Quantcast
Channel: Lankeeya sithuwili
Viewing all articles
Browse latest Browse all 13000

කරන්ට්‌ එකෙන් ගණන් හැදීම

$
0
0
අපි ඔබට කරන්ට්‌ වදින ජාතියේ කතාවක්‌ කියන්නම්. ගණිත පාඩම්වල නිරතවන සිසුන්ගේ මොළය හරහා ඉතා තුනී විද්යුත් ධාරාවන් යෑවීමෙන් ඔවුන්ගේ ක්‍ෂමතාව ඒ මොහොතේදී පස්‌ ගුණයකින් වැඩි වන බව එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ පසුගියදා සොයා ගත්තා. ඒ සඳහා පර්යේෂණ කිරීමට ඔවුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 51 දෙනෙක්‌ යොදා ගත්තා. මේ දරුවන් ගණන් පාඩමක්‌ උගෙනිමින් සිටියදී ඔවුන්ගේ මොළය හරහා තුනී විදුලි දහරාවක්‌ යෑවීම සිදුවුණා. ඒ බලපෑමට ලක්‌වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මතකය සුරක්‍ෂිතව තිබුණා. එතෙක්‌ අමතකව තිබූ ඇතැම් ගණිතමය සුත්‍ර ඔවුන්ට ක්‍ෂණිකව මතක්‌ වුණා. ගණන් විෂයට දුර්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මේ ක්‍රමවේදය අනාගතයේදී පාවිච්චි කිරීමට ඔක්‌ස්‌ෆර්ඩ් පර්යේෂක කණ්‌ඩායම සූදානමින් සිටිනවා. විද්‍යාඥයන් කියන්නේ විදුලිය මගින් උද්දීපනය කළ විට මොළයේ සෛල අතර ඔක්‌සිජන් ගමනාගමනය ඉතා හොඳින් සිදුවන බවයි. අප අතර සිටින සෑම පස්‌ දෙනකුගෙන්ම එක්‌ අයකු අංක ගණිතයට දුර්වලයි. සෑම 15 දෙනකුගෙන්ම එක්‌ අයෙක්‌ ගණන් එකතු කිරීමට දුර්වලයි. මේ සියල්ල සුව කරගන්නට වැය වන්නේ විනාඩි 20 ක විදුලි ප්‍රතිකාගාරයක්‌ පමණයි. කෙසේ වුවද මේ ක්‍රමය කොතරම් දුරට චාර්යාත්මකද යන ප්‍රශ්නය නැගී තිබෙනවා.

Viewing all articles
Browse latest Browse all 13000

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>