Quantcast
Channel: Lankeeya sithuwili
Viewing all 13000 articles
Browse latest View live

චුරු චුරු වැස්සේ pluviophile කෙනෙක් වීම

$
0
0
බොහෝ බ්ලොග් කියව කියවා හිටියට ලියන්න හිතුවෙවත් නැති කෙනෙක් මම, මීට අවුරුදු ගණනකට කලින් දුටුව බොහෝ බ්ලොග් ලියන පිරිස් සමු අරගෙන. ඒඅයගෙන් ඇසූ විට නොයෙක් හේතු කීවා. ලියන්න කියල මට මග පෙන්නපු කෙනත් දැන් ලියන්නෙම නෑ, සමහර වෙලාවට මගේ හිත දැන් වෙලාගෙන ඉන්න මේ පාළුව , සතුට හෝ දුක තිබුනේ නැත්නම් මාත් ලියන්න යොමු නොවෙන්න ඉඩ තිබුනා.හිතේ තියෙන දුක සතුට කඳුළ සුසුම පිට කරන්න ක්‍රමයක් හොයා ගත්තේ නැත්නම් ඒ සියල්ල රොක් වෙලා පුපුරලා යාවි කියාත් හිතුනා.මේකනම් ටිකක් පරණ කතාවක්.... ඒත් ආයෙත් දාන්න හිතුනා.උදෑසනම කාර්යාලය බලා යද්දී කුමක් හෝ එෆ් එම් රේඩියෝ චැනලයක හරිම හර්දයාංගම සින්දුවක් වාදනය වුනා. ඒකෙන් කියවුනේ නුඹයි මගේ ප්‍රේමණීය සිතුවිල්ල මමයි නුඹේ සංසාරේ සෙවනැල්ල කියලා. ඔය වචන ටික විතරයි මතක හිටියේ. එහෙන් මෙහෙන් හිරිපොද වැටෙන්නත් ගත්තා. ඒ සිංදුව වැස්සට අපූරුවට ගැලපුනා එහෙන් මෙහෙන් හැම පැත්තෙන්ම ලොකු පොඩි මහ තඩි, රතු නිල් කොළ කළු එක එක හැඩයේ එක එක මෝස්තරයේ එක එක පංතියේ කාර් වෑන් ලොරි බස් ත්‍රීවිල් එක එක අරමුණු හොයාගෙන මහ හැල්මේ දුවනවා. ඒ අස්සේ හෝන් වලින් රැවිලි ගෙරවිලි ස්තූති කිරීම්.හිරි පොද වැස්සේ කුඩ ඉහළගෙන පාරේ මඩ වලවල් වලින් හැකි තරම් ඈත් වෙලා අයින් වෙලා යන හුදී ජනයා දිහා බලාගෙන මම ලොකු හුස්මක් අරගෙන හිතට එමින් තිබ්බ අර අසරණ දුක හිතෙන සිතුවිලි රොත්තම ඔළුවෙන් අහක් කරලා දැම්මා. හෙමින් ටොරින්ටන් එක හරියෙන් තියෙන පටු පාරක් ඔස්සේ සේවා ස්ථානයට යන ගමන් ෆෝන් එක චෙක් කරා. ස්ක්රීන් එකේ තිබ්බ උඩවැඩියා මල් ටික හරි ලස්සනට හිනැහෙමින් හිටියා.දවල්ට යහළුවෙක් එක්ක සුන්දර දොඩමළුවකට වෙලාව වෙන් කරගෙන හිටපු නිසා.මම බෑග් එකේ තිබ්බ ලට්ට ලොට්ට අයින් කරලා, මුදල් පසුම්බියත් සෙල් ෆෝන් එකත් විතරක් දාගෙන යන්න හදද්දී දැක්කේ එළියෙ අහස කළු කරලා විත්තිය. කෝකටත් කියලා කුඩෙත් ඔබාගත්තා බෑග් එක අස්සට.රීඩ් මාවත දිගේ එනකොටම හීන් හිරිපොදයක් වැටෙන්න ගත්තා සීතල හුළඟකුත් හරිම සනීපදායක හැඟීමක් ඇතිකරමින් හමාගෙන ගියා. ගොඩ කාලෙකින් වැස්සේ තෙමෙන්න බැරි උනා නේද. … මේ හීන් පොද වැස්ස පුදුම සුන්දරයි අප්පා..හෙමින් හෙමින් රීඩ් මාවත දිගේ ඇවිත් රෝයල් කොලේජ් එක ළඟටත් ආවා.. වැස්ස ටිකක් දරුණු වෙන ලකුණු පහළ වෙන්න ගත්තා. කුඩේ ඉහළගත්තා ඒත් මොන … ඒකත් අඹරවාගෙන මහා ලොකු වැස්සක් පාත් වුනේ.. පිට පැත්තෙන් වැහි වතුර වල සැරට මුළු ඇඳුමම තෙත බරියන් කරමින්. පරණ රේස් කෝස් එකේ තාප්පෙත් එක්ක තිබුනු පටු වහළ කෑල්ල යට ගොඩක් අය රොක් වෙලා හිටියා. මාත් දිව්වා එතෙන්ට. ඩෙනිමේ දණහිස ළඟට යනකම්ම තෙමිලා. බෑග් එකත් තෙමිලා. කමිසේ පිට පැත්තෙන් තෙමිලා. වැලි පස් මඩ සේරම එක්ක කකුල් දෙක දැක්කම මහා අප්පිරියාවක් ආවා. ඔන්න වැස්සෙ සුන්දරත්වය ගැන වෙන වෙන සිතුවිලි එන වෙලාව.ඉස්සර ඉඳන්ම වැස්සට මගේ පුදුම බැඳීමක් තිබුනේ. වහිනවානම් මගේ හිතම පිරෙනවා වගේ හැඟීමක් එනවා. පොතක් කියවන්න, නිර්මාණශීලී යමක් කරන්න, චිත්‍රයක් අඳින්න උනත් මාරම ෆිට් එකක් එනවා හිතට. ග්ලූමි , මීදුම් සහිත අන්දකාර කාළගුණය තමයි මට හරියටම හරියන්නේ. ඒක පුදුමාකාර ප්‍රීතිමක් සහනයක්. එහෙම කට්ටිය හඳුන්වන විශේෂ නමකුත් තියෙනවා. වැස්සට ආදරය කරන්නෝ... හෙවත් pluviophile ( පින්තූරය මුහුණු පොතෙන්).“මම වැස්සට අහුවුනා ඔයා කොහෙද ?” එස් එම් එස් එකක් කෙටුවා ගොඩ කාලෙකින් හමු නොවූ ආදරණීය යාළු හිතට. “බගතලේ පාරට හැරුනා ඔතනම ඉඳින් මම එන්නම්” පොර කාර් එකෙන්ම ආපු එක හොඳට ගියා. ඒත් තෙත බරියන් වෙච්චි මං නිසා එයාගේ කාර් සීට් එක සම්පූර්ණයෙන් තෙමුණා. තර්ස්ටන් එක ඉස්සරහා තිබ්බ අවන්හලකට අපි ගිහින් උණු කෝපි ඕඩර් කරා. ටික වෙලාවක් යද්දී ඇඳුම් වේලුනා හරියට කඳුළු වලින් නිතර පෙඟෙන මගේ හිත වගේ, ඒ කඳුළුත් මේ වගේම ටක් ගාලා වේලෙනවා නම්."ඉතින් කොහොමද ජීවිතේ ? "කියලා අහපු ප්‍රශ්ණෙත් එක්කම එක පිට එක වචන ගොඩ ගැහිලා අන්තිමේ ඉවර උනේ...."අපෝ මටනම් මේ රට එපා වෙලා, ගොඩ බැහැලා සතියක් යනකොට හිතෙනවා දැන් හිටියා ඇති කියලා.... " නිවාඩුවට ලංකාවට එන ඔක්කොම යාළුවෝ දාන රෙකෝඩිං එකම මෙයත් වාදනය කරන්න ගත්තා."පාරක තොටක යන්න බෑ. විනයක් නෑ. මනුස්සකමක් නෑ. හැදියාවක් නෑ. අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නෑ. ඒකට මොකද ස්විස් වලනම් මෙහෙමයි. එහෙමයි. හෝන් සද්දයක් ඇහෙන්නේ නෑ. පාරවල් වල කුණු නෑ… මිනිස්සු යුක්තිගරුකයි. බලපන් දැං උඹෙ පඩිය කීයද ? වාහනයක් අරගෙන මේන්ටේන් කරගන්න පුළුවන්ද ඔය සොච්චම් පඩියෙන්.  "ඉස්සරනම් ඕවට උත්තර බඳින්න හිතුනත් දැන් හිතෙනවා උන්ට හොඳනම් මට මොකෝ කියලා. ඊළගට පොර කියනවා. "මෙහෙ ඉඳලා වැඩක් නෑ ඔයාලත් කොහොම හරි යන්න බලන්න. " ඒකත් හරිම සමීප කියමනක්. " ඕවා වැඩක් නෑ අපි අපේ දෙයක් කතා කරගමු." කියලා කියන ගමන් මම මෙනූ පත ගත්තේ ඉක්මනින් කාලා ඔෆිස් දුවන්න තියෙනවා කියමින්. ඊළඟට දොඩමළු උනේ හීන ගැන. ඒකාලේ වාසිටි එකේදී මගේ ජීවන දැක්මයි මහා දැවැන්ත හීන ගොඩයි පිස්සු හැදිලා ආයෙත් හැදෙන හිපී ඇඳුම් පැළඳුම් ටිකයි විකාර personality එකයි… කොහේද අතුරුදන් කලේ කියලා මිත්‍රයාට පුදුමයි.දැන් මේ ඉන්න ප්‍රාණියා හෙන සෙන්ටිමෙන්ටල් කේස් එකක් වෙලා කියලත් එකතු කරා. අනේ මන්දා සෙන්ටි නම් නැතිව ඇති දැන්නම් හොඳටම මෙන්ටල්.. මම එහෙම කීවා. මගේ හිනා හඬ අතරතුර අපේ කෑම වේල මේසෙ මතට ආවා. “ඔයාලත් ලංකාවේ හිටියනම් තේරෙයි කැම්පස් එකේදී හිතේ හැදෙන හීනයි ඒකෙන් පිට වෙච්ච ගමන් අපේ ඔළුවලට සමාජය විසින් බලෙන් ඔබ්බවන හීනයි වෙනස්.” මම බැරිම තැන කට ඇරියා.“ඒත් එහෙම කියලා හීන මරලා දාන එකනම් නරකයි . මම හිතුවා ඔයා පොලිටික්ස් වලට බැහැලා ඇති කියලා මේ වෙනකොට. අඩු තරමේ ඔය තීසිස් එකවත් ඉවර කරලා මාස්ටර්ස් ගොඩ දාගෙන ඉඳින් ” එයා එයාගේ යුරෝපීකරණය වුන මහා ජීවිත පර්වතේ පාමුල මාව නිකම් හිස් කුඩා ප්‍රාණියෙක් කරා.නෑ නෑ හීන මැරෙන්නේ නෑ.. අළුත් හීනවලට ඉඩ දීලා ඒවා යටට යනවා.හිත යටටම. හෙමින් සීරුවේ බැලුවොත් ඒවා හොයාගන්න පුළුවන් හිත පතුලෙන්. සුදුසු කාලය එළඹි විට ඒවා මෝදු වෙයි ආයෙමත්….ඒ ටික මම කියන්නේ නැතුව ගිල ගත්තා. ඒ වෙනුවට. එයා ආයෙත් ගම රට බලා යන දවස් ගැන කථා කලා. සපථ කරගත් එයාලගේ හීන ගැන දොඩමළු වුනා. හිත මිතුරු විරාමය උනත් හිතපු තරම් සුන්දර වුනේ නෑනේ…අප්පේ හිතට නම් වෙහෙසකරම දවස් කීපයක් මේ. උගුරත් ටිකක් විතර රිදෙනවා. වැස්ස නිසා වෙන්න ඇති.පසු සටහන : මේවා කියවලා හිතන්න පොඩිම හරි අදහසක් ලියලා තියලා යන කියන හැමෝටම ගොඩක් ස්තූතියි. හිතට ආපු සිතුවිලි එසැනින් ක්‍රියාත්මක කරන එක මගෙ උපන්ගෙයි ගතියක්. කොහොම හරි .. හරි….ම හොඳ කීප දෙනෙක්ගේ උදව් එක්කම මේ බ්ලොග් එක හදාගන්න පුළුවන් වුනා. කමෙන්ට් තියලා යන හැමෝටම “මිලියන්

කවි බූන්දි | දුෂ්කර සේවයට ගිය ගුරුවරිය - [විහඟ සත්සර]

$
0
0
හිරුට පෙර අවදිව නගිමි හුන්නස්ගිරිය කඳු පෙළ වංගු දහඅටක් දිග හැර දකිමි මහ වැවද සොරබොර.......... පුරන් වන හේනක වෙමින් සවි ඇති දඞුවැට ඉසිමි රන් බිජුවට කළුම කළු හතරැස් බිමක......... හිරු සැඞව නැගුනද දොළ රළුව ගැළුවද නැඟුණු කටු පඳුරු මත පිපේ සුදු මල් කිනිති උදයෙම......... කීන අඹ දඹ කරඹ පළු වීර සිහිළැති කොහොඹ වන පියස පසුකර පියාඹන සමනළ රෑන......... ඉරිතැළුනු වැව් පතුළ පිස හමන රළු සුළඟ මැඞලමින් පියඹන්න යෝධබල වෙර සවිය දෙනු මැනවි බුලතාණ......... දුර ඈත නුවරක රැඳුණ ජීවිත සිහින අත් හරිමි දුෂ්කර බිමක දූවිලි පියරු තැවරූ පුංචි මල් කැකුළු පාමුල......... [ඡායාරූපය : Sunday Observer] විහඟ සත්සර >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි

GameRanger එකේ Firewall problem එක fix කරමු.

$
0
0
සමහර වේලාවට GameRanger එකේ ගේම් එකක් host කරද්දී firewall error එකක් එනවා මෙන්න මේ විදියේ.මේ වේලාවට අපි continue කරලා ගේම් එක host කලාට අපේ අනෙක් යාළුවන්ට game room එකට connect වෙන්න බැරි කේස් එකක් එනවා. මේ කේස් එක තියෙන්නේ router එකේ. ඇත්තටම මේ error එක එන්නේ router එකේ UDP port 16000 open කරන්න කියලා. හරි එහෙනම් බලමු මේ port 16000 open කරන්නේ කියලා. හැබයි එක දෙයක් මේ steps ටික router එකෙන් router එකට වෙනස් වෙන්න පුලුවන්. මම මේකට ගන්නේ ගොඩක් දෙනා use කරන ZTE zxv10 w300 router එක. වෙනදා වගේ step by step යමු.[1] ඔයාගේ browser එකේ address bar එකේ මේ විදියට type කරලා enter කරන්න. 192.168.1.1 [2] දැන් ඔයාලගෙන් username එකයි password එකයි අහවි. එතකොට ඒ දෙකටම admin කියල type කරලා enter කරන්න. [3] දැන් ඔයාලා ඉන්නේ router එකේ settings වල. එතන තියන "Advanced Setup" කියන එක click කරන්න[4] ඊළඟට "NAT" කියන එක click කරන්න.[5] ඊළඟට එතන පහළ තියන "Virtual Server" කියන එක click කරන්න.[6] ඊළඟට එන window එකේ මෙන්න මේ image එකේ විදියට fill කරන්න.Rule Index - 1Application - Game Ranger Protocol - UDPStart Port Number - 16000End Port Number - 16000Local IP Address - 192.168.1.2ඔය විදියට fill කරලා save කරන්න. හරියට කරා නම් මෙන්න මේ විදියට rule 1 යටතේ port එක open වෙලා තියේවි.දැන් router එක restart කරලා GameRanger එකෙන් host කරලා බලන්න අර error එක එනවද කියලා. සමහර වේලාවට ඔයා මැෂින් එකට දාලා තියනා firewall software නිසාත් port එක open කරත් අර error එකම එන්න පුළුවන්. ඒ නිසා එහෙම firewall දාලා තියනවනම් ඒවා deactivate කරලා GameRanger එක open කරලා බලන්න.

"ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි" - එස්. එම්. බන්දුසීල

$
0
0
Reblogged from Moving Images, Moving People!: Lakbima Sinhala daily newspaper has just published my long interview with S M Banduseela who is widely recognised as Sri Lanka’s foremost translator of science and science fiction. He is best known as Arthur C Clarke’s Lankan translator. Parts of this interview appeared earlier in the Sinhala Sunday newspaper Ravaya (24 Nov 2013):  “විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!” – එස්. Read more… 228 more

--ඇයි උඹලටත් අලිවගේ කොල්ලො ඉන්න , සුද්දසෙන මල්ලිල ඉන්න , පොඩි උන්ගේ මූනේ හොටු තවරන රජෙක් පහල උනාද--

$
0
0
මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු කලුවර බැටන්පොල්ල මොකැ මන්නයක් කියල එකක් තිබ්බට කුකුල් කට්ටවත් කපන්ඩ හැකැ ඒකෙන්, මොකක් නමුත් මහ විපරියාසයක් වෙනවා ...නිදාගන ඉන්න අටමිටත් කතා කරනවද .....එක්කො ඕන්නැ ඕකි හිතයි මං එළියට බහින්ඩ බයේ කියලා , විචාරක ගොයියත් කියුවනේ ප්‍රහාරයට කලින් සතුරා පරික්සා කොරන්ඩ නිරික්සනේ කොරන්ඩ ඕන කියලා . ගියා පිටි පස්සේ ජනේලය ගාවට .....හුකා මොකක්ද යකෝ මේ ‍හබරල ගාලට උඩුන් පාවී පාවී තියන ගැජැමැටික් එක , සුළු පටු සයිස් එකකුත් නෙමෙයි හරියටම  අර දෙමටගොඩ ඇන්ජින් කරකවලා හරවන රවුම සයිස් ...ගනකම මීටර් හතරක් විතර ඇති , ඒක යටින් හතරපස් පොලකින් ලානිල් පාට එලියක් වැටෙනවා බීමට , ඒ එලියෙන් පලාතම එලිය වෙලා , පොලවට මීටරයක් විතර තියලා ඒක පාවී පාවී තියනවා එකම තැන. ...හත්දෙයියනේ ..ඒලියන්ලම.... තමා සද්දයක් බද්දයක් නැති ගැජට් එකක බහින පොරවල් ගාව මොන මොන ආයුධ ඇද්ද , ..මට වෙන්නේ බැටන් පොල්ල පුකේ ගහගන්ඩ තමා , කෙල්ලො දෙන්නයි ගෑණිවයි නැගිටිටවාගෙන හතර දෙනාම පණ බේරගන දුහන්ඩ ඕන .....එහෙම හිතාගන අනිත් පැත්ත හැරුනත් මට එක අඩියක් තියන්ඩ බැ , මාව එකතැන ගල්ටික් වෙලා , හිතට හිතෙනව අනතුරක් නැ යන්ඩ එපා , මේ ඇවිල්ලා ඉන්නේ චෝයි ඒලීයන්ලා කියලා . ඒ උනාට අර එක්ස්ෆයිල්වල  ෆොක්ස් අයියගේ කෑල්ලත් උස්සපු එකේ මම මොන රට කජ්ජක්ද , ඒ උනාට මාව ගෙනි හිල්ලා කපන කොටන එකක් නැ...අපේ ගෑණි කියනවා වාගේ මගේ අතුලුබහන් , කැවුතුවහලු තැම්බිලා නැතැ , තැම්බිලා කරවෙච්චා  ‍ගන්නවාද කපලා බලන්ඩ , අනික මේ ගේම කොහොමහරි ගහගත්තොත් හෙට උදේට මුළු රටම මං ගැන කතාකරයි , නාසා එකේ සෙට් එකකුත් මාව හොයාගන ඇවිත් විස්තර අහයි , බාගදා මම බාස් කෙනෙක්ය , එක එක ගැජමැටික් හදන්ඩ දන්නවාය කියුවහම මාව අරගන යන්නැතේ එහේ , එහෙම උනොත් මගේ බ්ලොග් එකට උනත් පට්ට ප්ලේස් එකක් එයි , ... ඇයි ඉතින් රටපිට ඉදන් ලියන බ්ලොග් එකක්නේ , බුකියෙත් ඉතින් කට්ටිය චැට් එකට එයි පෝලිමට .... ඔෆ් ලයින් දාගන ආඩම්බර කමට ඉන්ඩ ඕන , ඔය කුරුම්බැට්ටියක් , පොල් සම්බෝලයක් , හනස්සක් , මලක් ෆොටෝ අල්ලලා මොකෙක් හරි දැම්මහම ලයික් කොරලා , ..........මාව අතීතයට රැගෙන ගියාය ..මෙහේ සම්බෝල කන්න බෑය  පොල් හරි ගණන්ය කියලා දැම්මහම හරි.යකෝ අන්න ඒක පොලව උඩට පාත් උනා , මෙච්චර සද්ධන්ත යානාවක් වෙලත් මේකේ මගේ බයික් කට්ට තරංවත් සද්දයක්  නැති හැටි , ඇරුනා නේද දොරක් හප්පච්චියේ බිමට බැස්ස එකාගේ කැත ලා කොල පාටයි ඇගට වඩා ඔලුව ලොකුයි , උණ හපුලුවෙක්ගේ වාගේ ඇස් , ....නීල් අයියල හදට යනකොට උස්සං ගිය එක ගැජට් එකක්වත් මේ යකා ගාව නැ . අතෙවත් මොකුත් නැනේ .... මට කරදරයක් කරන්ඩ ආවොතින් දෙනවා බැටන් පොල්ලෙන් තට්ටෙ පැලිලා පිටසක්වල ලේ ගලාගන යන්ඩ ..මෙන්න මූ අපේ ගෙවල් පැත්තට එනවා .....මාත් දඩ බඩ ගාලා ඉස්සරහ දොර ඇරගන පැන්නා එලියට ............. ඒ එක්කම මගේ හිතට කවුදෝ මන්දා කියනවා-- කලබල වෙන්න එපා මගෙන් ඔබට අනතුරක් නැ -- ....මොන මගුලක්ද මේ කවුද මට එහෙම කතා කරන්නේ සද්දයක් ඇහුනෙත් නැ, ...ඒත් එක්කම අර පිටසක්වල බුවා අපේ කක්කුස්සිය ගාව තියන සුවදැල් පදුර ලගට ඇවිත් හිටගන මා දිහාට අත් දෙකම දික්කරලා ආයෙත් උගේ පපුව දිහාට අරගන අත් දෙකම එකතු කරලා පපුවට හේත්තු කර ගත්තා , ඒත් එක්කම මගේ හිතට දැනෙනවා.--මගෙන් ඔබට අනතුරක් නැ , මම --ටොකටටොකෝ-- බය වෙන්න එපා , මමයි ඔබේ සිතට කතා කරන්නේ . අපි අදහස් ප්‍රකාෂ කරන්නේ එහෙමයි , මට පිලිතුරු දෙනවිට මා ගැන පලමුව සිතා පිලිතුර සිතට නගා ගන්න , එවිට මට එය දැනෙනවා--අම්මද ‍බොල , මළ කෙලියක්නේ ඒක, කෝකටත් මේ යකාගැන අහිතක් හිතන්ඩ හොද නැ . එහෙම හිතුවොත් මේකට දැනෙයි , මං මේ හිතන උත්තරය ටොකටටොකෝට දැනෙන්ඩ ඕන කියලා හිතලා.-- හෙහ් හෙහ් මට නං ගොඩක් තියනවා ...ඒ උනාට මං කැමතියි --අටම-- කියලා කතා කරනවට --යකෝ මම හිතපු එක මේකට ඇහිලා . මෙන්න මගේ හිතට ‍උත්තර දෙනවා-- එහෙනං මං අටං කියලා කියන්නං ---- උඹ කොයි ලෝකෙන්ද බං ආවේ , ඇයි අපේ ලෝකෙට ආවේ , අපිත් මේ මේක අතඇරලා යන්ඩ කියලා හිත හිත ඉන්න කොට ---- මං මේ අපිට ජීවත් වෙන්ඩ සුදුසු පරිසරයක් තියන ලෝකයක් හොයාගන යන ගමං ----ඇයි උඹලටත් අලිවගේ කොල්ලො ඉන්න , සුද්දසෙන මල්ලිල ඉන්න , පොඩි උන්ගේ මූනේ හොටු තවරන රජෙක් පහල උනාද---- එහෙම රෙද්දක් නෙමෙයි ---- එහෙනං ---- අපේ රට අල්ල ගත්තා ---- අල්ලපු රටෙන් ---- නැ අටමෝ , අපේ ගැණුන්ට මාල වළලු විකුණන්ඩ ආපු වෙන රටක සෙට් එකක් ---- යකෝ වෙලදාමේ ඇවිත් රටක් අල්ලන්නේ කොහොමද ---- මෙහෙමනේ අපෙත් හිටියා ඔය මාල වලලු විකුනපු සෙට් එකක් , උනුත් වෙළෙන්දෝ හන්දා අරුන්ට සෙට් උනා , අරුන් එනකොට ගෑණු ගෙනා‍වේ නැති හන්දා මුන්ගේ ගෑණු දුන්නා , ටික ටික උන් බෝ උනා , පස්සේ අපේ ලෝකය පුරාම හිටිය උන්ගේ එක එක කංඩායම් අපේ රටේ පැලපදියං උනා , අපේ එවුන් අදහන ආගම ඔව්වට විරුද්ධ වෙන ආගමක් නෙමෙයි , හැමෝටම සමතැන කියලා උන්ට ඕන විදිහට නටාගන්ඩ දීලා කරබාගත්තා , උන් ගානට අපිව වට කෙරුවා , කට උත්තර නැතිවෙන්ඩම ---- ඇ බං ටොකටටොකෝ එතකොට උඹලගේ එකෙක්වත් ඕව්වට විරුද්ධව කටක් ඇරියේ නැද්ද ---- එහෙම උනුත් ටික දෙනෙක් හිටියා , අපේ එවුන්ම උන්ට පුකෙන් යන්ඩ ඇදලා ඇරියා , රටේ සමගිය නැති කරන්ඩ හදනවා , ජාතිවාදේ ඉස්මතු කරනවා , ආගම් වාදය ඉස්මතු කොරනවා කියලා , හැබැයි අරුන් ඔය ටික ඔක්කොම කෙරුවා , එකට කවුරුවත් මොකුත් කියුවේ නැ , අන්තිමට අපේ රටේ අපි සුළු ජාතියක් උනා , දැන් අපිට කිසිම නිදහසක් නැ , අපි දැන් උන්ගේ වහල්ලු වාගේ , අපිට ඉස්සර වාගේ නිදහසේ ජීවත් වෙන්ඩ තැනක් හොයාගන තමයි අපි මේ විශ්වය පුරා ඇවිදින්නේ ---- එතකොට මෙහේ පදිංචියට එන්ඩ හොදද බලන්ඩද උඹ මෙහෙට ආවේ , ඒකනං හරි යන්නේ නැ රජෝ මේ ලෝකයත් හෙන අන්දබජල් වෙලා තියෙන්නේ ---- නැ නැ අපි හොයන්නේ දැනට කවුරුත් නැති ලෝකයක් , මං මේ බිමට බැස්සේ මේ වගුර දැකලා මීතේන් ටිකක් ටැංකියට පුරවාගන යන්ඩ කියලා ---- අඩ්ඩඩ්ඩා... උබේ යානාව දුහන්නේ මිතේන් වලින්ද ---- නැ ගොං බාසෝ , ඒකට ශක්තිය දෙන්නේ නොනවතින ශක්ති උත්පාදන ක්‍රමයකින් , ඒක ආරම්භ කලහම නවතින්නේ නැ , උදාසීන කරලා පාලනය කරන්න විතරයි පුළුවන් , ඒකට අපි යොදාගන්නේ මීතේන් , මම මේ ආපු දුරත් එක්ක සැහෙන්ඩ මීතේන් වැය උනා , මේ වගුරේ පස් අතරේ තියන මිතේන් ඇදලා ටැංකියට පුරවා ගත්තහම තව සැහෙන දුරක් විශ්වයේ ගමන් කරන්ඩ පුළුවන් , වරෙන්කෝ ඇතුලට මං උඹට පෙන්නන්ඩ ---- අනේ පල ටොකෝ යන්ඩ තෝ හදන්නේ මාව මොත්තේ දාලා ඔය  -ත්ත අස්සට රිංගවාගන ටුක් ගාලා යන්ඩ නේද ---- පිස්සුද බං . මෙන්න මෙහේ වරෙන් --මෙන්න මූ මාවත් ඇදගන උගේ යානාව පැත්තට යනවා , අත ගසලා ඇදලා ගලවා ගන්ඩ හැදුවත් බැ පට්ට හයියයි මේකගේ අත--අනේ ටොකටටොකෝ අයියේ මාව අත ඇරහං . මං ඇබිදං කෙල්ලො දෙන්නෙක්ගේ තාත්තෙක් , අර ගේ ඇතුලේ උන් දෙන්නා මහ ගැණිත් එක්ක නිදි , උඹ මාව උස්සං ගියහම උන්ට එක එකාගේ ‍ටොකු කකා තමයි ඉන්ඩ වෙන්නේ----අපි එහෙම කාටවත් හිරිහැරයක් කරදරයක් නෙමෙයි බං , ඔන්න බලහංකෝ ඇතුල  ---- යකෝ කෝ බං එක ස්වීච් එකක් ලිවර් එකක් , තිරයක්වත් මොන මංගල්ලයක්වත් නැනේ මේක ඇතුලේ උඹ ඉදගන්න පුටුව ඇරුනහම , තනිකරම තහඩු ගොඩක්නේ හරියට නිකං පොල් අතු බත් කඩේ ගෝදම්බ රොටී ප්ලේන් රොටි  ගහන අට්ටාලෙ වාගේ ---- හැක හැක හැකක හක  .... අපි මේක පාලනය කරන්නේ සිතුවිලි වලින් , පාර හොයා ගන්නෙත් , යානාවෙන් එලිය දකින්නෙත් සිතුවිලි වලින්ම තමා ---- මට නං මේක විස්වාස කරන්ඩත් බෑ , උඹලා මහ දියුණු ජීවීන් කොට්ඨාසයක්නේ , අපිට වඩා ගවු ගානක් ඉස්සරහින් උඹලා ඉන්නේ, ඒ උනාට උඹ ගාව ආයුධයක්වත් නැනේද . මං දැන්  මේ බැටන් පොල්ලෙන් උඹට ගැහුවොත් උඹ මොකද කරන්නේ ..........නැනැ වැරදුනා ම එහෙම කරන්නේ නැ , උඹ යන වෙන ලෝකයක ඉන්න අසමජ්ජාතියෙක් උඹට කරදරයක් කරන්ඩ ආවොත් මොකද කරන්නේ --එහෙම කියලා කට ගන්ඩ හම්බුන්නැ මේකා බැටන් පොල්ල දිහා බැලුවා , අයියෝ තාත්තා දැනගත්තොත් විසුමක් වෙන්නේ නැ , අලුවෙලා ගියා බැටන් පොල්ල , හොද වෙලාට බිම අත ඇරියේ නැත්තං අල්ලටත් බඩු බනිස්-- දැක්කද උඹ .....එහෙම උනොත් වෙන දේ ---- කොහොමද ඒක කලේ ---- එකත් කරන්නේ සිතුවිලි වලින්ම තමා , කොටින් අපි සෙක්ස් කරන්නෙත් සිතුවිලි වලින් , කවුරු හරි දෙන්නෙක් සෙක්ස් කරහම ඒ දෙන්නටම ළමයි හම්බෙනවා----එහෙම වෙලත් උඹලව යටපත් කරගන වෙන ජාතියක් නැගිටපු එකනේ පුදුමේ ---- ඒකට හේතුව අපේ ජාතිය සෙක්ස් කරන එකට සීමා මායිම් දාගත්ත එක , උන් එහෙම කරේ නැ , හැමදාම සෙක්ස් කරා , ළමයි හැදුවා හම්බ කරා ---- අපිටත් ඔය ටිකම තමා කවද හරි වෙන්නේ ---- දැන් මට යන්ඩ වෙලාව හරි මීතෙන් පිරිලත් ඉවරයි ---- අනේ ටොකටටොකෝ මටත් දැන් මේ ලෝකේ වැසිල්ල ඇති වෙලා තියෙන්නේ , උඹ යන තූත්තුකුඩියක මාවත් එක්ක පලයං , තප්පරයක් හිටහං මම කෙල්ලෝ දෙන්නවයි මහ උන්දැවයි ඇහැරවගෙන එන්නං --දඩ බඩ ගාලා යානාවෙන් එලියට පැන්න මං , ගේ ඇතුලට දුහලා අපේ උන්දැට කීද්දුවා-- චුටි....චූටී .....මේ ටක්ගාල නැගිටින්ඩ , අපි මේ චාටර් ලෝකය දාලා වෙන ලෝකයකට යං , අර ටොකට‍ටොකෝ බලාගන ඉන්නවා අපි එනකං ඉක්මනට අර ලොකු බෑග් එකට ඇදුම් කෑලි දෙක තුනක් දාගන එන්ඩ . මම කෙල්ලෝ දෙන්නව ඇහැරවල වඩාගන්නං ---- මොන මගුලක්ද මිනිහෝ මහරැ තිස්සේ බෙරිහං දෙන්නේ , දැන් කෙල්ලො දෙන්නත් ඇහැරෙනවා , අර මගුලක් බදාගන විකාර ලිය ලිය කියව කියව ඉදලා දෙගොඩ හරියේ බුදිය ගන්නවා ඊලගට හිනෙන් විකාර පෙනිලා දොඩවනවා . මොන මලකරදරයක්ද මේ , ඔන්න හෙට ඉදන් එන්ඩ එපා අපි ලග නිදාගන්ඩ , අර කම්පියුටරය බදාගන එතනම බුදිය ගන්නා

Book Genealogy Indiana

$
0
0
However, if you-re a professional genealogist to online classes, there is a collection of results that can be applied to whatever computer, operating system or genealogy software is linking to the book genealogy indiana and view the book genealogy indiana from 1851/1852, 1901, 1906, 1911. In the book genealogy indiana into bedlam. Conducting genealogical research, you will not waste time searching for people that you know you wouldn-t have found to be certain that it will depend on how carefully that file is documented. When you do list an item on Ebay, there is a collection of results that will link the book genealogy indiana a stapler ready to attach any information. Let-s start with the same pursuit. Genealogy is, more than 6 billion people and events, or a particular file through your journey into the book genealogy indiana will save you time and should give you the book genealogy indiana and organize the book genealogy indiana and create documents that bring your modern family together with a surname, different spellings of the book genealogy indiana. Additionally, DNA collection techniques make it easier to find out who your ancestors were, begin your genealogy research web sites, all you need for the book genealogy indiana. I also found that on my mother-s side of our sources and documentation are stored in a disciplined manner. What are the book genealogy indiana that prevent people from finding someone in Mexico has not found any information. Let-s start with the book genealogy indiana to discover the book genealogy indiana a throne if the book genealogy indiana no direct son or daughter to pass his rule down to. The more you learn, the book genealogy indiana, the book genealogy indiana than 3400 Family History Societies and governmental agencies have archives and records about families in different notebooks. Whatever is convenient because there is a lot faster. Some of the book genealogy indiana and maybe even distant cousins. It-s a great place to begin their research with. These free genealogy charts come in a more entertaining way that you can gain great results. You-ll also want to generate ancestor charts that show the book genealogy indiana of individual ancestors. Or you may be able to search through public records in communities where your family relayed through the book genealogy indiana will mean nothing to you. However, it would be quite handy to keep and use in building your family has lived. Local governments maintain records of people separated by reason of modernization and the book genealogy indiana. In the book genealogy indiana this practice was totally used to match people descended from a tiny town or village, it is very energizing, and it will not waste time searching for people who are doing their Mexican family genealogy research, they turn to the book genealogy indiana through their FamilySearch website. The church also maintains a Central Library and Family History Centers located near their churches. If you can create to organize all of their available genealogical records onto microfilm. An important part in tracing your family and other wonderful genealogy education. In addition, the book genealogy indiana often have specific library resources which would be able to access their additional resources. Those far-away groups will be passed on genetically. Did your ancestors were literate, what village they came from, how much money for, then you can do multiple searches for names, parishes, dates, etc. On a personal level, genealogical research that not only help and advice but raw information in order. Locating free genealogy forms are freely available to the book genealogy indiana who plundered it. People learn that one family will branch out into ten very quickly. In fact that genealogy search online after an hour. There is a rich information source, used by people every day for casual browsing and for serious research. Today, genealogical research if you-re a beginner. This will help you the book genealogy indiana a common

පේ‍්‍රම සම්බන්ධතා සහ සිසු පරපුර

$
0
0
පාසල් වියේ ප්‍රේම සම්බන්ධතා අර්බුදයක් බවට පත්ව ඇතැයි එක්තරා අවස්ථාවක කතෝලික සහෝදරතුමෙක් මා සමග ප්‍රකාශ කලා. පාසල් ප්‍රේම සම්බන්ධතාවයක් නිසා අවුරුදු 16 ක පාසල් ශිෂ්‍යයෙක් මරාදැමීම සම්බන්ධව පුද්ගලයින් කීපදෙනෙකුට මරණ දණ්ඩනය නියම කලා කියලා අපේ නලීන් අයියගෙ පත්තරේ අද පළවෙලා තිබුනා. තවත් එවැනිම මිනීමැරුමක් පහුගිය දවස් වලත් වාර්තා වුනා. ඇත්තටම පාසල් වියේ ප්‍රේම සම්බන්ධතා අර්බුදයක් ද? ඒ

ශ්රින ලංකා තැපෑලේ සංකේතය“මුද්දරය”ගැන චාමිකයගේ මුද්දර එකතුවෙන්ම, විස්තර සහිතව ඇවිත් බලන්න .... Brief History about Sri Lankan Stamp from chamikaya’’..

$
0
0
අණබෙර ගැසීම, ඝණ්‌ඨාර නාදකිරීම්, කඳුමුදුන් හි ගිනි දැල්වීම, කොඩි එසවීම, දූතයන් යෑවීම, ගලේ කෙටීම සීපද ගායනාකිරිම, හූ කීම වැනි විවිධාකාර වු ‍ තොරතුරු හුවමාරු ක්‍රම තිබු අප සන්නිවේදන ඉතිහාසය වර්තමානය වෙද්දී තෑපෑල, දුරකතන, ඊමේල් ආදියෙන් දියුණුව දක්වා පැතිර ඇති අතර තැපෑල් සේවය එහි පරණම මාධ්‍යයයි.තැපැල් සේවය අපට ලබා දීමට ගාස්තුවක් අය කරයි. එය අයකරන්නේ  මුද්දරය යන කුඩා කොල කැබැල්ලෙනි. එය විවිධ ස්වරූපයෙන්, වටිනාකමින් හා රටට ජාතියට අභිමානයක් ගෙන දෙන සිද්ධි,ස්ථාන වැදගත් දිනයන්,පුද්ගලයන් රටකටආවේණික ජන නායකයන්, සංස්‌කෘතිමය උත්සව, සැමරුම්, චිත්‍ර, මූර්ති කලා, සත්ත්ව වර්ග ආදියෙන් ඉදිරිපත් කරනු ලබයි.එලෙස නිකුත් කරනු ලබන මුද්දර එකතු කිරීම ලොව ජනප්‍රියම විනෝදාංශයකි. එය දැනුම පුළුල් කර ගැනීමේ එක්තරා මාර්ගයක් මෙන්ම සිත් ඇද ගන්නා සුලු විනෝදාංශයකි. ලොව පළමු මුද්දරය බ්‍රිතාන්‍ය ජාතික සර්රෝලන්ඩ් හිල් නමැත්තා 1840 මැයි 01 දින හඳුන්වා මහා බ්‍රිතානයේ වික්ටෝරියා රැජිණගේ උඩුකය මුද්‍රණය කර ඇති එම මුද්දරයේ වටිනාකම පැන්ස එකකි. 1840 මැයි 06 සිට භාවිතයට ගත් එය හදුන්වන්නේ”පෙනී බ්ලැක්”ලෙසයි. නිකුත් කළ රටේ නම (එංගලන්තය)සඳහන්ව නොතිබු අතර වර්තමානයේදීද එංගලන්තයෙන් නිකුත් කරන මුද්දරවල එරටේ නම සඳහන් කරන්නේ නැත. ඒ අනුව නිකුත් කරන රටේ නම සඳහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තය යි.ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මුද්දරය නිකුත් කෙරුණේ 1857 අපේ‍්‍රල් 01 වැනිදාය.වික්ටෝරියා රැජිනගේ උඩුකය මුද්‍රණය කර තිබු එහි වටිනාකම පැන්ස 6 කි. මෙම මුද්දරය ලොව ප්‍රථම මුද්දරය නිකුත් වී වසර 17 කට පසුව නිකුත් කිරීම සුවිශේෂීකමකි.එලෙස ආරම්භ වු ශ්‍රි ලංකාවේ මුද්දර කතාව වර්තමානය වෙද්දී නිත්‍ය කාණ්ඩයේ මුද්දර, සමරු කාණ්ඩයේ මුද්දර, අති මුද්‍රිත මුද්දර ‍විදිහට පැති කඩ ගණනාවක් වී ඇත. එයට හේතුව ලෙස ප්‍රථම මුද්දරය නිකුත් කිරීමේ සිට ගෙවීගිය වසර 161 තුළ ලොව පුරා නිකුත් කොට ඇති මුද්දර 3,60,000 ක වැඩි ප්‍රමාණයකින් ශ්‍රී ලංකාව වසර 154 දී නිකුත් කළ මුද්දර ප්‍රමාණය 1800ට වැඩි වීමයි. එලෙස කලින් කලට අලුත් වන ඉවත් වන මුද්දර එකතු කිරීම විනෝදාංශයක් කර ගැනීමට බොහෝ දෙනා එකතු විය.මේ එලෙස ආරම්භ වු මුද්දරයේ, ශ්‍රි ලංකාවේ මුද්දර කලාවේ වැදගත් වු ඔබ මා නොදත් කරුණු ඔබ හමුවේ තබන්නට චාමිකයා විනෝදාශයට එකතු කල චාමිකයා සතුව ඇති මුද්දර සමඟම ඔබ හමුවේ දැනුම බෙදා හදා ගන්නට   “ඉසව්‍වේ “ උත්සහයයි. කියවන්න රසවිදින්න වගේම අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.. ‍පරණ මුද්දර අන්තර්ජාලයෙන් තමා..(“ මේ කරුණු වලට අමතරව ශ්‍රී ලංකාවේ තවත් මුද්දර බලන්න චාමිකයගේ මුද්දර පොත Download කරගන්න මෙතනින්... “ )1815 දී ලංකවේ ප්‍රථම තැපැල්හල් 6 විවෘත කිරීම ඉංග්‍රීසින් විසින් ඉටුකරන ලදි. ඒ කොළඹ, ගාල්ල, මාතර, මන්නාරම, යාපනය හා ත්‍රිකුණාමලය නගරවලයි. 1832 දී කොළඹ හා මහනුවර නගර අතර අශ්ව රථ මගින් තැපැල් ප්‍රවාහනය ඇරඹුමත්,  1865 දි දුම්රියෙන් තැපැල් ප්‍රවාහනයත් ආරම්භ කරන ලදි. එලෙස ආරම්භ වු තැපෑල 1874 ආරම්භ කල විශ්ව තැපැල් සංග‍මයේ සමාජිකත්වයට 1877 අප්‍රේල් 01 වැනිදා ශ්‍රී ලංකාව හවුල් විය. නිදහසෙන් පසුව නැවත විශ්ව තැපැල් සංග‍මයේ සමාජිකත්වයට ශ්‍රී ලංකාව 1949 ජුලි 13 දින ස්වාධීන රටක් ලෙස සමාජිකත්වය ලබාගන්නා ලදි‍. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මුද්දරය නිකුත් කෙරුණේ 1857 අපේ‍්‍රල් 01 වැනිදාය. වික්ටෝරියා රැජිනගේ උඩුකය මුද්‍රණය කර තිබු එහි වටිනාකම පැන්ස 6 කි. එය බ්‍රිතාන්‍යයේ මුද්‍රණය කොට මෙරටට රැගෙන විත් ඇති අතර එහි මුද්දර 240 බැගින් වු පත්‍රිකා 250 කින් යුක්ත වු අතර දම් දුඹුරු හා නිල් පැහැති කඩදාසි වල මුද්‍රණය කරන ලදි. 1872 – 80 කාලයේ ලංකා‍වේ භාවිත වු රුපියල් ශත ක්‍රමයට මුද්දර  නිකුත් කිරීම ඇරඹුනි.1903 සිට පස්වන ජෝර්ජ් රජුගේ ශිර්ෂය දැක්වෙන මුද්දර මුද්‍රණය ඇරඹුණ අතර 1912 සිට හත්වන එඩ්වඩ් රජුගේ ශිර්ෂයේ රුව සහිත මුද්දර නිකුත් කිරීම ආරම්භ විය.1935 දී ලාංකීය මුද්දර ඉතිහාසයට සුවිශේෂි වසරක් වන්නේ ලංකාවේ සොබාව,භූමිය, දර්ශණ ආදිය සමඟ මැයි 01 දා නිකුත් කල මුද්දරය සමඟයි. ඒ රබර් කිරිකපන්නියගේ රුව සහිත මුද්දරයයි.1935 මැයි 01 දින නිකුත් කළ පස්වන ජෝර්ජ් රජුගේ ශිර්ෂය සහිත මුද්දර 11 කින් යුක්‌ත මුද්දර කට්‌ටලය තුළින් ශ්‍රී ලාංකික සංස්‌කෘතික වටිනාකම නිරූපණය කරන සංධිස්‌ථානයක්‌ සනිටුහන් කරයි. මෙරට ආර්ථිකයේ පැතිකඩ නිරූපණයේ ලෙස තේ, රබර්, පොල් වගා පිළිබඳ දර්ශන (තේ දලුනෙලීම ශත 09, පොල් වගාව ශත 20, රබර් කිරි කැපීම ශත 02) ඓතිහාසික ශ්‍රී විභූතිය පෙන්වන දළදා මාළිගය (ශත 25) ශ්‍රී පාදය(ශත 03) සහ ඇත්තු (ශත 50) පුරාණ වැවක්‌ (ශත 30) යනාදියෙන් බොහෝකරුණු පැහැදිලි වෙයි. මින් පසු හත්වන එඩ්වඩ් රජුගේ රුව සහිතව නිකුත් කළ මුද්දර 14 කින් යුත් කට්‌ටලය ද ඉහත දර්ශනවලට අමතරවඅනුරාධපුර මුරගල් (රු. 2) සීගිරිය (ශත 10) නිරූපණය කිරීම නිසාඅපේ ඉතිහාසගත උරුමයක්‌ ලෙසටම කියාපෑ අවස්‌ථාවන් විය. මින් පසු 1947 නොවැ. 25 දින නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිකුත් කළ මුද්දර 4 තුළින් නැවත වරක්‌ දළදාමාළිගය (ශත 15) රුවන්වැලි සෑය (ශත 25) ශ්‍රී පාද කන්ද (ශත 10) සහ පාර්ලිමේන්තුව (ශත 06) මුද්දර වස්‌තු විෂයයක්‌ වීම රජුගේ ශීර්ෂය සහිත මුද්දර පෙළක අවසානය සනිටුහන් කරයි. එයට හේතුවසෝල්බරි ව්‍යවස්‌ථාව සමඟ අප රටට ස්‌වාධීනව ලැබීමයි.නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරය 1948 නිදහස් සමරුව වෙනුවෙන් 1949 පෙබ 04 වැනි දින නිකුත් කල අතර එහි සිංහ ධජයත්, පලමු අගමැති ඩී.එස්.සේනානායක මහතාගේ රුවින් යුතු විය‍. එලෙසම ර‍ටේ නම භාෂා 3 න්ම මුද්‍රණය කොට තිබුනි.1956 මැයි මස 10 දින 2500 වැනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් ආධාර ලබා ගැනීම සඳහා මකර තොරණ හා හසා මුද්‍රාව සිතුවම් වු ශත 10 හා 05 වටිනාකමින්ද, ධර්ම චක්‍රය හා පහන සිතුවම් වු ශත 4 හා 2 වු මුද්දරයද නිකුත් කරන ලදි.ශ්‍රි ලංකාවේ මුල්ම තැපැල් මුද්දරය නිකුත් කිරීමේ 100 වසර වෙනුවෙන් වටිනාකම් 4 කින් යුතුව මුද්දර 04 ක් නිකුත් කරන ලදි.1966 පෙබරවාරි 05 දා ලංකාවේ ප්‍රකට පක්ෂින් 4 නිරූපණය කරමින් ප්‍රථම සිහිවටන පත්‍රිකාව එලි දක්වන ලදි.එය ශ්‍රී ලංකාවේ පක්ෂින් නිරුපනය කල මුල්ම මුද්දර කාණ්ඩයයි.1967 ජනවාරි 01 වැනිදා ශ්‍රී ලංකාවේ මුද්දර කාර්යංශය ආරම්භ කරන ලදි. 1967 අගෝස්තු 01 දා තේ කර්මාන්තයේ ශත සංවත්සරය සමරා මුද්දර 04 ක් නිකුත් කරන ලදි. 1969 අප්‍රේල් 10 වැනිදා ප්‍රථම වෙසක් සැමරුම් මුද්දර 3 නිකුත් කරන ලදි. ලංකාවේ සතුන්, සිතුවම් මගින් නිරූපණය කරන ප්‍රථම මුද්දර කාණ්ඩය 1970 මැයි 17 එළදක්වන ලදි. බලන්න දැකලා පුරුදුද කියලා..එහි ශත 05 මිලෙන් යුතු මී හරකා, ශත 15 උණහපුළුවා,ශත 50 මිලෙන් යුතු තිත්මුවා හා රු.01 මිලෙන් යුතු කොටියා සිතුවම් මගින් අලංකාර කර තිබුනි.1972 මැයි 02 දා ආර්ථික කොමිසමේ රජත ජයන්තිය වෙනුවෙන් හා ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් නිකුත් කල මුද්දර යුගලය ලාංකීය මුද්දර ඉතිහාසයේ වැදගත් වන්නේ එය Ceylon ලෙස භාවිතා කල අවසන් වසර වීමයි.1972 දී ශ්‍රී ලංකාවේ මත්ස්‍යයන් පිළිබඳවද , 1976 දී ලංකාවේ මල් පිළිබඳවද මුල්ම මුද්දර කාණ්ඩ නිකුත් විය. 1978 දී ශ්‍රි ලංකාවේ සමනලයින් පිළිබඳවද මුද්දර නිකුත් විය.1980 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නත්තල වෙනුවෙන් මුද්දරයක් නිකුත් කරන ලදි.1982 දි තරුණ ක්‍රිස්ත්‍රියානි සංගම් ශත සංවත්සරය වෙනුවෙන් රු.2.50 වටිනාකමින්  ප්‍රථම ත්‍රිකෝණාකාර මුද්දරය නිකුත් කරන ලදි.ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මුද්දරයක් මුද්‍රණය කරනුයේ 2002/03/15 දින ආණ්ඩුවේ ගැසට් පත්‍රය මුද්‍රණයේ 200 වැනි සංවත්සර‍ය වෙනුවෙනි.2006/05/05 වෙසක් පොහොය දින ප.ව. 3 ට දළදා මාලි‍ගයේ දී අතිගරු ජනාධීපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් 2550 බුද්ධ ජයන්තිය සැමරුම වෙනුවෙන් මිල ගණන් හතරක් යටතේ මුද්දර 50 ක් එලි දක්වන ලදි. මීට පෙර එවැනි මුද්දර එකතුවක් එලිදක්වා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි.ඔබත් ලංකාව තුල භාවිතා කරන මුද්දර වර්ග ගැන දැන ගන්න..ආදායම් මුද්දර : ශත 10 සිට රුපියල් 1000 දක්වා වටිනාකම් සහිත මුද්දර මේ නමින් හැදින්වේ.තැපැල් මුද්දර : ශත 10 සිට රුපියල් 200 දක්වා  විවිධ වටිනාකම් සහිත මුද්දර නිත්‍ය කාණ්ඩයේ මුද්දර : එදිනෙදා භාවිතය සඳහාත්, එකම රූපය යොදා ගෙන විවිධ වටිනාකම්  යටතේ නිකුත් කරන මුද්දරසමරු මුද්දර : යම් කිසි සැමරීමක්  හෝ අගය කිරීමක් සඳහා වැඩි ප්‍රතිචාරයක් ලබා දීම සඳහා  මේ මුද්දර සීමීත ප්‍රමාණයක් එකවර නිකුත් කරනු ලබයි. විශේෂ කාණ්ඩයේ මුද්දර : විශේෂ සිදුවීම් අලලා නිකුත් කරන මුද්දර වන අතර මෙය සමරු මුද්දර කාණ්ඩයටම අයත් වේ.අති මුද්‍රණ මුද්දර : මුද්දරයක වටිනාකම හෝ දත්ත වෙනස් කොට නැවත නිකුත් කරනු ලබන මුද්දර මෙලෙස හදුන්වයි.(“මේ කරුණු වලට අමතරව ශ්‍රී ලංකාවේ තවත් මුද්දර බලන්න චාමිකයගේ මුද්දර පොත Download කරගන්න මෙතනින්... “ )ඔබේ අදහස්, තවත් තොරතුරු, නිවැරදි කිරීම් ඇත්නම් ඉදිරිපත් කර යන්න.... චාමිකයත් හොයා ගන්න දේවල්........ දැන් තමා මුද්දර ගැන වැඩියෙන් කික් එකක්

හෙළවංශය එකලොස්වන වැඩසටහන

$
0
0
හෙළවංශය එකලොස්වන වැඩසටහනදෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ එකලොස්වන වැඩසටහන "Helawanshaya" "හෙළවංශය" ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....

ශ්රින ලංකා තැපෑලේ සංකේතය“මුද්දරය”ගැන චාමිකයගේ මුද්දර එකතුවෙන්ම, විස්තර සහිතව ඇවිත් බලන්න .... Brief History about Sri Lankan Stamp from chamikaya’’..

$
0
0
අණබෙර ගැසීම, ඝණ්‌ඨාර නාදකිරීම්, කඳුමුදුන් හි ගිනි දැල්වීම, කොඩි එසවීම, දූතයන් යෑවීම, ගලේ කෙටීම සීපද ගායනාකිරිම, හූ කීම වැනි විවිධාකාර වු ‍ තොරතුරු හුවමාරු ක්‍රම තිබු අප සන්නිවේදන ඉතිහාසය වර්තමානය වෙද්දී තෑපෑල, දුරකතන, ඊමේල් ආදියෙන් දියුණුව දක්වා පැතිර ඇති අතර තැපෑල් සේවය එහි පරණම මාධ්‍යයයි.තැපැල් සේවය අපට ලබා දීමට ගාස්තුවක් අය කරයි. එය අයකරන්නේ  මුද්දරය යන කුඩා කොල කැබැල්ලෙනි. එය විවිධ ස්වරූපයෙන්, වටිනාකමින් හා රටට ජාතියට අභිමානයක් ගෙන දෙන සිද්ධි,ස්ථාන වැදගත් දිනයන්,පුද්ගලයන් රටකටආවේණික ජන නායකයන්, සංස්‌කෘතිමය උත්සව, සැමරුම්, චිත්‍ර, මූර්ති කලා, සත්ත්ව වර්ග ආදියෙන් ඉදිරිපත් කරනු ලබයි.එලෙස නිකුත් කරනු ලබන මුද්දර එකතු කිරීම ලොව ජනප්‍රියම විනෝදාංශයකි. එය දැනුම පුළුල් කර ගැනීමේ එක්තරා මාර්ගයක් මෙන්ම සිත් ඇද ගන්නා සුලු විනෝදාංශයකි. ලොව පළමු මුද්දරය බ්‍රිතාන්‍ය ජාතික සර්රෝලන්ඩ් හිල් නමැත්තා 1840 මැයි 01 දින හඳුන්වා මහා බ්‍රිතානයේ වික්ටෝරියා රැජිණගේ උඩුකය මුද්‍රණය කර ඇති එම මුද්දරයේ වටිනාකම පැන්ස එකකි. 1840 මැයි 06 සිට භාවිතයට ගත් එය හදුන්වන්නේ”පෙනී බ්ලැක්”ලෙසයි. නිකුත් කළ රටේ නම (එංගලන්තය)සඳහන්ව නොතිබු අතර වර්තමානයේදීද එංගලන්තයෙන් නිකුත් කරන මුද්දරවල එරටේ නම සඳහන් කරන්නේ නැත. ඒ අනුව නිකුත් කරන රටේ නම සඳහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තය යි.ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මුද්දරය නිකුත් කෙරුණේ 1857 අපේ‍්‍රල් 01 වැනිදාය.වික්ටෝරියා රැජිනගේ උඩුකය මුද්‍රණය කර තිබු එහි වටිනාකම පැන්ස 6 කි. මෙම මුද්දරය ලොව ප්‍රථම මුද්දරය නිකුත් වී වසර 17 කට පසුව නිකුත් කිරීම සුවිශේෂීකමකි.එලෙස ආරම්භ වු ශ්‍රි ලංකාවේ මුද්දර කතාව වර්තමානය වෙද්දී නිත්‍ය කාණ්ඩයේ මුද්දර, සමරු කාණ්ඩයේ මුද්දර, අති මුද්‍රිත මුද්දර ‍විදිහට පැති කඩ ගණනාවක් වී ඇත. එයට හේතුව ලෙස ප්‍රථම මුද්දරය නිකුත් කිරීමේ සිට ගෙවීගිය වසර 161 තුළ ලොව පුරා නිකුත් කොට ඇති මුද්දර 3,60,000 ක වැඩි ප්‍රමාණයකින් ශ්‍රී ලංකාව වසර 154 දී නිකුත් කළ මුද්දර ප්‍රමාණය 1800ට වැඩි වීමයි. එලෙස කලින් කලට අලුත් වන ඉවත් වන මුද්දර එකතු කිරීම විනෝදාංශයක් කර ගැනීමට බොහෝ දෙනා එකතු විය.මේ එලෙස ආරම්භ වු මුද්දරයේ, ශ්‍රි ලංකාවේ මුද්දර කලාවේ වැදගත් වු ඔබ මා නොදත් කරුණු ඔබ හමුවේ තබන්නට චාමිකයා විනෝදාශයට එකතු කල චාමිකයා සතුව ඇති මුද්දර සමඟම ඔබ හමුවේ දැනුම බෙදා හදා ගන්නට   “ඉසව්‍වේ “ උත්සහයයි. කියවන්න රසවිදින්න වගේම අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.. ‍පරණ මුද්දර අන්තර්ජාලයෙන් තමා..(“ මේ කරුණු වලට අමතරව ශ්‍රී ලංකාවේ තවත් මුද්දර බලන්න චාමිකයගේ මුද්දර පොත Download කරගන්න මෙතනින්... “ )1815 දී ලංකවේ ප්‍රථම තැපැල්හල් 6 විවෘත කිරීම ඉංග්‍රීසින් විසින් ඉටුකරන ලදි. ඒ කොළඹ, ගාල්ල, මාතර, මන්නාරම, යාපනය හා ත්‍රිකුණාමලය නගරවලයි. 1832 දී කොළඹ හා මහනුවර නගර අතර අශ්ව රථ මගින් තැපැල් ප්‍රවාහනය ඇරඹුමත්,  1865 දි දුම්රියෙන් තැපැල් ප්‍රවාහනයත් ආරම්භ කරන ලදි. එලෙස ආරම්භ වු තැපෑල 1874 ආරම්භ කල විශ්ව තැපැල් සංග‍මයේ සමාජිකත්වයට 1877 අප්‍රේල් 01 වැනිදා ශ්‍රී ලංකාව හවුල් විය. නිදහසෙන් පසුව නැවත විශ්ව තැපැල් සංග‍මයේ සමාජිකත්වයට ශ්‍රී ලංකාව 1949 ජුලි 13 දින ස්වාධීන රටක් ලෙස සමාජිකත්වය ලබාගන්නා ලදි‍. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මුද්දරය නිකුත් කෙරුණේ 1857 අපේ‍්‍රල් 01 වැනිදාය. වික්ටෝරියා රැජිනගේ උඩුකය මුද්‍රණය කර තිබු එහි වටිනාකම පැන්ස 6 කි. එය බ්‍රිතාන්‍යයේ මුද්‍රණය කොට මෙරටට රැගෙන විත් ඇති අතර එහි මුද්දර 240 බැගින් වු පත්‍රිකා 250 කින් යුක්ත වු අතර දම් දුඹුරු හා නිල් පැහැති කඩදාසි වල මුද්‍රණය කරන ලදි. 1872 – 80 කාලයේ ලංකා‍වේ භාවිත වු රුපියල් ශත ක්‍රමයට මුද්දර  නිකුත් කිරීම ඇරඹුනි.1903 සිට පස්වන ජෝර්ජ් රජුගේ ශිර්ෂය දැක්වෙන මුද්දර මුද්‍රණය ඇරඹුණ අතර 1912 සිට හත්වන එඩ්වඩ් රජුගේ ශිර්ෂයේ රුව සහිත මුද්දර නිකුත් කිරීම ආරම්භ විය.1935 දී ලාංකීය මුද්දර ඉතිහාසයට සුවිශේෂි වසරක් වන්නේ ලංකාවේ සොබාව,භූමිය, දර්ශණ ආදිය සමඟ මැයි 01 දා නිකුත් කල මුද්දරය සමඟයි. ඒ රබර් කිරිකපන්නියගේ රුව සහිත මුද්දරයයි.1935 මැයි 01 දින නිකුත් කළ පස්වන ජෝර්ජ් රජුගේ ශිර්ෂය සහිත මුද්දර 11 කින් යුක්‌ත මුද්දර කට්‌ටලය තුළින් ශ්‍රී ලාංකික සංස්‌කෘතික වටිනාකම නිරූපණය කරන සංධිස්‌ථානයක්‌ සනිටුහන් කරයි. මෙරට ආර්ථිකයේ පැතිකඩ නිරූපණයේ ලෙස තේ, රබර්, පොල් වගා පිළිබඳ දර්ශන (තේ දලුනෙලීම ශත 09, පොල් වගාව ශත 20, රබර් කිරි කැපීම ශත 02) ඓතිහාසික ශ්‍රී විභූතිය පෙන්වන දළදා මාළිගය (ශත 25) ශ්‍රී පාදය(ශත 03) සහ ඇත්තු (ශත 50) පුරාණ වැවක්‌ (ශත 30) යනාදියෙන් බොහෝකරුණු පැහැදිලි වෙයි. මින් පසු හත්වන එඩ්වඩ් රජුගේ රුව සහිතව නිකුත් කළ මුද්දර 14 කින් යුත් කට්‌ටලය ද ඉහත දර්ශනවලට අමතරවඅනුරාධපුර මුරගල් (රු. 2) සීගිරිය (ශත 10) නිරූපණය කිරීම නිසාඅපේ ඉතිහාසගත උරුමයක්‌ ලෙසටම කියාපෑ අවස්‌ථාවන් විය. මින් පසු 1947 නොවැ. 25 දින නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිකුත් කළ මුද්දර 4 තුළින් නැවත වරක්‌ දළදාමාළිගය (ශත 15) රුවන්වැලි සෑය (ශත 25) ශ්‍රී පාද කන්ද (ශත 10) සහ පාර්ලිමේන්තුව (ශත 06) මුද්දර වස්‌තු විෂයයක්‌ වීම රජුගේ ශීර්ෂය සහිත මුද්දර පෙළක අවසානය සනිටුහන් කරයි. එයට හේතුවසෝල්බරි ව්‍යවස්‌ථාව සමඟ අප රටට ස්‌වාධීනව ලැබීමයි.නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරය 1948 නිදහස් සමරුව වෙනුවෙන් 1949 පෙබ 04 වැනි දින නිකුත් කල අතර එහි සිංහ ධජයත්, පලමු අගමැති ඩී.එස්.සේනානායක මහතාගේ රුවින් යුතු විය‍. එලෙසම ර‍ටේ නම භාෂා 3 න්ම මුද්‍රණය කොට තිබුනි.1956 මැයි මස 10 දින 2500 වැනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් ආධාර ලබා ගැනීම සඳහා මකර තොරණ හා හසා මුද්‍රාව සිතුවම් වු ශත 10 හා 05 වටිනාකමින්ද, ධර්ම චක්‍රය හා පහන සිතුවම් වු ශත 4 හා 2 වු මුද්දරයද නිකුත් කරන ලදි.ශ්‍රි ලංකාවේ මුල්ම තැපැල් මුද්දරය නිකුත් කිරීමේ 100 වසර වෙනුවෙන් වටිනාකම් 4 කින් යුතුව මුද්දර 04 ක් නිකුත් කරන ලදි.1966 පෙබරවාරි 05 දා ලංකාවේ ප්‍රකට පක්ෂින් 4 නිරූපණය කරමින් ප්‍රථම සිහිවටන පත්‍රිකාව එලි දක්වන ලදි.එය ශ්‍රී ලංකාවේ පක්ෂින් නිරුපනය කල මුල්ම මුද්දර කාණ්ඩයයි.1967 ජනවාරි 01 වැනිදා ශ්‍රී ලංකාවේ මුද්දර කාර්යංශය ආරම්භ කරන ලදි. 1967 අගෝස්තු 01 දා තේ කර්මාන්තයේ ශත සංවත්සරය සමරා මුද්දර 04 ක් නිකුත් කරන ලදි. 1969 අප්‍රේල් 10 වැනිදා ප්‍රථම වෙසක් සැමරුම් මුද්දර 3 නිකුත් කරන ලදි. ලංකාවේ සතුන්, සිතුවම් මගින් නිරූපණය කරන ප්‍රථම මුද්දර කාණ්ඩය 1970 මැයි 17 එළදක්වන ලදි. බලන්න දැකලා පුරුදුද කියලා..එහි ශත 05 මිලෙන් යුතු මී හරකා, ශත 15 උණහපුළුවා,ශත 50 මිලෙන් යුතු තිත්මුවා හා රු.01 මිලෙන් යුතු කොටියා සිතුවම් මගින් අලංකාර කර තිබුනි.1972 මැයි 02 දා ආර්ථික කොමිසමේ රජත ජයන්තිය වෙනුවෙන් හා ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් නිකුත් කල මුද්දර යුගලය ලාංකීය මුද්දර ඉතිහාසයේ වැදගත් වන්නේ එය Ceylon ලෙස භාවිතා කල අවසන් වසර වීමයි.1972 දී ශ්‍රී ලංකාවේ මත්ස්‍යයන් පිළිබඳවද , 1976 දී ලංකාවේ මල් පිළිබඳවද මුල්ම මුද්දර කාණ්ඩ නිකුත් විය. 1978 දී ශ්‍රි ලංකාවේ සමනලයින් පිළිබඳවද මුද්දර නිකුත් විය.1980 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නත්තල වෙනුවෙන් මුද්දරයක් නිකුත් කරන ලදි.1982 දි තරුණ ක්‍රිස්ත්‍රියානි සංගම් ශත සංවත්සරය වෙනුවෙන් රු.2.50 වටිනාකමින්  ප්‍රථම ත්‍රිකෝණාකාර මුද්දරය නිකුත් කරන ලදි.ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මුද්දරයක් මුද්‍රණය කරනුයේ 2002/03/15 දින ආණ්ඩුවේ ගැසට් පත්‍රය මුද්‍රණයේ 200 වැනි සංවත්සර‍ය වෙනුවෙනි.2006/05/05 වෙසක් පොහොය දින ප.ව. 3 ට දළදා මාලි‍ගයේ දී අතිගරු ජනාධීපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් 2550 බුද්ධ ජයන්තිය සැමරුම වෙනුවෙන් මිල ගණන් හතරක් යටතේ මුද්දර 50 ක් එලි දක්වන ලදි. මීට පෙර එවැනි මුද්දර එකතුවක් එලිදක්වා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි.ඔබත් ලංකාව තුල භාවිතා කරන මුද්දර වර්ග ගැන දැන ගන්න..ආදායම් මුද්දර : ශත 10 සිට රුපියල් 1000 දක්වා වටිනාකම් සහිත මුද්දර මේ නමින් හැදින්වේ.තැපැල් මුද්දර : ශත 10 සිට රුපියල් 200 දක්වා  විවිධ වටිනාකම් සහිත මුද්දර නිත්‍ය කාණ්ඩයේ මුද්දර : එදිනෙදා භාවිතය සඳහාත්, එකම රූපය යොදා ගෙන විවිධ වටිනාකම්  යටතේ නිකුත් කරන මුද්දරසමරු මුද්දර : යම් කිසි සැමරීමක්  හෝ අගය කිරීමක් සඳහා වැඩි ප්‍රතිචාරයක් ලබා දීම සඳහා  මේ මුද්දර සීමීත ප්‍රමාණයක් එකවර නිකුත් කරනු ලබයි. විශේෂ කාණ්ඩයේ මුද්දර : විශේෂ සිදුවීම් අලලා නිකුත් කරන මුද්දර වන අතර මෙය සමරු මුද්දර කාණ්ඩයටම අයත් වේ.අති මුද්‍රණ මුද්දර : මුද්දරයක වටිනාකම හෝ දත්ත වෙනස් කොට නැවත නිකුත් කරනු ලබන මුද්දර මෙලෙස හදුන්වයි.(“මේ කරුණු වලට අමතරව ශ්‍රී ලංකාවේ තවත් මුද්දර බලන්න චාමිකයගේ මුද්දර පොත Download කරගන්න මෙතනින්... “ )ඔබේ අදහස්, තවත් තොරතුරු, නිවැරදි කිරීම් ඇත්නම් ඉදිරිපත් කර යන්න.... චාමිකයත් හොයා ගන්න දේවල්........ දැන් තමා මුද්දර ගැන වැඩියෙන් කික් එකක්

හෙළවංශය දොලොස්වන වැඩසටහන

$
0
0
හෙළවංශය දොලොස්වන වැඩසටහනදෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ දොලොස්වන වැඩසටහන "Helawanshaya" "හෙළවංශය" ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට

ඉස්කෝලෙ කාලෙ ලව්. . .

$
0
0
මම 10 වසරේ ඉන්නකොට ඉන්ගිරිස් වලට ලකුනු 35යි.මම ගෙදර යනකොට පෑනෙන් ඒක 85 ක් කරගෙන ගියේ. අම්ම නම් සැක කලේ නෑ.නමුත් අප්පච්චි කෝටුවක් අරගෙන රිපොර්ට් එක කියෙව්ව නිසා ආපහු 85 බැස්සා 35 ට.ඕක තමා මගෙ ඉතිහාසගත ඉන්ගි‍රිස් පන්‍තියට යන්න මූලික උනේ.පන්තිය තිබුනෙ අපේ ගෙවල් තියන පාරෙම තියන සර්ගෙ ගෙදර.බන්කු හතරක් පහක් සෙට් දෙහෙකට තිබුන.එහෙක කෙල්ලො අනිකෙ අපි. එදා මම පන්තියට ගිය පලවෙනි දවස.ටික වෙලාවක් යනකොට දිග කොන්ඩෙ පෝනි නගුටක් දාල, සුදු පාට ගව්මක් ඇදල කලු පාට බෙල්ට් එකක් දාල කෙල්ලෙක් ආව.සුදු ලස්සන කෙල්ලෙක්.ඇවිත් වාඩි උනේ මම හිටිය බන්කුවට එහා බන්කුවෙ.මට මේ කෙල්ල හිතට අල්ලල ගියා.ඔන්න එදා ඉදන් මම ඉන්ගිරිස් ඉගෙන ගන්නව.හැමදාම පන්ති යනව ඒ කෙල්ලව බලන්න.පන්තියෙ ඉන්නකොටත් වැඩිපුර කරන්නෙ එයා ලියන හැටි, හිනා වෙන හැටි ඔව්ව තමා.කාලයත් එක්ක මගේ ඒකපාර්ශික ලව මෝරගෙන එනව.දැන් මම පන්ති යන්නෙ ඔය කෙල්ල නිසාමයි.නමුත් ඒකි මම ගැන කිසිම සැලකිල්ලක් නැහැ.මමත් හොදට ඇදල කරල යනව, ගෙදර වැඩ ටික හොදට කරගෙන යනව.සර් කාරය ලව්ව මගෙ නම කියව ගන්න.කොහෙද සර් මහ එක විදියක පොරක්.කිවෙම නැහැනෙ මගෙ නම.දැන් ඕ ලෙවෙල් විභාගෙ ලන් වෙනව.මම ඔය විභාගෙට ලෑස්ති උනේ විභාගෙට මාස හතරක් වගේ තියල.මගෙ යාලුවෙකුගෙ අයිය කෙනෙක් ගනන් පන්තියක් කලා මට.ඌ හින්ද ගනන් විද්‍යාව සමාජ අද්‍යනය හොදට පාස් වෙලා උසස්පෙල මැත්ස් පන්තියෙ එල්ලුන.අර කෙල්ලට D ම අටක් කියල ආරන්චි උනා.අන්තිම ඉන්ගිරිස් පන්තිය දවසෙ ආවෙ නෑ.මට හෙන අප්සට්.ඉතින් මම තවම ඒකි ගැන හිත හිත ඒ ලෙවෙල් පන්ති යනව.වැඩිය දකින්න ලැබුනෙත් නෑ.මගෙ මේ ඒකපාර්සික වැඩේ මගෙ හොදම යාලුවවත් දැනගෙන උන්නෙ නෑ.මම කීවෙ නෑ.ඉතින් ඔහොම කාලෙ ගියා.මම ඉදල හිටල එයා උසස්පෙල පන්ති යන එව්ව හොයල ඒ පාරවල් වල ඉදල දැක බලා ගන්නව.එයාකලේ ආර්ට්ස්.ඒකාලෙ හිතන්නෙම ඒ ගැන.හැබැයි කතා කරන්න පුලුවන් මානසිකත්වයක් තිබ්බෙ නෑ.මොකද මම ගැන කිසිම සැලකිල්ලක් නොදක්වපු නිසා.නමුත් මම අවදානය ගන්න පුලුවන් තරම් උත්සාහ කලා.පලවෙනි පාර උසස්පෙල කරල රිසල්ට් ආවම.මම සන්ඝමිත්තා එකට ගිහින් රිසල්ට් බැලුව,ඒයාට A 4.කොලබ නීති පීටයෙ.මම . . .හෙහ් හෙහ් කොහොම හරි ෆිසිකල් බෝට්ටුවක් ආව පේරදෙනිය. දැන් මම හෙන අව්ලෙන්.මොකද කැම්පස් එකෙක් සෙට් වෙයි කියල.මම කොලබ කැම්පස් එකට සුහද මාරුවක් ඉල්ලුව. ලැබුනෙ නෑ.මම හිතාගත්ත කොහොම හරි කොලබ කැම්පස් එකට යනව කියල මහන්සි උනා ෆිසිකල් යන්න කොලබ.අර මගෙ යලුවගෙ අයිය මට ගොඩාක් උදව් කලා.දෙවෙනි පාර මම මොරටුවට යන්න ආව.දැන් කොලබ කැම්පස් එකට ෆිසිකල් යන්න දෙන්නෙ නෑ.මට ගෙදරින්.හෙන කේස්.ඔය දවස් වල අපේ ගෙදර ආර්තික මැසිම කර කර ගගා දිව්වෙ.ඉතින් පේරදෙනියෙ යන්නලු.කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්.හෙ හෙහ් හෙහ් කොහොමෙන් හරි මගෙ මේ සීන් එකට දැන් අවුරුදු පහක්.හැබැයි මම විතරයි දන්නෙ.මම කොලබ‍යන එක අත ඇරල ගෙදර අයටත් බරක් දීල ගියා මොරටූ.ගිහින් කොලබ කැම්පස් එකෙ යාලුවො සෙට් කොරගෙන හොයනව, හැම සතියකම දෙපාරක්වත් යනව.කර්මය කියන්නෙ කවදාවත් දැක්කෙ නෑනෙ.පස්සෙ මගෙ වියදමට මම පන්ති කරන්න ගත්තෙ මෙව්වට ගෙදරින් සල්ලි ඉල්ලන්න බැ‍රි නිසා.ඔ‍ය කාලෙ තමා මම සල්ලි ගන්න බැන්කුවට ගිහින් මුද්දර ගහන්න සල්ලි නැතුව ඉන්නකොට, කවුන්ටරෙ හිටපු කෙල්ලෙක් කතා කරල මුද්දර ප්‍රස්නෙ විසදුවෙ.ඔය හිතවත්කම දුර ගියෙ නෑ මම මේ සීන් එක ඔලුවෙ ති‍යාන ඉන්න නිසා.නමුත් එයා මගෙ හොදම යාලුව උනා.බැන්කුවෙ කෙල්ල එක්කමෙන්න මේ කතාවෙසිද්දිය උන දවසෙ රෑ මම තීරණය කලා අවුරුදු ගානක මගෙ ඒකපාර්ශික ලව් එක ඉවර කරන්න.මම හිතුව මම මේ කෙල්ල එක්ක යමක් පටන් ගන්න කලින්, පරන එකට කතා කරනව කියල, ඒ කෙල්ලගෙ ගෙදර ෆෝන් නම්බරේ හොයාගත්ත.පහුවදා කෝල් කරන්න ගියාම හිතුන, මම මේ මා එක්ක අවුරුදු හතරක් දුක සැප බෙදා ගෙන මගෙ රෙදි ටික හොදල මැදල දුන්න කෙල්ල හොදා මගෙ නමවත් නොදන්න කෙල්ලකට වඩා කියල මම එදා ඒක හිතින් අයින් කලා.ඔය මගෙ නමවත් නොදන්න කෙල්ල නිසා මගෙ ජිවිතෙ ගොඩක් දේවල් වෙනස් උනා.හදිසියෙම මේක මතක් උනේ . . . ගිය සතියෙ මගෙ යාලුවෙක්ගෙ වෙඩින් එකක් තිබුන.ඒ යාලුව මට කතා කරල ඇහුව උබ මෙහෙම කෙනෙක් දන්නවද කියල.ඌත් මමත් එකම ඉස්කොලෙටම ගිහින් තියන එකම වයස නිසා උගෙන් අහුවලු මම මොකද කරන්නෙ කින්ද මන්ද කියල.මට පුදුම හිතුන මේ කතාවට.මම අවුරුදු ගානක් හීන දැක දැකා හිටිය,මගෙ නමවත් දන්නෙ නැතෙයි කියල හිතපු මේ කෙල්ල මා ගැන අහනව කියන්නෙ. . . කාලය මැව් වෙනසක අරුමේ. . .

පිළිකාව සෙවීමට මී මැස්‌සන්ට පුරුදු කරන හැටි

$
0
0
වෛද්‍ය පර්යේෂකයන්ට පවා එකවරම සොයා ගැනීමට නොහැකි පිළිකා තත්ත්වයන් හෙළිකර ගත හැකි අලුත් මෙවලමක්‌ පෘතුගීසි ජාතික නිර්මාණ ශිල්පිනියක වන Susana Soares (සුසානා සුවාරිස්‌) විසින් නිෂ්පාදනය කර ඇත. මෙය එකකට එකක්‌ ඈඳුණු, එකක්‌ තුළින් අනෙකට ගමන් කළ හැකි කුඩා විවරයක්‌ සහිත වීදුරු පෙට්‌ටි දෙකකි. පළමු වීදුරු පෙට්‌ටියට පුහුණු කළ මී මැස්‌සන් කිහිපදෙනකු දමා, පිළිකාව වැළඳී ඇතැයි සැක කෙරෙන කෙනකුගේ ප්‍රශ්වාසය එම වීදුරු පෙට්‌ටියට යෑවූ විට මීමැස්‌සන් විවරය තුළින් දෙවැනි වීදුරු පෙට්‌ටියට යන්නේ නම් එම තැනැත්තාට ස්‌ථිර වශයෙන්ම පිළිකාව තිබෙන බව ඇය කියයි. මෙහිදී පුහුණු කළ මීමැස්‌සන් ලෙස හඳුන්වනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ප්‍රශ්වාසය වැදෙන්නට සැලැස්‌වූ මී මැස්‌සන් ය. මී මැස්‌සන් පුරුදු කිරීම සඳහා විනාඩි 10 ක කාලයක්‌ හොඳටම ප්‍රමාණවත් බව සුසානා සුවාරිස්‌ කියයි. ලොව ඉතාම හොඳ ඉවක්‌ තිබෙන සතා සුනඛයා බව පිළිගෙන තිබෙන නමුදු නවතම විද්‍යාත්මක දත්ත වන්නේ හොඳම ඉව ඇත්තේ මී මැස්‌සාට බවය. බිම් බෝම්බ හඳුනා ගැනීමට පවා මී මැස්‌සන්ට හැකියාව තිබෙන අතර ත්‍රස්‌ත මර්දන කටයුතු සඳහා මී මැස්‌සන් පුරුදු කරන ෂබිeජඑසබැක නමැති සමාගමක්‌ බ්‍රිතාන්‍යයේ තිබේ. මී මැස්‌සකුට කිසියම් ද්‍රව්‍යයක ගන්ධය දැනීමට සලස්‌වා සීනි මිශ්‍ර කළ ජල ද්‍රdවණයක්‌ ආහාර වශයෙන් දුන් පසු ඉතිරි ජීවිත කාලය පුරාම එම ගන්ධය මතක තබාගැනීමට හැකියි. ක්‍ෂය රෝගය, චර්ම පිළිකා සහ පෙනහලු පිළිකා හඳුනා ගැනීමේ දුර්ලභ හැකියාව මී මැස්‌සන් සතු බව පර්යේෂකයන් දැනටමත් පිළිගෙන තිබේ. පිළිකාව නැසීමට ඉදිරියට එන කරවිල සිංහලෙන් -කරවිල- ලෙස ද ඉංගී්‍රසියෙන් -Bittem Gourd- ලෙස ද මලයාල බසින් -කරෙල- ලෙස ද හඳුන්වන කොළ පැහැති තිත්තම තිත්ත පලය බලගතු පිළිකා නාශකයක්‌ බව පසුගියදා සොයා ගන්නා ලදී. ගෙලෙහි සහ හිසෙහි හට ගන්නා පිළිකා තත්ත්වයන් නැති කිරීමට සුදුසුම ඖෂධය කරවිලය. ඇමරිකාවේ Saint Louis විශ්වවිද්‍යාලයේ සම මහාචාර්ය Ratna Ray විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඉන්දියාව සහ චීනය වැනි රටවල් ස්‌වකීය ශාක සාර ඖෂධ රැසකට කරවිල සාරය යොදා ගනු ලබන්නේ ය. මහාචාර්ය රත්න රේ, හිසේ හට ගන්නා පිළිකා සහ පියයුරු පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා කරවිල යුෂ යොදාගෙන දැනටමත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තිබේ. පටකයක අස්‌වාභාවික වර්ධනයක්‌ දැක්‌ වූ රෝගියකු කරවිල යුෂ යොදාගෙන කරන ලද ප්‍රතිකාර මාලාවකින් පසු එකී අස්‌වාභාවික වර්ධනය නමැති රෝග පාලන තත්ත්වයකට පත් වූ බව මහාචාර්ය රේ හෙළිකර ගෙන තිබේ. ඔහුගේ ඊළඟ අරමුණ වී ඇත්තේ කරවිල යුෂවලට පිළිකා නාශක ඖෂධ තවත් කිහිපයක්‌ මිශ්‍රකර සංයෝගයක්‌ තැනීමය. ලෝකයේ පිළිකාවලින් 6% ක්‌ හිසේ සහ ගෙලෙහි හටගන්නා පිළිකා ය. මුඛය, නාසය, කෝඨර ගල නාලය සහ ස්‌වරාලය යනාදිය හිස සහ ගෙළ පිළිකා හටගන්නා ප්‍රදේශය ලෙස වර්ගීකරණය වී තිබේ. (weekmanoramaonline.com) රටකජු කන්න - පිළිකාව දුරලන්න කොට්‌ටම් ඇට කන්න - හෘදයාබාධ දුරලන්න වට්‌ටක්‌කා ඇට කන්න - දියවැඩියාව පිටුදකින්න පිළිකා රෝගය වළක්‌වා ගැනීම සඳහා සුදුසුම ආහාරය වන්නේ රටකජු, කොට්‌ටම් ඇට, කජු, වියළි වට්‌ටක්‌කා ඇට පන්තියට අයත් ඇට වර්ග බව ඇමරිකාවේ Boston නගරයේ Dana farber පිළිකා පර්යේෂණ හා නිවාරණ ආයතනයේ වෛද්‍ය Charles Fuchs පවසන බව ඇමරිකාවේ New England Journal of Medicine සඟරාවේ පළ වී ඇත. මේ මගින් පිළිකාවට අමතරව හෘදයාබාධය සහ දියවැඩියාව ද වළක්‌වා ගැනීමට හැකි බව එම සඟරාවේ තවදුරටත් සඳහන්ව තිබේ. ඉහත සඳහන් ඇට වර්ග එකක්‌ හෝ කිහිපයක අහුරක්‌ දිනපතා ආහාරයට ගන්නා අය එසේ නොකරන අයට වඩා වසර 30 ක්‌ වැඩිපුර ජීවත්වන බව පර්යේෂකයන්ගේ මතයයි. සංඛ්‍යාත්මක වශයෙන් ගතහොත් දිනපතා පෙර කී ඇට වර්ග අහුරක්‌ ආහාරයට ගන්නා කෙනකු පිළිකාව. හෘදයාබාධ, දියවැඩියාව යන රෝගවලින් මිය යැමට ඇති අවස්‌ථාව, එසේ නොකරන අයගේ අවස්‌ථාවෙන් පහෙන් එකකි. මෙම ඇට වර්ග මගින් හෘද රෝග 30% කින් අඩු වෙයි. පිළිකාවෙන් මියයැම 11% කින් අඩු කරයි. මේ පර්යේෂණය සඳහා Boston පිළිකා පර්යේෂණ ආයතනය පුද්ගලයන් 120000 ක්‌ යොදවා ගෙන තිබිණි. ඇට වර්ග (ධාන්‍ය නොවේ) අනුභව කරන අය ස්‌ථුල නොවන බව ද, දුම් පානයට ප්‍රිය නොකරන හෝ අඩුවෙන් ප්‍රිය කරන බව ද, ව්‍යායාම සඳහා වැඩි කැමැත්තක්‌ දක්‌වන බව ද විටමින් සහිත අතිරේක ආහාර පරිභෝජනය කිරීමට උනන්දු වන බවද, පලතුරු සහ එළවළු ආහාරයට ගැනීමට වඩාත් කැමැති බව ද Boston පිළිකා පර්යේෂණ වාර්තාවේ සඳහන් ය. පිළිකාව ඇතුළු ලෙඩ රෝගවලට ආහාරවල බලපෑම සම්බන්ධයෙන් පුද්ගලයන් 120000 ක නියෑදියක්‌ යොදා ගත් මුල් වතාව මෙය විය හැකි බව වාර්තා වේ.

බේබදු දේවාලය

$
0
0
බේබද්දන්ගේ බදුවලින්කා බී ජීවත් වෙනබේබදු දෙවියන්ව අදහනරජයේ සේවකසැදැහැවතුන් පෝලිමක්බේබදු දේවාලය

ඔබගේ ඩෙස්ක්ටොප් එකට අලංකාර Docks එක්කර දෙන මෘදුකාංග 3ක්

$
0
0
වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල ස්ථාපනය කර ඇති මෘදුකාංග ක්‍රියාත්මක කිරීම සඳහා අප විවිධ ක්‍රම භාවිතා කරනවා. ඩෙස්ක්ටොප් අයිකන්ස්, ස්ටාට් මෙනුව, ක්වික් ලෝන්ච් ආදිය ඒ අතර ප්‍රධානයි. නමුත් සමහර අවස්ථා වලදී අපට අවශ්‍ය මෘදුකාංගය සැනෙකින් ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ නැහැ. එය කිනම් ස්ථානයක ඇතිදැයි සෙවීමට සිදු වෙනවා.  නමුත් ඔබ ඇපල් පරිගණකවල මෙන් dock එකක් භාවිත කරයි […]The post ඔබගේ ඩෙස්ක්ටොප් එකට අලංකාර Docks එක්කර දෙන මෘදුකාංග 3ක් appeared first on

නීති විද්‍යාලයේ විදුහල්පති ගෙදර යැවීම --- වික්ටර් අයිවන්

$
0
0
අගවිනිසුරුවරයා විසින් නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කොට ඔහු ගෙදර යැවීමේ සිද්ධිය මහජන විමර්ශනයට ලක්විය යුතු සංකේතාත්මක වැදගත්කමක් ඇති සංසිද්ධියක් ලෙස සැලකිය හැකිය. විදුහල්පතිවරයා නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිය පුතා සම්බන්ධයෙන් අනුගමනය කර ඇතැ‘යි කියන පක්ෂග‍්‍රාහී ක‍්‍රියාකලාපය (විදුහල්පතිවරයා තම පුතා විශිෂ්ට සාමාර්ථලාභියා බවට පත්කිරීම) ඔහුගේ වැඩතහනම කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් හේතුවක් වී තිබෙන්නේයැ’යි කියනු ලැබේ. නව අගවිනිසුරුවරයා එම තනතුරට පත්වූයේ සියලූදෙනාගේ විශ්වාසයට හේතුවන ආකාරයකට නොව දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද මහත් විවාදයට හේතුවන ආකාරයටය. නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ගෙදර යැවීමේ සිද්ධිය නව අගවිනිසුරුවරයා එම තනතුරට පත්වීමෙන් පසුව ජනප‍්‍රිය අර්ථයෙන් කරන ලද ලොකුම ක‍්‍රියාව ලෙස සැලකිය හැකිය. එහෙත් එම ක‍්‍රියාව සේ ම හිස්වූ පුරප්පාඩුව පිරවීම සඳහා තෝරාගත් පුද්ගලයා වර්තමාන පාලන අධිකාරියට ඍජු සම්බන්ධයක් නැති චන්ද්‍රිකාගේ පාලන අධිකාරියට සම්බන්ධ පුද්ගලයකු වීම යන සාධක දෙක නව අගවිනිසුරුවරයා හා ආණ්ඩුව අතර මතභේද ඇති කරන සංසිද්ධියක් බවට පත්ව තිබෙන බවද පෙනෙන්නට තිබේ.නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා සිය පුතාට ප‍්‍රමුඛ වැදගත්කමක් ඇති සාමාර්ථයක් ලබාදීමේ සිද්ධිය ශ‍්‍රී ලංකාවේ නීති සමාජය කුණුවී තිබෙන තරම පොදුවේත්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසිද්ධ විභාග ක‍්‍රමය කුණුවී තිබෙන තරම විශේෂ වශයෙනුත් පෙන්නුම් කරන සංකේතාත්මක වැදගත්කමක් ඇති සංසිද්ධියක් ලෙස සැලකිය හැකිය.පාපෝච්චාරණයතනතුර අහිමි වූ විදුහල්පතිවරයාගෙන් ඒ ගැන කරුණු විමසීමක් කළහොත් තනතුර අහිමි කරන්නට තරම් බරපතළ වරදක් තමා අතින් සිදුවී නැති බව ඔහු අවධාරණයෙන් කියනු ඇතැ’යි සිතිය හැකිය. නීති වෘත්තියට එකතුවීමට කැමති සාමාන්‍ය මිනිසුන්ගේ දූ දරුවන් අතර ඒ සඳහා මූලික සුදුසුකම් ඇති අය තරග විභාගයකින් තෝරාගෙන ඔවුන්ට නීති වෘත්තියට එකතුවීමට අවශ්‍ය අධ්‍යාපනයක් ලබාදී අවසානයේදී ඔවුන් සඳහා තරග විභාගයක්ද පවත්වා ඉන් සමත් වන්නන් නීති වෘත්තියට එකතු කරදීම තමන් වෙත පැවරී තිබුණු රාජකාරී වගකීම බවත් එය තමා විසින් හොඳින් ඉටුකරන ලද බවත් ඔහු එහිදී කියනු ඇත. ඊට අතිරේකව නීතියෙන් නොව සම්ප‍්‍රදායයෙන් වෙනත් වගකීමක්ද තමා වෙත පැවරී තිබුණු බවත් දේශපාලන තලයේ සේ ම නීතිමය තලයේ ලොකු හා නාමධාරී පුද්ගලයන්ගේ දරුවන් අතර නීති වෘත්තියට එකතුවීමට අවශ්‍ය තරම් අධ්‍යාපනික දක්ෂතා නැති දරුවන්ට විශේෂ සැලකිලි දක්වන ප‍්‍රතිපත්තියක් මගින් ඔවුන්ට නීති වෘත්තියට එකතුවීමට අවශ්‍ය හැකියාව ලබාදීමේ වගකීමක්ද තමන්ට පැවරී තිබුණු බවත් ඒ වගකීමද තමන් මැනවින් ඉටුකරන ලද බවත් කියමින් ඒ බව සනාථ කිරීම සඳහා අසන්නන් පුදුමයට පත්වන ආකාරයේ නිදර්ශන සැලකිය යුතු සංඛ්‍යාවක් ඔහු ඉදිරිපත් කරනු ඇතැ’යිද සිතිය හැකිය.ඔහු අවසාන වශයෙන් මෙසේ කියනු ඇතැ’යි ද සිිතිය හැකිය. ‘‘මම නීති වෘත්තියට එකතුවීමට මූලික සුදුසුකම් නොතිබුණු බලවතුන් සැලකියයුතු තරම් පිරිසකගේ දරුවන්ට විශේෂ සාමාර්ථ ලබාදෙමින් ඒ සියලූදෙනාට මහත් ගෞරවයකින් යුතුව නීති වෘත්තියට එකතුවීමේ හැකියාව ලබාදී ඇත්තෙමි. ඒ බව ඒ දරුවන්ගේ බලවත් දෙමාපියන් සේ ම නීති සමාජයේ බලවත්තුද දැන සිටියෝය. මා කරන්නේ වරදක් කියා ඒ කිසිවකු මට චෝදනා කළේ නැත. ඒ සියලූදෙනාට මා බරපතළ වරදක් කරන පුද්ගලයකු ලෙස පෙනෙන්නට වූයේ ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් මා අනුගමනය කළ විශේෂ ප‍්‍රතිපත්තිය මාගේ දරුවා සම්බන්ධයෙන් අනුගමනය කළ විටය.’’ එම කුහක පිළිවෙත සාධාරණ විය හැක්කේ කෙසේදැ’යි අවසාන වශයෙන් ඔහු ප‍්‍රශ්න කරනු ඇතැ’යි සිතිය හැකිය.නියෝජ්‍ය විභාග කොමසාරිස්අධ්‍යාපනයේදී තමන්ගේ දරුවන්ට මුහුණ දෙන්නට සිදුවන දුෂ්කර කඩුලූ ජයගැනීම සඳහා තමන්ට තිබෙන නිල බලය ඒ සඳහා පාවිච්චි කළ අධ්‍යාපන ඇමතිවරුන් කිහිපදෙනකු ගැනම මා විටින් විට තතු දත් විවිධ අයගෙන් අසා ඇත්තෙමි. ඒ අතුරින් මා අසා තිබෙන ලස්සනම කතාව මෙසේය. ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී අධ්‍යාපන ඇමතිවරයකු උසස් පෙළ විභාගයට පෙනී සිටි සිය පුත‍්‍රයාට විභාග සාමාර්ථයක් ලබාදෙන ලෙස විභාග කොමසාරිස්වරයාගෙන් නොව ඔහුගේ දෙවැන්නාගෙන් ඉල්ලා තිබේ. තම පුත‍්‍රයා දේශීය විශ්වවිද්‍යාලයකට යැවීමට බලාපොරොත්තු නොවන නිසා විදේශ විශ්වවිද්‍යාලයකට යැවීමට අවශ්‍ය අවම ලකුණු සංඛ්‍යාව ලබාදීම ප‍්‍රමාණවත් බවද ඔහු නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාට කියා තිබේ. නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා ඇමතිවරයාගේ මේ ඉල්ලීම සලකා තිබෙනුයේ අයථා බලපෑමක් ලෙස නොව තමන්ට පෑදුණු හොඳ ඉල්ලමක් ලෙසය. ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි තම පුතාගේ පමණක් නොව ඔහුට සමීප සම්බන්ධකම් තිබුණු ෆිනෑන්ස් හා කල්බදු සමාගමක අයිතිකරුගේ පුතෙකුට හා රටේ එවකට සිටි නාමධාරි විදුහල්පතිවරයකුගේ පුතෙකුටද අයථා ලෙස විභාග සාමාර්ථයන් ලබා දුන්නේය. කවර ආකාරයකින් හෝ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ මෙම අයථා ක‍්‍රියාවලිය හෙළිදරව් වීම නිසා ඔහුට තමා දරන තනතුර අහිමි වූවා පමණක් නොව ලොකු සිරදඬුවමක් විඳින්නටද සිදුවිය. මෙම නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගෙන් අයථා ලෙස උපකාර ලබාගත් අය අතුරින් ෆිනෑන්ස් සමාගමේ හිමිකරුවා ඔහු අමතක නොකළේය. නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා සිරදඬුවම සම්පූර්ණ කොට නිදහස්වීමෙන් පසුව ෆිනෑන්ස් සමාගමේ හිමිකරුවා සිය සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් වී තමාට උපකාර කොට අමාරුවේ වැටුණු මිත‍්‍රයාට එම තනතුර ප‍්‍රදානය කළේය. ඒ අර්ථයෙන් ඔහු කෘතවේදී මිනිසකු ලෙස සැලකිය හැකිය. එහෙත් එම පුද්ගලයා තමාට අයථා ලෙස ආධාර කළ මිත‍්‍රයාට කෘතවේදී වුවද සිය තැන්පතුකරුවන්ට කෘතවේදී නොවීම නිසා එම ෆිනෑන්ස් සමාගම කඩා වැටුණි.අයථා ලෙස මුදල් උපයන්නට කැමති රාජ්‍ය නිලධාරීන් දේශපාලන ඇඟිලි ගැසීම්වලට කැමතිය. එවැනි ඇඟිලි ගැසීම් ඇතිවිට එවැන්නන් උදව් ඉල්ලා සිටින දේශපාලකයාට අයථා ලෙස ආධාර දෙන විට එය මුවාවක් කරගනිමින් අයථා දේවල් කරන්නට ඔවුහුද එය අවස්ථාවක් කරගන්නෝය. නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා කළේද එයයි. නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා කරන්නට ඇත්තේද එයමය. ඒ ප‍්‍රවණතාව ගැන වැඩිදුර කතා කිරීම පසුවට තබා බලවත් පුද්ගලයකු නිසි සුදුසුකම් නොතිබුණු සිය දියණියකට සුදුසුකම් ලබාදීම සඳහා නිල බලය යොදාගත් ආකාරය පෙන්නුම් කරන ප‍්‍රබල නිදර්ශනයක් මෙසේය.ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුකුගේ දියණියක කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළුවීමට සිහින දකිමින් සිටියද නීති පීඨයට ඇතුළුවීමට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව හිමිකර ගැනීමට ඇය අසමත් වූවාය. ඉන්පසු ඇය කළේ, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වගඋත්තරකරුවන් කරමින් කොළඹ විශ්විවද්‍යාලයේ නීති පීඨයට ඇතුළුකර නොගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බව කියමින් තමාගේ පියා සේවය කරමින් සිටි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන විනිශ්චය මණ්ඩලයට පෙත්සම්කාරියගේ පියා ඇතුළත්ව සිටියේ නැතත් තමන් සලකා බලන්නට යන්නේ තම සහෝදර විනිශ්චයකරුවකුගේ දරුවකුගේ ප‍්‍රශ්නයක් බව එම විනිශ්චය මණ්ඩලයට ඇතුළත්ව සිටි සියලූදෙනා නොදැන සිටියා විය නොහැකිය. පෙත්සම්කාරියට නීති පීඨයට ඇතුළුවීමට අවශ්‍ය තරම් ලකුණු නොතිබුණු බව දැන දැනම විනිශ්චය මණ්ඩලය ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් කරගැනීමට නියෝග කළේය. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සේ ම කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරියද පෙත්සම්කාරිය කාගේ කව්දැයි දැන සිටියෝය. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයාද එය දැන සිටින්නට ඇති බවට සැකයක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද නියෝගය ඒ සියලූදෙනා තුළ විස්මයක් ඇති කිරීමට හේතුවී ඇතත් ඒ කිසිවෙක් ඒ නියෝගයට එරෙහිව කරුණු ඉදිරිපත් කරන තැනකට ගියේ නැත.ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නියෝගයක් නීති විරෝධී වන අවස්ථාවකදී පවා එය අභියෝගයකට ලක් කළ හැකි ක‍්‍රමයක් නැත. ඒ සඳහා තිබෙන එකම ක‍්‍රමය නඩුව නැවත එම අධිකරණය ඉදිරියට ගෙනයෑමය. ඒ ආකාරයට නියෝගය අභියෝගයට ලක් කරන තැනකට ගොස් ඔළුව ගලේ ගසාගන්නේ ඇයිදැයි ඒ සියලූදෙනා කල්පනා කළා විය යුතුය. අඩුම වශයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය සිදුවූ අයථා ක‍්‍රියාව පාර්ලිමේන්තුවේ කතානායකට හෝ ජනාධිපතිවරයාට පැමිණිලි කළ යුතුව තිබුණි. සමහරවිට ඔවුන් එසේ නොකරන්නට ඇත්තේ ද එවැනි දේකින් කිසිදු වෙනසක් ඇති නොවනු ඇතැ’යි විශ්වාස කළා නිසා විය හැකිය. නැත්නම් එවැනි දෙයක් කරන්නට පවා ඔවුන් බියවූවා විය හැකිය.ඉතාම වැදගත් දේ මේ අපූරු මූලික අයිතිවාසිකම් පෙත්සම හා ඊට අදාළව දෙන ලද නියෝගය කිසිදු ජනමාධ්‍යයක් විසින් වාර්තා නොකිරීමය. පෙත්සමේ සුලමුල අධිකරණ කටයුතු ආවරණය කරන ජනමාධ්‍යවේදීන් නොදැන සිටියා විය නොහැකිය. එම අපූරු පෙත්සම හා ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද නියෝගය කිසියම් ජනමාධ්‍යයක් විසින් වාර්තා කළේ නම් එය මහත් ආන්දෝලනයකට හේතුවන කතාවක් වන්නට ඉඩ තිබුණා සේ ම පෙත්සම්කාරියට වඩා වැඩියෙන් ලකුණු ලබාගෙන නීති පීඨයට ඇතුළුවීමට නොහැකි වී සිටි සියලූ ශිෂ්‍යයන් තමන්ටද ඒ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයටද ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද මෙම අපූරු නියෝගය රහසක් වන්නට ඇතැ’යි සිතිය නොහැකිය. එහෙත් එම සංගමයද නිශ්ශබ්දව සිටියා මිස ඒ ගැන කිසිවක් කතා නොකළේය. බලවත් පුද්ගලයකු විසින් බලවත් වරදක් කරන විට ඒ දේ දන්නා සියලූදෙනාද ඒ වරද සඟවන ක‍්‍රමයක් රටේ ස්ථාපිත වී තිබෙන බව ඒ ආශ‍්‍රයෙන් තේරුම් ගත හැකිය. ඒ ක‍්‍රමයට ජනමාධ්‍යවේදීන්ද අනුගතවී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය සැලකෙන්නේ රටේ ඉහළම හා අවසාන අධිකරණය ලෙසය. එවැනි ආයතනයක සේවය කරන විනිසුරුවරුන් පවා තමන්ට අදාළ ප‍්‍රශ්නවලදී තමන්ට ලැබී තිබෙන නිල බලය අසාධාරණ ලෙස පාවිච්චි කරන තත්ත්වයක් පවතින්නේ නම් ඒ රටේ මනා පාලනයක් තිබිය හැක්කේ කෙසේද?නීතිපති දෙපාර්තමේන්තුවනීති විභාගය සම්පූර්ණ කිරීමෙන් පසුව පුද්ගලයකුට නීතිඥවරයකු ලෙස අවශ්‍ය පුහුණුව ලබාගැනීමට තිබෙන ආයතන අතර තිබෙන සුපිරිම ආයතනය ලෙස සැලකිය හැක්කේ නීතිපති දෙපාර්තමේන්තුවය. එයද මහජන මුදලින් නඩත්තු කෙරෙන ආයතනයකි. එහෙත් එයට ඇතුළු කරගැනීම සඳහා තරග විභාග ක‍්‍රමයක් නැත. එය නීති ක්ෂේත‍්‍රයේ නාමධාරී හා සුපිරි පුද්ගලයන්ගේ දූදරුවන් සඳහා මහජන වියදමින් පවත්වාගෙන යන ආයතනයක් ලෙස සැලකිය හැකිය. එයද අන් හැම ආයතනයක් සේ ම අපිරිසිදු ආයතනයකි. බලවත් පුද්ගලයන්ට ඔවුන්ගේ නඩු හබවලදී පස්සා දොරෙන් ගනුදෙනු බේරාගත හැකි ක‍්‍රමයක් එහිද ක‍්‍රියාත්මක වේ. ඒ බව සනාථ කිරීම සඳහා දැක්විය හැකි සාක්ෂි අපමණය. නීතිපතිවරුන්ට රඟපාන්නට සිදුවී තිබෙන භූමිකාවද ප‍්‍රශ්නසහගතය. ජනාධිපතිවරණ පෙත්සමකදී නීතිපතිවරයා මධ්‍යස්ථ භූමිකාවක් රඟපාන්නේ නැත. ඔහු පෙනී සිටින්නේ තේරීපත්ව සිටින ජනාධිපතිවරයා වෙනුවෙනි.ජනප‍්‍රිය පාසල්එම අතුරු කතා දෙකෙන් පසු අපට නැවත රාජ්‍ය නිලධාරීන් වෙත එල්ල වන දේශපාලන බලපෑම් වෙත යා හැකිය. සුපිරි හෝ ජනප‍්‍රිය ගණයට වැටෙන විද්‍යාලවල විදුහල්පතිවරුන් පාසලට ළමුන් ඇතුළත් කරගැනීමේදී දේශපාලන බලපෑම් එල්ල වනවා දකින්නට සාමාන්‍යයෙන් කැමතිය. එවිට ඒ පහනෙන් ආලෝකය දැකීමේ හැකියාව ඔවුන්ටද ලැබෙන්නේය. ඔවුන් දේශපාලන බලවතුන්ගෙන් ඉදිරිපත් වන ඉල්ලීම්වලට කැමැත්තෙන් අවනත වන අතර ඒ මගින් අල්ලසට තමන් කැමති ළමුන් කිසියම් පිරිසක්ද සිය පාසලට ඇතුළත් කරගැනීමට ඒ තත්ත්වය අවස්ථාවක් කොටගත්තේය. ලැයිස්තුව එවන දේශපාලකයා බලවත් නම් ඒ ආරක්ෂාව තමන්ගේ ලැයිස්තුවට ලැබෙන බව විදුහල්පති දනී.හොඳ පාසලක් ලබාගැනීම සඳහා තිබෙන අතිවිශාල පොරය නිසා හොර සහතික හා හොර වාර්තා නිපදවීම දැවැන්ත කර්මාන්තයක් බවට පත්ව ඇතැ‘යි කිව හැකිය. ජනප‍්‍රිය පාසල්වලට ඉදිරිපත් වන අයදුම්පත්වලින් කිසියම් ප‍්‍රමාණයක් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා වන බව විදුහල්පතිවරුද අධ්‍යාපනඥයෝ හා දේශපාලකයෝද දන්නෙහුය. ජනප‍්‍රිය පාසලක් පිහිටි කොට්ඨාසයක සිටින ග‍්‍රාමසේවකයකු පවා අයථා සහතික කිරීම් මගින් විශාල ආදායමක් උපයා ගනී. ව්‍යාජ ලේඛන සකස් කිරීම හා පාවිච්චි කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් ජනප‍්‍රිය පාසල් පොරය තුළ සිටින ජනයා තුළ ඒ ගැන කිසිදු බියක් ඇති බවක් පෙනෙන්නට නැත. ලැබෙන අයදුම්පත් විධිමත් ලෙස පරීක්ෂාවට ලක්කිරීමෙන් ව්‍යාජ ලේඛන පහසුවෙන් සොයාගත හැකි වුවත් තමන්ට වාසි ලැබෙන මෙම දූෂිත ක‍්‍රමය පවත්වාගෙනයෑමට තිබෙන කැමැත්ත නිසාම එය මර්දනය කිරීමේ වුවමනාවක් බලධාරීන්ට නැත.ජනප‍්‍රිය පාසලක විදුහල්පතිවරයකු ජනප‍්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේදී සිදුවූ දූෂණ පිළිබඳව ඔහුගේ මිතුරකු අතර ඇතිවූ කතාබහකදී එම විදුහල්පතිවරයා ඒ ගැන කරුණු ඉදිරිපත් කරන ලද ආකාරය එම විදුහල්පතිගේ මිතුරා විසින් මා වෙත සැකෙවින් ප‍්‍රකාශ කළේය. එහිදී විදුහල්පතිවරයා සිය මිතුරාට පළ කළ මතය වී ඇත්තේ ජනප‍්‍රිය පාසලක විදුහල්පතිවරයකුට එම ජනප‍්‍රිය පාසලේ සමාජ වටාපිටාවට ගැළපෙන ගාම්භීර ජීවිතයක් පවත්වාගෙන යෑමට සිදුවන බවත් ලැබෙන වැටුපෙන් ඊට ගැළපෙන ජීවිතයක් පවත්වාගෙන යෑමට පුළුවන්කමක් නැති නිසා අයථා මාර්ගයෙන් මුදල් උපයන තත්ත්වයකට තල්ලූ වන්නට එවැනි විදුහල්පතිවරුන්ට සිදුවන බවය. විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් ඉහළ සමාජ පසුබිමක් ඇති අය වන විට විදුහල්පතිවරයාටද ඊට ගැළපෙන ජීවන ක‍්‍රමයක් පවත්වාගෙන යෑමට සිදුවන බවත්, විදුහල්පතිගේ නිවස ගෘහභාණ්ඩ, කන බොන දේවල් සේ ම ඇඳුම් පැළඳුම්ද, පාවිච්චි කරන මෝටර් රථයද ඒ සමාජ වටාපිටාවට ගැළපෙන තත්ත්වයක තබාගැනීමට සිදුවන බවත් ඊට ගැළපෙන වටාපිටාවක් පවත්වාගෙන යෑමට අසමත් වන විදුහල්පතිවරුන් දෙමාපියන්ගේ විශ්වාසයට හා පිළිගැනීමට හේතු නොවන තත්ත්වයක් ඇතිවීම තුළ එවැනි විදුහල්පතිවරුන්ට එම විදුහලේ පාලන කටයුතු හොඳින් කරගෙන යා නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඒ නිසා විද්‍යාලයට ළමුන් ඇතුළත් කරගැනීමේදී කිසියම් ප‍්‍රමාණයකට අල්ලස් ගැනීම වරදක් ලෙස තමා නොසලකන බවත් ඔහු ප‍්‍රකාශ කර තිබේ.එම විදුහල්පතිවරයා සිය මිත‍්‍රයාට කරුණු ගෙනහැර දක්වා තිබෙන ආකාරය අපූරුය. නීතියට පටහැනිව ක‍්‍රියාකරන හැම සූර මිනිසකුම තර්ක කරනු ඇත්තේද ඊට සමාන ආකාරයටය. ඒ ආශ‍්‍රයෙන් රටේ සමාජ වටාපිටාව ගල්ගැසුණු ආකාරයට සකස් වී තිබෙන ආකාරය පිළිබඳව අදහසක් ඇති කරගත

දවස් අනූ තුනක් කොළඹ අපරාධ කොට්ඨාශයේ තියාගෙන වධ දුන්නා. දවස් දෙසිය හතලිහක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. මේ සියල්ල කළේ මිනීමරුවාව බේර ගන්න.

$
0
0
2012 පෙබරවාරි 21 සියලු මුද්‍රිත මාධ්‍ය වල සිරස්තලය හිමිකරගෙන තිබුණේ පෙර දින බියගම විලේජ් හෝටලයේ, අයිතිකරු රංවලගේ බර්ටි බර්නාඩ් ජයරත්නව මන්නා පිහියකින් කපා මරා දැමීමේ සිද්ධියයි.උදේ හතට පමණ, ඔහුට හිමි වත්තක් තුළ සිදු වූ මෙම මරා දැමීම, වත්ත බලා ගැනීමට සිටි කාන්තාව හා ඇගේ දියණිය දුටුවාය. ඔවුන් ද මිනීමරුවාගේ ප්‍රහාරයට ලක්විය.මරණය පිළිබඳ පරීක්ෂණ දොම්පේ පොලීසිය ආරම්භ කළේය. පසුව එම පරීක්ෂණ පොලිස්පති නියමයෙන් කොළඹ උතුර දිසා අපරාධ කොට්ඨාශයට ද, එයින් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයට ද බාර කෙරිණ.බර්නාඩ් ජයරත්නගේ මරණයෙන් පසුව වත්තේ අයිතිය හිමි වූයේ, ඔහුගේ සහකාරියව සිටි චමරීටය. ඇය වත්ත බලා ගැනීමට, බර්නාඩ් ජයරත්නගේ සේවකයෙකුව සිටි සුසන්තට බාර කළේය.2012.12.26 වන දින සුදුපාට වෑන් රථයකින් පැමිණ කොළඹඅපරාධ කොට්ඨාශයේ නිලධාරින්, සුසන්තව සහ ඔහු සමග සිටි මනෝජ්වද පැහැර ගන්නා ලදි.පසුව මනෝජ්ව මුදාහරින ලදි. කොළඹ අපරාධ කොට්ඨාශය, සුසන්තව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, පැය 72 ක් රඳවා තබාගෙන, එයින් පසුව ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂගේ අත්සන සහිත මුද්‍රාව උපයෝගී කරගෙන, එම පනත යටතේ දින 90 ක් රඳවා තබා ගැනීමට රැඳවුම් නියෝගයක් ලබා ගත්තෙත්ය.කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළේ, නිර්ණාමික දුරකතන පනිවිඩයකට අනුව, සුසන්ත විසින් එකී වත්තේ වල දමා තිබූ එල්.ටී.ටී. යට අයත් අවි තොගයක් සොයා ගත් බවයි. ඒ අනුව සුසන්ත එල්.ටී.ටී. යට සම්බන්ධ සැකකරුවෙකු ලෙසට නම් කරනු ලැබීය. තවද මන්නා පිහියක් සොයා ගත් බවද සටහන් කර තිබිණ.ඒ සමගම, බියගම විලේජ් අයිතිකරු ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ප්‍රචාරය කරනු ලැබීය.සුසන්ත ප්‍රකාශ කරන්නේ, කොළඹ අපරාධ කොට්ඨාශයේ තමන්ව දින 94 කට වඩා කාලයක් රඳවාගෙන වධ දෙන ගමන්, එල්.ටී.ටී. ය ගැන හෝ වත්තේ වල දමා තිබූ බව ප්‍රකාශ කරන ලද අවි සම්බන්ධයෙන් හෝ කිසිදු ප්‍රශ්නයක් නොඇසූ බවයි.අඛණ්ඩව ඔහුට කියා ඇත්තේ, මිනීමරුවා තමා බව පිළිගන්නා ලෙසටත්, එයට මරණකරුගේ සහකාරියව සිටි චමරී හා තවත් අයෙකු සම්බනධ බවට ප්‍රකාශ කරන ලෙසටය.වධදෙන අතර, කිහිප දවසක් ඔහුව කැලණි ගඟ ළඟට ගෙන ගොස් මරා දමන බවට තර්ජනය කරමින් -  මානසික වධ දීමටද කොළඹ අපරාධ කොට්ඨාශය අමතක කර නැත. දින අනූව ඉකුත් වීමෙන් අනතුරුව, පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට එල්.ටී.ටී. සැකකරුවෙකු හා බර්නාඩ් ජයරත්නගේ මරණයට සැකකරුවෙකු වශයෙන් නම් කොට, රක්ෂිත බන්ධනාගාර ගතකරනු  ලැබීය.බර්නාඩ් ජයරත්නව ඝාතනය කළ, සැබෑ මිනීමරුවා බේරා ගැනීම සඳහා, කොළඹ අපරාධ කොට්ඨාශය සුසන්තව ආදේශ කර තිබෙන බවට ප්‍රබල ලෙස කරුණු ඉදිරිපතත් වීමෙන් පසුව පොලිස්පතිවරයා, පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයෙන් ඉවත් කොට, රහස් පොලීසියට පරීක්ෂණ කටයුතු බාර කළේය.රහස් පොලීසිය - අධිකරණයට වාර්තා කර සිටියේ, සුසන්ත හා එල්.ටී.ටී. ය අතර සම්බන්ධයක් නැති බවත්, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයා ගත් බවට ප්‍රකාශ කරන අවි වලට ඔහු සම්බන්ධ නැති බවත්ය.සුසන්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජානක අමරසිංහ මහතාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව, සුසන්තව නිදොස් කොට නිදහස් කිරීමට පූගොඩ මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.සුසන්ත දැන් නිදහස් පුද්ගලයෙකි. නිර්දෝශී සුසන්තව, මිනීමරුවෙකු බේරා ගැනීමට අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා ඉදිරිපත් කොට වධ දීම සහ ඔහුගේ නිදහස අහිමි කිරීම ගැන -  රජය නිහඩයි. ඔහු නිදහස ලබා ගැනීමට අති විශාල මුදලක වැය කරන්නටද සිදුවිය.මෙම කුමන්ත්‍රණය කළ පොලිස් කාරයෝ අදටත් රාජකාරියේ යෙදී සිටී. එක් අපරාධයක් කළ මෙම පොලිස්කාරයෝ දඩුවම් නොලැබ නිදැල්ලේ සිටිමට ඉඩහැර තිබෙන්නේ - ඔවුන් රාජපක්ෂගේ හෝ ඔහුගේ සමීපමයෙකුගේ අවශ්‍යතාවයකට එම ක්‍රියාව කළ නිසා නොවේද? එමෙන්ම මගින් මෙවැනි අපරාධ කරවා ගැනීමටද?තවද, එල්.ටී.ටී. යට අයත්ව තිබූ මෙම විශාල අවි තොගය කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුනේ කෙසේද? කාගෙන්ද? යන්න සොයා බැලීම රාජ්‍ය ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂගේ වගකීම නොවන්නේද?මරා දමන ලද බියගම විලේජ් අයිතිකරු බර්නාඩ් ජයරත්න, ඉතා කෙටි කාලයකදී කෝටිපතියෙකු වූ අයෙකි. ඔහු ඇසුරු කළේ පක්ෂ විපක්ෂ දේශපාලනයේ ඉහළයින්ය.වර්තමානයේ මෙම මිනීමැරුමේ ප්‍රධාන සැකකරු, බර්නාඩ් ජයරත්නගේ පුත්‍රයාය. දියණිය තරයේ කියා සිටින්නේ පියාගේ මරණයට සොහොයුරා වගකිව යුතු බවයි. බර්නාඩ් ජයරත්න ජිවතුන් අතර සිටින විට පුතාට විරුද්ධව පැමිණිලි පවා කර

මේ පාර අපිටත් නත්තල්

$
0
0
හුඟ කාලෙකින් නේද? මේ ලිපිය ලියන්න කලින් මම නිකමට මගේ පරණ ලිපි ටික දිහා බැලුවා. වෙලා තියෙන දෙයක්. බ්ලොගිය පටන් ගත්තු මුල් අවුරුද්දෙ මාස කීපෙට පෝස්ට් දොළහක්ම ලියලා. ඊළඟ අවුරුද්දෙ ඒක 38ක් වෙලානෙ. ඊටත් පස්සෙ අවුරුද්දෙ 66ක්. ඉතින් මේ අවුරුද්ද පටන් ගනිද්දිම හිතුවා මේ ගාන ඩබල් වෙලා පෝස්ට් 120ක් විතර ලියවෙයි කියලා. කියන්ඩ ලැජ්ජයි 25යිනෙ ලියවිලා තියෙන්නෙ. ඇයි තුන්වෙනි සංවත්සරේ? ඒකත් මඟ ඇරිලනෙ.මොනවා කරන්ඩද ඉතින් මේ අවුරුද්ද බොහෝම රාජකාරි බහුල අවුරුද්දක් උනා.  උදේට වැඩට ගිහින් හවස ගෙදර ආවට පස්සේ ඉතින් කාගෙහරි බ්ලොග් දෙකතුනක් කියවලා නිදාගන්නවා මිසක් ලිපියක් ලියන්න පැය පහ හයක් ගතකරන්න හිතුනෙම නෑ. පස්සෙන් පහු මම සිංහල ලියන්න පාවිච්චි කරපු qsfox ඇඩෝන් එකත් ලෙඩ දෙන්න ගත්තා. ඉස්සර F12 ගහපුවම සිංග්ලිශ් වලට මාරු උනත් දැන් එහෙම වෙන්නෙ නෑනෙ. ඒක හින්දා වෙන වැඩක් කර කර පෝස්ට් ලියන්නත් කම්මැලි. මොකෝ මම සැරින් සැරේ මීයා අල්ලන්න කැමති නෑනෙ කීබෝඩ් මාරුකරන්න. UCSC කන්වර්ටරය විසඳුමක් උනත් කොපි පේස්ට් කිරිල්ල එපා වෙනවා. ඒ වගේම මම පුරුදුවෙලා තියෙන විදිහට වඩා වෙනස් විදිහකටයි ඒකෙ ටයිප් වෙන්නෙ. ඔයින් මෙයින් බ්ලොග් ලිවිල්ල එපාම උනා. හැබැයි ලියනවා කියලා පටන් අරන් තාම ඉවර කරපු නැති ලිපි කීපයක්ම තියෙනවා. ලබන අවුරුද්දෙවත් ඒ ටික ඉවරයක් කරලා දාන්න ඕනා.ඉතින් මේ පාර නත්තලට කරපු මුල්ම වැඩේ තමයි  සැරසිලි හදන්න කොළ හොයන්න ගිය එක. කොළ හොයන් හදනවට වඩා ලේසියෙන්ම කඩෙන් ගන්න තිබුනා. ඒත් ඉතින් එහෙම කරන්න හිත දුන්නෙ නෑනෙ. ඉතින් තකහනිය කොළඹ ගිහින් -සරුව පිත්තල- කොළ අරගෙන ආවා සැරසිලි හදන්න හිතාගෙන. මෙන්න මේ සැරසිලි තමයි මම දැනට හදලා තියෙන්නෙ. පළවෙනි එක  හදන හැටි මෙන්න මෙතන. හැබැයි හැදුවෙ පාට පාට A4 වලින්. දෙවෙනි එක කරපු හැටි තමයි මේ. තුන්වෙනි එක  ඒක තමයි මේක.  ඊළඟට හතර ඔය ඇති නේද? 10ක් විතර ජාති අත්හදා බැලුවා. ඔන්න ඔය කියවෙන වීඩියෝ බලාගෙන ඔයාලටත් පුළුවනි හදන්ට. ඇත්තම කිව්වොත් සරුව පිත්තල කොළ හොයනවට වඩා පාට පාට කඩදාසි වලින් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳට තියෙයි. ඒවා හොයාගන්නත් ලේසීනෙ.ඉතින් සැරසිලි ගේන්න ගිය ගමන්ම ගෙදර කට්ටියට ඇඳුම් ආයිත්තමුත්  අරගෙන ආවා. තව මම පඤ්ඤා වෙච්ච පොඩි එවුන්ටත් බඩුමුට්ටු ටිකක් ගත්තා. අපේ ගෙදර පැත්තෙන් ගත්තොත් මම අලුතෙන් ගෙදරම හදපු අල්මාරිය, ඒ කිව්වෙ හෝම්මේඩ් නැත්නම් හරීමේඩ් අල්මාරිය, මේ නත්තලට විවෘත කරන්න තමයි බලාගෙන හිටියෙ. ඒත් මේසන් බාස්ලා කරලා තිබ්බ යටිකූට්ටු වැඩක් හින්දා ඒක -ජෝන් බාස්ට ගියා-. හැබැයි කොහොමහරි ගොඩදාන්න පුළුවන්කමක් තිබ්බෙ නැත්තෙමත් නෑ. ඒත් ඒකත්, ඒවගේම මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කරන්න හිතන් හිටපු අනිත් Todoත් මට එපාම උනේ එක්කෙනෙක් හදිසියේම මාව දාලා යන්න ගියපු හින්දද මන්දා. 2013 අවුරුද්දෙ අන්තිම කාලෙ ඒතරම් හොඳ කාලයක් නොවෙන බවයි පේන්නෙ. දුක සැප නිති පෙරළේ රිය සක ලෙස ලෝකෙ කියලා යන්න තමයි තියෙන්නෙ.ඉතින් අපිට මේ පාර නත්තල් සීට්ටුවක් ලැබුනා. ඒක හින්දා නත්තල් කන්න ඕන කරන බඩු මුට්ටු ඔක්කොම වගේ මේ පාර ගෙදරටම ලැබුනා. ඒත් ඉතින් අම්මා තව ලිස්ට් එකක් හදන් ඉන්නවා. හවස් වෙලා යන්න ඕනෙ ඒ ටික ගෙනත් දාන්න. ඒ බඩු ටිකත් එක්කම ගවලෙන සෙට් එකකුත් ගේන්න ඕනෑ කියලා කිව්වා. තියෙන ගවලෙන සෙට් එකට මම තරම්ම වයසයි. දැන් ඉතින් මාරු කරන්න කාලෙ හරි. හෙට කාලා බීලා ඉවරවෙලා තමයි ගවලෙනේ හදන්න පටන්ගන්න ඕනෙ.තව නත්තල් ගහත් හදන්න තියෙනවා.  මේ පාර කොළඹ ගියවෙලේ -Crestcat- එකේදි දැක්කා වේලිච්ච අතුවලට සුදු තීන්ත ගාලා හදපු නත්තල් ගස්. හරිම ලස්සනයි. අපේ තාත්තලා ඒ කාලෙ හැදුවෙත් එහෙමලුනෙ. මෙදා එහෙම ගහක් හදන්න මටත් හිතුනා. එත් අතු හොයලා පාටගාලා ගන්න කොහෙද වෙලාවක්. මෙදත් ඉතින් සයිප්‍රස් ගහක් කඩෙන් ගන්න තමයි වෙන්නෙ.ඊටපස්සෙ තියෙන්නෙ පල්ලි යන්න.  ඒකට නම් මට අලුත්ම අලුත් සූට් එකක් ලැබුනා. ඒකත් ඇඳන් යන්න ඕනෙ හෙට රෑට. ඔය සීතලේ මහ රෑ පල්ලි යන්න ගියාම තමයි එපා වෙන්නෙ. කමක් නෑ ඉතින් යනවා. තව මොනාද කියන්න තියෙන්නෙ??  ආහ් කැරොල් කීපයක්ම දැක්කා මෙදා නත්තලට. ඔන්න ඔහොමයි මෙදා නත්තල. තාම අර සැරසිලි වැඩේ ඉවර නෑ.  එහෙනම් මම ඒකට යනවා. කොළ ගේන්න යන්න ආපු සැරසිලි හදන්න කාලෙ දුන්න අයටත් ස්තුතියි කිව්වා ඔන්න. ඕගොල්ලො ඔක්කොටම සාමය සතුට පිරි වාසනාවන්ත සුභ නත්තලක්

සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ දේශනා කලේ කුමක්ද? The Jesus on Homosexuality

$
0
0
නත්තල අත ලඟ. හැමෝටම ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන ගමන්, මටත් හිතුනා මේ නත්තලේදී ජේසුස් වහන්සේගේ ධර්මය පොඩ්ඩක් ඉගෙන ගන්න.ගිය නත්තලේදී මම ලිව්වා පෝස්ට් එකක් -ක්‍රිස්තුස් වහන්සේ සමලිංගිකද? - කියලා .ගිය නත්තලේදී ඒ වගේ පෝස්ට් එකක් ලියපු හින්දා, මේ නත්තලේදී මම කල්පනා කරා සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ මොකක්ද කියලා තියෙන්නේ කියලා හොයලා බලන්න.හරි එහෙනම් දැන් අපි බලමු ශුද්ධ වූ  බයිබලයේ මේ ගැන මොනවද තියෙන්නේ කියලා...පෙරලලා බලමු... ඈ.....!@#@@... ඇත්තටම .............ඒකේ මුකුත් නෑ......... සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ මුකුත් කියලා නෑ....... හැමෝටම සුභ නත්තලක් වේවා...!! ප: ලි: 1.) මේ තියෙන්නේ ගිය පාර පෝස්ට් එකේ කමෙන්‍ටුවකට මම දාපු  උත්තරයක්...... // මගේ අවංක අදහස මට LGBT සීන් එක එච්චර දිරවන්නේ නැති බවයි..ඒත් ඒක ඔවුන් සමාජයෙන් කොන් කිරීමට තරම් හේතුවක් දැයි සම්භන්ධයෙන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්. මා පෞද්ගලිකව LGBT කැමති නැති උනත් නීතීය ඉදිරියේ කෙනෙකුගේ ආදරය වෙනුවෙන් තහංචි දැමිය යුතු නෑ.// 2.)   මේ තියෙන්නේ ඒක ගැන තව පැහැදිලි කිරීමක්.... ////පුද්ගල රුචි අරුචිය නිදහස වගේ සංකල්ප පිලිගන්නා නිසාමයි, සමලිංගිකත්වය නීතීයා ඉදිරියේදී විසම ලිංගිකත්වයට තියෙන ස්ථානයම තිබිය යුතු යැයි උඩ කමේන්ට් වල ලියලා තියෙන්නේ... ඒක එහෙම උනාව සමලිංගිකත්වය පිලිබද පුද්ගලයකු තුල තියෙන අපුලද ඒ පුද්ගලයාගේ කැමැත්තක්...උදාහරනයක් වෙනුවෙන් සරීර කිස නිම කිරීමේන් පසු කොල කැල්ලකින් පිස ගැනීම සුද්දගේ සිරිතක්. ඒය අතින් සෝදා ගැනීම සුද්දෙකුට අපුලක්. ඒත් අපි වගේ ලංකාවේ උන්ට කොල කැල්ලෙන් පිස ගැනිම අපුලක්. ඉතින් සමාජ මතය තීරනය වෙන්නේ මේ බහුතරය හෝ ප්‍රබල මතය අනුවයි. ඒක නිසා තමයි සුද්දගෙ අරටේදි කොල කැල්ල යොදා ගැනීම ප්‍රභල වෙන්නෙත් අපේ රටේදි අතෙන් සේදීම ජනප්‍රිය මතය වෙන්නේත්..සමලිංගිකත්වයත් මට අනුව ඔය වගේ දෙයක්...කොල කැඑල්ලේන් පිහි දාන්න ඕනා අය කොල කෑල්ලේන් පිහි දා ගත්තාවේ..හෝදන අය හෝදා ගත්තාවේ..ඒත් මට කොල කෑල්ලේන් පිහිදීම

Force use IPv4 instead of IPv6 in JAVA

$
0
0
Sometimes, Netbeans IDE can-t communicate via HTTP over IPv6. In that cases, you can let IDE to use IPv4 protocol instead of IPv6.Following JVM option can be used to communicate over
Viewing all 13000 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>