Quantcast
Channel: Lankeeya sithuwili
Viewing all articles
Browse latest Browse all 13000

යී ගැන්ග් - චීන මහ බැංකුවේ නව අධිපති

$
0
0
චීන රජය විසින් චීනයේ මහ බැංකුව වන චීන මහජන බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය යී ගැන්ග්ව නම් කර තිබේ. යී ගැන්ග්ගේ එක් විශේෂත්වයක් වන්නේ ඔහු ඇමරිකාවේ අධ්‍යපනය ලැබූ, වාසය කළ හා කලක් සේවය සේවය කළ අයෙකු වීමයි. මෙයින් පිළිබිඹු වන්නේ චීන ආර්ථිකයේ අනාගතය පිළිබඳව චීන රජයේ දැක්මයි.මිනසෝටාහි හැම්ලින් සරසවියෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධියක් ලැබූ යී ඉන් අනතුරුව අර්බානා-චැම්පේන්හි ඉලිනෝයි සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්ද ලබා ගැනීමෙන් පසු ඉන්දියානාපොලිස්හි ඉන්දියානා-පර්ඩියු සරසවියේ (IUPUI) ආර්ථික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙක් හා ආශ්‍රිත මහාචාර්යවරයෙක් ලෙස වසර අටක් කටයුතු කළේය. මේ කාලයේදී ඔහු පර්යේෂණ පත්‍රිකා ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.1994 වසරේදී පීකිං සරසවියේ මහාචාර්ය වරයෙකු ලෙස සේවය ඇරැඹු යී තෙවසරකට පසුව චීන මහජන බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ නියෝජ්‍ය මහලේකම් ලෙස සේවයට බැඳී පසුව නියෝජ්‍ය අධිපති ධුරය දක්වා උසස්වීම් ලැබීය. 2007 දෙසැම්බරයේ සිට ඔහු චීන මහජන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කළේය.චීන මහජන බැංකුව වෙනත් බොහෝ සංවර්ධිත රටවල මහ බැංකු මෙන් රජයෙන් ස්වාධීන ආයතනයක් නොවේ. ඒ නිසා ඔහුට නිල වශයෙන්ම ජනාධිපති ෂී ජින්පින්ට වාර්තා කරන්නට සිදුවනු ඇත.යී ගැන්ග්ට අපේ සුබ

Viewing all articles
Browse latest Browse all 13000

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>