරද්දාගන්න එක මෝඩයි නේද?"
"මම හිතන්නේ මට ඔයාට ඒ ගැන උගන්වන්න පුළුවන් වේවි." අනුප් වහවහා පරිගණක තිරය හරහා දෙනෙත් ඉහළ පහළ දුවවමින් කීය. "බොහෝවිට අද හවස?"* * * * *ක්‍රිස්තු වර්ෂ දෙදහස් එකේදී නෙදර්ලන්තය විවාහ නීතිය හරහා තැබූ ඉදිරි පියවර ඔස්සේ වසර කිහිපයක ඇවෑමෙන් බෙල්ජියම, ප්‍රංශය මතු නොව එංගලන්තයද පසු ගමන් යන්නට වූයේ සමාජ විප්ලවයක පුරෝගාමීන් ලෙස ඔල්වරසන් හඬ මැදිනි. බර වාහන රියැදුරුවරියන්, නාවුක ඉංජිනේරුවරියන් සහ ඉදිකිරීම් ශිල්පිනියන්ගේ ප්‍රතිශතය එන්න එන්නම ඉහළ යන්නට වූ අතර ඊට සමගාමීව රූපලාවන්‍යාගාරවල, සූපවේදී පුහුණු පාසැල්වල, පෙහෙකම්හල්වල පුරුෂ නියෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ යන්නට විය. සියල්ලෝම අළුත් තත්වය ගැන වඩාත් තුටුපහටු වන්නට වූයේ, ලිංගිකත්වය මත පදනම්ව වැටුප් විෂමතා හඳුන්වාදුන් ආයතන ප්‍රධානීන් තවදුරටත් එහි නොවූ බැවිනි. ගැහැණු වඩවඩා කාර්යබහුල වූ අතර, කාන්තාමූලික ගෘහයන්හි පිරිමි, ස්වකැමැත්තෙන්ම බිම අමදින්නටත්, නැපි මාරු කරන්නටත්, අහර පිසින්නටත් රැකියාව අතහැර දමන්නට තීරණය කර තිබිණි.අනතුර පැන නැංගේ ඉනුත් පසුවය.අධිකතර වෙහෙස හේතුවෙන් බොහෝ ගැහැණු මානසික ආතතියට සහ විෂාදයට ලක්වීම එක්වරම එහි දක්නට ලැබිණි. මානසික වියවුල් අතර අතරමං වූ බොහෝ පුරුෂයන් අධිමාත්‍රාවලින් නිදිපෙති පානය කරන්නට යෙදුණු අතර ළදරුවා තුරුළු කරගත් වනම බැල්කනියෙන් පහළට පිනූ පියවරු ගැන දිනපතාම පුවත් පලවෙන්නට විය.ඒ ඉතිහාසයයි. පෙළ පොත්වලින් මකා දමන්නට යෙදුණු ඉතිහාසයයි. * * * * *"මම හිතන්නේ මම ඒක හොඳින් කළා." උළැඟිතා පරීක්ෂණය අවසානයේ ටාෂි හිස දෙපසට වනමින් පවසන අතර, වැඩිපුර කිරම හැන්දක් සිය අතුරුපස දීසියට වත්කර ගත්තාය. අනුප් සිතිවිල්ලෙනි. ඈ නිසැකවම උසස් විදුහලේ ගැහැණු අංශයට තෝරා ගැනෙනු ඇත. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මයෙන් පසු විද්‍යාලයෙන් පිටවූ පාර්වතී නෑනා ඔහුට සිහිවිය. එය හරියටම දළඹු කෝෂයක් ඉරාගෙන අලංකාර සමනලයෙක් පහළ වෙන්නා වගෙයි. තමන් පිරිමි අංශයට සුදුසුකම් ලබන බව ඔහුට සහතිකය. ඇරත්, සිතියම් කියවීමට පාසලෙන්ම දක්ෂයා තමා නොවැ!* * * * *දෙමාපියන් වෙන්නට කැමැති පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ඇණවුම් මත ජාන තාක්ෂණයෙන් කළල නිපදවීමේ අභියෝගය ජයගෙන සියවසක් සපිරෙමින් තිබුණි. දෙමාපියන් සතු ප්‍රබල ලක්ෂණ පමණක් ඉස්මතු වන පරිද්දෙන්ද, අහිතකර නිලීන ජාන ඉවත්කිරීමෙන්ද, ලිංග භේදයෙන් තොරවද නිර්මාණය වූ එම කලලවලට ලැබුණේ බලාපොරොත්තු වූවාටත් වඩා අධික ඉල්ලුමකි.සන්නිවේදනය, අවකාශ භාවිතය, දෘෂ්ටිය, තර්කණය සහ විශ්ලේෂණ ප්‍රවීණතාවය යනාදී විෂය පථයන් තිස් අටක් ආවරණය කෙරෙන පාසැල් අධ්‍යාපනයෙන් පසු අවුරුදු දහ හතර සපුරන ළමෝ තරඟ විභාගයට වාඩි වෙති. එහිදී එක් එක් විෂයයන්ට දක්වන ප්‍රවීණතාවය සංකීර්ණ ඇල්ගොරිතම කිහිපයක් අනුසාරයෙන් විශ්ලේෂණය කරන ලදුව, උසස් විද්‍යාලයේ ගැහැණු සහ පිරිමි අංශ වෙත සිසුහු යොමු කෙරෙති. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මය සියලුම පුරවැසියන් සතු සමාජ වගකීමක් ලෙසින් හඳුන්වනු ලබන අතර උසස් විද්‍යාලයේ අධ්‍යයන සමාසිකයන් හයෙන් පහක්ම වෙන්වූයේ තමා විසින් උපයාගත් ලිංගිකත්වය හා බැඳුණු වගකීම් අවධාරණය කිරීම වෙනුවෙනි.* * * * *"පිරිමියාගේ ජෛවීය විද්‍යාත්මක කාර්යභාරය" ප්රක්ෂේපණ තිරය මත විසල් නිල් අකුරෙන් ලියැවී තිබුණි. දේශන ශාලාව තුළින් සිහින් ඩ්‍රම් වාදනයක් අතරින් පතර නැගුණ අතර ආචාර්යවරයාගේ නොරිස්සුම් බැල්ම හමුවේ එය තත්පර කිහිපයකට යටපත්වන්නට යෙදුණි. අනුප් සිය නිදිමත බේරෙන දෙනෙත ඩෙස් පේළි අතර එහා මෙහා ඇවිද්දවන්නට වූයේ හඬ නොනැගෙන සේ ඈනුමක් යවමිනි.ටාෂි ඉදිරිපස ඩෙස් පේළියේ වාඩිගෙනය. ඉතා උනන්දුවෙන් සිය දෙනෙත තිරය මත අලවාගෙනය. ආචාර්යවරයාගේ මුවින් ගිලිහෙන වචනයක් පාසා සිය රෙකෝඩරය තුළට උරා ගනිමින්... අහා! ඔහු තවදුරටත් ටාෂි නොවේ, ටෙරන්ස් ය.අඩක් විවර වූ දොරෙන් හමා ආ සුළං රැල්ලක් ටෙරන්ස්ගේ තඹ පැහැති කෙටි කෙස්ස අවුල් කරන්නට විය. අනුප්ගේ දෙඇස තුළ සටහන් වූයේ සුපුරුදු දිලිසීමයි. මනා සේ සැලසුම් කරන ලද දෙසුම, ඔහුගේ සවන් තුළට නොබැසම, හිස දෙපසින් ගලා යන්නට විය. ටෙරන්ස් මද තිගැස්මක් සහිතව හැරී බලන්නේ, සිය පිරුණු දෙකම්මුල් රත්පැහැයට හැරෙත්ම එක් ඇසක් පියා ඉඟිකර ඉවත හැරුණේය.* * * * *මානව පරිණාමයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කල ඒ ආශ්චර්යවත් විද්‍යාත්මක සොයාගැනීමට වසර සියයක් සපිරීම නිමිතිකොට ගෙන -Project-XY-හි විද්‍යාඥයන්ගේ වාර්ෂික මහා සමුළුව උත්සවශ්‍රියෙන් බැබළෙමින් තිබිණි. "ඒ මහා වරද නිවැරදි කිරීම වෙනුවෙන්!" සියල්ලෝ තම තමන්ගේ බීම වීදුරු ඉහළ නගා සව්දිය පිරූහ.උසස් විදුහලේ පිරිමි අංශයේ පාළු විද්‍යාගාරයක් පිටුපස අනුප් සහ ටෙරන්ස් අතොරක් නැතිව සිපගනිමින්
↧
ලුණුදෙහි නොමිලේ
ගියපාර කෑම වට්ටෝරුව කීදෙනෙක් හදලා බැලුවද? ඕන ඔට්ටුවක් ඒ පෝස්ට් එක කියවපු අයගෙන් සීයට එකක්වත් හදලා බලන්න නැතුව ඇති. කමක් නෑ. එක එක මස් ජාති නොකන/කන එක එක්කෙනාගෙ කැමැත්තනෙ. ඉතින් ඒක හරි හෝ වැරදි කියලා තව කෙනෙක්ව විවේචනය කරන එක හෝ විනිශ්චය කරන එක හරි දෙයක් නෙමෙයි. ඒක නිසා ඒ කෑම හදපු නොහදපු හැමෝටම මෙන්න තවත් කෑමක්. මම හිතනවා ගොඩක් දෙනෙක් හදලා බලන්න උත්සාහ කරයි කියලා.
[1]
ලුණුදෙහි, නම ඇහුවාමත් කටට කෙළ උනනවා නේද? ලුණුදෙහි කියන්නෙ කවුරුත් එපා නොකියන කටට කෙළ උනන කෑමක්. ලුණුදෙහි හදන විදි කීපයක්ම තියෙනවා. ඒත් අද මම කියලා දෙන්න යන්නෙ ,සමහරවිට දන්නවාත් ඇති, කොහොමද ඉවත දමන දෙහි වලින් ලුණුදෙහි හදන්නෙ කියලා. කවුද බොලේ මේ දෙහි ගණන් කාලෙ දෙහි අහක දාන්නෙ? වැරදුනා. ඉවත දමන දෙහි වලින් නෙමෙයි දෙහි ලෙලි වලින්.ඊට කලින් අපි බලමු ලුණුදෙහි හදන අනෙකුත් ක්‍රම. ඒ කිව්වෙ සාම්ප්‍රදායික ක්‍රම.අව්වේ වේලන ලුණු දෙහි මේ ක්‍රමයෙදි කරන්නෙ දෙහි ගෙඩි හතරට පලලා මැද්දට ලුණු කැට පිරවීම. ඊට අමතරව ගෙඩි කීපයක් මිරිකලා අරගෙන දෙහි ඉස්ම ටිකකුත් එකතු කරගන්නවා.
දෙහි ගෙඩි හතරට පලලා මැද්දට ලුණු කැට පිරවීම [2]
ඊළඟට මේ ඔක්කොම හොඳින් වේලෙනකම් දවස් කීපයක් සමහරවිට සති කීපයක් අව්වේ තියනවා. ඊටපස්සෙ දෙහි ඉස්ම හොඳට කැකෑරිලා දෙහිගෙඩි වේලුනාම ඒ ඔක්කොම එක බෝතලේකට අඩුක් කරලා කාලයක් තියෙනවා හොඳට පදම් වෙන්න.මේ ක්‍රමයෙන් හැදෙන ලුණුදෙහි මට නම් ටිකක් තිත්ත වගේ. ඉතින් මම එච්චර කැමති නෑ මේ ක්‍රමයට.ක්ෂණික ලුණුදෙහිමේ ක්‍රමයෙදි දෙහි කිලෝ එකකට ලුණු ග්‍රෑම් 500කුයි සීනි ග්‍රෑම් 250කුයි ඕනෑ. දෙහි ටික පොඩියට කපලා ලුණුයි සීනියි කලවම් කරලා ලිපේ තියනවා. දෙහි ටික බෙරි වෙනකන් හොඳට හැදිගාලා ඊටපස්සෙ උණුවෙන්ම බෝතල්වල අසුරනවා.සීනි දාන හින්දමද මන්දා මේ ලුණුදෙහි වල මිහිරි රසයකුත් තියෙනවා ඇඹුල් රහත් එක්කම.මේ තියෙන්නෙ දෙහි ලෙලි ක්‍රමය හෙවත් නොමිලේ ලුණුදෙහි ක්‍රමයමේ ක්‍රමයෙදි වීදුරු බෝතලයක් අරගෙන ඒකට කෑලි මිරිස් ලුණු විනාකිරි දානවා බාගයක් විතර වැහෙන්න. ඊටපස්සෙ දවස ගානෙ මිරිකන දෙහි ලෙලි ටික දවසින් දවස අර බෝතලේට දානවා.
අපේ ගෙදර බෝතලේ
කාලයක් ගියාටපස්සෙ බෝතලේ පිරුනම ආයෙ කලවම් කරන්න තියෙන්නෙ. නිකම්ම ලුණුදෙහි. හැබැයි සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙනවා. හදලා
↧
ඉදිරී...යේන් එන්නා..වූ....නෙක්...වහලූ...න්..ගේ.... Hot Hot Anuradhapura
කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයැයි කවුදෝ කියා තිබේ. කට වසාගෙන සිටින තෙක් ඕනෑ එකෙක් පණ්ඩිතයෙක් යැයි කියා තිබෙන්නේ ද එවැනි කට හැකර එකෙකුමය.පහුගිය දිනවල කවුදෝ කට හැකරයෙක් "මුන්ට පන්සල මතක් වන්නේ බලේ නැති විට" යැයි අලුත් කතාවක්ද හදා තිබුනි. මෙයනම් සහතික ඇත්තකි. බලේ නැති වූ දා පටන් බුද්ධ යන වචනය සහ සිංහල යන වදන බය්යන්ටම සින්නවූ ඒවා වී ඇත. කොටින්ම සිංහලබෞද්ධ නම් අමුතුම නිකායක්ද බිහිව, මෙලෝ විචාරයක් නැතිව ආගමත් ජාතියත් වැට ගසා රැකගන්නට යන්නේ අර වඳුරු මිතුරා රජා රැකි අයුරිනි.මෙහි යම් කූඨප්‍රාප්තියක් පසුගිය පස්වැනිදා සිට රැව් දෙන්නට ගත්තේ දන්නෝ බුදුන්ගේ නම් ප්‍රකට ගීය සුප්රානෝ ගායනයක් ලෙස නිදහස් දින උළෙලෙලෙහි යළි ඉපැදීමත් සමගය.මේ ගායනය දුටු, සම්භාව්‍ය බටහිර ගායනා ගැන නොව, අඩුම තරමේ ඒ සින්දුවේ පදවල අරුත කුමක්දැයි යන්න පව නොදත් මීහරක් සමාජ ජාල වල එළි බසින්නට වූයේ අනේ අපේ මහා සම්මත බොදු බැති ගීය උලා කෑවායි කියමිනි.හැමටම එස්ප්‍රෙසෝ කෝප්පයක් හෝ තුර්කි කෝපි කෝප්පයක් රස විඳිය නොහැක. හෙවි මෙටල් සංගීතය හෝ, මීයන් වෙණ කන්නාක් මෙන් ටියුං ටියුං ගානා සම්භාව්‍ය පෙරදිග සංගීතය රස විඳීමටද නොහැක. එය සමාජයේ ඉතාම සාමන්‍යය තත්වයකි. එනිසා, ඒ ගායනයේ මිහිර අමිහිරිව යමෙකුට පෙනීම අරුමයක් ලෙස නොසිතා අතැර දැමිය හැක.ඒත් මෙය සම්භාව්‍ය වන්දනීය බොදු බැති ගීයක් යැයි කීම? එය කෙසේ අත හරිඳ?දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධාපේවී රකිති සොඳ සීලේ නිබන්දා//ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//මේ කියැවෙන්නේ කුමක්ද? බුදුන්ගේ ධර්මය දැන සිල් රක්නා පින්වතුන් එහි බොහෝ සිටිත්, කෙලෙස් නැසු භික්ෂූන් ලෝවාමාපායෙහි වසත්.මෙහි බුදු ගුණයක් හෝ බුදුන් ගැන වර්ණනාවක් කොහිද?මේ ගීයේ වඩාත්ම සිත් ගන්නා සුළු කොට එන්නේ මීළඟටය. එනම් ඊනියා බොදු ගීයේ බොරු පිරුනු කොටසයි.භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේපේනා මෙපුර මුණි සාසන වාසේඑර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ...සෙවනැල්ලෙන් හිරු රශ්මිය භංගේ..මේ කෙටියෙන් කියන්නේනම්, දෙව්ලොවක් මෙන් පෙනෙන මේ නුවර අපමණ සඟ ඝන වසති. ඔවුන් ඉහලින් යනවිට පොළොවට හිරු එළියත් නොවැටේ!
අද අනුරාධපුර යන ගෝඨාභයලා දකින දෙව්ලොව
බුදු සසුන හරි හැටි පිහිටි, බණ දහම් කරමින් සිල් රකිනා පින්වතුනිගෙන් පිරි නගරයක් දෙව් ලොව නම් පංචකාම සම්පත්තියෙන් පිරි තැනකට සම කරන විට සමහරක්ට සාදු කියවෙනවා වෙන්නටත් බැරි නැත.එර්දියෙන් යන්නාවූ සිය දහස් ගණනක් රහතුන්ගේ සෙවනැල්ලෙන් හිරු එළියද පොළොවට නොවැටේ.. අහෝ දුකකි, මේ රචකයා මේ කියන්නේ අනුරාධ පුරයේ සිටි රහතුන් අර ඇමරිකාවේ සිටියා යැයි කියන මගී පරෙය්යන් මෙන් ලක්ෂ ගණනින් අහසින් එහේ මෙහේ වැඩ්ඩ බව නේද?ඊලඟ කෑල්ල ගමු.මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදීඇත්තේ පොකුණුවල බෝ ජල පෑදීසේරූ පන්තී පන්තී පීනති බෝසේ//අනුරාධනගරය දැන් පෙනෙනාසේ//ලස්සන මල් පිපී ඇති පොකුණුවලින් පිරි, සේරුන් රන්චු පිටිනි සරනා සුන්දර අනුරාධපුර නගරය දැන් ඈතින් පෙනේ.සිරි සඟබෝ නාටකයෙහිම පෙන්වන ලෙසට, "සංඝතිස්ස, සන්ඟබෝ, ගෝඨාභය යන කුමරුන් තිදෙනා මහියන්ගනයේ ඉඳල අනුරාධපුරේ එනකොට තමයි මේ අගනුවර වැනුම කරන්නෙ.ඉතාම පැහැදිලි සුද්ධ සිංහලෙන් තීන මේ ටික නොතේරෙන බය්යො, අනේ මෙන්න අපේ බොදු බැති ගීය උළා කනවෝ කියල මැරෙන්න හදනව.යකෝ මේකත් අර ගමේ ඉඳල මැනික ලැබිල කොළඹ ආ එඩී කොළඹ සිරියෙන් ඉපිලිල කොළොම්පුරේ ශ්‍රියා කියනව වගේ, එදා මහියංගන කැලේ ඉඳන් අනුරාධපුරේ මෙගා සිටි එකට ආ ගැටව් ඒ නුවර ගැන අතිශයෙඔක්තියෙන් වර්ණනා කරනව මිසක, කිසිම දහමක් නැතිය කියල ඔය පුක පොළොවෙ ගහගන්න අය්යලට දැන්වත් තේරෙයිද මන්ද!මේ විතරක් නෙමෙයි, අපේ සුපින්වත් සිංහලබෞද්ධ ගොන් රැල අර විවියන් නෝනගෙ "දුර පෙනෙන වැළි තලා, අනුරාධ පුර දිහා" කියන මේ වගේම අනුරාධපුරේ සුන්දරත්වය කියන සින්දුවත්,"නොකියාම එදා ඇස්ළ මහේ සඳ ඇති පායා"කියන සැමි නැති සොවින් හඬනා බිරියකගෙ විළාපයත්,"වෙසක් කැකුළු අතු අග සිට නටන විළාසේ"කියන වසන්ත සෘතු වැනුම එහෙමත් මාර බොදු බැති ගී කරගෙන තියෙන්නෙ.මොකවත් නෙමේ, බුද්ධ, වෙසක්, සෑය කිව්ව ගමන් මුන් ඇඳගන්නව. ඉන් පස්සෙ කියවෙන්නෙ මොනාද කියල නිකන්වත් හිතන්නෙ නෑ.එක අතකට බුද්දාගම මිසක බුදු දහම මොටද, නැද්ද
↧
මිත්‍ර සහ ආදරය
රතු පැහැති ස්පෝට් වර්ගයේ පා පැදිය ගම්පහ පුස්තකාලයේ පසෙකින් තිබෙන සුදු අරලියා ගස අසල කම්බි වැටට හේත්තු වන විට පුස්තකාලයේ දොරටු විවර වී වැඩි වේලාවක් ගත වී තිබුනේ නැත. උදෑසනම මිදුලේ සුදු වැලි මත පැහැදිලි රටා මවමින් මේ මිදුල අමදින්නේ පුස්තකාලයට යාබදව පිහිටා තිබෙන නගර සභාවේ කම්කරු ළඳක් විසින් බව බයිසිකලයෙන් බිමට බට මිත්‍ර හට සැනෙකින් මෙනෙහි වූවේය. අතරින් පතර එක දෙක බැගින් වැටී තිබෙන වියලී ගිය අරලිය කොළ සහ සුදු පැහැය ඇකී මැකීගිය අරලිය මල් ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරනවාදෝයි විටෙක ඔහුට සිතෙයි. මේ දසුන දෙස තත්පර කීපයක් බලා හිඳ පා පැදියේ ආරක්ෂාව සහතික කරගැනීමෙන් පසු පුස්තකාල ගොඩනැගිල්ලේ උඩුමහලට පිවිසෙන තරප්පු පෙල අභියසට හෙතෙම පැමිණියේ මඳ කොරයක් සහිත වම් පාදය ආයාසයෙන් අවනත කරගනිමිනි.තරප්පු පෙල එකින් එක තරණය කරන්නට දැන් වෙනදාට වඩා අපහසු බවක් මිත්‍ර හට දැනෙයි. කුඩා කල සිටම වම් පාදයේ පැවති වියවුල දැන් තරමක් නරක අතට හැරී ඇති බවට ඔහුගේ චිත්ත සන්තානය දෙස් දෙයි.තව මාස දෙකකින් උසස් පෙළ ඉවරනෙ...ඊට පස්සෙම දොස්තර කෙනෙක් හම්බ වෙනවා...ඔහුගේ සිතුවිලි ඒ මේ අත දෝලනය වෙද්දී පුස්තකාලයේ පාඩම් කරන කොටසේ තමන් නිතර වාඩි වී සිටින ආසනය වෙත ඔහුගේ පියවර එසවුනේ නිරායාසයෙනි. තවමත් පාඩම් කරන කොටසේ සියලු ආසන පිරී ගොස් නැත. අතරින් පතර පෙනෙන හිස් තැන් ඔස්සේ දිවගිය ඔහුගේ නෙතු දෑල අවසානයේ ඇගේ රූප කාය ඉදිරියේ වෙනදා වාගේම නතර වූවේය.ලස්සන කෙල්ල...හිනාවෙන කොට සීදේවි පාටයි...කොන්ඩෙත් දිගයි..අරමුණක් නැතිව ඉබාගතේ උපදින සිතුවිලි උපදින සැනින් නැසෙද්දී මිත්‍ර හට වෙනදා දැනෙන වේදනාව අදත් ඇතුලු හදේ දැනෙන්නට වූවේය.කොර කකුලක් තියෙන මට කෙල්ලෙක් කැමති වෙයිද ?මේ මනෝභාවය ඉදිරියේ තවත් වේලා රැදී ඉන්නට ඔහුට අපහසුය. තාත්තා මිය ගිය දිනයේ සිට තමා සහ මලනුවන් ලොකු මහත් කරන්නට වෙර දැරූ මවත්, අකලට වියලී ගිය ඉපලක් බදු ඇගේ වතත් සිහිවන වාරයක් පාසා මිත්‍ර ගේ සිත වෙඩරු පිඩක් මෙන් උණු වෙයි. නෙතු දෑලේ කදුලක් උපදී. කෙසේ හෝ මුල් වාරයේම විභාගය හොදින් සමත් වී ඉංජිනේරුවකු ලෙස සාමාර්ථය ලබා මවගේ ඉදිරි ජීවිතය සැපවත් කරමි යන උදාර සිතිවිල්ලෙන් පණ ගැන්වුන මිත්‍ර රූබර යුවතිය පසෙක තබා එදින පුස්තකාලය තුල විසදන්නට අධිටන් කල ගණිත ගැටලු වෙත යොමු වූවේය.
.......................................................................................................
හිතේ පවතින දැඩි අධිෂ්ඨානය නිසාම මිත්‍ර අසල සිටගෙන සිටින යුවතිය ඔහුට සංවේදනය වූයේ තත්පර කීපයක පමාවකිනි.අයියේ...මිත්‍රගේ නෙතු යුග නිතර නතර වන රූපකායේ හිමිකාරිය ඔහු අසල සිටගෙන සිටින්නීය. ඇය අත ඇති හාෆ් ෂීට් කොළ කීපය දෙස ඕනෑවට එපාවට මෙන් බැලූ මිත්‍ර ඇගේ රූබර වත කමල දෙස නම් උමනාවෙන් බැලුවේය.
ඇයි නංගි...ඔහුගේ සැලෙන කටහඬ ඇයට ඇසුනාදැයි සැක සිතෙන තරම්ය.මේ ගානක් තියෙනවා...අපි හදන්න හැදුවට හදාගන්න බෑ...අපි ඉතින් විභාගෙ ලියන්නෙ ලබන අවුරුද්දෙනෙ...අයියා හෙට අනිද්දා ලියන්න ඉන්න කෙනා නිසා හදාගන්න පුලුවන් වෙයි කියලා හිතුවා..මේ ගැටලුව පුස්තකාලයේ නොයෙක් දෙනා වෙත යොමු වී අවසානයේ තමා කරා පැමිණි බවක් මිත්‍ර දැන සිටියේ නැත. ධ්‍යානයකට සමවැදුන කෙනෙකු මෙන් නිතරම ඉලක්කම් සමග හරඹ කරන ඔහුට අවට පරිසරයේ සිදුවන සිදුවීම් දැනෙන්නේ නැත.විනාඩි කීපයක ඇවෑමෙන් ඉතාමත් පහසුවෙන් ගණිත ගැටළුව විසදුනි. එය විසදූ ආකාරය පිළිබද විස්තරාත්මකව දැනගන්නට ඇය මඳක් මිත්‍ර වෙත නැඹුරු වූවාය. ඈ වෙතින් හමනා සුවඳ විලවුන් සුවඳින් අමන්දානන්දයට පත් හෙතෙම ඉතාම මැනවින් ඒ කාර්යය අවසන් කලේය........................................................................................................උ/පෙල විභාගයට තවත් වසරක කාලයක් තිබුනත් මේ යුවතිය ඉතාම උත්සාහ වන්තය. ගම්පහ නගරයේ ප්‍රධානම කාන්තා පාසලේ ඉගෙනුම ලබන ඇගේ නම නිශානි බව මිත්‍ර දැන ගත්තේ දිනක් ඔහු වෙත ඉදිරිපත් කල ඇගේ ප්‍රශ්න පත්‍රයක තිබී අහම්බෙන් නෙත ගැටීමෙනි.පුස්තකාලයේ පාඩම් කරන කොටසේ විභාගයට සූදානම් වන පිරිස අතරේ ගණිත අංශයේ ප්‍රමුඛයා මිත්‍ර බව ඒ වන විටත් බොහෝ දෙනා දන්නා රහසක්ව පැවතින. මේ විෂයට ඔහු දක්වන දක්ෂතාව නිසාම දිනපතාම නිශානි ගෙන එන ගැටලුවක් දෙකක් විසදන්නට ඔහුට සිදු වුවද හෙතෙම එයින් සතුටක් ලැබුවා මිස කෝප වූයේ නැත.තමාගේ සිත සොරාගත් යුවතිය වෙත මෙලෙසින් උපකාර කිරීමට ලැබීම මිත්‍ර වෙත ගෙන ආවේ බලවත් ආශ්වාදයකි. විභාගයට තවත් දිණ කීපයක් වෙද්දී සිතේ සිරවී ඇති සිතිවිලි වචන බවට පෙරලන්නට ඔහුට හැකි වූවේය.
මම ඔයාට කැමතියි නංගි...තම මිතුරන් සැමටම රහසින් ඔහු එසේ කියන්නට ඇත. එහෙත් වම් කකුලේ කොරයක් සහිත මිත්‍ර වැනි තරුණයෙකු වෙනුවෙන් තම හදවත දන්දෙන්නට ඇය පාරමීදම් පුරන්නියක නොවුනාය. මිත්‍ර වෙත සිහින් වේදනාවක් දැනුනද ඒ වේදනාවත් තමාගේ සවියට ගෙන උ/පෙ කඩඉම ඉතා හොඳින් ජයගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත පිවිසෙන්නට මිත්‍ර වාසනාවන්තයෙක් වූවේය.......................................................................................................විශ්ව විද්‍යාලය තුල කටයුතු ආරම්භ වුවත්, එහිම නවාතැන් ගෙන සිටියත් මිත්‍ර හට ගම්පහ පුස්තකාලය අමතක කරන්නට නොහැකිය. තමාගේ සාර්ථකත්වයට පිටිවහලක් වූ මෙම ස්ථානයට හැකි සෑම විටෙකම පැමිණීම ඔහුට සතුටකි.එලෙස පැමිණෙන සෑම විටෙකම විභාගය ජයගන්නට වෙර දරණ නිශානි ඔහුට දකින්නට ලැබෙයි. දෙවන වර පළමු හමුවීමේදීම මිත්‍රගේ ජයග්‍රහණය පිළිබඳ තම සුභාශිංෂණ එක් කරන්නට ඇය අමතක නොකලාය. අතීතයේ මෙන් ඇයත් ඇගේ යෙහෙලියනුත් හැකි සෑම විටෙකම මිත්‍රගේ සහයෝගය ලබාගන්නේ ඔහු මේ මග සාර්ථකව තරණය කල නිසාවෙනි. කිසිදු නිරහංකාරකමකින් තොරව තමාගේ යහපත වෙනුවෙන් ලබාදෙන ගුරුහරුකම් නිසාදෝ ඇගේ හද ගැඹේ උපන් ආගන්තුක හැගීමකට ඇය ආදරය යනුවෙන් නම් තැබුවාය. අවසානයේ මිත්‍ර සහ නිශානි ප්‍රේමයෙන් වෙලුනෝය.කලින් වතාවෙ බෑ කියපු එකී මේ වතාවෙ කැමති වුනේ මිත්‍රයා දැන් ඉංජෙක් වෙන්න ඉන්න හින්දා...ගෑණු ඔහොමම තමයි බං...වාසි අතට හෝයියා...ප්‍රේමයේ විප්‍රයෝගයේ රස ඇති පදමට විඳ ඇති පුස්තකාල පාඩම් කොටසේ එකෙකු දිවා විවේකයේදී මේ නවයොවුන් ප්‍රේමය එලෙස දුටුවේය. අවට සිටිනා උන් කියනා කිසිදු දෙයක් කණකට නොගත් මිත්‍ර තම පැපැදිය අාපසු එන ගමනේදී ලබාගන්නා අටින් ඇගේ අත අල්ලාගෙන සෑම දිනෙකම හිරු අවරට යන හෝරාවේ ගම්පහ නගරය ඔබමොබ ඇවිද ගියේය.අපේ තාත්තා අදුනන කෙනෙක් දැක්කොත් මට පුස්තකාලෙ එන්න දෙන එකකුත් නෑ අයියෙ...නිශානිගේ දුක්ගැනවිල්ල නිසාම මිත්‍රගේ ගමන් මාර්ගය අතුරු මාර්ග කීපයකට පමණක් ක්‍රම ක්‍රමයෙන් සීමා වූයේය. ඔහුගේ ආදරය පරවි රැජිනියක් සේම අවිහිංසකය, අලුත් කලයක පිරිසිදු ජලය සේ නැවුම්ය, පිල් විදහා ගත් මොණර රාජයෙකුට දැනෙනා තරමේ ආඩම්බරයක්ය. පුස්තකාලයේ රූබර ළදක් සමග පෙම් සබඳතාවක් ඇරඹීම පහසු නැත. ඒ බව දන්නා මිත්‍ර තමා ගැන ආඩම්බර වීමේ වරදක් නැත........................................................................................................මිත්‍ර මෙන් නැතිබැරි පවුලක ඉපදී නැති ඔහුගේ පෙම්වතිය ඇතිහැකි පවුලක එකියකි. ඇගේ පියා නීතිඥයකි. මේ සාධක හමුවේ අනියත බියකින් ඔද්ගැනුන මේ ප්‍රේමවන්තයාගේ සිත නිතර සැලෙයි. නිශානි කවදාවත් වෙනස් වෙන එකක් නෑ. එලෙස සිතීමෙන් තාවකාලිකව ගැටලුව අමතක කරන්නට මිත්‍ර රිසි වූවේය.
නිශානි උ/පෙ විභාගයට ලීවාය. ප්‍රතිඵල අපේක්ෂවෙන් සිටින ඇයට මිත්‍ර සමග පෙම් කෙලින්නට ඕනෑ තරම් කාලය තිබේ. ඔහු වැනි තරුණයෙකුට දෙමාපියන් අකමැති නොවනු ඇතැයි යන සිතුවිල්ල ඕනෑවටත් වඩා විශ්වාස කල නිශානි තම දෙමාපියන් වෙත මිත්‍ර හඳුන්වා දෙන්නට පසුබට නොවුනාය.
මොකද පුතා කකුල...ඇවිදිනකොට තරමක කොරයක් තියෙනවා නේද..මගෙ යාලුවෙක් ඉන්නවා හොඳ දොස්තර කෙනෙක්...අපි පෙන්වලා බලමු. යන වියදම් ගැන පුතා වද වෙන්න එපා. ඒවා මම බලාගන්නම්.පළමු හමුවීමේදීම ඇගේ පියා මිත්‍රගේ ආබාධය පිළිබඳ සැළකිලිමත් වූවේය. එදා ඔහු මේ නිවසින් සමුගත්තේ වෛද්‍ය පරීක්ෂණය උදෙසා සහභාගි වන්නට දිනයක් ගිවිසාගැනීමෙනි........................................................................................................මිස්ටර් මහවත්ත...කොල්ලා කොච්චර හොඳ උනත්, උගත් කම තිබුනත් මේ කසාදය කරලා දුවගෙ අනාගතය අඳුරු කරගන්න එපා. මිත්‍රට තියෙන්නෙ කලාතුරකින් හැදෙන ලෙඩක්...මාංශ පේශීන් හැදෙන වේගයට වඩා මැරෙන වේගය වැඩි නිසා එයාගෙ කකුල් වල ශක්තිය අඩු වෙලා. තව කල් යද්දි ඔය කොරය තව තවත් වැඩි වෙනවා. එතකොට ඇවිදින්නම බැරි තැනට එයි. මේ වගේ ලෙඩෙක්ව හොඳ කරන්න විදියක් තවම හොයාගෙන නෑ. දුවගෙ අනාගතය ගැන හිතලා හොඳ තීරණයක් ගන්න.ඉකුත් සතිය වන තෙක්ම තමාගේ තුරුලේ හිඳිමින් පෙම්බස් දෙඩූ යුවතියකට මෙතරම් ඉක්මනින් වෙනස් වෙන්නට හැකි වේ යැයි මිත්‍ර කිසි දිනක විශ්වාස කලේ නැත. ඇගේ දෙමාපියන් හමු වී පැමිණ සති දෙකක් පමණ ඇවෑමෙන් දෙමාපියන් මේ සබඳතාවට අකමැති බව පැවසූ ඇය සබඳතාව බොහෝ පහසුවෙන් විසන්ධි කර දැමුවාය. දුරකථන ඇමතුමකට පවා පිළිතුරු නොදුන් නිෂානි විරහා වේදනා නැමති සෝ සයුරේ කර වටක් දක්වා මිත්‍ර රැගෙන ගියාය. ආදරය මේ තරම් දුකක් බව කලින් දැන සිටියා නම්....නොයෙක් වර මිත්‍ර එලෙස කල්පනා කරන්නට ඇත.නිශානිගේ ආදරය අහිමිවීම මිත්‍ර හට මහත් වේදනාවකි. මේ කරුම ලෙඩේ හැදුන වෙලේ මමත් මැරිලා ගියා නම්...එහෙත් මෑණියන්ගේ ගුණ සුවඳ දැනෙන සෑම විටෙකම ඒ සිතුවිල්ලෙන් මිත්‍ර ක්ෂණිකව බැහැර වූවේය........................................................................................................විරහා වේදනාව කෙමෙන් කෙමෙන් හීන වී යද්දී මිත්‍ර පේරාදෙණිය සරසවියෙන් ඉංජිනේරු උපාධිය අවසන් කර පහුණුවන කාර්මික ඉංජිනේරුවකු ලෙස ලංකාවේ නම ගිය ආහාර සැකසුම් කරනා සමාගමක සේවයට බැදුනේය. කාර්යශූර බවත්..විෂයෙහි දැක්වූ ප්රවීණතාවත් නිසාම කෙටි කලකින් ප්‍රධාන ඉංජිනේරුවෙකු තරමට ඉහළට පැමිණි මිත්‍ර මේ සමාගමේ නවතම කර්මාන්ත ශාලාවේ සියලුම යන්ත්‍ර සූත්‍ර තමාගේ අභිමතය පරිදි සවි කිරීමට වරම් ලද්දේය. ඒවා මිළදී ගැනීම පිණිස රටවල් කීපයක සංචාරය කරන්නටද ඔහුට අවස්ථාව ලැබුනේය. මේ සවිකිරීම් සියල්ලම ඉතාම මැනවින් සිදු වූ නිසා ආයතනය ඔහු කෙරේ වඩ වඩාත් පැහැදුනේය.
රැකියාව අතින් කෙතරම් ඉහළට ගියත් මේ අතර තුර කාලයේ මිත්‍රගේ සෞඛ්‍ය තත්වය බොහෝ සේ පිරිහුනි. ඔහුගේ වම් කකුල ඔසවාගෙන පියගැට පෙලක් නැගීම පවා අපහසු වූවේය. සමකාලීන වෘත්තීය සගයන් නවීන රථ වාහන පාවිච්චි කලත් මිත්‍ර එසේ නැත. තමාගේ සෞඛ්‍ය තත්වය නරකම අතට හැරුන පසු මෙතෙක් සේවය කල ආයතනයේ සේවයෙන් ඉවත් වී කුළුබඩු සම්බන්ධ තමාගේම ආයතනයක් සුළුවෙන් පටන් ගන්නට මිත්‍ර කටයුතු කලේ ලබන වැටුපට සරිලන සේවයක් තව දුරටත් සැපයීමට තමාට නොහැක යන මතයේ එල්බගෙන සිටි නිසාවෙනි.
පුද්ගලික විශ්ව විද්‍යාලයක් හරහා ඉංජිනේරු උපාධියක් ලද නිෂානිට දැන් නව පෙම්වතෙකු සිටියි. ඔහු සමග ගත් විවිධාකාරයේ ඡායාරූප වලින් ඇගේ මුහුණු පොත සැරසෙද්දී, ඇගේ යෙහෙලියන් මේ දෙදෙනා ඉතාම ගැලපෙන යුවලක් බව කීවෝය. මිරිස් සැර ඉහවහා ගිය, අධික ශබ්දයකින් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වන පරිසරයක සිටියද, ගතින් කෙතරම් දුර්වල වුවද මිත්‍ර මානසිකව ඉතාම සංසුන්ය. මෙතරම් ගැටලු හමුවේ යළි නැගිටින්නට නොහැකි ලෙස ඇද වැටෙන බොහෝ දෙනෙක් සිටිනා සමාජයක විරහා වේදනා, ශාරීරික පීඩා අතරින් තමාගේ ඉලක්කය කරා ගිය මිත්‍ර වීරයෙකු නොවන්නේද ?දිනෙන් දින කායික ශක්තිය අතින් දුර්වල උවත් තවමත් මිත්‍ර නව යන්ත්‍ර උපකරණ පිළිබඳ සිත යොමු කරන්නේ බාධක හමුවේ පෙරට යන පුදුමාකාර ශක්තියක් ඔහු තුල තිබෙන බැවිනි. ජීවිතයේ එක් අන්තයක් කඩා වැටෙන කල්හි තවත් අන්තයකින් ජයග්‍රහණය ලබැගැනීම බොහෝ පිරිසකට කල නොහැකි කාරියකි. ඒ අතලොස්ස අතරට මිත්‍රගේ නමද ලියවිය යුතුමය.මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලිසිරා කොලුවා ගම්පහ පුස්තකාලයේ පාඩම් වැඩ කරනා සමයේ මේ සත්‍ය කථාවේ ඔබට හමු වූ චරිත දෙකම දුටුවෙමි. කථා බහ කළෙමි. ඔවුන්ගේ සැබෑ නම් වලට කිට්ටුවෙන් යන නම් දෙකක් චරිත හැදින්වීම පිණිස යෙදුවෙමි. එවකට මිත්‍රගේ අතේ එල්ලී පෙම් වදන් දෙඩූ ඇය අද දිනයේ නව පෙම්වතෙකු සමග පෙම්කෙලිනා අන්දම දකින කල මිත්‍ර හට හිතවත් කෙනෙකු ලෙස සිරා කොලුවාගේ සිතටද දුකක් කණගාටුවක් දැනුනේ වරක් දෙවරක් නොවේ. සිරාගේ කාමරයේ බූට් මාසයේදී මේ කථාව ඔබට පළමුවෙන්ම කියන්නට මා කල්පනා කලේ මේ සිතුවිලි වලින් මා ලද උත්තේජනය නිසාමය.මිත්‍ර තම විෂය තුල ඉතාම දක්ෂයෙකු නිසා මේ ජීවිතය රැක ගන්නට මිතුරන් ලෙස අපි අවස්ථා කීපයකදීම උත්සාහ කළෙමු. පාරම්පරික වෙද මහතුන් කීප දෙනෙකුවෙතම ඔහු ඉදිරිපත් කළෙමු. එහෙත් අවසානයේදී මිත්‍ර ලද සුවයක් නැත.සිරා කොලුවා සිරිලංකාවට පැමිණි අලුතම මම මිත්‍ර හට දුරබණුවෙන් ඇමතුවෙමි. ආගිය කථා වලින් පසු මම ඔහුගෙන් ඇසුවේ අලුත් ආදර සබඳතාවක් නැතිද යනුවෙනි.මට මොන ලව්ද බං ? ඔහු පෙරළා බොහෝ උදාසීනව මගෙන් විමසූවේ සිහින් සිනහා හඬක් මධ්‍යේ වුවත් මගේ ගැටලුව ඔහුට රිදුමක් වන්නට ඇති බව මම පසුව කල්පනා කළෙමි. ආදරය යනු හිමිකරගැනීමම නොවන බව බොහෝ අයගේ මතයයි. එවන් තැනක හිඳ ජීවිතය බලනවා නම් ආදරයෙන් පරාජිත වූ කෙනෙකුට දැනෙන වේදනාව බොහොම අවම බව මගේ හැගීමයි. සමහර විටෙක මිත්‍ර අද එතැන ඉන්නවා වන්නටත්
↧
↧
මල් වත්ත
සමනලයින් පියඹනවා මල් සමඟින් හිනැහෙනවා මල් වට උන් රඟදෙනවා මල් නොතලා පැණි බොනවාමී මැස්සන් ගුම් දෙන්නේ රොන් ගන්නට පැමිණෙන්නේ පැණි විතරයි උන් ගෙනයන්නේ මල ගස උඩ හිනැහෙන්නේමල් අයිතිය ගස්වලටයි මලේ සුවඳ මුළු ලොවටයි මල් පිපිලා හරිම හැඩයි මල් වත්තම
↧
Sitha Bindunu Da ( සිත බිඳුණූ දා තරු කඩා වැටුණා )
Sitha Bindunu Da Artist - Gayani Madusha Song - Sitha Bindunu Da Chord - Fm [Intro]-----------------------------------------------------------------------------|Fm | - |C# |Fm ||Eb |- |C# |Eb ||Bbm|Fm| - | - ||Ab | - |Fm |C#||Cm |Fm| + | + |[Chorus]-----------------------------------------------------------------------------Fm C# Ab Fm CSitha bindunu daa aaaa taru kada aaaaaaa wetunaC7 Ab Fm Mama iki gasa henduwa aaaaa oba danne naaaC# Cm FmKumuduniya petheni hee bolanda mage sitha ridiniFm Bbm FmKandulu keti gesuna oba danne naa oba danne naa[Verse 1]-----------------------------------------------------------------------------EbSulangatath duka hithi eeeeeee Eb Fm Eb/FmSulangatath duka hiti malak langa newathiFm C Ab FmMal reenuwen renuwama enawa Fm C# Bbm FmOba danne naa oba danne naaa oba danne naaa[Verse 2]------------------------------------------------------------------------------EbAluth bambarindu rendi eee eeeeEb Fm Eb/FmAluth bambarindu rendi thurulu wee sitiyaFm C Ab FmMal reenuwen renuwama enawa Fm C# Bbm FmOba danne naa oba danne naaa oba danne naaa Sitha Bindunu Daසිත බිඳුණූ දා තරු කඩා වැටුණාසිත බිඳුණූ දා තරු කඩා වැටුණාමම ඉකිගසා හැඬුවා ඔබ දන්නේ නෑකුමුදිනිය පෙති ලිහී බොළඳ මගේ සිත රිදීකඳුළු කැටි ගැසුණා ඔබ දන්නෑ ඔබ දන්නේ නෑසුළඟටත් දුක හිතී //මලක් ළඟ නැවතීමල් රේණුවෙන් රේණුවම ඉම්බාඔබ දන්නේ නෑ ///සිත බිඳුණූ දා තරු කඩා වැටුණාමම ඉකිගසා හැඬුවා ඔබ දන්නේ නෑඅළුත් බඹරිඳු රැඳී //තුරුළු වී සිටියාමල් රේණුවෙන් රේණුවම ඉම්බාඔබ දන්නේ නෑ
↧
157 සතිය
අනුන් ලියන නව කතාවකින් තමා කැමති කතාවක් බලාපොරොත්තු වීම මෝඩ
↧
ලිබටේරියන් සමාජයේ ඡායාරූප ශිල්පියා ජඩ් වයිස්
ලිබටේරියන් දැක්මෙන් යුතු අයගේ කළු සුදු ඡායාරූප ගනිමින් ඔවුන් අතර සුප්‍රසිද්ධ වෙන ඡායාරූප ශිල්පියා ජඩ් වයිස් නමින් වෙයි. මේ සටහනට එකතු කරන අපගේ ඡායාරූපය ගන්නා ලද්දේ ඔහු විසිනි. නිදහස් ව්‍යාපාරයේ ජනප්‍රියම ඡායාරූප ශිල්පියා ලෙසින් හැඳින්වෙන ඔහුගේ ඡායාරූපයකට හසුවීම අතිශයින්ම විනෝදජනක භාග්‍යයකි.
ලිබටේරියන් සමාජයේ හමුවීම්වලට ජඩ් වයිස් සිය කැමරාවත් රැගෙන පැමිණ ඡායාරූප ගන්නට පටන් ගත්තේ තමන්ගේ මුදලින් විය හියදම් දරාගෙනයි. පාසැල් වියේ දී අයින් රෑන්ඩ් ලියූ ‘ඇන්තම්’ පොත කියවා ඔහු ලිබටේරියන් අදහස් ගැන උනන්දුවක් ඇති කරගන්නා ලද්දෙකි. එතැනින් නොනැවතී දැනුම පසුපස හඹා යන ඔහු ලුඩ්විග් වොන් මීසස්, මරේ රොත්බාඩ් යනාදීන්ගේ පොත් පත් සහ ලියකියැවිලි තුලින් දැනුම වඩවා ගන්නට සමත් විය.
ඇමෙරිකාව පුරා පැවැත්වෙන ලිබටේරියන් සම්මන්ත්රණ හා උත්සව සෑම එකක දී ම පාහේ පින්තූර ගන්නට ඔහු මේ වෙද්දී සමත් වී ඇත. ඔහුගේ අරමුණ මේ හමුවීම්වලට විවිධාකාර අදහස් කරපින්නා ගෙන එන විවිධාකාර පුද්ගලයන්ව ලිබටේරියන් නොවන සමාජයට දැකුම්කළු ආකාරයකින් හඳුන්වා දීමයි. ඔහු විසින් ගන්නා ලද කළු සුදු ඡායාරූපයක් සමාජ වෙබ් අඩවියකින් බෙදා ගැනීමේ දී එය දැකීමෙන් ලිබටේරියන් අදහස් නොමැති අය පවා ඒ ගැන උනන්දුවක් දක්වනු ඇතැයි ද මේ විවිධ විෂම වූ අපූරු පුද්ගලයන් ඉතා සතුටින් එකතු වී ඇත්තේ කුමක් සඳහා දැයි ප්‍රශ්න කරනු ඇතැයි යන්න ඔහුගේ අභිප්‍රායයි.
ඡායාරූප ශිල්පය ජඩ් වයිස්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය නොවේ. මුලින් තමන්ගේ මුදලින් විය හියදම් ගෙව්ව ද, වර්තමානයේ දී ඔහුගේ ගමන් හා ඉඳුම් හිටුම් සඳහා ඒ ඒ අවස්ථාවන් සංවිධානය කරන ආයතන විසින් ගෙවති. එහෙත් ඔහුගේ ඡායාරූප සඳහා වැයවන කාලයට ගෙවීමක් ඔහුට ලැබෙන්නේ නැත. ඒ නිසා වරක් ලිබටේරියන් අය අතරින්ම ඒ සඳහා උත්සාහයක් පටන් ගැනිණ. ඔහුගේ ඡායාරූපයන්ට පෙනී සිටි පුද්ගලයන් වෙතින් මුදල් ආධාර එකතු කරමින්, අප්‍රේල් 23 වැනිදා ජඩ් වයිස්ට ප්‍රශංසා කරන දිනය යැයි නිවේදනයක් නිකුත් විය. එක් ලිබටේරියන් චින්තකයෙක් ඔහුට යවන සෑම ආධාර මුදලකට හා සම මුදලක් තම ද යවන්නට ඉදිරිපත් විය. ඔහුගේ ඡායාරූප අගය කරන්නන්ට ඇමෙරිකන් ඩොලර්වලින් පමණක් නොව බිට්කොයින්වලින් ද ඒ ආධාර යවන්නට හැකියාව ලැබිණි.
ලිබටේරියන් අදහස් ඇති අය එකතුවෙන සම්මන්ත්රණ, වැඩමුළු හා හමුවීම් දැන් ලොව පුරා පැතිර යන්නට පටන්ගෙන ඇත. ඇමෙරිකන් ලිබටේරියන් ව්‍යාපාරය ඡායාරූපවලින් වාර්තා කරන ජඩ් වයිස් මෙන් ලිබටේරියන් අයව දක්ෂ ලෙසින් කැමරාවට හසුකරගන්නට සමත් ඡායාරූප ශිල්පීන් වෙනත් රටවලිනුත් බිහිවේවි ද?
↧
↧
සදට පෙම් බැදි හිරුට හිමි සද
හිරු හිමි සදට සදට පෙම් බැදි හිරුට හිමි සදසදට කුමට තව නේක නම් මටඑරන්දති,ඇයයි සද මටඑකම අහසක සදා දිදුලන#lahiru777 #madu #Erandi_EMKD
↧
සිකා පැතිරෙයි ඇමරිකා මහද්වීපය සැලෙයි
දරුවෙකු බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනිමේ අයිතිය අඹු සැමියන් වෙත තිබුනත් දරුවන් වෙනුවෙන් ගැබ් ගැනීම තාවකාලිකව ප්‍රමාද කරන ලෙස බ්රසිල රජය එරට ජනතාවට දැනුම් ඇත. සිකා වෛරසය බ්රසිලය තුළ ව්‍යාප්ත විම නිසා එරට රජයට මෙම තීරණය ගැනිමට සිදු විය. flariviridae කුලයට අයත් සිකා වෛරසය පිළිබඳව මුල්ම වාර්තාව ලැබුනේ 1940 වසරේ උගන්ඩා රාජ්‍යයෙන්ය. එතැන් සිට ප්‍රංශය, පොලිනියාව, වැනි රටවලින් වෛරසය චිලි, දකුණු ඇමරිකාව, සැන්ට් සැල්වදෝර්, මෙක්සිකෝව, පැරගුවේ වැනි රටවල් වෙත පැතිර ගොස් ඇත. වෛද්‍යවරුන් උපකල්පනය කරන්නේ බ්රසිලියේ පැවැති ලෝක පාපන්දු තරග කාලයේදී පැසිµsක් සහ ආසියානු රටවලින් වෛරස ආසාදිතයන් බ්රසිලයට පැමිණීම නිසා සිකා වෛරසයද තම රටට ඇතුළු වන්නට ඇති බවයි. o "Aedes hensilli (page does not exist)" Aedes hensilli, සහ Aedes luteoo" Aedes aegypti" Aedes aegypti වර්ගයේ මදුරුවන්ගෙන් මෙම රෝග තත්වය සම්ප්‍රේෂනය වේ. 2009 වසරේ කොලරාඩෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥයෙක් මෙම මදුරුවන් සහ සිකා වෛරසය අතර වු සම්බන්ධතාවය අධ්‍යයනය කරන ලදී. ඔහු මෙම අධ්‍යයනයේ යෙදෙන කාලසීමාවේදී මදුරුවන්ගේ දෂ්ටනයට පත් අතර නැවත ඇමරිකාවට ගොස් දින කීපයක් ගෙවෙත්ම සිකා රෝග ලක්ෂණ පහළ විය. මදුරු දෂ්ටනයෙන් දින 10 ක් පමණ ගෙවුන විට රෝග ලක්ෂණ පහළ වෙන අතර වානර කුලයේ සතුන් සහ මිනිසුන් ඉතාම පහසුවෙන් මෙම වෛරසයේ ගොදුරු බවට පත් වීමට පහළ ප්රවනතාවයක් පවතන බව පර්යේෂකයන් විසින් පෙන්වා දි ඇත. මෙම රෝග වෛරසය ශරීරගත විම නිසා ඇති වෙන රෝග ලක්ෂණ අතර හිසරදය, මස්පිඬු වේදනාව, මද උණ ගතිය සහ සිරුරේ තැනින් තැන පලු ඇති වීම වැනි රෝග ලක්ෂණ දැක ගත හැකියි. නමුත් මෙහි ඉතාම අවාසනාවන්ත සහ අනතුරුදායක තත්ත්වය වනුයේ දරු කලලයට ඇති වෙන හානිදායක බලපෑමයි. නමුත් මේ අන්දමින් ගැබ්ගැනීමට තහංචි පැනවීම පිළිබඳව සාපරාධී අපරාධයක් විදිහට සිතුවත් මේ රෝග තත්වයට ගැබිනි මව්වරුන් නිරාවරනය වුවහොත් උපත ලබන දරුවන් මයික්‍රොසෙෆලි (microcephaly) රෝග තත්වයට ගොදුරු විමේ අවදානම තිබෙන නිසා ඒ වෙනුවෙන් කාන්තාවන්ට සුදානමින් සිටිම බෙහෙවින් වැදගත් බව බ්රිසිලියානු රජයේ අදහසයි. දරු කලලය සිකා වෛරසයට නිරාවරනය විම නිසා දරුවාගේ ස්නායු පද්ධතිය ආසාදනයට පත් වීමෙන් මොළයේ වර්ධනය සිමා වෙන බව වෛද්‍ය පර්යේෂකයන්ගේ අදහසයි. මේ නිසා වෛරසයෙන් ආසාදිත කලලය නිසා උපත ලබන දරුවාගේ මොළය නිසි පරිදි වර්ධනය වී නොමැති අතර ඔවුන්ගේ මොළය ප්‍රමාණයෙන් ඉතා කුඩාය. එබැවින් අවාසනාවන්ත ලෙස දරු කලලය මෙම වෛරසයේ ආසාදිත බවට පත්ව දරුවන්ගේ ජීවිතය වෙනස් කරනු වෙනුවට පමා වි හෝ නිරෝගි දරුවෙකුගේ මුහුණ බැලීමට මව්වරුන්ට වරම් ලබා දිම බ්රසිල රජයේ අපේක්ෂාවයි. මේ නිසා මදුරුවන් මගින් පැතිරෙන බැක්ටිරියාව පාලනය කිරීමට බ්‍රසීලියානු රජය පියවර ගෙන ඇති අතර එතෙක් උපත්පාලන ක්‍රම භාවිතා කරමින් හෝ ගැබ් ගැනීම පාලනය කරන ලෙස එරට ළමා රෝග ආසාදන පිළිබඳ වෛද්‍ය විශේෂඥ ඇන්ජලා රොවා කාන්තාවන්ගෙන් ඉල්ලා සිටි. බ්ර්රසිලයේ සිකා වෛරසය පිළිබඳව තහවුරුව ලබා ගත්තේ 2015 වසරේදීය. මේ වෙන විට ප්‍රාන්ත විස්සකින් සිකා රෝග වෛරසයෙන් ආසාදිත දරුවන් 2400 ක් පිළිබඳ වාර්තා ලැබේ. එයින් ප්‍රාන්ත 9 ක තත්වය ඉතා දරුණු ලෙසින් පැතිරී යන හෙයින් හදිසි නීතිය පවා පනවා
↧
387. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 26 - වියාචනය සමඟ පෙර නොකී කතා අසා……
"හුහ්..පැල්වෙහෙර පුතා තමයි..එහෙමත් බැරි පුතයෙක් නෙවෙයි ඕකා..මිනිස්සුන්ට අතට කීයක් හරි එන්ට ගත්තම ලැජ්ජාව බය සැක එහෙම්මම අමතකම වෙලා යනවනෙ පුතා" අප්පච්චි එහෙම කියල ආයම දික්සඟලා පුටුවෙ ඉඳගත්ත.
දවස් කීපෙකට පස්සෙ අප්පච්චි ගිහිල්ල පැල්වෙහෙර හම්බවෙලා කෙලින්ම මෙහෙම කියල "පැල්වෙහෙර මේ වැඩේ නැවත්තුවොත් හොඳයි. තමුන් ඕන වෙලඳාමක් කරගත්තට අපට කමක් නෑ. ඒත් අපේ ගෙදර අපිට නිදහසේ කණක් ඇහිල ඉන්ට
↧
Google Drive එකට නොමිලේ 2GB ලබා ගන්න
Safer Internet Day නිමිත්තෙන් Google එකෙන් Free Google Drive Space එකක් ලබා ගන්න පුලුවන්. මේක ලබා ගන්න ඔබේ Google ගිණුමේ security checkup dashboard වෙත ගිහිල්ලා security checkup සම්පූර්න අයට 2GB Google Drive Space එකක් නොමිලේ ලබා ගන්න පුලුවන්. ඔයත් මෙන්න මෙතනට ගිහිල්ලා https://security.google.com/settings/security/secureaccount security checkup එකක් කරලා නොමිලේ 2GB ගන්න. security checkup එක
↧
↧
ආතල් ගන්නවද?
ගිය සතියේ බස්සිගෙ කොලමෙන් ගෙනාවෙ "අකාල වර්ණනාව" ගැන. ඉතින් මේ සතියෙ බස්සි කතාකරන්න හිතුවෙ -අකාල වර්ණනාවේ- නිවුන් සහෝදරී කියලා කියන්න පුළුවන්, ඒ තරමටම හානිදායක වන -දෙන්නං බැටේ විවේචන- ගැන.ජීවිතේ යංග් කාර්තුව කියන්නේ අපිව අඹලා, කපලා, ඔපදමලා සිරා වැඩිහිටියෙක් විදියට සමාජෙට තල්ලු කරන්න තියෙන අන්තිම චාන්ස් එක. වර්ණනාවත්, ප්‍රශංසාවත්, විචාරයත්, විවේචනයත් මේ ක්‍රියාවලියට බොහොම වැදගත්වෙන උපකරණ. හැබැයි දැලි පිහියෙන් කිරි කන්න වගේම බෙල්ල කපන්නත් පුළුවන් බව අමතක කරන්න හොඳ නෑ!අපි උදාහරණෙකට ගනිමු ටියුෂන් ක්ලාස් එකේ සගයෙක්. පොර අවුරුද්දක, දෙකක ඉඳන් කිසිම ක්‍රීඩාවකට සහභාගි වෙන්නෙ නෑ. බඩ පැලෙන්න කනවා. කාල බීලා ක්ලාස් එකේ පිටිපස්සෙ පේලියට වෙලා ගොරොද්දෙ ඇද ඇද නිදාගන්නවා.සමහර එවුන් අර ළමයට -බඩ තඩියා- කියල නමක් දානවා. ඊට පස්සෙ පොර නිදාගෙන ඉන්නකොට පිටේ -බඩ තඩියා- කියල ලියපු කොලයක් අලවනවා. ඊට පස්සෙ ඒකෙ පින්තූරයක් අරන් ෆේස්බුක් හරි ඉන්ස්ටාග්‍රෑම් හරි අප්ලෝඩ් කරනවා. -බඩා හෙවත් බඩ තඩියා- කියල කැප්ෂන් කරනවා. ඉන් පස්සෙ ඊට යටින් කමෙන්ටු ගණනාවකින් බනිනවා, උසුළු විසුළු කරනවා, හිනාවෙනවා.එහෙමත් නැත්නම් පොර අමාරුවෙන් බඩ ගෙඩිය උස්සගෙන ක්ලාස් එකේ එහා මෙහා යද්දි කකුල් පූට්ටු දානවා. පාරෙ යද්දි හයියෙන් හූ කියනවා.එහෙම අයගෙන් ඇහුවොත් ඒකට හේතුව මොකක්ද කියලා බොහොම ආඩම්බරෙන් උත්තර දෙන්නේ, "ඒ යකාව හදාගන්නයි අපි මෙහෙම කරන්නේ" කියලයි. ඒත් පොඩ්ඩක් නැවතිල්ලේ හිතන්න. ඔබ ඔය කරන දේවල්වලින්, ඔබේ රහස් කසුකුසුවලින් තවත් මනුස්සයෙක්ගේ ජීවිතයක් දිරදිරා යනවනම් ඒකට ඔබ වගකියනවද? අනුන්ගේ ජීවිත තියෙන්නේ -දෙන්නං බැටේ ගේම්-වලින් ආතල් ගන්නද?නමුත් සමහරු, බොහොම අඩු ප්රතිශතයක සමහරු ඉන්නවා එයාගෙ කරට අත දාල -මොකක්ද මචං ප්‍රශ්ණෙ?- කියල අහන. සමහර විට -බඩ තඩියා- ජීවිතේ එපා වෙච්ච නියුට්‍රල් මූඩ් එකෙන් ඉන්නෙ බූට් කේස් එකක් නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මිනිහට අවලාද කියන එකෙක් මිනිහ ගැන ඉස්කෝලෙට කියපු බොරු කේලමක් නිසා වෙන්නත් පුළුවන්. අපි නොදන්න ගොඩක් කතා ඒ ඇතුලෙ තියෙන්නට පුළුවන්.ඒ වගේ කෙනෙක්ට ඇත්තටම උදව් කරන්න. ඌව හදාගන්න ඕනෙ තමයි. පොරට තනියම උපදෙස් දෙන්න. ඔව්, තදින් කතා කරන්න. ජිම් එකට, ග්‍රවුන්ඩ් එකට එයාව ඇදගෙන යන්න. තමන්ගෙ ටීම් එකට අරගෙන පොර සෙල්ලම් කරද්දි චියර් කරන්න. ක්ලාස් එකේදි පොරට නින්ද යනකොට වැලමිටෙන් ඇනල ඇහැරවන්න.තමන්ගේ කල්ලිය අතරෙ බැබලෙන්න හිතාගෙන තව මනුස්සයෙක්ගෙ ජීවිතේට "දෙන්නං බැටේ!" කියනවට වඩා කොයිතරම් ලස්සනද අගාධෙට වැටෙන්න යන කෙනෙක්ට අත දීලා උඩට ඇදල ගන්න
↧
වාෂ්ප දුම්රිය වසර 15කට පසු උඩරටට යයි
ලෝකයේ රටවල් 10 ක ඡායාරූප ශිල්පීන් 41 දෙනෙකුගේ සමන්විතව පසුගිය (01 දා) කොළඹ කොටුවෙන් ගමන් ආරම්භකළ වාෂ්ප දුම්රියේ දින 7ක චාරිකාව අද (07දා) අවසන් කෙරිණි.ජර්මනිය,ස්විස්ටර්ලන්තය, බෙල්ජියම,ස්කොට්ලන්තය , එංගලන්තය, ජපානය , නෙදර්ලන්තය , ප්‍රංශය ,කැනඩාව , ඔස්ට්‍රියාව යන රටවල සංචාරකයෝමෙම සංචාරක කණ්ඩායමට ඇතුළත් වූහ.වාෂ්ප බලයෙන් මෙම දුම්රිය ධාවනය වූ අතර උඩරට දුම්රිය මාර්ගයේ මෙම දුම්රිය ධාවනය වූයේ වසර 15 කට පසුව බව දුම්රිය නියාමක බී.එස්.එච්.ඒ. රාජපක්ෂ මහතා පැවසීය.පේරාදෙණිය - බදුල්ල දුම්රිය දිස්ත්‍රික් ප්‍රධාන දුම්රිය මාර්ග පරීක්ෂක ආනන්ද කරුණාරත්න මහතාගේ අධික්ෂණය මත සාමාන්‍ය දුම්රිය ධාවනයට බාධාවක් නොවන අයුරින් මෙම දුම්රිය ධාවනය විය.දුම්රිය මග දෙපස විශාල පිරිසක් මෙම දුම්රිය දැක බලා ගැනීමට රැස්ව සිටියහ.( පාලිත ආරියවංශ ) 2016-02-07www.ada.lk
www.dunhinda.com by Pulasthi
↧
BBQ Sambal Stingray at Chomp Chomp Food Centre
There’s a lot of wonderful food to eat in Singapore. But one of the dishes that I can’t get enough of...
The post BBQ Sambal Stingray at Chomp Chomp Food Centre appeared first on Migrationology - Food Travel Blog.
↧